Wednesday 13 November 2019

ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය"

මේ  ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" ලිපිය ලියන ලද්දේ 2014 වසරේදී පමණය. ඒ ත්‍රිමාණ සඟරාවේ පලවූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. වැදගත් නිසා පල කරමි. පහත කී චර්යාවන් තිබුණ ප්‍රධාන නගරවල විසු තරුණියන්ට මිස ගම්බද තරුණියනට නොවේ. ප්‍රධාන නගරවලද කොටසකට පමණි. නමුත් ඔවුන් ඇතිකළ බලපෑම විශාල විය.
ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය"  -
පෙරටුගාමීන් විසින් වැදගත් වැඩක් පටන් ගෙන තිබේ. ඒ නංගිලා වගුගත කිරීමය. බැලූ බැලුමට සොමි වැඩක් සේ පෙනුනද මෙය දීර්ඝ ලෙස කතා කල යුතු දෙයකි. මීට කලින් මා පල කල කොමෙන්ටුවකට නිරංජලා ගේ සිතිවිලි ලෙස කපා දමා  තිබුනද මට ඒ ගැන  තරහ විය නොහැක. එය පල කලේ මවාගත් දීප්ති  කුමාර් ගුණරත්නම් චරිතයක් ගැන හෙවත් පෙරටුගාමී  හා පෙරටුගාමී සමාජවාදී අවුල නිරාකරණය කර ගැනීමටය. දැන් එය අවසාන නිසා ඒ ගැන කතා කර පලක් නැත. සිඳු  විය යුත්ත ඒ වෙලාවට දයලෙක්තිකවාදීව සිදුවනු ඇත.





මේ නංගියා සංකල්පය වැදගත් යැයි  සිතෙන්නේ මේ නිසාය  - සෝවියට් දේශයේ සෝවියට් තරුණියන් ගැන මෙවැනිම මතවාදයක් අප සාකච්චා  කළෙමු   . මේ පිළිබඳව වටහා ගැනීමට   "ඉන්ටෙර්දේවෝච්කා " හෙවත් "Inter Girl" නම්   චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/   නරඹන ලෙස ඉල්ලා සිටිමි.
ඉන්තර් ද්යෙවුච්කා හි කතාව  සැකෙවින් මෙසේය.
ලෙනින්ග්‍රාද් නගරයේ ජිවත්වන හෙදියක වන තාන්යා සයිට්සේවා උදයේ හෙදියක ලෙස කටයුතු කරන අතරව රාත්‍රියේ පැය කිහිපයක් විදේශිකයන් සඳහා  මුදලට ලිංගික පහස සපයන්නියක් වෙයි. මෙසේ කරන්නේ ඇයට අවශ්‍ය ය නිදහස සෙවීම උදෙසාය. මව හා පියා සිතන්නේ ඇය හෙදියක් ලෙස රැකියාව කරණ බවය . ඇයට හමුවෙන ස්වීඩන විදේශිකයෙක් ඇය හා පෙමින්  බැඳේ. ඇය ස්වීඩනයට යනමුත් එහි ජිවිතය අප්‍රිය වන්නේ ස්වීඩන සැමියා ඇගේ අතීතය ඉඳහිට මතක් කරන නිසාය.  ඒ අතර ඇගේ පෙර ලෙනින්ග්‍රාද් ජීවිතය ගැන ඇගේ  මවට දැන  ගන්නට ලැබී මව සිය දිවි හානි කර ගනියි.
ස්වීඩනය එපාවී නැවත  රුසියාවට යාමට පිටත්වෙන හෙදිය වාහන අනතුරකට ලක්ව මියයයි.

සෝවියට්  ආණ්ඩුවේ හා පක්ෂයේ ඇතැම් මර්දනකාරී පිළිවෙත්  හා බටහිර සුඛෝපභෝගී  භාණ්ඩ හිඟ කම නිසා බොහෝ සෝවියට්  තරුණියන්  විදේශිකයන්  ඇසුරු කිරීමට  පටන් ගති. මෙයින්  බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්,  සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ නියෝජිතයන්  සමගත් ලිංගිකව ඇසුරුකිරීමට   පෙළඹුණි. මෙසේ කල සෝවියට් නංගිලා ගෙන් බොහෝ දෙනෙක්  නිදා ගත් තැනැත්තා සමග ආදරයෙන් පෙලුනේ  නැත.  එසේ කල අයද බොහෝ සිටි මුත් ඒ අය ගැන කතා ලියවෙන්නේ නැත.

ඔවුන්ට අවශ්‍ය වුයේ ලිංගික ඇසුර තුලින්   හෝ අවශ්‍ය බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkmans  etc) එසේ නැති නම්
සෝවියට්  ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට පැන ගැනීමටය. ශ්‍රී ලංකාවෙන්  පැමිණි පිරිමි ශිෂ්‍යයනුත්  මේ ගැටේට අසු වුයේ සැබෑ  භක්තියෙනි. 
බොහෝ අය අවසානයේ මෙය වටහා ගෙන නන්ගිලාව UK, Germany වැනි රට වලට ගෙනත් දැම්මහ. තවත් අය ඔවුන් සිංගප්පුරුව වැනි රට වලට ගෙන ගොස් විකිණුහ.

 සමහර නංගිලා මුදල් රස්සා හොයා   ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට හා මෝරුන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට නැවත කෙසේ හෝ පැන ගත්හ.  සෝවියට්  දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන  විදිහකට Dating Agencies  හෙවත් මනමාලයන් සොයන ඒජන්සි හරහා ක්‍රියාත්මක වේ. 
මට නංගියා සංකල්පය වැදගත් වන්නේ  මෙතනය.  අපි එදා කතා කලේ තමන්ට පමණක් ආදරය කරන, කොල්ලන්ට ආදරය පෙන්නන , තම වැඩේ කෙසේ හෝ කර ගන්න, ඒ ගමන්ම රති රමණය කරද සතුටු වන සෝවියට්  නංගිලා පිරිසක් බිහි වුනු හා එමගින් අසූව  දශකය අග භාගයේ සිට සෝවියට්  සමාජයේ පිරිහීම හා අවසානයේ බිඳ වැටීමය.

පෙරටුගාමින්ගේ (පෙරටුගාමී සමාජවාදීන් නොවේ) මේ සංකල්පයේ වැදගත්කමත් එයයි  . 2003 විතර  X කණඩායම පල කල (London සඟරාව) බුද්ධික බණ්ඩාර නමැති අය ලිවූ "පාලු සුසානයක  මල සිරුරක් සමග රමණය කිරීම හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය " කියවූ බව මට මතකය.  එය වැදගත් මාතෘකාවක් වුනත් එයට ලැබුණු ප්‍රතිචාරය  මද යයි සිතේ . නංගියා සංකල්පය එයට එහා යන දෙයක් බව මගේ හැඟීමයි. ලාංකික  සමාජයේ බිඳ වැටීම මේ  ලිපි පෙළ මගින් පෙන්වන අතර  මෙය විවේචනය කරන්නේ නංගිලාට  අහුවී අතරමන් වුන අය්යලා  විය හැකිය. ඒ අය  මෙතනට අනවශ්‍ය  අතර සංකල්පය අදට අවශ්‍ය දෙයක් බව පිලිගනිමි.    

පින්තූරය : https://englishrussia.com/2016/03/08/girls-of-soviet-union/

15 comments:

  1. මහත්තයා සෝවියට් නංගිලා සමග ලිංගික ඇසුරෙහි යෙදී තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. මට සෝවියට් රුසියානු පෙම්වතියන් සිටියා. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි නේ.

      Delete
  2. ඊශ්‍රායිල හමුදාවේ ත්‍රස්‌තවාදයට එරෙහිව අහිතව සටන් වදින පලස්තීන විමුක්ති සන්නද්ධ අරගලයට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. මං ඔය දෙපැත්තටම නැහැ

      Delete
  3. දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරමු

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව නම් මම එයාට එපමණ කැමැත්තක් නැහැ . අනුර කුමාර වඩා හොඳයි කියලයි හිතෙන්නේ . නමුත් අනුර දිනන්නේ නැහැ.

      Delete
  4. බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුරමින් ඇමරිකානුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස ජනපති කරවමු. ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි පුතෙක් සිටිනා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවා පරදවමු.

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය මහතා පුරවැසි භවය අතහැර දමා තිබෙන බව තමා දන්නේ. ඔහු මිනිමරුවෙක් කියා යහපාලනය ට පහුගිය වසර 4.5 මුළුල්ලේ ඔප්පු කර ගන්න බැරි වුනානේද?

      Delete
  5. නංගිලා තිසරපට අවභාවිතා කිරීම වෙනුවෙන් කිසිම ලෝක නායකයෙක් නොකළ ලෙස අභීත හඬක් නැගූ අසිරිමත් ගොවි පුත් (ග්‍රා. සේ ) මැතිතුමාට 2025 ජනපති තනතුරට තරඟ නොකරන මෙන් එකා වන්ව තනි කකුලෙන් සිටගෙන හෝ ඉල්ලමු.

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න එපා හේ හේ

      Delete
  6. අනුන්ට අැඹරු ලනු තමන් විසින්ම ගිලගත් බවට පසක්විම....ඒහෙම වෙලත් අනුන්ට කෝචොක් දානව. උඹ රැවටුනා කියල දෙෙවය හරි කුරිරැයි පෙන්ස්....වහාබ්වාදින්ට පුක දෙන සිංහළ පී ඩෑල් සනීපද දැන්.රෙද්දෙ රෙවේච්ච එකෙක්බොරු නම් වික්ටර් අයිවන්ගෙන් අහන්න

    ReplyDelete
  7. රති රමණය අවසාන වීමෙන් පසු උදාවන නව අවකාශය තුල අප සහ ඔබ කල යුත්තේ කුමක්ද යන්න අර්ථකථනය කිරීම මේ මොහොතේ වැදගත් වේ. එනමුත් අජිත් ධර්මාගේ ප්‍රකාශකයන් කියවන විට අපට හැගී යන්නේ ලෝකාස්වාදරතිය පිළිබද කිසිදු අදහසක් ඔහුට නොමැති බවයි.

    සෝවියට් සංගමයේ කාරුණික අනුග්‍රහය යටතේ මුලික උපාධිය ලැබූ අජිත් ධර්මා(දැන් අජිත් ධර්මාට සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි) පසුව ධනපති රටකට සංක්‍රමණයව සමාජ මාධ්‍ය වලට පැමිණ නොදන්නා අනෙකෙකුගෙන් බැනුම් අහගන්නේ මන්ද?

    මේතැනදී අපට ධර්මාගේ ආත්මීයත්වයේ ගැටලුව මතු කල හැක. ඔහුට කාගෙන් හෝ බැනුම් ඇසීම යනු සහනයකි. ඒ ඔහුට අවශ්‍ය වන දෙයයි. නිවෙස් වලට හොරෙන් එබෙන විපරීතයෙකු නිවැසියන් විසින් අල්ලා පහර දෙනු ලබන්නේ ඔහුට කරන දඩුවමක් ලෙසය. නමුත් මෙම දඩුවම යනු විපරීතයා තමාගේ ක්‍රියාව මගින් බලාපොරොත්තු වන දෙයයි. දේශපාලනය යනු විපරීතයන්ට විනෝදය සපයන අවකාශයන් බවට පත් වීමෙන් ආරක්ෂා කල යුතුය. එය ඉදිරියේ අපට ඇති අභියෝග වලින් ප්‍රධාන එකකි.

    ReplyDelete
    Replies
    1. //සෝවියට් සංගමයේ කාරුණික අනුග්‍රහය යටතේ මුලික උපාධිය ලැබූ අජිත් ධර්මා(දැන් අජිත් ධර්මාට සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි)// නිකන් එක ලිපියක් කියවල මේ වගේ මොට්ට ප්‍රතිචාර ලියන යට මම උත්තර ඇති තරම් දීල තියෙන නිසා වෙන මුකුත් ලියන්න වෙලාව නාස්ති කරන්නේ නැහැ. වජිර යාපා කියල කෙනකුත් ඒ දවස් වල මේ වගේම ගොන් කතාවක් කියාගෙන අපු නිසා. ඔයාල වගේ අය නිසාම තමා සෝවියට් සංගමයට කෙලවුනෙත්. බොහෝවිට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉඳ ආපු අයත් මේ වගේ. ඇත්ත දැක්කේ නැහැ. ඇත්ත දුටුවා නම් බේරා ගන්න තිබ්බ උතුම් රටකට කෙළවුණේ ඔන්න ඔහෙලා වගේ අයගෙන්.
      මෙන්න මේ ලිපි හෙම කියවන්න පුලුවන්නම් .
      ඔයාල වගේ අයගැන ලිව්ව එකක්:
      සෝවියට් ඇනෝ ගේ සමාජවාදය
      සෝවියට් ජිවිතයෙන් බිඳක් 2
      සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්, බ්‍රෙෂ්ට් හා සාක්කිය
      සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1

      Delete
    2. පුලුවන්නම් මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කියන පොත අරගෙන කියවන්න. ඊට පස්සේ ඇවිත් මේ ප්‍රතිචාරය ගැන නැවත හිතන්න.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .