Thursday 3 December 2020

අලුත් පැණිය ගැන

සාමාන්‍යයෙන්වෛ රසයෙකින් හැදෙන ලෙඩක් ශරීරයේ ඊට විරුද්ධව ප්‍රතිදේහ හැදුනම ඉබේම සනීප වෙනවා. (herd immunity එන්නෙත් එහෙමනේ) දැන් මේ බුකියේ සහ බ්ලොග් ලෝකයේ ඉන්න අපේ මිත්‍ර වෛද්‍යවරු ඒක නැහැ කියනවද? එහමනම් බටහිර වෛද්‍ය විද්‍යාව ගැන සාමාන්‍ය පෙළ ඉඳන් උගන්වපුව , අපි දැන් කියවන ලිපි බොරු වෙන්න ඕනේ නේද?

දැන් මේ පැණියෙන් ඔය සනීප වුනා කියන කට්ටිය එහෙම ඉබේ සනීප වුනු අය වෙන්න බැරිද?

කලින් PCR පරීක්ෂණ සහ ඊට පස්සේ නැවත පරීක්ෂණ කළාද?
කොරෝන වෛරසය ඉවත් වුනා කියල නැත්නම් නිගමනය කරන්නේ කොහොමද?
අඩුම ගානේ හැදුන 100 කට හා ප්ලැසිබෝ අය 50 කටවත් දීල තියනවද?

මම සාමාන්‍යයෙන් ආයුර්වේද වෙදකම් වලට විරුද්ධ කෙනෙක් නෙමේ. නමුත් හොඳට හොයා බලල , විධිමත් පරීක්ෂණ නැතිව මේවා එළියට දාන එක නිවැරදිද කියන ප්‍රශ්නය එනවා.
මම හිතන්නේ චීනෙන් සල්ලි දීලා හරි එන්නතක් ලබා ගන්න එක වඩා දියුණු පියවරක් කියල.

මේ වගේ ප්‍රවෘත්ති දාල මහජනයාට එකවරටම බලාපොරොත්තු දෙන එක හරිද?

21 comments:

  1. අවැසි තරමට තතු
    නැති, හංගලා විය යුතු
    ඔබ වන් දනෝ දැනමුතු
    හොයා-පහදා අපට කිව යුතු!

    ReplyDelete
    Replies
    1. හොයා පහදා ගන්න ගියහොත්
      බුකියේ නම් ඇන ගන්න වෙයිදෝ
      ඇවැසි තරමටම තතු නැතෙයි නම්
      අහක බලාගෙන සිටිය යුතුමැයි

      Delete
  2. වතුරෙන් කාර් දිව්ව මතකද ?😀 මේවත් ඒ වගේ .

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට එන නාඩගම් වගේද

      Delete
  3. පවිත්‍රා පැණිය බොනකොට
    රටටම පෙනෙන ලෙස
    පොටෝ එක දාගෙන

    බැසිල් නිදහස් වෙලා
    දිවිනැගුම නඩුවෙන්

    දකිමු අපි
    පැණි බොන පවිත්‍රා
    විතරක්

    ReplyDelete
    Replies
    1. බැසිල් දිවි නැගුමෙන් නිදහස් වීම ගැන මතයක් කියන්න මම දන්නේ නැහැ. මොකද ඒ නඩුව දැම්මෙත් හොරු කට්ටියක්මයි නේද ? ඒකෙන් භාගේකුත් ඉන්නේ බැසිල්ගේ සක්කුවෙමයි නේද

      Delete
  4. ඔබතුමා ලංකාව ගැන දන්න කෙනෙක් වෙලා මේවගේ ප්‍රශ්ණ අහන එක ගැනයි මට පුදුම. බණ්ඩාර යකදුරා හෙවත් වෙදා රාවාණා ගේ කාලේ රහතුන් වහන්සේලා ගත්තැයි කියන බෙහෙත ගැන කියන කොට ඒවා විස්වාස කරන සහ ආඩම්බර වෙන අය ඉන්නවානෙ. ඉතින් ඒ අයට ඒ අයගෙ සතුට ගන්න ඉඩ දීලා නිකන් හිටියම මොකද වෙන්නේ? ඔය වගේ දෙයක් එංගලන්තෙ වුනානම් ඒ ගැන ඔහොම කියන එක සාධාරණයි.

    හැබැයි මම අද උදේ කියවපු නිව්ස් එකක තිබුණා එංගලන්තෙ පුරවැසියන් නොවන ජැමෙයිකානු ජාතික ස්ත්‍රී දූශකයො සහ මිනී මරුවො 54 ක් පිටුවහල් කරන්න හදනකොට ලේබර් පාක්ෂිකයො සහ කලා කාරයෝ වගයක් විරුද්ධ වෙලා තහනම් නියෝග ගත්තයි කියා. බලනකොට එහෙත් වැඩි වෙනසක් නැහැ වගෙයි.

    ReplyDelete
    Replies
    1. අපිත් රාවනා ගැන පුදුම වෙන අයනේ , කැමති අයනේ , ඔබ තුමන් ලා වග පරදේශක්කාරයන් විශ්වාස නොකෙරුවාට රාවනා අපේ රජ්ජුරුවෝ. ඒකනේ මේ බ්ලොග් ලිපි මාලාවක් ලියන යන්නේ දැක්කේ නැත්ද?

      Delete

    2. ජැමෙයිකන් දුෂකයෙකුට වුනත් මානුෂික අයිතිවාසිකම් තියෙනවා කියලනේ කියන්නේ. ඔය ලේබර් පාක්ෂිකයන් ගේ කතාව නම් ඩේලි මේල් කාරයාගේ අල්ලේ පැලවෙන බොරුවක්. ලේබර් පාක්ෂිකයෝ ඕව ගැන දන්නෙත් නැහැ. මේ දවස් වල කියර් ස්ට්‍රමර් කාරයා උඩින් ඉන්න නිසා දාන ඒවනේ ඔය. කළා කාරයෝ විරුද්ධ වෙච්ඡ නිසා මේ රටේ එහෙම නිදහස් කරන්නේ නැහැ. උන්ට ඉන්නව හොඳ ලෝයර්ස් ලා සෙට් එකක්. උන් තමයි එලියට ගත්තේ. විනිසුරන් මේ රටේ ස්වධිනයි නොව. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා

      Delete
  5. කැඳ දුන්න, දුම් හට්ටි ඇල්ලුව , ගඟට මුට්ටි දැම්ම, මූදට බිලිවෙන්න ගියා. දැන් පැණි බොනවා.
    කවුරුහරි හොඳ සුරුට්ටුවකුත් දුන්නනන් ඒකත් බොයි.
    P දේවි ෆුල් desperate.

    ReplyDelete
    Replies
    1. අනේ පව් ඒ මනුස්සයා , රස්සාව රැක ගන්නනේ දෙයියනේ

      Delete
    2. P.දේවිගෙ body language එකනම් චෝයි ඒ වෙලාවෙ. දැනටම ලන්කාවෙ බැනර්ස් දාල නැද්ද දන්නෑ පැනියට බිලිවූ නූතන විහාර මහා දෙවියට ජනතාවගේ ප්‍රනාමය කියල.

      Delete
  6. මට හිතුනෙත් ඉයන් කියලා තියෙන දේමයි. ලන්කාව ගැන නොදැනද අය්යෝ ලිව්වෙ.

    මම දැක්කා දැන් ඔය බෙහෙත විකුනලා හොයන විදේශ විනිමයෙන් ඔක්කොම නය ගෙවන්න පුලුවන් කියලා. protocol එකට පිටින් හදන බෙහෙත් ගන්නෙ කව්ද?? ස්වාසිලන්තයවත් ගනියිද. හරි අපි හිතමුකො විදේශ විනිමය හෙව්ව කියලා, එතකොට ඔය ලන්කාවෙ පාලකයො ඒවයින් ඇත්තටම නය ගෙවයිද ඒවා බැන්කු ගිනුම් වල දාගනියිද. ලන්කාව කියන්නෙ මෝඩකමේ සහ උද්ධච්ච්කමේ එකතුවෙ definition එක. People deserve the 'leaders' they have got.

    ReplyDelete
    Replies
    1. මට නං පැණිය ගැන අවුලක් නෑ. දැනන් හිටියා ඔහොම එකක් එයි කියලා.

      පුදුම වෙන දෙයක් ගැන. හා, පරිස්සං කරගනිල්ලා. සුද්දො දැන් එයි පෝලිමේ ඕක හොරකං කරන් යන්න කියන කස්ටිය පරක්කු ඇයි කියලයි.

      Delete
    2. 'පරිස්සං කරගනිල්ලා. සුද්දො දැන් එයි පෝලිමේ ඕක හොරකං කරන් යන්න'අනිවාර්යෙන්ම, ඒ ජවනිකා මඟ එනවා ඇති. ඊට අමතරව මම දැක්ක හුඟ දෙනෙක් කියලා තිබුනා 'හැදුවෙ කවුද කියලා වැඩක් නැහැ බෙහෙත වැඩ කරනවානම්' කියලා. Accountability හා ethics ගැන අපේ අයගෙ ආකල්ප එතනින්ම පේනවා.

      Delete
    3. මගේ තර්කය නම් හරි කමක් නැහැ. මම ක්කොත්තමල්ලි බොන්නෙ ඒකෙ ගුණයක් මට .තියන නිසා , ළමයින්ටත් පොඩි කාලේ ඉඳන් ම දෙනවා . මෙතැන ක්ලිනිකල් ට්‍රයල් නැතිව වයිරසය ඉවත් වුනා කියන්නේ කොහොමද

      Delete
  7. කුකුළු මස්සෙක්ක බත් කාපු කෙනෙක් කොරෝනා වලින් සනීප උනා කියලා කිව්වා. මම හිතන්නේ ඒවායේ ගුණයක් ඇති.

    ReplyDelete
    Replies
    1. වයිරස් ලෙඩක් කොහොමත් සනිප වෙනවා ඉබේ. මම අර බ්ලොග් එකේ ලිවේ , අපි කොත්තමල්ලි බිව්වා හැබැයි , කවදත් .මි පැණිත් දැම්ම ඉන්ගුරුත් දැම්ම. කවදත් කරන එකනේ

      Delete
  8. අසිරිමත් සිරි ලංකාවෙන් ඔය වගේ දේවල් ඇර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ReplyDelete
  9. බුකියේ ඉන්න උන් ගොඩක් ෆෝම් කරන්න පුලුවන් වචන ටිකක් තියෙනවා, රාවණා, හෙළ, දේශීය වගේ ඒවා. ඉතින් ඔය ටික දැක්කහම කට්ටිය හොරෙක් උනත් කමක් නෑ කවි, නිසඳැස් ලියනවා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .