ලිපි ලිවීමට දහසකුත් එකක් දේවල් තිබේ . මෑතකදී ශ්‍රී ලංකාවට ගිය ගමන ගැන යමක් කීමට මුලින්ම සිතා ගතිමි. ඒ අතරේ මදක් කණගාටුදායක ආරංචියක් ප්‍රා ජේ ගෙන් ලැබුණි . ඒ අපගේ සහෝදර බ්ලොග් කරුවකු වන ඉයන් ලින්තොට ගේ ආදරණිය මව්තුමිය ගේ සමුගැන්මයි. ඇයගේ අවසන් කටයුතු එකොළොස්වන සෙනසුරාදා සිදු කරන ලද බවද දැන ගතිමි . ඉයන් ලින්තොට සහෘදයානන් ට අපගේ සාතිශය සංවේගය පල කරමි .
මෙවර ශ්‍රී ලංකාවට ගියේ හදිසියේය . ඒ එන ගමනේදී අපූරු අකරතැබ්බයකට මුහුණ දුනිමි . ඒ පළමුවෙනි වතාවටය. නැවත පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 503 දරන යානයෙන් මැයි 19දාය. එය දහවල් 13.10 ට පියාසර කරන්නට නියමිත යානයයි. අප ගමන් මළු යවා බෝඩින් කාඩ් ගත් පසු දෙවන වරට ගුවන් ආරක්ෂක අංශය හෝ ශ්‍රී ලංකාවට ගුවන් හමුදාවට අනුයුක්ත නිලධාරීන් නැවත වරක් මගීන් ගුවන් කැබින් එකට රැගෙන යන ගමන් මලු චෙක් කරති . මා රැගෙන ගියේ කුඩා කැබින් සූට් කේසයක් හා ලැප්ටොප් බෑගයයි . එහි තිබුනේ මගේ රැකියාවට දෙන කම්පැනි ලැපය හා ලෙනොවා වර්ගයේ කුඩා අයිඩියා පෑඩ් එකක් පමණි .
ඇතුලට යන්නට තිබුනේ ගේට්ටුව 14 බව මතකය. ගේට්ටුව 13 තිබුනේ මැලේසියාවට යන ෆ්ලයිට් එකකටය . අනිත් එක 14 ලන්ඩන් යන මගීන්ටය. අපි ඇතුළට ගිය විට ලන්ඩන් සඳහා ලොකු පෝලිමක් තිබුනත් මැලේසියා එක අවසන්ව තිබුණි . එතැන් සිටි නිලධාරියා අතින් සන් කල හෙයින් මම ඒ පරික්ෂ කරන ස්ත්නයට ගියෙමි . ගමන් මළු ස්කෑන් කරන යන්ත්‍රය භාරව සිටියේ කාන්තා නිලධාරිණියකි . ඇය මගේ බෑග් චෙක් කරන ලෙස දැන්වූ නිසා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා මට බෑග් විවෘත කීවේය. මම ඒවා විවෘත කර පෙන්වූ පසු ඔවුන් ඇය දෙසට හැරී මුකුත් නැහැ කියා මට සූට් කේසය වහන්නට කීහ. එවෙලේ ඇය තරමක් සැරෙන් "මම දැක්කනේ ගල් තියෙනවා." මොන ගල්ද කියා මම ඇසුවෙමි ? මම ඔවුන් සමග කතා කලේ ඉංග්‍රීසියෙනි . ඔවුන් මුකුත් නොකිය නැවත චෙක් කරත් ෆයිල් දෙක තුනක් , කෑම වගයක්, මගේ මව දරුවන් ට දෙන්නට සාදා දුන් මල් වගයක් ඇරෙන්නට එහි වෙන තිබුනේ මා ජපානයට ගිය විට ගෙනා රැවුල කපන කුඩා ශේවර් එකය. එය සුදු පාට එකකි . එහි මැද ඉතා පියකරු ලස ෆුජි ගිනි කන්දේ රුවක් ඇඳ තිබුණි. මා එය මිලදී ගත්තේද ඒ නිසාය,
මා ළඟ තව ෆිලිප්ස් වර්ගයේ ඉලෙක්ට්‍රික් ශේවර් එකක්ද ඇති මුත් එයින් රැවුල කැපූ පසු දැවිල්ලක් සහ මුහුණේ සම ඇදී ඇති බවක් දැනේ . ජපන් ශේවරය ඉතා මෘදු එකකි .
නැවත සුට්කේසය සිසාරා බැලූ නිලධාරීන් දෙදෙනා මේ මොකක්ද යයි අසා ශේවරය තබා ගත්තේය. අර සෙබළිය දිගින් දිගටම කීවේ ගල් වගයක් තියෙනවා කියාය . මොන මගුලක්ද කියා අසන්නට සිතුනත් මා නිහඬව සිටියේ බැරි වෙලාවත් "සලේ ක්‍රමයට" සෝදිසි කරන්නට ආවොත් කාට කියන්නද කියා සිතාය. මැලේසියාවට යන අය "ගල්" ගෙනියනවාද? මම එය ඉලෙක්ට්‍රික් ශේවර් එකක් යි කීවද ඔවුන් එය ක්‍රියා කරවන්නට කියා කීවේද නැත. මේ ශේවර් එක වෙන කොහෙන් වත් ගන්නට නැත . එංගලන්තයේ සිට ඇමසන් හෝ වෙනත් කම්පැනි එකක් හරහා ගත හැක්කේ ඔය ඉහත ඇති එක පමණය. ෆුජි කන්ද ඇඳ ඇති නිසා එය මට විශේෂ එකකි. මගේ ප්රශ්නය ඔවුන්ට එසේ සංචාරකයන්ගේ බඩු තබා ගත හැකිද යන්නය?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් දැනට අවුරුද්දකට පමණ කලින් මා ටිකට් කිහිපයක් ගත් අතර එක අයෙකුට ගුවන් තොටුපලට පැමිණියත් යන ගමන යාමට නොහැකි විය . ඒ පාස්පෝර්ට් එක මාස තුනකට පමණක් කාලය තිබූ එකක් කියාය . එයට 50% මුදලක් නැවත දෙන බවට පොරොන්දු වුවද එයද අවුරුද්දකට පසුත් දැනට ලැබී නැත .
මම මීට කලින් ලංකාවේ දුම්රිය ධාවනයට සම්බන්ධ පරණ යුනිෆෝම් කට්ටලයක් හෙවිමේදී ෆේස්බුක් මිතුරෙකු වන අනුරුද්ධ පෑබොටුව මහත් සේ උදව් කළේය . ඒ ඔහුගේ මිතුරෙකු වන විශ්‍රාමික දුම්රිය රියදුරු මහතෙකු හරහාය. මම ඒ දුම්රිය රියදුරු මහතා ලංකාවේදී හමු වුනෙමි . ඔහු මට මරදාන දුම්රිය අංගනයේ වැඩ කටයුතු කෙරෙනා ආකාරය පෙන්නුවේය , එහි පරණ දුම්රිය එන්ජින් කිහිපයක්ම අලුත්වැඩියා වෙමින් පවතී . අලුත් ඒවා ගන්නේ නැතිව අපර්ණ ඒවාම අලුත් වැඩියා කරන්නට සිදුව ඈත්තේ ඇයි?
එයට හේතුව ශ්‍රී ලංකාවේ රේල් ට්‍රැක් ගේජ් එක හෙවත් පීලි දෙකක් (මාපකය ) අතර වෙනස බොහෝ රටවලට වඩා වෙනස් වීමයි . එය බ්‍රෝඩ් ගේජ් එකක් හෙවත් වඩා පළල අඩි 5 යි අඟල් හයක් වන අතර (සෙන්ටි මීටර් 167.6) වන අතර ලෝකයේ ඇති පළල්ම රේල් ට්‍රැක් එකකි . කිලෝ මීටර් 1508 පමණ දිග මුළු ජාලයම මේ මිනුමට අනුව සාදා තිබේ . මෙය සමාන ඉන්දියනු හා පකිස්තාන් එකට පමණි , එනිසා ඉන්දියන් එන්ජින් සහ රෝද කට්ටල මෙහි භාවිතා කළ හැකිය. රුසියානු මාපකය අඩි 4 අඟල් 11කි . ඇමෙරිකා එක්සත් ජනපදය , කැනඩාව, බ්‍රිතාන්‍ය, යුරෝපීය රටවල, චීනය සහ ජපානයේ අධිවේගී ශින්කන්සෙන් මාර්ග වල පළල අඩි 4 අඟල් 8.5 කි. ජපානයේ සාමාන්‍ය දුම්රිය මාර්ග අඩි 3 අඟල් හයකි. මේ නිසා මෙරටට ගෙනෙන සෑම එන්ජින් කට්ටලයක්ම මේ වෙනසට අනුව වෙනම නිපදවාගෙන ආනයනය කළ යුතුය . මෙය ඉතා මිල අධික වැඩකි . ඉංජිනේරුවන් වෙනම ඩිසයින් කර , තම කම්හල් වල කොටසක් වෙන් කර බෝගි හෙවත් රෝද කට්ටල , අක්සල් සහ චැසිය කොටස වෙනම නිපදවිය යුතුය . මේ රටවල භාවිතා කරන සමනය එන්ජිමක් මිට වඩා බොහෝ සෙයින් මිලෙන් අඩුය . මේ හේතු නිශ අපරන් එන්ජින් අලුත්වැඩියා කර ධාවනයේ යෙදිය යුතුය .
පින්තූර ගත්තේ එහිදීය. රජය විසින් විශ්‍රාම ගිය දුම්රිය රියදුරු මහතුන්ද සේවයට කැඳවා ඇති බව දැන ගතිමි .
මට කොළඹ කොටුවේ සිට පානදුර බලා යන පරණ ඉන්දියානු එන්ජිමක් සහිත දුම්රියක රියදුරු මහතා සහ ඔහුගේ සහායක මහතාට පසුපසින් සිටගෙන යාමට අවස්ථාවක් ලැබුණි . ඒ මහත්වරුනට දෙදෙනාට
මගේ ආදරණිය ස්තුතිය පිරි නමමි .
එහි වීඩියෝ කිහිපයක් මම යුටියුබ් චැනලයට මුදා හලෙමි. ඉන් එකක් පහත ඇත .
පින්තුර ස්ලයිඩ් එකක්ද ඇතුලත් කලෙමි.
මේ තිබෙන්නේ යුටියුබ් වීඩියෝ යොමුවකි .
මේ ගමන සිදු වුයේ මැයි මාසයේ වුවත් ලියන්නට ඉඩක් ලැබුනේ අදය .
අජිත් ධර්මකීර්ති 13/07/2026
Did u get the shaver back?
ReplyDeleteනැහැ ඒක දුන්නේ නැහැ ආපහු . මගේ ප්‍රශ්නේ එහෙම තියා ගන්න පුලුවන්ද ? ඒක ලොකු ගානක් නෙමේ . ජපන් ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ . නමුත් මෙහෙ කොහෙවත් ඒක ගන්න නැහැ
Deleteඉයන්ගේ මෑණියන්ට මොක් සුව! මගේ සංවේගය.
DeleteThank you Bassa
Deleteඉයන්ගේ මවුතුමියගේ වියෝව ගැන මගේ සංවේගය.
Deleteඉයන්ගේ මවට... සුබ ගමන් පතනවා 🙏
Deleteඅජිත් මහත්මයා නෙලුං අල යායට ආව වගේ මේ පාරත් එයා මයිල් පාවිච්චි කළාද? 😜
ReplyDeleteඅනේ නැහැ ඇනෝ මහත්මයා . ටිකට් එකක් නොමිලේ හම්බ වෙන්න තරම් එයා මයිල් නැහැ . තවමත් අවුරුදු 11 කට පස්සෙත් මතක තියාගෙන හඳු එකනේ පුදුමේ කියන්නේ ? 😀ඔයත් අර දුකාගේ 'බ්ලොග් නොලියන ' අයගේ බ්ලොග් සමුළුවට යන කෙනෙක්ද ?
Deleteඅනේ නැහැ. එහෙම සමුලුවක් තිබුනද අජිත් මහත්මයා? මම ඒ කාලෙ බ්ලොග් වලින් ආතල් ගන්නන්ගේ සංගමේ හිටියා.🤣
Deleteඒ බ්ලොග් එකතුව දුකාගේ ව්රුෂ් ක්‍රීඩා සංකීර්ණයේ ලු තියෙන්නේ අගෝස්තු මාසේ , බ්ලොග් ආතල් හොඳ වැඩ . එහෙම ඉඳල තමා ලියන්න ගත්තේ මමත්
Deleteඅහා! ඔබ වහන්සේගේ කැමතිම කෝච්චි හොබී එකට අත්වැලක්.😋
ReplyDeleteබෂු තුමා මම සිවුරු දාගෙන නැහැ
Deleteසාදු, සාදු සා............🙏
Deleteකොච්චි හොබී එක ගැන ලියන්නත් තමා ලිව්වේ . අඟහරුවා ගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මනම් හොඳයි වගේ නේද ? https://angaharuwa.blogspot.com/2026/06/blog-post.html
Deleteනිලධාරියා හෝ තුමිය ජපන් රේසරෙන් රැවුල කපනවා ඇති ගෙදර!
ReplyDeleteඉස්සුවේ නිලධාරියා නම් කපනවා ඇත්තේ උඩුරැවුල....නිලධාරිනිය නම් යටි රැවුල.....
Deleteනිලධාරියා අතේ තිබ්බේ . ඒක නියම ජපන් භාණ්ඩයක් . රැවුල කැපුවට පස්සේ දැනෙන්නේ වත් නැහැ
Deleteඇයි ඒක හොරාගත්තු එක ගැන පැමිනිලි නොකලේ? ලංකාවේ අයට වැඩියෙනුත් පිටරැටියන්ට අඩුවෙනුත් හොරකම් කරනවා ඇති. මුන්ට හොද දඩුවමක් දෙන්න නම් පැමිනිල්ලක් දාන්න තිබුනා නේද?
ReplyDelete--අසංග කොළොම්පුරේ
මේ ඇරේ ෆ්ලයිට් එකට යන්න අන්තිම හරියේ චෙක් කරන තැනනේ . කාටද කම්ප්ලේන් කරන්නේ ? ෆ්ලයිට් එකට යන්න බැරි වුනොත් ?
Deleteකෝච්චි පිංතූර ටික නං පට්ට. දැක්කාම දුකක් මුසු සතුටක් දැණුනා. අපේ දුප්පත් කෝච්චිත් අපිත් එක්කම වයසට ගිහිල්ලා. හප්පේ ඔය කෝච්චි කොච්චර නං දේවල් දැකලා ඇද්ද? කොටු පැනපුවා, ලයින් දාපුවා, පොකට් ගහපුවා, ඉස්සො වඩේ කාපුවා?
ReplyDeleteටිකට් නැතිව නොමිලේ ගිය ඒවා
Delete--අසංග කොළොම්පුරේ
ඒක තමයි නේද ? ඉස්සෝ වඩේ කාපුවා , අතේ ඇල්ලී නැති නිසා එකෙක් ගත්තම ඉස්ස බෙදා ගන්න වලිය . කොලොම්පුරේ මේ ගමනට නම් ටිකට් එකක් ගන්න කියලම කිව්වා . අරගෙන ගියේ . හරිම ලාභයි න්බේ . ලෝකයේ ලාභම දුම්රිය ටිකට් පත් තියෙන්නේ ලංකාවේ
Deleteමාල කැඩුවෙ නැද්ද?
Deleteමතක ආවර්ජන රසයි!
Delete@Praසන්ன මාලයක් තිබ්බේ නැහැ හොඳ වෙලාවට 😀, ස්තුතියි ගල්මල්-Coral
Deleteඅර සාපලත් පිංතූරෙ කතාව ලියන්නෙ නැතෙයි?
ReplyDeleteඒ කතාව එන්නේ අර අසල්වැසියාගේ කතාව එක්ක . ඒක මග හිටලානේ .
Deleteමොන අසල්වැසියාද?😮
Deletehttps://kolambagamaya.blogspot.com/2024/10/6.html
Deleteබ්‍රයන්: ඈ බං, මා ගැන අන්තිම පෝස්ට් එක 2024 ඔක්තෝබර්. කමෙන්ට්ම 106යි. දැන් මිනිස්සුන්ට අමතක වෙලාත් ඇති. ඇය් ඒක නැවැත්තුවෙ?
Deleteගමයා: සොරි මචං. පට්ට බිසී. මුළු ආණ්ඩුවකම රෙදි තනියම හෝදනවා කියන එක ලේසි පාසු වැඩක්ද? උඹැහෙට කියන්න මචෝ, දැන් එකෙක්වත් එන්නෙ නෑ වෙල්ලාව කරකවන්න.
බ්‍රයන්: ටෝව දීයාම කාපිය.💢😡
ඌන පූරණයකි:
Deleteකොහොමද අප්පා රෙද්දක් ඇඳගෙන රෙදි හෝදන්නේ තකතිරු වැඩත් කෙරෙද්දී- ඒවා පලිප්පු දදා ඉඳිද්දී...
උඹලා දෙන්නම් මේ ඇනෝ රැල්ලට අහුවෙලා . මම තනියම හෙදිල්ලක් නැහැ . මේ පාර ලංකාවට ගියහම් තේරුනා මිනිස්සු සපෝර්ට් කියල . මට දේශපාලන පක්ෂ භේදයක් නැහැ . කව්රුහරි හොඳට කරනවනම් ඒකට මම සපෝර්ට් . 2005 ඉඳන් මහින්දටත් සපෝර්ට් කලානේ . ඊට පස්සේ මහින්දයා කෙලව ගත්තට අපට කරන්න දෙයක් නැහැ . මේ ගොල්ලන්ගේ එකෙක් දෙන්නෙක් ගොනා කතා කියල නාගන්නවා තමා . නමුත් ඕවරෝල් හොඳයි කියල මම හිතන්නේ .
DeleteCPA Poll: President AKD enjoys 75.5% Public Satisfaction-https://www.newswire.lk/2026/07/15/cpa-poll-president-akd-enjoys-75-5-public-satisfaction/
Deleteමමත් ඕක දැක්කා. අපි ආණ්ඩුවට වගේම ඔබතුමාගෙ ලිපි වලටත් කැමතියි. එකම දේ සමහර ලිපි වලට වැඩිය කැමති එක විතරයි.
Deleteඅර දෙබස මාරු ඈ . කියන්න අමතක වුනා
Deleteමරු කියල කියන්න ඕනේ වුනේ . බ්‍රයන් ගේ කතාව අකෙන්ක් උස්සන්න හැදුව පොතකට . නැවැත්තුවේ ඒකයි
Deleteෂේවර් ගල් කරනු ලැබේ.
ReplyDeleteආන්න ඒකනෙ අර නිලධාරිනිය කියල තියෙන්නෙ, ගල් (කරන්න ඇහැකි භාණ්ඩ) වගයක් තියනවා කියලා.
Deleteමටත් දැනුයි තේරුනේ . ගල් වගයක් දැක්කා , කියල කිව්වේ ඇයි කියල . 😀
Delete//ෂේවර් ගල් කරනු ලැබේ.// ආ ගල් ගල් කිව්වෙ ඒකටයි එහෙනං 😂😂
Deleteඒකනේ 😁 නමී
Deleteසීයත් රේල්ලුවෙ උන්නේ ඔහුගෙ පුතත්
ReplyDeleteරේල්ලුවෙම වැඩ කෙරුවේ එහෙම වෙලත්
ඔහුගෙ පුතුන් අතරින් එක්කෙනෙකුහටත්
නැති කැක්කුමක් කෝච්චි ගැන දරයි අජිත්!!!
එකක් මහජනයාට කරදරයක් නැතිව යන්න පුළුවන් මාධ්‍යයක් . දෙක මම කෝච්චියේ සද්දෙට සහ මිකැනිකල් මාවලස් එකට කැමතියි . තුන මේ එක එක දේවල් වලට තියෙන අන්හෙල්ති ඇඟලුම් කම් ඔටිසම් ස්පෙක්ටර්ම් එකේ එකක්ය කියල දොස්තර මහත්තයෙක් කිව්වා . අතාරින්න එපාලු . මටම එපා වෙලා යිලු .
Deleteලංකාවෙ මිනිස්සුන්ට ගල් කරනව කියන එක උපතිංම එන එකක්නෙ. හැක්..
ReplyDeleteඅනේ මන්දා බ්‍රෝ. මට වෙන එකක් ගන්න පුළුවන් , නමුත් ඒක නෙමේනේ . ගමන් වල මතකයන් . අමතක කාල දාන්න ඕනේ නිසා ලිව්වේ
Deleteහ්ම්.. අන්තිමට හිත නිදහස් කරගන්න මෙහෙම ලියන එක තමා ඉතිරි.
Deleteමේ අමන වැඩ කවදා අපේ උන්දලාගෙන් අතුගෑවිලා යයිද කියල හිතාගන්න බෑ.
ඔව් ඉතින් නැති වුනා කියල හිතා ගන්නවා
DeleteRazer not allowed to bring with hand luggage, No idea about shaver.
ReplyDeleteශේවර් වලට එහෙම නීතියක් නැහැ . අනික ලංකාවේ Razer වලට එහෙම නීතියක් නැහැ නේද ?
Deleteලියමන සුන්දරයි, රසයි.
ReplyDeleteඅපේ එයාර්පෝට් එකේ සිද්ධ වෙන්නේම ඒ වගේ වැඩ.
2003 වසරේ දී ගුවන් කුරුල්ලන්ට සමුදී සිරි දීපෙට එන ගමන් මම අත් ඔරලෝසු ජෝඩුවක් ගෙනාව තෑගි දෙන්න, එය අපිට දරුවන් වගේ ගුරුහුරුකම් දී ගොඩාක් උදව්කර ගුරුවරුන් යුවලකට. ඒකත් ඔවුන්ගේ හමුවට වසර 25ක් ගෙවීම වෙනුවෙන් විශේෂ සිහිවටනයක් විදියට. ඒ ඔරලෝසු දෙක අතට අරන් ප්‍රශ්ණ වැලක් අහපු නිලධාරියාගේ නොසැලකිල්ල නිසා මිස්ට ගත් ඔරලෝසුව බිම වැටුනා, සොරි කියන්නවත් හිතක් නැති ඔහු ඔන්න ඕක අරන් යන්න කිව්වා. ගෙදර ගෙනත් බලද්දි ඔරලෝසුව වැඩ නැහැ.
මම එහෙම කතා අහල තියනව හරියට. ඒ ගොල්ලන් අප මතකයන් වශයෙන් ගෙනියන දේවල් කියලවත් ගණන් ගන්නේ නැහැ . භාණ්ඩයක් විතරයි නීතියේ හිලක් තියනවනම් ඒක භාවිතා කරනවා
Deleteවෙලාවට ලංකාවට ආවේණික පොල් කට්ටක් අරන් යනවා කියල ඔලුව තියාගත්තේ නැත්තේ!!! තරුණ උනාට ලස්සන ගෑනු ලමයි පෝලිමේ ඉන්නවා බලන්න යන්න හොඳ නෑ. එහෙනං ෂේවර් එකත් තියේ. අංකලුත් සැපේ.
ReplyDeleteවෙලාවට ලංකාවට ආවේණික පොල් කට්ටක් අරන් යනවා කියල ඔලුව තියාගත්තේ නැත්තේ- 😁 ඒක මරු , එයා ලස්සනද කියල නම් මතක නැහැ . වලියට බර එයාෆෝස් නංගි කෙනෙක් හැබැයි
Deleteairline එකට ඊමේල් එකක් දාල වලියක් අදින්න ..ඔය ගන්න බඩු වලට ඇත්තටම මොකද වෙන්නේ ?
ReplyDeleteකෝච්චියක එන්ජිමේ යන්න මටත් ආසාවක් තියෙනවා
අනේ වැඩක් නැහැ. කාටද වෙලා තියෙන්නේ ඕවට . . ඕක හෙන බංකලොත්ද කොහෙද ? . මට රුපියල් පනස්දාහක් විතර හම්බ වෙන්න තියනව කැන්සල් කරපු ගමනකට . ලියලා අවුරුද්දක් විතර වෙනවා . තවම නැහැ . පස්සේ බලනකොට ඒ වගේ හුඟක් අයට හම්බවෙලා නැහැ . ගන්න බදු අර කවුද කීව වගේ 'ගල් ' වෙනවා ඇති
Deleteපළමුවෙනි පින්තූරේ Class M9 එංජිම, ප්‍රන්සේ ඇල්ස්තොම් කොම්පැනියේ හැදූ එකක්.
ReplyDeleteඕකෙ කැබින් එක AC කරලා තිබුණෙ.
ඇන්ජිම බලන්ඩ ප්‍රන්සේ ගිය ලොක්කො කැබින් එකේ AC එක අස් කරන්ඩ කියලා, එක අමතර වියදමක්ලු! අනික මේකෙ AC දාගෙන කූල් එකට එංජින් ඩ්‍රයිවර්ට නින්ද යයි කියල. අන්තිමේ ඩොලර් 500ක් විතර අඩු කරලා AC ගලවලා එව්වා.
මහත්මයට කියන්ඩ ඕක ඇතුළ පෝරණුව වගේ, කොහොමද වින්ඩ්ස්ක්රින් එකේ ඈන්ගල් එක, අනික AC වලට හදපු නිසා වෙන්ටිලේෂන් අවමයි.
ඒක නෙවෙයි හොඳම වැඩේ, කැබින් එක රත් උනාම ඒක ඇතුලේ තියෙන කොන්ට්‍රෝලර් එක ඕවර්හීට් වෙලා එන්ජිම මග නවතින්ඩ පටන්ගත්තා.
පස්සෙන් පහු අර ලොක්කො කැබින් එකට 'විදුලි පංකා' සවි කරන්නට තීරණය කළා.
H
මේ කොමෙන්ටුවට බොහොම ස්තූතියි ඔබතුමාට. වැදගත් තොරතුරු රැසක් දුන්නට . තව ඒව තියනවනම් දාන්න. //ඇන්ජිම බලන්ඩ ප්‍රන්සේ ගිය ලොක්කො කැබින් එකේ AC එක අස් කරන්ඩ කියලා, එක අමතර වියදමක්ලු!//අම්මප එහෙම ඒවත් වෙනවද ? සාපෙක්ෂව බලන්න එන්ජිමේ ගාන කියක් විතර වෙයිද ? //පස්සෙන් පහු අර ලොක්කො කැබින් එකට 'විදුලි පංකා' සවි කරන්නට තීරණය කළා.// අම්මප මෙහෙම එවුන් ලොක්කෝ කරපු එවුන් තමා අල්ල ගන්න ඕනේ 😀
Deleteඔබේ ලංකා ගමනේ විස්තර ආසාවෙන් කියෙව්වා . මරදාන ධාවනාගාරයේ සහ දුම්රිය ගමනේ විස්තර නියමයි . FB reels , Youtube shorts හදලා දාන්න
ReplyDeleteයුටියුබ් ශෝර්ට්ස් නම් දාල තියෙන්නේ https://www.youtube.com/watch?v=jo_GouVjaVw
Deletehttps://www.youtube.com/watch?v=osrjFrbthh0
Delete