Tuesday, 1 September 2026

සුබ උපන්දිනයක් වේවා, අම්මේ!



මගේ අත අල්ලා ගෙන හිටි
ඒ සෙනෙහෙබර රටාවට,
පුංචි සතුටෙන් පිරුණු ලොවක් අපට තනා දුන්නාට,
ඔබ මට දිවිය දුන්නා පමණක් නොව
ඊටත් වැඩි බොහෝ දේ ලැබුණි මට ...
ඒ උණුසුම් ගුණෙන් පිරි කොළ කැඳ කෝප්පය ,
අතින් හැදූ පාන් වල සුවඳ
ඉරු දින උදයේ,
උදේ හැදෙන ආදරය මුසු කිරි තේ
හැමදා හවස තේ වේලට
ඔබ සුරතින් මවන පුංචි රස කැවිලි
හාල් අග්ගලා සහ දම්පාට අල කැරලි හා බොහෝ දේ,
දාම් අදින්නට , ලැඩර් බෝඩ් එකේ යන්නට
ඉගැන්නු අප සමග සෙල්ලම් කළ
ඒ නිහඬ හැන්දෑවන්,
පැරණි නුවණැස රැඳි මාවතේ පියමන් කළා අප ,
ඔබට අහිමි වූ ළමාවිය අඩු නැතිව අපට දුන්
ඉන්දියාවේ පිවිතුරු පූජනීය බිම්වල සිට
එක්සත් රාජධානියේ ශීත සුළං රැලි දක්වා
ඔබ සමග දකින්නට හැකිවුනා සතුටුයි මට
ඒත් අහස යට ඇති ඒ හැම සත්‍යයක්ම
මං ඉගෙනගත්තේ ඔබේ දෙපා අසල ගෙවුණු
ඒ පුංචි නිමේෂයන් හිදී.
"ස්තූතියි" කියන්නට මට වචන මදි ,
දශක ගණනක් පුරා
ඔබ දැක්වූ ඒ ආදරයට.
මේ ලොව මා දුටු සුන්දරම ආදරය
ඔබේ වත නෙත ගැටෙන හැම
මොහොතකම දැනෙයි මට .
සුබ උපන්දිනයක් වේවා, අම්මේ!
මගේ මවගේ උපන්දිනය ට (අගෝස්තු 30) ලියුවක්

- අජිත්ධර්ම 02/09/2026

9 comments:

  1. සුබ උපන්දිනයක් වේවා, අම්මේ!

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා, අම්මේ! (2x)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි . මම මීහම් ඒවා ලියන්න අකමැතියි . නමුත් අම්මා සෑහෙන්න දුක් වින්ද පුංචි කාලයේ දෙමාපියෝ නැති වෙලා . පොහොසත් පවුලක ඉපදිලා දෙමාපියෝ නැති වුණාම නෑදෑයෝ දේපල කොල්ල කාල දිළිඳු වෙලා , ඊට පස්සේ තාත්තගේ පැත්තෙන් කුලවාදය නිසා පිඩා වින්ද . නමුත් ඒ හැමෝටම වැඩිය රට රටවල් සංචාරය කළා .

      Delete
    2. //අම්මා සෑහෙන්න දුක් වින්ද// මට හිතන්නෙ අම්මලා අතරින් ආසියාවේ මව, ගොඩක්ම... පවුල, සැමියා, ළමයි එක්ක බැඳිල වැඩී. ඒ හැර ලෝකයක් එයාලට නැතිම තරම්. ඒ නිසාම එයාල විඳින දුක්, ගැහැටත් වැඩියි... 💔

      Delete
  3. සුබ උපන්දිනයක් !!

    ReplyDelete
  4. පහුවෙලා පෝස්ට් ඒක දැක්කෙ.

    ඇයට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වේවා... 🎉🙏

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .