Saturday 20 May 2023

ලංකාවේ ලිබරාටි බයියන් , රබයියන්, සබයියන්, ජබයියන් සහ පෙබයියන් - මුන් ඔක්කොම බයියෝ මල්ලි


ලංකාවේ සමහර ලිබරල් කියල පෙන්නගෙන ඉන්න එවුන් ගැන කලකිරීමටත් වඩා මට දැන් ඇත්තේ  දැඩි සැකයකි. 
 
මේ ලිබරාටි උන්ගන් සමහරු "අනේ ජෙරී අයියා /මල්ලි වැරදි දෙයක් කීවේ නැහැනේ" කියාගෙන ජාම  බේරා දීමට හදැති. සමහර විට  ඔවුන්ගේ  වෙබ් අඩවි පවා දුවන්නේ ඒ සල්ලි වලින්  වීමේ සම්භාවිතාව නිසා විය හැක. . මේ ලිබරාටිලාගෙන් සමහරු කාන්තාවන්ට ගේ රැකියා ආදියේ දී සමතැන් දීම  පිළිබඳවද දරන්නේ අමුතු ප්‍රතිගාමී අදහස් ය. මේ ඉන්නේ ලිබරාටි  බයියන්ය. 

රාජපක්ෂ බයියන් දැන් රනිල් නිසා රබයියන් වී ඇත. රබයියන් ආණ්ඩුවේ ඕනෑම තීරණයකට එකඟය. බදු ගැහැව්වද කමක් නැත. රබයියන් රනිලේ ගේ ප්‍රගතිශීලි තීරණ වලට මෙන්ම  මර්දන කාරී නීති වලටද එකඟය. 
  
 ජවිපෙ ලේබල් ගහගෙන  සිටින ජබයියන් සිටිති.  ජෙරෙමියාහ්  කේස් එකේදී බොදු බලේ සහ සිංහල ජාතිවාදය පෙන්වා ජෙරී අයියා බේරීමට පෝස්ට් දමති. බොදු බලේ , ඩෑන් ලා සහ මෙකී  නොකී ජාතිවාදී සංවිධාන, ඕනෑම ආගමික අන්තවාදී සංවිධානයන්   , ආගමික බොරු දෙසන්නන්, ඔය සියල්ලන්ටම එක සේ විරුද්ධ විය යුතු බවට ජබයියන්ට තේරෙන්නේ  නැත.

ලඟදි යහළුවෙකු දැමූ පෝස්ට් එකක කියැවුනේ මුන් හැමෝටම අධික බදු ගැසිය යුතු බවය. ඒ අදහසට මම සම්පුර්ණයෙන්ම එකගය. ජෙරී අයියා , හුලන්වේදා අයියා , උඩු මෙව්නාවේ අයියා  ඇතුළු සියල්ලන් ගෙන්ම  බදු ගැසිය යුතුය.

මුස්ලිම් හෝ වෙනත් සුළු ජාතික යන් ගේ අතින්, ඔවුන්ගේ ලිඩර්ස් ලා අතින්  වැරැද්දක් කරන්නේ නම් එය නොදැක්කා  සිටින බයියන්ද සිටිති. පෙබයියන් බොහෝ විට තමන් වඩා ප්‍රගතිශීලි බවත් කුමාර් අයියා ඒ කාලේ  යුද්ධයට පක්ෂ වුනාට අපි දැන් යුද්ධයට විරුද්ධ බවත් පෙන්වමින් පෙරටුගාමී පෝස්ට් දමති. එසේම සමහර  හාමුදුරු ගොල්ලන්ගේ   වැරදි පමණක්  පෝස්ට් කලාට අනිත් දේවල් නොදැක්කා සේ සිටිති. එසේ  සිටින අයට කියන්නේ පෙබයියන් කියාය.

අන්තිමට බලාගෙන ගියහම මුන් ඔක්කොම බබයියන්ය.  





අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.


එංගලන්තයේ කම්පැනි හවුස් වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට ලබා ගත හැක. 

පහත සඳහන් විස්තරය විකිපෙඩියා වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට ලබා ගත හැක.
Uebert Angel (born Uebert Mudzanire;[4] 6 September 1978) is a controversial British-Zimbabwean Businessman who has been implicated in fraud, money laundering and racketeering after undercover journalists filmed him arranging to smuggle gold and cash using his diplomatic passport.[5] His name appears on a US Department of Justice list along with 9,612 other people who paid for fake degrees.[6][7] He is an evangelical preacher and the founder of Spirit Embassy, a Pentecostal ministry in the United Kingdom.

He is also the Presidential Envoy and Ambassador At Large for the country of Zimbabwe to Europe and the Americas.[8][9] He is commonly referred to as Prophet Angel[10] and also formerly known as Uebert Angel Mudzanire.[11][12][13][14]The church was founded in 2007 as "Spirit Embassy" and in October 2015 it rebranded its name to "Good News Church", retaining "Spirit Embassy" as a term for Angel's overall ministry.[15][16]






52 comments:

  1. රංග තේනුවර20 May 2023 at 13:17

    කෝ අජිත් මීට කලින් දාලා තිබුන ලිපිය. පාස්ටර් ජෙරම් ගැන.

    ඒක ඉවත් කරේ ඇයි? මුදල් ලැබුනද චන්දිමට වගේ ලිපි දාලා ගලවනවට ?

    ReplyDelete
    Replies
    1. නැහැ රංග , මම සල්ලි වලට ලියන කෙනෙක් නෙමේ. අධිකරණයට යෑමේ තර්ජනයක් තියනව කියල යාළුවෙක් ගෙන් දැනුම් දීමක් ලැබුන. නිකම් බොරුවට වාත වෙන්න ඕනේ නැහැනේ. ඉන්ටෙර්නෙට් එකෙන් නිදහසේ ගන්න පුළුවන් ටික දාලා තියනව කතා බතා නැතිව. ඕන කෙනෙකුට හොයන්න පුළුවන්. බලාගෙන බුවල්ලෝ වගේ හැම තැනම අල්ලාගෙන නේ ඉන්නේ

      Delete
    2. රංග තේනුවර20 May 2023 at 14:11

      මෙහි කොමෙන්ට්කරුවන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් සහ ජනාධිපති ආරක්ෂක අංශයෙන් පරිස්සම් වෙන්න ඕනා කියද්දී ඔවුන්ව නිරාවරණය කරපු අජිත්. ඔබ ඒ වෙලේ කීවේ කොමෙන්ට්කරුවන් බොරු කියනවා කියලා නේද?
      ඔබට තර්ජනයක් එද්දී ඔබ බොහොම ආරක්ෂිතව හැසිරෙනවා.

      හැබැයි කොමෙන්ට්කරුවන් පාවා දෙනවා. බොහොම කැතයි මේ දෙබිඩි පිළිවෙත නං.

      Delete
    3. අනේ නිකන් මෝඩ කතා දෙසන්නේ නැතිව ඉන්න. කෝ කවුද එහෙම කොමෙන්ට් කරුචෝ, නම් දෙන්න බලන්න ජනාධිපති අංශෙන් හොයපු අය ගැන,. අනික කවුද කීවේ ජනාධිපති අංශ බොරු කතා. මේ අපේම ගොබිල්ලු කරන වැඩනේ බ්ලොග් ලෝකේ වැඩිපුරම තියෙන්නේ. මොන ජනාධිපති ආරක්ෂක අංශ ලබ්බක් වත් නෙමෙයි.

      Delete
    4. රංග තේනුවර20 May 2023 at 15:24

      අජිත් ඔබගේ කලින් ඔබ delete කරන ලද පෝස්ටුවට comment එකක් දමා වජිර අබේගුණවර්ධන මහතාගේ අදහසක් අප පළ කර තිබුණා. එහි දක්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ විරුද්ධ අදහස් දක්වන අය මර්දනය කළ යුතු බවයි ඔබත් එය අනුමත කර කමෙන්ටුවක් දමා තිබුණා

      ඔබට තර්ජනයක් පැමිණි විට පෝස්ට් පවා ඉවත් කරන ඔබ කමෙන්ට් කරුවන් ගේ අයි පී ලිපින පවා හෙළිදරව් කරමින් කර තිබුණේ නින්දිත ද වැඩක් නොවෙයිද එතකොට ඔවුන් ආරක්ෂා විය යුතු නොවේද ඔබ පමණ ද ආරක්ෂා විය යුත්තේ

      Delete
    5. මේක තමා ඔය කියන කොමෙන්ට් එක; එතකොට මේ පහල නිවුස් එක ගැන මොකද කියන්නේ. අද ප්‍රධාන පුවත්පත් වල ගියා. දෙරණ, හිරු, ජාතික රුපවාහිනී, අයිටීඑන් වලත් වාර්තා කරා.

      මානසික ත්‍රස්තවාදය වලක්වන්නත් නව නීති

      (අංජුල මහික වීරරත්න)

      මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

      අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයට එරෙහිව හැසිරෙන අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.

      රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද කීය.

      විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය.

      ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා කීය.

      Delete
    6. මේක තමා මගේ උත්තරේ; Ajith Dharma. has left a new comment on your post 'ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි ':

      ඒක සාධාරණයි. සමහර ට්‍රොල් කරන එවුන් සීමාවක් දන්නේ නැහැ.

      Delete
    7. //සමාජ මාධ්‍ය ඔස්සේ විරුද්ධ අදහස් දක්වන අය මර්දනය කළ යුතු බවයි ඔබත් එය අනුමත කර කමෙන්ටුවක් දමා තිබුණා// මේක වැරදි කතාවක්. එහෙම කතවක් මම කිවේ නැහැ. අනික ඒකෙ තියෙන්නේ මෙහෙම: //මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.// ඉතින් මම කිවේ ට්‍රොල් කරන එවුන් වැළැක්විය යුතු බව. -විරුද්ධ අදහස් දක්වන අය මර්දනය කළ යුතු බව-කියල එකක් ඒකෙත් නැහැ. මම කීවෙත් නැහැ. ඔය ඇනෝලා සෙට් එකක් එනවා ඇවිත් අන්තිම කැත විධිහට චරිත ඝාතනය වෙන විධිහේ ඒවා, ගොතා හදපු කතා දානව . ඒවා අදාල බ්ලොග් එකේ පමණක් නොව අනිත් හැම බ්ලොග් එක්කමත් දානවා බ්ලොග් ලියන තැනැත්තා (මෙතැනදී මම) අපහසුතාවයට පත් කරන්න. මේවාවිරුද්ධ මත ප්‍රකාශ කිරීම් නෙමේ. බ්ලොග් ත්‍රස්තවාදය. බ්ලොග් ලිවිම නැවැත්වීම හා ලියන්නා වැට්ටවීම තමා ඒවායේ අරමුණ. ඒ අයට කියන්න ට්‍රොල්ස් ලා කියල. පන්න පන්නා ඇවිත් පහර දීම. ඔව් මම ඒකට විරුද්ධයි.
      කොමෙන්ට් කාරයෝ දෙන්නෙක් ගේ ආපු විධිහ දැම්මේ (ඒවා හරි ඒවාද දන්නෙත් නැහැ) ඔවුන් අර කළු කොට කැත තට්ටයා කියල අපහාස කරලා මම ඒකට පිළිතුරක් දැම්මට පස්සේ ලජ්ජා හිතිලද කොහෙද කියන්න ගත්තා මමම ඒවා දැම්ම කියල. එතැනදී තමා ආපු විධිහ දාලා ඒ මම නෙමේ කියල ඔප්පු කරේ. එනිසා කරුණාකරලාබොරු නොලියා ඉන්න.

      Delete
    8. නීතිමය උපදෙස් අනුව පොඩි වෙනස් කම් වගයක් කරලා දැම්ම ආපහු

      Delete
  2. අජිත් ලංකාවේ ඉන්නේ එක එක පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන බයියො ගොඩක්ම විතරයි නාකි මයිනගේ මැදමුලන තැරිදාර පුන්නක්කු මීහරක් බයියෝ රනිල්හාමුගේ ටොයි බයියෝ සජිත් ජූනි ප්‍රේමදාසලගේ සජබයියො රටහරක්ජේ හැත්ත වගේම මාලිමාවට හෙළුවෙන් කඩේ යන ජේවීපී වහල් බයි මීහරක් හැත්ත වගේම පෙරටුගාමී දාර බයියොත් ඔක්කොම එක හා සමාන වෙනස් වෙනස් හාම්පුතුන්ට වහල්කම් කරන වහල්ලු රැලක් විතරයි

    ඒ අස්සේ දැන් බලන්න ඔය ලංකාවට තිබුන විදේශ අපනයන මාර්කට් එක ඉවරවේගෙන යනවා ඇපරල් මාකට් එක බංග්ලාදේශය සහ වියට්නාමය අල්ලගෙන ඉවරයි... ඉතියෝපියාව උගන්ඩාව කෙන්යාව වගේ රටවල් වලත් ඒ ක්ෂේත්‍රය වර්ධනය වෙනවා

    ලගදිම තේ වලට වෙන්නෙත් ඕකම තමයි... කවලන් කරලා කෙන්යා තේ මික්ස් කරලා බාල බඩු යවන කම්පැනිකාරයෝ තමයි ඒකට වගකියන්න ඕනා..

    රජයත් වග කියන්න ඕන අනිත් රටවල් බදු අඩු කරල සහන දෙනකොට අපේ හැත්ත ගහන්න පුලුවන් හැම බද්දම ගහනවා ඊට පස්සෙ මෙහේ එවුන් බංගලාදේශ ඉන්දියාව වගේ එක්ක රටවල් එක්ක තරග කරන්න කොහොමද?

    වැලිසර බ්‍රැණ්ඩික්ස් එක වහලා සේවකයන් 2000 කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ උණුසුම පහව යන්නත් කලින් 1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක හෙට දින වසා දමනවාලු.. මේ දිනපතා රටපුරා එකින් එක වසා දැමෙන නිශ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් පමණයි.. හයිඩ්‍රාමිනී ගෲප් එක ලංකාවේ තිබුණු ප්‍රධාන සමාගම් ජාලයක් මම දන්න තරමින්..

    විරැකියාව වැඩි වෙනවා.. අපනයන ආදායම් නැති වෙනවා.. එක ගලයි ලොකු කුරුල්ලෝ දෙන්නයි..

    ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් ප්‍රධාන ඇඟලුම් සමාගම් ඒවාට ලැබෙන ඇනවුම් පවා ඔවුන්ගේ බංග්ලාදේශ හෝ වෙනත් රටවල ඇති කම්හල් වෙත යොමු කරමින් ඉන්නවා කියලා කියනවා..

    ලෝකය පුරා ආර්ථික අර්බුද එක්ක ඇගලුම් වගේ නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙන අතරේ ඒ තත්වයන් නොසලකා තඩි අපනයන බද්දක් ගහන රටක ඉරණම මීට වඩා වෙනස් වෙන්න හේතුවක් නෑ..

    අධික බදු නිසා අරක්කු බිස්නස් එක අඩු වෙන එක දියවන්නාවෙ බාර් හිමිකරුවන්ගෙ සංසදයට දැනුනට අනිත් කර්මාන්ත බිඳ වැටීම් එයාලට එහෙම පහසුවෙන් දැනෙන්නේ නෑ..

    ඒ වගේ තත්වයක ලංකාවේ ෆ්ලෑග් නැව්වලට පඩියට බදු ගැසීම නිසා ලංකාවේ ෆ්ලෑග් එකම විනාශ වෙලා ඒ එන විදේශ ආදායම් පවා නැති වෙනවා කියලා කොහේ දැනෙනවද ඉතිං.. දැන් කට්ටිය පුරාජේරු ගහන්නෙ අපිට ඩොලර් වැඩිත් එක්ක ගානට..

    ඔහොම යමං කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. //ඒ අස්සේ දැන් බලන්න ඔය ලංකාවට තිබුන විදේශ අපනයන මාර්කට් එක ඉවරවේගෙන යනවා ඇපරල් මාකට් එක බංග්ලාදේශය සහ වියට්නාමය අල්ලගෙන ඉවරයි... ඉතියෝපියාව උගන්ඩාව කෙන්යාව වගේ රටවල් වලත් ඒ ක්ෂේත්‍රය වර්ධනය වෙනවා

      ලගදිම තේ වලට වෙන්නෙත් ඕකම තමයි... කවලන් කරලා කෙන්යා තේ මික්ස් කරලා බාල බඩු යවන කම්පැනිකාරයෝ තමයි ඒකට වගකියන්න ඕනා..// එකඟයි. ඒ වගේම පිටරට විශ්ව අවිද්යල වලට ඇදිල යන ධනය

      Delete
  3. බාධක මතු වුණත් ගඟ මුහුදට යනවා
    කුණාටු මැද වුව හිමගිර බබළනවා
    කුක්කුර හඬ නැඟෙද්දීත් හඳ පායනවා
    පළ ඇති රුකට නිති ගල්මුල් විසි වෙනවා

    ReplyDelete
    Replies
    1. බාධක වැටුනාට අපි බය වෙනවාද
      කොහේ හරි හිලක් පාදාගෙනමතු නොමවේද
      පායන හඳට බුරන බල්ලන් හිටියාට
      බල්ලොත් බයයි අපි නැගිටලා එන දාට 😀

      Delete
  4. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
    Replies
    1. ඔය මහින්ද අදෙෂප්රිය ඔක්කොම හැම වෙලේම කැරකුණේ මොකද කියල මම නිතරම හිතුව. හොඳ නිහතමානී කෙනෙක් වගේ පෙන්නේ. හැබැයි ඒකත් වෙන වැඩ වලට සපෝර්ට් වෙන්න හද ගත් එකක්ද මන්ද

      Delete
    2. මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
      Pension එකට අමතරව...
      වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
      උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
      මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
      // මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
      ගල් පලලා මද කාපු...
      ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
      උපුටා ගැනීම අවසන්...
      හුකා...
      මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
      පහුවදාම මාව බ්ලොක් කරලා.
      මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
      නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
      අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
      රනිල්ට ඇඟ බේරගෙන...
      මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
      වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
      චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
      උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
      උඹට මතකද...
      නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
      පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
      උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
      නාන්න බැරි වෙනවා...
      මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
      උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
      අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
      උඹ වගේ දවල් මිගෙල්..
      රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
      නියම මූණ රටට පෙන්නලා...
      මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
      හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
      හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
      උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
      #නේවිකොල්ලා

      Delete
    3. 'නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..'

      නෙළුම්යාය සදහා මහින්ද දේශප්‍රිය පැමිණීම ගැන අජිත් ධර්මා ඔබ මොකද කියන්නේ දැන් ?
      ඔබ එකල ඉදන්ම රනිල් හාමුට වැඩ කලා නේද?

      Delete
    4. මහින්ද දේශප්‍රිය, රාජිත සේනාරත්න, උපුල් ශාන්ත සන්නස්ගල, පණ්ඩුක කරුණානන්ද - ඔය ඔක්කොටම ආරාධනය කලේ ලංකානිව්ස්වෙබ් එක චන්දිම විතානාරච්චි මහතා. ඒ අය එනවා කියලවත් මම දන්නේ නැහැ.

      Delete
    5. මහින්දගේ ෆෝන් එක ගත්තේ - එක්කො කල්‍යාණ මිත්‍ර නැත්නම් චමල් අකලංක පොල්වත්තගේ නේද

      Delete
  5. Jagath Pathirana21 May 2023 at 15:17

    https://www.youtube.com/watch?v=pJYf5-a0E_s මේකට විරුද්ධව කොමෙන්ට් මගින් දැනුවත්කිරීම් කරන්න හැමෝටම ආරාධනා කරනවා.

    ReplyDelete
  6. අජිත්,

    මේවන විට කොල්ලුපිටිය කේම්බ්‍රිජ් ටෙරස්හි සිට අතිගරු ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාණන් ලංකාවේ ආර්ථිකය දේශපාලනය ඇතුළු සියලුම ක්‍රියාදාමයන් ඉතා නිවැරදි ලෙස මැනවින් හසුරවනබවත් ඉතාමත්ම පැහැදිලි කරුණකි.

    එතුමා ජාත්‍යන්තර සබඳතා හරහා ගෝලීය දේශපාලනය තුල විශිෂ්ට චරිතයක් වී ලෝකයේ සම්භාව්‍ය චින්තකයකු සේ මහත් ඇගයීමට ලක් වෙද්දී ලෝකයේ වටිනාම ස්වභාවික සම්පත් පවතින ලංකාවට බටහිර බලවේග කට්ටල මගින් සිදුකරන කුමන්ත්‍රණ වලින් සිංහල අපේ එකම මව්බිම බේරාගන්න පුලුවන් පුද්ගලයා සහ කණ්ඩායමක් ලෙස බොහෝ දෙනෙක් පවසන්නේ මොළ හතක බුද්ධියෙන් අගතැන්පත් අතිගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පොහොට්ටුවට පමණක් බවයි.

    එතුමා විසින් එසේ බේරා ගන්න රට එම ඩොලර් බිලියන ගණන් වටිනා ජාතික සම්පත් වලින් ජාතික ආර්ථිකයක් ගොඩනගා සංවර්ධනය කිරීමට හැකි එකම කණ්ඩායම මාලිමාව යටතේ තරග කරන තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු වන ජවිපෙ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු පිරිස පමණයි. අනුර කුමාර දිසානායක රට සංවර්ධනය කළ පසු අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමාණන් සහ අතිගරු සජිත් ප්‍රේමදාස පුතාණෝ මැතිතුමාණන් යන විශිෂ්ටයන් දෙදෙනා රටේ නායකත්වය මාලිමාවෙන් සුහදව භාරගෙන රට නෙක්ස්ට් ලෙවෙල් එකක් වෙත ගෙන යනු නොඅනුමානය. දෙවියන් වහන්සේ විසින් අපව ස්වර්ග රාජ්‍යයට ගෙන යාම පිණිස අපට සියලුම බලය ලබා දී මාගේ දේශය අවදි කරනු මැනව... ආමේන් රාමේන් ...

    ReplyDelete
  7. බෞද්ධ සංකල්ප වලට අනුව;

    ආර්ථිකය ගැන කියනවා නම්

    ඒකේන භෝගේ බුජ්ජෙයිය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්තංච නිදාපෙයිය
    ආපදාසු භවිස්සති

    උපයන ආදායම කොටස් හතරකට බෙදා එයින් කොටසක් පාරිභෝජනයටද තවත් කොටසක් හදිසි කරදයකදී ප්‍රයෝජනයට ගැනීමටද, කොටස් දෙකක් ආයෝජනයටද යොදා ගත යුතු බව ඉහත සදහන් පරිදි දේශනා කර ඇත්තේ ඇඩම් ස්මිත් නොවේ. ඒ ගෞතම බුදුන්ගේ දේශනාවකි.

    ඇතැමුන්ට අනුව, බුදු දහම යනු, වණ වැදී භාවනා කිරීමට දිරි දෙන ආගමකි. එය බුදු දහමේ වැරදි තැනින් අල්ලා ගැනීමකි.

    බුදුන් පාරිභෝජනය, ආයෝජනය, රක්ෂණය පිළිබදව අදද ආර්ථික විද්‍යාවේ එන න්‍යායන් එසේ දේශනා කළේ ඇඩම් ස්මිත් උපදින්නටත් වසර 2250 කට පෙරය.

    සැමියාගෙන් බිරිදට ඉටු විය යුතු යුතුකම්, බිරිදගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්, උන් වහන්සේ දේශනා කර ඇත්තේ, හොදින් පවුල් කෑම ඉගැන්වීමටය. උන් වහන්සේ පවුල් ජීවිත ගත කරන ආකාරය කියා දුන්නේය. පවුල් ජීවිතය එපා වූ අයට නිවන් දකින්න බණ කිවේය.

    සේව්‍යයාගෙන් සේවකයාටත් සේවකයාගෙන් සේව්‍යයාටත් ඉටු විය යුතු යුතුකම් බුදුන් දේශනා කරන ලද්දේ මිනිසුන් ව්‍යාපාර කිරිම උන් වහන්සේ අනුමත කළ නිසාය.

    මී කුණක් විකුණා කෝටිපතියෙකු වූ අයෙකු පිළිබදවද බුදු දහමේ අසන්නට ලැබේ. ඔහුගේ උත්සාහය බුදුන් අගය කිරිම මිස, හෙළා දැක නැත.

    බුදු දහමේ වැඩිපුරම අසන්නට ලැබෙනුයේ රජවරුන්ය. සිටුවරුන්ය. නමුත් උන් වහන්සේ අන්ත අසරණ සුනීත සෝපාකලාටද පිහිට වූහ. රජවරුන්, සිටුවරුන්ට බුදුන් වහන්සේ ගිහි ගෙයි එපා කරවූයේ නැත. ව්‍යාපාර එපා කරවූයේ නැත. ඒවා තව තවත් සාර්ථක කර ගැනීමට අනුශාසනා කළහ.

    උන් වහන්සේ "ලද දෙයින් සතුටු වන්න" යනුවෙන් දේශනා කළ කරුණ අප අල්ලාගෙන ඇත්තේද වැරදි තැනින් ය. අනේපිඩු සිටු තුමාට වඩාත් සාර්ථකව ව්‍යාපාර කිරීමට උපදෙස් දුන් උන් වහන්සේ "ඔච්චර හම්බ කරන්නේ මැරුණාම අරන් යන්නද"? යනුවෙන් ඇසුවේ නැත.

    ලද දෙයින් සතුටු වන බණ නැවැත්වීමට ඇත්තේ එක් ආකාරයක් පමණි. හාමුදුරුවනේ මම චෛත්‍යය බදින්න පංසලට දෙන්න ඕන දායක මුදල රු. පන්දාහයි. මගේ ළග තියෙන්නේ රු. පන්සීයක් විතරයි. මේක තියාගෙන "ලද දෙයින් සතුටු වන්න" කියා කීම පමණි.

    ඕනෑම දාර්ශනිකයෙකුගේ දර්ශනයට පදනම් වන්නේ ඔහු ජීවත් වන පරිසරය වේ. ඔහුට එම දර්ශනය ගොඩනගා දෙන්නේ ඔහු ජීවත් වන පරිසරය විසින් ය. එකම එක මොහොතකට හිතන්න, බුදුන් කාන්තාරබද රටක උපත ලබා, නබි තුමා ඉංදියාවේ උපත ලද බව !!

    එසේ නම් බුදුන් වහන්සේ ⁣ගේ දේශනා වල පානාතිපාතා ඇතුළත් වේද ? එය එසේ වූයේ නම්, නබි තුමා ගේ දේශනා වල පානාතිපාතා තිබෙන්නටද ඉඩ තිබුනි. මන්ද ඉන්දියාවේ ඕනතරම් වගා කරගෙන කෑමට හැකියාව ඇතත් කාන්තාරබද රටවල එසේ නොහැකි වීමය !!! දර්ශනය සෑම විටම ඒ අවට පරිසරයේ නිර්මිතයකි.

    ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පොහොසත් තායිලන්තයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ය. අපරටේ බෞද්ධ ජනගහනය 70% ක් වන විට, තායිලන්තයේ එය 95% කි. තායිලන්තය ලොව 24 වන විශාලතම ආර්ථිකය වේ. ඒ, ආර්ථික කටයුතු වලදී ඔවුන්ගේ අත පය බැද දමන ආකාරයේ දේශනාවන් දක්නට නොමැති නිසා ය.

    ලංකාවේ ආර්ථිකය දියුණු කර ගන්නා ආකාරයේ බණ දේශනා කරන පින්වත් භික්ෂූන් අති විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නැත.

    මා, උපතින්ම බෞද්ධයෙකි. මා, වෙනත් ආගමක දෙමාපියන්ට දාව ඉපදුනේ නම්, මට දැනුම් තේරුම් තිබෙන මොහොත වන විට මා, බුදු දහම වැළද ගනු ඇත. නමුත් කිසි දිනෙක මා, වැරදි තැනින් බුදු දහම අල්ලා නොගනු ඇත.

    බෞද්ධ, අබෞද්ධ සහෝරදවරු රාශියක් බ්ලොග් ඇතුලු සමාජ ජාල වෙබ් පිටු වල ඇතිවාට කිසිදු සැකයක් නැත. නමුත් සියල්ලන්ට ඇත්තේ එකම අවශ්‍යතාය. අප බෞද්ධකම රකින්න හදන්නේ කුමන දේ සිදු කරමින්දැයි මොහොතක් සිතන්න.

    බාර් අරින්න නොදීමෙන් ඇතැමුන් බෞද්ධ රට ආරක්ෂා කර ගැනීමට වළි කති. ඇතැම් දියුණු රටවල, ෆාමසි ද ඇතුළු ඕනෑම වෙළෙදසැලකින් අරක්කු හෝ බියර් ටින් එකක් මිලදී ගත හැක. තායිලන්තයේද එසේය. එහෙත්......හවස 6 න් පසුව බීලා පාරේ වැටිච්ච එකෙක් හොයා ගන්නට නැත. හිටියොත් බොහෝ විට ඒ ලාංකිකයෙකු විය හැක !!!

    ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අරක්කු හෝ බියර් මිලදී ගත හැක්කේ නගරයේ තැනක හෝ දෙතැනක ඇති බාර් එකකින් පමණි. එය පෝයට වසා ඇත. නිදහස් දිනයට වසා ඇත. අමධ්‍යප දිනයට වසා ඇත. රෑ 9.00 න් පසුව වසා ඇත. නමුත් ....
    හවස 6 න් පසුව බීලා වැටිච්ච අය හැම තැනම ය !!! එසේ නම් ගැටළුව ඇත්තේ බාර් ගණනෙහි නොව, මිනිස් හැසිරීම් තුළ බව පැහැදිලි ය.

    නියම බෞද්ධයා මුදල් හම්බ කිරිමේ රුසියෙකි. බුදු දහමේ සිටි අනේපිඩු සිටු තුමා මෙනි. එබැවින් ඔබ බෞද්ධයෙකු බවට පත්වන අතතුර සිටුවරයෙකුද වීමට සිතට ගත යුතුය....

    ReplyDelete
  8. හිතවත් අජිත් ධර්මකීර්ති සහෝ,

    නුඹ යුධ විරෝධී ස්ථාවරයක ඉන්න බව පේනවා නමුත් ලංකාවේ යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු පහළොවකට පමණ ආසන්න කාලයක් ගතවෙලා, දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නය මහජනතාව වෙනුවෙන් විවෘත වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අභියෝගයට ලක්වීමයි.

    රටක මහජන නියෝජිතයන් ලෙස දේශපාලඥයන් මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් පත් කරගැනීම සහ තනතුරු වලින් ඉවත් කිරීම කළ හැකි හොඳම ක්‍රමය තමයි නීතිය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් පත් කර ගැනීම. නමුත් ලංකාවේ පහුගිය කාලේ පුරාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බිඳවැටී නිරායුධ ත්‍රස්තවාදය තුලින් මහජන කැමැත්තක් නැති රනිල් වික්‍රමසිංහ යන දුෂිත ඒකාධිපතියා බලයට ඇවිත් ත්‍රස්ත විරෝධී පනත, අධික බදු බර වැනි ජනපීඩක දේවල් කරළියට පැමිණීම.

    ඔබත් මීට පෙර පෝස්ට් වල පෙන්වා දී ඇති පරිදිම ලංකාවේ වර්තමාන පාලකයා පත්කළේ පිටින්, විදේශ රාජ්‍ය වල අවශ්‍යතාව අනුව පත් කරපු භයානක රොබෝ කෙනෙක් මහාචාර්ය චන්දිම ගෝමස්ගේ වචන වලින්, පහුගිය කාලේ ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ ජනයා රජයට එරෙහිව පාරට ආවත් ඒ සමගම ගෝල්පේස් එකේ ආරම්භ වූ ලංකාවේ සංවිධානාත්මක ගෝටාගෝ අරගලය මෙහෙයවූවෙත් ඔවුන්ම බව දැන් ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ, ඒක ඇත්තද බොරුද කියල මම හරියටම දන්නෙ නෑ ඒත් අරගලයේ අග්‍ර ඵලය ලෙස ජනාධිපති ලෙසට රනිල් වික්‍රමසිංහ පත්වීම ගන්න පුළුවන්.

    හැබැයි ඩිමොක්‍රසි එහෙම නැතිනම් ප්‍රජාතන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වෙනස් මතයක් දරන ප්‍රතිවාදියකු සිටිය යුතුයි. ප්‍රතිවාදියා නැත්නම් ප්‍රජාතන්ත්‍රයක්
    අවශ්‍ය නැහැ. හැමෝම ඉන්නේ එකම මතයක නම් නිසිලෙස ප්‍රජාතන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රය නැති කිරීමට හොඳම ක්‍රමය තමයි ප්‍රතිවාදියා බලහත්කාරය යොදවා නැති කිරීම.

    ලංකාවේ අරගලය තුල ක්‍රියාත්මක වූ බොහෝ පිරිසක් පෙනී සිටින්නේ තම ප්‍රතිවාදියා "අවසන්" කිරීමටයි. එනම් ප්‍රතිවාදියා නැති කිරීමටයි. එය ප්‍රජාතාන්ත්‍රික නැහැ. මෙය සමාන වන්නේ ජර්මනියේ නාසියන් විසින් දියත් කළ “ඇන්ටිසෙමිටික්” හෙවත් යුදෙව් විරෝධී ෆැසිස්වාට්දයටයි.

    උදාහරණයක් විදිහට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෑත කාලය තුළ කරන්නේ ඩීට්‍රික් එකාර්ට්ට සමාන කාර්යයක්. ඒකාර්ට් තමයි ජර්මනියේ “යුදෙව් විරෝධී මනෝ පදනම” අහේතුකව නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ "රාජපක්ෂවාදය" නමින් අහේතුක පොතක් ලියලා එයත් සමග සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අතාර්කිකව ප්‍රලාපගත කරන්නේ.

    එකාර්ට් තමයි ඇඩොල්ෆ් හිත්ලර්ට මාරක ගැම්ම දෙන සෛද්ධාන්තික පදනම නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව ඒ ආකාරයට “යුදෙව්කරණය” කරන්නේ. ලංකාවේ ඉන්න නොම්මර එකේ “සිංහල බෞද්ධ බෑෂර්” තමයි නිර්මාල්. ඒ ව්‍යාපෘතියේ අල ගිය තැන් මුල ගිය තැන් ගැන පොතක් ලියන්න පුළුවන්. නමුත් එකාර්ට් වගේම නිර්මාල්ට ඒ ව්‍යාපෘතියේ ලැබිය යුතු තැන කවදාවත් ලැබෙන්නේ නැහැ. එය සකර්මකයි.

    දේවසිරිගේ සංකල්පීය හිත්ලර් පැටව් තමයි අරගලයේ උන්නේ. ඊනියා අරගලය හරියට පළමු නාසි හමුදාව විසින් බීර ශාලාවේ සිදු කළ පුච් කුමන්ත්‍රණයෙන් ආණ්ඩු බලය අල්ලන්න හැදුවා වගේ තමයි. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ඒ නින්දිත කූවට හුස්ම පිම්බේ නිර්මාල් බව සමාජ ජාල වල ඔහුගේ පෝස්ට් බලපු අය දන්නවා.

    ReplyDelete
  9. Contd

    ඇත්තටම අජිත් මේක විහිළුවක් නෙමෙයි. සරල උදාහරණයක් විදියට අර කූරගල සිංහයා හදා ගත්තු අය සහ ඒක බලන්න යන අය යයි. සල්ලි විසි කරන්න පුළුවන් අය ඒකට ආධාර දේවී. මිරකල් ඩෝම් හදන්න වගේ. හැබැයි හයිඩ්රාමණී එක මෑතකදී වසා දැමූ පලමු ඇඟළුම් කර්මාන්ත ශාලාව නෙමෙයි. ලෝකයේ රෙදි පිලි කර්මාන්තයේ ලොකු වැටීමක් තියෙනවා. ඒ වගේම ලංකාවේ මේ සදහා ශ්‍රමබලකාය සොයා ගැනීමේ ලොකු අපහසුවක් තියෙනවා. කොයි තරම් පහසුකම් දුන්නත් දැන් සේවකයෝ හොයා ගන්න නෑ. කෑගල්ල, යක්කල සහ පන්නල තිබුන ආයතන ගනනාවක් මෑත කාලයේ වැහුනා. ගොඩාක් අයට රැකියා අහිමිවුනා.

    කූරගල සිංහයාට හිනාවෙලා ෆන් ගන්න එක වෙනම ආතල් එකක්, හැබැයි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ වගේම ශ්‍රමය හොයා ගන්න එක ලොකු ගැටළුවක්. අවට රටවල අඩු මුදලට ලැබෙන ශ්‍රමය විශාල ගැටළුවක්. විශේෂයෙන්ම බංගලාදේශයේ, ඉතියෝපියා සහ කාම්බෝජයේ යන රටවල. ඒ රටවල වෘත්තීය සමිති නැති නිසාත් ආයෝජකයෝ ඒ රටවලට යනවා. අපිට මේතාක් කල් තිබුන එකම වාශිය අපේ තත්ව පාලනය සහ ශ්‍රමිකයන්ගෙ දැනුම. දැන් අනිත් රටවල් ඒ තත්වයට ඇවිත්... අරගලකරුවන් හෙවත් හිත්ලර් පැටවුන්ගේ මූලිකම සතුරා සිංහල බෞද්ධ ජාතියයි.

    නමුත් අවස්ථා වාදී කපටි දේශපාලනයක් කරමින් සිංහල බෞද්ධයන් මුල්කරගෙන එහි සංකේතය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවට න්‍යායාත්මකව ලකුණු කළේ නිර්මාල්. “ගෝඨාභය ගියා. එතනින් සිංහල බෞද්ධ බලය ඉවරයි” යනුවෙන් සෝබිත බෙරිහන් දෙන්නේ ඒ පදනමේ සිටයි.

    ලංකාවේ ඉන්න සිංහල බෞද්ධ ජාතිය මේ වන විට නාසි ආඥාදායක හිට්ලර් යටතේ පැවති ජර්මනියේ යුදෙව් ජාතිය වැටුණට සමාන අඩියකට වැටිලා. ඔවුන්ට එරෙහිව නව මූලධර්මවාදී ආන්තික ජාතිවාදී කඳවුරක් හැදිලා. එය ඩයබොලිකල් කඳවුරක්. සිංහල බෞද්ධ ජාතිය සමූලඝාතනය කිරීමට තරම් වෛරයකින් පිරි සහ හැකි කඳවුරක්. එහි බිහිසුණු ප්‍රකාශනය තමයි සමාජ ජාල වල දැඩි වෛරයෙන් මරණ තර්ජන සමගින් එන වෛරී කොමෙන්ටු.

    මේවාට විරුද්ධ වෙන්න ශක්තියක් දැන් සිංහල බෞද්ධ ජාතියට නැහැ. ඊනීයා ඊළඟට ජනාධිපති වෙනවා කියලා හිතාගෙන ඉන්න නාමල් රාජපක්ෂටවත් නැහැ. අවුරුද්දකට විතර කලින් බලයෙන් පහ කරලා රටෙනුත් අල්ලපු නන්දසේන ගෝඨාභයගේ වැරදි ගැන තවමත් කියව කියව ඉන්නේ ඒකයි. සැබෑ සතුරාට මුහුණ දෙන්න බයයි. රාජපක්ෂවාදය හදපු නිර්මාල් ඒක දැන් කඩලා ඉවරයි.

    ඊනියා රාජපක්ෂවාදය කියන්නේ පුස්සක්. එහෙම එකක් ඇත්තටම නැහැ. අන්න ඒක තමයි නිර්මාල් මේ කියන්නේ. එයා අහේතුකව නිර්මාණය කළ සතුරා හොඳටම අසරණ වෙලා කියලයි මේ කියන්නේ.මේක තමයි යථාර්ථය.

    දැන් තියෙන්නේ කුමන්ත්‍රණයෙන් අල්ලගන්න බැරි වුණ ආණ්ඩුව ඡන්දයෙන් අල්ලා ගැනීමයි. ලංකාවේ දේශපාලන වම-දකුණ කියන්නේ දැන් සෙලවෙන මනසට. දැන් ඉන්නේ සිංහල බෞද්ධ ජාතිය කම්මුතු කරන්න සැරසී සිටින නාසියන්. ඊට පස්සේ යුදෙව් සංහාරය පටන් ගනීවී. එකාර්ට්ට බැරි වුනාට ඒ සංහාරය සිය කුරිරු දෑසින් බලන්න නිර්මාල්ට ආයුෂ තිබේවි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇනෝ මගේ ලිපි සෑහෙන දුරට කියවල තිබ්බ නම් තේරෙන්න ඕනේනේ මම සිංහල බෞද්ධ ජාතිවාදියෙක් නොවනබව. කොටින්ම මම සිංහල බෞද්ධයෙක් නෙමේ. මම ඒ යෙදුමටත් කැමති නැහැ. බෞද්ධයෙකුට සිංහල, දෙමල, තායි ආදී වෙන්න බැහැ බෞද්ධ කියන්නේ බෞද්ධාගම පිළිපදින හෝ බුදුන් සරණ ගියේ කෙනකු පමණයි. හරි දැන් ඒක පැත්තකට දැම්මොත් ඔය අන්තවාදී අන්‍යාගමික සීන් එක //ඔවුන්ට එරෙහිව නව මූලධර්මවාදී ආන්තික ජාතිවාදී කඳවුරක් හැදිලා. // ඕක එන්නේ මෙහම. දකුණු කොරියාවේ ඉතිහාසය රැගෙන බලන්න. යුද්ධේ ඉවර වුනාට පස්සේ ඒ රට පට්ට දුප්පත්. ඇමෙරිකන් ආධාර එව්වට වැඩක් නැහැ. පස්සේ අමෙරිකාවෙන් යැව්වා කට්ටියක් හොයන්න හේතුව. ඔවුන් හොයා ගත්ත හේතුව ක්‍රි පු 372 ඉඳන් පැවත එන බුද්ධාගම, කොන්ෆියුසියස් ආගම, වතිකනයෙන් පාලනය කතෝලික ආගම - මේ තුන තමා දියුණුවට බාධා කරන්නේ එවල් උගන්වන්නේ අල්පේච්ච ජීවිතය , මරණින් මතු දෙව් සැප, ලාභ ගැනීමට වැඩ අසල්වැසියාට උදව් කිරීම වගේදේ කියල. අමෙරිකාවෙන් ඔයිට කලින් මාෂල් ප්ලෑන් එක යටතේ ජර්මනියට සහ ජපානයට උදව් කරද්දී ඔවුන් තේරුනා ජර්මන් කාරයන්ගේ ඔය අනම් මනම් දේවල් නැහැ මේ ආත්මේ ජොලියේ ඉඳල මැරෙන්න උන්ට ඕනේ. ඒ නිසා උන් උන්ටයි, ළමයින්ටයි, අනාගතයටයි ඉන්න රටක් හැදුව කියා. ඒ වගේම ජපානේ දැක්මත් වෙනසකට භාජනය වුනා . ඒක වර්තමාන ජීවිතය අගය කරන එකක්. පරණ දේවල් වලට මරාගෙන මැරෙන සමුරායි ක්‍රමය හෙම වෙනස් වුනා. උන් දියුණු වුනා.ඕව සැලකිල්ලට අරගෙන අලුත් ක්‍රිස්තියානි ආගමක් හඳුන්වා දුන්න කොරියාවට . ජෙරෙමියා වගේ කට්ටිය, ඊට අමතරව හුලංදා අන්කල් වගේ බෞද්ධ කියල නමින් ඉන්න ව්‍යාපාරිකයෝ හැදුව ජපානෙන් කොපි කරලා.ඒ අයට බඳින්නත් පුළුවන්. ප්‍රතිපලය වුනේ බෞද්ධාගම අදහන කට්ටිය 15% පමණ බැස්ස. අනිත් සම්ප්‍රදායික ආගම් වලටත් ඒක වුනා . කොරියන් මිනිස්සු ජීවිතය දිහා බලන විධිහ වෙනස් කළා. උන් හැදුව උන්ට එදිනෙදා හොඳට ජිවත් වෙන්න පට්ට රටක්. තේරුණාද මන්දා

      Delete
  10. අජිත් අංකල් මම මාර ප්‍රශ්නයක හිරවෙලා ඉන්නේ. පහුගිය අවුරුද්දේ මැයි මාසේ මැද ඇමතිලාගේ ගෙවල් ගිනි තියපු දවසේ යාලුවෙක් බයික් එකේ ඇවිල්ලා මට කතාකරා ඒ මචන් ගමනක් යමුකෝ කියලා.මම බෑ කියද්දිම ඌ මාව පෙරත්ත කරලා එක්කන් ගියා.ඒ කරලා කෙහෙලියගේ ගෙවල් පැත්තට යන ගමන් මට කීවා කෙහෙලියගේ ගේට ශොට් එක දෙන්න යන්නේ කියලා, මම සාමාන්‍යයෙන් වලි දාගන්න යන්න කැමති නෑ ඒ නිසා ඒක කීවා විතරයි මම මගින් බලෙන්ම බැහලා ආයේ ගෙදර අවා, හැබැයි පස්සේ උන් ගිහින් ගෙවල් ගිනිතියලා.

    ඊටපස්සේ මම බැහැල හෙල්මට් එක බාර දීල එනකොට ඒ හරියේ ගෙදරක සීසීටීවී වලට මාව නෝට් වෙලා.

    නුවර පොලීසිය සතියකට පස්සේ මාව අල්ලගත්තා, මම ඇත්ත කතාව කොච්චර කිව්වත් පිළි ගත්තේ නෑ අල්ලගෙන මාව හිරේදාලා රිමාන්ඩ් කළා, ලෝයර් කෙනෙක් හරහා ඇප ඉල්ලා සිටියා මට මට දවස් 10 කින් ඇප හම්බුනා දැන් තවම නඩුව යනවා .දැන් වාර කීපයක් මම ගියා ..අර ගිනිතියපු පොරවල් අහුවෙලා නෑ..මම හිතන්නේ උන් හෙල්මට් දාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

    මම පස්සේ මේ ගැන ඇමතිතුමාටත් ලියුමක් දැම්මා ඒත් නිර්දෝශී මාව ලිහෙන් නෑ වගේ
    යාලුවට කීවම කියනවා උබ බැහැලා ආපු හින්දා අහුවෙලා තියෙන්නේ නැතනම් අපිත් අහුවෙන්න ඕනනේ කියලා

    දැන් මට ජපන් යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා
    මම අහන්නේ මට ජපන් යන්න බැරිවෙයිද නඩුව තියෙනකොට

    එහෙම උනොත් ඇපකාරයින්ට ප්‍රශ්නයක් වෙයිද?
    එහෙම රට යන්න ගියොත් එයාපෝර්ට් එකෙන් මාව අල්ලලා ආයි එවයිද කියා හරියටම දැනගන්න ඕනේ මොකද මට වියදමම යන්වා ලක්ශ 30 ක් අපරාදේ එහෙම උනොත් සල්ලි
    මේ නඩුව ඉවර වෙන්න කොච්චර කල් යයිද
    මේකෙන් මට ගැලවීමක් නැතිවෙයිද?
    මගෙන් බොරුවට වන්දි අයකරගයිද ?එහෙම උනොත් මට ගෙවන්න සල්ලිත් නෑ

    අනේ මේක උත්තරයක් දෙන්නකො මට මැරෙන්න හිතිලා තියෙන්නේ. ගෙවල් වලිනුත් හැමදාම එපාවෙනකන් බනිනවා බනිනවා ඉවරයක් නෑ නඩුවටත් දවසට රුපියල් 4000 ක් විතර යනවා.ඇප්ගන්න දවස් වලනම් ලෝයර්ල පෝලිමේ ආවා දැන් එක්කෙනෙක් එන් නෑ..බැන බැන හරි තාත්තයි මායි උසාවි යන්නේ ..

    ප.ලි
    අනේ අජිත් අංකල් මේක කොහොම හරි පල කරන්න නුසුදුසු මොනවා හරි තියෙනවනම් කියන්න අයින් කරලා දෙන්නම් .ලෝයර්ගෙන් ඇහුව්ම හැම එකටම කියන්නේ කවද්ද කියන්න බෑ හැබයි දින්වලා දෙන්නම් කියලා විතරයි අපේ ලෝයර් කියනවා රට ගියත් කැදවනකොට එන්නවෙනවලු, මේකට වෙන ගෙදර කෙනෙකුට පවරලා රට යන්න පුළුවන් ක්‍රම තියෙනවාද? අනේ ප්ලීස් මට ඔයාලා උදව් කරන්න පින් සිද්ධ වෙනවා

    ReplyDelete
    Replies

    1. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතා ගන්න බැහැ. නම් ගම දාල ප්‍රසිද්ධ කරන්නකෝ. . අරගලය ආවේ ඉබේ. හොර කරපු එවුන් මුලදි හිටියේ නැහැ කියන පිරිස් තවම ඉන්නව. ඒ අය උදව් කරයි. මම නීතිඥයෙක් නෙමේ මේවට පිළිතුරු දෙන්න. කෝට් එකෙන් ගමන් බලපත්‍රය impound කරලා නැත්නම් ඔයාට ඕන රටකට යන්න පුළුවන්නේ. අනික නියෝගය කටුනායක ටත් යවන්න ඕනේ නේ. ගියාට පස්සේ මොන මගුලකටද යකෝ එන්නේ

      Delete
  11. වැටාධිපති සරණං ගච්චාමී කියල ලිස්සුවෙ, දේශපාලන සාකච්චාවලට ඇති අකමැත්ත නිසයි. ඒත් අජිත් එහෙම ලිස්සන්නෙ නැති නිසා ඒක අසාධාරණයි කියල හිතුනා. ලිපියේ මාතෘකාවට කෙලින්ම අදාල නම් නෑ, ඒත් බටර් ගෑමක් කියල හිතන්න එපා.

    අජිත්ගෙ පිලිතුරු බැලුවාම, මේ හැම ඇනෝ ලිපියක්ම කියවල තියනවා කියල තේරෙනවා. දීලා තියෙන පිලිතුරුත්, සෑහෙන මධ්‍යස්ථයි කියල හිතෙනවා. ඒත්, පස්පඩංගුවේ බැනුම් අහගන්නවා. මට මේ, ඇනෝ "ලව්-හේට් රිලේෂන්ශිප්" එක තේරුම්ගන්න අමාරුයි.🤔

    ReplyDelete
    Replies
    1. දැන් බස්සා තමන් ගැන හිතල බලන්න. බස්සා කියන්නේ මට ඇනෝ කෙනෙක්. බස්සා ආවේ කොහෙන්ද කියල දාන්නේ නැහැ. ටොරොන්ටෝ ද, හෙල්සින්කිද, අශ්බර්න් USA ද දන්නේ නෑ . නම දන්නේ නැහැ. software engineering පැත්තේ කියල හිතනවා දාන පෝස්ට් නිසා. එච්චරයි . ඇවිල්ල වැදගත් විධිහට කතාවක් කියල යනවා. ඉතින් මම කොහොමද ඇනෝ ලා එක්ක තරහ වෙන්නේ. මම ඔය මගේ බ්ලොග් රෝලේ ඉන්න භාගෙකටත් වඩා කවුද කියල දන්නේ නැහැ. එයාලාත් ඇනෝ තමයි. ඔය අතරේ ඇරියස් තියෙන ඇනෝ ලා ඉන්නවා. දාන පෝස්ට් එකට ඉරිසියා කරන ඇනෝ ලා, රුසියාවට පක්ෂ ඇනෝ ලාට ඇමෙරිකාවේ හොඳක් කිවොත් අප්සෙට් යනවා. සජබේ ට කැමති ඇනෝ ලා රනිල් ට හොඳක් කිවොත් අවුල් වෙනව . තමන් අරගලයේ හිටිය කියල හිතන ඇනෝ ලා අරගලය විවේචනය කරලා ලිවහම අවුල් වෙනවා. ජෙප්පෝ , පෙරේට්ටෝ කොහොමත් අවුල් වෙනවා . මොකද ඒ දෙගොල්ලම ඕනෑම ඇනෝ කෙනෙක් ලියන ඕන බොරුවක් විශ්වාස කරනවා. ව්මල්ට පක්ෂ ඇනෝ ලා බ්ලොග් වලට විරුද්ධයි. ඒත් කොමෙන්ට් දාන්න එනවා. ඔය ඕන එකක් හොඳයි පෞද්ගලික පමඩ ප්‍රහාර නැතිව. සමහර ඇනෝ මඩ එන්නේ දන්නවයි කියල හිතන අයගෙන් මයි. ඉතින් කොහොමද තරහ වෙන්නේ.

      Delete
    2. අජිත් ඇනෝලා ගැන කියන කතාවේ කොටසකට එකඟයි නමුත් ජාතික ජන බලවේගය ඇත්ත වශයෙන්ම ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ම කැප වී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන සැබෑ දේශපාලන පක්ෂයක් ලෙස ඔබ කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බව අවබෝධ වෙනවා ඕන කෙනෙකුට

      ඔබ විදුලි ඉංජිනේරුවෙක් මෙන් පෙනී සිටින impersonation පුද්ගලයෙකු ලෙස ඔබ මොකද හිතන්නේ ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන් වබට ලංකා පාරිභෝගික අධිකාරියේ ඇස්තමේන්තුවගැන?

      ලංකාව තුල විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. එතකොට අර මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි.

      ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් ලබා දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ලබාදී ඇති තොරතුරු වලට අනුව ජල විදුලිය නිපදවීමට යන්නේ ඒකකයකට රුපියල් 3.05යි.

      සම්ප්‍රේෂණ වලදී සිදුවන නාස්තිය පරිපාලන වියදම් ඒ සියල්ල එකතු කරලා රුපියල් 3.50 ට මෙම අගය තියමු. එහෙම නම් පළමුවන ඒකක 49 ලංකාවේ සිටින සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 3.50 ට දෙන්නට පුළුවන්.

      නමුත් විදුලි බල මණ්ඩලය යෝජනා කරපු විදියට පලවෙනි ඒකක 30 දෙන්නෙ රුපියල් 30 ගානේ. ඒකක 90 වෙන් පස්සේ මේක රුපියල් 50 වෙලා තවත් වැඩිවෙමින් යනවා.

      ඔය අතරේ සුපිරි මහල් නිවාස සාප්පු සංකීර්ණ රජයේ කාර්යාල සඳහා අය කරන්නේ පළමු ඒකක 180 දක්වාම රුපියල් 40 බැගින්.

      සරදියෙල්ගේ යුගයේ පටන් අපි අහල තිබ්බේ නම් තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙනවා කියලා. ඒ වගේම වර්තමාන රනිල් වික්‍රමසිංහ මෙහෙයවන දූෂිත ආණ්ඩුවේ බදු පැනවීමේ අරමුණු මේකෙන් පැහැදිලිව පෙනෙන අතර රජයක් විසින් ලොව පිළිගත් මූලධර්ම අනුව කටයුතු වන්නේ ඇති අයගෙන් අරගෙන නැති අයට යවලා ආදායම නැවත බෙදා හැරීම.

      නමුත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දූෂිත පාණ්ඩුව කටයුතු කරන්නේ වැඩියෙන් සල්ලි තියෙන මිනිහගේ විදුලි බිල දූප්පත් මිනිහට පටවලා. සමාජ සාධාරණය පැත්තෙන්, යුක්තිය පැත්තෙන් අසාධාරණ ලෙසයි විදුලි බිල වැඩි කරලා තියෙන්නේ.

      මෙන්න මේ රනිල්ගේ අමන ආණ්ඩුවේ නිරුවත වසාගෙන හිටපු පිරුවට එළියට ඇදලා දාලා රටට හෙළිකිරීම තමයි හෙට දිනේ ජනක රත්නායක දංගෙඩියට ගෙන යෑමට මිනිහා කරපු වැරැද්ද වෙලා තියෙන්නෙ.

      ජනක රත්නායක කියන්නේ නන්දසේන බලයට ගේන්න කඩේ ගිය සහ පොහොට්ටුවේ අන්තේවාසිකයෙක් බව ඇත්ත තමයි ඒත් මේ මොහොතේ ඔහු ගෙනයන ජනතාවාදී වැඩපිළිවෙළට සහාය දීමට අප කටයුතු කළයුතුයි පාරිභෝගික ජනතාව වෙනුවෙන්

      Delete
    3. //ඔබ විදුලි ඉංජිනේරුවෙක් මෙන් පෙනී සිටින impersonation පුද්ගලයෙකු ලෙස // ඔයාගේ ඔලුවේ වෙන්න ඇති මම imperonate වෙලා තියෙන්නේ. මම හැම වෙලේම කියල තියෙන්නේ ඉගෙනගෙන ඩිග්‍රිය ගත්ත කියල විතරයි. හැම රටකම විදුලි බල හා ගෑස් මිල ඉහල ගිහිල්ල තියෙන්නේ. ආණ්ඩුවේ සහනාධාර දීලා විදුලිය දෙන එකේ තේරුමක් නැහැ

      Delete
    4. ඇනෝ මොස්කව් වල පුෂ්කින් විශ්ව විද්‍යාලයට ගිහිල්ල රුසියානු භාෂාව ඉගෙනගත් කෙනා කවුද කියල හොයන්න. ජවිපෙ හරහා ගියේ (ජයවර්ධන පුර සරසවියේ කෙනෙක්) පස්සේ ජවිපෙට පයින් ගැහුවා. ඊට පස්සේ අති විශාල ධනවතෙක් වුනා රාජපක්ෂලාට හේත්තු වෙලා

      Delete
  12. අජිත් ලංකාවේ දේශපාලනය ලංකාවේ කරන එක සත පහකට වැඩක් නැති ගොබ්බ වැඩක්, දියවන්නාවේ ඉන්න කයි පප්පලා 225 ට අලුතෙන් තව කයිවාරුකාර නිකම්මු ටිකක් බෝ කරන එකම විතරයි, ඔය සජබෙයි එජාපෙයි පොහොට්ටුවෙයි මාලිමාවෙයි අන්තරෙයි ලොක්කොන්ගේ ළමයි සහ ඊළඟ දෙවෙන පරපුරේ උන් මහජන මුදල් නාස්ති කරමින් දිගටම සිස්ටම් එක පවත්වාගෙන යන්න ඊළඟ සෙට් එකට පුරුදු වෙනවා විතරයි.

    වෙලාවට අපිනම් ලංකාව දාල මාරු වුණ නිසා ගොඩ කියලා කියන්න පුලුවන්, ඒත් ලංකාවේ මිනිස්සුන්ට සහ ඊළඟ පරපුරට හොඳ ජීවන තත්ත්වයක් ඇතිව ඉන්න නම් ලංකාව සේරටම කලින් රටේ ආර්ථිකය නැංවීමට සහ ස්ථාවර කර ගැනීමට අවශ්‍ය ඍජු පියවර ගැනීම අත්‍යවශ්‍යයි නමුත් ඒ ගැන ඔය නිකමුන්ගේ කිසිම අදහසක් හෝ කිසිම වගක් නෑ, බලන්න ලංකාවේ අපනයන කර්මාන්ත වලට වෙලා තියෙන දේ?

    ගෝලීය WTO එක නිදහස් වෙළඳපොල ක්‍රමය විස්වාස කරන එයමත ගොඩනැගී ක්‍රියාත්මක වන නිසා ජාත්‍යන්තර වෙළඳපොළ මත යැපෙන ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වීමට දේශීය මෙන්ම ගෝලීය සාධක කිහිපයක් බලපානවා. මෙම සාධක ගතිකයි (dynamic). ඒවායේ හැසිරීම පිළිබඳව මනා විමර්ශනයක් සහ නිරන්තර අධ්‍යනයක් නොකිරීම දැඩි අවාසියකට පාර කපනවා.

    ලංකාවේ පසුගිය වසර හය හත තුල සිදු වූ වෙනස්කම් (ලංකාවට වඩා අඩු වියදම් සහිත ශ්‍රම බලකායක් ඇති රටවල් කිහිපයකම භාණ්ඩ නිමාවේ ගුණාත්මක බව ඉහල යාම, ලංකාවේ දේශපාලනික සහ ආර්ථික අස්ථාවර භාවය. ලෝක වෙළඳ පොළේ ආර්ථික පසුබෑම ආදිය) බොහෝ ඉහල තලයේ ව්‍යාපාරිකයන් හඳුනා ගත්තා. මේ නිසා ඔවුන් ඉන්දියාව, බංගලිදේශය, වියට්නාමය සහ අප්‍රිකාවේ සමහර රටවලට තම ආයෝජන රැගෙන ගියා. ඔවුන් රැගෙන ගියේ ආයෝජන පමණක් නොවේ ලංකාවේ දශක 3 ක් පමණ වැඩි දියුණු වූ භාණ්ඩ ගුණාත්මකබාවය, කළමනාකරණ දැනුම සහ ලංකිකය සතු නිර්මාණශිලිත්වයයි. මේ නිසාම ලංකාවට සිදුවන අවාසිය වඩ වඩාත් වර්ධනය වුණා. මේ බව රජය නොදුටුවා සේ සිටියා. සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන්ටද මේ පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ.

    ලංකාව ඇඟළුම් ක්ෂේත්‍රය අතහැර ඩිජිටල් fashion design, AI, robotics, smart IT ආදී නව ව්‍යාපාර කෙරේ යොමුවීමට තිබුණේ මීට වසර 5කට පමණ පෙර බව මගේ හැඟීමයි, ඉදිරියේ අප්‍රිකාවේ රටවල්වල වේගවත් ආර්ථික සංවර්ධනය සමග චීනයේ ඇති චීන සහ සමහර බහුජාතික සමාගම්වල ඇතැම් ලෝටෙක් කර්මාන්ත ශාලා අප්‍රිකාව දෙසට විතැන් කිරීම සහ චීන ආර්ථිකය හයිටෙක් සංවර්ධිත ආර්ථිකයක් ලෙස ඊළඟ පියවරට යාමත් සමග ලංකාවට ඇපත් නැති වන බව අවබෝධ කරගෙන දැන්වත් ඒකට පියවර ගත යුතුයි ඔය වගේ මෙලෝ වැඩකට නැති රට බයිලා නවත්වලා, ඔබට පුළුවන් නම් ඒකට මොනව හරි කරන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. මම වැඩ කරන කම්පනියේ ශාඛාවක් ලංකාවේ තිබෙනවා, අපේ හිටිය හොඳ ප්රෝග්‍රමර් (ලංකාවේ) කෙනෙක් මුලිකව හැදුනේ. මම සෑහෙන උදව්වක් කරා ඒක පිළිබඳව බොසා ලා එක්ක කතා කරලා. . නමුත් මේ බදු කෙලිය නිසා කිහිප දෙනෙක්ම අස් වෙලා ගිහිල්ල පිටරටවලට .

      Delete
  13. ධර්මකීර්ති අයියේ, ඔයා එංගලන්තය නැත්නං බ්‍රිතාන්‍ ලිබරල් රටක් කියලා කයිය ගහන කෙනෙක්නේ, එතකොට ඔයා කොහොමද කියන්නේ මැදපෙරදිග රටක ඉපදිලා මහමදික සංස්කෘතික උරුමයට කණ පුරෝලා පාරක් දීනු මියා කලීෆා බ්‍රිතාන්‍ ඔක්ස්ෆර්ඩ් සංගමයට දැන් හොඳ ළමයෙක් වීම ගැන, දෙවියන් වහන්සේ ඉස්සරහා...

    ඇත්ත මියා කලීෆාට වඩා හොදට ප්‍ෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රිකට්ක්‍රීඩාවේ ඕනතරම් ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ සංගාට.

    මියාට චාන්ස් එක එන්නේ පෝන් නිසාම නෙවෙයි. ඒ වගේම සංගාට චාන්ස් එක එන්නෙත් ක්‍රිකට් ගැහුව නිසාම නෙවෙයි. එයාල ඔක්ස්ෆඩ් බලන නිර්ණායක වලට සෙට්වෙන නිසා.

    මම හිතන්නේ ඔක්ස්ෆඩ් නිර්ණායක සකස් වෙන්නේ එයා පෝන් නිසාවත් මෙයා ක්‍රිකට් නිසාවත් නෙවෙයි. ඊට වඩා වෙනස් දේවල් ටිකක් නිසා ඔක්ස්ෆඩ් උත්තේජනය වෙන නිසා. නැත්නම් එයාල බලන මොනවදෝ වටිනාකම් ප්‍රමාණයක් මෙයාල දරන්ඉන්න නිසා.

    දැන් මියා ඉන්ඩස්ට්‍රි එකේ නැතුව විතරක් නෙවෙයි ඒ ඉන්ඩස්ට්‍රි එකේ තියන භයානකකම එයා පෙන්නලා දෙමින් ඉන්නවා. හැබැයි එයා ජනප්‍රිය වෙන්නෙම ඒ නරකයි කියන නිෂ්පාදන මොඩලය ඇතුලේ.

    දැන් මියා ඒ නරක නිෂ්පාදන මොඩලයට සමුදීල, ඒකේ නරක පෙන්නලා දීල, පවුලක් පන්සලක් වෙලා, අනික් අයට මෙන්න මේ වගේ වෙන්න කියල ''හොඳ ළමයෙක්'' හැටියට දැනමුතුකම් දිදී වික්ටෝරියානු සංස්කෘතියේ උඩගෙඩි දෙමින් ලෝකෙ වටේ යනවා. හැබැයි මේ ''නරාවලට'' වැටුණු තව සිය දහස් ගණනක් කොල්ලෝ කෙල්ලෝ ඒකට බනින්නේ නැතුව දිගටම වැඩේ කරන් යනවා. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක දැනගන්න ඕනි නම් එයාලට කතා කරානම් හරි. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න, තමන් කරන දේ ගැන වැරදිකාරි හැඟීමක් නැති, ඒකට බනින්නේ නැති කෙල්ලන්ට කොල්ලන්ට මගේ මෙව්වා එක.

    දැන් අර අරවින්ද වගේ අය තමන්ගේ විදියට ක්‍රිකට් ගහල පැත්තකට වෙලා අයිඩියල් බිස්නස් එකක් කරගෙන ඉඳහිට ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෙලා දන්න දේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා මිසක් ඕන එකටයි එපා එකටයි ජාතික සමගියයි ජාතිවාදියා ආගමයි සංස්කෘතියයි ආදී විවිධ බහුබූත වලට ලෝකෙට උපදෙස් දෙන ගොන් පඩ සංගලා වගේ බකපණ්ඩිත මහදැනමුත්තෝ වෙන්න ගියේ නැහැ.

    අනික නිර්ණායක වලට අනුව අරවින්ද හොඳ ළමයෙකුත් නෙවෙයි. ඒ නිසා අනික් අයට වැඩිය උපදෙස් දෙන්න යන්නත් බැහැ.

    නමුත් සංගා කියන්නේ ඔක්ස්ෆඩ් වලට ''හොඳ ළමයෙක්''. සෝ කෝල්ඩ් ඊනියා මහත්මයෙක්. මිනිස්සු යහමඟ ගන්න උපදෙස් දෙන්න පුළුවන් ආදර්ශමත් කෙනෙක්. ඒ සේරටම වඩා ඉහළින් එයා හිටපු ගෝත්‍රික බුද්ධාගම අතහැරල දෙවියන් වහන්සේට ආදරය කරන දෙවියන් වහන්සේ සමග සම්බන්ධව කරන දේව ධනය ආයෝජනය කරන දිවැසිවරු එක්කත් සම්බන්ධයි.

    බෝනගේන් චර්ච් එක ඔහු වෙනුවෙන්ම රුපියල් බිලියන ගණනක ආයෝජන කරලා ඒවායේ ඔහු පාට්නර් කෙනෙක් වෙලා

    ඇත්තටම මාත් ලංකාවේ ඉන්න ගොබ්බ ටිකක් හිතුවට ඔක්ස්ෆඩ් රැඩිකල් කියල එයාල ඇත්තටම යක්ෂයා එක්ක ඉන්න අයට ආරාධනා කරන්නේ නැහැ. එයාල ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේ පැත්තට හැරුණ අයට. නැත්නම් හැරෙන්න ඉන්න අයට. වික්ටෝරියන් වටිනාකම්, පවුල, රාජ්‍යය පැත්තට හැරුණ අයට. කොටින් කිව්වොත් හොඳ ළමයින්ට.

    අපි උන්ට කවි ලියන්න හදිස්සි උනාට ඔක්ස්ෆඩ් තවම සවිඥාණිකව 'හොඳ ළමයින්' හොයනවා. ඒ නිසා තවම ඔක්ස්ෆර්ඩ් එක වික්ටෝරියන්. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මොකෝ මහේෂ් හපුගොඩ ලියන ඒවා දැන් ලංකා නිව්ස් වෙබ් එකේ වැටෙන්නේ නැත්ද?

      Delete
  14. මචං අජ්ජයියා, අවුරුදු තිස් හයක මගේ ජීවිත කාලය පුරාම ඔය දේශපාලන පක්‍ෂ වලට වාල් කම් කරන උන් හැදිලත් නෑ ලංකාවේ ජඩ මාධ්‍ය සංස්කෘතිය හැදිලත් නැති බව සහතික කර කියන්න පුළුවන්, මෙතන මාධ්‍ය ගැන කතා කරල නැති නිසා මම යමක් කියන්න ඕන දැන් අජිත් අයියා නිකමට හිතන්නකෝ ලංකාවේ ඉන්න Playboy type කොල්ලෙක් ( හිතමු රාජගිරියේ එකෙක්) ආසාවට මෙහෙම Pain room එහෙම නැත්නම් Re.d room එකක් හදලා තිබ්බා කියලා. ඒක දැකපු ලංකාවේ පත්තර වල එහෙම නැත්තං ප්‍රවෘත්ති වන කොහොම කියයිද?

    මෙහෙම නෙවෙයිද?

    සිරස මීඩියා නෙට්වර්ක්/ නිව්ස් පස්ට් - Breaking news. අප දැන් යොමු වෙනවා එම ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ අතිශය භයානකම වධකාගාරය තුල දර්ශණ වෙත. මෙන්න බලන්න... මේක... මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ... (රඟපා හාන්සි වී පෙන්නයි..)

    සියත මාධ්‍ය ජාලය - රාජගිරියේ තරුණයක්ගේ නිවසක වධකාගාරයක්. මාස ගාණක් විවිධ තරුණියන්ට වද දීලා.

    දිනමිණ - නැවතත් භීෂණයක් ? රාජගිරියේ නිවසක වධකාගාරයක්. පොලීසිය සීරුවෙන්.

    ස්වර්ණවාහිනී - කෘර ලොව තුල ඔබ , දැනගෙන යන මග , සැම විට මිණි කැට , ලලනාවනි පරිස්සමින්. පේනවනේ කුරිරු ලෝකයේ හැටි රාජගිරියේ රතු වධකාගාරයක්.

    හිරු - රාජගිරියේ වධකාගාරය . ක්‍රිකට් ක්‍රීඩකයෙක් සොයා පරීක්ෂණ.

    රූපවාහිනි - රාජගිරියේ හදිසි තත්වයක්.

    අද දෙරණ - හදිසියේ රාජගිරියෙන් මතුවු පුදුමාකාර වධකස්ථානය... ඇත්ත දැනගන්න රැඳී සිටින්න අප සමග...

    ඔන්න ඔය වගේ...

    ReplyDelete
    Replies
    1. මේක මේ මෞර්ය රාජ් ගේ වෝල් එකේ තිබ්බ එකක් නේ

      Delete
  15. //දැන් බස්සා තමන් ගැන හිතල බලන්න. බස්සා කියන්නේ මට ඇනෝ කෙනෙක්....//

    සොරි, එතන ගහ දිගේ බහින්න වරුවක් යන නිසා වෙනමම දැම්මා. ප්‍රොෆයිල්/ ඇනෝ දෙකම එකයි කියන තර්කයට මම එකඟ නැහැ. වචන හරඹයක් විදිහට දෙකම එකයි කියල, කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත්, වෙනස accountability.

    අජිත් නියම නමින් ලියන එක, මට අවුලක් නෑ. තව කෙනෙක් නමයි, රස්සාවයි, ගෙදර ඇඩ්‍රස් එකයි ඔක්කොම දාගන්නත් පුළුවන්. ඒක එක, එක්කෙනාගෙ කැමැත්ත. මෙතන තියෙන්නෙ "පෞද්ගලිකත්වය" පිලිබඳ ප්‍රශ්ණයක්. බස්සා කියන්නෙ persona එකක්. හැබැයි වගකීම් සහිත "සීමිත" සමාගමක්. ඔව් දෙබිඩි චරිතයක්, කැමති නං එහෙමත් කිව්වෑකි. on-line scammers, cyber bullies එහෙමත් හරිම කැමතියි ඇත්ත විස්තර දැණගන්න. බ්ලොග් ලියන්න, මම කව්ද කියන එක අදාල නෑ කියන එකයි මගේ තෝරා ගැනීම. අනික හිතන්න, ඇත්ත නමින් එන ඊලන් මස්ක් පෙන්නන persona එක ඇත්තයි කියලද හිතෙන්නෙ?

    මම අජිතට ඇනෝල එක්ක තරහා වෙන්න කියල අදහස් කලේ නෑ. ඒක කම්ප්ලිමන්ට් එකක්, උපේක්ෂාවෙන් ඉවසා වදෑරීම ගැන. අපි අනුන්ගේ මතයට, කැමැත්තට ගරු කරනතාක් කල් ප්‍රශ්ණයක් නෑ. අවුල එන්නෙ, මගේ ක්‍රමේ, බොගේ ක්‍රමේට වඩා ඉහලයි කියල කියන්න ගියොත් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක කම්ප්ලිමන්ට් එක්ක කියල මට තේරුනා. මමත් වරදක් නෙමේ කිව්වේ. මම නොදන්නා හැම කෙනෙක්ම මට ඇනෝ කෙනෙක්. ඇනොනිමස් කියන වචනේ වරදක් නැහැ. මම ඒකනේ ට්‍රොල් කියල වෙන වචනයක් භාවිතා කරන්නේ. මට ඔය රනිල් චෝදනාව හැම තැනම දාන කෙනාගේ පටන්, තවම නෙලුම් යාය ගැන කතා වෙච්ච ඒවා පුන පුනා කියන අය , රුසියන් මොකද්ද කතාවක් කියාගෙන යන අය ඒ අය ට්‍රොල් කරන වුන්. බස්සා , ලිට්සිකර්, ලෝටස්, බුරතිනෝ , විසිරි සිහින වගේ ගොඩක් ඉන්නව ,මම දන්නේ නැති. ඔයාලා මට රෙස්පෙක්ටබ්ල් ඇනෝ ලා. බ්ලොග් අඩවියක් තියනවා කියන්නෙම එක්තරා විධිහකින් ඇනෝ කෙනෙක් නෙමේ තමා. මොකද රිටන් එකට චාන්ස් එකක් දෙන නිසා සහ ගූගල් එකට කීවොත් හොයා ගැනීම අමාරු නැතිනිසා. නමුත් සමහර ඇනෝ ලාට ඕන තරම් බ්ලොග් අඩවි තියෙන්නත් පුළුවන්. - අනික මමත් දාන හැම දෙයින් මගේ persona එක එළිවෙනවා කියල හිතන්නේ නැහැ.

      Delete
  16. වොලී බැස්ටියන්ගෙ... සින්දුහ මරු

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. මෑතක් වෙනකන් නමියා ත් මට ඇනෝ කෙනෙක් තමා. නමුත් නිදි ෆොටෝ එකක් දාලා අඳුන්වලා දුන්නනේ. 😀

      Delete
    2. අනේ අනේ බෝල අජිත් ලොක්ක. මන් අනෝ කෙන්කේද බොල 😂

      ඔයා දකින විදිහෙත් හරි අජීලොක්ක. ඒත් බස්සා කිව් කතාවට මං මනාපයි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .