Monday 6 September 2021

මංගල සහ සුනිල්



යහළුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුව මොකද මචන් මංගල ගැන මුකුත් නොලියන්නේ කියල.  මං ඒත් ඇහුව මංගල ගැන එයාව  දන්න ගොඩක් අය ලියල  තියෙද්දී මම මොනව ලියන්නද කියල.

මංගල ගැන ලියපු අය දෙවර්ගයක් ඉන්නව. හොඳ  කියපු ගොඩක් අය  අතරේ වැඩිපුර ඉන්නේ මංගල ගෙන් මොකක් හරි සේවයක්, උදව්වක්  ගත්ත අය කියල මට හිතුනේ. එක්කෝ වෙබ් අඩවි වලට දැන්වීම් ලබාගෙන, පත්තර, සඟරා කරන්න උදව් ලබාගෙන, ජන මාධ්‍ය අමාත්යංශය, විදේශ සේවය වගේ මංගල හිටි අමාත්‍යංශ වල රැකියා ගත්ත අය හා වෙනත් උදව් ගත්ත ඔය. මන්ගල හොඳ  මනුස්සයෙක් ඒ පැත්තෙන්. 

මහින්ද  රාජපක්ෂ මහත්මයා ජනාධිපති කමට ඉල්ලන කොට එයාගේ ප්‍රචාරක ලේකම්. ඉතින් මහින්ද මහත්මයා අනිවාර්යයෙන් හොඳ කියල ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. චන්ද්‍රිකා ගේන්නත් ඉස්සරහින්ම හිටිය මංගල. අනික චන්ද්‍රිකා මංගල කියන්නේ හොඳ යාලුවෝ.

ඇයි විමල්? විමල් ජවිපෙත් එක්කම පරිවාස ආණ්ඩුවට ගේන්න මංගල ලොකු වැඩක් කළා.  ඒ වගේම විමල් සහ තවත් මාතර දේශපාලනඥයෙකු ගේ ඉල්ලීම් වලටත් කන්දීලා මන්ගල මාතර පැත්තේ අයට රැකියා දුන්නලු. ඉතින් ඒ අය හොඳ කියන්න  ඕනෙම   නේ.

මාතර බස් ස්ටෑන්ඩ් එක හොඳටම  හැදුවේ මංගල ගේ ප්ලෑන් වලටලු. සල්ලි වෙන් කලේ එයාලු. විවෘත කලේ වෙන කවුරුවත් ලු. එහෙම දේවල් වෙනවා නේ ලංකාවේ.   

අනිත් පැත්තට - මංගල සුදු නෙලුම හරහා ජාතිවාදයට එරෙහිව වැඩ කළාලු. ඒ එක්කම ඊට  කලින් විමල් එක්ක හිටියේ වෙන පැත්තක. රනිල් වික්‍රමසිංහ, අර කරුණ ගෙනල්ල කොටි සංවිධානය දෙකඩ කරන්න උදව් වෙච්ච රනිල්, කොටිය කළෙත් මංගලම තමා.

 මංගල ජාතිවාදී පිලේ ඉඳන් ඒ දේශපාලනයේම අනිත් පැත්තට ආව කෙනෙක්. සමහර හාමුදුරුවරුන්ට විරුද්ධව ප්‍රකාශ දුන්නත් මංගල බෞද්ධාගමට විරුද්ධ කෙනෙක් කියල මම හිතන්නේ නැහැ. ලංකාවේ සමහර සිවුර පොරවා ගත් අය කරන කියන වැඩ දැක්කහම කතා නොකර බැරි අවස්ථා එනවා. ඒ කෙලින්කමට මම කැමතියි. 

මංගල  චිනේ ගැන කීව  අවංක කතා වලට සමහර වාමාංශික යන්ට රිදෙන්න ඇති. මංගල කීවේ කොමියුනිස්ට් පක්ෂය තිබ්බට චීනේ දියුණු උනේ විවෘත ආර්ථිකය නිසා කියල. විදේශ ආයෝජන ගලාගෙන ආව. චීන කම්කරුවෝ ඉතා අඩු පඩියට ශ්‍රමය වික්කා . හැබැයි චීනේ දියුණුයි දැන්. කොමියුනිස්ට් කියන්නේ මංගල කීව වගේ  බෝඩ් එකක් විතරයි දැනට.   ඇත්තනේ ඉතින්.   වෙනිසියුවෙලාව වගේ රටවල් ගැනත් මංගල විවේචනය කරා ලිබරල්වාදියෙකු වශයෙන්. ගොඩක් අයට මංගල දිරෙව්වෙ නැති තැනක්. 

රමිඳු ලක්ඛිත පෙරේරා  ඒ පැත්තෙනුත් , මංගල ගේ දේශපාලන  ජීවිතය ගැන නන්දන වීරරත්නත්  හොඳ  ලිපි දෙකක් ලියල තියෙනවා . ඒ ගොල්ලන්ගේ ෆේස්බුක් බිත්ති වල ගිහින් බලන්න. රමිඳු ට කියන්න තියෙන්නේ රමින්දු ගේ පටන්  , මංගල ඇතුළු බොහෝ අය වරෙක ප්‍රතිගාමී දේශපාලනයේත් වරෙක ප්‍රගතිශීලි දේශපාලනයේත් යෙදුන කට්ටිය කියල. කෙලින් ඉරක් ඇඳලා වෙන් කරන්න අමාරුයි.  දේශපාලනයේ දී දැනට රාජපක්ෂ කඩේ ෆුල් ටයිම් වැඩ කරන මාතලන් නුත් පක්ෂ භේදයක් නැතිව හොඳ ලිපියක් දාල තිබ්බ.
 

ශ්‍රී ලංකා එකේ ඉඳල යූඇන්පිය ට පැනලා රජුන් තනන්න උදව් වෙලා අන්තිමට  "අනේ මමත් මේකට වග කියන්න ඕනේ නේ " කියල කල කිරිල අයින් වුනා කියල මට හිතෙන්නේ.

මංගල ඒ මොනවා වුනත් ජිවිතේ හරියට විඳි එකෙක්. 

දේශපාලනයේදී  ලංකාවට ගැලපෙන හොඳ ගේම් කාරයෙක්.

ජිප්සීස් සුනිල් පෙරේරාත් ටිකක් මංගල වගේම තමා.  

ඕලෙවල් කරන කාලේ මම ප්‍රබුද්ධ ගොඩේ හිටියට, ඒ ලෙවල් කරන කොට ජෝතිපාල, ජිප්සීස් අහන තැනට පත් වෙලා හිටියේ. මම ඩ්‍රින්ක් දාන වෙලාවට සුරුට්ටුවක් බිල බජව් දාන එකෙක්. ගුණදාස කපුගේ වගේම වික්ටර්නුත්, නන්ද මාලිනි ගේ සින්දුත් නිහාල් නෙල්සන්නුත් ජිප්සීස් නුත් මට අහන්න පුළුවන් භේදයක් නැතිව. කොහොමත් මම වෙන රටවල සින්දුත් අහන කෙනෙක්. ඉංග්‍රීසි, රුසියන්, ස්පැනිෂ්  ඔය ඔක්කොම. මොකටද අපි සීමාවල් තියා ගන්නේ.

අපේ ළමයි උදිත සංජය ගේ  "ආදරේ හිතනවා දැක්කම" රිමික්ස් එකට නටනවා. ඒක මාර සින්දුවක්. මම හිතනවා ඒ අයට පාර හැදුවේ සුනිල් කියල.   මගේ සිංහල නොදන්නා බිරිඳ කියන්නේ "හෙට උදේට කන්නට මට ඉඳියප්පන්  නෝනේ "කියල.  කොච්චර  කීවත් සින්දුවේ කියන්නේ "ඕනේ" කියල එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාගේ කැමතිම ගීයක්. මොකද එයා  ඉඳියාප්ප කන්න කැමතියි. හදන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම ඉඳියාප්ප එකට දාල ඉඳියාප්ප කෝච්චියක් හදන වෙලාවලුත් තියනව. කපල තමයි කන්න ඕනේ එතකොට. කොටින්ම  සුනිල් ගේ සින්දුවෙන් තමයි ඉඳියාප්ප කන්න හදන්න ඕනේ  වුනේ. ඒ වගේ සරල සින්දුවක් කියල දෙන්නත් ලේසියි. හැබැයි කවුද විචාරකයෙක් ලංකාවේ පුරුෂාධිපත්‍ය ට අභියෝග කරපු සින්දුවක් කියල ලියල තිබ්බ. බලාගෙන යනකොට අපි නොදන්නවා  වුනාට සුනිල් ප්‍රබුද්ධ ගී කියල තියනවා.
 
ගෙදර ඔක්කොම අහන අනිත් සුනිල් ගේ සින්දුව තමයි කොත්තමල්ලි.  ඇත්තමයි කියන්නේ අපි පොඩි කාලේ ළමයින්ට කොත්තමල්ලි හදල බොන්න දුන්නට සින්දුවෙන් පස්සේ මේ ගොල්ල ඒක තේ එකක් වගේ බොන්න ගත්ත. දැනුත් හිටපු ගමන් කොත්තමල්ල හදල තේ වෙනුවට බොනවා. උණට නෙමේ. තේ වෙනුවට.  

ඒ ඇරෙන්න අවංකවම කියනව නම් අපි  ජිප්සීස් වැඩිය අහන්නේ නැහැ පාටි  වලදී . සිංහල බයිලා පැත්තෙන් හෙම සුනිල් පෙරේරා පරයන නටන්න හැකි  හොඳ සින්දු සෑහෙන්න තියනව.

සුනිල් පෙරේරා කියන්නේ වෙනසක් කරපු මනුස්සයෙක්. 

බජාර් එකේ බොක්ක හොඳ පොරක්. ලංකාවේ  සංගීත සීන් එකේ හොඳ ගේම් කාරයෙක්. 

මේ දෙන්නම ටිකක් එක වගේද මන්ද? දෙන්නම එකට කතා වෙලා ගියා වත්ද? කොරෝනා ඔයා මාරයි. 

මම මේ දෙන්නටම කැමති තව හේතුවක් තියනව. අර සෙට් එකක් කියනවා නේද බුද්ධාගමට ට කරපු අපහාසෙට මේ දෙන්නට දඬුවම් ලැබිල කියල.  ඒ කියන්නේ උන්ගේ අර හිංගල මොකද්ද  බුද්ධාගමට. අපි අදහන එකට නෙමේ. මේ දෙන්නම ඉන්න කාලේ හොඳින් ජොලියේ හිටියා. චුත වෙලා යන්න ගියා. කර්මය පල දෙනවනම් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ගිය තැනක ඔය දෙන්නම  සොමියේ ඉඳියි බජව්වක් දාගෙන.

දුක් වෙන්න දෙයක් නැහැ. ඔය දෙන්නම හොඳ පණිවුඩ ටිකක් මෑත කාලයේ දීලා යන්න ගියා. 

(ප.ලි. හැබැයි කොවිඩ් හැදිලා සුව වෙලා ඊට පස්සේ හෘදයාබාධ හැදිලා ජීවිතය අවසන් කල නිසා මේ  දෙන්න පොඩි පණිවිඩයකුත් දීලා ගිහින් .   කෝවිඩ්  හැදුනොත් සුව වුනොත් මාස පහ හයක් යනකන් අනතුරුදායකයි. Covid after care හෙවත් ඊට පස්සේ හොඳින් බලා ගණන් ඕනේ.  ඉතාමත් පරිස්සමින් ඉන්න ඕනේ කාලයක්. කෝවිඩ් 19 හැදිලා  සනීප වෙලත් එංගලන්තේ වෛද්‍යවරු අගමැති බොරිස් ජොන්සන් ව තව දවස් පහ හයක් රෝහලේ  තියා  ගත්ත විතරක් නෙමේ. ඊට පස්සෙත් සෑහෙන විමසිල්ලෙන් හිටිය. අනිත් කෝවිඩ් හැදී සුව වුනු  රෝගීන්ටත් එහෙමයි. )

(නැ.ප.ලි. - කෙනෙක් ලියල තිබ්බ සුනිල් පෙරේරා ගුණදාස කපුගේ ගේ මරණය වෙලාවේ සංගීත ෂෝ එකක් කළා කියල. ගෞරවයක් නැතිව. එයාට ඒක කැන්සල් කරන බැරිය කියල. ප්‍රශ්නයක් නැහැනේ. සුනිල් පෙරේරා පස්සේ ජවිපෙ වේදිකාවට නැග්ග. ඒ කියන්නේ ගුණදාස  කපුගේ මැරුනේ නැහැ කියන එක නෙමේද . )

32 comments:

  1. තියෙද්දිත් පණ, දුන්න දෙන්නම- වටින පණිවුඩ මේ සමාජෙට
    මරණෙදිත් ඒ ටිකම කෙරිලා- පෙනෙනවා විමසා බලනකොට
    අනෙක් ඔක්කොම හොඳට වැඩියෙන් එක දෙයකි එන්නේම චිත්තෙට
    තමන් පිළිගත් දහම වෙනුවෙන් කෙළින් හිටියා කොන්ද ඍජු කොට

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි
      //තමන් පිළිගත් දහම වෙනුවෙන් කෙළින් හිටියා කොන්ද ඍජු කොට//

      Delete
  2. දෙන්නා ගැනම එක පෝස්ට් එකකින් ලිව්ව එක හොඳයි.

    ලස්සනම වැඩේ මිනිස්සුන්ට දඩුවම් විදිහට මරනය (හෝ වෙනත් ශාරීරික දඩුවම්) ගැන කියලා නැති ආගමක් උපතින්ම අදහනවා කියන මිනිස්සු ඒ වගේ බුද්ධාගමට අපහාස කල නිසා මෙහෙම වුනා කතා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අපේ රංග තේනුවර වගේ. මම ඒකනේ කිව්වේ ලංකාවේ අදහන මොකද්ද එක කියල :)

      Delete
  3. මංගල, සුනිල් දෙන්නම සිංහල බුද්ධාගමට පහර ගහපු ද්‍රෝහීන් දෙන්නෙක්. දැන් අපායේ ඇති. ඕක තමයි වෙන්නේ සිංහල බුද්ධාගමට පහා ගහන හැම ද්‍රෝහියටම. පිට රට ඉදන් අපේ රටට ගරහන අනික් අයටත් මේවා හොද පාඩම්. ආනේ සාදු.


    රංග තේනුවර (GTRZ)
    ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්

    ReplyDelete
    Replies
    1. නහී වේරේන වේරානි , සම්මන්තිධ කුදාචනං
      අවේරනච සම්මන්ති එස ධම්මෝ සනත්තනෝ

      Delete
    2. ඒ ගාථාව දේශනා කරල තියෙන්නෙ විශ්වීය බුදුන්. සිංහල බුදුන් නම් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ.

      Delete
  4. හැම කෙනාගෙම හොඳ නරක දෙපැත්තම තියනව නේ. ඒකනේ මිනිස්සු කියන්නෙ. නැත්තං ඒ මනුස්සයෙක් වෙන්ට බෑ. මංගල වුණත් අන්තිම කාලෙ සුදු අඳින්න හැදුවට 2005 විතර කලිං සහ ඊට පස්සෙත් යම් අවස්ථා වල කුප්‍රකට හැසිරීම් තියෙන කෙනෙක්. ඒව අදාල නෑ. මොකද මනුස්සය මැරිල ඉවරයි. නමුත් හොඳ වගේම නරකත් තියනව කියල අමතක නොකර අර බුකි ජනතාව ලියන ගම්මැදිිහෑලි දැක්කම එපා වෙනව 😃😃😃
    සුනල් ලොක්කත් ඒමම තමා. වෙනසක් නෑ.
    කාපං බීපං සැපේ හිටපං කියපු පොරක්. අවුට්ඩෝ ෂෝස වල වගේම ඉන්ඩෝවලත් වැඩිම අයකිරීමක් කළ කෙනෙක්. ඊළගට මේරියන්ස්. කැමති අකමැති ලක්ෂන දෙකම තියන චරිතයක්.

    අපෙ මොකෝ ඒව හොයන්නෙ. දෙන්නම ගිහිං ඉවරයි. අජිතයිය කියනව වගේ ඒ දැං අපි පරිස්සමින් ඉන්න ඕන කාලෙ. වයසක තරුණ කියල නෑ ටිකට් එක ඇදෙන්ට පුලුවන්. නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත. මම හිතන්නේ දැන් තමයි කාලේ ජිවිතේ ඇරියස් තියනවනම් ඉවර කරලා දාන එක, සමාව දෙන අයට සමාව දීල හිතේ සතුටින් ජිවත් වෙන එක. ඔය දෙන්නම් මම හිතන්නේ කළේ ඒක

      Delete
  5. සුනිල් පෙරේරා එක්ක කරපු සංවාදයක් තිබුණ මනහර සඟරාවක. ඒකෙ ඉන්ටවීවර් සෑහෙන්න ට්‍රයි කරල තිබුණ, සුනිල් පීචං කියල ඔප්පු කරන්න. නමුත් කියවනකොට තේරෙනව සුනිල් හිටියෙ සමාජයට වඩා කොච්චර ඉහළින්ද කියල. උදාහරණයක් කියතොත්, ඉන්ටවීවර් අහනව, “සංගීත කැටගරි තියෙනව, බටහිර සම්භාව්‍ය, රාගධාරී ආදී වශයෙන්. ඔබේ සංගීතය ඔය මොන කැටගරියටද වැටෙන්නෙ?“ කියල. සුනිල් කියනව, “මං දන්නෑ. ඔයාට ඕනෙ කැටගරියකට දාගන්ඩ“ කියල.

    ReplyDelete
    Replies
    1. ඔය පිචන් ප්‍රබුද්ධ බෙදිලි ඇත්තටම අනවශ්‍යයි තමා . සංගීත කැටගරි නම් තියෙන්න ඕනේ

      Delete
  6. හොඳ ලිපියක්.

    මට පෙනිච්ච දෙයක් තමා, හැම ආගමකම දෙයියො උඩ හිටියට දෙයියන්ගෙන් වැඩක් නෑ. මේ ලෝකෙ ඉන්න කපුවොන්ගෙ අතේ තමා ගේම තියෙන්නෙ. අපායට/දිවිය ලෝකෙටද අරින්නෙ කියලා ඉන්ටවීව් කරන්නෙ මෙහෙදි වගෙයි නේද?🤔

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මෙහෙ තමයි නිසි බලධාරීන් ඉන්නේ

      Delete
    2. ඒක නෙමේ දෙයියෝ උඩ හිටිය කියල දැනගත්තේ කොහොමද

      Delete
  7. ඇත්තෙන්ම ජාත්‍යන්තරව ගත්තොත් ඔය දෙන්නම ඒතරම් විශේෂ නෑ. ඒ කියන්නෙ ලිබරල් පුද්ගල අයිතිවාසිකම් ගරු කරන රටක හිටියනම් සෑහෙන්න සාමාන්‍ය පුද්ගලයින්.
    ඒත් ලංකාවෙ මෑතක ඉඳන් මිත්‍යාව, අන්තවාදය හුඟක් පැතිරිලා, සමාජයීය අයිතිවාසිකම්වලින් පුද්ගල අයිතිවාසිකම් යටපත්වෙලා. ඉතින් ලංකාවෙ ඔය දෙන්නා අති විශේෂ පුද්ගලයින්. ලංකාව වගේ රටක බය නැතුව කටයුතු කිරීම නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අර මිත්‍යාව අරව මේවට විරුද්ධ නිසා ලැබුණු ප්‍රසිද්ධියක් නැත්නම් මංගල අනිත් සැම දේශපාලනඥයෙක් ට වැඩි වෙනසක් නැහැ

      Delete
    2. ලංකාවෙ දේශපාලනය කරමින් ඒවට විරුද්ධ වෙන්න තරම් කොන්දක් තිබීම අති විශේෂයි ලංකාවට

      Delete

  8. යහළුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුව මොකද මචන් මංගල ගැන මුකුත් නොලියන්නේ කියල.....//
    කොහොමද ලියන්නෙ, මංගලෙගෙ ප්‍රොජෙක්ට් එකක් වන නෙලුම්යාය සම්මාන උලෙවල් කරලා බජට් නැතිව ගහපු ගහිල්ලට

    ReplyDelete
    Replies
    1. හේ හේ ඉස්සර නම් මේවට තරහ යනවා. ඔය කතාව මට දාන ඇනොල කීප වර්ගයක් ඉන්නවා. එකක් පොහොට්ටු බ්ලොග් සෙට් එක. හැබැයි එයාල දැන් ඕක එඡාර අදින්නේ නැහැ. මොකද එයාලම දන්නව මේ ආණ්ඩුවෙන් බැදුම්කර සීන් එකට මුකුත් කරන්නේ නැහැ කියල. අනිත් කට්ටිය තම අන්තිම බ්ලොග් සම්මාන උළලේදී මාවයි අර අහිංසක සුමිත් වයි පැත්තට දාපු සෙට් එක. උන්ව බේරෙනවා ඕක මගේ පිට දැම්මම. හේ හේ මම දන්නා තරමින් මංගලය ඕකට සෙට් වුනේ න්හ්. මුල් දෙකම මමනේ කලේ . තුන්වෙනි එකෙත් හිටියනම් පොර එන්න එපැයි . එහෙම එකක් දැක්කේ නැහැ.

      Delete
  9. සරලව හොඳට කියලා.......කොටින්ම කිවුවොත් ඔය දෙන්නම කෙහෙල්මල් ලබ්බේ සංස්කෘතිය කඩලා ජීවිතේ වින්ද දෙන්නෙක්, අනිත් මිනිස්සුන්ටත් එහෙම විඳින්න පාර පෙන්නපු දෙන්නෙක්. තවත් ටික කාලයක් ජීවත් උනානම්, දුපතේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට පොඩි හරි වෙනසක් කරන්න හිටපු දෙන්නෙක්. මැරුණා කියලා ඒ දෙන්නට නම් පාඩුවක් වුණා කියලා මං හිතන් නෑ...ජීවත්වෙලා ඉන්න අසරණ කුහකයින්ට මිසක්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි අමරින්. ජිවත් වෙලා ඉන්න අර සෙට් එක තවම බනින එකනේ වැඩේ. හැබැයි ඒ කාලේ බැනපු දෙතුන් දෙනෙක් හොඳ කියල පුවත්පත් නිවේදන දාල තිබුන හැබැයි. ඒක නෙමේ මේ බ්ලොගේ නම මම කියෙව්වේ අමාරිස් ගේ ආ ගිය කතා කියල. illusion එක. හරියට කියෙව්වේ දැනුයි අමරින් - මොකද්ද ඒ නමේ තේරුම

      Delete
    2. අමාරිස් කියලා තමා මගේ ඉස්කෝලේ කැම්පස් එකේ යාලුවෝ කිවුවේ......අමරින් කියන්නේ මුහුදට අයිතියි කියන එකලු. එත් අම්මා නම දාද්දි ඕව දැනන් ඉදලා නෑ . වැඩේ කියන්නේ උසස් අධ්‍යාපනට ඉගෙන ගන්න උනෙත් සාගර විද්‍යාවනේ ...තාමත් ඉගෙන ගන්නවා....මගේ පිටරට යාලුවෝ කතා කරන්නේ...අමරින් මැරීන් කියල......හාහ් හා.....

      Delete
    3. ඔයාගේ අම්මා අයිරිෂ් ද? අමරින් කියල අයිරිෂ් නමක් තිබෙනවා. කම්පැනි එකක් තියෙන්නේ අමරින් කියල. ඩබ්ලින් වල. Family Hotel Amarin https://www.maistra.com/family-hotel-amarin-rovinj?utm_source=google&utm_medium=organic&utm_campaign=maps&utm_content=hotel_amarin

      Delete
  10. E show eka kale sunil nemiy Saman de Silva

    ReplyDelete
  11. සුනිල් - කාල, බීල, ජොලියෙ ඉමු. එච්චරයි

    ReplyDelete
    Replies
    1. ජීවිතය විඳින්න ඕනේ. කාටත් උදව් කරගෙන ඉන්න ඕනේ.කවද මැරෙයිද කවුද දන්නේ

      Delete
    2. ඔබේ බ්ලොගයත් හොඳයි අලුත් එකක් නේද? අපේ අනිත් බ්ලොග් අඩවි වලටත් ගොඩවෙලා හඳුන්වා දෙන්න

      Delete
    3. බ්ලොග් එකේ කොමෙන්ට්ය් දාන්න හදන්න

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .