Sunday 8 August 2021

ජිජැක් ලංකාවේ නොකී කතාවක්



ජිජැක් ලංකාවේ නොකී  කතාවක් 
---------------------------------
ගුරුතුමියක කිරි කෝපි  එකක් බොන්නට කෝපි කඩේකට ගියාය.  කඩේ හිමියා කීවේ " නෝනා කිරි කෝපි  නම් නැහැ නිකන් කෝපි  එකක් දෙත  හැකි. කිරි පිටි ඉවරයි. "

"මම ගෙනත් දෙන්නම්. කොහෙද කිරි පිටි විකුණන්නේ " ගුරුතුමිය ඇසුවාය.

"අර ඉස්සරහ කඩේ කිරිපිටි විකුණනවා . ඒත් ඒකෙ කිරිපිටි නැහැ" කෝපි කඩකාරයා කීවේය.

"මම ටීචර කෙනෙක්. උදේ ඉඳන් ළමයින්ට උගන්වලම නිදිමතයි. මහන්සියි.  මට එහනම් නිකන් කෝපි එකක් හරි  දෙන්න. මට ගෑස් එකක් ගන්න තැනක් කියනවද " ගුරුතුමී ඇසුවාය.

"ඉස්සරහ කිරිපිටි කඩේට අල්ලපු කඩේ  ගෑස්  විකුණනවා. ඒත් එයාල ගුරුතුමියන්ට විකුණන එකක් නැහැ "

"ඒ මොකෝ ඒක හරි වැඩක් නේ " ගුරුතුමිය ඇසුවාය.

"එයාලගේ ගෑස් ඉවරයි" කෝපි කඩකාරයා පිළිතුරු දුන්නේය. 

ගුරුතුමිය කෝපි එක බොන  තුරු කල්මරමින් සිටි ගුරුතුමෙකු වන අනියම් හස්බන්ඩා ගුරුවරිය කැටුව  ලැගුම් හලකට ගියේය.

පිළිගැනීමේ නිලධාරිනිය කීවේ ඇමැති ආරක්ෂක අංශයෙන් වටලා ඇති නිසා කාමර නැති බවයි.

"ඒ මොකෝ " ඔවුන් දෙදෙනාම එකවර ඇසුහ.

"රහැළිය කෙඹුක්වැල්ල කොටුවක් පනිනවා " පිළිගැනීමේ නිලධාරිනිය කීවාය. 

එය අසා සිටි ටී ෂර්ට් හැඳගත් නිලදරුවන් දෙදෙනෙක් වහා පැමිණ , රාජ්‍ය රහසක් හෙළිදරව් කිරීමේ වරදට පිළිගැනීමේ නිලධාරිනිය අත් අඩංගුවට ගෙන ත්‍රීවිල් එකක පටවාගෙන රැගෙන ගියහ.

ජිජැක් වෙනුවට ලීවේ  අජිත් 
 
 
-ජිජැක් ගේ ඔරිජිනල් කතාවේ තියෙන්නේ මගියෙකු බැරිස්ටා ගෙන් ක්‍රීම් දැමු කෝපි එකක් ඉල්ලීමයි. (කැපුචිනෝ එකක් වැනි) . බැරිස්ටා කියන්නේ (කළු කොපි එකක් දෙනවා වෙනුවට ක්‍රීම් නැති කෝපි එකක් දීමට හැකි බවයි.  කෝපි කඩේ ක්‍රීම් නැත. ජිජක් කියන්නේ ක්‍රිම් නැති කෝපි එක හා කළු කෝපි යනු එකක් නොව දෙකක් බවයි. එනම් මෙහි identity crisis එකක් තිබේ. (ඇමෙරිකානෝ කෝපි එකද කළු කෝපි එකක් නොවේ.) දෙවෙනි කතාව සෝවියට් ජෝක් එකකි. 
මස් ගන්නට කඩයකට යන පාරිභෝගිකයාට කඩයේ වැඩ කරන තරුණිය කියන්නේ අපි ළඟ මාළු නැහැ. මස් නැති කඩේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. මේ විහිලුව් තව බොහෝ ආකාරයට ලියැවී/කියවී තිබේ.

A man walks into a shop. He asks the clerk, “You don’t have any meat?” The clerk says, “No, here we don’t have any fish. The shop that doesn’t have any meat is across the street.”



38 comments:

  1. කෝපි බිව්වා කියන්නේ බොරුවක්නේ, තේකඩේ ගෑස් තිබුනේ නෑනේ වතුර උණු කරන්න

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි පාදෙණිය වර්ගයේ දර ළිපක් තිබුනේ නැත්ද

      Delete
  2. කවුද අජිත් මහත්මයා ජීජැක් කියන්නේ?

    රංග තේනුවර(GTRZ)

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ. අහල මතක හිටි නමක්

      Delete
  3. ඇත්තය උල තියන වරදකි කර ඇත්තේ
    රිෂෙප්ෂනිට එල්ලුම් ගහ දිය යුත්තේ
    කොටු පනින්නවත් බැරි නම් හිතූමතේ
    පොරජාතන්තරෙත් මොකටද තිබිල අතේ

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි , ඔබතුමාට තේරුනා හරියටම

      Delete
  4. හැබැයි මේකෙ කියවෙනවා නේද රාහැළිය යන ලැගුම්හලටම ගුරුවරුන්ටත් යන්න පුලුවන් කියලා (එහෙම අයත් ඇති). රාහැළිය එහා ලැගුම්හලට/හෝටලේට වත් දැම්මනම්. ඕවත් රාජ්‍ය රහස්ද වැඩියෙන් චන්ද ලැබෙන්න සුදුසුකම් මිසක්. බයියො මේවා කටවල් උල් කර කර සාධාරණීය කරනකොට හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගුරුවරුන් උපයන ප්‍රමාණයට එයාලට යන්න බැරිනම් වෙන කාටද පුළුවන් හුහ්

      Delete
  5. මේක නම් ලංකාවෙ කතාවක් නෙවෙයි, බලුකිස්තානෙ කතාවක්.

    මනුස්සයෙක් ජනාධිපතිට “මෝඩයා, ගොනා, පිස්සා, පිස්සු හරකා“ කියමින් බැණලා. උන්දැව පොලිසියෙන් අල්ලගෙන ගිහිං නඩු පවරලා. නඩු තීන්දුව දෙමින් නඩුකාරයා කියනවා,

    “තමුන් චෝදනා දෙකටම වරදකරු ලෙස මේ උසාවිය තීන්දු කරනවා. චෝදනා දෙක තමයි,

    “1. ජනාධිපති ට අපහාස කිරීම
    “2. රාජ්‍ය රහස් ප්‍රසිද්ධියේ හෙළීදරව් කිරීම“

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඩ්රකි සෙට් එක බැහැලා , බලුකිස්තානේ කොයි පැත්තේද තියෙන්නේ ආයුබොවන්

      Delete
    2. බලුකිස්තානෙ වලිගෙ හරියෙ සිද්ධ වෙච්ච කතාවක් මං කිව්වෙ

      Delete
    3. ඉන්දියාවට තමා ළඟ , වැදගත් කතාවක් මේක

      Delete
  6. වෙන රටක දි...

    දවසක් මනුස්සයෙක් බැණලා, “බලු ආණ්ඩුව“ කියල. සුදු වෑන් එකකිං අරං ගිහිං ඉහළ නිලධාරියෙක් ළඟට. අර මනුස්සයා කිව්වලු,

    “මම බලු ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආණ්ඩුවට නෙවෙයි, වෙන රටක ආණ්ඩුවට“ කියල.

    අර ඉහළ නිලධාරියා රැවටුනේ නෑලු.

    “තෝ හදන්නෙ මාව රවට්ටල බේරෙන්ඩ ද? වෙන මොන රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ? ගෙනියපියව් මූව! දාපියව් කිඹුලන්ට...!“

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ , උගන්ඩාවේ වෙන්න ඕනේ

      Delete
    2. නොබැඳි ජාතීන්ගේ සමුළුවට ලංකාවට ආව ඉඩි අමීන්, සිංහලෙන් කතාවක් කළාලු නේ,

      “ලංකාවෙ වෙෂියනි, මං උකන්ඩාවෙ...“ කියල

      Delete
    3. ඕකනම් අහලා තියනවා. ඒ කාලෙම ගිය ජෝක් එකක් , නොබැඳි සමුළුව කාලේ

      Delete
  7. වෙන එකක් තියා, ඉන්ටනෙට් එකේ වීඩියෝ ලිංක් දෙන්නෙත් නෑලු ගුරුවරුන්ට...

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ , නැත්නම් ගිහිල්ල උගන්නන්න හදයි

      Delete
    2. එහෙම උගන්නන්ඩ ළමයෙක් එක්ක ගෙන ගියපු තාක්ෂණ ගුරුවරයෙක්ගෙ ලිංක් එකකුත් තිබුණා මතකයි.

      Delete
    3. හොඳ වැඩේ කිව්වේ අර රුසියන් කට්ටිය ගෙන්නලා කොරෝනා බෝවෙනවද කියලා බලපු එකට වෙන්ඩ!
      අජිතුත් ඒ පැත්තට අදිනවනේ....

      Delete
    4. නිදි ට ඒකට හිතට අමාරුයි වගේ.මම පක්ෂ වලට වාල් වෙලා කතා කරන්නේ නැහැ. හොයල බලල ලියනවා මිසක්. මම ලංකාවට ඇවිල්ල බේරුවල හිටපු දවස් වල බැලුව රුසියන්, යුක්රේනියන් , කසාක්ස්තාන් එවුන් ඇවිත් ඉන්නවා. උන් පී සී ආර් කරගෙන සමහරු එන්නත් විදගෙන ඇවිත් හිටියේ. ලංකාවේ , ඉන්දියාවේ හොරු වගේ නෙමෙයි. ආණ්ඩුව අනා ගත්තට උන් පලි නැහැ. අනික හෝටල් වල වැඩ කරන උන් දවස් 30 හොටලේම මිසක් එලියට යන්න දෙන්නේ නැහැ. ගොඩක් අය හොයල බලන්නේ නැතිව විවේචනය කරන්නේ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මේක තමා මම ලීවෙ: ලයකදීම කීව් වල අධ්‍යාපනය නිම කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග රුසියානු සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ඇති කරන්න අද කතාවක් කරනවා. මට වැඩ නිසා සහභාගී වෙන්න බැහැ . රටේ විදේශ විනිමය බින්දුවට වැටිලා. භාණ්ඩ ආනයන කරන්න මුදල් නැහැ. ආර්ථිකයත් බොහොම අමාරුවෙන් ගෙනියන්නේ. සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන හුඟක් අය ඉන්නවා. එනිසා මේ මූලිකත්වය හොඳයි.
      නමුත් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කතාවෙන් පස්සේ ප්‍රශ්න අහන්න දෙනවා නම් මම කියන්නේ මේ ටික.

      කෝවිඩ් වසංගතය එන්න කලින් 2018 වසරේ ලංකාවට වැඩිපුරම සංචාරකයන් ඇවිත් තිබෙන්නේ ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවලින්. දැනට ඒ රටවලින් ගෙන්වන්න අමාරු බව පිළිගමු. නමුත් ටාගට් කරන්න ඕනේ ඒ රටවල් වල සංචාරකයන් හැකි තාක් ගෙන්වා ගන්න. දල වශයෙන් ඉන්දියාවෙන් ලක්ෂ 4.2, බ්‍රිතාන්‍යයෙන් ලක්ෂ 2.5, ජර්මනියෙන් ලක්ෂ 1.5 හා චීනයෙන් ලක්ෂ 2.6 එතකොට රුසියාවෙන් ඇවිත් තිබෙන්නේ හැට පන්දාහයි. 2020 දී වුනත් රුසියාවෙන් හතලිස් නමදාහක් එනකොට ඉන්දියාවෙන් අසූ නමදාහක් හා බ්‍රිතාන්‍යයෙන් පනස් පන්දාහක් ඇවිත් තිබෙනවා. එනිසා ඒ රටවල් ගැනත් මීට වඩා අවධානයක් යොමු කල යුතු නැත්ද?
      දැනට ඒ රටවල වහල තිබ්බත් ඉතා නුදුරේදීම ඒවා විවෘත වෙනවා. මන්දගාමී තානාපති කාර්යාල මිට වඩා උද්යෝගිමත් විය යුතුයි නේද?

      මම ගිය අප්‍රේල් පැමිණි වෙලේ බේරුවල හොටෙල් රිසොර්ට් එකේ රුසියානුවන් දෙතුන් දෙනෙක් හා කසාක්ස්තාන ජාතිකයන් හිටිය. ඔවුන් අමතර මුදල් වියදම් කරන්නේ නැහැ කියල චෝදනාවක් තියනව. ගෙවලා ආපු පැකේජ් එකේ ගානට අමතරව. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි වුනත් වියදම් කරන සංචාරකයෝ ගෙන්වන වැදගත්. බොහොමයක් සංචාරක සේවයේ නියුතු වූවන්ට අමතර අදායමක් ලැබෙන්නේ එහෙම. ඔවුන් ඉතා අමුරුවෙන් ජිවත් වෙන්නේ.
      අනික තමයි ලාභාංශය කිහිප දෙනෙක් අතර පමණක් බෙදී යනව කියන චෝදනාව. තම තමන් අඳුරන සංචාරක ආයතන වලට විතරක් අවසර දෙන එකේ තේරුමක් නැහැ. එහෙම දෙනවද කියල මම දන්නේ නැහැ. එනිසා මිලියන් තුනක් පමණ සංචාරක කර්මාන්තයේ හා ඒ ආශ්‍රිත ක්‍රියාවල යෙදී සිටින නිසා ඒ අයගේ සහභාගිත්වය වැඩි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්, විශේෂයන් හෝටල් බුබුලවල් වැඩි කිරීම.
      ඊට අමතරව මුහුදුබඩ සංචාරක හෝටල් ආශ්‍රිත ප්‍රදේශ වල ජනයාට පැමිණ ඔවුන්ගේ නිමැවුම් විකිනීමට කිසියම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් එක්ක කුඩා වෙළඳපළවල් වෙරළ ආශ්‍රිතව ඉදි කරීම.
      සංචාරකයන්ට පිළිගත් ආයතන මගින් රටේ සංචාරය ක්‍රිරීමට ක්‍රමවේදයක් සැකසීම වගේ දේ හොඳයි නේද? කෝවිඩ් පැත්තත් ආවරණය කරගෙන.
      ක්‍රමවත් සැලැස්මකට ක්‍රියා කිරීම තමයි හොඳ, adhoc විධිහට ක්‍රියාත්මක කරනවට වඩා .එහෙමනම් ජනතාවගේ සහයෝගය තවත් ලැබේවි.

      Delete
    7. දෙවෙනි කොටස තමයි හැම යුක්රේනියන් ගෑනිට ම වේසියෝ කියල නිග්‍රහ කරපු එක. වැඩියෙන්ම සජබ එවුන්හා අපේ සමහර රැඩිකල් එවුන්. අපේ යාලුවෝ ඉන්නව ඒ කෙල්ලෝ බැඳපු. ඒ රටේ හැම ගැහැණියක්ම වේසියෙක් නම් ඉතින් අනිත් රටවල් ගැනත් කියත හැකි ඒ වගේ . ලංකාවේ අරාබියේ ඉන්න සෙට් එකක්, තායි එවුන් , රුසියන් එවුන් . නමුත් හැබෑවට එහෙම නැහැනේ. ලංකාවට වැඩ කරන්න ආපු යුක්රේනියන් ජනලිස්ට් කෙනෙකුට රූම් එකක් හොයා ගන්න බැරිවෙලා. අහපු තැන්වලින් කියල තියෙන්නේ වේස කම් වලට දෙන්නේ නැහැ කියල. ඔන්න ඕකයි තත්වේ. කෙල්ලගේ නම අලිසා . මගේ ෆේස්බුක් එකේ ඉන්නවා. ඒකි ඒක අනිත් බටහිර උන්ටත් කිව්වා මෙන්න මෙහම් කතවක් යනවා කියල. විරෝධය පාන එක වුනත් කල්පනා කරලා කරන්න ඕන දෙයක්.

      Delete
    8. අනේ අම්මෝ තරහ ගත්තාද අජිත් මහත්තයෝ?

      මම කිව්වේ ඔයා ටිකාක් වැඩියෙන් රුසියාවට අදින බව... ඒකේ වරද්දකුත් මට නං පෙනිලා නෑ. කෘතවේදී බව මිස.

      හැබැයි, මම උස්සලා දීලා තියෙන්නේ නියම බෝලයක් බව, දැනුයි තේරුණේ!

      Delete
    9. මචං නිදී , මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියල, ශේප් වෙලා යන්න හැදුවම ඒකට සාධක සහිතව උත්තරයක් දුන්නම් ඇයි බං මිනිස්සු තරහ ගත්තද කියල අහන්නේ? දැන් මම රුසියාවේ උන් ගෙන්වන්න නෙමේ කියන්නේ. වැඩිය වියදම් කරන වෙස්ට් එකේ උන්ව. මොකද බඩගින්නේ ඉන්න උන්ට මේ ආණ්ඩුව කන්ඩ දෙනවා කියලය

      Delete
    10. අජිත්, ඇත්තම කියනවා නං, මං රට වහන කතන්දරේට කැමති නෑ. ලොක්ඩවුන් කරන එකටත් මනාපයක් නෑ. කොච්චර කාලයක් කියලා හිර වෙලා ඉන්නද? තිස් අවුරුදු යුද්දෙ කාලේ අද බෝම්බයක් පිපිරුවයි කියල හෙට මිනිස්සු එළියට බැස්සෙ නැද්ද?

      වෙලාව එනතුරු අපිට ඉන්න පුළුවන්, අඬ ගැහුවම යන්න වෙනවා නියන දර්ශනය මගේ තියෙන්නේ. නමුත් රටක තියෙන නීතියට ගරු කරන්න ඕනි නිසා විතරයි මං mask එකක් වුණත් දාන්නේ එළියට යද්දී.

      Delete
  8. වාමාංශික බඩු පොට් හිමිකරුවන්ට සංසදය.8 August 2021 at 05:51

    "ගුරුතුමෙකු වන අනියම් හස්බන්ඩා ගුරුවරිය කැටුව ලැගුම් හලකට ගියේය. = "රහැළිය කෙඹුක්වැල්ල කොටුවක් පනිනවා "
    x කොටු පැනීම = y කොටු පැනීම
    නම්,
    කොටු පන්නන ස්තානයේ පිළිගැනීමේ නිලධාරිනියගේ සදාචාර විරෝධී ක්‍රියාව නිසා නියෝජිත ප්‍රජාචන්ත්‍රාවයේ හර පද්ධතියට
    හානියක් වී ඇත.එමෙන්ම y ගේ මූලික මිනිස් අයිතිවාසිකමකට ද හානී කර ඇත.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් ම එකඟයි
      (කොටින්ම පත්තරේ අරක දාල සවුත්තු කරන එකයි, වාමාංශික සංසදය රහැලිය සවුත්තු කරන එකයි එකම එකයි.) හේ හේ

      Delete
    2. කුහක වාමාංශික සංසදයක් ආපු නැති එක පුදුමයි

      Delete
  9. -ජිජැක් ගේ ඔරිජිනල් කතාවේ තියෙන්නේ මගියෙකු බැරිස්ටා ගෙන් ක්‍රීම් දැමු කෝපි එකක් ඉල්ලීමයි. (කැපුචිනෝ එකක් වැනි) . බැරිස්ටා කියන්නේ (කළු කොපි එකක් දෙනවා වෙනුවට ක්‍රීම් නැති කෝපි එකක් දීමට හැකි බවයි. කෝපි කඩේ ක්‍රීම් නැත. ජිජක් කියන්නේ ක්‍රිම් නැති කෝපි එක හා කළු කෝපි යනු එකක් නොව දෙකක් බවයි. එනම් මෙහි identity crisis එකක් තිබේ. (ඇමෙරිකානෝ කෝපි එකද කළු කෝපි එකක් නොවේ.) දෙවෙනි කතාව සෝවියට් ජෝක් එකකි.
    මස් ගන්නට කඩයකට යන පාරිභෝගිකයාට කඩයේ වැඩ කරන තරුණිය කියන්නේ අපි ළඟ මාළු නැහැ. මස් නැති කඩේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. මේ විහිලුව් තව බොහෝ ආකාරයට ලියැවී/කියවී තිබේ.

    A man walks into a shop. He asks the clerk, “You don’t have any meat?” The clerk says, “No, here we don’t have any fish. The shop that doesn’t have any meat is across the street.”

    ReplyDelete
    Replies
    1. දැන් තමයි හරියට තේරුනේ, කෝපි කතාව කියෙව්වාම. දෙවෙනි එකේ, ඉංග්‍රිසීයෙන් ඔරිජිනල් එක දාපු එක හොඳයි, සමහර විහිලු පරිවර්තනය කලාට හරියටම සෙට් වෙන්නෙ නැති නිසා.

      Delete
    2. There is a wonderfully dialectical joke in Ernst Lubitsch’s classic comedy Ninotchka: the hero visits a cafeteria and orders coffee without cream; the waiter replies: “I’m sorry, sir, we have no cream. Can it be without milk?” In both cases, the customer gets coffee alone, but this single coffee is each time accompanied by a different negation, first coffee-with-no-cream, then coffee-with-no-milk. (Slavoj Zizek)

      “It's not the same thing: coffee without cream or coffee without milk.
      What you don't get is part of the identity of what you get.”
      ― Slavoj Žižek

      "A man walks into a shop. He asks the clerk, "You don't have any meat?" The clerk says, "No, here we don't have any fish. The shop that doesn't have any meat is across the street."

      Delete
    3. මම ඒක ඒ විධිහටම පරිවර්තනය කලේ නැහැ. ලංකාවේ තත්වයට පොඩි ආදේශයක් කළා

      Delete
  10. //Stalin, during a speech: “I am prepared to give my blood for the cause of the working class, drop by drop.
    A note is passed up to the podium: “Dear Comrade Stalin, why drag things out? Give it all now.//

    //Question to Radio Armenia: “Is it possible to build Communism in a random capitalist country like, say, the Netherlands?”
    Answer: “Of course it’s possible but what have the Netherlands ever done to you?//


    ReplyDelete
  11. දැනුයි ආවෙ. මං එනකොට ගොඩක් දේ වෙලා...

    ReplyDelete
    Replies
    1. කාටද ? වැම්පයර් ලා කොහොමත් පරක්කු වෙලා එන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .