Sunday 3 May 2020

පන්දාහත් ගානක්ද 'ස' බත් මුට්ටි දෙකක්ම ඕනෙද ?

ඉංගිරියේ ජිවත් වන කෙනෙක් ට එයාගේ මවගේ විශ්‍රාම මුදල ගන්න බැරිවෙලා මේ මාසේ. මොකද තැපැල් කන්තෝරුවට සල්ලි ආවට අම්ම කොරෝනා එන්න කලින් ගමේ ගිහින් ඇඳිරි නිතිය නිසා එන්න බැරිවෙලා.  හැඳුනුම් පත අරගෙන ගියහම් දෙන්න බැහැ කියල. අම්මව අරගෙන එන්න කියල. 
අම්මගෙන් ලියුමක් වත් අරන් එන්න යන්න බැහැ  ඈත ඉන්නේ.  මේ තැනැත්තාට දැනට රැකියාවක් නැහැ.
ඉතින් රුපියල් පන්දාහ  ගන්න ගියහම ග්‍රාම සේවිකාව මුලින් දෙන්න කැමති වෙලා පස්සේ බැහැ කියල.  ගමේ මිනිස්සු කියල තියනවලු කාරෙකක් තියනවා කියල. කාරෙකක් තිබ්බට කුලී නැහැනේ. ණය, පොලිය ෆිනෑන්ස් එකට ගෙවන්න ඕනේ. වෙන ආදායමක්  නැහැ.

මවගේ විශ්‍රාම මුදල් අරගෙන යවන්නත් ඕනේ බෙහෙත් ගන්න එහම.

ඉංගිරිය ප්‍රාදේශීය  සහකාර ලේකම්වරිය අහල ගෙදර බත් මුට්ටි දෙකක් ලිපේ තියනවද කියල? ඉතින්  මේ මනුස්සය අහල ඇයි එහෙම  අහන්නේ කියල? විශ්‍රාම වැටුප ගන්න අම්ම වෙනම බත් උයන් කනවා නම් විතරලු මෙයාට පන්දාහ දෙන්නේ. ඉතින් මෙයා කියල , එහෙම කරන්න පුලුවන්ද අපි කන කෑම තමා එයත් කන්නේ කියල. ලේකම් වරිය කියලා එහෙනම් පන්දාහ දෙන්න බැහැ අම්මා ගෙන් ලියුමක් අරන් එන්න , එයා අත්සන් කරලා දෙන්නම් විශ්‍රාම වැටුප ගන්න කියල. ප්‍රශ්නේ තමා දෙන්නම් ඉන්නේ ඇඳිරි නිතිය තියෙන දිස්ත්‍රික්ක වල . ඒක කරන්න බැහැ . මෙයා  අහනවා ලේකම්වරිය හරිද කියල? 

මේක ෆේස් බුක් එකේ රා.සේ.පි. කියන ගෘප් එකට. මේ තමයි ලැබුණ උත්තර . වෙනසක්  නැතිව පළ කරනවා. අර ප්‍රශ්නය අහපු කෙනාට දැන  ගන්නත් එක්ක. 



Ananda Somasiri මේක නිලධාරීන් අසරණ ‍‍වෙන ප්‍රශ්නයක්.. හැබැයි ඒ මහත්තයට සැබෑ වුවුමනාවක් ඇත්නම් තමන්ගෙම කාර් එකකුත් තියෙන එකේ පොලිසිය සහ පී.එච්.අයි.දැනුවත් කොට ස්ව්‍යං නිරෝධායනයට යටත්ව තම මව රැගෙන ඒමේ හැකියාවක් තිබුන. දැන්නං මම හිතන්නෙ රජයෙන්ම ඒ දේ කරනවතමේවගේ ගැටළු විසඳන්න.
4

 · Reply · 16h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka ස.ප්‍රා.ලේ සහ ග්‍රා.නි. දෙන්නම නිවැරදි. ඔවුන් කරන්නෙ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම.කාර් කතාව නම් බොරුවක්. දෙන්නම 5000/- දෙන්න බෑ කියන්නෙ එකම ගෘහයේ රාජ්‍ය විශ්‍රාමිකයෙකු සිටීම නිසයි.
 or report this
Like
 · Reply · 16h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi ඇයි එහෙම කියන්නේ ඔයා දන්නේ නැහැනේ වෙලා තියෙන්නේ මොකක්ද කියල. මිනිස්සු එහෙම බොරු කියනවද? ග්‍රාම සේවක මුලදී දෙන්න පොරොන්දු වෙලා පස්සේ ගමේ අය සමහරක් විරෝධය පාල තියනවා කාර් එකක් තියනවා දෙන්න එපා කියල. ඊට පස්සේ ග්‍රාම නිලධාරී අසරණ වෙලා. (ඔය උඩ කොමෙන්ට් එක හරියටම හරි) . එහෙම කාර් තියන වෙනත් රැකියා තිබුනත් දැනට ඒවාට යන්න බැරි අයට දෙන එකටත් විරුද්ධ වෙලා. නමුත් රජය කියල තියෙන්නේ වෙනසක් නැතිව දෙන්න කියල දැන් අදායම් මාර්ගයක් නැත්නම්. අනික විෂමිකයෙකු සිටීම අදාල නැහැ. රජය චක්‍රලේඛයේ එහෙම එකක් කියල නැහැලු.. දැන් රැකියා ව නැත්නම් අදායම් මාර්ගය නැත්නම් හැමෝටම දෙන්න කියල තමා ජනාධිපති තුමා කියල තියෙන්නේ.

 · Reply · 7h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi ඔයාගෙ පෝස්ට් එකට අනුවයි මම උත්තර දුන්නෙ. මෙච්චර නාඩගම් නටන්න ඕනෙ නෑ. රජය සහනාධාර පිළිබඳව චක්‍රලේඛ දහයක් විතර නිකුත් කලා. අගමැති කාර්‍යාලයෙන් , සමුර්දි අධ්‍යක්ෂ ජනරාල් , ...ඒ වගේ කිහිප තැනකින් එකකට එකක් පරස්පරතාවයන් සහිතව ඒව නිකුත් උනේ. විශේෂයෙන්ම මේ සහනාධාරය ගෙව්වෙ පවුලක ආදායම් මට්ටම බලලා නෙමේ. කාර් එකක් නෙවි ලොරියක් තිබුනත් , ෆුට් සයිකලයක් තිබුනත් , ගෙදර රජයේ විශ්‍රාමිකයෙක් ඉන්නව නම් දෙන්න බෑ. චක්‍රලේඛ ටික හොයාගෙන කියවගන්න. මොළේ පෑදෙයි.

 · Reply · 3h · Edited
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi අනෙක , මුළු ගමම විරුද්ධ උනත් , චක්‍රලේඛෙ තිබුන නම් ඒ රාළහාමි දෙනව. රාළහාමිල වැඩ කරන්නෙ , ගමේ අය කියන විදිහට නෙමේ , රජයෙන් දෙන උපදෙස් අනුව නීත්‍යානුකූල විදිහටයි.

 · Reply · 3h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi //ගෙදර රජයේ විශ්‍රාමිකයෙක් ඉන්නව නම් දෙන්න බෑ//
ඔබ මෙයට අදාල රජයේ නිලධාරියෙක් ද මෙහෙම කියන්න? හරියටම දන්නවද - මොකද ඉංගිරියේ පරිපාලන ග්‍රාම නිලධාරීනිය තමා කියල තියෙන්නේ චක්‍රලේඛනයක් (සති 2.5 කට කලින්) ඇවිත් තියනවා විශ්‍රාමික අය හිටියත් කලින් කල රැකිය…See more

 · Reply · 3h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi රජයේ විශ්‍රාමිකයෙක් මං දන්න තරමින් රුපියල් 5000/- ට අඩුවෙන් පාරිතෝෂික ලබන්නෙ නෑ.එහෙම කෙනෙකුට නම් දෙන්න පුළුවන්. එහෙම නැතිව රාජ්‍ය විශ්‍රාමිකයින්ටත් සහනාධාරය දීල නම් ඒව හොඳ වසම් නෙමේ ඔයා කියන විදිහට. ආදායම් අහිමි වූවන්ට දීම හරි. විශ්‍රාමිකයින්ගෙ ආදායම රජය අහිමි කලේ නෑනෙ. ඒකයි දෙන්න එපා කියල තියෙන්නෙ. මේ කර්තව්‍ය ගැන පොඩියට හරි මටත් අවබෝධයක් තියෙන නිසයි ලිව්වෙ. ඔයා මේ රටෙත් නෑනෙ. එහෙම එකේ මේ වෙලාවෙ අර අහිංසකයි කියන දුප්පත් රට වැසියො කරන මගඩි ගැන ඔයාට අවබෝධයක් නැතුව ඇති. ඔයාට කියන දේවල් ගැන විතරයි ඔයා දන්නෙ. ඔයා වගෙම මේ ගැන ලියන හුඟ දෙනෙක් යතාර්තය නොදැනයි යමක් ලියන්නෙ. රටේ පවුල් ගාණත් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වගේ. ඔයා කාටහරි මුදල් එවල උදව් කරන එකට සතුටුයි. ඒත් මං හිතන්නෙ නැවත වරක් ඔබ මුදල් එවන පවුල් පිළිබඳව රහසේ විමසීමක් කරන්න වේවි. මිනිස්සුන්ගෙ අවංකභාවයත් , ඔබගේ දැනීමත් අතර ගොඩක් ලොකු හිඩැසක් තියෙනව.

 · Reply · 2h · Edited
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi Samantha Kumara Jayathilaka මෙතන විශ්‍රමිකයෙකු හැටියට එයා ලබන ගාන නෙමේ වදගත් . මම දැන් ලීවානේ ච්රක්රලේඛනය ගැන කීව නිලධාරිනිය කවුරුද කියලත්. විශ්‍රාමිකයකු හිටියත් අදායම් අහිමි වූ අයට දෙන්න කියල ආණ්ඩුව කියනවනම් දෙන්න ඕනේ කියන එකයි ඔය කියන අයගේ තර්කය. අවවාදයට ස්තූතියි

 · Reply · 1h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi ගඟ ළඟට අශ්වයා එක්ක යන්න පුළුවන්. වතුර පොවන්න බෑ. ඌ දැනගන්න ඕන බොන්න. ඔය විදිහටම ඉන්න. වෙනස් වෙන්න එපා.

 · Reply · 1h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi බොහොම ස්තූතියි . මේ දැන් මම එක්තරා බලකායක කෙනකුට කතා කළා, එයා කීවේත් ඉංගිරියේ ග්‍රාම සේවා පාලන නිලධාරිනිය කීව එකමයි හබැයි . හෙට සඳුදා හොයල බලන්න . මට ඒ ගොල්ල බොරු කියනව වෙන්න පුළුවන් ඕනේ තරම්. එහෙම අවස්ථා තිබෙනවා .

 · Reply · 1h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka කාළෙ නාස්ති වෙනව..!
Thank you මචං.
ආහ් , ඉංගිරිය ලංකාවට අයිති නැද්ද ?

 · Reply · 1h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi මට කියපු උන්ගෙන් හෙට අහන්නම් මචන් 😀දැන් රෑ


Dinidu Endaragalle හැමෝම සතුටු කරන්න බෑ රජයට. ඔන්න ඔහොම තවත් ටිකක් ඉවසන්න කියන්න.

 · Reply · 15h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi මිනිස්සු අමාරුවක් ඇති නිසානේ ඉල්ලන්නේ. එංගලන්තයට ලනක්වේ හැමෝම බැන්නට වෙනසක් නැතිව හැමෝටම දෙනවා ආධාරය

 · Reply · 7h
Gayan Nadugala
Gayan Nadugala ඇදිරි නීතිය තිබ්බ කියලා බැන්කුවට , පොලිසිය ට , ප්‍රාලේ එකට යන්න කිසිම භාදාවක් නෑ....
එයාට පෙන්ශන් එක ගන්න ඕනෑම ක්‍රමයකට යන්න් එන්න් පුලුවන් ...පෙන්ශන් හැදුනුම්පත විතරයි ඕනෙ වෙන්නෙ

Danishka Navin
Danishka Navin Gayan Nadugala can he use his mother's NIC?
1

 · Reply · 9h
Gayan Nadugala
Gayan Nadugala Danishka Navin අම්මට සනීප නැත්තන් ඇවිදගෙන යන්න බැරි නන් සාමාන්‍යයෙන් එයා නන් ගිහිල්ලා අරන් එන්නෙ ආසන්න තැපැල් කාර්‍යාලයට ගිහින් ගේන්න පුලුවන් ...

 · Reply · 9h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi Gayan Nadugala එයාට ඇවිදින්න බැහැලු. ත්‍රි වීල් වලින් තමා ගමන ,ඇඳිරි නිතිය අස්සේ යන්න බැහැලු වෙන තැනක ඉන්නේ.

 · Reply · 7h
Gayan Nadugala
Gayan Nadugala Ajith Dharmakeerthi කරන්න තියෙන්නෙ මවගෙ විශ්‍රාම හැදුනුම්පත තියේ නන් ග්‍රාම සේවකගෙන් ලිපියක් අරගෙන හෝ නැතුව අදාල වාහනෙන් යන්න පුලුවන්... ආබාධිත කෙනෙක් නන් ඕක පොලිසියට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...

 · Reply · 6h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi ස්තූතියි

 · Reply · 6h
Ajith Dharmakeerthi
Write a reply...

Nilani Dilshika
Nilani Dilshika සප්‍රාලේ සහ ග්‍රානි නිවැරදි ...චක්‍රලේඛ අනුව ඔවුන් එය කියලා තියෙන්නේ ...අනික විශ්‍රාමික හැඳුනුම්පත පෙන්වා යන්න එන්න පුලුවන් ...

 · Reply · 13h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi එයාට ඇවිදින්න බැහැලු. ත්‍රි වීල් වලින් තමා ගමන ,ඇඳිරි නිතිය අස්සේ යන්න බැහැලු වෙන තැනක ඉන්නේ.

 · Reply · 7h
Sabeetha De Silva
Sabeetha De Silva සහකාර ලේකම් තුමිය සහ ග්‍රාමනිලධාරි යන දෙදෙනාම නිවැරදියි.තැපැල් කාර්යාල වලින් විශ්‍රාම වැටුප ගන්න අයට ගෙදරට ගෙනත් දිිමෙිි ක්‍රමවෙිදයක් තිබුනා.අනිත් කරුණ විශ්‍රාම වැටුප ලබා ගැනිිමට යාමට දින 3ක් වෙන් කරලා තිබුනා .ඇදිරිනිිිති බලපත්‍රය විදියට විශ්‍රාමික හැදුනුමිිපත භාවිතා කරන්න පුලුවන් කම තිබුනා .

 · Reply · 12h
Chamath Perera
Chamath Perera නිලධාරීන් ඉතාම නිවැරදිව රාජකාරි කරල තියෙනව

 · Reply · 9h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi සියලු පිළිතුරු වලට ස්තූතියි . මම වුනත් ආධාරයක් කරනවා නමුත් මම ඉන්න රටේ සිට දැනට මුදල් යවන්න විධිහක් නැහැ කිසිම කෙනෙකුට. ට්‍රාන්ස්ෆර් සර්විස් ඔක්කොම නවත්වල. මමමාසෙකට සැරයක් ආධාර කරණ පිරිසක් ඉන්නවා. නමුත් දැන් ඒකත් බැහැ .
මේ දෙදෙනාම හෘද රෝගීන්. මිනිසුන් ගැවසෙන තැන්වල ඉන්න එපා කියල වෛද්‍යවරු කියල. වෙන විස්තරයක් දන්නේ නැහැ. . ඔවුන්ගේ බෙහෙත් වලට විශාල මුදලක් යනවා. ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ එතන. රජයේ ආරෝග්‍ය ශාලාවෙන් දෙන බෙහෙත් ගන්න විධිහක් නැතිවෙලා . ATM ගිය වෙලේ ඒක වැඩ කරල නැහැ. අනිත් එකේ සෙනග පොදියක්ලු. ඒ නිසා හැරිලා ඇවිත් . කොතැනක හරි අසරණ වීමක් වෙලා එපමණයි. මම උදව් කරනන උත්සහයක් ගන්නවා.

7 comments:

  1. අජිත් මහත්තයෝ, ඔයාගේ ලිපියත් කමෙන්ට්ස් ටිකත් කියෙව්වාම මේ ටික ලියන්න හිතුනේ.

    මේ කතන්දරේ පටන් ගන්න වෙන්නේ ගිය අවුරුද්දෙන්. පාස්කු ඉරිදා බෝම්බය නිසා මුස්ලිම් භීතිකාවක් ඇති වුනානේ. මා දන්නා පවුලක අලුත විවාපත් තරුණයෙකුට රැකියාව අහිමි වුණා, බෞද්ධ අධිපතියෙක් යටතේ සේවය කරමින් හිටි නිසා. ඒ තරුණයා තමයි එයාගේ දෙමවුපියන් ඉන්නා කුලී ගෙදරට කුලිය ගෙව්වේ. එයාගේ තාත්තා මුස්ලිම් ආයතනයක වෙන්න ඕනෑ වැඩ කරන්නේ. මම හිතන විදියට නම් සුළු රැකියාවක්. තාත්තගේ අතින් තමා ගෙදර වියදම් සැපයුනේ.

    දැන් එයාලගේ නිවසේ කුලිය මාස හයකටත් වැඩිය ගෙවාගන්න බැරිව හිර වෙලා. ඒ අස්සේ අර තරුණයාගේ බිරියට දරුවෙකුත් ලැබිලා (ඉන්නේ බිරියගේ ගෙදර).

    හොඳ වෙලාවට ඒ ම්නිස්සුන්ට 5000 ලැබුනා අනික් සේරටම දුන්නාට පස්සේ.

    එක විදියකට හොඳටම අසරණ වෙලා ඉන්නේ ඒ නිවාස හිමියා. එයා එයාගේ මාසයේ වියදම් පිරිමසා ගත්තේ අර කුලියෙන්. ගණනත් කිව්වාට කමක් නැහැ. 13,000/යි. එයාට 5000/ ඉල්ලන්නත් බැහැ, හිතට එකඟව. අර මිනිසුන්ට ගෙදරින් යන්න කියන්නත් බැහැ, අසරණ වුනු වෙලාවක. (පහුගිය කාලෙත් එයාගේ මිතුරන් හා දන්නා හැමෝම ක්යමින් හිටියේ කුලිය 25,000/- වත් වෙන්න එපැයි කියලා.)

    ඒ නිවාස හිමියා මමයි.
    අපේ අම්මාත්, නංගිලාත් දැන් (එංගලන්තයේ) වුනත් ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒත් එයාලට වුනත් අපට උදව්වට කීයක් හරි එවාගන්න විදිහක් නැතිව ඉන්නේ.

    මාත් 5000/ ඉල්ලිය යුතුද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයා ඉල්ලන්න ඕනේ කියල. අදායම් මාර්ගය නැති වෙලා නිසා. හැබැයි ලොකු ගෙයක් තියෙන නිසා අහල පහළ අය කියයි දෙන්න එපා කියල. උඩ තට්ටුවක් ද කොහෙදත් තියනවනේ. හේ හේ

      Delete
    2. ආගම අතහරින්න කියන්න හැකිනම් ගෙදර ලියලා දෙන්න.

      Delete
  2. බසු මහත්මයා කොහොමද

    ReplyDelete
  3. අජිත් ධර්මකීර්ති පරණ පාර්ලිමේන්තුව කැදවන්න පුක ඉරාගෙන දඟලන්නේ ඒ නිසාය...

    ReplyDelete
    Replies
    1. ඈමිනිහෝ මේකේ පරණ පාර්ලිමේන්තුවේ එවුන් ටික ගෙන්වන්න කියල කොහේ හරි ලියල තියෙනවද? ලංකාවේ නිලධාරීන් මිනිසුන්ට හදපු ප්‍රශ්නයක් නිරාකරණය කර ගන්න ලියුව එකක් මිසක් ඒ හාල්පාරුවන්ට විශ්‍රාම වැටුප් අරන් දෙන්න මගේ පශ්චාත් භාගයේ අමාරුවක් නැහැ. උන්ට හෙන ගැහුවත් මට කමක් නැහැ.

      Delete
  4. මුලින්ම ආධාර දෙන්න තීරණය කළේ ග්‍රාමසේවක වසමකට පත් කරපු කමිටුවකින් ඒ කමිටුවට තෝරගත්තේ පොහොට්ටුවෙන් ඉදිරිපෙළ ක්‍රියාකාරීන්.ඒ අය මගේ නෑ හිතවතුන් වගේම අසල්වාසීන්.ඒ ඇයගේ නිර්දේශය මත ග්‍රාම නිලධාරි වරයා රුපියල් පන්දහසක් ගෙදරටම ගෙනත් දුන්නා මගේ නංගිට.සංචාරක ජීප් 12ත් තියන අසල්වැසියෙක් සහ තොග කඩ මුදලාලි කෙනකු ත් පන්දාහ ගත්තා.කොරෝනා වසංගතය මත ආදායම අහිමි වීම තමයි ඒගොල්ලෝ නිර්ණායක විදිහට සැලකුවේ.මම ඒ ගැන ප්‍රශ්න කරාම මට කිව්වා අභියාචනයක් කරන්න කියලා.මම ප්‍රාදේශීය ලේකම් ට කතා කරලා අභියාචනයක් දැම්මා.මමත් සමග තවත් පවුල් දෙකකට පන්දාහ ලැබුණා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .