Wednesday 9 October 2019

කස ඇට දාපු අයිස් සරුවත් කතා 1


සරුවත්......
පොත් ප්‍රදර්ශනය බලන්න මෙදා සැරේ තරම් උනන්දු වුණු අවුරුද්දක් නැති තරම්. පොත් ගත්ත ප්‍රමානෙත් එතරම්. දවස් දෙකක්ම සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් වෙන් කළා.

පොත් ගොඩ උස්සගෙන ඇවිදින එක තමයි අමාරුම වුණේ. පොත් ප්‍රදර්ශනේට ගිය එක දවසක් වෙන් වුණේ මගේ මිතුරිය වෙනුවෙන් (පද්මිනී මාතරගේ) ඒ එක්කම තවත් යාළුවෙක් එක් වුණා.
ඇවිදලා ඇවිදලා මහන්සි වුණ තැන පොත් මිටි එක්ක තවත් දුර යා ගන්න බැරිවුණා.
" අපි යමු මොනවා හරි බොන්න." යාළුවන්ගේ යෝජනාව වුණා. ලන්ඩනයේ ⁣වෙසෙන මගේ අනිත් මිත්‍රයා ( කලකට පෙර ලංකාවේ ) යෝජනා කළේ සරුවත් බොන්න යන්නයි.
"සරුවත් බොන්න." මම පුදුමෙන් ඇහුවා.
"ඔව්....මගේ ප්‍රියතම පානයක් සරුවත්. ඇයි?" ඔහු මගෙන් ප්‍රශ්ණ කළා.
"මමත් හරිම ආසයි සරුවත් වලට. " මම කිව්වා.
" එහෙනම් අපි යමු. මම උදේ පොත් ප්‍රදර්ශනේට එනකොට තැනක තියෙනවා දැක්කා." මට පුදුම හිතුණේ ලන්ඩනයේ අවුරුදු ගාණක් ජීවත් වුණු ඔහුට මට වගේ සරුවත් ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා. කොහොම හරි ඔහුගේ යෝජනාවට අනුව සරුවත් බොන්න තීරණය කළා.

ඊලඟට ඇතිවුණ ප්‍රශ්ණය තමයි කොහෙද සරුවත් කඩේ තියෙන්නේ? මගේ මිත්‍රයා ට ලංකාව නුහුරුයි වගේම පොත් ප්‍රදර්ශනේ විවිධ ඉසව් ගැනත් නිච්චියක් නැහැ. මගේ මිත්‍රයා කියන, කියන ඉසව් වලට ගිහින් සරුවත් කඩේ හෙව්වා.අවසානයේ අපි පොත් ප්‍රදර්ශනේ පුරා ඇවිදලා, අැවිදලා සෑහෙන පරිශ්‍රමයක් දරලා තැන හොයා ගත්තා.
අපිත් එක්ක සංඛ පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරුත් එකතු වුණා.

ඔන්න ඉතින් අපි ක⁣ඩේ හොයා ගත්තා කියමුකෝ.
එතන පෝලිමක්. බලනකොට අපි වගේම සරුවත් වලට කැමති තව හුගාක් අය පොත් ප්‍රදර්ශනේට ඇවිත්නේ.

ටිකක් පෝලිම දිගයි. අපි පෝලිමේ ඉදන් අපේ වාරේ එනකන් බලන් හිටියා.
"අනේ මේ සරුවත් නෙවෙයි." සරුවත් එක දැකපු ගමන් මම කිව්වා.පද්මි කිව්වේ ඔය සරුවත් තමයි කියලා. ලන්ඩන් මිත්‍රයට නම් ඒකේ වගක් නෑ. මොකද රතු පාට බීම එකේ කස කසා ඇට දාලා තිබුණු නිසා ඔහු හිතුවේ ඒ තමයි සරුවත් කියලා. මොකද අවුරුදු ගාණකින් ඔහු ලංකාවේ සරුවත් බීලා තිබුණේ නෑ.
"හද්දා පිටිසර ගමක ඉපදුනු මට කියලා දෙන්න එනවද සරුවත් ගැන." මම මගේ සගයින්ට සරුවත් හදන නියම ක්‍රමය කියලා දුන්නේ ලඟ තිබුණු බංකුවක වාඩිවෙලා. ඒ එක්කම අපි අලුත් අත්හදා බැලීමකුත් කළා..ඒ තමයි බතල සමග සරුවත්.
නරකමත් නෑ කියලා හිතුණා කාලා ඉවරවුණාම.
මේ සටහන ලියන්න හිතුණේ අපිත් එක්ක සරුවත් බීලා ලන්ඩන් ගිය කොළඹ ගමයා (අජිත් ධර්මකීර්ති) ලන්ඩන් ගිහින් සරුවත් එක්ක තවත් මොනවද එකතු කරලා (?) බිව්වලු.
හැබැයි ඒ අමුතු ජාතියේ අලුත් බීම එක ගැන නම් අපි කියන්න දන්නෙ නෑ.
බතල බයිට් 

සරුවත් සෙල්ෆිය  

ලංකාවේ  සරුවත් 

වසන්ති නානායක්කාර
2019/10/08

ඒ බීම  ජාතිය තමා සරුවත් සමග ජින් පොඩ්ඩක් කලවම් කරන ලද  සරුවත් කොක්ටේල් එක.
ලන්ඩන් සරුවත් 

සරුවත් සමග ජින් 

5 comments:

  1. කවුද අජිත් මේ පින්තුරේ උපැස් යුවලක් පැළඳ සිටින කාන්තාව? (ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටයෙ දෙබසක් තියෙනවා 'රති කෙළියට කියාපු ලඳ' කියලා. )

    රංග තේනුවර

    ReplyDelete
  2. අනේ මේක කිව්වම මටත් කස ඇට දාපු සරුවත් බොන්න ආස හිතුනා. ඉස්සර මං ගෙදර හදනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ. හදල කතාව කියන්න

      Delete
  3. මාවත් වරදට පොළඹවනවා වගෙයි- සරුවත් බොන්න!

    ReplyDelete
    Replies
    1. දිගට හරහට බොනවා මේ දවස් වල. අසව ඉවර වෙන්නම. අර අනොගේ රෙසිපිය බලන්නකෝ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .