Friday 7 February 2020

ඇඳුම් ඇන්දවීමට හා ගැලවීමට යාම


මේ පින්තුරේ තියෙන්නේ ඉස්ලාමික රටක් වන මාල  දිවයිනේ බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් ඇඳගෙන හිටිය වැරදි (බිකිනි ඇඳගෙන මුහුදු වෙරළේ යාම යුරෝපීය රටවල් සාමාන්‍ය  දෙයක් නිසා ඇය එසේ ගියා  වෙන්න පුළුවන්) ඇඳුම නිසා හිරිහැර කරමින් අත් අඩංගුවට ගන්න හැටි. මට මේ දෙය යි ලංකාවේ සිංහල මනුස්සයා බුර්කාව  ඇඳපු කාන්තාවට  හිරිහැර කරපු එකයි දෙකම එකයි. දෙතැනදීම පිරිමි යනවා ගෑනිට අඳින  හැටි කියල දෙන්න.  දැන් කියන්න එන්න එපාමාල දිවයින  ඉස්ලාමික රටක් නිසා සුදු ගෑනි වැරදි කියල.එයා නොදැන රිසෝට් එකෙන් එලියට යන්න ඇති. හිමින් සීරුවේ ඒ ගැන පැහැදිලි කරල ගිහින් දැම්මනම්  අහවරයි. නාඩගම් නටන්නේ නැතිව.

අනිත් එක  ලංකාව ඉස්ලාමික රටක් නෙමේ, ඒ වගේම අන්තවාදී රටකුත් නෙමේ. දෙතැනම ගෑනිට ඇඳුම් අන්දන්න යන එකයි ගලවන්න යන එකයි තමා වැරදි.

මෙතැන ලොකුම  ප්‍රශ්නේ අපේ වාමාංශික යාළුවන්ගෙන් . උන් ඔක්කොම හෙන විරුද්ධයි බුර්කාව  තහනම් කරනවට. මම නම් පක්ෂයි. ඇස්  දෙක සිදුරක් තුලින් යන්තම් පෙනෙන්න ඉඩ දීල තියෙන ඒ ඇඳුම මට නම් පීඩිත බවේ  සංකේතයක්. ගැහැණුන් ව අමුතු ජාතියක් කරලා  උන්ව හිර කරල තියෙන ඇඳුමක්. හැබැයි සමහර ගැහැණු කැමැත්තෙන් අඳිනවා වෙන්න පුළුවන්. එංගලන්තේ රැඩිකල් ඉස්ලාමික තරුණියෝ  අඳිනවා තමයි. නමුත් වැඩි හරියක් විඳින්නේ පීඩාව. මගේ ඉරාන ජාතික  යහළුවෝ නිතර ඒ ගැන කියල තියනවා. එනිසා මම හිතන්නේ නිජාබයට හා නිකාබයට  ඉඩ දුන්නත් අර මර්දනකාරී ඇඳුම තහනම් කරන්න ඕනේ කියල.

වාමාංශික යහළුවෝ හරියට "ගුරු ගීතය" ගැන කතා කරනවනේ. ගුරු ගීතයේ වෙන්නේ අර පීඩනයට පත්වෙලා ඉන්න ගැහැණු ලමයව  වාර්ගික පීඩිත භාවයෙන් මුදවා ගන්න එක. කට්ටියට ඒක ත් අමතකයි. දැන් ගුරු ගීතය හරිද බුර්කාව  හරිද?



https://metro.co.uk/2020/02/07/british-woman-grabbed-police-wearing-bikini-maldives-12197750/

9 comments:

  1. අජිත්, වාමාන්ශිකයන් විතරක් නෙවෙයි මහත්තයෝ කොයි ආන්ශිකයොත් කන්න ඕනේ වුණ වෙලාවට කබරයා තලගොයා කරගන්නවා කියලයි මං නම් දැකලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි , ප්‍රා රාජිත නරකයි ප්‍රා තඩි ප්‍රියන්ත හොඳයි සමහරුන්ට

      Delete
  2. නසරත්හි ජේසු (ජෝෂුවා) කියන්නෙක් වාමාංශිකයෙක් වියයුතුයි.
    එයා කෙරුවෙම තමන්ගේ ජාතියට පාඩුවෙන වැඩමයි.
    සිංහල ක්‍රිස්තියානි කාරයොත් හරියට ජේසු වගේමයි.

    ReplyDelete
    Replies
    1. මමත් වාමාංශික ක් ඔහොම හිටියට , අවංක වාමාංශිකයෙක් , එනිසා උන් පිලි ගන්නේ නැහැ මම වාමාංශික කියල

      Delete
  3. මමත් වාමාංශික ක් ,,,වාගේ ඔහොම හිටියට කුලී ලියන්නන් සිටිනාතාක්, බයි හාමුලාගේ සහ ටොයි හාමුලාගේ අනාගතය සුරක්ශිතය..

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් මී හරකෝ යන්න . උඹල වගේ හැම ලියන එකටම කුලී ලියන්නෝ කියන තාක් කල් තොපිට අනාගතයක් නැහැ කියල තොපිටම තේරෙන්නේ නැහැ. ලන්ඩන් වල ඉන්න එකෙකුට හිඟන දේශපාලුවන්ට කුලියට කරන්න ඕනේ නැහැ බූරුවෝ. අඩුම ගානේ ඒ නිදහස හරි තියනවා.

      Delete
    2. හැබැයි අනිත් පැත්තට ගත්තොත් උඹ කියපු එකේ වෙන පැත්තක් තියනවා. ඔය ස්වාධින වෙබ් අඩවි කියල ගහගෙන ඉන්න එවුන්ගේ කෙරුවාව. උන් ලියන්නේ උන්ට දැන්වීම් ලැබෙනවනම් විතරයි. සමහර "හෙළිදරව් " ගාන කපා ගත්තම අයින් කරනවා. දැන්වීම් ගන්න , ලියන උන්ට වැඩ කරන උන්ට පඩි ගෙවන්න ජිල්මාට් දානවා. උඹට මෙහෙම හිතෙනවා ඇත්තේ ඒකනිසා වෙන්නැති. එනිසා තමා ඕයි බ්ලොග් ලියන්නේ. මේවා නොමිලේ නිසා පිරිවැයක් නැහැ. තමන්ගේ කාලය විතරයි. එනිසා කුලියට ලියන්නේ නැතිව උඹට හිතන් දේ ලිව්ව හැකි. පටන් ගනින් බ්ලොගක්.

      Delete
  4. අයියා ඔබ කොහිද ලන්ඩන් ,වල ඉන්න එකෙකුට හිඟන දේශපාලුවන්ට කුලියට කරන්න ඕනේ නැහැ බූරුවෝ....මල්ලි ට කියන්න මල්ලි , හැම දෙයක්ම දෙන්න එවුං හිටියට...රංජා වගේ යාලුවො ඔයාලටත් ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. නැහැනේ බං , හිටිය නම් හොඳයි , කට්ටියම බය වෙනවා එහෙනම්. තද වෙන්නේ නැත්ද මුන් එක්ක. මොකක් හරි කියන්න බැහැ හිතන් ඉන්නේ උන් වගේ අපිත් සල්ලිවලට ලියනවා කියල. උන් දන්නවනේ උන් කරන්නේ මොකක්ද කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .