Sunday 23 August 2020

ගිලෙන්න යන මිනිහාට තණ පතක් දෙන්න

පුංචි කාලේ වතුරට පැන්න ඒවා මතකයේ  තියෙන්නේ ලුණුගල දී කුඹුකන් ඔයට පැනලා නෑව හැටි ගැන. ඊට පස්සේ ඒ ලෙවල් කරලා ඉවර වෙලා රක්වානේ හිටි රවින්ද්‍ර ප්‍රසාද් ගේ නිවසට ගිය වෙලේ අපි එහා තිබ්බ ලස්සන  කන්දකට ඇවිදින්න ගියා. එතන අලංකාර  දිය ඇල්ලක් තිබිල ඒකෙ නෑවා.

සෝවියට් දේශයේදී නම් මොස්කව් වල වැවක දෙහෙක , ගඟක හෙම නාල තියෙනව. ජෝරිජියන් සෝවියට් සමුහාණ්ඩුවේ සුහුමි කියන පැත්තට ගිය වෙලේ  ලස්සන විලක් දැකල ඒකෙත් බැහැල නෑව.     එංගලන්තේ නම් එහෙම  තැනක් හොයන්න අමාරුයි. සමහර වෙලාවට අවසරයක් දෙන්නත් නැහැ  නාන්න. 

අපේ සරෝජ් පතිරන සහෝදරයා පික්නික් එකකට යන්න කතා කරා. කොවිඩ් 19 නිසා යාළුවෝ ගොඩකට ගෙදරකට සෙට් වෙන්න බැහැ. ඉතින් අපි කට්ටිය අනිල්, සරෝජ්, සුමුදු, විපුල හෙම භාර්යාවෝ පිරි වරාගෙන ෆුට්ස් ක්‍රේ මිඩොව්ස්  (Foots Cray Meadows) කියන පැත්තට ගියා. පොඩි එවුන් ටික වතුරේ බැහැල හිටිය.

සරෝජ් අපිටත් නාන්න තුවා එහම අරන් එන්න කීවට  සරෝජ් ට අමතක වෙලා (හෙවත් අමතක කරවලා) ඉතින් අන්තිමට  මම විතරයි ඉතුරු වුනේ. 

කොවිඩ් 19 නිසා මේ රටේ පබ්ලික් පිහිනුම් තටාක ඔක්කොම වහල. මම මාසෙකට දෙපාරක් වත් සාමාන්‍යයෙන් පිහිනන්න යන කෙනෙක්. ඉතින් වතුර ටික දැක්කම නොබැහ ඉන්න බැරි වුනා. 

මොනව කරන්නද ආපු එකේ බැහැල නෑව හිතේ හැටියට.
 පින්තූර ගත්තේ විපුල ලියනගම සහ සුමුදු වික්‍රමාරච්චි 

  





8 comments:

  1. Replies
    1. නාන කොට පිහිනන කොට දැනෙන්නේ නැහැ නේ

      Delete
  2. about බොනී
    https://www.anidda.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f%e0%b7%80/

    ReplyDelete
    Replies
    1. ඕක ලංකාවේ ඉන්න නරුමයන්ගේ හැටි මල්ලි. මගේ නවකතා දෙකටම කරපු දේවල් බලනකොට ඇත්ත වෙන්න පුළුවන්

      Delete
  3. අපේ දරුවන්ගේ වයසේ ඉන්න ගොඩක් ළමයින්ට පිහිනන්න බෑ ,

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දැන් ගොඩක් මධ්‍ය මහා විද්‍යාල වල පවා පිහිනුම් තටාක තියෙනව නේද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .