කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday 8 November 2020
සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන
Tuesday 3 November 2020
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්
දැන් ඔයාලා කවුරුත් අර නයිට් ඇට් ද මියුසියම් චිත්‍රපටය බලල තියනවනේ. මටත් ඔහොම වැඩක් වුනා. අර කට්ටකාඩුව බ්ලොග් එක ලියන කට්ටේ ළමයා මට වැඩක් පැවරුවනේ. අපේ බිරින්දෑ ගේ සහ පවුලේ ළමයින්ගේ බලවත් විරෝධය නොතකා කට්ටකාඩු උන්නැහේට අවශ්‍ය දේ සොයා ගන්න මම බ්‍රිටිෂ් මියුසියම් එකට ගියා. ඒ ගොල්ලෝ විරෝධය පල කලේ මේ කෝවිඩ් ප්රශ්නය නිසා, පොදු ප්‍රවාහන සේවයේ ගිහින් මට අසනීපය වැළඳෙයි කියන බයට.
Monday 2 November 2020
ඇඳිරි නීතිය හා ලොක් ඩවුන්
බ්‍රිතාන්‍යයේ ලොක් ඩවුන් කිරිල්ල ලංකාවේ ඇඳිරි නිතිය හා සමානයි කියල බොහොමයක් දෙනා හිතන බවක් පේනවා. මගේ මල්ලිත් මේ බව ඇහුවා ඊයේ මොකද ප්රවෘත්ති වලට කිව්ව කියල. ජර්මනිය, බෙල්ජියම් සහ ප්‍රංශය පවා ලොක් ඩවුන්.
Saturday 31 October 2020
කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද
මම මීට ප්‍රථමයෙන් ලිපියක් පලකළා කොරෝනා හැදුන රෝගියකුගේ සටහනක් කියල එකක්. ඒ හැදුණේ අරුණ පෙරේරා සහෝදරයාට (ලන්ඩන්). අරුණ ගෙන් මම ඇහුව ලංකාවේ ඔය කියන ආයුර්වේද බෙහෙත් භාවිතා කලාද කියල. අපි හැමදාම භාවිතා කරන බෙහෙත් වර්ග ඔහුත් භාවිතා කරල තිබෙනවා.
අද වෙනකොට ලන්ඩනයේ මම දන්නා පස් දෙනෙක් ම නොඑන ගමන් ගිහින් කෝවිඩ් 19 වෛරසය නිසා. ඒ වගේම කොරෝනා අපේ නිවසත් ආක්‍රමණය කළා. මගේ බිරිඳට හැදුනා. ඇය රැකියාව කරන විදුහලින් හැදෙන්නට ඇතිය කියා තමයි අපි හිතන්නේ. ගොඩක් සිසුන් මීටර දෙකේ සීමාව තියා ගන්නේ නැහැ. ඒ වගේම මාස්ක් දාගන්නේ කිව්වොත් විතරයි.
මමත් බිරිඳත් සාමාන්‍යයෙන් දවසට කිලෝ මීටර 5-10 ඇවිදින දෙන්නෙක් ව්‍යායාමයට. ඒ වගේම එයා කඳු නගින්න හෙමත් දක්ෂයි. නිරෝගී කියල කියත හැකි අතුරු අබාධ නැති සෑහෙන්න ශක්තිමත් කෙනෙක් කියල එයා අඳුරන අය උනත් දන්නවා.
හිටපු ගමන් කලන්තේ වගේ කිව්වා. නිදිමත ගතියක් එනවා කිව්වා. ඇඟට හුඟක් මහන්සියිලු. ඇඳට වැටුන ගිහින්. සාමාන්‍යයෙන් මොහොතක් නිකන් ඉන්නේ නැති ක්‍රියාශීලි කෙනක් වන එයා එහෙම වුනහම අමුත්තක් දැනෙනවා.
ඊට පස්සේ අපි ලඟම තියෙන සෙන්ටර් එකෙන් කෝවිඩ් ටෙස්ට් එක කළා. පොසිටිව්.
ඒ අස්සේ මම සුපර්මාකට් ගිහින් සති දෙකකට විතර අවශ්‍ය කෑම බීම ගෙනාව. දවස් 14 ක නිරෝධායනයක් නේ.
එයා ආව ගමන් ඇඳට වැටුන . දවස් දෙකක් ගියා නැගිටින්න.
අපේ දූලා පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට බිරිඳ විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ ඉතාමත් හදිසියකදී පමණයි.
හුඟක් වෙලාවට ලංකාවේ තේ කියල අපි දුවලට දුන්නේ කොත්තමල්ලි. මේ පර්යේෂණ ලිපිවල කොත්තමල්ලි බඩේ ඇති අම්ලකාරී ගතියට භාවිතා කළ හැකි බව කියනවා. එසේම ප්‍රතිජිවකයක් වශයෙනුත්. මගේ ළමයින්ට දින කිහිපයක් දෙනකොට ඔවුන් සෙම් ප්‍රතිශ්‍යා ඉබේම සනීප වෙනවා. කොහොමත් වයිරස් රෝග ඉබේ සනීප වෙන ඒවනේ. සමහර විට කොත්තමල්ලි වලින් උදව්වක් ඇති.
මගේ බිරිඳ බඩේ අමාරුවට මට වගේම එයාලටත් කැමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තම්බා දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ග කිහිපයක් තිබුන.
අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැනත් රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.
එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත් භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න.
ඒ දවස් වල පැපොල වගේ ලෙඩ හැදුනම කොහොඹ කොළත් ගෙවල් වල තියනවා නේද. හොයල බලන්න, ඒකත් හොඳ ඖෂධයක්.
එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් ආයුර්වේද බෙහෙත් දන්නා පරිදි භාවිතා කරනවා.
මම දැන් මේ ටික ලිව්වේ හුඟක් අය ආයුර්වේද බෙහත් ගන්න එක ගැන හිනාවෙන නිසා. තමන්ට කෝවිඩ් 19 වෛරසය වැළඳුනොත් තමන් කොහොමද ක්‍රියා කරන්නේ කියල පොඩ්ඩක් හිතන්න මුලින්ම. අර සරදමට හිනාවුනු බෙහත් හොරෙන් ගන්නවද ? නැත්නම් රෝහලට ගෙනියනකන් ඉන්නවද? ලංකාවෙත් දැන් රෝහල් වල ඉඩ නැති නිසා ආශ්‍රිතයන් ගෙනියන්නේ නැහැ. හෙට අනිද්දට අමාරු නැති රෝගීන් ගෙනියන එකකුත් නැහැ.
එංගලන්තේ නම් හොඳටම අමාරු වුනොත් විතරයි ගෙනියන්නේ. ඒ නිසා දන්න බෙහෙත් (හැම එකම නෙමේ) භාවිතා කරන්න වෙනවා.
මම කෙළේ මුලින්ම මුළු ගෙදරම හොඳට පිරිසිදු කරපු එක. බැක්ටීරියා නාශක වැඩක් නැති නිසා වයිරස් නාශක කියල කියන ක්ලීනින් ප්‍රඩක්ට් එකක් තමා භාවිතා කළේ. බ්ලීච් හෙමත් භාවිතා කළා . ඩෙටෝල් එක්ක. මේකට මෙහෙ කියන්නේ deep cleaning කියල. පොළොව හෙම හොඳට මෝප් කරනවා විෂබීජ නාශක දාල.
බිරිඳට උණු වතුර දුන්න බොන්න ෆ්ලාස්ක් එකකට දාල. ඒකට ඉඟුරු කෑල්ලක් තලලා දාල දෙන්න කියල එයාම ඉල්ලුව. මි පැණිත් දැම්ම.එයාගේ උගුරට හොඳයි කිව්ව නිසා. මේකෙන් වයිරසය මැරෙන්නේ නැති වෙයි. නමුත් කන්න බොන්න එනිසා පහසුයි.දුම් අල්ලන ඒවා ගැන මම දන්නේ නැහැ. එනිසා ඒවා කලේ නැහැ.
දුවලට නාසය හිර වුනහම වතුර උණු කරලා සිද්ධාලේප ටිකක් දාල කාමරෙන් තිබ්බහම නාසය බුරුල් වෙලා හුස්ම ගන්න පුළුවන් කියල අත්දැකීමෙන් දන්නා නිසා ඒකත් කළා.
ලක් පේයාව, සංස්ථා පේයාව, සමහන් - ඔය තුනම වරින් වර දුන්න. ඉනෙස් කොහොමත් ඒවා බොන්න කැමතියි. පුළුවන්තරම් පලතුරු කන්න දුන්නා. පලතුරු යුෂ බොන්න දුන්න. මි පැණි ගාලා ටෝස්ට් කරපු පාන් දුන්න. මී පැණි හුඟක් හොඳ ඖෂධයක් නිසා.
කෑම රස දැනුනේ නැහැ එයාට.
එක දවසක් කරවිල හොඳට තුනපහ දාල හදල දුන්න. ඒකෙ රහ දැනුන. ඒ කියන්නේ හොඳ වේගන වෙනවා.
දවස් හතකින් විතර හොඳයි.
අපට පාන් ඉවර වුනා. අපේ මිත්‍රයෙක් වන ටයෙක්වොන්දෝ මාස්ටර් දුෂාන්ත පෙරේරා පාන් ටික ගෙනල්ල දුන්න ඉඟුරු හා ලෙමන් එක්ක. ස්තූතියි දුෂාන්ත. ඇවිත් එළියෙන් තියල ගියා. ඒ වගේ යාලුවෝ ඉන්න එක ලොකු දෙයක්. කියල තියෙන එක හොඳයි කාට හරි.
මොකද්ද ඉඟුරු කතාව. අපි කොහොමත් ඉඟුරු දාල කහට තේ බොන කට්ටිය. සාමාන්‍යයෙන් පොඩි කන්දක් නගින්න යනකොට, කිලෝමීටර ගාණක් ඇවිදින්න යනකොට ඉඟුරු දාපු තේ ගෙනියන එක මගේ පුරුද්දක්.
ඉඟුරු දුන්නේ වමනේ යන එක වලක්වන්න.
මොකද මේ ලෙඩේට සමහර අයට වමනේ යනවා.
ඉතින් තේ කහට ඉඟුරු දාල ලෙමන් දාල හදල දුන්න නිතරම.
මේ හැම වෙලේම අපි මීටර දෙකේ දුර තියා ගත්ත.
ඒ වගේම කියන්න ඕනේ මාර්තු මාසෙට කලින් ඉඳන් අපි විටමින් D ගත්ත.
තව එකක්. ජර්මන් වෛද්‍යවරුන් ගේ නිර්දේශයක් තමයි පුළුවන් තරම් පිරිසිදු වාතාශ්‍රය රෝගියාගේ කාමරේ ඇති කරන්න කියන එක. අපි කාමරේ ජනේලේ වැහුවේම නැහැ. සිතල එයාට ඔරොත්තු දෙනවා. අවශ්‍ය නම් පොරොව ගන්න පුළුවන්. නැත්නම් heatin දාන්න පුළුවන් ජනේලේ ඇරලා. මුළු ගෙදරමත් ජනෙල හුඟක් වෙලාවට ඇරිය . වාතයේ වෛරස් සාන්ද්‍රණයක් පැතිරිලා තියෙනවනම් ඒක අඩු වෙනවා.
එයාට ට දැන් හොඳයි. මට කියන්න බැහැ ඔය පේයාව ගත්ත නිසා හොඳ වුනා, කොත්තමල්ලි නිසා හොඳ වුනා කියල. උණු වතුර නිසා වයිරසේ මැරුණා කියල. නමුත් ඒ දේවලින් කිසියම් සහනයක් ලැබෙනවා කියල දැන් දන්නවා අත්දැකීම නිසාම.
රෝහලට ගෙනියන්න බැහැ අමාරුම නැත්නම්. අපිට අපි විතරයි. උඩ පනින්නේ හිනා වෙන්නේ නැතිව තමන් දන්නා විධිහට බේරෙන්නයි තියෙන්නේ. අපි අද පොඩ්ඩක් ඇවිද්ද. එයාට තවම අමාරුයි ඉස්සර වගේ ඇවිදින්න. කිලෝ මීටර් දෙකයි ඇවිද්දේ.
මම ගිහින් PCR ටෙස්ට් එක කලා . මට නෙගටිව්. හේතුව ඉතින් සෑහෙන්න පරිස්සම් වුන නිසා වෙන්න ඇති.
11 Proven Health Benefits of Ginger
coriander-coriandrum-sativum-research
Friday 23 October 2020
කෝවිඩ් තවම සමාජයට ගොස් නැත - හම්බෙන උන්අඟහරු ලොවින් පැමිණි උන්ය
මම මුලින්ම ඉතාලියෙන් ආ උන් ගැන කෝපයෙන් වෙළුනෙමි
Sunday 11 October 2020
ලංකාවේ කොවිඩ් හා ලෝකයේ කෝවිඩ්
Saturday 10 October 2020
සාන්ත පිතර්බුර්ගයේ මැදියම් රැයේ පාලම් විවෘත කිරීම
Wednesday 30 September 2020
පිතර්බුර්ගයේ රුසියානු සින්දුවක්
Thursday 24 September 2020
එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය හෙවත් ලේක් දිස්ත්‍රික්කය රැක ගත් හැටි
පහුගිය දවස් වල ලේක් දිස්ත්‍රික්කය ගැන ලිපි තුනක්ම ලීව. ඔය අපි නිවාඩුවට එහෙ ගිය තුන් වෙනි පාර. ඒ අතරම එංගලන්තයේ ඉන්න අනිත් යාලුවෝ වගේම පීක් දිස්ත්‍රික්කයට, කෝන්වෝල් වලට, වේල්සයට , සහ ස්කොට්ලන්තයටත් අපි ගිහින් තියනවා. හුඟක් වෙලාවට අපි වැඩිය කැමති කඳු නගින්න. වෙරළ ආසන්නයේ කැරවෑන් වලත් ඉඳලා තියනවා නිවාඩුවට.
Monday 21 September 2020
ස්කෆෙල් පයික් කඳු තරණය
අගෝස්තු තෙවැනි සතියේ ලේක් දිස්ත්‍රික්කයේ ගමන්
කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්
ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්මෙම වසර සඳහා අපගේ අවසන් කඳු හරහා ඇවිදීමේ ගමන වූයේ ස්කැෆෙල් පයික් වෙත අගෝස්තු 29 වන දින කළ ගමනය. ඒ ලැන්ග්ඩේල් පයික්හි ඇවිදීමෙන් පසුව සහ විල් (ලේක් දිස්ත්‍රික්කය) දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල වන ස්කේල් ෆෝස් නැරඹීමෙන් පසුවය. අපේ වැඩිමහල් දියණිය වන ශනායා සිය විශ්ව විද්‍යාල අයදුම්පත් පිරවීමටත් , ඇගේ විලාසිතා ව්‍යාපාරයේ වැඩ කටයුතු කිරීමත් සඳහා දුම්රියෙන් පිටත් වූවාය. ඇය දුම්රියට හැරලවා අප නැවත නවාතැන කරා පැමිණියේ මදක් කණගාටුවෙනි. එංගලන්තයේ උසම කන්ද තරණය කිරීමට ඉතිරිව ඇත්තේ අප තිදෙනෙකු පමණි. ස්කැෆෙල් පයික්හි උස මීටර් 978 කි. එය අඩි 3209 ක් පමණ වන අතර එය එතරම් ඉහළ මට්ටමක නොපෙනුනත්, කඳු මුදුනට දිගු ගමනක් යාම අවතක්සේරු කළ නොහැකි බව ගමනේ මුල් හරියේදීම අපට පසක් වුණි.
මේ කඳු මුදුනට නැගීමට පැය 3 ක් හා බැසීමට ඊට සමාන කාලයක් ගත වන බව සංචාරක මාර්ගෝපදේශක පොත් පින්චවල් වල සටහන්ව තිබුණි. ඒ කෙලින්ම ස්කෆෙල් පයික් තරණය කර ඒ පැත්තෙන්ම බැස්සොත් පමණි. නමුත් මගේ බිරිඳ ඉනෙස් සහ අපේ බාල දියණිය ෂකිරාට තරමක් වෙනස් අදහසක් තිබූ අතර එය මට හෙළි කළේ අවසාන දිනයේ දී මා මවිත කරන්නටය. වොස්ඩේල් සිට ස්කැෆල් දක්වා ගොස් ඒමට සාමාන්‍යයෙන් කිලෝමීටර් 9 ක් පමණ වේ, නමුත් ෂකිරාට අවශ්‍ය වූයේ වඩා වැඩි දුරක් ගමන් කර ස්කැෆල් පයික්හි අනෙක් පැත්තෙන් බැසීමටය. මින් අදහස් වන්නේ එම කඳු යායේ නැගීමට තවත් කඳු දෙකක් ඇති බවය - මේ නිසා ගමනේ මුළු දිග කිලෝමීටර් 11 කට මදක් වැඩි වේ. මේ කඳු දෙක නම් මුහුදු මට්ටමේ සිට මීටර් 931 උස (අඩි 3055) බ්‍රෝඩ් ක්‍රැග් සහ මීටර් 910 (අඩි 2955) උස ග්‍රේට් එන්ඩ් ය. (සිතියම් බලන්න)
අපි වස්ඩෙල් වෙතට යනවිට, රථගාල ඒ වන විටත් පිරී තිබුණි. වාසනාවකට අපට නැග්ම පටන් ගැනෙනා උද්‍යානයේ ගේට්ටුව අසල රථය ගාල් කිරීමට ස්ථානයක් හමු විය. කෙසේ වෙතත් අප පිටුපස බොහෝ මෝටර් රථ තිබූ අතර ඔවුන් සියල්ලන්ටම කණගාටුදායක ලෙස ආපසු හැරී යාමට සිදුවුනේ රථ ගාල් කරීමට කිසිම ඉඩක් නොතිබූ බැවිනි.
අපි කඳු නැගීම ආරම්භ කරන විට, අප සමඟ වෙනත් කඳු නගින්නන් වැඩිපුර දෙනෙක් සිටියේ නැත. මෙය ඔබට පින්තූර වලින් ද දැකිය හැකිය. නමුත් නැග්ම අරඹා පැය භාගයක් පමණ වන විට අප කළ වැරැද්ද තේරුම් ගත්තෙමු. මේ වන විටත් බොහෝ දෙනෙක් කඳු මුදුනට ආසන්නයටම නැග සිටියහ. කොවිඩ් -19 වෛරසය නිසා මිනිසුන් පොකුරු වලට හසුවීම වළක්වා ගැනීමට මාර්ගය පටුව තිබූ සෑම අවස්ථාවකම අප එක්කෝ නගින හෝ බසින අයට මග ඉඩදී මාර්ගයෙන් ඉවත් වූයෙමු. නමුත් සමහරු කෝවිඩ් 19 වසංගතයක් නොමැති ආකාරයෙන් කටයුතු කරන බව අපි දුටුවෙමු. මේ නිසාම සමහර විට අපට සාමාන්‍ය මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවුනි. මිනිසුන් ඉහළට හෝ පහළට කණ්ඩායම් වශයෙන් ගමන් කළහ. ඒ අවස්ථාවේදී අපට හැරී ආපසු යා හැකි තත්වයක් ද නොතිබුණි.
මේ ඉහළ සිට පහලට එන කණ්ඩායම් දුටුවිට මට ශ්‍රී පාද නැග්ම සිහිපත් විය. "වැඳලා බහින මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා ඉහළට යන අය හඬ නගති. "වඳින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා බහින අය කියති. ලංකාවේ පවතී මේ සුහදත්වය මනරම්ය. හැබැයි කෝවිඩ් තර්ජනය තිබුනත් සමහරු එකිනෙකාට ආචාර සමාචාර කර ගත්හ. අපට මාර්ගය කියා දීමට , සිනහවකින් සංග්‍රහ කිරීමට කිහිප දෙනෙක්ම උත්සුක වුනි.
අපි කඳු මුදුනට ළඟා වන විට දුටුවේ මුදුනේ ඇති වර්ග මීටර හතරත් හයත් අතර කුඩා චතුරශ්රාකාර ඉඩ ප්‍රමාණය තුල බොහෝ අය සිටි අතර නවත්ත අපට සිතුනේ ඔවුන් කිසිවෙකුටත් කෝවිඩ් 19 වසංගතයක් තිබෙන වගක් වත් මතකයේ නොතිබෙන බවයි. නොඑසේ නම් ඔවුන් එසේ හැසිරුනි. එසේම ඒ කුඩා මිටර දෙකේ ඉතිරි කොටස නැගීමට බොහෝ අය පෝලිමේ සිටියහ. අප එතනට නොගොස් එය වටේ ඇති මාර්ගයේ ගියෙමු. එනිසා අප තිදෙනාම මීටර් 978 ක්ම තරණය නොකෙලෙමු. ඒ අනුව අප නැග්ගේ මීටර් 976 ක් පමණි.
පුද්ගලයන් 6 දෙනෙකුගේ පමණක් එකතු වීමට අවසර දෙන ජනයා පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානියේ රජයට සිදුවූයේ මිනිසුන්ගේ මේ හැසිරීම නිසා විය යුතුය. බොහෝ දෙනා කෝවිඩ් 19 බේරීම සඳහා පනවා තිබෙන මීටර දෙකේ 'ආරක්ෂිත දුර' නොසලකා හැර කටයුතු කරන බැවිනි.
Wednesday 16 September 2020
ධර්මසිරි බණ්ඩාරනායක
වම් ඉවුරේ තුන්වැන්නා කියල ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ චරිතාපදානයක් පළවෙලා තිබෙනවා දැක්ක. චින්තන ධර්මදාස ලියල තිබෙන ලිපියකුත් කියෙව්වා. එයා ලියල තිබ්බ මෙහෙම..//මගේ ජීවිතේ හොල්ලපු චිත්‍රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය// ඒකට එකඟයි. ඊටත් පස්සේ චින්තන කියනවා "මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි. " මම නම් දන්නේ නැහැ ඒක. හුඟක් කලාකාරයෝ දේශපාලනයට සම්බන්ධ වෙනකොට මිනිසුන් ගේ ලැදියාව ඉබේම බෙදෙනවා. එනිසා මම හිතන්නේ අපි , ඒ සාහිත්‍ය රස විඳින අය වශයෙන් ඒ කලාකරුවන්ගේ ප්‍රතිභාව ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන සතුටු වෙන්න ඕනේ කියල වෙනසක් නැතිව. ඔවුන් මොන දේශපාලන කඳවුරේද කියන එක අදාළ කර ගන්න අවශ්‍ය නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක වගේම ජැක්සන් ඇන්තනි ටත් ඒක අදාලයි.
Friday 11 September 2020
වසදීම , ගෑස් ප්රශ්නය , විභාග ප්‍රශ්න
යාලුවෝ තරහ වෙන දේවල් ලියන්නේ නැහැ කියල හිතුවත් සමහර දේවල් නොලිය බැරිවෙන අවස්ථා තියනවා.