Sunday 17 October 2021

පාටියේ අඩු දේ


අද උදේ කීර්ති  පැස්කුවල් කියන සංගීතඥයා මෙහෙයවන සංගීත පන්තියකට යන්න හිටියේ. සින්දු කියන්න ඉගෙන ගන්න. නැත්නම් ගෙම්බා වගේ බක බක ගාන්න බැහැනේ පාටියකට ගියහම. බිරින්දෑ නම් කිව්වේ, අනේ මේ අවුරුදු පනස් හයක් වෙන්න යනව. මොන සිංදුද ඔයාට කියල. ලොකු දුව නම් කීව තාත්තා ඔන්නොහෙ යන්න ඒකට , වයස ප්‍රශ්නයක් නෙමේ තමන්ගේ හීන වලට. ප්‍රශ්නේ කියන්නේ මට එහෙම හීනයක් තිබුනෙම නැහැනේ. මේක මේ  කෝවිඩ් කාලේ ඔළුවට වැටිච්ච මරාලයක්.

 ඉතින් ඊයේ ටෙක්ලා ගේ ගෙදර ගිහින් එනකොට රෑ තුනයි. ඉතින් මොන සින්දු පුහුණු වීම්ද . ඒක පටන් ගන්නෙත්  හෙන  උදේ පාන්දරම අරුණළු වැටෙන්නත් කලින් දහයට විතර. එකොළහමාර වෙනකන්ම නිදා ගත්ත.  ඒකනම් තනිකර චම්පක ගේ වැරැද්ද. ගිටාර් එක අරන් එන්න කිව්වා සින්දු කියන්න. සින්දු වලට ගිටාර් එක ගහන කොට තමයි මතක් වුනේ සිංහල සින්දුවල මැද හරිය මතක නැහැ කියල. ගිටාර් එක විසි කරලා දැම්ම චම්පිකය  කැරෝකේ කියන්න  ගිය නිසා.

දැන් ඔය චම්පිකය කියන්නෙත් මාර චරිතයක්. දන්නා විධිහට විමල් විරවංශ යි (අර සීගිරී නොගිය කෙනා)  චම්පිකයි තමයි කළුතර තිස්ස විද්‍යාලයේ  ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් ල දෙන්නා. වීරවංශ සීගිරි නොගියට ක්‍රිකට්  ගහල තියෙනවා. ඕක මොකක්ද ඉතින් කළු රන්ජිතුත් ගහල තියෙන එකේ. 
 ඉතින් බලන්න දෛවයේ හැටි පින්වත්නි.  විරවංශ ප්‍රබල අමාත්‍ය දුරයක , මෙයා  මෙහේ පාටි වල සින්දු කියනවා. ඕගොල්ලොත් හොඳ කල්‍යාණ මිත්‍රයෝ සෙට් එකක් හදා ගන්න විරවංශ ඇමතිතුමා  වගේ. 

ඉතින්   ටෙක්ලා කරේජස්ෆ්ලෑග් ගේ ආරාධනයෙන් එතන තියෙන අර finger ෆූඩ් කියල කියන්නේ , සොසේජස් කෑලි , කුකුළු අඬු , චීස් කෑලි, අමු කැරට්, අමු පෙපර්ස්  කන්න ගත්ත.  බිරින්දෑ කිව්වා ඔයා හොඳට කන්න  වෙන නම් කෑම නැහැ ඕව තමයි තියෙන්නේ කියල.  රෂියන් සැලඩ්, කල්බසා කෑලි ටිකක්, ඔලිව් ගෙඩි ටිකක්, කේක් ම ගෙඩි පිටින්  දෙකක්ම  හෙමත් තිබුන. මාත් ඉතින් කෑම ටිකක් බෙදා ගෙන සෙට් වුනා. 

එතනම නුවරින් ආපු  ග**යි , කුරුණෑගලින් ආපු  ආශා යි, රත්මලානෙන්  ආපු  ජීවනී යි බර ඕපා දූපයක. මම ඉඳ ගත්ත විතරයි කතාව වෙනස් කළා. දැන් කතා කරන්නේ හඳයි  ඉරයී අතරේ දුර කොපමණද? ඔයා  ක්වන්ටම් අංශු ගැන අර තිබ්බ ලිපියේ කියෙව්වද ? ආදී වශයෙන්. මට පොඩ්ඩක් හොල්මන් වුනාම ආශා කියනව 
"ඔයා මේ පාටි වල කතා කරන ඒවා බ්ලොග් වල ලියන නිසා අපි දැන් කතා කරන්නත් බයයි. " කියල.   ඒත් ඒ එක්කම කියනව "මම තමයි ඉස්සෙල්ලම ඔයාගේ  වයිෆ් හදන පරිප්පු හොඳයි කීවේ. හැබයි ඔයා ලියල තියෙන්නේ ටෙක්ලා ගැන විතරයිලු. " 

ඉතින් මේ ගැහැණු මනස ගැන විශ්ලේෂණය  කරන්න ඕනේ කොහොමද?" ලැකාන් ද බුදු හාමුදුරුවෝද ඕෂෝ ද ගන්න  ඕනේ?   බ්ලොග් එකේ ලියන්නත් එපාලු. ඒ වුනාට ලීවේ නැතුවහමත්  බනිනවා. ඒ වුනාට ඊළඟ පැයේ කට්ටිය කතා කලේ කිතුල් පිටි උයන හැටි,  තල් පිටි කැඳ හදන හැටි. ආනා කියල හොද්දක් හදන හැටි. මම දැනගෙන හිටියේ මිස්ටර් ආනා ගැන විතරයි.  වැඩේ නරක අතට හැරුන නිසා මං  අනිත් පැත්තට හැරුනා. 

මෙන්න එතනට සරෝජ්  පතිරණ එකතු වුනා නේ කන්න. සාමාන්‍යයෙන් බීබීසී එකේ වැඩ කරනවා කියන්නේ අපිට වෙන බයිට් ඕනේ නැහැ. සරෝජ් තමා බයිට් එක. හැබයි ඉතින් බයිට්  වශයෙන් එතැන  කියැවුණු දේවල් බ්ලොග් එකක  ලියන්න බැරි නිසා නිකන් ඉන්නවා.

සරෝජ් දඩ බත් පිඟානක් බෙදා ගෙන කනවා දැකල මම ඇහුවා "මචන් බතුත් තියෙනවද? නැත්නම් උඹට විතරද?" කියල. කියන්න බෑනේ ජ'නලිස්ට් ලට වෙනම  සලකනවද කියල.  සරෝ  කිව්වා " බත් නම් දැක්ක මචං ගිහිල්ල  බලපන් කියල කුස්සිය පැත්තේ. කියල.  " ඩබල් එකේ  ගියා කුස්සියට. මෙන්න ටෙක්ලාගෙන් ඇහුවම කියනව "ඔයාගේ වැරැද්දනේ. මම හැමදාම බත් හදනවා. එක පාරක් කුමාරට රෑ දෙකට බත් ඕනේ වුනා . එදා ඉඳන් ඕන පාටියක බත් ෂුවර් කියල. " 
"ඉතින් දෙයියනේ  ඔයාමනේ කීවේ ෂෝට්ඊට්ස්  කන්න කියල" කීවම ටෙක්ලා කියනව. "මම ඔයාට කීවේ නැහැනේ එතැන තියෙන ඔක්කොම කන්න කියල"
කිරි අප්පට බල්ලෝ පැනපි කීවලු. 

ඒ වුනාට හැබැයි  බත් නොකා යන්න පුලුවන්ද? ටෙක්ලාගේ කෑම කොහොමත් රහයි.
ඇපල් උයල, පරිප්පු වලට තම්පල දාල , ලීක්ස් , කුකුල් මස්,  ඇදේට කපපු තෙල් දාපු බෝංචි, අල බැදුම , මාළු බැදලා , මාළු ඇඹුල් තියල හොඳට තිබ්බ. ඉතින් මාත්   පොඩ්ඩක් බඩට දාගත්ත. (හොඳ පොඩ්ඩ). ගිය සැරෙත් ටෙක්ලා ගේ ගෙදර දානයකි වෑන්ජන් දාසයක් විතර තිබ්බ. ඒ තියෙන ටික කන්නේ නැතිව මම ඇහුවනේ "කෝ පරිප්පු" කියල.  බලන කොට ඒක ළිපේ අමතක වෙලා. . ටෙක්ලට ගන්න අමතක වෙලා ආශා ගෙනත් තිබ්බ. 

ලුණුගලගොඩ ගමයානන්ද හාමුදුරුවෝ පවා කියල තියනවා "මිනිසුන්ට නැති දේම පෙනෙන එක ලොකු වැරැද්දක්" කියල.  ගෑස් නැහැ , පොල් නෑ , ගුරුවරු නෑ, දර නෑ, පෙට්‍රල් නෑ, කිරි පිටි නෑ.
ඔය කොච්චර ගොටුකොළ, තම්පලා  හෙම තියෙනවද? ඒවා පේන්නේ නෑ.
 
මගේ වැරැද්දත්  ඉතින්  නැති දෙයක්ම තමයි පේන්නේ. කවුන්සලින් වත් යන්න ඕනේ. හදා ගන්න. 

ඒ මදිවට ලොකු දුවට දෙන්න  කියල ටෙක්ලා  බත් පාර්සල් දෙකක්ම දීල.
ඉන් එකක් අද දවල්ට කෑවා .

වෑන්ජන අටක් තිබ්බට මොනවා හරි  අඩුයි වගේ.
ඔලුවේ අත ගහගෙන කල්පනා කළා.

මතක් වුනා.

කෝ යකෝ සම්බෝල?

- කොළඹ ගමයා (අජිත් ) 

54 comments:

  1. Replies
    1. එළ බටුද? වම්බටු ද? වම්බටු මෝජු දාලද ? තිබ්බටුද ?

      Delete
    2. මොන බට්ටක්වත් නෑනෙ

      Delete
    3. බට්ටේ රස නැට්ටේ, කියල තේනුවර මහත්තයාගෙ තාත්තා කිව්වයි කියල,"මගේ කතාව" බ්ලොග් එකේ තිබ්බා.😁🤭

      Delete
    4. http://magekathandara.blogspot.com/2015/08/2.html

      Delete
    5. ටොමියා ගූගල් එන්ජින් එකේ වැඩද මන්ද කියන පරක්කුවට මේවා දාන්නේ. ඉන්ද්‍රනාත තේනුවර කියන්නේ මගේ යාළුවෙක් වන චන්ද්‍රගුප්ත ගේ මල්ලි කියල පස්සේ දැන ගත්ත

      Delete
  2. +++++++++. නියමයි. ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. බව් වව් ගිහින් එන්න (නැට්ට වනන්න ඉමොජි එකක් නැහැ නේද? )

      Delete
    2. 🐶🐩🐕🐕‍🦺🦉🦊🙊🙉🙈👍

      Delete
    3. හා හා , ඔයලල ඉමොජි කොපි කරලා නේද දාන්නේ . නැත්නම් මොබයිල් එකෙන් කොමෙන්ට් කොටන්න ඕනේ

      Delete
    4. නෑ, නෑ ඉමෝජි කොපි කරන්නම ඕනෙ නෑ. ඉමෝජි, වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරගත්තාම, රයිට් ක්ලික් මෙනු එකට එනවා.

      ඒත් කොපි කරන එකත් නරකම නෑ. බුරා කිව්වා, මට කමෙන්ට් කරන්න ගියාම, සමහර වෙලාවට එන අවුල ඉමෝජි නිසා වෙන්න පුළුවන් කියලා.🤔

      Delete
  3. //මගේ වැරැද්දත් ඉතින් නැති දෙයක්ම තමයි පේන්නේ. කවුන්සලින් වත් යන්න ඕනේ. හදා ගන්න.//

    කළු කෝපි බොනවා වෙනුවට නිතර නිතර ක්‍රීම් නැති කෝපි බොන්න පුරුදු වීම නිසා වෙච්ච දෙයක්ද? :)

    ReplyDelete
    Replies
    1. හා හා 😀,නැහැ , ප්ලේන්ටි වෙනුවට කිරි නැති තේ බොන්න පුරුදු වීම නිසා

      Delete
    2. කිරිපිටි නැති තේ කියා සංශෝධනය විය යුතුය.

      Delete
  4. //බර ඕපා දූපයක. මම ඉඳ ගත්ත විතරයි කතාව වෙනස් කළා. දැන් කතා කරන්නේ හඳයි ඉරයී අතරේ දුර කොපමණද? ඔයා ක්වන්ටම් අංශු ගැන..//

    පට්ට ලොක්කා. නිදිගෙ හිනා තවත් හිනා පරාදයි. කාලා, ආයෙ එන්නම්.😊🤣

    ReplyDelete
    Replies
    1. 😀 ස්තූතියි ඩිජීඑම් තුමා හ්ම් හ්ම්

      Delete
    2. හෑ, මම ටොමියා. අර නැට්ටෙන් හිනාවෙන හාදයා. සිතුවිලි සිංඩියේ ඇඩ්මින්ගෙන් කමෙන්ට් එකක් ආවා. ඒ පැත්තෙ ඇවිත්, අදහස් දැක්වුවොත් උදව්වක්.🙏😊

      Delete
    3. හැක් වැරදුනාද , කණ්නාඩිය අනිත පැත්තට දාගෙනද කොහෙද

      Delete
  5. හැබෑ ජීවිතේ දේවල් සුන්දරය
    පබැඳුමකට වඩා ඒවා රසවත්ය
    කියවං යන අතරෙ හිතුණේ මේ ටිකය
    මාරු වුණට කැලය තිත් ටික එහෙමමය!

    ReplyDelete
    Replies
    1. නිදි ගේ කවිය දැන් නැතුවම බැරිය
      හැබෑ ජීවිතේ හැබවින් සුන්දරය
      කියවං යන අතරෙ හිතුණේ මේ ටිකය
      කොටියා කියා කිව්වානේ ඒ ටිකට

      Delete
    2. නිදිගේ කවි පිට පෙනුමට
      හරි සරලයි වගේ තමයි
      කැලේ මාරු, තිත් එහෙමයි
      කිව්වෙ ලිඳ ලඟ සංගමේටයි

      Delete
    3. තුන් හංදියේ, ඉඳ-හිට බිරුවාට
      පන්නං ගිහින්, පිටි පස්සත් හැපුවාට
      කලසං සාක්කුව අරගෙන ආවාට
      සුවනියර්, එහෙම කිසි අඩුවක් නෑනෙ මට

      Delete
    4. //කිව්වෙ ලිඳ ලඟ සංගමේටයි// තේරුන් කරලා දුන්නට ස්තූතියි . ටොමියත් කවියෙක් වුනා එහෙනම්

      Delete
  6. සිරි දාස 2 වසරෙ ලියපු රචනාවක් මීට වඩා රසවත්
    හොද වෙලාවට ඔහෙගෙ පවුලෙ අනික් අයට සිංහල හරිට කියවගන්න බැරිනිසා වහ නොකා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අඳුරට සාප කරමින් හිටියට, වැඩක් වෙයිද ඇනෝ? සරීර සවුක්කියට බොහොම අගුණයි, ඔය ආතතිය. ලියමුද "වඩා රසවත්" බ්ලොගක්. අපි එන්නම් කියවන්න.

      Delete
    2. පකට පුඟුලෝ හෙළුවෙන් වනති කිව්වලු.

      Delete
    3. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ / ටොමි ඔහෙට නෙමේ හොඳේ

      Delete
    4. ස්තූතියි නමියො, ඒත් කලබල වෙන්න දෙයක් නෑ.🤗😁

      ඇනෝ, කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි කියලත් කිව්වලු නේද? ආක්‍රමණශීලී නොවී මෘදු ලෙස විරෝධය ප්‍රකාශ කිරීම ගැන ස්තූතියි.🙏🤔

      Delete
    5. @ Anonymous18 October 2021 at 01:53 නැති දේවල් ගැන කතා කරන කොට ඔහොම හිතෙනවා තමා ලොක්ක. මොනව කරන්නද ඉතින්. අපට පුළුවන් හැටියට නේ ලියන්නේ. විදර්ශන කන්නන්ගර ගාවට වත් ටියුෂන් යන්න ඕනේ

      Delete
    6. 'Anonymous18 October 2021 at 08:21 /පකට පුඟුලෝ හෙළුවෙන් වනති කිව්වලු.// මේක නම් ආවේ ලනක්නිව්ස්වෙබ් පැත්තෙන් ද කොහෙද හේ හේ

      Delete
  7. 'කෝ සිංදු' කියලා අහන්න යනකොට මතක්වුනේ පාටි එක නිසා සිංදු පංතිය මිස් වුනානෙ කියලා අලුත් දෙයක් ඉගෙනගන්න එක කොච්චර හොඳද. අහලා තියෙනවනේ neuroplasticity.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බැලුවේ බ්‍රේන් එක ඇජස්ට් කරලා වත් බලමු හොඳ ලිපියක් ලියා ගන්න , සින්දු කිවිල්ල කෙසේ වෙතත්

      Delete
  8. මේ කතා වලට මම නං පට්ට ආසයි. මේ කාලෙට ගැලෙපෙන සැහැල්ලු කියවීමක්. 🙏🤗

    ReplyDelete
    Replies
    1. මේ කාලේ කිව්වේ අබුද්දස්'ස' කාලෙටද

      Delete
  9. //පරිප්පු වලට තම්පලා දාල// ඕවට කියන්නෙ පරිප්පු දූෂනේ කරනවයි කියල ඉඳගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. හොඳ පරිප්පු තෙම්පරාදුවක් කියන්නෙ, පට්ට වෑන්ජනයක් බව ඇත්ත. ඒත් පරිප්පු වලට නිවිති/තම්පලා දාලා උයපුවම, ඒක වෙනමම ලෙවල් එකක්.

      ලාංකික අපිට අපිට පරිප්පු එක්ක තියෙන්නෙ, නොනැසෙන බැඳීමක්. අවාසනාවට(ඒත් බල්ලොන් ගෙ වාසනාවට) ලෝකෙ වැඩිම පරිප්පු නිපදවන්නෙ, අවුරුද්දෙ වැඩි හරියක් සට-සට ගාලා වෙව්ලන මේපල්-සිරප් දේසෙ.

      ටක්කෙටම කියන්න දන්නෙ නෑ, ඒත් ඉන්දිරා ගාන්ධි රං-දෙවොලට බැස්ටිය දීපු වෙලේ, මෙහාට ආපු පංජාබි ගොවියොයි, GM(ජාන) තාක්සනෙයි, මේකට උදව් වෙන්න ඇති.🤔

      Delete
    2. ඒක දන්නේ නැහැ. ඉනිද්‍යාවේ යද්දී පරිප්පු යායවල් නම් දැක්ක. ඕක ලංකාවේ හරියන්නේ නැතිව ඇති. දන්නෙත් නැහැ කොහොමද දාන්නේ කියල.
      //ඕවට කියන්නෙ පරිප්පු දූෂනේ කරනවයි කියල ඉඳගෙන// වායු ගෝල දුෂණය නෙමෙයිද

      Delete
    3. //ඕක ලංකාවේ හරියන්නේ නැතිව ඇති//
      වෙන්න අමාරුයි, ලෝකෙම්ම උතුම් රටේ නෙව? තාක්සනය සහ කළමනාකරණය/කාර්‍යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්ණයක් වෙන්න බැරිද? මේකත් බලන්න:
      https://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html

      Delete
    4. දොඩම් වලාට් කෙළ වුනේ පිටරටින් දිලීරයක් ගෙනා නිසා බව මමත් අහල ටියෙනව්. අපි හිටිය ලුණුගල ප්‍රදේශයේ ඔය කතාව තදින් විශ්වාසත් කරනවා. ඒ පැත්තේ මිනිසුන්ට මටහක්යි ගස් මැරී යනවා. වැඩේ කියන්නේ මම ඒ දොඩම් කාල තියනවා. හරිම රසයි. දැන් ඔය මේ රටවල විකුණන ඒවා වගේ තැඹිලි පාට නෙමේ .කහ පාටයි ඉදුනහම. එහෙම ජාතියක් වෙන කොහෙවත් නැහැ

      Delete
    5. වවන්නනං බැරි නැතුව ඇති. ඒත් ඕව නැවේ එනකොට පරිප්පු වලට වැඩිය බිස්නස් ඔතන තියෙන හින්ද ඕව වවන්න උනන්දු කරන්නැතුව ඇති.

      Delete
    6. පරිප්පු ගෙන්නනවට කොමිෂන් එකයි, සතොසට දීල , සතොසෙන් අරගෙන , ආයේ වැඩි ගානට සතොසටම විකුණනකොට - ලාභය, කොමිෂන් කොච්චරක්ද ඉතින්? මොකටද වවන්නේ

      Delete
  10. ඩෙසට් නෑ.. 😃😃😃
    බ්‍රෑන්ඩ් එක මොනාද ගල්ද 😃😃
    ඔහට්ට සහල් එන්නෙ ඉන්දියාවෙන්ද පකිස්තානෙන්ද. නැත්තං ඉන්දුනිසියාව පැත්තෙන්ද. ඒ වර්ග වෙනස් නැද්ද

    ReplyDelete
    Replies
    1. ඩෙසට් තිබ්බනේ, කේක් , අයිස්ක්‍රීම්, යෝගට් - මම ඕව කන්නේ නැහැනේ. කනෙන් නැති නිසා ලියන්නෙත් නැහැ

      Delete
    2. බ්‍රෑන්ඩ් එක- Single molt -Glenfiddich
      හාල්එන්නේ ඉන්දියාවෙන් සහ අමෙරිකාවෙන්, තරමක් දුරට තායි හා ඉන්දුචයිනා පැත්තෙන්

      Delete
  11. අජිත් මහත්තයට කියන්න මටත් මොන මගුලක් කන්න හදලා තිබ්බත් කරවල කෑල්ලක් බැදලා නොතිබ්බොත් ඒකෙ ලොකු අඩුවක් තමයි දැනෙන්නේ! ඒකත් බල කෑල්ලක් උනොත් ඉතින් බත් එකෙන් රැස් විහිදෙනවා! ඉස්සර සෑම සති අන්තෙකම මාගේ දිවා ආහාරය උනේ සුදු බත් + (දෙල්, කොස්, මඥ්ඥොක්කා,අල වගේ කිරට හදපු ව්‍යාංඥනයක්) +මැල්ලුමක් + බල කරවල කෑල්ලක්! දැන් ඉතින් ඒවත් වෙන වෙලා. හම්ම්බෙන මගුලක් කාලා ඉන්නවා. රසට කෑම කියන එක එක පොඩි පිස්සුවක්, ඉස්සර අවිස්සාවේල්ලේ රත්නපුර පාරේ දිවුරුම් පිටිය කන්ද නගින තැන ඔරලෝසු කණුවට පහලින් වම්පැත්තේ තිබ්බා "සුදු අයියගෙ කඩේ" කියලා බත් කඩයක් වාහන නවත්වන. මම කඩවත ඉඳන් එහේ ගිහින් තියෙනවා දවල්ට කන්න් එතන හදන සුදු ළුනු මාලුව කන්න!

    ReplyDelete
    Replies
    1. එහෙම එක එක "රස" තියෙනවා තමයි. මම කැමති ඇඹුල් තියල් මාළු , සම්බෝලයක් සහ තෙම්පරාදු කරපු පරිප්පු කන්න. හරක් මස් හරි මට්න් හරි හොද්දක් එකක් ඉඳියප්ප කන්න. පොඩි කට්ට කරවල බැදලා ලූනු , තක්කලි සලාද සහ බෝංචි බැදලා. ලංකාවට ආවොත් කන දේවල්. චෛනිස් හෙම කටේ තියන්නේ නැහැ. මෙහ කරෝල හම්බවෙනවා අඩුයි.කන්නෙම නැති තරම්.

      Delete
  12. මේකට ෆේස් බුක් එකේ දාපු කොමෙන්ටෙක දැන් මතක නෑනේ.. අහ.. බත් ගෙඩියෝන්ගෙන් ෆින්ගර් ෆුඩ්ස් ආරක්ෂා කර ගැනීම.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනිට් පැත්තනේ උනේ. ෆින්ගර් ෆුඩ්ස් දීල බත බේරා ගැනීම

      Delete
  13. Tried my best to get Sinhala typing sorted in the ipad. Couldn’t. Hence I’m commenting in English.
    Thank you for constant nudging about blogs.
    Interesting write up. You have a great companions there.

    ReplyDelete
    Replies
    1. Thanks. You can install helakuru in ipad. Becuuse google extension does not work for ipad.

      Delete
  14. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  15. "Nethi de seweeme kalawa"great comment😂

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .