Friday, 25 April 2025

සත පහකට ගණන් ගන්න එපා

“The desire for more positive experience is itself a negative experience. And, paradoxically, the acceptance of one’s negative experience is itself a positive experience. (p.9)”
― Mark Manson, The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive

මේක තිබ්බේ මම කාලෙකට ඉස්සර කියවපු පොතක .  මුල හරියෙම වගේ නිසා මේ  ක්වෝට් එක මතක හිටිය. මේකේ තේරුම තමා   "වඩා ධනාත්මක අත්දැකීම් ලැබීමේ ආශාව, කියන්නේ සෘණාත්මක අත්දැකීමක්. ඒ වගේම එහි විරුද්ධභ්‍යාසය , තම සෘණාත්මක අත්දැකීම පිළිගැනීමම ධනාත්මක අත්දැකීමක්ය යන්න .  (පිටුව 9) - පොත ලියල තියන්නේ මාක් මැන්සන්   පොතේ නම - බුද්ධිමත් විධිහට ගණන් ගන්නේ නැතිව ඉන්නේ කොහොමද වගේ එකක්. 

දැන් මේකේ තේරුම බලමු ආදී කාලේ අපේ කට්ටිය ගිය සිරීපාදෙ වන්දනාවෙන් .  අපට ඉස්සර කියල දෙනවා බෞද්ධයෝ තම ඉඩ  කඩම්  හෙම ලියල දීල තමා යන්නේ කියල (අන්තිම කැමැත්ත).  හිතා  ගන්න පුළුවන් අර වැටවල් නැති හරියේ පය ලිස්සුවොත් හෙම වෙන දේ .  දැන් මේක සෘණාත්මක අත්දැකීම් සමූහයක් හරහා අන්තිමට උඩට නැගල වැඳලා ,  ඝන්ටාරය ගහල,  ඉර සේවය බලල ධනාත්මක අත්දැකීම් ටිකක් ගන්නවා නේද . ඒකනේ වැදගත්.

ඉස්සර යුරෝපයේ ආගමික ස්ථාන  වලට යන පිල්ග්‍රිමේජ් හෙවත් වන්දනා ගමනුත් ඒ වගේම  අමාරු ,  සමහර විට බිහිසුණු ඒවා .  නමුත් මිනිස්සු ගණන් ගත්තේ ඒ දෙඅල් .  මක්කමට හජි වන්දනාවේ  යන නඩ  වල කවුරුහරි හැම  අවුරුද්දෙම වගේ තෙරපීම නිසා, අධික රස්නය නිසා  මැරෙනවා .  ගිය අවුරුද්දේ නමසීයකට  වැඩිය පිරිසක්  මැරිලා තිබෙනවා.      ඒ සෘණාත්මක අත්දැකීම් තියෙද්දී හැම අවුරුද්දෙම බැතිමතුන් යනවා වන්දනාවේ.  අවසානයේ මක්කම වැඳලා ලැබෙන ධනාත්මක අත්දැකීම් වඩා හොඳ  යයි බැතිමතුන් කල්පනා කරන නිසා.

අපි 2023 ලංකාවට ආපු වෙලේ නුවර පෙරහැර බලන්න ගියා .  දුවල දෙන්නට ඒ අත්දැකීම දෙන්න ඕනේ නිසා .  මුලින් හොයල බැලුවහම කඩ,  සාප්පු  ඉස්සරහ පුටු දාල විකුණනවා එකක් රුපියල් 15000ක්. අම්මටයි ,  බිරිඳටයි දුවල දෙන්නටයි බලන්න කීවට එයාල කැමති නැහැ මම නැතිව . ඒ වගේම  වැසිකිළි පහසුකම් වලට හෙම ඈතට යන්න ඕනේ .  අනික ඒවා පිරිසිදුයි කියල කියන්නත් අමාරුයි.  හොඳම හෝටලයක ඉඩ තිබුන පුටුවක් රුපියල්  20000 ගානේ .  හැබැයි අවස්ථා දෙකේදීම පෙරහැර පටන් ගන්න පැය දෙකකට කලින්වත් ඉන්න ඕනේ .  තැන දාල ගියොත් වෙන කෙනෙක් ඉඳගන්න ඉඩ තියනවා .  (ඩබල් බුකින් ) . ඔය සෘණාත්මක අත්දැකීම් වලට මම කැමති නැහැ .  අනික මගේ වයසක අම්මත් ඉන්නව .  යාළුවෙක් හොඳ  ඔත්තුවක් දුන්න  පෙරහැර යන පාරේම සංචාරක  හෝටලයක උඩ  රෙටුරන්ට් එකේ ඉඳන්  බලන්න  පුළුවන්.  මැනේජර් මම ලන්ඩන් ඉඳන් කියල දැනගෙන පහල තට්ටුවේ පාර පැත්තේ කාමර දෙකක් වැඩි ගානට ඔෆර් එකක් දුන්න .  මම කාමර තුනක්ම  ගත්ත .  ගාණ අහන්න එපා .   තුන් ගුණයක් විතර වැඩියි .  ඒක සෘණාත්මක වුනාට පෙරහැර නිදහසේ ඔක්කොටම  බලන්න පුළුවන් ධනාත්මක  අත්දැකීමක් නේ ලැබෙන්නේ.  ඉතින් බැලුව හොඳට කකා බිබී.  හැමෝම සතුටින් .  වහින්න ගත්ත .  දැන් අම්මට , බිරිඳට හෙම  දුකයි .  පල්ලහ මිනිස්සු තෙමෙනවා .  ඒක සෘණාත්මක අත්දැකීමක් වුනාට එයාලට ,  මටනම් තේරුනේ ජනතාව වැස්ස බලාපොරොත්තුවෙන් ඇවිත් තියෙන වග.  ටිකක්  රෑ වෙනකොට  ළමයි හෝටලෙන් එලියට ඇවිත් පාරේම ඉඳන් බැලුව මොකද වැස්සට ගොඩක් අය එහෙ මෙහෙ වෙච්චි නිසා. 



මම අහල බැලුව ජනතාවට තිබෙන වැසිකිලි පහසුකම්  ගැන හෙම. ඔය දැන් යන කතාවම තමයි. ජංගම ඒවා තිබ්බට මදි .  ඒවා ඈතින් ඈතට තියෙන්නේ. පිරිමි නම් බිත්ති අයිනට යනවා .  සමහරු  කඩ පිටිපස්සේ ,  බෑග් වල . සමහර වෙලාවට කඩවල් වල අපිරිසිදු වැසිකිලි උතුරා යන වෙලාවලුත් තිබෙනවා .  නමුත් මෙතන ගෙවපු සෙට් එකක් ඉන්න නිසා, තමන්ගේ කඩ පිල ඉස්සරහ තැන විකුණන්න පුළුවන් නිසා  කවුරුත් වැඩි  සද්දයක් කරන්නේ නැහැ. ලාභයක් තියෙනව නේ.  උදේ අපි දැක්ක හැම තැනම කුණු .  නගර සභාවෙන් ඇවිත් පිරිසිදු කරනවාත් දැක්ක. සුළු ප්‍රශ්න   වගයක් ආව , හෝටලෙන් බෑග් අරන එනකොට පුටු සහ පදික වේදිකාව විකුණන චණ්ඩින් ගෙන් සහ වෑන් එක නවතන්න දුන්නේ නැති පොලිසියෙන් .  සත පහකට ගණන් ගත්තේ නැහැ දෙගොල්ලවම. අපේ වැඩේ අපි කළා.  මොකද අපිට හොඳ ධනාත්මක අත්දැකීමක් ලැබිල තිබ්බේ . 

ඔය ඉන්දියාවේ යනකොට බිහාර් ප්‍රාන්තයට බස් එකෙන් යන හරියක්  තියනව. පැය ගාණක් .  අතරමග නවත්වනවා පොඩි ගමක. වැසිකිලි හෙම නැහැ. ඒ මිනිස්සුත් කුඹුරට තමා යන්නේ .  අහල පහල  කැලේට යන්න කියනව බවලත්තු වෙනම .  පිරිමි වෙනම.  ඔය සීන් එක අපට මුලින්ම කියල තිබ්බ නිසා එදා උදේට යන්තන් කාල ,  දවල්ට  අපි නොකා හිටිය .  අම්මයි මමයි ගමන් ගියේ . දවල්   කෑම දෙක  නවත්වපු තැන හිඟන්නන්ට දුන්න .  සීන් එක නොදැන හිටි අය බැන බැන වතුර බෝතල් අරන් දොට්ට පිලට ගියා. අපි හෝටලේට යනකන් අල්ලන් හිටිය . වන්දනා ගමන් යනකොට පරිස්සමින් යන්න ඕනේ .    

මම තරමක් නිරගාමික අයෙක් නිසා දළඳා වන්දනාවක් ගැන ලොකු භක්තියක් නැහැ .  නමුත් රජයක් පත්වෙන්නේ කොටසකට පමණක් නෙමෙයි  නේ .  මඩු  වන්දනාව ,  කතරගම වන්දනාව, නල්ලුර් කෝවිල් වන්දනාව වගේ ඒකත් එකක්. රටේ බහුතරයක් ජනතාව තමන් හඳුන්වා ගන්නේ බෞද්ධ කියල .  ඒකට ඉඩ ප්‍රස්ථාවක් සලසන එක ගැන වැරැද්දක් කියන්න බැහැ. වෙනත් විවේචනත් තියනව .  බට් හූ ගිව්ස් අ එෆ්***.   

දැන් බෞද්ධයෝ එන්නේ ලොකු භක්තියකින් ශ්‍රී දළඳාව වැඳ පුදා ගන්න සහ ඒ ලැබෙන පින  කියන ධනාත්මක අත්දැකීමත් ලබා ගන්න .  නමුත් ඒක ලබාගන්න  තිබෙන ආශාව නිසා  කරන්න ඕන දේ  ඇත්තටම සෘණාත්මක අත්දැකීම් නේ .  මිනිස්සු ඒක දැනගෙන නේ එන්නේ .  පොඩි බලාපොරොත්තුවක් තියෙන්න ඇති ආණ්ඩුව අලුත් නිසා හොඳින් බලාගනී කියල .  නමුත් එහෙම හිතපු අය හිතුවට වඩා වැඩි වීමෙන් හැමෝටම සෘණාත්මක බලාපොරොත්තු ලැබුනේ , ලැබෙන්නේ .  

හැබැයි අවුරුදු දෙක තුනක් කතා කරන්න අත්දැකීම් ටිකක් ලැබිල තියෙනවා .  ඔය සෘණාත්මක අත්දැකීම් විඳගෙන ,  බුදු දහමේ කියනව වගේ දුක්ඛ කියන එක හොඳට විඳගෙන අන්තිමට දළඳාව වැඳලා ධනාත්මක  අත්දැකීමක් ලබා ගන්නවා .  
අර කලින් ගත්ත සෘණාත්මක අත්දැකීම් ටිකම ධනාත්මක වෙනවා නේද . 

මමනම් කියන්නේ ෆේස්බුක් බබාල මොන විවේචනේ කලත් පැමිණෙන දුක පැණි රසයි කියල ඕන මගුලක් කර ගන්න .  යන්න ඕනේ නම් යන්න නුවර උන්ට බම්බු ගහ ගන්න කියල .  උන් ඕනෙනම් ටිකක් අඬයි.  ඔය නෙගටිව් අත්දැකීම් ඒ ගොල්ලන්ට  වගේම ඕගොල්ලන්ටත් අමතක වෙයි කාලයක් යනකොට . 

අනික ආණ්ඩුවට බනින්න විධිහක් නැතිව හිටි අපේ යාළුවන්ට ආණ්ඩුව පතුරු ගහන්න හම්බවෙච්ච අවස්ථාවත් 
හොඳ ධනාත්මක අත්දැකීමක් නේ එයාලට .  අඬ අඬා නේ හිටියේ .  ආණ්ඩුවට උනත් අවුලක් නැහැ .  මොන කරදරේ උනත් අර 'අනුර ,  අනුර ' කියා කියා වට කරගෙන කෑ  ගහන්නේ උපාසක උපාසිකා නඩයම. අනුරත් ගොඩ . 
මේ  සිරි දළඳා වන්දනාව ට විරුද්ධව , පක්ෂව  සවුන්ඩ් බයිට්  දෙන දේශපාලකයොත් ගොඩ .  ෆේස්බුක් හෑලි ලියන සෙට් එකත් ගොඩ.  මේ හෑල්ල  ලියන මාත් ගොඩ. ධනාත්මක අත්දැකීම් ගොඩක් තියෙන එකේ ....     

සත පහකට ගණන් ගන්න එපා ඔය කිසි දෙයක් . 

කොළඹ ගමයා - 26/04/2025

64 comments:

  1. හැබැයි නායක හාමුදුරු ගොල්ලයි නිලමෙයි ඕක සත දෙකකටවත් ගණන්ගත්තනං හැම අවුරුද්දෙම එක සැරයක් හරි තියනවනං ඔහොම මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ නෑ කියලා ඔලුවට එන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මැරෙන්න වෙන්නේ නැහැ කිවේ ලිටරලි ඒ තේරුමෙන්ද කරදර වෙන්න උවමනා වෙන්නේ නැහැ කියන තෙරුමෙන්ද ? වැසි වස්සන ප්‍රාතිහාර්ය තියනවා කියන දෙයක් එහෙම පෙන්නුවොත් ඒක නැති වෙනවා නේද

      Delete
    2. අනවශ්‍ය විදියට එකවර විශාල සෙනගක් රැස්වෙන එක වලකවාගන්න පුළුවන් කියන තේරුමෙන්. හැම වසරකම තියනවා කියලා දන්න නිසා එකවර හැමෝම බලන්න යන්නෙ නෑනෙ. ප්‍රාතිහාර්ය නෑ කියලා දැනගත්තොත් ඒකත් ලොකු දෙයක්නේ.

      Delete
    3. දළදා ප්‍රදර්ශනය ගැන ධනාත්මකව බලන විදිහ ගැන අජ්ජා දෙන උපදෙස හරි වටිනවා.ලෝකයේ කොහෙත් මිනිසුන් වැඩි ප්‍රමාණයක් එක්රැස් වුනොත් එතන හරිම කලබලයක් ඇතිවෙනවා. මේක සාර්ව සත්‍යයක්. මේක මොන ආණ්ඩුව ආවත් එහෙම තමා. අන්තිමට දළදා වන්දේ මහින්ද හොරා දෙමල මිනිසුන් ඝාතනය කරනකොටනේ? 2009? මිනිස්සු ඕවට ඔච්චර ආවේ නෑ . එනිසා ඔහොම ප්‍රශ්න වුනෙත් නෑ . ධනාත්මකව බලන්නැතුව ඍණාත්මක ව ඕක බලලා අවා.ඒකාලේ දළදා වහන්සේ නෙමෙයි වැඩට ගියෙත් සියලුම ඉඩම් කඩම් එහෙම පවරලා. වාසනාවකට ඔන්ලියින් උපදෙසකයෝ ඒ කාලේ හිටියේ නෑ . උන්නේ පත්තරකාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි.ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක කරනකොට මහින්ද ලොක්කා එහෙම හිටියනම් අජ්ජා ප්‍රස්ථාර ගහලා සිතියම් ඇදල ජනගනය ගණන් කරලා දෙන උපදෙස් කෝටියයි. ඉතින් දැන් හැමෝම මේ සරල තත්වය තේරුම් ගනිමිනුයි ඉන්නේ. අනාගතයේ හැම ප්‍රශ් නයකම මේ ආකාරටය බලල Balance mind එකකකින් විග්‍රහ කරගන්ඩ පුළුවන් වුනොත් ලංකාව ගොඩ.දළදා වහන්සේ හැම අවුරුද්දේම ප්‍රදර්ශනයක් කරන්ඩ යම් ප්‍රයෝගික ගැටළු තියනවා. පුලුවන්නම් talk with Chathura දියවඩන නිලමේ ගේ වැඩසටහන බලන්ඩ.

      Delete
    4. දැන් ඕක පට්ටපල් බොරුවක් නේ . මහින්ද ථියොඋ කාලේ මග නැවැත්තුව එන සෙනග කොන්ට්‍රෝල් කර ගන්න බැරිව . මම ඔය ලීවේ පෙරහැර බලන කොට එන ජනතාව ගෙන් කොටසක් සල්ලි ගෙවන නිසා තමා නුවර උනුයි නගර සභාවයි සද්දේ නොදා ඉන්නේ . https://www.facebook.com/share/p/1J7kdPUnRq/?mibextid=wwXIfr

      Delete
    5. සනෝජ් වගේ සෙට් එකට තිබීනේ ප්‍රධාන ප්‍රශ්නේ රාජපක්ෂ වහන්තරව සින්නක්කර බුදලේට ලිය ගෙන හිටපු ආගම මාස්ටර් ස්ට්‍රෝක් එකකින් අනුරය තමන් අතට ගැනීම . මළ පැනල කෑ ගහනවා ඉතින් . මැයි හය බලා ගන්න පුළුවන් වෙයි

      Delete
    6. ලිට් සීකර් , ඔය දළඳා වහන්සේ හැමදාම පෙන්නුවත් මට නම් අවුලක් නැහැ . ඔය දාලා බණ්ඩාර ලට හෙම එන සල්ලි කන්දරාව නැතිවෙන නිසා ත් එහෙම නොකරන්න එක හේතුවක් . මම නිරගමික අයෙක් හැටියට මට ඔතන කිසි අවුලක් නැහැ . රාජ්‍යය සහ ආගම වෙන් කරන්න ඕනේ කියන මතයේ මම ඉන්නේ . නමුත් ඒක අපි ඉන්න බටහිර රටවල් වල පවා ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ හරියට . ඒ නිසා මේ අනුර කරපු වැඩේට පට්ට හැපී . මේක අර මූසල ජාතිවාදී හැත්ත ගෙන් ගලවපු එක . ඔය සමහර වැරදි උලුප්පුල කෑ ගහන්නේ ඒ වේදනාවට .

      Delete
  2. කොලේජ් එකේදී මම "සයිකොලොජි" ක්ලාස් එකකට හොට දැම්මා. එකේ ගුරුතුමා ඔය "සෘණාත්මක අත්දැකීමක් හරහා ධනාත්මක ආතල් ගන්න" කලාව කියලා දුන්නා. ටොයිලට් එකේදී "හෝල්ඩින් ඇන්ඩ් ලෙටින් ගෝ" හරහාත් ඒක ගත්තෑකි.

    එතකොට ඔය කස්ටිය දුක් විඳගෙන එවරස්ට් නගින්නෙත් ඒවගේ ආතල් එකක් ගන්න වෙන්ටෑ?ඒත් අපේ ඇස්පනාපිට හොරු, බොරු කාරයො, තමන් වීරයො යැයි කියා ගන්නකොට, නොදැක්කා වගේ සත පහකට ගණන් නොගෙන ඉන්න කලාව නං මට තාමත් ප්‍රගුණ කරගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. //හොරු, බොරු කාරයො, තමන් වීරයො යැයි කියා ගන්නකොට, නොදැක්කා වගේ සත පහකට ගණන් නොගෙන ඉන්න කලාව නං මට තාමත් ප්‍රගුණ කරගන්න බැරි වුනා.// කා ගැනද කිව්වේ කියල නම් දන්නේ නැහැ . මම නම් හොරු බොරු කාරයෝ කියල කියන කොටම අපි දන්නේ නැති අය මොන ෆේස් එකකින් වෙන තැනක් ඉන්නවද කියලත් දන්නේ නැහැ නේද ? ෆේස් මාස්ක් බුකියේ සිට හැම තැනම තියෙනවා නේද . අපි වගේ මෝඩයෝ විතරයි හැම තැනම ඇත්ත විධිහට හැසිරෙන්න යන්නේ

      Delete
  3. පැය කීපෙකට කලින් අපි උන්නේ බණ ගෙදරක. එතැනදී එක්කෙනෙකු අහපු ප්‍රශ්නයක් මේ.
    'අවුරුදු පතා මක්කම හජ් වන්දනාවේ යන අයත්, පාප් වහන්සේගේ අවමංගල්‍යයට රොක් වුණු ජනතාවත් අපේ බැතිමතුන් වගේ 'ඒ තැන්' කසල ගොඩවල් කරනවාද?
    දන්න කෙනෙක් කියන්ඩකො...

    ReplyDelete
    Replies
    1. නිදී, මිනිස්සු තැන තැන කසල ගොඩවල් ගහන්නෙ නිසි පරිදි කසළ බැහර කරන්න විදිහක් නති වුනාම.. මොකෝ කසල බෙල්ලෙ එල්ල ගන්නයෑ..චන්ද ගන්න දළදා ප්‍රදර්ශන තියන්න කලින් ඕවා සැලසුම් කරන තිබුනා නේ මේ එන මිනිස්සු තමන්ගෙ අවශ්‍ය‍යතා වලට යන්නෙ කොහාටද, කසල බැහැර කරන්නෙ කොහාටද ආදී දේවල් ගැන..මම අහගෙන කවුද කියනවා ක්ලීන් ශ්‍රී ලංකා එතෙන්ට ආවෙ 24 වෙනිදලු...හෙහ් හෙහ්...

      Delete
    2. නිදි අපේ රටේ ජනතාවට බනින්න එපා බං . ඕක හදන්න ගොඩක් කල් යන දෙයක් . ටොයිලට් පේන්නේ නැත්ද ලංකාවේ . වතුර ගැහුවම ඉඳගන්න පුලුවන්ද . ටොයිලට් එකේ පියන උස්සන්නේ නැතිව හුජ්ජ කරන උන් ඉන්නේ . එහෙම කරන ගමන් තමා අර මිනිසුන්ට සහ ආණ්ඩුවට බනින්නේ . ෆොරිනර්ස් ලට වේනම් ටොයිලට් කක දැම්මම එක රෙසිස්ට් කියල බනින උන් දැක්කද . උන්ගෙන් හඳුනා තියෙන්නේ උන් කොහොමද ටොයිලට් යන්නේ කියල .

      Delete
    3. මක්කම හා වතිකානය ගැන අහන ගොබ්බ සේනලට පෙන්නලා දීපන් මචන් මක්කම කියන්නේ පුජා නගරයක් . සම්පුර්නයෙන්ම එනිසා කුණු දාන්න තහනම් සහ දඬුවම් කරනවා . නමුත් සුද්ද කරන්න පිටරට වලින් ආපු සේවකයෝ ඉන්නවා . ලංකාව ඉන්දියාව වගේ රටවලින් ඒත් කුණු දානවා කියල මෙන්න මෙයා ලියල තියනවා . https://www.reddit.com/r/islam/comments/41o3nz/psa_when_you_go_to_visit_mecca_and_medina_do_not/

      Delete
    4. වතිකානය ගැන කියනවනම් ඒක ඉතාලිය ඇතුලේ තියන ආගමික රාජ්‍යයක් . නුවර වෙනම ආගමික රාජ්‍යයක් කරලා බලන්න මුන් කුණු දායිද කියල . අපායේ යන්න මුන් ඔක්කොම බයයි . වතිකානයේ කුණු පොදක් වැටුනත් ටක් ගාල ඇවිත් සුද්ද කරනවා . වතිකානය තියෙන්නේ රෝමය ඇතුලෙනේ . රෝමය කුණු ගොඩක් . ලන්ඩන් වගේම තමයි . විශේෂයන්ම අපේ පැතිවල , අප්‍රිකාවෙන් වගේ ඇවිත් ඉන්න ය ඉන්න පැතිවල . ලන්ඩන් වුනත් සල්ලිකාර සුද්දෝ ඉන්න පැතිවල කුණු නැහැ නේද

      Delete
    5. මගේ චීන මිත්‍රයෙක් වරක් කිව්වා ච්"උඹලට තේරෙන්නෙ නෑ ඇයි අපි ආත්මාර්ථකාමී කියල". චීනෙ සුපර් මාකට් වල සේල් දැම්මම, දොරවල් අරින කොටම මිනිස් ස්ටැම්පීඩ් එකක් එනවලු. සමහරු පෑගිලා වැටෙනවලු. ඒත් මිනිස්සු අර වැටිච්ච අය පාගගෙන යන නිසා කීපදෙනෙක් මැරෙනවලු. ඒත් ඒ වගේද සෙල් ගානට ලැබෙන කුකුන් ඔයිල් බෝතලේ?

      ඒ වගේ ඔය කීපදෙනෙක් මලාට, ඒ වගේ ද දළදා වන්දනාව, නේද? කියල නේද අජිත් මේ කියන්නෙ? කොහොමත් මේ "whataboutism" සාකච්චාවට මගේ දායකත්වය මෙතනින් නිමි.

      Delete
    6. සෙන්නගේ තරහෙන් පේනවනේ රාජපක්ෂ වාදීන්ට තියෙන අවුලම . ආගම රාජපක්ෂ පවුලෙන් කඩා ගත්ත එක චන්ද වලට . උන් ඒක දන්නවා හා හා . ඒකයි අවුල . අවශ්‍ය ප්‍රමනෙට වඩා සෙනග ආව තමයි . නගර සභා සහ උපදෙස් දුන් අයගේ තක්සේරුව මතනේ ඕව කරන්නේ . ඇයි උන්ට තිබ්බේ නැත්ද කුණු බාල්දි ගිහිල්ල දාන්න . මධ්‍යම ආණ්ඩුවේ පළාත් ආණ්ඩුකාරය (රාජපක්ෂ ගොට්ටෙක් ) පළාත් සභා , ප්‍රාදේශීය සභා තියෙන්නේ ඒවාට නෙමයිද ? ඇයි ක්ලින් ශ්‍රී ලංකා සහ ස්වේච්ඡා සේවකයෝ එනකන් ඉන්න ඕනේ ? හැබැයි දැන් ඔන්න් සුද්ද කරල දීල තියෙන්නේ

      Delete
    7. නිදි , ඔය ප්‍රශ්නය අහන්නෙම සිංහල බෞද්ධ මිලේච්චයෝ ගැන නරක අදහසකින් නේ. ඇත්ත එහෙම තමයි අපි හිතුවේ. එත් දැන් අජිත් මහත්තයම කියල දෙනව මැදහත් හිතින් බලන්න . මේක නිදි වගේ මාලිමා පාක්ෂිකයන්ට හරි වැදගත්. ඔව් හජ් වන්දනා වෙත් මේක ගැටළුවක්. මිලියනක ගණනක් වන්දනාවට එනවා . දවස් 5ක් විතර. අතිශය ධනවත් සෞදි රජයටත් ගැටළුවක් . සමහරවිට සංස්කෘතික වෙනස්කම් නිසා මිනිස් අපද්‍රව්‍ය පවා එකතුවෙනවා..මොනතරම් වැසිකිලි පහසුකම් තිබුනත්.ඊට අමතරව සතුන් මිලියනයක් බිලි දෙනවා. වර්තමානයේ මේ මස් සකසල දුප්පත් මුස්ලිම් වැසියන්ට බෙදා හරිනවා.ඒ වුනත් මේ මළකුණු ඉවත් කිරීම විදිමත්ව කරන්න ඕනේ. හෝව් දැන් නදී හිතන්න එපා හරිම මිලේච්චයි කියල . නෑ එක ඒගොල්ලන්ගේ ආගමික සංස්කෘතික ඉගැන්වීම.අත්විශාල ධනස්කන්දයක් වියදම් වෙනවා සෞදිරජයට . NGO එහෙමත් එනවා. හරියට නදීගේ රතු තරුව වගේ. හැබැයි සෞදි රජයට ත් චෝදනා එල්ල වෙනවා. ස්වාභාවිකයි .එතකොට මරණ? මිනිස් මරණ වාර්තා වෙනවා විශේෂයෙන්ම Official data වලට වඩා මරණ සංඛ්‍යාව වැඩි. දැඩි රස්නය නිසා. ඉතින් නදී දැන් ඔයාගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ කාලයයි අජිත් මහත්තය වගේ මැදහත් සිතින් බලන්න. විවේචනය නවත්තල පුළුවන් විදිහට උදව් කරන්න. Conspiracy theories පස්සේ යනඑක නවත්වල රට හදමු. ඊලග දළදා දැක්ම චන්ද කාලයක නැතුව තියල හැමෝම උදව් කරමු. හාද නදී? හැබැයි හරි ගියොත් ලකුණු අපිට, වැරදුනොත් දඩුවම නිලම්ලට හාමුදුරුවන්ට සහ සිංහල බෞද්ධ මිනිස්සුන්ට කියන ආකල්පය වෙනස් කරගන්න. සමහරවිට 2009 කාලෙ රටේ යුද්ධයක් තියගෙන පොලිස් හමුදාව යොදාගෙන ජාතික ආරක්ෂාවත් රැකගෙන මේක උනේ කොහොමද කියල හොයල බැලීමත් ටිකක් විතර වටිනව වෙන්ඩ පුළුවන්. ඒක ඒකාලේ හරියට වෙලා තිබුන කියන්ඩ එක සාක්ෂියක් තමා අනුර කුමාර මහත්තය වේදිකා ගානේ ඔය දළදා දැක්ම විවේචනය කරනවා කොහෙවත් දැක්කේ නැති එක.

      Delete
    8. කොහොමත් මේ "whataboutism" සාකච්චාවට මගේ දායකත්වය මෙතනින් නිමි. - අනේ එහෙම කරන්න එපා සර් . සර්ල හින්දනේ අපි නිදි මරාගෙන ඇවිල්ල මේවා ලියාගෙන බලාගෙන ඉන්නේ

      Delete
    9. // ඒත් මිනිස්සු අර වැටිච්ච අය පාගගෙන යන නිසා කීපදෙනෙක් මැරෙනවලු. ඒත් ඒ වගේද සෙල් ගානට ලැබෙන කුකුන් ඔයිල් බෝතලේ?
      ඒ වගේ ඔය කීපදෙනෙක් මලාට, ඒ වගේ ද දළදා වන්දනාව, නේද?// දැන් ඔය දෙක සම්බන්ධ කරන්න අමරුයිනේ බසු . පලවෙනි එක භෞතික දෙයක් සඳහා . ඒකට අර කතාව පොසිටිව් අත්දැකීමක් කියන එක ගන්න නම් තමන් නොමැරී ඉන්න ඕනේ . කුකින් බෝතලේකට මැරෙන්න යනව කියන එක පොසිටිව් අත්දැකීමක් තියා නෙගටිව් එකක්වත් නෙමේනේ . අමු ගොන් කමක් නේ . මෙහෙත් එහෙම අය ඉන්නවා සුපර් මාකට් අල රණ්ඩු කරන පොඩි ගණන් අඩු බඩුවකට . ආර්ථික ප්‍රශ්න නිසා එනේ ඒවා , වගේම ඔබසේෂන් එක නිසා (අයිෆෝන් පෝලිම ) . සාමාන්‍යයෙන් ඔය තියරිය ජිවිත අත්දැකීමකට දාන්නේ නේද ? දළඳා වන්දනා , අර සිරිපාදේ ඝන්ටාරය ගහන්න යනවා වගේ ජිවිත අත්දැකීමක් . දැන් මේකේ මම ලක්ෂයක් දෙකක් දවසට වියදම් කරලා ළමයි දෙන්නටයි බිරිඳටයි දළඳා පෙරහැර පෙන්නුවේ සහ ඒ අත්දැකීම ලබා දුන්නේ ඒක එයාල නැවත නොගන්න අත්දැකීමක් නිසා . අම්මට වුනත් එහෙමයි . ඒ අත්දැකීම නැවත ලැබෙන්නේ නැහැ . දළඳා වන්දනාවේ ඇත්තටම හතර දෙනයි නේ මැරුනේ . දෙන්නෙක් හෘදයාබාධ වලින් . දෙන්නෙක් පොලිසියේ . ඒත් හෘදයාබාධ . ඕවගේ තැනකදී වෙන දෙයක් . ඉන්දියාවේ වන්දනා ගමන් වලදී ලංකාවේ වයසක දෙතුන් දෙනෙක් මැරෙනවා කියල බසු දන්නවද ? ඒ අත්දැකීම පවුල් වල අය පොසිටිව් විධිහට ගන්නේ . අනේ බුදුන් වදින්න ඉන්දියාවේ ගිහින් නේ මැරුණේ කියල . සහතික ඇත්ත

      Delete
    10. මේක කියවන්නකෝ බසු . ඉන්දියාවේ වන්දනාවේ ඇත්ත කතාවක් -�තරාතිරම්වාදය 2

      Delete
    11. Sonj - මක්කමයි වතිකානයයයි පිරිසිදුයි කියල රාවයක් ගෙනියන් නිසා මම එහම ලිව්වේ . මක්කම 1200 කට වඩා මැරෙනවා වරකට අහ්ච්චර සල්ලි තියෙන රටේ . මුස්ලිම් පවුල් ලංකාවේ වගේම ඒක පොසිටිව් දෙයක් විධිහට දකින්නේ . මක්කම් ගිහින් මැරුනේ - (දෙවියන් අසල ) කියල ආඩම්බරයෙන් කියන්නේ . ඒකට මට මුකුත් කියන්න බැහැ . ඒ ඒ අයගේ ආගම . මම නිරාගමිකයෙක්. හැබැයි ඒක අනුන්ට උගන්වන්න යන්නේ නැති ජාතියේ කෙනෙක් . මට අනුර මේ ගහපු ගේම මාරයි . රාජපක්ෂලාගෙන් ඔය සිංහල බෞද්ධ හෙජමනිය සහ දහම ගලවා ගන්න ඕනේ . ඒක ගානට කරා . පට්ටයි . ඕව මම දන්නවා එයා කලින් කියල තියන කතා . නමුත් විපක්ෂයේ බොරු වලට නියම උත්තරයක් දුන්න නේද . ආගම විනාශ කරනවා , පෙරහැර නවත්වනවා , වගේ කතා වලට .

      Delete
    12. //කුකින් බෝතලේකට මැරෙන්න යනව .....අමු ගොන් කමක් නේ//
      දැන් මේ චීන්නු මැරෙන්න කියල හිතාගෙනම යන්නෙ නෑ. චීන්නු එවරස්ට් නඟින "මෝඩයොන්ට" වඩා නං බුද්ධිමත් . ඒකනෙ මගේ චීන මිත්‍රයා කිව්වෙ බොලාට තේරෙන්නෙ නෑ කියලා. ඔහු කිව්වෙ උඹලා දන්නෙ නෑ "scarcity of resources" කියන්නෙ මොකක්ද කියලවත් කියලා.

      අජිත්ගෙ රෙදි හේදිල්ල දැන් ඉකනොගෙ රෙදි හේදිල්ලට අනුලෝම වශයෙන් සමානුපාතිකයි කියල හිතෙනවා. මම කලින්ම කිව්වා වැරදි දැක්කොත් බනිනවා කියලා.

      Delete
    13. මං මක්කම හා වතිකානය ගැන ඇසුවේ නොදන්නකම නිසා. බණ ගෙදරදී මතු වුණු ප්‍රශ්නය වැදගත් / තර්කානුකූල එකක් ලෙස දැනුනු නිසා. ඒ ගැන ඔයාලගේ අවධානය යොමු කිරීම ගැන ගොඩක් ස්තුතියි.

      Delete
    14. මම තවමත් ශ්‍රී ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂවලට වඩා මාලිමාව හොඳයි කියන මතයේ ඉන්නේ. හැබැයි, එයින් අදහස් වෙන්නේ නෑ මාලිමාවේ සියලුම කෙරුවාවල් හොඳයි; නිවැරදියි; ප්‍රශස්තයි කියලා මම හිතන බවක්.
      කාලය පෙන්වා දෙයි වඩා හොඳ කවුරුන්ද කියන වග.

      අදට වඩා ගොඩාක් නරක තත්ත්වයන් තිබුණු කල් දශක ගණන් තිස්සේ ඉවසා දරාගෙන ඉඳල පුරුදු නිසා තව ටික කාලයක් ඉවසලා බලාගෙන ඉන්න මට නං පුළුවන්.

      හැම පැලයක්ම එක වගේ වේගයෙන් වැඩෙන්නේ නැහැනෙ... තණකොළ වගේ වල්පැල ඉක්මනට වැවිලා පැතිරුණත් සුදු හඳුන්- කළුවර වගේ පැල වැඩෙන්නේ අන්තිම හෙමින් නේද?

      Delete
    15. නිදි මමත් ඉන්නෙ තවම මාලිමාව හොඳයි කියන මතයේ තමයි. ඒත් දළදා ගේමයි, ඩෑන්ගෙ ඝාතනයයි දෙකේදී ආණ්ඩුව ෆේල්.
      //මට අනුර මේ ගහපු ගේම මාරයි //
      //ඒක ටිල්වින් ල තමා අන්තිමට නැවැත්තුවේ . මොකද ආණ්ඩුවට නිල වශයෙන් අත දාන්න බැහැනේ //

      හ්ම්....ඇමරිකන් හිට්ලර්ගෙ තියරිය වගේනෙ? වැරදුනාම බයිඩන්...සොරි නිළමෙලාගෙ වැරැද්ද, හරි නං ටිල්වින් "අයියගෙ" උදාරත්වය, නේද?😮

      Delete
    16. //දැන් මේ චීන්නු මැරෙන්න කියල හිතාගෙනම යන්නෙ නෑ. චීන්නු එවරස්ට් නඟින "මෝඩයොන්ට" වඩා නං බුද්ධිමත් . ඒකනෙ මගේ චීන මිත්‍රයා කිව්වෙ බොලාට තේරෙන්නෙ නෑ කියලා. ඔහු කිව්වෙ උඹලා දන්නෙ නෑ "scarcity of resources" කියන්නෙ මොකක්ද කියලවත් කියලා.// ඔයා මේ කියල තියෙන්නේ මාඕ සේතුං කාලයේ (අර කුරුල්ලෝ මරල සාගතේ ආව කාලේ ගැනද ) මම හිතුවේ මේ ඊයේ පෙරේද සිද්ධියක් කියල . ඒ කාලේ කතාවක් නම් සම්පුරන් වැරැද්ද යන්නේ මාඕ රජයට . හැබැයි මෙතැන ඒ කියන්නේ අර නෙගටිව් පොසිටිව් තියරිය දාන්න පුළුවන් . ජිවත් වේවි බඩගින්නේ මිය යනවා නම් කුකින් ඔයිල් එකකට රැඳු වෙලා මිය යනවනම් අවස්ථා දෙකම එකයි . පොසිටිව් එක කුකින් ඔයිල් එක ලැබීම . ඔහොම අත්දැකීමක් මගේ යාළුවෙක් විස්තර කළා . ඊළඟ කමෙන්ට් එකේ . මට ලියන ඒවා පෙනෙන්නේ නැහැ ඒකයි

      Delete
    17. මෙන්න මේ පොල්පොට් ගැන කතාවේ ඔය ඉන්න එන්ග් කීවේ. එයා ළමයින් ගේ කඳවුරක හිටියේ. බඩගිනි මොකද දෙන හාල් කැඳ එක මදි. ඒ ගොල්ලෝ ගහක ගෙඩි වගයක් කනවලු. (මට පෙන්නුවා ගහ) ඒකත් පොරකාලා ගහගෙන ගෙඩියක් දෙකක් කඩාගෙන කන්නේ. ,ඒ ගෙඩි කෑවහම බද යනවලු. ඒ ගොල්ලෝ ඉන්න කාමර වගේ මඩු වල බාල්දි වල මලපහ කරන්න ඕනේ. ඒවා ගිහිල්ල කුඹුරු වල දාන්න ඕනේ පොහොර හැටියට. කුඹුරු ගඳයි. රෑ බාල්දි පිරුනොත් දුවල ගිහින් කුඹුරට දාල කරුවලේම එන්න ඕනේ. ළමයෙක් කුඹුරට වැටිලා වතුර වැඩි ඇති උඩට එන්න දඟලල . අනිත් අය දුවලා ඇවිත් මිසක් උදව් කරලා නැහැ ගොඩ එන්න. බයට ගාඩ් ල ගහයි හෝ පරක්කු වුනොත් ඇතුලට යන්න වගේ හේතු . මේවගේ දෙකට මොනව ලියන්නද

      Delete
    18. //අජිත්ගෙ රෙදි හේදිල්ල දැන් ඉකනොගෙ රෙදි හේදිල්ලට අනුලෝම වශයෙන් සමානුපාතිකයි කියල හිතෙනවා. මම කලින්ම කිව්වා වැරදි දැක්කොත් බනිනවා කියලා.// ඒකනේ කිව්වේ දේශපාලනේ ලියන්න ඕනේ වෙන එකක් කියල. හේ හේ 😀
      //හ්ම්....ඇමරිකන් හිට්ලර්ගෙ තියරිය වගේනෙ? වැරදුනාම බයිඩන්...සොරි නිළමෙලාගෙ වැරැද්ද, හරි නං ටිල්වින් "අයියගෙ" උදාරත්වය, නේද?// ටිල්වින් නවත්තුවකියල එයානේ අර රැස්වීමක් කිව්වේ. හරි ඒක එහෙම වුනේ නැහැ කියමු. ඒත් අර වෙන vip කතාව වැරදි කියලා හිතනවද ? මම දන්නේ දෙතුන් දෙනෙක් ගිහින් තියනව. ගිය සමහර එවුන් ෆේස්බුක් එකෙත් අර දාල තියෙන්නේ. ඔය මම යට දැම්මේ හේතු. ළඟදීම එනවා දියවඩන නිලමේ චන්දෙ. විශ්වාස නොකරනවා නම් අවුලක් නැහැ , කියන එක අපේ යුතුකම හ්ම්....

      Delete
    19. රෙදි හේදිල්ල ගැන තවත් දෙයක් කියනව නම් , මට මේ ආණ්ඩුව පොල්පොට් , උතුරු කොරියානු පැත්තට යවන්න ඕන කමක් නැහැ සමහර වාමාංශික යන්ට වගේ. ඒ වගේම රාජපක්ෂලා නැවත එනවට කැමතිත් නැහැ. 2005 දී රනිලට දිනන්න නොදී ප්‍රභාකරන් ට සල්ලි දීල යැපේ චන්දෙ නවත්තපු ජයගත් එකා හොඳම ජාතිවාදිය වුනා. ඒ වෙලාවේ රනිල් දිනුවානම් ඇමෙරිකාව, ඉන්දියාව, නොර්වේ ගිවිසුම හරහා කොටි (රනිල් කරුණ අරගෙන් එතකොට) නිරායුධ කරලා යුද්දේ නැතිව වැඩේ ගොඩ දානවා. රනිල්වාදීන්ට ඒක දැන් අමතක වුනාට. කොච්චර බොරු කීවද ඒ කාලේ ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා එහෙම කියල. 2005 ඒක වුනානම් 2019 අරගලේ එන්නෙත් නැහැ , රට ඔතනට වැටෙන්නෙත් නැහැ, . එනිසා මේ ආණ්ඩුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදිව වැඩ කරන තාක් කල් ඒක රැක ගන්න ඕනේ - අනිත් හරිය වෙනකල්. https://www.facebook.com/share/v/15z2fRqSGE/

      Delete
    20. ඩැන් ප්‍රියසාද් ඝාතනයේදී ආණ්ඩුව ෆේල් කොහොමද බසු ? එයාගේ පාතාල සහෝදරයෝම දීපු ගේමක් නේද

      Delete
    21. //මට මේ ආණ්ඩුව පොල්පොට් , උතුරු කොරියානු පැත්තට යවන්න ඕන කමක් නැහැ......එනිසා මේ ආණ්ඩුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදිව වැඩ කරන තාක් කල් ඒක රැක ගන්න ඕනේ//

      ඒ කොටසට එකඟයි. ඩෑන් මම අකමැතිම පුද්ගලයෙක් වුනත්, ඒ ඝාතනයට ආණ්ඩුවේ ඔතෑනි ප්‍රතිචාරයේ, ඒ හැටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදි බවක් පේන්න නෑ.

      VIP වැඩේ අවුල තියෙන්නෙ, අන්‍රයියගෙ " ඉහගෙන නො- කන' දේසපාලන පැලැන්තියේ ආදර්ශයට විරුද්ධ, දරුණු ඥාති-හිතමිත්‍ර සංග්‍රහ පාරක් යන නිසයි. අර ට්‍රම්පුවගෙ ගෝල්ඩන් වීසා වගේ ලක්ස ගාණට ටිකට් වික්ක නං, ඒක තව හොඳයි කියල හිතෙනවා.

      Delete
    22. නිදි මාලිමා පාක්ෂිකයෙක් කිව්වට ප්‍රශ්නයක් නැ . ඕනෑම කෙනෙක් තමන් කැමති දේශපාලනයක් කරන්ඩ පුළුවන්. එත් ජැක්සන් ඇන්තනි වගේ කෙනෙකුට අපහාස කරන්නත්. මහින්ද රාජපක්ෂට නිවන් පතන්නත් දේශපාලනය යොදාගන්න එපා. ඔබතුමා එහම කරන නිසා නෙමේ නමුත් බහුතරයක් JVP කාඩර් වරු මෙහෙයවන්නේ එහෙමයි.අපි හැමෝම යම් දේශපාලන මතයක් දරුවත් අදාළ දේශපාලන පක්ෂය සෑමවිටම අපේ මතය දරන්නේ නෑ .බස්සා මහත්මයා මේ අවබෝධයේ ඉන්න බව පේනවා. වර්තමාන රජයේ මම නම් දකින්නේ දේශපාලකයන් විසින් කරන පරිභෝජනයේ අඩුවක්.(ආර්ථිකමය වගේම බලය) ඒක නාස්තිය අඩුවක් ලෙස දකින්න පුළුවන් වෙන්නේ කාර්යක්ෂමතාව අඩු නොවුනොත් පමණයි.අජිත් මහත්තය කියන බල හුවමාරුව සිදුවුනේ කොහොමද කියල වේනම කතාකරන්න වෙනව . කරේ කව්ද කියන එක වැදගත් නෑ අපි වගේ අයට. Conspiracy Theory අවශ්‍ය වන්නේ YOU tube කරුවන්ට.

      Delete
    23. මොනවා වුනත් අජිත්ගෙ, නිදීගෙ ශ්‍රද්දාව අපි අගය කරන්න ඕනා..අද්යාත්මක නායක තුමා බොහොම සතුටුවෙයි මේ ගැන..හෙහ් හෙහ්...

      Delete
    24. ඔන්න ඔතන තමයි වැරැද්ද සෙන්නා , අපි ශ්‍රද්ධා වන්තයෝ නෙමේ. මේ ආණ්ඩුවට හොඳ කිව්වා පලියට එහෙම වෙන්නේ නැහැ. දැන් නලින් හේවගේ ලව හෙම විවේචනය කරන ඒව අඔයා දකින්න නැතිව ඇති . කොටින්ම රාජපක්ෂලාට ගිය / යන කඩේ යැවිල්ලේ හැටියට අපි එහෙම කරන්නේ නැහැ කියල මට හොඳටම ෂුවර්. අපි කැමතියි දීලා බලන්න . මට නම් සුළු සුළු වැරදි ඇරෙන්න ලොකු වැරැද්දක් තවම පේන්නේ නැහැ . විරුද්ධවාදී ස්පෙක්ට්‍රම් එකේ අනිත් පැත්තේ ඉන්න අයට වැඩියෙන් පේනවා . එච්චරයි ඔතන වෙන්නේ

      Delete
  4. මග දෙපස අය මීට වඩා සහයෝගයක් දුන්නානම් කියා සිතුනා

    ReplyDelete
    Replies
    1. ආර්ථික විශේසන්ඥයෙක් වශයෙන් ඔයාට මම කිව්ව කතාව තේරෙන්න ඕනේ නේ . අර සල්ලි ලැබෙනවනම් මිනිසු ඒ සහයෝගය දෙනවා . ආණ්ඩුව මේ පින් අතේ වැඩයි දන්සැල් කතාව යි සමාජවාදී ටෝක් එකයි පැත්තකින් තියල ඒ මිනිසුන්ට ඉඩකඩ විකුනන්න , කෑම බිම විකුනන්න හෙම ඉඩ දුන්න නම් ඕක වෙනවා . හැබැයි එතකොට ඔය බස්සා වගේ ජෙප්පෝ බනී

      Delete
    2. I am glad to see that yiu have seen the irony.

      Delete
  5. වදිනට ගිය කලට නුවරට දළදාව
    ගමේ චන්ඩි ස්‍ටැන්ලිද සිටියාය
    යාළු නිලමෙලා දොර හැර දුන්නාය
    ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය

    මේ VIP වැඩේ නං අන්තිම කැතයි. මම ඕන තරම් මේ ආණ්ඩුවට සපෝට් එකට කතා කරල තියනවා. ඒත් මේ වැඩේ කැතයි.

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් බසු තුමා වලිගෙ පාග ගෙන . ඕක ටිල්වින් අයියත් කිව නොවැ . අර නිලංග දැල්ල කියන එක හාමුදුරුවරු දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලානේ වෙන පාරක් ඇරලා තියෙන්නේ . ඒකෙ පොලිසියේ අය , ප්‍රාදේශීය ලේකම් වරු (පොරට චන්දේ දෙන ) අය එජ = හෙම යවල . ඒක ටිල්වින් ල තමා අන්තිමට නැවැත්තුවේ . මොකද ආණ්ඩුවට නිල වශයෙන් අත දාන්න බැහැනේ . https://www.facebook.com/share/19r82a2FA4/

      Delete
    2. ඒ වෙනුවට ඔන්න උන්ට වදින්නත් එක්ක පිරිසිදු කරපු කම්කරුවනට වෙනම vip පෝලිමක් හදල යවනවා https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BB-%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B6%AF-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%83%E0%B6%B7-%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B1%E0%B6%A7-%E0%B7%80%E0%B7%81%E0%B7%82-%E0%B6%AF%E0%B7%85%E0%B6%AF-%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A/101-670901

      Delete
    3. යකෝ මට මේ හෝදන ජොබ් එක කරන්න වෙලානේ . බලපල්ලකො නිව්ස් . 😀

      Delete
    4. දළදා වන්දනාවේ සිදුවූ අභාවාචක සිද්ධි කිහිපයක් හේතුවෙන් සිත බිඳවැටී ඇති නිසා මේ අකුරු කිරීම සිදු කරමි. කලකට පෙර මම මහනුවර පැරණි උඩරට රාජධානියට අයත් එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියෙමි.
      එය මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය පැවැත් වූ සමයයි.
      එක් දිනක් මා ඇමතුවේ අපේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයායි. "නිලංග නිලමේතුමාට ඔයාව හම්බවෙන්න ඕන ලු එන්න කියන්නද ක්වාටස් එකට" ඔහු ඇසුවේය.
      මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නොතිබූ බැවින් මා එයට එකඟත්වය පළ කරමි. නිලංග දෑල ඔහුගේ බිරිඳ සමඟ අපේ නිල නිවසට පැමිණියේය .ඒ නවීන පන්නයේ තේ කෝප්ප සෙට් එකක් ද ත්‍යාග වශයෙන් රැගෙනය.
      ත්‍යාගයේ වටිනාකම වැඩි බැවින් අපහසුවකට පත්වුව ද ප්‍රභූවරයෙකුව එකවරම ප්‍රතික්ෂේප කිරීමට එකල කොන්ද පණ නොතිබූ නිසා එය භාරගතිමි.ඔවුන්ට තේ දී පිටත් කළෙමි.
      ඔවුන් දෙදෙනා නැවත දෙවන වතාවට ද පැමිණියෝය .ඒ අවස්ථාවේදී බිරිඳට සාරියක් සහ හෑන්ඩ් බෑගයක් රැගෙන විත් තිබිණි.
      ලස්සනම වැඩේ වූයේ තුන්වැනි වතාවේදීය .
      දියවඩන නිලමේ දෑල බණ්ඩාර වෙනුවෙන් මාලිගාවේ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් විශ්‍රාමික රැවුල වැවූ නිලධාරියකු පැමිණියේය.
      "නිළෙමේතුමාගේ පැකේජ් එකක් තියෙනවා ..ලක්ෂ තුනක ..එතුමාට ඔයාගේ ඡන්දෙ විශ්වාස වෙන්න ඒක ගන්න "ඔහු කීවේය . මීට දස වසරකට පෙර ලක්ෂ 3 වැඩි අගයකි.
      එය ප්‍රතික්ෂේප කලෙමි. ලේකම්වරයා "මොනවා උනත් පරිපාලන සේවයේ අලුත් අය ගැන අපි ආඩම්බර වෙනවා'' යැයි කියමින් නිල නිවසෙන් පිටතට ගියේය.
      දළදා මාලිගාවට ජවිපෙ විසින් පහර දුන්නැයි මේ දිනවල මොර දෙන නිරංජන් විජයරතන නැමැත්තා තවත් දවසක පැමිණියේය .ඒ හාල් පොල් බඩු මල්ලක් රැගෙනය. ඒ වන විට තෙම්පරාදු වී සිටි බැවින් එය ප්‍රතික්ෂේප කළෙමි. පසුව ඔහු රුපියල් පනස්දාහක් දෙන්නට තුන්වෙනි පාර්ශවයක් මගින් විමසා සිටි අතර කුණුහරප දෙකක් කීමෙන් පසු ඒ උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.
      වැඩිම පැකේජය දුන් නිලංග දෑල බණ්ඩාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් සාතිශය බහුතරයක් ලබමින් ජයගත්තේ ඔහොමය. දළදා පෙරහැරේ වීඅයිපී පෝලිමේ වැඩි ඉඩක් සැප්තැම්බර් නිළමේ නිලවරණයේ චන්දදායකයන්ට වෙන් වන්නේ ඇයි බොහෝ දෙනෙකුට දැන් තේරුම් යනු ඇතැයි සිතමි.
      දළදා හාමුදුරුවන් විකුණා ගෙන කන මොවුන්ට වැහි නැති හෙණ පතනු
      හැර, වැඩවසම් රාජ්‍යය ඉක්මනින් කඩවසම් නොවන බව දකින අපට වෙන විකල්පයක් ඇත්තේ නැත.
      "දහස් ගණන් පෝලිමේ ඉඳිද්දි හොර පාරෙන් දළඳා වැන්ද කවුරුහරි එකෙක් ඉන්නව නම් කණ්නාඩිය ඉස්සරහට ගියාම ඌට පේන්න ඕන
      උගේ පව්කාර ආත්මය."

      - හොදින් දන්න හදුනන ප්‍රාලේ කෙනෙක් එව්වේ...🙃🙃

      Delete
    5. ප්‍රදීප් නිලංග දෑල විසින් පුරා දශක දෙකක් දැරූ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයේ භූමිකාව ජුනි මස 30 වන දිනෙන් අවසන් වෙනවා.
      ඔහු දියවඩන නිලමේ තනතුරට පත්වුණේ 2005 ජුලි 01. ඔහු 19 වන දියවඩන නිලමේවරයා. 2005 සිට වර්තමානය දක්වා දශක දෙක මා නම් කරන්නෙ වනචර දශක දෙකක් විදිහට. රටේ සියළු ක්ෂේත්‍රයන් කෙරෙහි වූ අනිසි බලපෑම අති උතුම් දළදා වහන්සේ දක්වා විහිදී ගියාද නැද්ද යන්න ඔබ හොදින් දන්නවා ඇති..
      බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වූ අති උතුම් දළදා වහන්සේගේ ඊළග ගිහි භාරකරුවා ලෙස පත්විය යුත්තේ දේශපාලන අවශ්‍යතා නියෝජනය නොකරන , ව්‍යාපාරික අවශ්‍යතා නියෝජනය නොකරන ජාවාරම්කාරයෙක් නොවන අයෙක්..
      කපුවත්තේ අධිකාරම්ගෙන් ආරම්භ වුන මේ ගෞරවණීය තනතුරට පත්විය යුත්තේ පළමු දියවඩන නිලමේවරයාගේ සිට 18 වන නිලමේවරයා දක්වා වූ එහි භූමිකාව වඩාත් ගෞරවණීයව කල නිලමේවරුන් මිස ජාවාරම්කරුවන් , හෙංචයියන් නොවේ.
      🖊️ Chathuranga Amarathunga

      Delete
  6. නුවර පිරිසිදු කරපු මහනුවර නගර සභාවේ සනීපාරක්ෂක හා වැඩ අංශයේ කාර්ය මණ්ඩලය දළඳා වන්දනාවට එක්වෙති....
    "කිළි කුණු නැති හිත බලන්න
    දළදා හාමුදුරුවනේ,
    පාත මාලයට වඩින්න.."
    https://www.facebook.com/share/v/168PMtvAsh/

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඉඳන්ම දළදාව පූජා භාණ්ඩයකට වඩා පොලිටිකල් අයිටම් එකක් විදිහටයි භාවිතා වුනේ. අඩු කුලේ අයට නොයෙක් තහංචි තිබ්බා. ඒත් බලයට,මුදලට ඒව ඔක්කොම යටයි. පේමදාසට පත්තිරිප්පුව විවෘත වෙන්නෙ එහෙමයි. "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ" වගේ බොරුවක් තමයි මාකට් වෙන්නෙ. එක සැරයක් සමන්තබඩ්ඩත් ඔයිට සමාන එකක් කිව්වා. මහනායකලා ඉක්මණට එයාගෙ කට වැහැව්වා.

      Delete
    2. ඒක හරි . පත්තිරිප්පු කතව මටත් මතකයි . දැන් ඔය අනුරට යන්න දෙන්නෙත් පොර ගොවිගම කුලේක නිසා කියල නන්දන ලියා තිබ්බේ

      Delete
  7. මම නිරාගමික නෑ , එත් දතක් ඔච්චර කල් තියාගන්න පුලුවන්ද කියල සාදාරන සැකයක් එනවා... අනික සියල්ලම අනිත්‍යයි කියල උගවපු උන්වහන්සේගේ ශරීරයේ කොටස් නිත්‍ය වෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දත් දිරන්නේ ජිවත්ව ඉන්න කෙනෙක් ගේ . මැරිලා අයින් වෙච්ච් දතක් අවුරුදු දාස් ගානක් උනත් තියෙන්න පුළුවන් . ඩයිනොසර් දත් වලින් නේ හොයාගත්තේ උන් ගැන . Dinosaur teeth have been studied since 1822 when Mary Ann Mantell (1795-1869) and her husband Dr Gideon Algernon Mantell (1790-1852) discovered an Iguanodon tooth in Sussex in England.

      Delete
    2. https://www.nhm.ac.uk/discover/the-discovery-of-iguanodon.html

      Delete
  8. මට තියෙනවා වෙන ප්‍රශ්නයක්. බුදු හාමුදුරුවෝ කියන්නේ හිඟන්නන්ගේ, ලෙඩුන්ගේ දෙපතුල ලඟට ගිහින් බණ දෙසපු උතුම් මනුස්සයෙක්. සාමාන්‍ය මිනිස්සු අතරේ අවුරුදු ගණනක් ජීවත්වුන කෙනෙක්. එහෙම මනුස්සයෙක්ගේ දතක් කරඬු 7ක් අස්සේ හංගලා අවුරුදු කීපයකට සැරයක් විතරක් ඕක පෙන්වන්නේ ඇයි? bullet proof glass වලින් කුටියක් හදලා හැමදාම පෙනෙන්න තියන්න බැරි ඇයි? කවුරුහරි හොරකම් කරයි කියලා බයක් තියේනම් CCTV ගහලා, laser triggered alarm system එකක් උනත් හයි කරන්න පුළුවන්. මේක සීරියස් ප්‍රශ්නයක්...

    ReplyDelete
  9. අජිත් ලොක්කා, font size එක සුට්ටක් ලොකු කරමුද හිටං...

    ReplyDelete
  10. ගේරා බෝයි28 April 2025 at 09:01

    මං දේවල් දෙකක් කියන්නම්. පළවෙනි එක අර බූරුවා විකුණන්න පොලට ගෙනිච්ච තාත්තයි පුතයි වගේ වැඩ කරන්න බෑ. විශේෂයෙන් නායකයන්ට. අර කතාවට කියනවනේ හැමෝම සතුටු කරන්න පුළුවන් අයිස් ක්‍රීම් වෙළෙන්දන්ට විතරයි කියලා. (ජ(ර්)මනියේ නම් ඒත් බෑ. )

    දෙවෙනි කතාව මං කියෙව්වේ ආතර් සී ක්ලාක් මහත්තයාගේ 2010 පොතෙන්. "නායකයෙකුට වරදින්න පුළුවන්. හැබැයි වැනි වැනි ඉන්න බෑ."

    මං දකින විදියට රනිල් ජනාධිපති උනාම සාර්ථක උනේ ඔය හේතු දෙකම බලලා වැඩ කරපු නිසා. ගෝඨාභය සහ මෛත්‍රීපාල දෙන්නාම අසාර්ථක උනේ ඔය දෙකම වැරදියට කරන්න ගිහිල්ලා.

    ReplyDelete
  11. @බසු ඒක මරු , කොහෙද යකෝ ඒ , චීනේ කඳු වැඩියි හැබැයි
    @උදය ඔයාගේ කතාව හරි. මම දළඳාව වැඳලත් නැහැ . වඳින්න යන්නෙත් නැහැ . අපේ මව් තුමිට ඕනවෙලා එක්ක ගිහින් තියනවා ඔය සර්වන්ඥ ධාතු වන්දනා වලට හෙම. බිරින්දෑ ජර්මන් බුද්ධාගමේ නිසා එයාටත් යන්න ඕනේ කියනව . සමහර විට එක්ක යනවා . මිනිස්සු කොට්ටාශයක් ඉන්නව , ප්‍රාතිහාර්ය වලට කැමති . තව අය කැමතියි ඔයගම්භිර විශිහ්ට කරඬු හතක දාලා හෙම තියෙන ඒවාට . අනික හැමදාම පෙන්නුවොත් ලැබෙන සල්ලි අඩු වෙනවා . (ඒක එහෙමයි ඈ ), වැස්සේ ප්‍රාතිහාර්යය පෙන්වනං බැරි වෙනවා . ඔය වගේ ප්‍රශ්න නේ . font එකට ඔය බ්‍රව්සරේ දකුණේ උද zoom කරනන් පුළුවන් . නැත්නම් කොන්ට්‍රෝල් ප්ලස් ඔබන්න් එකට . -Windows and Linux: Press Ctrl and +. Mac: Press ⌘ and +. Chrome OS: Press Ctrl and +

    ReplyDelete
  12. @ගේරා බෝයි - කවුරුත් දන්නවයි කියල හිතන රහසක් කියන්නම් . - ජවිපෙ සාමාජිකත්වයෙන් වැඩි හරිය කියන්නේ ඔන් ඔය කතාව . ලොක්ක වැනෙනවා වැඩියි . හිත හොඳ වැඩියි . තද වෙන්න , ගේම දෙන්න වගේ . මාලිමාවේ - පහුගිය අවුරුදු දෙකේ සෙට් වෙච්ච යුඇන්පී , පොහොට්ටු ට්ටු , ශ්‍රී ලංකා අයට ලිබරල් වෙනව අමදි තව අනිත් පැත්තට යන්න ඕනේ . පෙරටුගාමී සමාජවාදී පැත්තට බර අයට සමාජවාදේ පැත්තට යනවා හොදටම මදි . මේක ධනවාදී ප්‍රතිගාමී ආණ්ඩුවක් . - අනුර බැලන්ස් කරගෙන යනවා කියල මම හිතන්නේ . මෙහෙම එකක් තියනවා . ඔය වගේ හොඳ මූණ පෙන්නලා හිනාවෙලා ඉවසගෙන ඉන්න එවුන්ට තද වුණාම එච්චර හොඳ නැහැ .

    ReplyDelete
    Replies
    1. ගේරා බෝයි29 April 2025 at 11:58

      ඒකම තමා මාත් කිව්වේ. මෛත්‍රීපාලත් ඔය වගේ වැනි වැනී ඉදලා අන්තිමට විනාස උනා.
      ගෝඨාභය මුලින් වැනිලා පස්සේ තරහා අරගෙන විනාස උනා. අනුරත් තාම වැනෙනවා. ඉස්සරහට මොකක් කරයිද දන් නෑ. නායකයෙක් උනාම එහෙම බෑ. පේනවනේ ට්‍රම්ප්. හරි හෝ වැරදි, හොදින් හෝ නරකින් තමන්ට ඕන දේ කරනවා.

      Delete
    2. https://www.youtube.com/watch?v=GwAWwHSgMVc

      Delete
    3. අනුර යන්නේ ඔය සාමාන්‍යයෙන් යුරෝපීය වාමාංශික නායකයෙක් යන මග . අර ග්‍රීසියේ සිරසා වගේ කෙළවෙන්න ඕන තරම් ඉඩ තියනවා . එහෙම වෙන්න කලින් පූටින් වෙන්නේ වෙයි ඉතින් . 😀

      Delete
  13. ඩුප්ලිකේට් බස්සෙකුත් ඇවිත් හ්ම් පාරක් දාන්න

    ReplyDelete
  14. මාත් සෙනග වැඩී, හිරවීම් බහුල තැන්වල ඉන්න වැඩි මනාපයක් නෑ. පූජා ස්ථාන බොහොමයක් විවෘත පරිසරවල තියෙන එකේ... හීන්සීරුවේ ඒ නිදහස විඳින්න තමා මං කැමති හිටං ☺️

    Sonj උඩ කියල තියෙන්නැහේ, 'මිනිසුන් වැඩි ප්‍රමාණයක් එක්රැස් වුනොත් එතැන
    විනාසවීමේ සම්භාවිතාව ඉතාම වැඩී'.

    ආණ්ඩුව මේක කරපු එක හරි, කරපු කරමේ අප්සොට් ගැහුවට. හිතුවට වඩා වැඩි පිරිසක් ආපු එක වෙන්න පුළුවන් සමහර විට ගැටලුව.
    අජී අයිය කීව වගෙ... බයියන්ගෙන් බෞද්ධ ආගමික බැටන් එක ගලවන්න ඕනමයි. මේ පාර ජනපතිවරනෙට සජිත් එන්න හැදුවෙත් ඒ බැටන් එක අරං තමයි. කිසිඳු දේශපාලන කණ්ඩායමකට ආගම්වාදය, ජාතිවාදය කරපින්නාගෙන යන මගඩි ක්‍රමේ නැවැත්විය යුතුයි. ආගමික නායකයින්ගෙයි මහජනයින්ගෙන්ද ඒකට සපෝට් එක ලැබෙන්නම ඕන.

    ReplyDelete
  15. හොරපාරෙන් vip පෝලිම්වලට ආණ්ඩුව වගකියන්න ඕනයෑ. ඕක ඉතිං උහ තැන්වල ඉන්න හාමුදුරුවරු, නිලමෙලා කරපු වැඩ නෙව. සියලුම දෙනා වර්තමාන ආණ්ඩුවේ දිශානතිය තේරුම්ගෙන වැඩ කලානම් මේ කිසිම පුරස්නයක් වෙන්නෙ නෑ නොවැ. ඒක ආණ්ඩුවෙ ඇතුලෙ ඉන්න උන්දැලත් එක්කම!

    මේ අවුල්... රජය මාලිමාව උනාට තාම ආණ්ඩුබලය, නිලධාරී, ඉහළ තනතුරු රජයට නතු නොවීම තමා!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .