Saturday 10 December 2022

ඩෙලොස් දූපතේ සවාරිය - ග්‍රීසියේ සංචාරය 3

අක්‍රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - ග්‍රීසියේ සංචාරය  1

මිකොනොස් හි සවාරිය - ග්‍රීසියේ සංචාරය  2

සැන්ටොරීනි මුහුදු කල්දේරාව කඳු මුදුනක සිට -  ග්‍රීසියේ සංචාරය 4

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ඉංග්‍රීසි බ්ලොගයට මෙතනින් යන්න: 

Greek tour 1

Greek tour 2 

Greek Tour 3





අප මිකොනස් දුපතේ සිට ඩෙලොස් දුපතට ගියේ කුඩා නැවකිනි. රුවල් නැවක ආකාරයට සාදා තිබුනත් එය රුවල් නැවක්  නොවිනි. උඩ ඇත්තේ එහි පින්තූර කිහිපයකි.  ග්‍රීක දේවකථා වලට අනුව හිරු සහ  සඳු ට අධිපතීන් වන අපලෝ සහ  අර්ටෙමිස් යන නිවුන් දෙවි වරුන් උපත ලබා ඇත්තේ ඩෙලොස් දූපතේ දීය. ඒජියන් මුහුදේ සයික්ලේඩ්ස් දුපත් සමූහය අතර  මිකොනස් දුපත අසල පුරාවිද්‍යා  නටබුන් බහුල ඩෙලොස් දූපත  ස්ථානගත වී ඇත.  ක්‍රිස්තු පූර්ව  පළමුවන සහශ්‍රයේ එය ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානයක් සහ වරායක් විය. ඩොරික් ආරාම,  වෙළඳ පොළවල් , එළිමහන් රංගපීඨ, විසිතුරු මෝස්‌තර වලින් යුත් දැකුම්කළු නිවෙස් හා ඇඹු සිංහ රූප සහිත  සංකේතාත්මක වීථියක් ද එහි විය.  ඩොරික් යනු පුරාණ ග්‍රීක සහ   ගෘහනිර්මාණශීලි ක්‍රම තුනෙන්  එකකි. අනිත් යුගල නම් අයෝනික් විධි ක්‍රමය සහ කොරින්තියන් ය.   

නොයෙකුත් හෙලනික් රාජ්‍යයන් ඩෙලොස් දුපත පාලනය කල අතර එය ස්වාධින ව සිටි කාලය වන ක්‍රි.පූ 314 ත් 166 ත් අතර විශාල දර්ශනීය ගොඩනැගිලි නිමවා ඇත්තේ  දූපත් රාජ්‍යයේ බලයට හා ධනවත් භාවය පිළිබඳව එහි පැමිණි ග්‍රීකයන් විස්මයට පත් කරවමිනි. පෙමගුම් නැමති  රජුන් ගේ පාලන සමයේ එනම් ක්‍රි.පූ තෙවැනි සියවසේ හෙලනික් වරායේ සිට ඇපොලෝ දෙවිඳු ගේ  අභයභුමිය (දෙවොල ඇති පෙදෙස ) දක්වා තිබු ශුද්ධ මාවතේ නැගෙනහිර පැත්තේ දිගු  ස්ටොවක් (stoa - කුළුණු වලින් ඔසවා තබන ලද වහළක් ඇති දීර්ඝ ශාලාවකි. ) සහ පෝටිකෝ වක් නිමවා තිබී ඇත.


පහල පින්තුරයෙන් පෙනෙන්නේ එහි තිබු අගෝරාවයි. 





කුඩා නැවෙන් මිකොනොස් සිට ඩෙලොස් දක්වා යාමට පැයක් පමණ ගතවේ. අප ගිය නැව ද ඩෙලොස් අසලම වෙනත් දුපතකට මීටර 200ක් පමණ ඈතින් නැංගුරම් ලා සංචාරකයන්ට අඩි  හතළිහක් පමණ ගැඹුරු මුහුදේ නෑමට අවස්ථාව දුනි. ලානිලෙන් දිලිහුණු මුහුදේ කහ පැහැති වැලි සහිත පතුල ඉතා පැහැදිලිව පෙනුනි.  පහත ඇති විඩියෝවෙන් ඒ දර්ශනීය මුහුදු කරය නැරඹිය හැකිය. මේ සංචාරවලදී බොහෝ විට සංගීතය සහ දහවල් කෑමද සපයනු ලැබේ. මිකොනොස් වලින් ගෙනා  සුදු වයින්, දොඩම් යුෂ සහ කොමඩු යුෂද ඕනෑ  තරම් බොන්නට තිබුණි. වයින් පානය කල බොහෝ සංචාරකයන් ඩෙක් තට්ටුවෙහි ආපසු එන ගමනේදී නැටුහ. අප ආපසු පැමිණෙන විට නැවේ අයිතිකරුගේ දියණිය සහ පුතා අපට ග්‍රීක ජන නැටුමක්ද ඉදිරිපත් කළහ.

   


අයිකොස් සහ නක්සියන් හි දැවැන්ත මිනිස් ප්‍රතිමා (කොලෝසස් ) ක්‍රි.පූ හයවන ශත වර්ෂයේ දී පමණ  නිමවා තිබේ. මන්දිර වල ඉදිරිපස කොටස සහ  වහළ මාබල් වලින් නිමවා විශාල  අයෝනියන් කුළුණු මත  රඳවා තිබී ඇත. පහත  ඇත්තේ එම ප්‍රතිමාවක් පිහිටවා තිබූ  පාදමයි. 

 




මීළඟට හමුවන්නේ ඇපොලෝ දෙවියන් උදෙසා කරවන ලද ආරාම ත්‍රිත්වයකි. පළමුවැන්න විශාලතම එක වන අතර  එය  මහා ආරාමය ලෙසින් හැඳින්වේ. එය කරවන ලද්දේ  ඩේලියන් වරුන් විසිනි. ඩේලියන් සංගමයේ (ලීගයේ ) භාණ්ඩාගාරය එය සෑදීමට වියදම් කරන ලද බව මෙන්ම සාදන ලද්දේ ක්‍රි.පූ 476 දී පමණ බවද හෙළි වී ඇත. 

ඩෙලියන් ලීගය පිහිටුවන ලද්දේ ක්‍රිපූ 478 දීය.

අප එහි සංචාරය කරන විටදී සුරතල්  පූසන් කිහිප දෙනෙකුම මුණ ගැසුණු අතර මේ කළු පූසා අප පිටි පසම ඇවිද ආවේය.  මෙහිදී 150 - 170 පමණ ග්‍රීක නගර රාජ්‍ය එකතු කර සේරක්ස් ගේ පර්සියානු අධිරාජ්‍යයට විරුද්ධව සටන්  කිරීමට පිහිටවූ යුධ සන්ධනයේ නායකත්වය ගත්තේ ඇතැන්ස් වරුය. නමුත් එහි පළමු රැස්වීම මෙන්ම භාණ්ඩාගාරයද පිහිටුවන ලද්දේ දෙළොස් හි ඇපොලෝ දෙවොලේය.ග්‍රීක හමුදා පර්සියාව ප්ලටෙයා සටනේදී පරාජය කරන ලදී. ඩෙලියන් ලීගය නැවත ආක්‍රමණයකට විරුද්ධව සංවිධානය වූ එකකි.  





මෙහි ඇති වඩාත් පැරණිම (දෙවොල) ආරාමය,  පොරිනොස් අයිකොස් හි පොරොස් ආරාමය ලෙස (Poros Temple of Porinos Oikos ) හැඳින්වේ. ඒවා පොරොස් පාෂාණ නමැති ඩොලමැටික් මාබල් වර්ගයකින් සාදා තිබේ. මේවා තවත් ග්‍රීක දූපතක් වන පොරොස් වලින් ගෙන්වා ඇත. ඇතිනියානු ප්‍රතිමා නිර්මාණ ශිල්පින් දෙදෙනෙකු වන ටෙක්ටෙයස් සහ අන්ජිලොන් විසින් නිමවන ලද ප්‍රසිද්ධ ඇපොලෝ ප්‍රතිමාව මෙහි පිහිටුවා තිබී  පසුව මහා ආරාමයට ගෙන ගොස් තිබේ.   




පහළ ඇති තියෝප්‍රස්ටස් අගෝරාවට නම් තබා ඇත්තේ ක්‍රි.පූ 126/125 දී දූපත් පාලනය කල ආණ්ඩුකාරයා ගේ නමිනි.  ඔහු වරායේ අග කොටසේ සිට භුමිය හාරා සකස් කර අගෝරාව සෑදීම හේතුවෙන් ගරු කිරීම පිණිස ඔහුගේ ප්‍රතිමාවක් සාදා ඇත. එහි ඩෙලොස් හි ජිවත් වන ඇතිනියානු වැසියන්, වෙළෙන්දන්, නැව් හිමිකරුවන්, රෝමන් වරු සහ අනිකුත් විදේශිකයන්  විසින්  සාදවන ලද බවට ප්‍රතිමාවේ පාදම අසල ලියා තිබේ.   

 ක්‍රිස්තුපුර්ව තෙවැනි ශත වර්ෂයේ සිට ඉතාලියානුන් ඩෙලොස් හි පදිංචියට පැමිණ ඇත. ක්‍රිස්තු පූර්ව දෙවැනි ශත වර්ෂයේ මැද භාගයේ සිට ඔවුහු වඩාත් බලවත් ලෙස තම පදිංචිය ස්ථිර කර ගත්හ. මේ බොහෝ ඉතාලියනුන් සිසිලියේ හෝ දකුණු ඉතාලියේ සිට පැමිණි බැංකු කරුවන්හා වෙළෙන්දන් විය. ග්‍රීක දෙවි වරුන් තමන්ගේ නමින් හැඳින්වූ ඔවුහු ඒ දෙවි වරුන් නාමයන් යටතේ  නොයෙකුත් වෘත්තීය සංවිධාන පිහිටුවා ගත්හ. ඇපොලෝ දෙවියන් අපොලෝනියස්ට්, පොසයිඩන් දෙවියන්  පොසයිඩිනියස්ට් හා හෙර්මිස්, හෙර්මයිස්ට් යනුවෙන්ද මෙසේ රෝමානුකරණය කරන ලද දෙවිවරුන් සමහරෙකි. ක්‍රි.පූ දෙවන ශත වර්ෂයේ අග භාගයේ ඔවුහු ඉතාලියානු අගෝරාව නිර්මාණය කරන ලද්දේ   සියලුම  ඉතාලියනුන්ට එක තැනකදී හමුවීමටය.         







වඩාත් ම සිත් ගන්නා සුළු  මෙන්ම මවිතයට පත් කරන දසුන වන්නේ මෙහි ඇති නැක්සියන් සිංහයන් ලෙසින් හඳුන්වන  සිංහ ප්‍රතිමා සමූහයය. නැක්සියන් වරු සිංහ ප්‍රතිමා සාදවා පූජා කරන ලද්දේ ඇපොලෝ දෙවිඳුන්ට යයි කියති. හෙලනික් වන්දනා කරුවන් ට තමන්ගේ උසස් බව ප්‍රකාශ කිරීමට නැක්සියන් වරු මේ ප්‍රතිමා යොදා ගත් බවද කියති. බොහෝ හෙලනික් වන්දනාකරුවන් සිංහයන් හැබැහින් දැක නැත. මගේ  ප්‍රහේලිකාවද මෙයමය. දූපතේ පැත්ත පළාතක නොසිටි සිංහයන් නැක්සියන් වරු ඇඹුවේ මන්ද යන්නය.  



ඊළඟට පහල පින්තුර වල ඇත්තේ පොසයිඩනියස්ට් දෙවොලය. එය සාදවා ඇත්තේ එවකට තිබු පුරාණ සිරියාවේ විශාලතම වෙළඳ නගරයක් වන බෙරිටස් (වර්තමාන බෙයිරුට්) වලින් පැමිණි නැව් හිමියන් සහ ධනවත් වෙළඳුන් විසිනි. මේ ක්‍රිපූ දෙවන සියවසේ අග භාගයේය.




එවකට භාවිතා කරන ලද රන් අභරණ ආදියෙන් පැහැදිලි වන්නේ කෙතරම් සශ්‍රික හා ධනවත් ලෙස ඩෙලොස් වැසියන් දිවි ගෙව්වාද යන්නය.  ක්‍රිස්තු පුපූර්ව  69 දී මේ දෙවොල් ගිනි තබා විනාශ  කරන ලද අතර ඒවායේ තිබු රන් ආභරණ සියල්ල පැහැර ගන්නා ලදී.  දැනට 1964 දී සොයාගෙන ඇත්තේ කාන්තාවන් විසින් පොලොව යට සඟවා තිබූ අභරණ මංජුසා දෙකක් පමණි.  

මෙහි පෙනෙන වැව අසල වෙළඳ පොළ පුරාවිද්‍යා කැණීම් වලින් මතු කරගෙන ඇත්තේ 2002 පමණය.  ඉහත සඳහන් කරන ලද ක්‍රිපු 69  අතෙන්ඩෝරෝස් ආක්‍රමණයේදී මේ වෙළඳ පොළ ද ගිනිතබා විනාශ කර ඇත.

  



ක්‍රිපූ දෙවන ශතවර්ෂයේ අවසන් දශක කිහිපයේදී පහත ඇති ඩිලියොන් නම්  වැව අසල නිවස සාදා ඇත. පරම්පරා දෙකක එකම පවුලක අය මෙහි ජිවත්ව තිබේ. එය ගිනි තබා විනාශ වී ඇත්තේ ද ක්‍රිපූ 69 දීය.  නිවසේ බිත්ති, මෝස්‌තර සහිත බිම සහ ඇතැම් කුළුනුද හොඳින් ආරක්ෂා වී තිබේ. 

ඩෙලොස් දූපතේ එදවස ගෘහයන් අද ඇති නවීන නිවෙස් මෙන්ම  හොඳ බිම් සැලසුමක් මත  ගොඩ නගා තිබී ඇත. නිවසේ අයිතිකරු ගේ ධනවත් කම මත නිවසේ සැලසුම්, එහි විශාලත්වය ආදිය තීරණය වී ඇත. හැම ගෙයක්ම ඇතුළතට නැඹුරුව සාදා තිබෙන අතර විශේෂත්වය වන්නේ බිම් මහලේ ජනේල කවුළු නොමැති වීමයි.මෙයට හේතුව එළියේ විදී වලින් හා වෙළඳ පොළෙන් එන ඝෝෂාව අවම කිරීමට විය හැක.  




ඉහල ඒ කාලයේ ළිඳක් ද පහල පින්තූර ධාන්‍ය ඇඹරුම් ගල්ද තිබේ. මේවා සමහරක් ශ්‍රී ලංකාවේ සොයාගත් නටබුන් අතරද දැකිය හැකිය. 
 

ඉහත ඉහළ හා පහල ඇති පින්තූර වල නිවස සංකීර්ණයක්,   රඟහල් සමුහයක් හා දෙවොලක්ද වේ. 





පුරා දිනක් අප මෙහි ගත කළද එය සෑහුනේ නැත. තවත් දැකිය යුතු නටබුන් සමූහයක් තිබුණු අතර මෙහි පෙනෙන කඳු මුදුනට යාමටද වෙලාව මදි විය. මමත් පොඩි දුවත් බිරිඳත් අකමැත්තෙන් නැවත යාත්‍රාවට ගොඩ වීමු. ඒ නැවතත් අපට එන්නට ඉඩක් ලැබුනොත් එන අදහසිනි. 



සියලුම පින්තූර මා ගත් ඒවාය.  - අජිත් ධර්මකීර්ති 
ක්‍රිස්තු පූර්ව 450 ග්‍රීක අධිරාජ්‍යයේ සිතියම 


ඩෙලොස් දූපත 


සිතියම් ගත්තේ මෙතැනිනි. 



ප.ලි මේ කුරහන් ගල් දෙකේ පින්තුර  මා මෑතක දී ශ්‍රී  ලංකාවට ගිය වෙලේ ගත් ඒවාය.









32 comments:

  1. මහේෂ් වලතර10 December 2022 at 02:24

    මෙම පින්තුර දුටුවිට පෙන්නේ කර්කශ වියලි ස්භාවයක්. මෙම දුපතේ වතුර, විදුලිය නැද්ද? මිනිසුන් පදිංචිව සිටිනවද?
    ග්‍රීසිය සහ මෙම දුපතේ මැප් එකක් දැම්මා නං වටිනවා මහත්මයා.

    ReplyDelete
    Replies
    1. මහත්මයා විදුලිය තිබෙනවා. පුරාවිද්‍යා වද කරන අයට සහ නිලධාරීන්ට. වතුර - වැහි වතුර, නළ ළිං එකක් දෙකක් සහ ඉටිරිය් මුහුදු වතුර desalinate කරල ගන්න වතුර. මැප් අදහස හොඳයි, දාන්නම්

      Delete
    2. මැප් දෙකක් දැම්ම

      Delete
    3. මහේෂ් වලතර10 December 2022 at 12:50

      එතකොට අජිත් මහත්මයා මට නැගුනු පැනය නම් අතීතයේ මේ දිවයින ඒ ආකාරයෙන් ජනාවාස වී තිබුනේ ඇයි?
      අප දන්නා ආකාරයට අතීතයේ ජනාවාස ඇතිඋනේ පහසුවෙන් ජලය, වගාකිරීමට හැකි ඉඩම් සහිත ප්‍රදේශ.

      මෙම දිවයිනේ එවැනි පහසුකම් නැහැ. මේ අසල පහසුකම් සහිත ගොඩබිම් තිබියදී මෙවැනි කර්කශ බිමක මෙලෙස සශ්‍රික ජනාවාස ඇතිඋනේ ඇයි කියලා ඔබ හොයලා බැලුවේ නැද්ද මහත්මයා?

      Delete
  2. මෙම සංචාරයට රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී උනාද අජිත් මහත්මයා?

    ReplyDelete
    Replies
    1. දැන් රාජිත ආණ්ඩුවට යන්නේ නැහැ කීවාද ? රනිල් ගන්නේ නැහැ කීවද

      Delete
  3. පොළොන්නරුවේ නටබුන් මතක් උනා ,,, මේ වකවානුවේ ලංකාවේ මොනවගේ තත්වයක්ද තිබුනේ....

    ReplyDelete
    Replies
    1. සිරිසේන මහත්තය පොළොන්නරුවේ හැදුවා. දැන් නටබුන් නැහැ

      Delete
    2. පොළොන්නරු නටබුන් ක්‍රිසතු වර්ෂවල හදපුව. ක්‍රි පූ 600-200 අතර තමා ඩෙලොස් තිබ්බේ. ලංකාවේ ඉතිහසය මහාවංශය ලියන්න විජය ආපු කාලේ ඉඳන්. ඩෙලොස් වල කාලේ තමා පියතිස්ස හිටපු කාලේ . ඩෙලොස් ඊට කලින් තිබුණු අවධියේ ලංකාවේ යක්ෂ, නාග ගෝත්‍රිකයන් හිපෞ කාලේ. ඉදිරි ලිපි වල එතනට එනවා.

      Delete
  4. මෙම දුපතේ රාත්‍රිය ගත කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එහෙම පහසුකම් නැහැ. හොරෙන් හිටියොත් මිසක්. නටබුන් සහ පුරාවිද්‍යා නිලධාරීන්ට පොඩි නිවහනක් තිබෙනවා.

      Delete
  5. හරිම ලස්සන කතා ලියන්න කොහොමද දන්නේ
    කවුරුන්දෝ අජිත් අයියේ කියලා දුන්නේ

    ReplyDelete
  6. මෙම දුපත අත්හැරියේ න්‍යෂ්ඨික පිපිරුමක් නිසා කියනවා නේද.
    ගලප්පත්ති

    ReplyDelete
    Replies
    1. ගිනිකඳු පිපිරීමකින්. https://kolambagamaya.blogspot.com/2022/10/5.html

      Delete
  7. ආර්ටිමිස් 1' පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත.

    ‘ඔරායන්’ කැප්සියුලය යළි පෘථිවියට පැමිණෙන්නේ සති 3 ක වික්‍රමයකින් පසුවය. පුහුණු මෙහෙයුමක් බැවින් කැප්සියුලය සඳට පතිත කළේ නැත. එය සඳුගේ කක්ෂයට පිවිසියා පමණි.

    අද (11) පෘථිවි වායු ගෝලයට පිවිසෙන ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එයි. වේගය අඩාල කිරීම සිදුවන්නේ යෝධ පැරෂූට් දිග හැරෙමිනි.

    කැප්සියුලය පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදට පතිත වනු ඇති අතර, යානය පැමිණෙන තුරු ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටී.

    ‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, 2024 වසර මුලදී ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙයි. මෙය ද එක්තරා ආකාරයක පුහුණු මෙහෙයුමකි. ගගනගාමීහු තිදෙනෙක් මේ සඳහා සහභාගී වෙති.

    ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොස්, සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.

    ‘ආර්ටිමිස් 2’ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් 2025 දී ‘ආර්ටිමිස් 3’ චන්ද්‍ර මෛහයුම ආරම්භ වනු ඇති අතර, එහිදී ‘ඔරායන්’ කැප්සියුලය නාසා ගගනගාමීන් සමඟ සඳට ගොඩබානු ඇත.

    පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇත්තේ එම ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.

    (නාසා ඇසුරිනි)

    ReplyDelete
  8. අගෙයි අපූරුයි සිත්ගන්නා ලිපිය
    මදි ඔබ ගිහිං තිබෙනා තැන්, තව මදිය
    යන්නට ඉඩ ලැබී තව තව වැඩි-වැඩිය
    ලියැවේවා තවත් - සහිතව අඩු-වැඩිය!

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් තව බොහොම ඇතී
      වෙලාව නම් නිදි නැතිව මදී
      මොනවා කියනවද මේ අපේ නිදි
      යනව නිදා ගැනුමට මම නිදි

      Delete
  9. ටික දවසක් කොහෙවත් බ්ලොග්වලට එන්න බැරුව හිටියා. ඔන්න ආව ඈ...

    අජිත් අයිය දන්නව ද තඩී කුරහං ගලක්තියෙනවදෙල්ගමුව රජමහා විහාරෙ... දළදාව හංගල තිබුණු තැනක්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තැන් වලට ගියහම ෆොටෝ එකක් හෙම ගන්න පුරුදු වෙන්ඩ

      Delete
    2. අවුරුදු 15කට විතර කලිං ගියෙ. මං ගහපු පොටෝ තියෙනව. වෙලාවක ෆේස්බුක් දාන්නං.

      Delete
  10. පෝටිකෝව කියන වචනෙ හැදුනෙ කොහොමද හැබෑට🤔

    ReplyDelete
    Replies
    1. 1600, from Italian portico, from Latin porticus "colonnade, arcade, covered walk, porch," from porta "gate," from PIE root *per- (2) "to lead, pass over." Especially of the Painted Porch in Athens.
      ඉතාලියානු වචනයක් වන පෝටිකෝ යනු කුළුණු පේලියක්, කුළුණු සහිතව වහලක් ඇති තැනක් හැඟවේ

      Delete
  11. ඉස්සර තිබුනු හැම ශිෂ්ටාචාරයක්ම මොකක් හරි හේතුවකින් විනාශ වෙලා ගිහින් තියෙනවා...

    මට හිතෙනවා අපිටත් එහෙමම වෙයි වගේ කියලා..

    ඒක ගැන මොකද හිතෙන්නෙ අජිත් මාමෙ

    ReplyDelete
  12. ලස්සන සටහනක්.ආසාවෙන් කියෙව්වා. ග්‍රීසියට ඉක්මණින්ම යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්ත හැදෑරුවා මදි කියල තමා මට දැන් හිතෙන්නේ

      Delete
  13. අර කළු පූසා පස්සෙන් ආවේ අවාසනාවට. වහාම ඇපලෝ දෙයියන්ට පහණක් පත්තු කරන්න 😂

    ReplyDelete
    Replies
    1. පහන පත්තු කළා ආපු ගමන්

      Delete
  14. //ඇපොලෝ දෙවියන් අපොලෝනියස්ට්, පොසයිඩන් දෙවියන් පොසයිඩිනියස්ට් හා හෙර්මිස්, හෙර්මයිස්ට් යනුවෙන්ද මෙසේ රෝමානුකරණය කරන ලද//

    අජිත් රෝමානුකරණය කියල අදහස් කලේ මොකක්ද? ග්‍රීක නම එහෙමම Latinize කරපු එකද? ඒක හරි ඇති. මම වැඩිය දන්නෙ නෑ. ඒ ගැන.

    ඒත් ග්‍රීක දේව මණ්ඩලයේ දෙවියන්ට සමානුපාතවෙන රෝමානු දෙවියන්නම් වෙනස් නම්වලින් හැඳින්වුනේ.
    පොසයිඩන් - නෙප්චූන්, හර්මිස් - මර්කරි, සියුස් - ජුපිටර්, හේඩීස්- ප්ලූටෝ වගේ.
    ඇපලෝ නම් ඇපලෝම තමයි.
    https://greekgodsandgoddesses.net/greek-vs-roman-gods/

    ReplyDelete
    Replies
    1. //ඒත් ග්‍රීක දේව මණ්ඩලයේ දෙවියන්ට සමානුපාතවෙන රෝමානු දෙවියන්නම් වෙනස් නම්වලින් හැඳින්වුනේ.// මේවා ආවේ පස්සේ. ඔය ඩෙලොස් දුපතේ කාලේ නෙමෙයි. ඒ කලේ රෝම අධිරාජ්‍යය බිහි වෙලා නැහැ. පටන් ගත්තා විතරයි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .