Monday 10 February 2020

නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද?

සාමාන්‍ය වෛරසයකට මෙසේ කරනවාද 


කොරෝනා වෛරසය  ගැන දැන්  හැමෝම කතා කරති. කොරෝනා වෛරසය  යනු නව වෛරසයක් නොවේ.  එය තිබූ, තිබෙන එකකි. එමගින් හැදෙන්නේ සාමාන්‍ය  සෙම් ප්‍රතිශ්‍යාවකි. ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ MUTATION (ජාන විකෘතියක්, විපර්යාසයක්) හෝ වෛරසයේ බෙදීමකින් ඇතිවූ නව strain එකක් හෙවත් නව ප්‍රභේදයක් නිසාය. මේ නව වෛරස් ප්‍රභේදය  හඳුන්වන්නේ 2019-nCov යනුවෙනි. අද 2020/02/11  ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම  නව කොරෝනා වෛරසයට නිල නාමය හඳුන්වා දෙන ලදී. ඒ  Covid-19 යන්නය.

දැනට මෙම නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ප්‍රමාණය 900 කට වැඩිය. ඒ කියන්නේ රෝහල් වල මියගිය වාර්තාගත දත්ත ප්‍රමාණයයි. ඊයේ දවසේ (09/10/2020) පමණක් චීනයේ මරණ 97 කි. වාර්තාගත නොවූ ප්‍රමාණය කීයක් දැයි කිසිවෙක් නොදනී. චීනය කියන්නේද නැත. කෙසේ වුවද ලෝකයට රෝගය යාම වැළැක්වීමට මහජන චීනය දැඩි වෙහෙසක් දරමින් සිටි. එය පැසසිය යුතු තත්වයකි. මිලියන් පනහකට වැඩි ජනගහනයක් වෙසෙන වුහාන්  ප්‍රාන්තය සම්පුර්ණයෙන්ම වෙන් කර තිබේ. ලෝකයේ සෞඛ්‍යය වෙනුවෙන් තම ප්‍රාන්තයක්ම බිල්ලට දීමට චීනය සැරසෙමින් සිටි. එක්  රෝහලක්  නිර්මාණය කර ඇති අතර තව රෝහල් නිමවේ. මේ නව වෛරසය සිඝ්‍රයෙන්  පැතිරී යාම එයට හේතුවයි.

මිනිසුන්ට වැළඳෙන මේ  කොරෝනා වෛරස  මුලින්ම හඳුනා ගන්නේ 1960 දීය. මේ සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යා දෙක OC43 සහ  229E ලෙස හැඳින්වේ.  මතුපිට ඔටුන්නක් වැනි නිසා ලතින් වචනයක් වන කොරෝනා (ඔටුන්න) නම ලැබී ඇත.  සාමාන්‍යයෙන් වැඩිපුර පැතිරෙන්නේ ශීත සෘතුවේ දීය.

සාමාන්‍ය කොරෝනා වයිරස යනු මේවාය. 229E (alpha coronavirus) - ඇල්ෆා,NL63 (alpha coronavirus) OC43 (beta coronavirus) - බේටා ,HKU1 (beta coronavirus)

මේ කොරෝනා වෛරස වලින් සෑදෙන    සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව  ඉඟුරු කොත්තමල්ලි පානය කර ඇඳකට වී විවේක ගෙන  දින කිහිපයකින් සුව අතට හැරෙනු ඇත. ශ්‍රී ලංකාවේ  නම් එවැනි ඕනෑම ලෙඩකට  ප්‍රතිජීවක ඖෂධ හිතේ හැටියට නිර්දේශ වන බව මගේ අත්දැකීමෙන් දනිමි. එංගලන්තයේ ප්‍රති ජීවක දෙන්නේ  අසීරුම තත්වයක් යටතේ පමණක් හෙයින් හෙයින් අවශ්‍යනම් පැනඩෝල් තිබෙන ලෙම්සිප් පැකට් කිහිපයක් ගෙන හිසේ රදයද එමගින් සමනය කරගෙන  විවේක ගත හැකිය. ලෙඩය සනීප වන්නේ විවේකයෙන් සිට කුකුළු මස් සුප් එකක් වැන්නක්,  එළවලු හා පලතුරු ආහාරයට ගෙන ප්‍රති ශක්තිය වැඩි කර ගැනීමෙනි.

දැන් මට ඇති  ප්‍රශ්න මෙන්න මේවාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්   2017 දී වුහාන් වල චීනය විසින් ගොඩ නගන  ජීවරසායන  විද්‍යාගරය නවත්වන ලෙසත් එය වෙනත් ස්ථානයක ගොඩ නගන ලෙසටත් ඉල්ලා සිටිති. ඔවුන් හේතු වශයෙන් දක්වන්නේ වුහාන් නගරය ජනාකීර්ණ වැඩිය යන හේතුවෙනි. හදිසි බැක්ටීරියා හෝ  වයිරස් කාන්දුවක් සිදුවුව හොත් තත්වය පාලනය කර ගැනීම අසීරු විය හැකි බැවිනි.  චීන විද්‍යා ඇකඩමිය පිළිතුරු දෙන්නේ ඔවුන් ගොඩ නගන විද්‍යාගාරය  BSL-4 තත්වයේ එකක් බවයි. ඒ කියන්නේ ආරක්‍ෂිත බැවින් ඉතා ඉහල ප්‍රමිතියක්  නිසා ප්‍රශ්නයක් ඇති නොවන්නේය යන්නයි. එසේම එවැනිම  ලැබ් දෙකක්   තායිවාන් වලද තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ..   
 මෙම ජීවවිද්‍යා පර්යේෂණාගාරයේ  සාර්ස්  (SARS) නමැති  වෛරසය හා  MERS නමැති   වෛරසය ගැනද සෙවීමට චීන විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන නිසා ඒවා ගබඩා කර තැබිය යුතුය.   මේ වෛරස  "මැද  පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝම (ලක්ෂණය) "Middle East Respiratory Syndrome (MERS), "සහ ඉතා තද ශ්වසන අපහසුතා  සින්ද්‍රොමය severe acute respiratory syndrome (SARS-CoV)" යන වේගයෙන් පැතිරිය හැකි තරමක් භයානක වෛරස් දෙකකි. 
දැන් මේ එක්සත් ජනපදයේ ඉල්ලීමට හේතුවූ ලිපිය  හොයා ගැනීමට හැකි වන්නේ මෙතනය.  නේචර් (Nature ) සඟරාව යනු ලොව  සුපතල , වැදගත් විද්‍යාත්මක  ලිපි පල කරන සඟරාවකි. මේ ලිපියේ  ඔවුන් මේ නොබෝදා සඳහනක් ඇතුලත් කර තිබේ. ඒ චීනය විසින් හැදූ මේ විද්‍යාගාරය හා නව කොරෝනා වෛරසය අතර සම්බන්ධයක් නැත යනුවෙනි. නේචර් නමැති වැදගත් සඟරාව කියන නිසා මට එය පිලි ගැනීමට අකැමැත්තක්  නැත. මම ඒ සඟරාවේ පාඨකයෙක් නිසා ඔවුන් පල කරන ලිපි සොයා බලා  පල කරන බව දනිමි. එසේම එවැනි සඟරාවක් කවුරුත් කියු පලියට තම ලිපි ඉවත් කර ගන්නේද නැත. නමුත් අර සඳහන ඇතුලත් කරන ලද්දේ බොහෝ කටකතා වලට එය පාදක වන බව පවසමිනි.

 නමුත් ප්‍රශ්නය එය නොවේ.  ඒ හා සම්බන්ධ අනිකුත් මූලාශ්‍ර ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ඉවත් වීමය. (හෝ කිරීමය) . මම සති  දෙක තුකට ප්‍රථම  ලෝක සෞඛ්‍ය  සංවිධානය (WHO) චීනයට කරන අනතුරු ඇඟවීම කියවූයෙමි. නමුත් දැන් එය සොයා ගැනීමට නොහැකිය. අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.  ඇමෙරිකානු එක්සත් ජනපද  රජයේ නිවේදනයද සොයා ගත නොහැකිය.  ඒවා ගූගල් සහ අනිකුත් සර්ච් එන්ජින් වලින් ඉවත් කර තිබෙන්නේ ඇයි ? 
දැන් මේ නව කොරෝනා වෛරසය  2019 දී පැතිරෙන්නට  පටන් ගත්තේ  ඔය කියන විද්‍යාගාරය පැත්තේම තිබෙන  සතුන් කෑම සඳහා විකුණන පොළකින් බව කියවේ.

දැන් මගේ දෙවෙනි ප්‍රශ්නයට එමි.   ඒ මේ වෛරසය සත්තුන්ගෙන් බෝවෙන බවට ඇති අදහසයි.  ඒ කතාවේ තරමක් සත්‍යයක් නැත්තේ නොවේ. බල්ලන්ට හා පූසන්ට පවා සෙම් ප්‍රතිශ්‍යාව වැළඳේ. එසේම කොරෝනා වෛරස් වර්ග සතුන් තුල තිබී හමුවූ අවස්ථා සුලභය. එහි විවාදයක් නැත. සාර්ස් වෛරසය සිවෙට්  cat නමැති උගුඩුවන් (හෝ උරුලෑවා )  ගෙන් බෝවන බව පැවසූ  චීන විද්‍යා ඇකඩමිය එම සතුන් වුහන් ප්‍රදේශයේ මාකට් වලින් ඉවත් කිරීමට නියෝග කරන ලදී.  මේ සොයාගැනීම ලෝක සෞඛ්‍ය  සංවිධානය අනුමත කරන ලදී. ඉන්පසු  සාර්ස් වෛරසය බෝවීම නතර වුනු බවට චීනය කියයි. මේ විස්තර ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සොයා ගත හැකිය.

නමුත් සමාජ ජාලා වල හදිසියේ  චීන්නු වවුල් සුප් බොන අන්දම , සර්පයන් , මි පැටවුන් කන අන්දම පෙන්වන පින්තූර , වීඩියෝ සංසරණය වීමට පටන් ගැනුණේය. සමහර ඒවා චීනුන් විසින්ම පටිගත කරණ ලද ඒවාය. එනිසා මේවායේ මූලය චීනය යයි සැලකිය හැකිය. එනිසා මේ නව වෛරස බෝවන්නේ සතුන්ගෙන්ය යන මතය පැතිරුණි. නමුත් කවුරුන් හෝ ඒ බව සොයාගෙන තිබේද? පිළිතුර නැත යන්නය.

අනිත් කාරණය නම් චීනුන් යන ශත වර්ෂ ගණනාවක  සිට  මේ සත්වමාංශ  ආහාරයට ගන්නා ජාතියක් වීමයි. අනික චීනය පමණක් නොව එම ප්‍රදේශයේ අනිත් රටවල කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය සහ  සමහර  පිලිපීන ජාතිකයන් පවා මේ සතුන් ආහාර කොට ගනිති. ඔවුනට මේ ලෙඩය බෝවූ වගක් තවම වාර්තා වී නොමැත.   මෙවැනි ලෙඩක් පැතිරෙනවා නම්  අර හොලිවුඩ් චිත්‍රපටයේ (contagion) පෙන්වූ ලෙසට  අත නොසේදූ කෝකියකු ගෙන්  මිස කෑම ආහාරයට ගන්නා  මිනිසුන් ගෙන් පැතිරීමේ සම්භාවතව අඩුය. ඔය සර්ප කෑම හා  වවුල් කෑම කාම්බෝජයේ ද තිබෙනවා මම දුටුවෙමි. සත්වයන්ගෙන් බෝවෙනවා යයි  චීන විද්‍යාඥයන්  පැවසුවද 
එය තවම අනුමත කළ සොයා ගැනීමක් නොවේ. මේ ලිපියේ  පීටර් දසුක් නමැති විද්‍යාඥයා ඒ අදහස පල කරන්නේ මෙසේය. ඔහු පවසන්නේ සාර්ස් වෛරසය වවුලන් තුල තිබෙන බවත් නව කොරෝනා වෛරසයද එම ගොනුවේම (cluster) එකක් බවත්ය. නමුත් මෙය තවම පර්යේෂණාත්මක ලෙස ඔප්පු කර ඇතිද? 

නමුත්  මම  බයලොජිකල් වෙපොන් (ජිව අවි) තියරිය පිළිගන්නේ නැත . එංගලන්තයේ පෝර්ටන් ඩවුන් නගරයේ මෙවැනි හමුදා ජිව විද්‍යා අවි පිළිබඳ පර්යේෂණාගාරයක්  තිබේ. සැලිස්බරි සිද්ධියේ  රුසියානු විකිරණ අවි භාවිතය හෙළිදරව් කළ ස්ථානය මෙයයි.  රුසියාවේ ද මෙවැනි ජිව විද්‍යා අවි පිලිබඳ පර්යේෂණාගාර ඇති මුත් ඒවා තිබෙන්නේ  මිනිසුන් ගැවසෙන ජිවත් වන පැති වල නොවේ.    කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරණ චීනයේ ද එය එසේ යයි  සිතමි. 
මේ  මූලාශ්‍ර ලිපියේ මෙසේ දැක්වේ. (මම කරන්නේ අනුවර්තනයකි)

සාමාන්‍ය කොරෝනා වයිරස වල රෝග ලක්ෂණ මේවාය.
කිවිසුම් යාම, නහයෙන් සෙම් සොටු වහනය, වෙහෙස, කැස්ස , උණ , උගුරේ වේදනාව , ඇදුම

වැළැක්වීම සඳහා කල යුත්තේ මේවාය.

වතුර හැකි පමණ බිම , දුම් පානය නොකිරීම, විවේක ගැනීම , එකම දෙය නැවත නැවතත් කළ වෙහෙසට පත් වීමෙන් වැළකීම , උණ වැළැක්වීමට අයිබෝප්රෝෆෙන් අසේටමිනොෆෙන් වැනි වේදනා  නාශක ඖෂධ ගැනීම

නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ හැටියට දැක්වෙන්නේ උණ , හුස්ම ගැනීමේ අපහසුව හා කැස්සය. දැනට මේ සඳහා වැක්සින් එකක්  නැත. නමුත් වැළඳුනු මුල් කාලයේදී සනීප කල හැකිය. ඔබේ වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තබන්න. යායුතු එකම තැන වෛද්‍යවරයා හා රෝහලය. පිරිත් කිව්වාට කමක් නැත. එයින් කාටවත් හානියක් වන්නේ නැති අතර හිතට සුවයක් දැනෙනු ඇත. සමහර විට විවේකයට නිදාගෙන පිරිත් ඇසීම හොඳය.


අද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම  නව කොරෝනා වෛරසයට නිල නාමය හඳුන්වා දෙන ලදී. ඒ  Covid-19 යන්නය.

මූලාශ්‍ර :

What to know about coronaviruses

Where Coronaviruses Come From

Inside the Chinese lab poised to study world's most dangerous pathogens

The Wuhan Virus Is Not a Lab-Made Bioweapon

Uncanny similarity of unique inserts in the 2019-nCoV spike protein to HIV-1 gp120 and Gag

China investing heavily in AI to boost pharma sector, says analyst

China’s pharmaceuticals industry is growing up

WHO sees more evidence of civet role in SARS



26 comments:

  1. චීන ජාතික ඉංජිනේරු මහත්තයා මොකද කියන්නේ මේ ගැන? පිලිපිනේ කම්කරු මහත්තුරු භයය වෙලා කිව්වලු.

    ReplyDelete
  2. ලිපිය කියෙව්වා . අදහසක් ප්‍රකාශ කෙරීමට තරම් දනුමක් මට නැහැ අජිත් මහත්මා .

    ReplyDelete
    Replies
    1. කියෙව්වා නම් හොඳටම ඇති මල්ලි .

      Delete
  3. එංගලන්තය පොලිසියට හදිසි බලතල ලබා දී තිබෙන්නේ රෝගීන් බලෙන් තබා ගැනීමටය,ලෝචි ඔයා ලයන් ඉන්න තැනකට ගියානම් මේ කිසිම අව්ලක් නෑනේ..

    ReplyDelete
  4. මේ මුලාශ්‍ර සියල්ල පිළිවෙලට ගොනු කරපු එක හොඳ වැඩක් . ස්තුතියි අජිත් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලක සිත

      Delete
  5. කොච්චර පම්පෝරි-උජාරු කතා කිව්වත් අපි කොතරම් ක්ෂුද්‍ර අයද කියලයි පෝස්ට් එක කියවද්දී මට හිතුණෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. මේ ඉන්නවා මේ නෑ . අපි ඇත්ත දැන ගන්නෙත් ගොඩක් පරක්කු වෙලා . මම අලුත් පින්තූර වගයක් ලැබිල ඇතුල් කළා .

      Delete
  6. හොඳ ලිපියක්.ඉකොනොමැට්ස්ගෙ කොරෝනා ලිපියට වඩා වෙනස් පැත්තක්. එච්චරම වැදගත් නූනත්, Civet cat කියල තිබ්බට සිවෙට් කියන්නෙ පූසො ජාතියක් නං නෙමෙයි. උගුඩුවට.

    https://en.wikipedia.org/wiki/Civet

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි මම ඒක දැනන් හිටියේ නැහැ. ලිපියේ වැරැද්ද හැදුවා. ඔය සිවෙට් කියන සතා ගෙන් නේ අර හෙන ගණන් කෝපි වගයක් හදන්නේ ඌ දාන බෙටි සුද්ද .කරලා කියල. මම හිතුවේ වල් පූසෙක් කියල. උරුලෑව කියන්නෙත් උගුඩුවා ටම නේද ?

      Delete
    2. හරියට හරි. Kopi Luwak හදන්නෙ, උගුඩුවො වර්ගයක් වන
      Asian palm civetට කෝපි ඇට කන්න දීලා තමයි. ඒ කෝපි ඇට උන්ගෙ බඩේදි එන්සයිම එක්ක ක්‍රියාකරලා තමයි ඒ රස එන්නෙ.
      https://en.wikipedia.org/wiki/Kopi_luwak

      උරුලැව-skunk වෙනස්. කලු පාටයි , පිට දිගට සුදු ඉරක් තියනවා. බය වුනාම නැට්ට උස්සලා. වසම ගඳ දියරයක් ස්ප්‍රේ කරනවා.
      https://en.wikipedia.org/wiki/Striped_skunk

      Delete
    3. උරුලෑවා :- civet cat/ ring tailed civet
      https://en.wikipedia.org/wiki/Civet

      උගුඩුවා/කලවැද්දා - Asian Palm Civet/Golden Palm Civet(endemic to SL)/Pole cat
      https://en.wikipedia.org/wiki/Asian_palm_civet
      https://en.wikipedia.org/wiki/Golden_palm_civet

      https://roar.media/english/life/environment-wildlife/civets-of-sri-lanka/

      Delete
    4. ස්තුතියි ප්‍රා

      Delete
  7. https://www.nytimes.com/2020/02/10/science/pangolin-coronavirus.html

    this was reported yesterday. As Pangolins becoming a intermediate hosts to spread the virus from bats to humans
    good effort any way...podi

    ReplyDelete
    Replies
    1. I saw this one Lokka. This is an another red herring. As bats has the virus so there are plenty of other animals. Even cats and Dogs can carry them. (Intermediate host). In sri lanka people eat kaballava (pangolin) illegally. have you ever heard that they became ill with a virus? Plenty of other countries eat pangolin. This article as the other articles lacks crucial scientific backing.

      Delete
    2. Can you think of any cold and flu virus disinfected in this scale?
      https://twitter.com/JackPosobiec/status/1226974764532666368?fbclid=IwAR3kZLNr00pt2QMgHTzW-eqaN6n7wumqNlU_VmsuqL4Kg7Kl6O2Y5jRjxc4

      Delete
    3. මම කියන්නේ නැහැ චීනය මුකුත් කරන්නේ නැහැ කියල. උන් සැබවින්ම හෙන ට්‍රයි එකක් දෙනවා මේක නවත්වන්න. හැබැයි සාර්ස් වයිරස් එක ආවේ උගුඩුවා ගෙන් නම් ආවේ guangdong පැත්තෙන්. ඒ පළාතේ ප්‍රධාන ලැබ් තුනක් තියනවා. එකක ස්ටෙම් සෙල් රිසර්ච්. එකක් ජිව විද්‍යා කෘමිනාශක , අනික බයෝමෙඩිසින් කියල. දැන් මේ දෙවෙනි එක ආවේ වුහන් වලින්. කිලෝමීටර දාහක වෙනසක්. එතකොට වුහන් විශ්ව විද්‍යාලය කියන්නේ national research university එකක් . ඒකෙ පීඨයක් Wuhan University School of Pharmaceutical Sciences.
      අවස්ථා දෙකේදීම ඒ පැත්තේ අනිත් හැම රටකම ඔය මෙයාල කන සත්තුන් ගෙන් තමයි හැදුනේ. හැබැයි චීනුන්ට විතරයි. දන්නවනේ මම හැම දෙයක් දිහාම සැකෙන් බලන්නේ කියල.

      Delete
  8. ස්තූතියි. ‍ගොඩක් කරුණු දැන ගත්තා.

    ReplyDelete
  9. මම කියන්නේ නැහැ චීනය මුකුත් කරන්නේ නැහැ කියල....///////
    බයියන් කියන්නේත් බූරුවෝම තමයි ..කෙළවිලා.නන්නපෝල් වෙලා තියෙද්දී සිගිති ආතල් ගන්නවා

    ReplyDelete
    Replies
    1. මොකද්ද බන් පිස්සුද හැටිද? මෙතැන මොකද්ද බයියෝ සහ ටොයියෝ අතර සම්බන්ධය . චීන්නු වැඩේ නවත්වන්න ට්‍රයි එකක් ගන්නවා තමා. උන් මුළු ප්‍රාන්තයක්ම බ්ලොක් කරල හමුදාව දාල මිනිස්සු අයිසොලතිඔන් කෑම්ප් වලට ගෙනියනවා. ගෙවල් වහනවා. මැරෙන ගාන හොයනවා. කෙමිකල් ගගහ පාරවල් ගොඩනැගිලි හෝදනවා. පේන්නේ නැත්ද? උන් දෙන ගණන් වහල දෙන්නේ කියල අද උන් ඔය පිලි අරන් තියෙන්නේ කොමියුනිස්ට් ප්‍රාදේශීය ලේකම්ලා දෙන්නෙක් අස් කරල. උන්ට වරද පටවල. බ්‍රිතාන්‍යය, යුරෝපය සහ ඇමෙරිකාව සද්ද නැතිව ඉන්නේ ඔතන බයෝලොජිකල් වෙපොන් සීන් එකක් නෙමේ ලොකු ෆාර්මා කම්පැනි වල වැඩක් නිසා කියල මට හිතෙන්නේ . නැත්නම් මෙලහට එක එක චෝදනා පටන් අරන්. මම කියන්න හදන්නේ ඒක.

      Delete
  10. https://www.dailymail.co.uk/news/article-8003713/China-appoints-military-bio-weapon-expert-secretive-virus-lab-Wuhan.html

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .