ලඟකදී මාද සම්බන්ධ වූ කතා බහකදී 1989 දී රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් මරා දමා හිස පමණක් වැටක ගසා තිබු ඉතා අනුවේදනීය සිද්ධියක් ගැන සිහිපත් වීමක් කෙරුණි. එම කතාව ඉතා ශෝකජනකය. කතාව පැවසූ මිතුරා ද හැඟුම් බර වුනු බව පෙනුනි.
ඒ එසේ වුවද 1987-1990 කාලය තුල ජවිපෙ නැවතත් කලේ නරෝද්නික් වාදී දේශපාලන ත්‍රස්තවාදයක් බව මම එදත් අදත් දැරූ මතයයි. මෙය ජවිපෙ සාමාජිකයන්ගේ මුහුණටම පැවසීම ට 1987 දී මට ශක්තියක් තිබුණි. නරෝද්නිකවාදී ත්‍රස්ත කියා හා ජනතා අරගල යනු එකක් නොව දෙකක් බව මුලින්ම කියා දුන්නේ ඔවුන් අනුගමනය කරනවා යයි කියන ලෙනින් මය. ලෙනින් තමන්ගේ සහෝදරයා විසින් කරන ලද සාර් රජුට බෝම්බ ගැසීම වෙනුවට නරෝද්නික් වාදයේ තිබු ජනතා විරෝධතා පමණක් තෝරා ගත්තේ ඇයිද යන්න සුළු කාලයක් පමණක් රුසියාවේ සිටි විජේවීර නොදැන සිටියා වත්ද?
මට මෙය සිහිවුනේ සමහරුන් තමන්ව මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි ජවිපෙ හා ඉන් ඉවත්ව ගිය හිතවතුන්ට අදත් ප්‍රශ්නයක් වන හෙයිනි.
කලාත්මක මෙන්ම නිර්භීත චරිතයක් වූ නන්දන මාරසිංහ ගේ මරණය මට ඉමහත් ශෝකයක් දැනවූ සිදුවීමක් විය. මේ වැරැද්ද නිවැරදි කිරීමක් ගැන මම ජවිපෙන් වෙන්වී ගිය පක්ෂයක සාමාජිකයෙකු ගෙන් වරක් විමසුවෙමි. ඔහු නන්දන මාරසිංහ කරන ලදැයි කියන ද්‍රෝහී ක්‍රියා කිහිපයක් ගැන මට පැවසීය. ආණ්ඩුවට ඔත්තු සැපයීමේ චෝදනාවක්ද ඒ අතර විය. මා ඔහුගෙන් ඇසුවේ ඒවා ඔප්පු කිරීමට ඔහුට හැකිද සහ ඒවා මිනිසකු මරා දැමීමට තරම් බරපතල ඒවා ද කියායි. සමහරවිට මරා නොදැමිය යුතුව තිබූ බව පමණක් ඔහු කිසියම් උදාසීන බවකින් පැවසිය.
මේ සියල්ල නැවත මතක් වුයේ මේ ලිපිය නිසාය. 71 කැරැල්ලේ කළු රන්ජි කියන කතාවක් මෙහි ඇත.
ඒ සංවේදී මිනිසා ගැන රන්ජි කියන්නේ මෙසේය.
"නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ට්‍රික් බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.
මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ."
නන්දන මාරසිංහ ගැන ලියූ බ්ලොග් පොස්ටුවක් මෙහි ඇත. මේ බ්ලොගය කිසියම් හේතුවකින් දැන් ලියැවෙන්නේ නැත.
ඉහත රත්න ශ්‍රී විජේසිංහ ගේ කව උපුටා ගත්තේ මේ බ්ලොග් අඩවියෙනි.
එදවස කලාව ගැන කෙරුණු සංවාද සඳහා මුලිකයෙකු වූයේ නන්දන වීරරත්නයි. නන්දන වීරරත්නලා මහජන පුස්තකාලයේ සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයේ රැස්වීම් වලට මා සහභාගී වුයෙමි. 1985 වැනි කාලයක නන්දන වීරරත්න ජවිපෙන් ඉවත් වුනු බව මට පැවසීය.
මට නැවතත් නන්දන මුණ ගැසුනේ ලන්ඩනයේ අගෝරා කලා කවයේ රැස්වීමකදීය. පසුගිය දිනෙක ඔහුත් සමග නැවතත් කල දීර්ඝ කතා බහකදී අපට නැවතත් නන්දන මාරසිංහ සිහියට නැගුණි.
"මේ වගේ මිනිස්සු මරා කල හැකි විප්ලවය කුමක්දැයි " විජය කුමාරතුංග මාරසිංහගේ අවමගුල දා විමසූ බව ඉහත බ්ලොගයේ සඳහන් වේ. විජය කුමාරතුංග ද කිහිප දිනකින් ජිවිතයට සමු දුන්නේය.
අසූවේ වර්ජනයට සහභාගී වුන ගුරු මහතෙකු විය. ඔහු නව සම සමාජ පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළේය. ජවිපෙට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා එවකට පැවති රජය ආයුධ බෙදා දුන් අවස්ථාවේ ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය. කිසිදා දුෂිතයෙකු නොවූ සැබෑ මානව හිතවාදියෙකු වූ මේ ගුරු මහතාගේ පුත්‍රයා මගේ හා නන්දන වීරරත්න ගේ යහළුවෙකි. ඔහුගේ පියා මරා දැමුනු පසු අවමගුලට සහභාගී වීමට ඔහු මොස්කව් පැමිණ ශ්‍රී ලංකාවට ගිය දිනයේ මමද ශේරෙමිතොවා ගුවන් තොටුපලට ගියෙමි. පියතුමාගේ ගේ දෙන පොළොවෙන් අඩි කිහිපයකට වඩා උසට ගෙන නොයෑමට නීතියක් ද පනවා තිබුණි. මා දන්නා පරිදි මගේ මිත්‍රයා එය නොසලකා හැර තම පියාගේ දෙන ඉහළින් ඔසවාගෙන ගියේය. පියාගේ මරණයෙන් පසු ඔහු දැඩි ලෙසින් මත්පැන් පානය කරන වෙනස්ම චරිතයක් ඇත්තෙකු විය.
ඕනෑම ගැටුමකදී මිනිසුන් මිය යති. මිනිසුන් දිවි දෙති. විප්ලවීය අවස්ථාවක මිනිසුන් මිය යෑම නොවැලැක්විය හැකි දෙයකි. කිසිවකු බලය ලෙහෙසියන් අත් නොහරින බැවිනි. එහෙත් හිතා මතා සැලසුම් කර මිනිසෙකුගේ දිවි තොර කිරීම මිනී මැරුමකි. එය කරන්නේ දේශපාලන අරමුණක් උදෙසා නම් එය දේශපාලන ත්‍රස්තවාදයකි. මේ ක්‍රම දෙකෙන්ම වන්නේ මිනිසුන්ගේ විමුක්තිය පිලිබඳ සිතුම් පැතුම් අගරු කොට ඒවා විනාශ කර දැමීමයි.
මෙහිදී කිසිවිටෙක ඒ සමයේ සිදුවුනු පැහැරගැනීම්, අහිංසකයන්ගේ ඝාතන හෝ මුදා හැරුණු රාජ්‍ය භිෂණය සාධාරනීකරණයක් නොකෙරේ. බොහෝ තරුණ තරුණියන් වධකාගාර වල දරුණු වධ විඳි බවත් මරා දැමුණු බවත් මම දනිමි. ඒ දරුණු මර්දනයට ද සමාවක් දිය නොහැකිය. එහෙත් ඒ රාජ්‍ය භීෂණයට කලින් ආ පක්ෂ භිෂණය බොහෝ විට අමතක කෙරේ.
දෙමළ විමුක්ති ව්‍යාපාරය තමන් සතු කරගත් වේළු පිල්ලේ ප්‍රභාකරන් වරක් තමන්ගේ සහෝදරයන් මෙන් සිටි වෙනත් සන්නද්ධ ව්‍යාපාරයක (TELO) සගයන් එක් දිනකදී පන්සීයකට වැඩි ප්‍රමාණයක් මරා දැම්මුවේය.
ප්‍රභාකරන් ගේ ඉරණම එලෙසින්ම විසඳෙන බව මම වරක් කොටි සංවිධානයට හිතැති නීතිඥ මහතෙකුට පැවසුවෙමි. ඒ කොටි සංවිධානය ලන්ඩනයේ සැණකෙළි කෙළි කාලයකය. ඔහු මා සමග එදා එකඟ නොවුනත් පසුගිය අවුරුද්දේ ඔහු නැවත හමුවූ වෙලේ ඔහු එය සිහිපත් කළේය. මා අනාවැකි කියන්නෙක් යයි ඔහුගේ බිරිය පැවසුවාය. දේශපාලනය ගැන ඉගෙනීම හා කියවීම් වැදගත් වන්නේ ඒ නිසා යැයි මා ඇයට පැවසුවෙමි. ඒවා අනාවැකි නොවේ.
ලංකානිව්ස්වෙබ් ලිපිය: http://sinhala.lankanewsweb.net/interviews/item/4296-71
කවිය උපුටා ගැනීම: nandana-marasinghe-fallen-bird