Thursday 17 December 2020

විසි වසරකට පෙර




විසි වසරකට පෙර 
අද වැනි දිනක 
වැවක් අසබඩ 
අතිනත ගතිමු 

බිඳුණු හදක් 
සුවපත් කර ගන්නට 
නොහැකි යයි
මා නිබඳ සිතුවත් 
ඔබේ ඉවසුම 

ඔබේ සිනහව 
ඔබේ කරුණාව 
ඔබේ තරහව 
ඔබේ දැඩි කම 

ඒ සියල්ල අමතක කර 
ජීවිතය නැවතත් 
අරඹන්නට 
නව මගක් යන්නට 

ආලෝකයක්ම විය 

ඔයා  කවදද අපේ කතාව 
ලියන්නේ සිංහලෙන් හරි 
ඔබ නිතර ඇසුවත් 
මට තවමත් හිතෙන්නේ 
ඒ කතාව හිතේ තිබුනම 
ඇති 




33 comments:

  1. සුබ විවාහ සංවත්සරයක්! Frohes 20-jähriges Jubiläum!

    ReplyDelete
  2. Happy Anniversary, Мистер und Frau ධර්මකීර්ති

    ReplyDelete
  3. Congratulations (Wijebahu)

    ReplyDelete
  4. ඔච්චරම කියන එකේ, ඔන්න ඔහේ ලියලම දාන්න අප්පා. දැන් බලා..න්ට, ප්‍රථම පෙරේමෙ ඔය අගේට ලියල තිබුනෙ. පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්ණයක් නම් අන්වර්ථ විදිහට ලිව්වැහැකි නෙව?

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ප්‍රේමේ ඉතින් අවසානය වුනේ එකතු වෙලා නෙමෙයිනේ , පෞද්ගලිකත්වය කියන එකටත් වඩා අර යට ලෝටස් කියල තියෙනේ හේතුව වෙන්න ඇති. පෞද්ගලිකත්වයත් හේතුවක් තමා. මොකද කතාව දන්න අය කියාගෙන එයි ඒයි ඔන්න බොරු කියනවා කියල. මට බොරු කියල පුරුද්දක් නැහැනේ. හේ හේ

      Delete
  5. . අජිත් , ලංකාවේ ඉපදිලා සෝවියට් දේශයේ ඉගෙන ගෙන, ජර්මානු කතක් විවාහ කරගෙන, දැරිවියන් දෙදෙනකුත් සමඟ බ්‍රිතාන්‍යයේ ජීවත්වන ජාත්‍යන්තරවාදී ඔබේ පවුලට ප්‍රේමයේ සුබ පැතුම්!

    2. ලංකාවේ, කොළඹ 7  ග්‍රෙගරි පාරේ (දැනට එය සේනානායක පරපුරේ අපතයකුගේ නමින් නම් කර ඇත.) අංක 39 දරණ තැන පිහිටි Goethe Institut එකට යන පාර විල්හෙල්ම් ලුද්විග්  ගයිගර් වියතාණන් නමින් නැවත නම් කරන ලෙසට ලංකාවේ ඒ පිලිබඳ වග කිව යුත්තන්ට යෝජනා කිරීමට අපට හැකියාවක් නොමැතිද? ගයිගරයන් වනාහී සිංහල, පාලි, සකු ආදී පෙරදිග භාෂා සම්බන්ධව සප්‍රමාණික උගතෙකි. හෙතෙම සිංහල බස සම්බන්ධව කරන ලද පර්යේෂණ පමණක් මේ උපහාරය ලැබීමට සුදුසු බව මට හැඟෙයි. ඔබගේ ජර්මන් බිරිඳව මේ වැඩේ කිරීමට පටන් ගැනීමට උනන්දු කරවන මෙන් ඉල්ලමි. වැඩේ පීල්ලට දා ගත්තොත් අද ලොව පුරා  විදේශගතව  සිටින උගත්  ලාංකීය ප්‍රජාව මීට උදව් කරනු නිසැකය.

    ඉන්දු උප මහාද්වීපය පිලිබඳ විසාරදයකු වූ මේ අපේ ගයිගරයන්ගේ පුතකු විසින් තමයි න්‍යාෂ්ඨික විද්‍යාවේදී අපට නැතුවම බැරි Geiger counter එක පවා හදලා තියෙන්නේ. (සම නිර්මතෘවරයෙක්)

    අන්න නියම තාත්තලා- ආන්න නියම පුත්තු!
    (ඒකට ලංකාවේ ඉන්න තාත්තලා පුතාලා)

    CP-C

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරවාදී කතාව නම් ඇත්ත නේද. සංස්කෘතීන් තුනක්. ඔය දෙවනියට ලියල තියෙන කාරණේ ඇත්තටම හිතුනේ නැහැනේ. ගයිගර් ලා දෙන්න සමබන්ධයි කියන එක හිතුනෙත් නැහැ. අදහසත් හොඳයි. නමුත් රාවනා කට්ටිය හෙම වලි අදියි නේද යක්කු නමක් හෙළ යමක් දාන්නේ නැතිව බටහිරට යට වෙනවා කියල.

      Delete
  6. 'තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු බොඳවී යයි ආදරයක ලස්සන, දෙහිතේ සිරවී ඇති තුරු පමනයි අප දෙදෙනාගේ කතාව ලස්සන'

    Congratulations!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , සහ උඩ කිව්වා වගේ ඒකත් එක හේතුවක්

      Delete
  7. සුබ විවාහ සංවත්සරයක් ගමයෝ !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආයුබෝවන්ඩ

      Delete
  8. අජිත් මහත්මයා විවාහය කියන එක සංස්කෘතියකට සාපේක්ෂයි.
    එක සංස්ස්කෘතියක විවාහය තව එකකට අනුව විවාහයක් නොවෙන්න පුළුවන්.

    උදාහරණයක් විදියට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් කියලා පුද්ගලයෝ හිටියට දකුණු ආසියානු සංස්කෘතීන්ට අනුව එහෙම දෙයක් නෑ.

    ඒ වගේම දකුණු ආසියානු සංස්කෘතීන්ට අනුව කුලපති සහ උපකුලපති කියලා පුද්ගලයන් දෙදෙනෙක් සිටියට
    බටහිර සංස්කෘතීන්ට අනුව ඉන්නේ හස්බන්ඩ් සහ බෝයි ෆෙන්ඩ්.

    ඔයා වසර 20 සම්පූර්ණකලේ බටහිර ක්‍රිස්තියානි විවාහයටද?
    පෙරදිග විවාහයටද?

    ReplyDelete
    Replies
    1. //බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් // පාට්නර් ලාට දැන් විවාහක යට තියන අය්යිතියම තියනව. අනික ඔයා ඔය කියන //බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් // කියන ක්‍රමය තමයි සුද්දෝ එන් කලින් ලංකාවේ පැවතුනේ. ඇයි ලන්ක්වෙවිවහ පන්සලේ ලියා පදිංචි කලාද නැහැනේ. එතකොට සුදෝ එන්න කලින් තිබිලා තියෙන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය නේ. එහෙම එක්ක නැහැ. මේ රටවල් හැම ක්‍රමයම තියනවා. අපේ විවාහය සම්ප්‍රදායික එකක්. පොතේ ලියල කරපු විවාහයක්. .

      Delete
  9. අරුමැසි කතාවන් අප හැම දෙනා සතු
    රසබරමයි කතාවලටත් වැඩිය ගෙතූ
    එවන් කතා හද පතුලෙම තිබිය යුතු
    මේකත් එහෙම නං නොලියා සිටිය යුතු!

    ලිව්වත් නැතත් ඔබෙ දිවියේ හැබෑ තතු
    පැහැදිලි වේ සුබයි වත්මන සේම මතු
    හිතවත් අජිත්, අද මේ කවි දෙකින් ගෙතූ
    මල් මාලයකි ලොකු සුබ පැතුමකින් එතූ!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදි මචන්.
      නිදි ඇත්තම කියනවනම් කවි නම් බරසාරයි. නරකද කවි පොතකුත් කලොත්.

      Delete
  10. සුභ පැතුම් මචෝ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මාතලන් මල්ලිත් කාලෙකට පස්සේ ගොඩ වැදිලා නොව. ස්තූතියි. ආයෙත් ෆේස්බුක් ඉන්නව දැක්ක

      Delete
  11. කිර්ති මහත්තයා සෝවියට් දේශයේ සවාරියක යන්න අදහසක් නැද්ද එන වසරේ?

    ReplyDelete
    Replies
    1. මහත්මයා සොඉයට් දේශය කියන රට නැති වුනේ 1991 නේ. ටයිම් ට්‍රැවල් වත් කලාද ?
      මම රුසියාවට නම් ගිය 2016. මරු.
      https://kolambagamaya.blogspot.com/2016/08/22.html

      Delete
    2. සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ
      https://kolambagamaya.blogspot.com/2016/08/2.html

      Delete
  12. දෙරටක් එක් වුනි මේ ආදරයෙන්
    හදවත් දෙකක් යාවුනි මේ ආදරයෙන්
    දැරියන් දෙකක් එක්වුනි මේ අදරයෙන්
    තව බෝ කලක් ගෙවියන් මේ ආදරයෙන්

    සුබ පැතුම් ඔබ දෙපලට.....

    ReplyDelete
    Replies
    1. දෙරටක එක්වී තෙරටක තනිවී
      හිටියත් බැඳිලා මේ ආදරයෙන්
      යහළුවන් ඉන්න විට සුභ පතන කවියෙන්
      කේක් එකට අයිසින් දැමුවාක් වැනි

      Delete
  13. ගණන් හදල කිව්වට ඕක අද ඊයේ වගේ නේ. නැද්ද අජිත් ස'
    ජයෙන් ජයම වේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැට්ටර් මල්ලි. ඔබටත් සුභ (2020 වැනි නොවන) අවුරුද්දක්

      Delete
  14. සුබ විවාහ සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන මල්ලි

      Delete
  15. අජිත්, ඔබ සුන්දර මිනිසෙකි. ඔබේ සුන්දර කමට පදනම ඇය බව නිසැකයි. ඔබ දෙපළට තව දිගු ගමනකට උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබට ඉතාමත් ස්තූතියි. සුභ නව වසරක් වේවා

      Delete
  16. ප්‍රතිචාර දැක්‌වූ ඔබ සැමට සුභ නව වසරක් වේවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .