Monday 2 November 2020

ඇඳිරි නීතිය හා ලොක් ඩවුන්


බ්‍රිතාන්‍යයේ ලොක් ඩවුන් කිරිල්ල ලංකාවේ ඇඳිරි නිතිය හා සමානයි කියල බොහොමයක් දෙනා හිතන බවක් පේනවා.  මගේ මල්ලිත් මේ බව ඇහුවා ඊයේ මොකද ප්‍රවෘත්ති වලට කිව්ව කියල. ජර්මනිය, බෙල්ජියම් සහ ප්‍රංශය පවා ලොක් ඩවුන්. 

හැබැයි  මේ රටවල ලොක් ඩවුන් එකකදී වහන්නේ ආපන ශාලා, පබ් (බියර්), අත්‍යවශ්‍ය නොවන වෙළඳ ශාලා, මාකට් , සිනමා හල් වගේ ඒවා. අපි ගෙදර ඉඳන් වැඩ. (මම නම් මාර්තු මාසයේ සිට) . ඔෆිස් ඔක්කොම වගේ වහල. (අත්‍යවශ්‍ය සේවා නොවේ නම්). ආණ්ඩුවෙන් පඩියෙන් 80% ගෙවනවා රස්සාව කරන ආයතනයට ගෙවන්න බැරිනම් ඒවා බේරා ගන්න. මේකට විරුද්ධවත් මිනිස්සු පෙළපාලි යනව. අපට ලෝක ඩවුන් එපා කියල.

කොරොනා පොසිටිව් වෙලා නිරෝධායනය වී සිටි බිරිඳත් අද වැඩට ගියා. පාසැල් වහල නැති නිසා. විශ්ව විද්‍යාල වහල නැහැ. සුපර්මාකට් සහ ෆාමසි වහල නැහැ. බස්, දුම්රිය සේවා වැඩ. ටැක්සි වැඩ. අත්‍යවශ්‍ය ගමනක් නොවේ නම් එලියට යන්න එපා කියල කියන්නේ.

ඒත් ඉතින් අමාරුයි . කෝවිඩ් හැදෙන  ගාන වැඩි වෙනවා.  වැඩේ බැලන්ස් කරගෙන යන්න ඕනේ.

ඇඳිරි නීතිය  දැම්මහම එළවලු ගොවියෙක් එළවලු ටික විකුණා ගන්නේ කොහොමද? සාමාන්‍ය කඩකරන කෙනෙක් වෙළඳාම ගෙනියන්නේ කොහොමද? එදා වේල  ටුවර්ස් කට්ටිය ජිවත් වෙන්නේ කොහොමද? මිනිස්සු අත්‍යවශ්‍ය බඩු ගන්නේ කොහොමද? ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට  එලියට එනකොට ආයේ වැඩි වෙන්නේ නැත්ද? 

හැබැයි ඉතින් තමන්ට හරියන  වැඩ පිළිවෙල තමන් කරන්න ඕනේ. රටක් වුනත්.

16 comments:

  1. //ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට එලියට එනකොට ආයේ වැඩි වෙන්නේ නැත්ද.//
    ඇයි රුපියල් පන්දාහ ගන්න ග්‍රාමසේවකයා ගාව පොරකද්දි ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. කෝවිඩ් නිසා වෙච්ච දෙයක්

      Delete
  2. ඔය එන්ගලන්තෙ නැද්ද රාජකීය වයිද්යවරයෙක් කු(?)න්ඩලිනි ශක්තිය එකතු කල වතුර කල ටිකක් තේම්ස් එකට අත අරින්න. ලැජ්ජයිනෙ.

    විශ්ව විද්යාල වල online සහ F2F teaching මිශ්‍රනයක් නේද. ඉස්කෝල වල ඒක කරන්න බැරිද පොඩි ලමයින්ට නම් ඒක හරියන්නෙ නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ . හරිම ලැජ්ජයි තමා. ඉස්කොළවල් මුලදී සූම් වැඩේ ගියා. නමුත් පොඩි එවුන් එක්ක ඕව කරන්න බැහැ . අනික ඉස්කෝල ඇරලා තිබ්බේ නැත්නම් අම්මල තාත්තලට ගෙදර ඉන්න වෙනවා ළමයි බලා ගන්න. (සමාජවාදය ඕන වෙන්නේඔන්න ඔය වෙලාවට තමයි) හේ හේ

      Delete
  3. ගිරිඋල්ලට curfew තිබ්බා...දැං Isolate කරලා...මිනිස්සු confuse!!!

    ReplyDelete
    Replies
    1. Isolate කරන එක ඉතින් ක්‍රමයක් වෙන්න ඇති. කර්ෆිව් දමල නවත්වන්න මේක ටෙරා ලගේ ලොරියක් යැ

      Delete
  4. මාතෘකාවට එච්චරම අදාල නැති දෙයක්, මේක. මට මතකයි ලඟකදි කස්ටිය කිව්වා " විශ්වයේ රහස් දැන ගන්න, අපි ඉතාම ආසන්නයි", "කෘතීම බුද්ධිය දැන් හරිම දියුණුයි" අරකද, මේකද කියලා. වව්ලා එච්චර කැමති වුනේ නෑ, ඒ කතාවට

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. අර වාසුදේව උන්නැහේගේ බාසාවෙන් තමයි කියන්න වෙන්නේ. ප* තමයි. හේ හේ අපි කොපමණ අඩුවෙන්ද දන්නේ කියල තේරෙන්නෙම මේ වගේ වෙලාවට තමයි.

      Delete
  5. කියල තියෙන දේ ඇත්ත. ඒත් ලංකාවට ඒක හරියයිද කියන එක ප්‍රශ්ණයක්. හේතුව, ඇයි කියල, අපි හැමෝම දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න දෙයක්.

    ReplyDelete
    Replies
    1. අර උඩින් කිව වගේ ටෙරාලට ගහන එකයි ඇඳිරි නිතිය දාල ටෙරාල හා ආණ්ඩු විරෝධියෝ හොයන එකයි ව්යිරසෙයි ඔක්කොම එක ගොඩට දාල

      Delete
  6. එවනවා එවනවා... විශ්ව ශක්තියෙන් බල ගැන්වූ වතුර මුට්ටි එවනවා, වතුර ගිහිල්ලාම ඉවරයක් වෙනකං.

    ReplyDelete
    Replies
    1. අන්න නිදි ට තේරුනා.

      Delete
  7. ඇහැට පේන්නෙ නැති දෙයක් කල හදියක්..

    ReplyDelete
  8. ඉවරයක් නැති වෛරසයක්- කොරොනා
    අනාගතයක් නැති සත්ව කොට්ටාසයක්- මිනිස්සු

    ReplyDelete
    Replies
    1. කොරෝනවත් එක්ක ජිවත් වෙන්න වෙනවා. ඒක තමයි අනාගතය

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .