ව්‍යවස්ථාව පිලිබඳ යෝජනා කිහිපයක්ම තිබුනත් මේ අවස්ථාවේ වඩාත් වැදගත් යයි සිතෙන මාතෘකාවක් ගැන මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුනි. එනම් පොලිස් බල තල පිළිබඳවයි. පොලිසිය විසින් කරන ලද පහර දීම්, මිනි මැරීම් කිහිපයක් ගැන මෙන්ම අල්ලස් ගැනීම් පිලිබඳවද ලිපි කිහිපයක්ම පසුගිය කාලයේ පලවිය. එසේම ඉතාම කලාතුරකින් පොලිසියේ හොඳ වැඩ ගැනද වත්පොතේ පුවත් කිහිපයක් දුටුවෙමි.
නීතිය රැකීම මෙන්ම නීතියට යටත් වීමද, නීතියට ගරු කිරීමද එක සේ වැදගත් වන බව බොහෝ දෙනා නොසිතති. අප ධනවාදී නීතියට ගරු කරන්නේ නැතියයි කියන විප්ලව වාදීන්ට ඇත්තේ දේශපාලන හේතුවකි හෝ හේතූන්ය. ඔවුන් නීතිය කඩන්නේ දේශපාලනික හේතු මතය. නමුත් ඔවුහුද පවත්නා නිතිය යටතේ අත් අඩංගුවට ගත හැකිය. ඔවුන් සිර ගෙයට යන්නේද පවතින නිතිය යටතේ එසේ වන බව දැනගෙනය. මෙහිදී ඇත්තටම කෙරෙන්නේ පවතින සමාජ ක්‍රමයටම එල්ල කරන අභියෝගයක් නිසා ව්‍යවස්ථා වෙනස්කම් වලින් මෙයට පිළිතුරක් ලැබෙන්නේ නැත. එනිසා මෙතනදී එවන් තත්වයන් සාකච්චා කෙරෙන්නේ නැත.
පොලිස් බලතල පළාත් වලට ලබා දීම
1. පළාතේ ජනතාවගේ චන්දයෙන් පළාත් පොලිස් කොමසාරිස්වරයෙකු පත් කල යුතුය. ඔහු වග කියන්නේ මහා ජනතාවටය. පළාත් සභාවෙන් හෝ මධ්‍යම රජයෙන් පළාතට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද පත්වෙන අතර ඔහුත්, පොලිස් කොමසාරිස් හා පළාත් සභාවේ මහා ඇමති හෝ නිතිය සාමය පිලිබඳ ඇමති එකතුව තම පළාතේ පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාවට වග කිව යුතුය.
2.මිනිසුන් විසින් පොලිසියට අල්ලස් දීම ආදී ක්‍රියා පිළිබඳව තදින් සිටිය යුතු අතර පොලිසියට බලපෑම් කරන දේශපාලනඥයන් අල්ලා සිර කල යුතුය. .
3. මධ්‍යම රජයෙන් ගෙවන දීමනාවට අමතරව පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් සුළු පොලිස් නිලධාරීන්ට පළාත් සභාවෙන් ද දීමනාවක්ද ලබා දිය යුතුය. වඩා පොහොසත් පළාත් සභා වලට දීමනාව වැඩි කල හැකිය.
3. ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් සඳහා වෙනම අංශයක් පිහිටුවිය යුතුය. ඔවුන්ද ඉහත කි පොලිස් කොමසාරිස්, පළාත් සභාවේ මහා ඇමති සහ නියෝජ්‍ය පොලිස්පති යන තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය යුතුය.
4. සන්නද්ධ හා සන්නද්ධ නොවන භටයන් හා නිලධාරීන් ගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.
5. පළාත් නමයේම මහජන චන්දයෙන් පත්වන කොමසාරිස් වරුන් විසින් ස්වාධින පොලිස් කොමිසම සමන්විය යුතුය. ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තුවට ඔවුන් පත් කිරමේ බලයක් නැත. නමුත් ඔවුන් නිසියාකාරව ක්‍රියා නොකරන්නේ නම් නීතියේ ආධිපත්‍යයට ඔවුන් යටත් අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පාරිලිමේන්තුවේ වැඩි චන්දයකින් කල හැකි විය යුතුය. නොඑසේ නම් පළාත් සභාවට තමන්ගේ කොමසාරිස් ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන් ඒමෙන් ඉවත් කල හැක. නමුත් ඒ සඳහා නැවත අයෙක් තෝරා පත් කර ගත යුත්තේ මහජන චන්දයෙන් පමණි.
6. වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතුරෙන් විනිසුරු වරුන් පත් කල යුතු අතර එම විනිසුරු වරුන්ගේ චන්දයෙන් හා ජේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් පත් කල යුතුය.
7. අග විනිසුරු පත් කල යුතු වන්නේ ජෙෂ්ඨත්වය , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ චන්දය හා අගමැති ගේ තීරක චන්දයෙනි.
මා මෙය ලිව්වේ ප්‍රවේශයක් ලෙස පමණි. වෙනත් අදහස් ද ඉදිරිපත් කර සංශෝධනයන් ට අදාලව ඉදිරිපත් කල හැකිය. (ගුගල් බ්‍රවසරයේ ප්‍රශ්නයක් නිසා කියවීම අපහසු විය හැකිය . අනිත් බ්‍රව්සර වල මේ ප්‍රශ්නය නැත.)