Friday 14 February 2020

වැලන්ටයින් ඕනෙද යාළුවෝ ගැන හිතන්න

වැලන්ටයින් ඕනෙද 


දූලා ඉන්නවා කියන්නේ 
හදවතේ කොනක පුංචි රිදුමක් 
හැමදාම තියෙනවා
පුංචි කාලේ තාත්තා ඕනෙමයි 
තාත්තා තමයි වීරයා 
වැටී වැටී දුවන් එන්නේ 
තාත්ත පස්සෙන් 
අම්ම කොහොමත් ගෙදර නේ 
තාත්ත කරන්නේ මොකද්ද 
හොයන එක 
ඒ ගොල්ලන්ගේ රාජකාරිය 
මම ගෙදර ආවහම  

දැන් කට්ටිය ලොකුයි නේ 
තරුණ වයසටත් ඇවිත් 
එක්කෙනෙක් වෙන රටක 
ශිෂ්‍ය හුවමාරුවක් එක්ක 
"මම හොඳින්"
එච්චරයි ටෙක්ස්ට් එක 
"තාත්ත විනෝද වෙන්න "
උඹ ගෙදර නැතිව පොඩ්ඩි 
අපි දෙන්නට  තනියි වගේ 

අනිත් එක්කෙනා,
"අද මගේ යාළුවෝ එක්ක, 
අද සිකුරාදා නේ ලබන සතිය නිවාඩු  "
"මමී එක්ක  එලියට යන්නේ නැත්ද "
"හොඳ ආපන ශාලා තියනවනේ "
"අද වැලන්ටයින්" 

බිරිඳයි මායි හැමදාම වගේ 
රූපවාහිනිය ඉස්සරහ
ඒකෙ හොඳ ප්‍රෝග්‍රෑම් යනවා 

මතකයි මගේ තාත්තත් දවසක් කීව 
හොඳ හින්දි  ෆිල්ම් යනවනේ 
දැන් ලංකාවේ ටීවී එකේ  

ඒ දෙන්නත් එහෙම ඉන්න ඇති 
අපි ඔක්කොම බැඳල ගිහින් 
තැන් තැන්වල 

වැලන්ටයින් උනත් නැතත් 
ඔයාට මාව ඉන්නවනේ 
මම එයාට කිව්වා 
යමු කන්න කොහාට හරි 
වියට්නාම් තැන නම් මරු 
කොරෝනාව ඔහේ තීච්ච දෙන්  
මෙහෙ නයි කන්නේ නැහැනේ 
මේ .....
ඔයගොල්ලෝ හිතනවා නම් 
ඔයාලා තනියි කියල 
එහෙම හිතන්න එපා 
ඔයාල ගැන මමත් හිතනවා  
තාත්තා නැති නිසා තනි වෙලා ඉන්න 
මගේ අම්ම 
වගේම ඔයාලත් මගේ හිතේ 
කොනක  ඉන්නවා 

වැලන්ටයින් ඕනෙද 
යාලුවෝ ගැන හිතන්න 


--අජිත් 

12 comments:

  1. මේක නම් සෑහෙන්න වැදුණු එකක් ... ලස්සනයි ... තිත්ත යථාර්තය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ , ඒක තමයි. නමුත් හුරු වෙන්න ඕනේ දැන් ඉඳන්ම හේ හේ

      Delete
  2. පරාර්ථය ගැන දන්න
    තෙතමනය හද රැඳුන
    හොඳ නොහොඳ දෙක දන්න
    යහළුවන් ඉන්නකොට
    කෙනෙක් කොහෙ තනිවේද?

    ReplyDelete
    Replies

    1. ඒකත් ඇත්ත නිදි
      එහෙම යහලුවෝ ඉන්නවනම්
      කාටත් හොඳයි

      Delete
    2. //ඔයාලත්ම මගේ හිතේ
      කොනක ඉන්නවා

      වැලන්ටයින් ඕනෙද
      යාලුවෝ ගැන හිතන්න //

      කොයි තරම් සතුටක් දැනෙනවා ද යාලුවෙක් ට මෙය දැනගත්තාම.අපූරු ලියමනක්.

      Delete
    3. ඔයා ගැන හිතලමයි ලිව්වේ. හේ හේ මගේ යෙහෙළියෝ දෙතුන් දෙනෙකුත් ඉන්නව. යහළුවොත් ඉන්නව වැලන්ටයින් දවසේ තනියම. ඉතින් රෙස්ටුරන්ට් ගිහින් කන බොන ඒවායේ පින්තූර දානවට වැඩිය මෙහෙම ලියන එක හොඳයි කියල හිතුන.

      Delete
  3. ඇත්ත... ඇත්ත... දවසක් විතරක් මක්කරන්නද ආදරේට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ , ඔයාට තේරුනා , නෑ අපි හැමෝටම තේරෙනවා නමුත් නොදන්නවා වගේ ඉන්නව

      Delete
  4. ස්තූතියි නංගි

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .