Sunday 20 June 2021

පියාගේ දිනය


මගේ ආදර දූලා දෙන්නා 

තෑගි දුන්නා මල් කළඹක් එක්ක 

වැළඳගෙන තදින් සිඹ සෙනෙහසින් 

කේක් හදනවා උන් බිරිය සමග 

ඈ දුන්නා මට මල් සමග 

ෂැම්පේන් බෝතලයක් 

බොන්න තහනම් නැහැනේ මේ රටේ 

ඇය හදනවා ශික්ට් ක්‍රවුට් 

මස් එක්ක  ගෝවා 

මේක තනිකර ජර්මන් වැඩක් 


මේ පියවරුන්ගේ දිනය 

මට මතකයි මගේ දුප්පත් තාත්තා 

පියවරුන්ගේ දිනයක් තිබුණාද ඔහුට 

අදහගන්නට අදත් බැහැ 

හැදුවේ කොහොමද ඔහු අපි 

ඒ පුංචි පඩියෙන් 


අපි විභාග පාස් කෙරුවම 

විදුහලේ, එළියේ දස්කම් දුටුවහම 

ඒ තමයි ඔහුට පියවරුන්ගේ දිනය 

ඔහු අප හැර  ගියේ හරි ඉක්මනින් 

යන්තම් හැට දෙකට ළඟ 

මගේ මව බාලය මගේ දැන් වයසටත්  වඩා 

හිතා  ගන්නට බැහැ  මට 

මා හිතන්නේ හදවතින් මම 

තවත් තරුණයි කියා

පනස් හයක්ම මට,

හිතා ගන්නට බැහැ මට 

ඇය කෙතරම් තනිදැයි කියා 

ඇයට කෙතරම් දුක දැයි කියා 


පොරොන්දු විය හැකි ඔබට

දයාබර තාත්තේ  

රැක බලා ගනිමි අප  

ඔබේ ජිවිතයේ ආදරය 

ඔබට සෙනෙහස පිදූ 

ඒ සුන්දර කාන්තාව 

අප මුළු දිවිය පුරාවට 

අපට කළ හැකි 

එයම පමණකි 

ඔබ කළ සියල්ලට 

ඔබේ දරුවන් හතරට 

ඔබ දමාගිය එකම වස්තුව 


 - පියවරුන් ඇති නැති සැමට පිදුමකි 


16 comments:

  1. Replies
    1. මමත් කැමති සුන්දර ගීතයක් එක

      Delete
  2. +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. තාත්තා මළහම
    අම්මලා තනියම
    කොය්තරම් දූ දරුවො
    උන්නත් ඒ තනිකම
    මියයන තුරා විඳිනවා...

    වෙරි සොරි ඈ... අපේ තාත්ත මිය ගියාට පස්සෙ, අපේ අම්ම ඒ අඩුව හෙණ කලක් වින්දා. අපි කොච්චර උන්නත්. මම දන්නෙ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කොපමණ අමතක කරන්න හැදුවත් එයාලගේ යටි හිතේ හන්ගන් ඉන්නවා

      Delete
  4. Happy Father's Day!

    හරි පරිවර්තනය පියාගේ දිනය තමයි නේද හුඟක් වෙලාවට සිංහලෙන් පියවරුන්ගේ දිනය කිව්වට. මම පොඩි කාලෙ දවසක් තාත්තා එක්ක තරහවෙලා 'වෙන තාත්තෙක් ඕනෙ' කියලා අඬලා තියෙනවා. තාත්තලා (සහ අම්මලා) non-exchangeable සහ irreplaceable කියලා තේරුම් ගන්නත් ටිකක් කල් යනවනෙ.

    ReplyDelete
    Replies
    1. පියාගේ දිනය -father's day තමයි හරි. අම්ම දික්කසාද වුනොත් වෙන තාත්තෙක් ලැබෙනවනේ. දැන් ලන්ඩන් වලත් පරිස්සමින් ලියන්න ඕනේ. අම්මල දෙන්න ඉන්න කට්ටියට අප්සෙට් නොයන්න.

      Delete
    2. මම ලිව්වේ පියාගේ දිනයක් තිබ්බේ නැති හැම පියෙකුටව වගේ හිතල

      Delete
  5. සංවේදීයි

    ReplyDelete
    Replies
    1. දෙමව්පියෝ ගැන කතා කරන කොට සංවේදී වෙන එක වලක්වගන්න බැහැ

      Delete
  6. අම්මෝ ඒක.. බොක්කටම දැනුණා :/

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි , ඔයා ලියනවා තරමට නැති වුනත් , ස්තූතියි

      Delete
  7. පියවරුන් ගැන ලියන සංවේදී සටහන් කියවන්නට කැමති නැත.මොන එහෙකට මේක කියෙව්වද මන්දා 😥

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා , ඒ කියන්නේ ලියන්න කතාවක් ඇති හිතේ කොනක හංගලා.

      Delete
  8. මාත් තාත්තලාගේ දිනය සමරලා නෑ කිසිම දාක. මුහුණු පොතේ පෝස්ට් ශෙයා වෙනකොට හිතුණ දේ තාත්තාට කෝල් එකක් දීලා කතාකරන්න ඕන කියලා විතරයි.කොරෝනා නිසා ඉතින් තාත්තාව බලන්න යන එක අවුරුද්දකට ආසන්න කාලයක බැරිඋනා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .