Thursday 24 November 2022

අබොරීජින් වරුන් ගේ කතාවක්

ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය 1992 වසරේදී ඉතා වැදගත් තීන්දුවක් දුන්නේය. ඒ ටොරෙස් ස්ට්‍රේට් දිවයින් වැසියෙකු වූ අබොරිජින් අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන  කොයිකි මාබෝ ට පක්ෂවය. ටෙරා මිලස් හෙවත් "කිසිවෙකුට අයිතියක් නොමැති ඉඩම් " නිතියට අනුව ටොරෙස් ස්ට්‍රේට් දිවයිනේ වැසියන්ට එම ඉඩම් වල අයිතියක් නැත.  බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ඕස්ට්‍රේලියානු ඉඩම් අල්ලා ගැනීම සාධාරණිකරණය කිරීම කළේ එම නීතියට අනුකුලවය. මහාධිකරණය බල රහිත කරන ලද්දේ එම නීතියයි.    

අප නැරඹීමට ගිය ටේට් මොඩර්න් කලාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර අතර ඕස්ට්‍රේලියානු අබොරිජින්  හා ටොරෙස් දුපත් වැසියන් හා ඔවුන් ජීවත්වූ ඉඩම් අතර සම්බන්ධය යටත්විජිත වාදයේ බලපෑමද අද ඔවුන්ගේ සංකීර්ණ සමාජ තත්වයන්ද පෙන්නුම් කරන නිර්මාණ බොහොමයක් විය.  

-A YEAR IN ART: AUSTRALIA 1992

අප ඉගෙන ගත්තේ කපිතාන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව සොයා ගත්තා කියාය. ඇත්තටම සිදු වූයේ කුක් ගේ ගමන් මගේ ඔස්ට්‍රේලියාව අහම්බෙන් සම්මුඛ වීමය. ඕස්ට්‍රේලියානු මහාද්වීපය ඊට අවුරුදු දහස් ගණනකට කලින් සොයාගත් මිනිසු එහි ජිවත් විය. කුක් ගේ ආගමනයෙන් සිදුවූයේ ආදිවාසීන් විශාල ප්‍රමාණයක් සමූලඝාතනය වීම, ඔවුන් වහල් වැඩ වලට යොදා ගැනීම මෙන්මා පිටින්  ආ නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වී දහස් ගණන් මිය යාමත්ය. 

 මේ පින්තුරයේ පෙනෙන්නේ  ආදිවාසී ජනයා කුක් හෝ බටහිර වාසීන් පැමිණීමට ප්‍රථම  ඔස්ට්‍රේලියාව පුරාම විසිරි ජීවත්වූ අන්දමයි. 






ඕස්ට්‍රේලියාවේ කතෝලික පල්ලිය 1996 දී අබොරිජින් වරුන් බලහත්කාරයෙන් සමාජයට එක් කිරීම හා ශිලාචාර කිරීම ට තැත් කිරීම පිළිබඳවද, බලහත්කාරයෙන් දහස් ගනනක් ළමුන් සිය පවුල් වලින්  වෙන් කිරීම   පිළිබඳවද සමාව යැදීය. බොහෝ දරුවන් මේ "අත් අඩංගුවේ " සිටියදී මිය ගියහ. 

ශුද්ධවූ දෙවන ජුවන් පාවුළු II පාප් වහන්සේ 2001 දී වතිකානය  හා කතෝලික ප්‍රජාව වෙනුවෙන්,   අතීතයේදී පල්ලියෙන්  සිදු කෙරුණු ලැජ්ජා සහගත අසාධාරණ ක්‍රියා වලට සමාව පුද කළේය. 

ළමයින් සහ මිනිසින් "ශිෂ්ටාචාර" කිරීම  


ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් 2008 පෙබරවාරි 13 දා ළමුන් බලයෙන් පහර ගැනීම හා බලයෙන් සමාජගත කිරීම මෙන්ම වෙනත් අසාධාරණ රාජ්‍ය ප්‍රත්පත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද නැතිවූ අතුරුදහන් වුනු පරම්පරා වෙනුවෙන්ද රාජ්‍ය සමාවක් අබෝරිජින් හා ටොරෙස් දීවයින් වාසීන් ට පුද කරන ලදී. 































Photos by Ajith Dharmakeerthi 



54 comments:

  1. අනූ ගණන්වල මුල් කාලයේදී ඇබොර්ජින්වරුන් ගැන බලනු වාර්තා චිත්‍රපට යක් මතක් වුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු කොටසේ ඇති කාන්තාර වල ජීවත් වූ අය ගැන ඒකෙ තිබුණේ. ඔවුන් කාන්තාර හරහා යන විට ආහාර සහ ජලය සපයා ගැනීම සඳහා භාවිතා කල ක්‍රම දැක්කම පුදුම හිතුණා. යම් යම් වර්ගවල පැලෑටි සහ ගස් ඇති තැන්වල නිශ්චිත වම ජලය ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ තියෙන්නේ https://www.youtube.com/watch?v=s5G9nQTLB0U

      Delete
    2. ඒ පැත්තේ වතුර අඩුයි https://www.natureaustralia.org.au/what-we-do/our-priorities/land-and-freshwater/land-freshwater-stories/sacred-waterholes-of-the-western-desert/

      Delete
    3. ස්තුතියි ගොඩක් ඔබට..ජය

      Delete
  2. https://scholarworks.gsu.edu/cgi/viewcontent.cgi?referer=&httpsredir=1&article=1106&context=gsurc

    ReplyDelete
  3. ලංකාවේ වැදි ජනයාටත් දෙමළ ජාතිවාදීන් නිසා හිරිහැර වෙනවා.
    ඔබ ඔය රටේ ජනතාව ඒ ගැන දැනුවත් කරන්න.
    ඉංග්‍රීසි බ්ලෝග් එකේ වැද්දන්ට දෙමළාගෙන් වන අසාධෘරණය ගැන ලිපියක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ... අජිත් කොහොම හරි ලියන්න මට දෙමලගෙන් තොර ලෝකයක් නෑ

      Delete
    2. Jagath බොස් ඩෑනත් මේ දවස්වල හරි හමං වැඩක් නැතුව ටීචෙස්ලගෙ සාරියෙ එල්ලි එල්ලි ඉන්න එකේ නරකද අපි හැමෝම එකතුවෙලා "වැද්දන්ට දෙමළාගෙන් වන අසාධෘරණය" ගැන මහා දැවැන්ත අරගලයක් පටං ගත්තොත්. වසන්තයත් කොල්ලො සෙට් එක එවාවි වැද්දො සම්බන්ධ නිසා. මොකෝ කියන්නේ බහිමුද වැඩේට.

      Delete
    3. ඒ ගැන ඔප්පු කරන මොනවා හරි තොරතුරු තියනවද ජගත්? තියෙනවනම් එවන්න. කොහොමත් වැඩි ජනතාව, දෙමල සහ සිංහල තුනම එක ජාතියක් බවයි මගේ මතය. හැබැයි ජගත් ඔහොම හරි කතා කරනවා. මම මේ කල්පනා කලේ ඕස්ට්‍රේලියාවේ හෙම ඉන්නව හුඟක් රැඩිකල් අය . ලංකාවේ දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වගේම වෙනත් අසාධාරණ වලටත් පෙනී සිටිනවා. නමුත් ඔවුන් කවදාවත් මේ ඔස්ටේලියානු ආදිවාසීන් ගැන කතා කරනවා මම දැකල නැහැ.

      Delete
    4. Rasika Suriyaarachchi26 November 2022 at 00:21

      අමුම අමු අමන මරිමෝඩ තකතීරු වැඩ කරන, කතා කියන, මෝඩ විදිහට හැසිරෙන පුද්ගලයින් විස්තර කරන්න භාවිතා වෙන ජනප්‍රිය යෙදුමක් තමයි "ගොන් බඳින කණුව".
      ඒ අනුව නම් අජිත් කියන්නේ ගොනෙක්.

      Delete
    5. රසික මේ වගේ ගොන් කතාවක් ලියන්නේ නැහැ කියල මට විශ්වාසයි. ඇනෝ ගොනෙක් ගේ කුමන්ත්‍රණයක්. 😀 හැබැයි රසික නම් වල්ගේ පාගාගෙන වගේ තේරුනා. 😀

      Delete
    6. මගේ යහළුවෝ ගොඩක් ඔස්ට්‍රේලියාව, කැනඩාව ඇමෙරිකාව ආදී රටවල ඉන්නව. (නවසීලන්තයේ එක්කෙනෙක් හිටියා ඔහු දැන් නැහැ). මේ කවුරුත් ඒ රටවල ආදිවාසී ජනයා ගැන කතා කරනවා මම දැකල නැහැ. සතුටු සාමිචියක දී වුවත් ඔවුන් ඒක මග හරිනවා. මේක සවිඥාණකව කරන දෙයක්ද අවිඥාණකව කරන දෙයක්ද කියන්න මම දන්නේ නැහැ. සමහර වෙලාවට මමත් මේ රටේ කළු ජාතිකයන් ගේ ප්‍රශ්න ගැන දාන පෝස්ට් මග හරිනවා. මොකද ඒවා සමහර තැනදී කරුණු වැරදියට අරගෙන බව තේරෙන නිසා (පාර්ශ්වීය වීම), නමුත් සාමාන්‍යයෙන් එංගලන්තය හෝ බ්‍රිතානයා රජයට විවේචන යන පෝස්ට් දානවා. මම නිකමට තව පින්තුරයක් දැම්මා තේනුවර සහ තව යාලුවෝ දෙන්නෙක් ඉන්න එකක් අර ෆොටෝ ගොන්නට. ඒකට වැඩි ප්‍රතිචාරයක් තිබෙන බව පේනවා. මේක ෆේස්බුක් ලක්ෂණයක් වෙන්න ඕනේ.

      Delete
    7. මෙම ප්‍රතිචාර යොදන්නේ ඉහත මගේ නම හා සමානව ඉංග්‍රීසි අකුරෙන් යුතු නමකින් ඇති කමෙන්ටුව මා ලියූ එකක් නොවන බව පැහැදිලිවම පෙනෙතත් ඒ බව ස්ථිර කිරීමටයි.

      පසුගිය වසරේ 2022 නොවැම්බර් මස 26 වෙනිදා මගේ ආදරණීය අම්මා මියගිය අතර ඇගේ ආදාහනය නොවැම්බර් මස 28 වෙනි දින සිදු කරන ලදී.

      ප්‍රතිචාර දැක්වීමට තබා අජිත් විසින් ලියන ලද මෙම ලිපිය කියවීමට හෝ මට ඉඩ ලැබුණේ අදයි.

      Delete
    8. මම විශ්වාස කලේ නැහැ ඔයා කියල.

      Delete
  4. බලය ඇත්තවුන් අතෙහිම බලය රැඳී
    කළ හැටි අවනීති මේ වගෙ කියා දිදී
    සිටින අතරෙ එවැනි වැරදි තව වෙද්දී
    සාධාරණය මෙරටේ වළ පල්ලේ නිදී

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සාධාරණය ඉටු කරගන්න සටන් වදින්න ඕනේ ලංකාවේ ජනතාවනේ නිදි.

      Delete
    2. ඒකියන්නෙ මිනිස්සු ඉල්ලොවොත් විතරද සාධාරනා ලැබෙන්න..

      මට නම් හිතෙන්නෙ හැබැයි මේ ලෝකේ සාධාරණය කියල එකක් නෑ; හැමදේම අසාධාරණව තමයි තියෙන්නෙ කියල🤔

      Delete
    3. සාධාරණ කියන එක සාපේක්ෂ දෙයක්. උදාහරණයක් වශයෙන් නිදි ගේ කුඩා කාලේ ජිවිතේ සාධාරණ නැහැ. අපට තේරෙනවා ඒක. නමුත් ඒක නිදිට වලකාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ ජිවිතේ අසාධාරණකම් ගොඩක් වුනා. වලකා ගන්න අමාරු දේවල් ඒ අතර තිබුන. නිදි මෙතන කියනන් ජනතාවක් වශයෙන් සාමූහික සාධාරනකම ගැන. ඒක ලෝකයේ හැම ජනතාවක් ම වගේ සටන් කරලා ගත්තු දේවල්. නිකම් නෙමෙයි.

      Delete
    4. මට වුණත් ලියවෙන උත්තරය කලින්ම ලිව්වාට ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
  5. https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&cad=rja&uact=8&ved=2ahUKEwiFwPTW8cr7AhV1xnMBHWdACvUQFnoECBcQAQ&url=https%3A%2F%2Fwww.facebook.com%2Fgroups%2F259207401106669%2Fposts%2F1469636443397086%2F&usg=AOvVaw0IDijub_v-qlUe384XHFfF
    https://www.silumina.lk/2022/05/07/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%9A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%81%E0%B7%92%E0%B6%9B%E0%B6%BB%E0%B6%BA-%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

    ReplyDelete
    Replies
    1. යුද්ධය තිබෙන කාලයේ ඔය පන්සලට මම ගියා. හමුදාවෙන් එපා කීව යන්න. ඒත් අපි ගියහම හාමුදුරුවෝ සහ ගම්වාසීන් සතුටු වුනා. හැබැයි ගුහා බලන්න හමුදාවෙන් යන්න දුන්නේ නැහැ.

      Delete
    2. ඔය මන්නාරම පැත්තේ ඔබ කියන ජාතියේ අය හිටිය. දෙන්නෙක් මම දන්නවා. රාජ් සහ විජේ. අසූ ගණන්වල ඔවුන් ඩයිනමයිට් දාල මසුන් මරල ඒවා කොළඹ ගෙනත් විකුණලා ජිවත් වුනේ. රාජ් ට සිංහල බැහැ . අම්ම සිංහල තාත්තා දෙමල වගේ වුනාට දෙමල කතා කරන ආදී වැසියෙක්. අම්මත් එහෙමයි. විජේගේ දෙන්නම ආදිවාසී . රාජ් මට කියල තියනව පොලිසිය එනකොට කාණුවට බැස්සේ නැත්නම් ගහන හැටි. හමුදාවෙන් ජීප් එකට දාගෙන ටික දුරක් අරන් ගිහින් ගහල එලියට දාන හැටි. ඒවා කරන්නේ (ගහන්නේ) නිකම් හේතුවක් නැතිව උන්ගේ තැන දැන ගෙන ඉන්න ඕනේ කියල. ඩයිනමයිට් දාන්න තහනම්. නමුත් පොලිසියට ගාණක් දෙනවා. පස්සේ කාලෙක සිංහල රාජ් එල්ටීටීඊ බැඳිලා තියනවා එකම හේතුව පොලිසියට පාඩමක් උගන්වන්න. ඊළම ගැන ඌ දන්නා මගුලක් නැහැ. රාජ් මැරුන කියලා විජේ පස්සේ කාලෙක මම අඳුනන කෙනෙකුට කියල තියනව. . යුද්දේ එනකොට විජේ කුරුණෑගල ට පැනලා සිංහල තරුණියක් බැඳලා. තවම ඉන්නවා මම හිතන්නේ. ඉතින් ජගත් මහත්මය, තවත් පැත්තකුත් තියනව. අපි සිංහල මිනිස්සු මේ ආදිවාසී මිනිසුන්ට හරියට සැලකුවේ නැහැ. අහංකාරකම

      Delete
    3. එතන තියෙන්නේ ඔවුන් දෙමළු වගේ පෙනීම. උන් තමන්ගේ වැදි අනන්‍යතාව පැහැදිලිව පෙන්නුවා නම් පොලිසිය ඔවුන්ට හොඳට සලකන්නත් තිබුනා.

      Delete
    4. ඔතැන ආයිත් ජාතිවාදී පිළිතුරක් නේ තියෙන්නේ. පොලිසිය සින්හල අයට සලකන්නෙත් එකම හැන්දෙන්. වැදි ජනතාව කියල වෙනසක් නැහැ. ඒ හැන්දම තමයි

      Delete
  6. වැරදුනු දේකට සාමාන්‍යෙන් අපි කරන්නෙ සමාව ඉල්ලන එකනෙ...

    සමාවක් පුද කරනවා කියන්නෙ මොන වගේ එකක් ද🤔

    ReplyDelete
    Replies
    1. ඕක මම සෑහෙන වෙලාවක් කල්පනා කරල තමා ලීවේ. කතෝලික පල්ලිය සහ ඕස්ට්‍රේලියානු රජය සමාව ඉල්ලුවේ නැහැ. ඔවුන් offer කළා. ඒක පිලි ගන්න නොගන්නැ එක අසාධාරණයට ලක්වුණු ආදීවාසි ජනතාව අතේ තියෙන්නේ. සමහරු ප්‍රතික්ෂේප කලා

      Delete
  7. ඔබතුමා දන්නවද අපි ජීවත් වෙන්නේ යෝධ මොළයක් තුල කියලා

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා කියන්නේ මැට්‍රික්ස් ෆිල්ම් එක වගේද? හේ හේ

      Delete
    2. https://www.youtube.com/watch?v=97V8jw7rc9I

      Delete
    3. https://www.youtube.com/watch?v=Ig7TwCg4jTI

      Delete
    4. තව එකක් https://www.youtube.com/watch?v=PqMZfr3wMHE

      Delete
  8. "කළු සහ සුදු හෙවත් වර්ණ" වේදිකා නාට්‍යයෙත් මේ වගේ ඇමරිකානු භූමියෙ වෙච්ච දේවල් ගැන කතා වෙනව. (මට මතක හැටියට)

    ReplyDelete
    Replies
    1. මම එහෙම නාට්‍යයක් ගැන දනන් හිටියේ නැහැ

      Delete
  9. වැඩ රාජකාරි බොහොමයි. ඒත් ඔන්න කියවන්න ආව ඈ. මේ බ්ලොග් එකේ වැඩේ තියෙන්නෙ, කියවන්න තියෙන දේවල් බරයි. උඩින් පල්ලෙන් කියවන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බර හෑල්ලු කරගෙන් තමා කියවන්න වෙන්නේ. කොටස කොටස. කවුන්ට් ලාටත් අමාරුයි කියනවනම් අනිත් අය කොහොම කියවයිද? සාමාන්‍ය යෙන් මම ගොඩක් අය මේවා කියවන්න එයි කියල බලාපොරොත්තු වෙන්නේ නැහැ

      Delete
    2. ඒක නෙමෙයි. පුතා එක්ක ගත කරන්නවත් හරි හමං වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ මේ දවස්වල. නැත්තං මේ බ්ලොග් එක වගේ, කියවන්නා තවත් පෝෂණය කරන ලියවිලි කියවන්න ආසාව නැතුව නෙමෙයි.

      Delete
    3. ළමයි එක්ක ගත කරන වෙලාව තියා ගන්න. බ්ලොග් කියවන එක පස්සේ කරන්න පුළුවන්. මම කරපු වැරැද්ද කරන්න එපා.

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. මං කියන්නම් ඇබොරිජින්ලගෙ ඇත්තම කතාව. ඒ වචනෙ මෙහෙමයි හැදුනෙ.
    අ=අරක්කු, බො=බොන, ර=රකුස්, ජන=ජනයා.
    ඇත්ත කවදාවත් සඟවාලිය නොහැක... අජිත් 😂😂😂

    ReplyDelete
    Replies
    1. අරක්කු බොන්න පුරුදු කලේ ආක්‍රමණිකයන්

      Delete
    2. මේ මං විහිලුවට කීවේ... අර වර්ගපූර්ණිකාව හෙම නිකමට මතක් වෙන්නත් එක්කලා 😂😂😂

      Delete
  12. දැන් නම් ඕස්ට්‍රේලියානුවන් අබෝරිජන්ල වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා කියල මම හිතන්නේ .. ඔවුන්ට වෙනම සැලකීමක් ගරු කිරීමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana1 December 2022 at 14:41

      ඒක වඤ්චාවක්.
      ඔය හදන්නේ ඇමරිකන් ක්‍රමයට සැබෑ සුළු ජාතිකයන්ට හිමිවියයුතු තැන.
      ඇබෝජියන්ලට ලබාදී.
      සුදු මිනිසාට අභියෝගයක් වියහැකි ඉන්දියානු, චීන, අරාබි සුළුජාතීන් දෙවැනි තැනට පත්විම වැලැක්වීමයි.

      Delete
    2. එහමත් නැහැ පැතුම් ආදිවාසීන් සටන් කරනවා ඒවාට. නිකන් ලැබිල නැහැ. ඔවුන් නඩු දාල ඉඩම් අයිතීන් දිනා ගණන්ව. ඒත් බොන් සහ මත්ද්‍රව්‍ය වලට පුරුදු කරලා විනාශ වෙන්න ඇරලා තියෙන්නේ.ඔවුනම් උස්ත්සහ කරනවා ගොඩ එන්න. නමුත් හොඳ පිරිසක් අනිත් පැත්තේ ලිබරල් වමේ ඉන්නවා. ඒ අයගේ උදව්වත් ලැබෙනවා. ඇමෙරිකාවෙත් ඒ සන්තැසිය ම තම. හොන්දට් සලකන රටවල් දෙක තම නවසීලන්තය සහ කැනඩාව

      Delete
    3. ජගත් සහ අජිත්, ඒ වගේ ප්‍රස්න නම් ඇති නමුත් කුඩා දරුවන්ට භුමියේ මුල් අයිති කරුවන්ට ගරු කරන්න උගන්නනවා. සේවා සැපයීමේදී ආදිවාසි අය ගැන වෙනම බලනව කියල මම හිතනවා. සමහරවිට මතුපිටින් කරන දේවල් වෙන්න ඇති.

      Delete
    4. Jagath Pathirana2 December 2022 at 09:57

      ලංකා ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියනවට මම වගේ සිංහල ජාතිවාදියෝ අකමැතියි. ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ සිංහල වලට අමතරව වෙනත් භාෂාවක් අවශ්‍ය නම් හොඳම එක වැදි භාෂාව කියලා.

      සුද්දො කියලත් අපිට වඩා හොඳ අය නෙමෙයිනේ.
      උන් ඔය හදන්නේ සැබෑ සුළු ජාතියට හිමිවිය යුතු තැන. මහජාතියට විරුද්ධව මොකවත් කරගන්න බැරි සුළු ජාතිකයො කොටසකට ලබාදී. සැබෑ සුළු ජාතියට හිමිතැන අහිමි කරන්න.
      ඔයවගේ බල්ලන්ට රැවටෙන්න එපා

      Delete
  13. @ ජගත් පතිරණ

    ඕස්ට්‍රේලියාවේ මහ ජාතිය වන යුරෝපීය ජනවර්ගයත් (සුද්දෝත්) ඉතා කපටි කෛරාටික දේශපාලනික ගේම් වලට දක්ෂයි, ඒ අතින් ඇමරිකන් බ්‍රිතාන්‍ය පාලන උපක්‍රම වලට නොදෙවෙනි ලෙස උඩින් බොරු බයිලා ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාවය වගේ බහුබූත කතා කියුවාට යටින් ගානට සුදු ආධිපත්‍යය දැඩි ලෙස තහවුරු කර ඇති බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

    බ්‍රිතාන්‍ය තුල යුරෝපීය ජනවර්ග වන අයිරිෂ් සහ ස්කොට් ජාතිකයන් වගේම වෙල්ෂ් අයත් තම යුරෝපීය ශක්තිය නිසා තමයි බොහෝ දුරට ඉංග්‍රීසි ආධිපත්‍යයට අභියෝග කරමින් යම් තරමකින් බලයක් අත්පත් කරගෙන ඉන්නේ ඒත් ඒක ඔසී වලදී ඔබ කියන දේ ඇත්තක් තියෙනවා ඇබ්බන්ව බොරුවට පුම්බලා යුරෝපීය බලය ආසියාතික ජනවර්ග පරදවමින් යුරෝපීය සුදු ජනයා බලවත් ලෙස තබා ගැනීමට ඔවුන් කටයුතු කරන බව පේනවා.

    ඒ වගේම තමයි තවත් මේ ගැන පැහැදිලි කිරීමක් කළහොත් ඕස්ට්‍රේලියාවේ Indigenous සහ ඒ අයගේ non-Indigenous counterpart එක අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල පරතරයක් තිබෙනවා. ආර්ථික, සමාජීය වශයෙන් විෂමතාවයන් පැවතීම ට අමතරව, පිරිහුණු සෞඛ්‍යයද මේ පරතරය පියවීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේ ඇති බාධාවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

    ඊට අමතරව සංස්කෘතික විශ්වාසයන් ද බලපානවා. යුරෝපීය සුද්දන්ගේ සිස්ටම් එක මේ අයට හරි යන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනික වශයෙන් ඔවුන් ගේ context එකට ගැලපෙන සිස්ටම් එකක් හදන්න ඔවුන් අතරින්ම ඉඳහිට මතු වන යෝජනා ක්‍රියාත්මක වන්නේ නැත්තේ නැහැ. නමුත් හිතාමතාම ගල් කපටි යුරෝපීය සුදු ජනයා ඒවා බොහෝවිට දැඩි ලෙස මන්දගාමීව තමයි ක්‍රියාත්මක කරන්නේ.

    නවසීලන්තය ගැන කියන්න තියෙන්නේ අශීලාචාර අශික්ෂිත ඔස්ට්‍රෙලියාවට වඩා සාපේක්ෂව වඩාත් ඉහළ මට්ටමකින් ඔවුන් නවසීලන්ත මැඕරි ස්වදේශිකයන්ට සලකන එක දකින්න පුළුවන් බවයි.

    හැබැයි ඉතින් නවසීලන්තයේ සුද්දෝත් හිතා මතා එහෙම විශේෂ සැලකීමක් කලේ නෑ. එහෙම කරන්න වෙන තැනට මැඕරි එවුන් සුද්දන්ට කුජීත වෙන්නම ගැහුවා. ලෝකේ වෙන කිසිම ජාතියක් සුද්දන්ට එහෙම ගැහිල්ලක් ගහල නෑ.

    කොටින්ම මැඔරි ලා සුද්දන්ව වයිටන්ගි ගිවිසුම වෙනකන් දරුනු ලෙස බිය වද්දලා තිබ්බේ. විශේශෙන් ඔවුන්ගේ සමහර මැඕරි රණ ශූරයන් සටන් වලදී ප්‍රතිවාදීන් අල්ලලා පණ පිටින් සිටියදී හදවත කඩා එලියට ගන්නා බවට තිබුන වාර්තා සහ සුද්දන් ලැබූ සමහර දරුණු පරාජයන් නිසා ඔවුන්ගේ ක්‍රමයටම තමන්ට සලකන මැඔරියන් වෙනුවෙන් යම් බිය මුසු රෙස්පෙක්ට් එකක් තිබ්බා. ශිෂ්ටාචාරයක සර්වයිවල් එකකට තමන් කන්න බලන් ඉන්න කවුරු හරි ඉන්නවා කියන අදහසේ ඉන්න එකම පරිනාමිකව වාසියි. ඒ කන්න බලන ක්‍රමය ආයුධ සන්න්ද්ධ යුද්දයක් නොවෙන්නම පුලුවන් එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මුල හරිය කොහොම වෙතත් අන්තිම හරියේ කතාව ඇත්ත කියල හිතන්න පුළුවන හකා නැටුම දැක්කම රග්බි වල. අන්තිමට සුදු ජාතිකයනුත් ඒකම නටනවා . ඉතාම හොඳ සුසංයෝගයක්

      Delete
  14. නාමරූප හෙවත් ද්‍රව්‍ය හා ශක්තිය
    ==========================

    නාමරූප පිළිබඳ බුද්ධ දේශිතය විශ්වය පිළිබඳ ඉතාම ගැඹුරු විවරණයක් ලෙස ගත හැකියි. මෙම වචනය පමණක් ම මේ ලෝකය කුමක්දැයි අර්ථකථනය කර ගැනීමට යොදාගත හැකි මොඩලයක් වේ. වචන දෙකක් ලෙස පෙනුනද බුදුන් වහන්සේ මෙය නිරන්තර ව යොදාගෙන ඇත්තේ තනි වචනයක් ලෙසයි. ඊට ප්‍රබල හේතුවක් තිබෙනවා.

    සරලව ගතහොත්, බුදුදහමට අනුව, නාම (name) යනු මනෝමය ලක්ෂණ වන අතර, රූප (form) යනු භෞතිකමය ලක්ෂණයන්ය. බුදුදහමට අනුව එම ආකාර දෙක එකතුවෙන් පුද්ගලයා නිර්මාණය වී ඇත.

    බුදුදහම නිවන ඉලක්කගත කර තිබෙන හෙයින්, එනම් බුදුන් වහන්සේට භෞතික විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නොවූ බැවින්, මෙම ඉගැන්වීම් අපගේ පොදු භෞතික ලෝකය න්‍යායගත කිරීම සඳහා යොදා ගත්තේ නැහැ. එහෙත්, පුද්ගල යථාර්ථය අරමුණු කළ මෙම ඉගැන්වීම් පැහැදිලිව ම ලෝකය තේරුම් ගැනීම සඳහාත් යොදාගත හැකිබවට විවාදයක් නැහැ. මන්ද මේ විශ්වයේ ඕනෑම කුඩා අංශු නියැදියක සමස්ත විශ්වයම අඩංගු නිසායි.

    නාම ලෙස බුදුන් වහන්සේ මෙහි උගන්වන්නේ, ශක්තිය (energy) බව අපට පැහැදිලි ව ගත හැකියි. රූප යනු, ඒ අනුව, ද්‍රව්‍ය (matter) වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් භෞතික විද්‍යාවට සිය පෙරළිකාරි විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන විට භාවිත කර ඇත්තේ, ඉහත බුදුදහමේ එන නාමරූප පිළිබඳ සංකල්පය බව ම බව මේ අනුව සිතිය හැකියි. ඉන් අදහස් වන්නේ, ඔහු එය බුදුදහමින් කොපි කළ බව නොවේ. අයින්ස්ටයින් විසින් තම ගුරු Ernst Mach හරහා බුදුදහම දැනගෙන සිටි බව වෙනම කතාවකි.

    නාමරූප යනු බුදුදහමට අනුව දෙකක් වෙමින් ම එකක් ලෙස ද, එකක් වෙමින් දෙකක් ලෙස ද ක්‍රියාත්මක වන ද්විරූපතාවකි. එනම් එක ම යථාර්ථයක දෙවිදියක පෙනීසිටීමකි. ඒ අනුව, නාමය රූපය බවටත් රූපය නාමය බවටත් පෙරළි⁣ය හැකිය. ⁣මේ දෙක එක වචනයක් ලෙස යොදා ගන්නේ, ඒ දෙක එකිනෙක මත යැපෙමින් පවතින හෙයිනි. එනම් මේ දෙකින් එකකට හෝ ස්වාධීන පැවැත්මක් නැත. එකක් අනෙක මත යැපේ. සැරියුත් හිමියන් විසින් මීට දුන් උදාහරණයක් නම් එකිනෙකට හේත්තු කර තිබෙන දරමිටි දෙකකි. එක් දර මිටියක පවා එය මිටියක් වී තිබෙන්නේ, ඒ තුළ ඇති දර කෝටු සමූහයක් නිසාය. ඒ අනුව, නාමය තේමේ ද විවිධ හේතුඵල මත ක්‍රියාත්මක වෙමින්, එය, තවත් එකක් මත, එනම් රූපය මතද යැපේ. මින් පැහැදිලි වන්නේ, මේ දෙක ම එකිනෙක බවට පත්වෙමින් පවතින බවයි. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සමීකරණයේ matter සහ energy එකිනෙක බවට පත්වන්නේ ද මේ අනුවයි. එනම් වරක් එය ද්‍රව්‍ය ද, තව වරක් එය ම ශක්තිය ද වේ.

    අපගේ ශරීරය තුළ මෙන්ම එහි ම දිගුවක් වන මහා භෞතිකය තුළ ද ආලෝකයේ වේගයෙන් සිදුවන ගැටීම් (collision) නිසා ශක්තිය නිපදවී ශරීරය සජීවිව පවතී. අප ආස්වාස කරන ඔක්සිජන් එම දැවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. අප මියයන්නේ තවදුරටත් අපට දැවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය අහිමි වූ විටයි. සූර්යා පවා යම් කලක මිය යන්නේ ඊට අනුවයි. පූර්ණ වශයෙන් දැවී ගිය අඟුරු නැවත පිළිස්සිය නොහැකියි.

    කාලය යනු ඉහත ගැටීම තුළ හුදු සම්මතයක් පමණක් බව දැන් අපට වැටහිය යුතුය. මන්ද මේ ගැටීම කාලය ඉක්මවා සිදුවන හෙයිනි. පස්වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික භික්ෂූවක් වන නාගර්ජුන විසින් සිය මූලමාධ්‍යමිකකාරිකා නම් සුප්‍රකට කෘතියේ අතීත වර්තමාන අනාගත යනුවෙන් කාල බෙදීමෙහි පදනම් විරහිත බව වෙනම පරීච්ඡේදයකින් ම දක්වා ඇත. වර්තමාන පටන් ගැනෙන්නේ කොතනද යන්න ඔබට සිතිය හැකි ද? එය සිතන විට ම ඔබ අතීතයට ගොස් අවසන්ය. අප භාවිත කරන සම්මත කාලයට එම සූක්ෂම ක්‍රියාවලිය හසුකරගත නොහැක. අයින්ස්ටයින් මෙය time dilation ලෙස දක්වා ඇත.

    ReplyDelete
    Replies
    1. ශරීරය තුල සෛල වල තම ශක්තිය නිපදවෙන්නේ. ඒකට ආලෝකයේ බලපෑමක් නැහැ මම දන්නා තරමින්. ආලෝකයේ බලපෑම තියෙනෙන් ශාක වල ශක්තිය උපදවන්න. කාල බෙදීම පදනම් විරහිත බව කීවේ නාගර්ජුන තෙරුන්ගේ ගෝල දර්මකිර්ති තෙරුන් විසින්. හේතුබින්දු ඔෆ් ධර්මකීර්ති කියන පොතේ (පී පි ගෝකාල්) හතරවන පරිඡේදය හොයාගෙන කියවන්න. ගෝකාල් කියන්නේ එහමයි. හයිසන්බර්ග් එයාගේ ප්‍රසිද්ධ ප්‍රින්සිපල් එක ඔළුවට ඇවිත් තියෙන්නේ ඒ ගැන කල්පනා කරන ගමන් කියලයි දැන් කියන්නේ.

      Delete
    2. අයිස්න්ටයින් ගේ time dilation කියල කියන්නේ කාලය හෙමින් යාමට තවත් දෙයකට මෙතැනදී ඔරලෝසුවට සාපේක්ෂව , කවුරුහරි නිරිකෂකයෙක් ඒ ඔරලෝසුවට සාපේක්ෂව චලිතයේ ඉන්දෙද්දී. අයින්ස්ටයින්ගේ අවකාශ කාලය කන්සෙප්ට් එකත් වැදගත්. ඒක මේ ලිපියේ තිබෙනවා.
      https://kolambagamaya.blogspot.com/2014/10/blog-post_19.html

      Delete
  15. රසිකසූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

    මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
    මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

    නිවන් සැප ලැබේවා

    ReplyDelete
    Replies
    1. උඹ මෙවැනි කමෙන්ට් එකක් දාන බව උඹේ අම්මා උඹ ඇගේ කුසයේ සිටිද්දී දැන සිටියානම් උඹවැනි කාලකන්නියෙකු බිහිකර ලෝකයට අවැඩක් කරන්නේ ඇයි දැයි සිතා ගබ්සා කර ගන්නට ද ඉඩ තිබුණි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .