1971 කැරැල්ලේ අරමුණ සහ ජවිපෙ , ජාතික ජන බලවේගයේ උපකාරයෙන් බලයට පත්වීම **************************************************************
ජනතා විමුක්ති පෙරමුණ ෆිටුවන ලද්දේ 1965 දීය. අද වනවිට එයට වසර හැට දෙකකි. එය පිහිටුවීමට මුලික වූ පටබැඳි දොන් ජිනදාස නන්දසිරි විජේවීර, නොහොත් රෝහණ විජේවීර යනු සෝවියට් සංගමයේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ ප්‍රබල දේශපාලන පෞරුෂයකින් හෙබි විප්ලවවාදියෙකි. මාක්ස්-ලෙනින්වාදී සහ මාඕවාදී චින්තනයෙන් ආභාසය ලැබූ ඔහු, පසුව එවකට පැවති සාම්ප්‍රදායික කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගියේය. මුලදී එන ශන්මුගදාසන් ගේ කොමියුනිස්ට් පක්ෂය (චීන පිල ) ට එක්වූ ඔහු එයින් තමන් අපේක්ෂා කරන් වෙනස් වීම සිදු නොවන බව දැක ඉන් ඉවත් විය . කොමියුනිස්ට් පක්ෂ චීන පිල කොළඹ කම්කරුවන් මුලික කරගත් පක්ෂයකි . ජවිපෙ ආරම්භයේ සිටම ග්‍රාමීය තරුණ පෙළ ආකර්ෂණය කරගත් ව්‍යාපාරයක් විය.
රෝහණ විජේවීර මහතා විසින් 1960 දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණ (JVP) ගොඩනැගීම සඳහා පදනම් කරගත් දෘෂ්ටිවාදාත්මක දේශන මාලාව "පන්ති පහ" ලෙස හැඳින්වේ. මෙය එවකට සිටි රැකියා විරහිත සහ පීඩිත ග්‍රාමීය තරුණයින් සන්නද්ධ විප්ලවයකට පොළඹවා ගැනීම සඳහා භාවිතා කළ ප්‍රධාන මෙවලම විය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ උගත් නමුත් රැකියා විරහිත, සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් විසින් නොසලකා හරින ලද ග්‍රාමීය තරුණයින්ගෙනි.
පන්ති පහ කෙටියෙන්:
මා මෙය උපුටා ගත්තේ '71 කැරැල්ලට සහභාගී වූවන් ගැන යම් හැඟවීමක් ලබා දීමටය .
කෙසේ වෙතත්, වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ මූලිකව පිහිටුවාගෙන ඇති ජාතික ජන බලවේගය මෙම මුල්කාලීන "පන්ති පහ" මතවාදයෙන් බොහෝ දුරට බැහැර වී, ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වේ.
රෝහණ විජේවීර සහ මධ්‍යම කාරක සභාව පන්ති පහ වෙනස් කරන ලද්දේ 1977 නිදහස ලැබීමෙන් පසුවය .
ඒ පන්ති පහට ඇතුලත් වූයේ
1. ආර්ථික අර්බුදය
2. මෙන්ෂවික් ව්‍යාපාරය( පැරණි වමේ පාවාදීම සහ ජවිපෙ බිහිවීමට හේතුව රුසියානු විප්ලවයට ප්‍රථම බොල්ෂෙවික් - මෙන්ෂේවික් බෙදීම ඇසුරෙන්)
3. රුසියානු, චීන, කියුබානු සහ වියට්නාම් විප්ලවයන් හි අත්දැකීම්
4. මාක්ස්වාදී දර්ශනයේ මූලිකාංග සහ ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂයක අවශ්‍යතාවය සහ එහි හැඩරුව
5. ජවිපෙ පක්ෂ ඉතිහාසය (මෙය තරමක් දුරට අපි සෝවියට් දේශයේ උගත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයට සමානය)
මෙහි ප්‍රධාන වෙනස් කමක් වනුයේ විජේවීර විසින්ම ඉන්දියානු ව්‍යාප්තවාදය පිලිබඳ අදහස අත හැරීමය .
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය (NPP) රජය සහ 1971 කැරැල්ල අතර සංසන්දනය කිරීමේදී, සන්නද්ධ තරුණ ව්‍යාපාරයක් ප්රජාතන්ත්රවාදී පාලන බලයක් දක්වා පැමිණි ආකාරය දැකගත හැකිය.
ජාතික ජන බලවේගය රජය ප්‍රයෝගික සමාජ ප්රජාතන්ත්රවාදය අගයන අතර වෙළඳපල ආර්ථිකයක් තුල ජනතා සුභ සාධනයට කැප වෙමින් කුසලතාවට මුල් තැන දෙමින් වඩාත් සාධාරණ හා නීති ගරුක සමාජයක් බිහි කිරීමට මුල් තැන දෙයි . ඉන්දියාව, චීනය සහ බටහිර සමඟ සමබර සම්බන්ධතා පවත්වාගෙන යන ජාජබ රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
1971 පරපුරේ තරුණයන් ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පන්තියෙන් කොන් වූ, ප්‍රචණ්ඩත්වයෙන් පමණක් පද්ධතිය වෙනස් කළ හැකි යැයි විශ්වාස කළ බොහෝ විට ග්‍රාමීය තරුණයින් බහුතරයකගෙන් සැදුම් ලත් පිරිසකි.
වර්තමානයේදී ජාතික ජන බලවේගය වටා ග්‍රාමීය තරුණයින් පමණක් නොව, නාගරික මධ්‍යම පන්තිය, වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ද එක් රොක් වී සිටිති. ඔවුන් බලය ලබාගත්තේ තුවක්කුවෙන් නොව 2022 සිදුවූ 'අරගලය' සහ ඡන්ද පෙට්ටිය හරහාය. නමුත් තවමත් අර කී පැලැන්තියට යන්තමින් සම්බන්ධ වූවන් පවා ඉංග්‍රීසි භාෂාවේ හැකියාව හෝ නොහැකියාව යොදා ගනිමින් වර්තමාන නායකයන්ටද උසුළු විසිළු කරනු දැකිය හැකිය .
1971 තරුණ බලාපොරොත්තු වත්මන් ජාතික ජන බලවේගය රජය මගින් ඉටුවෙන්නේද යන ප්රශ්නය ට දිය හැකි පිළිතුර කුමක්ද ?
මෙය සෑහෙන දුරට සංකීර්ණ ප්රශ්නයකි .
එක පසෙකින් පවුල් කිහිපයකට සීමා වී තිබූ දේශපාලන බලය බිඳ දැමීමට 1971 තරුණයින්ට අවශ්‍ය විය. 2024 දී ජාතික ජන බලවේගය ලබාගත් දැවැන්ත ජයග්‍රහණය හරහා එම බලාපොරොත්තුව ඉටු වී ඇත. ඒ පවුල් නැවත බලය ලබා ගැනීමට දඟලන දැඟලිල්ල දෙස බලන විට '71 කැරැල්ලේ දැනට ජිවත් වෙන සොහොයුරන්ට උද්දාමයක් ඇති වන්නේ නැත්ද ?
නමුත් 1971 කාලයේ සිටි ජවිපෙ සාමාජිකයෙකු වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම ගැන පුදුම වනු ඇත. වර්තමාන රජය ගමන් කරන්නේ "විප්ලවවාදී" මාවතක නොව "ප්‍රායෝගික" ආර්ථික මාවතකය. එය ඔවුන්ට තේරුම් ගැනීමට අපහසු කාරණයක් වනු ඇත . එසේම එදා තිබූ දැඩි ඉන්දියානු විරෝධය වෙනුවට අද රජය ඉන්දියාව සමඟ ඉතා නිවැරදිව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සමීපව කටයුතු කරයි. ඉන්දියානු ආධාර සහ ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය .
1971 තරුණයින් දිවි දුන්නේ "පූර්ණ සමාජවාදී රජයක්" වෙනුවෙනි. නමුත් වර්තමාන ජවිපෙ එම මතවාදයෙන් ඔබ්බට ගොස් "සාර්ථක ප්රජාතන්ත්රවාදී පාලනයක්" කරා පරිණාමය වී ඇත. 1971 කැරැල්ලෙන් දිවි බේරාගත් අයට මෙය තම අරගලයේ ජයග්‍රහණයක් ලෙස පෙනිය හැකි වුවද, දැඩි මතධාරී වාමාංශිකයන් මෙය තම මුල් දෘෂ්ටිවාදයෙන් බැහැර වීමක් ලෙස දැකිය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ '71 කැරැල්ල මෙන්ම 88-89 කාලයේ ඇතිවූ තරුණ නැගිටීම් වලින්ද දරුණු ලෙස බැට කෑ පක්ෂයකි . දෙවරක්ම සම්පූර්ණයෙන් විනාශ කර දමන ලද බවට එහි සතුරන් විසින් සලකන ලද පක්ෂයකි . එහි ජාතිවාදී කොටසක්ද වඩා වාමවාදී දැඩි මතධාරී කොටසක්ද වෙන්වී ගිය පසු වර්තමාන සමාජ දේශපාලන වාතාවරණය අනුව නැවත මධ්‍යස්ත වඩා ප්‍රයෝගික ලෙස රි-බ්‍රෑන්ඩ් කෙරුණු පක්ෂයකි .
අද පුර්ණ සමාජවාදී රාජ්‍යයක් ගොඩ නගන්නට හැකි ලොව එකම රාජ්‍යයකට පමණි . ඒ රුසියාවයි . එයට හේතුව ඔවුන් තනි රටක් වශයෙන් පැවැත්වීමට අවශ්‍ය බලශක්ති ප්‍රභව අතින් ස්වයං පෝෂිත රටක් වීමයි . එසේම තෙල්, ගෑස් පමණක් නොව අනිකුත් මුල ද්‍රව්‍ය රට තුලම ඇති අතර දියමන්ති, රත්රන් ආදී විකිණීමට හැකි වටිනා සම්පත් වලින් අඩුවක්ද නැත.එසේම ඔවුන් ආහාර නිපදවීම අතින් ස්වයං පෝෂිතය . නමුත් පූටින් ට සමාජවාදී රජයක් පිහිටුවීමට අවශ්‍ය නැත. හැබැයි අපි එය ඒ ආකාරයෙන්ම බලාපරොත්තු විය යුතුද නැත . වෙනත් රටවලින් අමුද්‍රව්‍ය හා බලශක්තිය මිලදී ගන්නා ඉන් යැපෙන චීනයටද පුර්ණ සමාජවාදී රජයක් පිහිටුවීමට නොහැකිය . මේ අනුව '71 කැරැල්ලේ සහභාගී වුවන්ගේ ඒ අදහස අද කිසිසේත් සාක්ෂාත් කර ගත නොහැකි හුදු බලාපොරොත්තුවක් පමණකි.
සමහරවිට පාඨකයාට නව පන්ති පහ ගැන අදහසක් දැන ගැනීමට කැමති නම් මා දන්නා පරිදි ඒ මෙසේය .
මෙම නව පන්ති මාලාව සකස් කර ඇත්තේ වර්තමාන ලෝක දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයන්ට විසඳුම් ඉදිරිපත් කළ හැකි වන ආකාරයටයි. මෙම නව පන්ති මාලාව 1971 හෝ 1980 දශකවල තිබූ සන්නද්ධ අරගලයකට මඟ පෙන්වන දෘෂ්ටිවාදයකින් තොර වන අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන මතය ඔස්සේ රට පාලනය කිරීම සඳහා සකස් කරන ලද "ප්‍රතිපත්ති ප්රකාශනයක" ස්වරූපයක් ගනී. අවශ්‍ය නම් මේ සංශෝධනාත්මක පන්ති පහ හා ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්රකාශනය සසඳා බලන්න .
1. පවතින ආර්ථික අර්බුදය සහ විසඳුම
මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ණය උගුල, නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීම සහ පවතින ධනවාදී ආර්ථික ආකෘතියේ අසාර්ථකත්වය ගැන සාකච්ඡා කෙරේ. මෙයට විකල්ප ලෙස "මානුෂීය" සහ "නිෂ්පාදන" මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තියක් ඔවුන් යෝජනා කරයි.
2. රාජ්‍ය පාලනය සහ ප්රජාතන්ත්රවාදය
දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැකීම මෙහි ප්‍රධාන මාතෘකාවයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, ජනතාවට වගකියන පාලන පද්ධතියක් ගොඩනැගීම ගැන මෙහිදී අවධාරණය කෙරේ.
3. ජාතික සමගිය සහ සංහිඳියාව
ලංකාවේ අතීතයේ පැවති ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරේ.
4. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුභසාධනය
අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි මූලික මානුෂීය අවශ්‍යතා වෙළඳ භාණ්ඩ බවට පත් නොකර, රජය මැදිහත් වී ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන ආකාරයත්, සමාජයේ අසරණ වන පිරිස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීමත් මෙයට ඇතුළත් වේ.
5. විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා
ලෝක දේශපාලනය තුළ කිසිදු පිලකට ගැති නොවන, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන "නොබැඳි" විදේශ ප්රතිපත්තියක වැදගත්කම සහ ජාත්‍යන්තරය සමඟ ගෞරවනීය ලෙස ගනුදෙනු කරන ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ.
-05/04/2026 අජිත් ධර්මකීර්ති

කොටහක් කියෙව්වා. ආයෙම එන්නම්!
ReplyDeleteහොඳයි , නමිතුමා . ආව එකට ස්තූතියි
DeleteJVP එක NPPවීම දක්වා පරිණාමය, අන්තවාමවාදී අදහස්වලින් බැහැරව, පොළොවේ දේශපාලනය තේරුම් ගෙන වැඩකිරීමට පමිනීමම... බොහෝ සාධනීයි. ඒ අතර කාන්තාවකට අගමැතිකම දෙන තත්වයටත් පත්වෙලා. ඔය අස්සෙ ලාල්කාන්තා වගේ මධ්‍යස්ථ මත දරන කෙනෙක් ඉන්න එක තවත් මරු!
Deleteඅගමැති කම දුන්න එක හොඳයි
Deleteමාත් ටිකක් කියෙව්වා. මතභේදකාරී සහ සංකීර්ණ නමුත් වැදගත් මාතෘකාවක්. මට හිතෙන්නෙ, මෙතෙක් මේ මාතෘකාව ( හරි ගිය දේ, වැරදුන තැන්) ගැන සාධාරණ සාකච්චාවක් කරන්න ලැබුනෙ නෑ කියලයි. දේශපාලනය කියන්නෙ කොහොමත් සෙන්සිටිව් සහ බයස් සබ්ජෙක්ට් එකක්. දැන් වුනත් ඒක එහෙම වෙන්න ඉඩ තියනවා. හැකි තරම් සාධාරණ වෙන්න බලමු නේද?
ReplyDeleteසාකච්චාවක් යනව නම් හොඳයි . විපක්ෂය තවම විවේචනය කරන්නේ අර පරණ පන්ති පහ අල්ලාගෙන . මේක විජේවීරත් ඉට අපස්සේ අනුර ලුමරත් වෙනස් කල කියන එක වත් දන්නේ නැහැ . මම මෙතන කැරැල්ලට බයස් නොවී හැකිතරම් ඔබ්ජෙක්ටිව් ලෙස ලියන්නයි බැලුවේ .
Deleteඑහෙම තමයි හොඳ. ආයෙ එන්නම් තව කමෙන්ට් වැටුනම.👌
Deleteහ්ම්ම්ම්
Deleteකොහොල්ලෑ බබා ගැන තිබු කතන්දරේ
ReplyDeleteතමයි හිතට ආවේ කියවන අතරේ
ඒත් මොකෝ, යළි කියවමි සැරෙන් සැරේ
දිරව ගන්න බෑ කියවල එක වාරේ!
කොහැල්ල බබා මේකට ගැලපුනේ මන්ද
Deleteනොදන්නා අපිට කියලා දෙනවාද
දිරව ගන්න ඕනා නම් ලිපි ඇතුලේ
විසංයෝජනේ කියලා එකක් අතේ
කොහොල්ලෑ බබාගෙ කතන්දරේ විදිහට නං එක පාරක් එයාට ගැහුව ගමන් අත ඒකේ ඇලෙනවා. ඒ අත ගලවගන්න ගියාම අනිත් අතත් ඇලෙනවානේ...
Deleteමේ post එකත් ඒ වගෙ කියලයි මට හිතුණෙ. ගොඩක් විවාදාපන්නයි... තවමත් හරිම ඇත්ත නොකියවුණා වගේ කියල හිතෙන දේවලුත් තියෙනවානේ.
මට හිතුණෙ එහෙමයි අජිත් මහත්තයෝ.
ඔව් , ඔය කැරැල්ල ගැන හෝ ජවිපෙ පරිණාමය ගැන කියන එක ලෙහෙසි නැහැ . වාමාංශික පක්ෂ වල න්‍යාය සහ තර්ක වලට මැදි වුනහම් ඉවර කර ගන්න බැරි කතාවක්
Deleteඔබ එක් කැනක සඳහන් කරනවා "71 කැරැල්ලේ ප්‍රධාන අරමුණ වුයේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ලාගෙන පූර්ණ සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීමය." යනුවෙන්. අවසානයේ සඳහන් කරනවා "ඒ අනුව කැරැල්ලේ මුලික අභිමතාර්ථය වර්තමාන ජාතික ජන බලවේගය රජය මගින් සපුරා තිබේ." කියලා. මේ දෙකේ ගැටුමක් තියනවද? මට නම් පැහැදිළි මදි.
ReplyDeleteඉතාම හොඳ ප්‍රශ්නයක් . මට ගුණරත්න මහත්මයත් ඒක කිව්වා . මුලික අභිමතාර්ථය කියන්නේ ප්‍රධාන අරමුණ නෙමෙයිනේ . ඒකයි එහෙම ලීවේ . නමුත් වරදා වටහා ගැනීම් නැති වෙන්න මේ විධිහට වෙනස් කළා - ඒ අනුව කැරැල්ලේ මූලික අභිමතාර්ථයක් වන රාජ්‍ය බලය ලබා ගැනීම වර්තමාන ජාතික ජන බලවේගය රජය මගින් සපුරා තිබේ
Delete"රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ලාගෙන පූර්ණ සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීමය" නොවෙච්ච එක ගැන නම් සතුටුයි. ජේවීපී එක ජාජබ දක්වා පරිනාමය වෙච්ච එක ගැනත් සතුටුයි.
Deleteඔව් , එහෙම නොවුනා නම් ලංකාවේ බහුතරයක් ජනතාව චන්දය නොදෙන්නත් ඉඩ තිබ්බ. මම උනත් සහයෝගය දෙන්නේ නැහැ .
Deleteජාතික ජන බලවේගය බලය ලබෙගත්තේ 2022 පැවති අරගලය සහ ඡන්ද පෙට්ටි නිසාය කියනවා,
ReplyDeleteඅරගලය කොහොමද ජාජබ වෙන්නේ …
ඔබ හරි . අරගලය ජාජබ එකක් නෙමේ . නමුත් ඒකෙන් වාසිය ගත්තේ ඒ ගොල්ලෝ . ඒකයි මම කියල තියෙන්නේ .
Delete71 දි නායකයො ඇත්තටම හිතුවද රාජ්‍ය බලය අල්ලගන්න පුලුවන් වෙයි කියලා?
ReplyDeleteත්‍රිවිධ හමුදාවෙ හෝ පොලීසියෙ කිසිම කෙනෙක්ගෙන් සපෝර්ට් එකක් තිබුනද?
'71 කැරැල්ල හරියටම කියෙව්වා නම් ප්‍රා , ඔවුන් කැරැල්ලක් ගහන්න හිටියේ නැහැ අප්‍රේල් 5. කැරැල්ලක් හරියට පටන් ගන්න කලින් විජේවීර අහු වුනා . එයාව බේරා ගන්න ගිය කණ්ඩායමට තමයි ගුණරත්න අයිය ඇතුලු කට්ටිය ගියේ . ඒක අසමත් වුනා . නාවික හමුදාවේ පොලිසියේ අය හිටියට , ලොකු අතුල ගේ වුවමනාවට කලින් ගැහුවා පොලිසි වලට . සැලැස්ම අයාලේ ගියා . අධි තක්සේරුවකින් තමා ගැහුවේ .
Deleteඅජිත් මහත්මයා මාලිමා ආණ්ඩුව කෝණයෙන් විශ්ලේෂණයක යෙදෙන්න උත්සහ කරනවා.
ReplyDeleteමම නම් දකින්නේ මාලිමාව කියන්නේ ජවිපෙ මරා දමමින් බිහිවුන දරුවෙක් කියලා. මළකුණ තවම ගේ ඇතුලේ තියනව.
1. පවතින ආර්ථික අර්බුදයට විසඳුම ලෙස ඔවුන් ඇරගෙන තියන අනිත් පක්ෂ නොගත් සාධනීය ක්‍රියා මාර්ග මොනවද? පරණ ජවිපෙ විසින් විරුද්ධ වුන වර්තමාන මාලිමාව යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබද නිසි ඇගයීමක් කර ඇතිද?
2. රාජ්‍ය පාලනය සහ ප්රජාතන්ත්රවාදය . ඔවුන් විසින් විපක්ෂ දේශපාලනය මර්දනයට පොලිසිය CID සහ අල්ලස් කොමිසම යොදාගැනීම හැර විනිවිද පෙනෙන අයුරින් නීතිය සාදාරණ ලෙස ඉටුකරනවාද? ප්රජාතන්ත්රවාදය යනු නිසි කලට මැතිවරණ පවත්වා සාදාරන ලෙස බලහුවමාරු කිරීමයි. මෙතෙක් ලංකාවේ අන්ත දුෂිත ආණ්ඩු පවා බලහුවමාරුව නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලදී.
3.ජාතික සමගිය සහ සංහිඳියාව. මාලිමාව කිසිදිනක ජාතිය හා ආගම මත පදනම් වූ පක්ෂ දේශපාලනය අහෝසි කරන බව කියා නැත. එසේ නොමැතිව කෘතිමව සංහිදියා ගොඩනැගිය නොහැක. අන්ත ආගමික හා අන්ත ජාතික බලලෝභී පක්ෂ තම තමන්ගේ ජනකොට්ටාශ අතරෙහි පතුරන බොරු නතර කිරීමට පියවර නොගෙන පොලිස් බලතල ඉඩම් බලතල වැනි දේ ගැන සාකච්චා කිරීමෙන් පලක් නැත.
4. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුභසාධනය මේක අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේද ? දැනටත් නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය ඕනෑවටත් වඩා තියනවා. සමාජ ආරක්ෂණ ජාලයත් තියනවා. ගැටළුව නාස්තිය සහ සම්පත් බෙදීයාම නිවැරිදි කිරීමයි.
5. විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා . අපි නොබැදි රාජ්‍යක් . ඒවගේම ස්වාදීන රටක් ඒක දිගටම අනුගමනය කරමු.
එහෙම බැලුවහම අනිත් පක්ෂ සහ මාලිමාව අතර වෙනස බොඳ වෙනවා. හැබැයි ජවිපෙ සහ මාලිමාව අතර ලොකු පරස්පරයක් ගොඩනැගෙනවා.
//නමුත් තවමත් අර කී පැලැන්තියට යන්තමින් සම්බන්ධ වූවන් පවා ඉංග්‍රීසි භාෂාවේ හැකියාව හෝ නොහැකියාව යොදා ගනිමින් වර්තමාන නායකයන්ටද උසුළු විසිළු කරනු දැකිය හැකිය . // මේ උසුළු විසිලු නම් එච්චර ගණන් ගතයුතු නැහැ අරගලය කාලේදී එක සටන් පාටයක් වුනේ කපුටු කාක් කාක් කියලා නේද? මාලිමාව ඇතුළු හැම දේශපාලන පක්ෂයක්ම අඩුවැඩි වශයෙන් බොරුව සහ අවඥා ප්‍රකාශ සමාජ ගත කරා.
// එක පසෙකින් පවුල් කිහිපයකට සීමා වී තිබූ දේශපාලන බලය බිඳ දැමීම// ලංකාවේ පවුල් පාලනය කිහිප විටක් බිඳ වැටුනා ප්‍රේමදාස , මහින්ද , සිරිසේන , විජේතුංග ,අනුර ඔය ඔක්කොම නිර්ප්‍රභූ තමයි. පවුල් බලයකින් බලයට අවේ නැහැ. පස්සේ ඔක්කොම ප්‍රභූ වුනා .
මට නම් හිතෙන්නේ තවමත් ලංකාවේ මිනිස්සු මලිමාවට කැමතියි. ඒක දිගටම පවතවාගෙන යන එක නම් ටිකක් වෙහෙස කරයි.
ඔබතුමා තරමක් දුරට හරි . මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජවිපෙ මෙතැනට ආවේ කොහොමද කියන එක තමා විමසන්න ඕනේ වුනේ .
Delete1. මේවා නම් ඉතින් හුඟක් තියනවා . මම එකින් එක කියන ගියොත් මාත් ඩෝබි කෙනෙක් වෙයිද දන්නේ නැහැ . ආර්ථිකය කලමනා කරගෙන යන විධිහ හොඳයි . විදේශ සංචිත වැඩි කරගෙන , ආණ්ඩුවේ ණය අඩු කරගෙන යන්නේ . දිත්වා එකෙන් වැදුණු ෂොක් එකත් දරා ගන්න පුළුවන් වුනා . තෙක් ෂොක් එකත් දරා ගනී . IMF එකට සහ ලෝක බැංකුවට පරණම පැරණ ජවිපෙ විරුද්ධයි . හැබැයි අනුර ආපු කාලේ (චන්දෙ දිනන්න කලින් ඉඳන් ) ඒ දෙක සමග සහයෝගයෙන් වැඩ කරන ස්ත්වරයෙන් හිටියේ . ඒක තමා ලොකුම එක මම හිතන්නේ . අනිත් ආණ්ඩු වල හොඳ ව්‍යාපාර ටිහ්බ්බ නම් ඒව අඛණ්ඩව කරගෙන යනව . හොඳ ලක්ෂණයක් . අපනයන ආදායම වැඩි වෙලා . රජයේ ආදායම වැඩි කරගෙන . බදු ගැනීම ක්‍රමානුකුල කරලා .
2.රාජ්‍ය පාලනය සහ ප්රජාතන්ත්රවාදය . ඔවුන් විසින් විපක්ෂ දේශපාලනය මර්දනයට පොලිසිය CID සහ අල්ලස් කොමිසම යොදාගැනීම හැර විනිවිද පෙනෙන අයුරින් නීතිය සාදාරණ ලෙස ඉටුකරනවාද? -- මේවගේ කතාවක් මම ඔබ වගේ කෙනෙකු ගෙන් ඇත්තටම බලාපොරොත්තු වුනේ නැහැ . මේක මේ නාමල් රාජපක්ෂ වගේ දේශපාලනඥයන් කියන කතාවක් නේ . කොහේද තියෙන්නේ මේ මර්දනය ? වැරදි කරපු , හොරකම් කරපු ඒවා අල්ලන එක , අල්ලස අල්ලන එක දේශපාලන මර්දනයක් වන්නේ කොහොමද ? ඒ කාලයේ මහින්දකෝල් කරලා අධිකරණ තීරණ වෙනස් කරපු එකප්රසිද්ධ රහසක් නේ . සරත් නන්ද සිල්වම කියල තියනවනේ . දැනුත් එහමයි වෙන්නේ කියලද ඔබ කියන්නේ ? හැම කෙස් එකකම විනිවිද පෙනෙන ආකාරයට නේ ගෙනි යන්නේ . ඒවා පරක්කු වෙන්නෙත් ඒක නිසාමයි .
Delete//මට නම් හිතෙන්නේ තවමත් ලංකාවේ මිනිස්සු මලිමාවට කැමතියි. ඒක දිගටම පවතවාගෙන යන එක නම් ටිකක් වෙහෙස කරයි//
Deletehttps://economatta.blogspot.com/2026/04/blog-post_8.html
//ආර්ථිකය කලමනා කරගෙන යන විධිහ හොඳයි . විදේශ සංචිත වැඩි කරගෙන , ආණ්ඩුවේ ණය අඩු කරගෙන යන්නේ// මේ කරන්නේ IMF ක්රමවේදයනේ ? බදු අදායම වැඩි කරගෙන බදු ප්‍රතිශතය වැඩිවෙලා බදුගෙවන අය වැඩිවෙලා, සංචාරකයන් covid සමයෙන් පස්සේ ඉබේම වැඩිවෙනවා. ලංකාවේ විදේශ ණය ගෙවන්නේ නැහැ. ආණ්ඩුවේ ණය අඩුකරගෙන කියලා නම් දැක්කේ නැහැ. එහෙම වුනානම් ඉතා හොඳයි. නමුත් රනිල් හිටියත් ඔයටිකමයි කියන විවේචනයට නේ මුහුණ දෙන්න වෙන්නේ? නිෂ්පාදන ආර්ථිකය විදේශ ආයෝජන යටිතල පහසුකම් අඩුමිල විදුලිය (පුනර්ජනනීය ශක්තියට යන්න පෙර) සංචාරක ව්‍යාපාරයේ විශාල පිම්මක් පෙන්නේ නැහැ. දැන් අවුරුදු එකහමාරක්.
Delete//මේවගේ කතාවක් මම ඔබ වගේ කෙනෙකු ගෙන් ඇත්තටම බලාපොරොත්තු වුනේ නැහැ . මේක මේ නාමල් රාජපක්ෂ වගේ දේශපාලනඥයන් කියන කතාවක් නේ . කොහේද තියෙන්නේ මේ මර්දනය// සමහරවිට මර්දනය කියන වචනය වැරදි වෙන්න පුළුවනි. නමුත් අල්ලස් කොමිසම සහ පොලිසිය නිතිය දෙයාකාරයකට ක්‍රියාත්මක කරන බව දකින්න පුළුවන්. නීතිය සම්බන්ධ මහත්වරු එකම වරද එකක් පොදු දේපොළ පනත යටතේත් අනික් වරද දුෂණය නමැති වරද යටතේත් නඩුපවරන්න පුළුවනි. එතකොට ඇප ලබාදීමේ ගැටළුවක් එනවා. අපි හිතනවා ආන්න අරු හිරේ කියලා. මේ විරුද්දාභාසයයි මම කියන්නේ. අවශ්‍ය වෙන්නේ නීතිය කාර්යක්ෂම කිරීමයි. අවුරුදු ගණන් මිනිස්සු රිමාන්ඩ් කරා කියලා නීතිය ක්‍රියාත්මක වුනා කියන්න බැහැ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හදිසි නීතිය කියන්නේ මේ ආණ්ඩුව දැඩිසේ විරුද්ධ වුන පනත්. ඒවා තවමත් භාවිතා කරනවා. පොලීසය සහ අල්ලස් කොමිසමේ පත්වීම් අභියෝගකට ලක්වෙනවා. මේ අතරතුර රන්වල නීතියේ සිදුරෙන් බේරුනා. ජයකොඩි මහත්තයත් ඒවගේ. වත්කම් ඉපයීම් සම්බන්ධවත් ගැටළු එනවා. මේ සැකය නැතිකරන්න වෙන්නේ ආණ්ඩුවේ වැරදි වලදී ඔවුන් ආරක්ෂා නොකරන බව පෙනුනොත් පමණයි. මේ සමහර ඒවා නීතිමය කටයුතු වලට ඉස්සර සදාචාරමය ගැටළු ඇති කරන ඒවා.
Delete@ බස්සා ඉකොන් ගේ ලිපිය බැලුව . ඊයේ වෙන විටත් මගේ බ්ලොගයේ එල්ලලා තිබුන එකොන් ගේ බ්ලොග් අඩවිය අතුරුදහන් වුනේ කොහොමද කියල බලන්නේ මේ . මගේ ඉංග්‍රීසි එක සිංහලට දාන්න ඕනේ . වැඩක් තියේද ? ගල් අඟුරු වැඩේ කුමාර හෙන බොළඳ බුවෙක් නැත්නම් කපටියෙක් . කම්පැනි එක දිහා පොඩ්ඩක් හොයන්න් තිබ්බ . මොක වුනත් ඉල්ලා අස් වෙලා නම ක්ලියර් කර ගන්න ඕනේ කියන එකයි මගේ ස්ථාවරය
Deleteඔබගේ සමහර ලියන දේවල් විස්තර හොඳින් නොදන්නා කම කියා හිතනවා . - ලංකාවේ විදේශ ණය ගෙවන්නේ නැහැ. - ආණ්ඩුව නවතැහැ විදේෂන් නය ගෙවන්න පටන් අරගෙන තියෙන්නේ ලංකාවේ ෆිච් රේටින් වැඩි වුනේ එකයි . ආණ්ඩුවේ ණය අඩුකරගෙන කියලා නම් දැක්කේ නැහැ. - ආණ්ඩුව සැහෙන්න නය අඩු කරගෙන නිසා තමා සංචිත වැඩි වෙලා තියෙන්නේ . එකොනෝ පවා ඒ ගැන ලියල් තිබ්බ
Deleteමේ අතරතුර රන්වල නීතියේ සිදුරෙන් බේරුනා. - මොන නීතියේ සිදුරෙන්ද ? - පොලිසිය ඇල්කොහොල් පරික්ශනේ කලේ නැත්නම් බලෙන් නඩු දාන්න බැහැනේ . ජයකොඩි මහත්තයත් ඒවගේ. - ජයකොඩි කරපු රණවක සහ පවිත්‍රා නොකරපු වැරැද්ද මොකක්ද ? වත්කම් ඉපයීම් සම්බන්ධවත් ගැටළු එනවා - කොහෙන්ද ?
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteආණ්ඩුව බොළඳ වුනා නම් ඒ බව පිළි ගන්න ඕනේ . වැරැද්දක් වෙලා තියනව කියල ප්‍රසිඩන්ට් පිලි ගත්තා . කුමාර ජයකොඩි අතේ වැරැද්දක් නැතිවුනත් විෂය භාර ඇමැති වශයෙන් තව දුරත් එයා සුදුසු නැහැ කියන එකයි මගේ මතය . ඒ වගේ විශාල ටෙන්ඩර් එකක් දෙනකොට ගන්නේ කවුද කියලවත් හොයල බලන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද ? ලාභම එකට දීල ඇනගෙනද , ඉන්දියාව සතුටු කරන්න දුන්නද කියන ප්‍රශ්නේ තමා මගේ ඔලුවේ තියෙන්නේ
ReplyDeleteඔබ තුමාගේ මේ ලිපිය කියෙව්වා. ඒ හා බැඳුනු කමෙන්ට් ටිකත් කියෙව්වා ..
ReplyDeleteඒත් හැමදේම තේරුනා වගේ සද්ද නොකර ඉන්න ඕනේ
එහෙමත් හොඳයි
Deleteඅජිත් මහත්මයා , සරලව කතාව මෙච්චරයි. අන්දරේ කුඹුරෙ තියන ගල පෙන්න පෙන්න ගමරාලලාට පස්පඩංගුවෙ බැන්නා ගල අයින් කරල කුඹුර අස්වද්දන්නෙ නෑ කියල. තමුන්ට අවස්ථාව දුන්නොත් ගල අයින් කරල කුඹුර අස්වද්දන හැටි කිය කිය කයි දිදී හීනටි හාලෙ බතුයි කලුකුං මසුයි පිනට කෙලිය. අන්තිමට මිනිස්සු ගල උස්සලා අන්දරේගෙ කරේ තිබ්බා. දැං අන්දරේ ගල බිමින් තියන්න බැරිව ලතෝනි දෙනවා. 😂😂😂
ReplyDeleteමටනම් එහෙම අවුලක් පේන්න නැහැ ඇනෝ තුමෝ . --2024, 2025, 2026 අවුරුදු තුනේ මුල් මාස දෙකට අදාලව ආර්ථික දත්ත කිහිපයක් සන්සන්දනය කරලා බලමුද!
Delete🔺දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආදායම
🟢2024 - රු.බි.335
🔴 2025 - රු.බි.415
🔴 2026 - රු.බි.483
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 44.1%යි.
🔺අපනයන ආදායම
🟢2024 - ඩො.මි.1954
🔴 2025 - ඩො.මි.2557
🔴 2026 - ඩො.මි.3012
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 54%යි.
🔺විදේශ ප්‍රේෂණ
🟢 2024 - ඩො.මි. 963
🔴 2025 - ඩො.මි. 1165
🔴 2026 - ඩො.මි. 1305
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 35.5%යි.
🔺රේගු ආදායම
🟢 2024 - රු.බි.167
🔴 2025 - රු.බි. 217
🔴 2026 - රු.බි. 277
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 73.1%යි.
🔺සුරාබදු ආදායම
🟠 2024 - රු.බි.29
🔴 2025 - රු.බි.37
🔴 2026 - රු.බි. 46
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 58.6%යි.
🔺සංචාරක ආදායම
🟠 2024 - ඩො.මි.720
🔴 2025 - ඩො.මි. 875
🔴 2026 - ඩො.මි.1035
🔸2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය 43.7%යි.
මැදපෙරදිග යුධමය තත්ත්වයක් පවතින විටත් ගිය අවුරුද්දට වඩා මේ කාර්තුවේ ප්‍රේෂණ විතරක් 26.6% කින් වැඩිවෙලා තියෙනවා.
විශේෂයෙන් සදහන් කරන්න ඕනි 2026 ඉල්ලක්ක ගත ආදායම් තමයි මේ සදහන් කරලා තියෙන්නෙ... ඒවා මේ වෙනකොට ඔය මාස දෙකට ඉලක්ක කළ ප්‍රමාණවලට වඩා පවා අභිබවා ගිහිල්ලා තියෙන්නෙ.
උදහරණයක් විදිහට කීවොත් , 2026 පෙබරවාරි මාසයට තියෙන්න ඕනි රේගු ආදායම බිලියන 277 යි.. නමුත් මාර්තු 23 වෙනකොට එම අගය බිලියන 600ක් වෙලා තියෙනවා.