Wednesday, 1 April 2015

අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?

ඊයේ අන්තරේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව නැවතත් පෙළපාලි ගියේය. මේ පෙළපාලි අපි පුංචි කාලෙත් ගිය ඒවාය. වීරසුරිය සහෝදරයාට වෙඩි තැබූ වේලේ අපි පන්ති වර්ජනයකට සහභාගී වන්නට තරමට  ලොකු ළමයි නොවුවත් අපි හැකි අයුරින්  සහය දුන්නෙමු.

මගේ අදහස නම් ඊයේ කල යුතුව තිබුනේ  මේ සිසුන්ට කදුළු  ගෑස් ගැසීම නොවේ. ඔවුන්ට නිදහසේ තම ගමනාන්තය කරා යාමට ඉඩදී පෙත්සම භාර ගැනීමය. ඔවුන්ගේ ඉල්ලීම් බොහොමයක් විප්ලව කරන්නට රජය පෙරලන්නට කරන ඉල්ලීම් නොව අධ්‍යාපනය උදෙසා කරන සාධාරණ ඉල්ලීම්ය. නැවතත් එස් බී වන්නකුට ඇමති කමක් දුන් ආණ්ඩුවකට මේ සිසු ප්‍රශ්න වලට  පිළිතුරු දීමට යුතුකමක් තිබේ. විශ්ව විද්‍යාල සිසුන් ඉගෙන ගැනීමට අමතරව පෙළපාලි කිරීම, සංවාද කිරීම ආදිය කිරීම සාමාන්‍ය දෙයකි. එසේ නිදහස සඳහා සටන් කරන්නේ නැත්නම්, අසාධාරණය සඳහා  පෙනී සිටින්නේ නැත්නම් ඒවා විශ්ව විද්‍යාල නොවේ. 
විශ්ව විද්‍යාල යනු සංවාද කරන , මතවාදී ව ගැටෙන , නිර්මාණයන් බිහි වෙන නිදහසේ තෝතැනි විය යුතුය. දැන්වත්  රජයන් මේ කඳුළු ගෑස් ගැසීම් නවතා පෙළපාලි වලට, සාධාරණ සංවාද , විරෝධතා වලට ඉඩ දිය යුතුය. පොලිසිය යෙදවිය යුත්තේ සිසුන් මහජන දේපල හා පුද්ගලික දේපල වලට  වලට හානි කරන්නේ නම් පමණි. (බස් ගිනි තැබීම, වාහන වලට ගැසීම, රජෙ දේපල වලට හානි කිරීම,  ට්‍රාන්ස්ෆොමර පිච්චීම  වැනි)

එතෙක් මෙතෙක් පැවති මේ විශ්ව විද්‍යාල අරගල වලදී බොහෝ අය මිය ගියහ. ත්‍රිමා විතාන එහි මුල් තැනක් ගනී. පසුගිය රජය සමයේ පැවති අධ්‍යාපනයට  6% ක් ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මෙහෙයවීමෙන් කල පෙළපාලියේදී සිසුන් දෙදෙනෙකු මිය ගියහ. ඔවුන්  ඒ රජයේ  මෙහෙයවීමෙන් මරා දැමුවාද එසේත් නැත්නම් රිය අනතුරකින් මැරුණාද යන්න අදත් ප්‍රශ්නයකි.
එම මරණ දෙකත් දැන් මරණ සංවත්සර වලට සීමා වී ඇත. මුලදී අන්තරේ බලය තිබු ජවිපෙ මගින් මුලින් මියගිය ශිෂ්‍යන් සමරුවත් දැන් මිය යන ශිෂ්‍යයන් සමරන්නේ පෙරටුගාමී සමාජවාදීන් ය. ඒ දැන් අන්තරේ බලය ඇත්තේ ඔවුන් අත  බැවිනි.
අන්තරේ නජිත් ඉන්දික තමන් විශ්ව විද්‍යාලයේ  ඉගෙනීම අත්හැර (full timer) දේශපාලනයට මුළු කාලය යොදවන බව කාලයකට ඉහතදී පැවසිය. එයට විවේචනයක් වශයෙන් මෙය ලියුවෙමි. (යොමුවට යන්න)
මේ ලිපියට ලැබුන කොමෙන්ට් තුනක් මෙහි පල කරමි.

මෙහි පළමු කොමෙන්ටුව දැනට ලංකාවේ විශ්ව විද්‍යාලයක් හමාර කර වෙනත් රටක විද්‍යා පර්යේෂකයෙකු වන බ්ලොග් කරුවෙකු ගෙනි. (දසයා)
//දේශපාලනය කරන්න ගිහින් ඉගැනීම කඩාකප්පල් කර ගන්න එකනම් හරිම අපරාදයක්. මොරටුවේ අපේ බැචෙක් හිටිය, හරිම හිතහොඳ කොල්ල. දුප්පත් පවුලකින් ආපු කොල්ල දේශපාලනේ නිසා ඩිග්රි එක ගත්තෙ අපි හැමෝටම වඩා අවුරුදු තුන හතරකට පස්සේ. ජේවීපී එකේ එක්ස් කණ්ඩායමේ පෙරටුගාමී සෙට් එකේ හැමතැනම පරමාදර්ශී දේශපාලනයක් හොයන් ගිහිල්ල මොනම හෝ හේතුවක් නිසා කොල්ල සියදිවි නසාගත්ත. අසරණ දරුවෙකුයි කෙල්ලෙකුයි අම්මකෙනෙකුයි අනාථ උනා. ඌව දේශපාලනේට ඇදල ගත්තු උන්ගෙන් කොටසකට අද දේශපාලනේ මතකත් නෑ. චපාන් එකේ ජීවිතේ ගෙවනව.//

දෙවන කොමෙන්ටුව ඇනෝ කෙනෙකු ගෙනි:
//පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලකයන් ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ​. අද දිනයේ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.//

තුන්වන කොමෙන්ටුව කිර්ති විජේබාහු ගෙනි. (තවත් ඇනෝ කෙනෙක්)
//ආරම්භයේදීම පොඩි සුලුධනේශ්වර කෝචෝක් එකක් හරහා අරබන අජිත් මහතාගේ ලිපිය අවසාන වන්නේ ඉතාම ප්‍රතිගාමී මතයකින් නිසාම යම් අදහසක් එකතු කල යුතුයයි සිතුනි. එමන්දයත්, සවිඥානිකව හෝ අවිඥානිකව සිදුකරන ඔහුගේ පුරාජේරුව සහ පොඩි "පොර වීමට" තැත් කිරීමට අමතරව, ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය (සමහර විට මාක්ස්, ලෙනින් සහ අනෙකුත් කිහිපදෙනෙකුගේ අද්යාපන පසුබිම හැර අනෙක් විප්ලවාදීන් පිළිබඳව ඔහුගේ නොදැනුවත්කම නිසා වන්නට පිළිවන). 

එසේම, ලෙනින්ගේ සහෝදරයා (උල්යනොව්), මාක්ස්, ලෙනින්, Materialism, නරෝද්නික්වරු ගැන වැල්වටාරම් ලියන ඔහු, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය. එනයින් පිළිබිඹු වන්නේ සමාජ විප්ලවය පිලිබඳ ඔබගේ විශ්වාසයේ දිග පළලය. දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා, ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්, වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය. තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.

ඔබ නොකියන හෝ නොදකින එක දෙයක් කිව යුතුය, ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි. 

අවසාන ලෙස කිවයුත්තේ, ඔබගේ මතවාදී අපගමනයට හෙතුවලෙස දකින්නේ මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) වටහා ගැනීමේ ගැටලුක් මත වල්මත් වීම මිස, ඔබ ප්‍රතිගාමියෙක් නොවන බව මාගේ හැගීමය බවයි.//

මෙයට මා  දුන් පිළිතුර මෙයයි.
//**************************************************************************/
කිර්ති විජයබහුලාත් කොමෙන්ට් වලට පැමිනිමම ජයග්‍රහණයකි. මට ප්‍රශ්නය වන්නේ 87-88 දේජාවියේ අනසක මෙහෙයවූ සමන් පියසිරිගේ අනුවර්ත නාමය ගැනීම මගින් මට තර්ජනයක් කරන්නේද යන්නයි. මොකද විවේචනයට ආ නන්දන මාරසිංහ සහෝදරයාට සිදුවූ දේ මා දන්නා බැවිනි. කිර්ති විජේබාහු ආරුඪ නාමය ගෙන කරන්නේ තර්ජනයක් නම් අලුත් බෝතලයේ ඇත්තේ පරණ වතුරමය යන්න මා කල නිගමනය එතැනින්ම සනාථවී ඇති හෙයිනි. 
මෙහිදී ඔබට මතක් කල යුතු පළමු කරුණ වන්නේ මා බ්ලොග් ලියන්නේ හා කතා කරන්නේ මගේ නමින් බවයි. බොහෝ විවේචන කල ඒ කාලයේ අයද එසේ කලේ සැඟව නොවේ. 
ඔබගේ නොදනුමේ තරම හෙළිවන්නේ මෙහිය.
 //ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය// කුහක සුළු ධනෂ්වර මතවාදය කුමක්ද? වරුනට, මහින්දට, සිරිසේනට, පෙසැප පන්නයේ පන්ති අරගලයට ජයවේවා කියා ඇත්තේ ඔලොක්කුවට බවවත් වටහා ගැනීමට නොහැකිවීම ඔබේ අවාසනාවකි. මගේ නොවේ. 
ඊළඟ කාරණය යමක් හරියට කියවා උත්තර දෙන ලෙසය. මා හඳුනන සරද මහතා ඉහත කොමෙන්ටුවක කල වැරදීමම ඔබත් කර තිබේ. 
//, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය.// 
මිස්‌ටර් විජෙබාහු මා ලියා ඇත්තේ මෙයයි.
**** ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. නැත්නම් ඔබලාටත් සිදු වන්නේ සිගිරි නොගිය හේතුවෙන් උණු කඳුළු හෙලමින් දක්ෂිණාංශික දේශපාලකයෙකුගේ තුරුල්ලට පැන ආත්මය වනසා ගන්නටය.***********මෙහි සඳහන් දක්ෂිණාංශික දේශපාලකයා කවුද යන්නත් පැන්නේ  කවුද යන්නත් ඔබ දන්නවා ඇත. ඔහු ඔබටත් වඩා හොඳට භාවිතාවක් තිබුවකු වන්නට ඇත. (හිරු කරන කාලයේ)  මා මෙහිදී අදහස් කරන්නේ අන්තරය හා පෙසප ක්‍රියාමාර්ගය වෙනස් කළ යුතු බවයි. 2000 ට පහල rating තිබ්බ ධනපති විශ්ව විද්‍යාල වේවා ඒවා හට තරඟයක් දී තේරුණ පසු ඒවා වල උපාධිය අවසන් කල යුතු බවටත්, ඒවායේ උපාධිය අවසන් කිරීමට අනිත් සිසුන්ට උදව් කල යුතු බවටත් ඒ අතර වාරයේ දේශපාලනයේ, නිදහස් සංවාදයේ, කියවීමේ සහ අරගලයේ යෙදිය යුතු බවටත්ය. එයට හේතුව ශිෂ්‍ය දේශපාලනය අරගලයක පෙර ගමන් කරුවෙකු හෝ මුලිකත්වය ගන්නකු වුවත් එය එහි ගාමක බලවේගය නොවන නිසාය. පෙසපයේ ශෝචනීය තත්වය අන්තරේ නයුවකු වූ නාගමුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ගැනීමෙන්ම පෙනේ. උනුත් එකයි මුනුත් එකයි කියා කතා කර වැඩ කරන ජනතාවක් නොමැතිව අන්තරේ සිසුන් කීප දෙනෙකු අල්ලාගෙන කරන අරගලය නැවතත් ඛේදවාචයකින් කෙළවර වීම වැළැක්වීමට ඇතුලෙන් කතා කල නොහැකි තැන එලියට පැමිණ කතා කිරීමකි මෙය. මෙය තවම ඉවර නැත. ඊළඟට 
//දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා,//
සමාජවාදය ගැන මම කරන අභ්‍යාස ඔබ දන්නේ කොහොමද? එසේම මෙය
 //විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්// 
වැඩ හොඳට කරන්නේ මට පෙනෙන විධිහට සමාජවාදී සමානතා පක්ෂය හා ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වැනි ඒවායි. මෙය අවුරුදු එකහමාරක නිරීක්ෂණයකින් කියන දෙයකි.. ඔබලා හෝ ජවිපෙ විසින් එහෙය්යන් රැලක් බිහි කරනු මිස එවැන්නක් කරනු මට නම් නොපෙනේ.
 //ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්// 
මෙය මගේ වැඩ පෙන්වීමක් වන්නේ කෙසේද යන්න මම නොදනිමි. නමුත් ඔහෙලා හදන සමාජවාදී සමාජයේ දරු පවුල් නැත්ද? එසේ දරු පවුල් නැති එකෙක් හැදු සමාජවදයෙක් මම දනිමි. ඒ පොල්පොට්‍ ය. පොල්පොට්ගේ පක්ෂය දරුවන්ට කිවේ අම්මත් තාත්තාත් පක්ෂය බවයි. ඉන්පසු ළමයි තමන්ගේ දෙමාපියන් පවා පාන් කෑල්ලට පාවා දුන්හ. ඒ දෙමාපියන් පොල්පොට් භාවිතාවෙන් උසස් නිර්ධන පන්ති විප්ලවාදින් අතින් මැරුම් කෑහ.
අනික මෙහෙම කතාවක් මගේ බ්ලොග් ලිපියේ ලියා නැත. 
//වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය// 
මා කොමෙන්ටුවක් කියා ඇත්තේ මා රැකියාව කරන ගමන් උදව් කරන බවකි. රැකියාවක් සොයා ගන්නේ නම් වඩාත් හොඳින් උදව් කල හැකි බවකි. පක්ෂයක කිසියම් ප්‍රමානයක් වෘත්තීය විප්ලවවාදීන් සිටින බව මම දනිමි. ඒ අයට උදව් කරන්නේ රැකියාව කරන අපිය. නැත්නම් පක්ෂයක් වැඩ කර මුදල් උපයා  ගනී. ඒ ධනපති සමාජයේම ධනපති ක්‍රමයම උපයෝගී කර ගනිමිනි. ඒ නිසා නජිත ලා මෝඩ ආදර්ශ සිසුන්ට දීමටත්, සිසු දෙමාපියන් හා ජනතාවන් අන්තරයෙන් ඈත් කරන කතාත් නොකර සිටින්නේ නම් වඩාත් හොඳය.  පාවෙල් කොර්චගින්ලා කම්හල් වල වැඩ කරන මිනිසුන් අතර ගැවසුන අයයි.

//තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.// මෙහි හාස්‍ය ජනක කාරණය අයින්ස්ටයින් ප්‍රශ්න කලේ තද නීති රීති වලින් යුත් Luitpold Gymnasium නමැති ඔහුගේ ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපන ක්‍රමය බවට ඔබේ ඇති නොදැනීමයි . ඔහු ස්විස් පොලිටෙක්නික් එකේ ඇතුළු වීමේ විභාගයෙන් අසමත් විය. නමුත් ඔහුගේ භෞතික විද්යාව හා ගණිතය හොඳ නිසා එහි විදුහල්පති ඔහුව අර්ගොවියන් විදුහලට යොමු කල අතර ඔහු එය අවසන් කළේය. ඉන්පසු නැවත සුරික් පොලිටෙක්නික් එකට ඇතුල්වී එය අවසන් කළේය. භෞතික විද්යාව හා ගණිතය ඉගෙනීම ඔහුගේ තෝරා ගැනීමයි .මහත්මයා තව ටිකක් කියවා පැමිණෙන්න. http://en.wikipedia.org/wiki/Albert_Einstein
http://www.einstein-website.de/z_biography/biography.html

අවසන් වශයෙන් මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) මා නොදන්නේ නම් මට කියා දෙන්න. මා හැම වෙලේම නොදන්නා දේ නිහතමානිව ඉගෙන ගන්නා අයෙකි. කිසිම දවසක සෑම දෙයක්ම දන්නා බවක් අඟවා නැත.

// ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. //
 මාත් හොඳ කම්කරුවෙකි. රැකියාව කර පඩියක් ගන්නෙකි. මා වැඩ කරන්නේ ධනපති රටක ධනපති කොම්පැනියකට බවට මට අවබෝධයක් ඇත. මහත්මයා  ලියන්න කියන්න ඔබ ඉගෙන ගත්තේ සමාජවාදී රටකද? නැත්නම් ශ්‍රී ලංකාවෙදිද? එසේ නැත්නම් ශ්‍රී  ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සමාජවාදය පිහිටුවා ඇති යයි සිතනවද? ඔබ ඔය කියන ජිවිත පරදුවට තැබූ හැම එකාම එකීම ඉගෙන ගත්තේ ධනපති ක්‍රමය තුලයි. චේ තමන්ගේ ඉගෙනීම ඉවතට දමා මුලින්ම ගියේ ලෝකය බලන්නටය. ඉන් දුටු දෙයින් පසුවයි ඔහු ව්‍යාපාරයට බැඳුනේ. 
//ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි.// මට මිට කලින් මේ කතාව මේ විධිහටම තව එකෙක් කියා තිබේ. ඒ 1987 කොළඹ විශ්ව විද්‍යාලයේ කැන්ටිමේදිය. 87 ජවිපෙ ක්‍රියා මාර්ගය විවේචනය කරන විටදී මේ නායකයා මට මේ වදන් මෙලෙසම කිවේය. සුළු ධනෙෂ්වර මතවාදී උඹට මට උගන්වන්න බැහැ. ඉන්පසු ජවිපෙ ආණ්ඩුවට ගිය පිහිටෙන් මේ ප්‍රබල විප්ලවවාදියා චන්ද්‍රිකා රජයේ ඇමතිකම් තිබු තැනක ලේකම් රස්සාවක් කර දැන් ඊටත් වඩා හොඳ තැනක පවුලත් බලාගෙන වැජඹෙමින් සිටි.
 නජිත් ඉන්දික වැනි පුංචි මල්ලියෙකුට උපදෙස් දෙන්නට මට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. මොකද නජිත්ලට සන්ජිවලාට හා තවත් අයට මර්දනය එනවිට කෑ ගහන්නට ඉතුරු වෙන්නෙත් අප විතරක් බැවිනි.

/*****************************************************************************/

මේ ලිපියත් කොමෙන්ටුත් වැටුනේ ජනවාරි 6 දාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රම දෙකම වෙනස් කරන්නට ජනාධිපති චන්දයට ගියහ. අන්තරේ සිසුන් වත් ඔවුන්ට චන්දය දුන්නේ දැයි සැක සහිතය.
දැන් තිබෙන දේශපාලන තත්වය අනුව ඔවුන් හා ඔවුන් මෙහෙයවන අන්තරය සිටිය යුත්තේ තනිව නොව වඩා පුළුල් මහජන වේදිකාවකය.  ජාතිවාදය නැවත හිස එසවීමට විරුද්ධ තැනකය.
මා  දන්නා රැකියාවක් නොකර පක්ෂ වල පුර්ණ කාලීනව වැඩ කරන අය බොහෝ සිටිති. මේ ඔවුන්ට කරන විවේචනයක් නොවේ. ඔවුන් වාමාංශික පක්ෂ දේශපාලනයේ අවශ්‍යතත්වයකි. විශ්ව විද්‍යාල  වල අධ්‍යාපනය අතහැර දේශපාලනය කරනවාට  වඩා ඉගෙනීම කරන ගමන් දේශපාලනය  කරන්නටත්, දුර්වලවී ඇති පහත වැටී ඇති ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහලට එසවීම සඳහා පෙරමුණ ගැනීමටත් සිසුන්ට කරන ආයාචනයකි.

රජයන් වෙනස් වනවා සේම අරගල ක්‍රමද වෙනස් විය යුතුය.

ඊයේ අන්තරයට එරෙහිව කඳුළු ගෑස්  ගැසීම හෙළා දකිමින් මේ සිදුවීමේදී අන්තරයේ හා සිසුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිමු. 



Monday, 30 March 2015

නෙලුම්යාය ප්‍රථම සමරු සඟරාවේ හැඳින්වීම

So many of our dreams at first seems impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable ~Christopher Reeve~

අපේ හැම හීනයක්ම මුලදී කළ  නොහැක්කක් වගේ පේන්නේ , ඉන් පස්සේ කරන්න හෝ වෙන්න  කිසිම සම්භාවිතාවක් නැහැ වගේ නමුත්  අපි අධිෂ්ඨාන කලොත්  ඉතා ඉක්මනින් ඒවා සිදුවියයුතුම දේවල් වෙනවා  - කියල ක්‍රිස්ටෝපර් රිව් කියල තිබෙනවා. අප විසින් නෙලුම් යාය  සහෘද සමුහය පිහිටුවා ගත්තේ පුරවැසි ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව, වෙබ් මාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවිවල සිට, සමාජ ජාල වල සිට, බ්ලොග් ලෝකය දක්වා විහිදී ඇති වකවානුවක මේ දහරා  තුනම එක තැනකට ගොනු කරමින් ස්වාධින  ප්‍රවෘත්ති සපයන්නන් සමුහයක්, දාර්ශනිකයන් සමුහයක්, පුරවැසි විද්‍යඥයන් සමුහයක්, පුරවැසි කවියන් සමුහයක් , පුරවැසි කෙටි කතා කරුවන් සමුහයක්, පුරවැසි සංගීතඥයන් සමුහයක් සමාජයට දායක කිරීමට  ගන්න උත්සාහයක් වශයෙනුයි.
ආරම්භ කර මස කිහිපයකින් පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  වඩා ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන්  , බ්ලොග් කරුවන් මේ දක්වා සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කළ  සේවය ඇගයීමට එසේම  බ්ලොග් ලෝකය පිළිබඳව ඇති දුර්මත ඉවත් කිරීමටත් නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් උළෙලක් සංවිධානය කළා.

එසේම  තොරතුරු දැන  ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයට කරන උපහාරයක් මෙය. තොරතුරු දැන  ගැනීමේ පනත,  මාධ්‍ය නිදහස සුරැකීම හා පුරවැසි මාධ්‍යකරණය යටතේ ඉතා වැදගත් වෙන පනතක්.

විවිධ  මාතෘකා යටතේ දේශපාලනය, කෙටි  කතා , කවි, සංචාරක සටහන්. හමුදා කතා, නේවි  කතා, විහිළු කතා, පෞද්ගලික අත්දැකීම් මේ හැම දෙයක්ම පලවෙනවා. නොයෙකුත් මාධ්‍ය වලින් විටින් විට කිසියම් ප්‍රසිද්ධියක් ලබා දුන්නා කියලත් අපට අදහසක් තිබෙනවා. නමුත් මේක මෙතනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සිටින  සිමිත පාඨක  පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සුදානමක් පෙනෙන්න තිබුනේ නැහැ. ඉතාමත් නිර්මාණශීලි බ්ලොග් කරුවන් සිටියත් ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තුලින් ඉඩ දුන්නේ  පිලි ගැනීමක් ඇති  මාධ්‍යකරුවන්ට පමණයි. ඔවුන් ලියුවෙත් තිබෙන සම්ප්‍රදායික පුවත්පත් (වෙබ් හා වෙබ් නොවන )  හා රුපවාහිනියට වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් පමණයි.

මිට අවුරුදු කීපයකට ඉහතදී 2011 වගේ කලෙක ලෝකයේ ප්‍රබලතම  සමාජ ජාලය වන facebook හරහා උතුරේ වැලි ගොඩ දැමීම් ගැන සටහනක් තියපු උතුරේ සමාජජාලා පුරවැසි මාධ්‍යකරුවෙක් එදිනම රෑ හිසට වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙතැනදී අපට පෙනෙන්නේ  තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයට ලැබෙනවාට බය වෙන්නේ , තැති ගන්නේ හොරු  සහ දුෂකයෝ බව.  පුවත මෙහිදී පුවත්පතක පලකරනවාට වඩා ලෝකය පුරා සමාජ ජාල තුලින් සැනෙකින් පැතිර ගිය. හොරු සහ දුෂකයන් වඩා බිය වන්නේ එයට.

උප්පැන්න සහතිකයක් නැති හැඳුනුම්පතක් නැති සහ සමාජයේ අවමන් සහගත චරිත සහතිකයක් ඇති ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදුන යයි කියන රත්න පුරේ බට්ටි (ඩබ්ලිව් ඒ කාන්ති ) නමැති කාන්තාවට වූ අසාධාරණදී නීතියේ මුදුන්මල්කඩ වන ශේෂ්ඨාධිකරණය කරා  යුක්තිය පසිඳලීම සඳහා  රැගෙන ගියේ පුරවැසි  ජන මාධ්‍ය. එය පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සමාජ ජාල ගත කලා. දහස් ගණනක් ඉතා සුළු කාලයකදී එය නැරඹුවා.  සමාජ ජාල හා පුරවැසි මාධ්‍ය වල ප්‍රබලත්වය මින් පැහැදිලි වෙනවා.
එය සංකේතවත් කරන්න බට්ටි ගැන ලියු කවියකට අපි අද සම්මානයක් දෙනවා.

නෙළුම් යාය අද සිට වඩා  ඉඩ ප්‍රමාණයක් ගනිමින් අලුත් වෙබ් අඩවියකට පිය නගනවා. එහි අපි දේශපාලන, කාලීන සංවාද,  කවි / නිසඳැස් , හයිකු, කෙටි කථා, 18 ප්ලස්, විද්‍යා ප්‍රබන්ධ, තාක්ෂණ,  ඡායාරූප සහ නිවස වශයෙන් අංග දහයක් යටතේ යටතේ  බ්ලොග් නිර්මාණ ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.
අපිට  ඇත්තටම මෙතන මොකක්ද තියෙන ලාභය. අපට තියෙන ලාභය තමා මානව සම්පත. ලාභය තමා  පරිසරය. මේ දෙක තමා රැක ගන්න  ඕනේ. අපි හැකිතාක් උත්සාහ  කරනවා මානව සම්පත දැනුවත් කරන්නේ කොහොමද කියන එක ගැන හොයන්න.  අපි මෙතනදී කරන්නේ අවකාශය හදල දෙන එක විතරයි. 
අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන   ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.

අපි එසේම  ශ්‍රී ලංකා  බ්ලොග් කරුවන්ගේ සංසදයක් අද දින ස්ථාපිත කරනවා. පුරවැසි මාධ්‍යවේදීන් ගේ සුභ සිද්ධිය වැඩි දියුණු කරන්නට ගන්න පියවරක් ලෙස. පුරවැසි මාධ්‍යවේදීන් දැනුම අරැගෙන යයි මහා ජනතාවට. මේ නිදහස ඉදිරියට ගෙනියමු. මෙය තව   දුරටත් සිහිනයක් නොවේ.
ස්තුතියි 

නෙළුම් යාය සංස්කාරක


Sunday, 22 March 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3

තෙවන කොටස 

තරුණ සංවිධානයක් තිබෙනවද? 


ඔව්, සිරිසා හි සන්ධානයේ සියලුම කොටස් වල තරුණ සංවිධාන එකතු කර සෑදූ විශේෂ තරුණ සංවිධානයක්  තියෙනව. නමුත් මෙය සාපේක්ෂව කුඩා නිසා ඉන් තරුණ චන්දදායකයන්ට වැඩි බලපෑමක් නැහැ. වඩාත් උද්‍යෝගයට කාරණයක් වන්නේ ඉතාමත් පහල මට්ටමකින් පටන් ගත්  වෘත්තීය සමිති   වල බලපෑම දෙගුයණයක් වුණා. නමුත් නැවතත් KKE සමග බැලුවහම වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සිරිසා හි ශක්තිය හුඟක් අඩුයි. 

ජනතාව ගොනු කිරීම ප්‍රධාන තැන ගත් වඩාත් ක්‍රියාශීලි සමිති තුල සිරිසා බලවත් පමණක් නෙවෙයි  සිරිසා වර්ධනය වීමත් වුණා. එය දැන් ග්‍රීක වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධානම සමිතියක් වන  ද්විතිය අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ගුරු වෘත්තීය සමිතියේ ප්‍රධාන බලය  වී හමාරයි.  එසේම අතිවාම වාදී කණ්ඩායමේ බලයත් සාපේක්ෂව මේවායේ වැඩියි.  සිරිසා  හා අන්ටස්‍යා වලින් පැමිණි ජනතාවගෙන්  සැදුනු, එක්තරා ආකාරයක වෘත්තීය සමිති  පෙරමුණුත් තිබෙනවා.
පසුගිය කාලයේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල හා විශ්ව විද්‍යාල වල වර්ධනය වුනු රැඩිකල් වටපිටාව  තුල රැඩිකල් වම තමන්ගේ ස්ථානය වැඩි දියුණු කරගත්ත. KKE සහ අති වාමාන්ශයද තමන්ගේ ස්ථානයන් දියුණු කර ගත්ත. රැඩිකල් වුනු වාම වාදී ශිෂ්‍යන්ගේ වටපිටාව තුල විශ්ව විද්‍යාල වල සිරිසා  එක තැන පල් වුනත් (බහුතරයක් ශිෂ්‍යන් විශ්ව විද්‍යාල තුල චන්ද වලට සහභාගී වෙන නිසා මේක හොඳ මාපකයක්)  , එසේම මේ ශිෂ්‍යයන් අන්ටස්‍යා අය වැඩිපුර සිටින නම ලේඛන වලට චන්දය දුන්නත්, ජාතික තලයේදී ඔවුන් සිරිසාට චන්දය දීමට පටන් ගැනුණා.

අපිට  මේ ද්විත්ව ප්‍රකාශනය තහවුරු වුනා ප්‍රාදේශීය චන්ද වලදී හා යුරෝපියානු හා පළාත්  මැතිවරණ වල පරතරයේදී. පළාත් බද මැතිවරණයේදී අති -වාම සන්ධානය වූ අන්ටස්‍යා ජාතික වශයෙන් 2% චන්ද ප්‍රමාණයක් ගත අතර යුරෝපියානු පාර්ලිමේන්තු  මැතිවරණයේදී එය 0.72%ක් වුණා.
මෙහිදී ඉතාමත් පැහැදිලියි සමහර කොටස් ජනතාව රැස්  කිරීමේ ව්‍යාපාර  හා වෙනත් සමාජ ව්‍යාපාරවලදී ඔවුන්ව  අති-වාමවාදී කණ්ඩායම් මගින් මෙහෙයවන බව. වෘත්තීය සමිති මට්ටමේදීත් ඒක එහෙමයි. නමුත් දේශපාලන නියෝජනයේදී මේ බලවේගවල මුලික දේශපාලන නියෝජිතත්වය භාර ගන්නේ සිරිසා.
 මෙහි ප්‍රතිපලය නම් පසුගිය කාල පරිචේදයේ වැදගත්ම පරිණාමය වන,  ග්‍රීක රැඩිකල් වමේ අවසන් බෙදීම දැන් ඇත්තේ නිකායවාදී, ආරක්ෂණවාදී හා ඉතාමත් හුදෙකලා KKE හා ඉතිරි සියල්ල අතරයි. (සිරිසා, අන්ටස්‍යා ආදිය )

"වාමාංශික වේදිකාව"ට  (Left Platform) කොටස් දෙකක් තිබෙනවා. "වාමාංශික ධාරාව "(Left Current), ඒ කියන්නේ සම්ප්‍රදායික කොමියුනිස්ට් ධාරාව - වෘත්තීය සමිති වලින් සමන්විත වුනු මේ ධාරාව සිරිසා හි වෘත්තීය  සමිති වැඩි හරියක්  පාලනය කරනවා. මෙයට අයත් වැඩි හරියක් KKE එකෙන් ආපු කට්ටිය, ඒ කියන්නේ 1991 බෙදුන වෙලාවේ. ඊළඟට ට්‍රොට්ස්කිවාදී ප්‍රවණතාවය. (ලඟදි එකතු වුන DEA සහ KOKKOINO)
වාමාංශික වේදිකාවට පක්ෂ  නායකත්වයෙන්, වගේම එක්සත් විමෙන් පසුව පක්ෂයේ ක්‍රියාකාරීත්වය  හා පක්ෂ ව්‍යුහය වර්ධනය වුනු ආකාරයෙනුත් තදබල බලපෑමක් එල්ල  වුණා. පක්ෂ බහුතරයේ මේ පීඩනය, පක්ෂයේ  පරිණාමනය සමගත් ග්‍රීසියේ පසුගිය සමයේ ජනතාව ඒකරාශී කිරීමේ ව්‍යාපාරවල පසුබැසීම සමගත් බද්ධ වුණා.

මේ හැම සාධකයකින්ම සෘණාත්මක බලපෑමක් ආවත් වාමාංශික වේදිකාවට ඒවාට මුහුණ දීමේ හැකියාව තිබ්බ. එහි විවිධත්වය තමා ශක්තියකට තිබුනේ.  ඒ කියන්නේ වාමාංශික වේදිකාව හැදිලා තිබ්බේ දේශපාලන සංස්කෘතීන් දෙකකින් වුනත් එහි ඒකාබද්ධතාවය පක්ෂයේ බහුතර කොටස අතර තිබු ඒකාබද්ධතාවයට වඩා වැඩියි.
පක්ෂයේ බහුතර කණ්ඩායමේ එක එක දේශපාලන සංස්කෘතීන් වල විෂමතාවය වැඩියි. 

මේ බහුතරයේ,  ඔබට දකින්න පුළුවන් ප්‍රධාන පෙලේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දහරාවෙන් එන අය, එතකොට අති -වාම පැත්තට බර ක්‍රියාකාරීන්, නව සමාජ ව්‍යාපාරයන්ට ඇලුණු අය, එතකොට යුරෝකොමියුනිස්ට් හෝ KKE එකෙන් ආපු  ඉතාම සම්ප්‍රදායික ප්‍රතිසංස්කරනවාදී  කට්ටිය, පසොක් වලින් ආපු වාම ජාතිකවාදීන්, ග්‍රීක වර්ගයේ ජර්මන්-විරොධී ප්‍රපංචය වැනි  අන්තවාදී ජාතිකවාද විරෝධීන් වශයෙන්. 

මාඕයිස්ට්ස් (මාඕවාදීන්) ලා (KOE) ගැන කතා කරන්නේ නැත්ද? 


මාඕවාදීන් වාම-ජාතිකවාදී ධ්‍රැවයට වඩා සමීපයි. ඒ නිසා කියන්න තියෙන්නෙ බහුතර කණ්ඩායමේ විවිධත්වය සමස්තයක් වශයෙන් ගත්තම වැඩියි කියල.

මම හිතනවා, 2012 මැතිවරණය හා පක්ෂය ගොඩ නැගීමේ සම්මේලනය  අතර තුර කාලයේදී වාමාංශික ධාරාව හෝ ට්‍රොට්ස්කිවාදීන් සමග සම්බන්ධයක් නැති බොහෝ , ඒ වෙනස්කම් ගණන් ගන්නේ නැති ක්‍රියාකාරීන් සමුහයක් අද්දව ගන්න වාමාංශික වේදිකාව සමත් වුණා. ඒ ගොල්ල අවධානය යොමු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ වාම විපක්ෂයට හෝ වාම  දෘෂ්ටිකෝණයට සහයෝගය දෙන්න, සිරිසා තුල ඉතා පැහැදිලි වාම ප්‍රවණතාවයකට. මේ නිසා තමා ගොඩ නැගීමේ සම්මේලනය අතරවාරයේ බහුතරයේ අනිසි හැසිරවීම් වලට ඇතිවුන විරෝධතාවයේදී  වාමාංශික වේදිකාව බලවත් වෙන්නේ. ඒකෙන්  වුනේ පක්ෂය ඇතුලේ චන්ද ප්‍රමාණයට සංසන්දනය කලහම අපිට නියෝජිතයන්ගේ කාරක සභාවේ අඩු නියෝජනයක් තිබ්බත්,  30% කට වඩා  නියෝජිතයන් ප්‍රමාණයක් ලැබීම. මේකට දැන් එකතු කරන්න පුළුවන් කොමියුනිස්ට් වේදිකාව ලබපු 1.5%ත්. (ඇලන් වුඩ් හා ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය අනුගමනය කරන) 

පක්ෂය ගොඩ නැගීමේ ප්‍රථම සම්මේලනයෙන් පස්සේ පක්ෂ බහුතරය පළාත් හා යුරෝපියානු මැතිවරණයෙන් අනතුරුව ඛණ්ඩනය වුනා, ඒක වාමාංශික වේදිකාවට මෙන්ම සිරිසා හි අභ්‍යන්තර බලවේග වලටත් ධනාත්මක වුණා.  හරියටම කියනවානම්, බහුතරයේ වාමාංශය හෙවත්  බහුජන ව්‍යපාරවාදීන් හා සිප්‍රස් ගේ එක්සත් වමෙන්  ( Left Unity) බිඳී ආ අය  තමන්ගේ සීමාව  වෙන් කරගත්ත අනිත් අයගෙන්. (නියම ග්‍රීක ආකාරයෙන් කියනවා නම්, මේ ක්‍රියාවලියෙන් පස්සේ අපට සිප්‍රස් ගේ වටේ  එක්සත් වමේ වමක්  (Left Left Unity (sic) ) හා එක්සත් දකුණේ වමක් (Right Left Unity (sic) ) තිබෙනවා. )

යුරෝපියන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම වාගේ "බහුතරයේ" වම "පනස්තුන් දෙනාගේ කණ්ඩායම් වේදිකාවට " එකතු වුණා.   "පනස්තුන් දෙනාගේ වේදිකාව" කියන්නේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 53ක් හා 2014 ජුනි මස එකතු වීමට අත්සන් කල සමහර මන්ත්‍රී ලා ගේ කණ්ඩායමක්.  ඔවුන්, සිප්‍රස් විසින් ආයතනගත සම්ප්‍රදායික දේශපාලකයන් අද්දවා  ගැනීම ගැන තදින් විවේචනය කල අතර , සමාජ බලවේග සේවයේ යොදවා ගැනීම හා සමාජ  ව්‍යාපාර සංවිධාන කිරීමට වැඩි අවධානයක් යොමු නොකරන  ව්‍යාපාරයකට නායකත්වය දෙන බවටත් චෝදනා කලා. එසේම සිප්‍රස් තමන් වටා වැඩි බලයක් රැඳෙන,  පුද්ගලිකත්වය දියුණු කරන උපක්‍රම භාවිතා කරමින් ප්‍රචාරක විදි උපයෝගී කරගත් සංවිධානයක් ගෙන යමින්, ණය ගනුදෙනු , බැංකු ජනසතුව  ආදිය  ගැන මෘදු ලෙස ක්‍රියා කරන බවටත් චෝදනා කලා. 

එසේ  වමේ වේදිකාව මුලික සම්මේලනයේදී 30% ගත්තනම් (වුඩ්වාදීන් 1.5% ත් එකතු කලාම) පක්ෂය තුල "වමේ වේදිකාවේ " බලපෑම මනින්න හැකියාවක් තිබෙනවද?  එහෙනම් එක්සත් වමේ වමෙහි  (Left Left Unity) කොපමණ සෙනගක් ඉන්නවයි කියල දල වශයෙන් කියන්න පුලුවන්ද? 

හොඳයි, මට දැනෙන විධිහට - මේක මධ්‍යම කාරක සභා මට්ටමෙනුත් පිළිඹිබු වුනා-  වමේ වේදිකාව (Left Platform ) සහ පක්ෂයේ වම් පැත්ත තම පක්ෂයේ බහුතරය කියන එක. අවසන් කාලයේදී විශේෂයෙන් සන්ධාන සැදීම ගැන සාකච්චා වලදී මෙය පැහැදිලි වුණා. නායකත්වයට ඕන වුණා ඩිමර් (Dimar) එක්ක සන්ධානයක් ගහන්න, බැරි වුණා. ඒ බැරි වුනේ එයට පක්ෂය තුලින් මතුවුන් විරෝධය හා එය මෙහෙයවූ මෝටරය වමේ කණ්ඩායම් දෙක.
යුරෝ (මුදල් වර්ගය) ගැන තිබෙන ප්‍රශ්නය තවමත් පළල් වමේ එකතුවකට බාධාවක් වුවත් එය නොසලකා හැරියොත් හොඳටම පෙනෙනවා නායකත්වය දැන් සීමා වෙලා කියල. අවාසනාවකට වගේ බොහෝ නායකයන් පක්ෂයෙන් ස්වායත්තව කටයුතු කරනවා පක්ෂයෙ තිරණ නොසලකා හරිමින්. මම මේ කියන්නේ පක්ෂයේ පදනම හා නායකත්වය අතර තිබෙන සරල බෙදීම නොවේ - මම කියන්න පක්ස්ය්යෙන් සම්පුර්ණනම ස්වායත්ත වීම. මෙය අනාගතයට ඉතා අනතුරුදායකයි. 

මධ්‍යම කාරක සභාව රැස්වෙන්නේ කලාතුරකින්. වැඩි වැඩියෙන් අතිශයින් වැදගත් තීරණ ගැනෙන්නේ විනිවිද භාවයකින් තොරව, විවිධාකාර කණ්ඩායම් හා බලාත්මක සමුහයන් (lobby groups ) ගේ දැක්මවල්  වලට අනුව.    

ඔබට  වමේ වේදිකාව කොතරම් ශක්තිමත් දැයි ඇගයීමක් තිබෙනවද? මම අදහස් කරන්නේ, ඔවුන් දනනවා ඔවුන් බහුතරයට එරෙහි බව, නමුත් ඔවුන් කොතරම් ප්‍රමාණයකට එක්සත්ද? විශේෂයෙන්ම රාජ්‍ය බලය ලැබීමට ළඟ අවස්ථාවක රැකියා, රජයේ වැදගත් ස්ථාන ආදිය ලැබීමටත් ඉඩ ඇති නිසා. 

ඔව් මම කලින් කිව්වා වගේ සෘණාත්මක හෝ ධන්ත්මක වේවා වාමාංශ වේදිකාවේ එකතුව පක්ෂ බහුතරයේ එකතුවට වැඩ ඉහලයි. වැඩ පිළිවෙල සඳහා සහභාගිවීමේදී පවා එය වඩාත් සංයුක්ත සංවිධිත බවකින් වැඩ කරනවා. ආර්ථික පෙරමුණ පිලිබඳ කොස්ටස් ලැබවිට්සස්   ගේ මැදිහත්විම ඉතා තීරණාත්මක වුනා මොකද ඔහුගේ  ආර්ථිකය පිලිබඳ විශේෂිත අත්දැකීම් නිසා.   

බහුතරයේ කැපී පෙනෙන ලක්ෂණය තමා ඔවුන්ගේ එකඟත්වයක් නැති කම. උදාහරනයක් වශයෙන් සමහරු ඉතාම තද ආකල්පයක් දරනවා ණය පිළිබඳව. ඔවුන් තදින් කියන්නේ ණය ගෙවීම පැහැර හැරීම විකල්පය මගක්  වශයෙන් තබා ගත යුතු බවත් නයෙන් විශාල ප්‍රමාණයක් කපා හරිය යුතු බවත්. 
නමුත් දැන් කවුරු හරි ඇහුවොත්, "හොඳයි, අපි මොකද කරන්නේ ණය ගෙවීම පැහැර හැරියට පස්සේ " කියල සහ ඒ වගේ ක්‍රියාමාර්ගයක් කොතරම් සාර්ථකද කියල යුරෝ මුදල් ක්‍රමයෙන් ඉවත් වෙන්නේ නැතුව - ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙනවා අපි ණය නොගෙව්වොත් - එතන තේරීමක් නැහැ - මේ ගොල්ලෝ (බහුතරය) ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ එය රඳා  පවතින්නේ යුරෝපයේ දේශපාලන බලවේග මත බවයි. 
නමුත් මෙයට ප්‍රතිවිරුද්ධව වමේ වේදිකාවට පැහැදිලි උත්තර තිබෙනවා.
වමේ වේදිකාවේ ඇති අභ්‍යන්තර ප්‍රභේදනයේ ප්‍රධාන ප්‍රශ්නය , භූ දේශපාලනය හෙවත් විදේශ ප්‍රතිපත්තිය සඳහා එකඟතාවක් නැති කම. දේශපාලන සංස්කෘතීන් දෙකක් සාමකාමී සහජීවනයෙන් ඉන්න කොට අනිවාර්යයෙන්ම ඇතිවන තත්වයක් මේක. ලෝක දේශපාලනය හා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව වමේ ධාරාවට (Left Current ) ඇත්තේ වඩා සම්ප්‍රදායික කොමියුනිස්ට්වාදී , අධිරාජ්‍ය විරෝධී  දැක්මක්. ඔවුන් ජාතිය හෝ ජාතික සහ පන්තිය පිලිබඳ හැඳින්වීමකට විරුද්ධත්වයක් නැහැ. 

මෙයට ප්‍රතිවිරුද්ධව DEA වඩා ජාත්‍යන්තරවාදී සංස්කෘතියක් පෙන්නුම් කරනවා. මෙහි තේරුම නම් සයිප්‍රස් ප්‍රශ්නයේදී හෝ තුර්කිය සමග සම්බන්ධ කම් වලදී හෝ යුක්රේනය පිළිබඳව ප්‍රශ්නයේදී, ඒ තත්වයන් වෙන වෙනම ගන්නා විටදී වෙනස් කම් ඇතිවීම. 

වමේ වේදිකාව සිරිසා (මැතිවරණයේදී )  ජයග්‍රහණය කලොත් මුහුණ දෙන්නේ කොහොමද?කිසියම් පොදු එකඟතාවයක් තිබෙනවද රජයේ කොටස් කරුවකු නොවන්නට , අමාත්‍යංශ භාර නොගැනීමට එහෙමත් නැත්නම් මොනවගේ සමාජ ව්‍යාපාර - අතිරික්ත - පාර්ලිමේන්තු හෝ ජනතාවාදී රැස්වීම වලටද සහභාගී වෙන්නේ ?

මම හිතනවා වමේ වේදිකාව පමණක් නොවේ සිරිසා තුල මුළු වමම වගේ (ඒ කියන්නේ බහුතරයේ ඉන්න වාමවාදී අය ඇතුළුව) හිතන්නේ රජයට ඇතුළු වීම බලය ගැනීම කියන්නේ සාමාජීය (ජනතාව රැස්  කිරීමේ ) ව්‍යාපාරයකට   උත්ප්‍රේරකයක් කියල. ඒක ඇත්තටම එහෙමයි මොකද පරයෝගිකව අපි යන්නේ මේ ජනතාව  ගොනු කිරීමේ ව්‍යාපාරයට. 

මෙතන මේ පක්ෂයේ සංකල්පය හා  දේශපාලන ක්‍රියාවලියම යොමු වෙලා තිබෙන්නේ (ප්‍රයෝගික) ක්‍රියාකාරීත්වය සඳහා. සිප්‍රස් සහ පක්ෂයේ බහුතර නායකත්වය සමාජීය ව්‍යාපාරයන් හා ජනතාව  ගොනුකිරීම සිමා කිරීමට තමයි තැතනුවේ.

උදාහරණයකට ගත්තොත් 2012 දී සිප්‍රස් අවධාරණය කලේ සිරිසා  රජයක්ම නොවේ පිහිටුවන්න යන්නේ මුළු "සුභසාධන කපා හැරීමට විරෝධී " පෙරමුණේම රජයක් කියල. නමුත් එහි එතරම් තේරුමක් දැන් නැහැ මොකද අති වාම වාදීන් හා KKE එවැනි ඒකාබද්ධ වැඩ පිළිවෙලකට කැමති වෙන්නේ නැහැ.
නමුත් අවම වශයෙන් මෙහෙම වැදගත් දෙයක් සනිටුහන් වුණා. මේ හදන්න යන්නේ "සුභසාධන කපා හැරීමට විරෝධී  පෙරමුණේ" වාමාංශය හා නිකුත් සමාජීය ව්‍යාපාරවල එකතුවක රජයක් බව.  ඒ දිනවල සිප්‍රස්,  විශේෂයෙන්ම බොලිවියානු අත්දැකීම සමග සමපාත කරමින් මැයි සහ ජුනි 2012 චන්ද අතර කාලය තුල මේ සමාජීය ව්‍යාපාරවල  සම්මේලනයක් කැඳෙව්වා. මේක අති  විශේෂ සිද්ධියක්.

- මතු සම්බන්ධයි

Saturday, 21 March 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදාසෙබස්තියන් බජන් සමග ස්ටදිස් කූවෙලකිස්
GREECE/


සිරිසා බලය සඳහා ගමන අරඹා ඇති අතර අන්තර්ජාලයේ නොයෙකුත් ආකාරයේ විශ්ලේෂණ, මතවාද, සිරිසා අනුමත කිරීම්  මෙන්ම හෙළා  දැකීම්  ද දැකිය හැක. ස්ටදිස් කූවෙලකිස් සමග  මසකට පමණ ඉහත කෙරුණ මෙම සම්මුඛ  සාකච්චාවේදී  සිරිසා හි ආරම්භය, ගමන් මාර්ගය සහ ඉදිරි අභියෝගයන්   අප විසින් විවේචනාත්මක දුරස්ථ භාවයකින් යුක්තව අවබෝධ  කර ගැනීමට උත්සාහ කෙළෙමු.
මේ සඳහා ඉතාමත් විවිධාකාර  බෙදීම් සහිත ග්‍රීක රැඩිකල් වාමාංශයේ  සංකීර්ණ අභ්‍යන්තරයට කඩා වැදීමට අප පසුබට නොවීමු. නමුත් පක්ෂය බලයට පැමිණි පසු මුහුණ පාන්නට සිදුවෙන ඉතාමත් අභියෝගකාරී ප්‍රශ්න ගැනද කූවෙලකිස් අදහස් දක්වන ලදී.
කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්", "නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් "   පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ් අඩවියේ කතුවරයා සේම "ඓතිහාසික භෞතික වාදය " සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් "ජැකොබින්"සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.
දෙවන කොටස:

සිරිසා ක්‍රියාකාරීන්ගේ ප්‍රබලත්වයේ (ප්‍රමාණය අතින්)  සම්බන්ධය කුමක්ද? මෙම සන්ධානයේ එක ධාරාවක (කාණ්ඩයක) කීදෙනා බැගින් සිටිනවාද? 


2012 දී සිනස්පිස්මොස් හට 16,000 ක සාමාජිකයන් සංඛ්‍යාවක් සිටියා .මාඕ වාදී  KOE එකට 1,000-1,500 පමණ ක්‍රියාකාරීන් සංඛ්‍යාවක් සිටි අතර AKOA එකටද එවැනිම සංඛ්‍යාවක් සිටියා.  සිනස්පිස්මොස් හි භාවිතය හා සංවිධානාත්මක ව්‍යුහය එහි මතවාදී ස්ථාවරය සමග එකට දියුණු වෙන්නක්. සම්ප්‍රදායිකව එය ක්‍රියාකාරීන්ගේ පක්ෂයක් නොව ප්‍රසිද්ධ නම් කීපයක් හා චන්දයක් දිනීම සඳහා පමණක් යොමු වූ එකක්. 
නමුත් පක්ෂයේ සංවිධානාත්මක  තත්වයන් හා ක්‍රියාකාරීත්වය එකිනෙකෙට අසමාන මට්ටම් දෙකකින් සෑහෙන තරමකට වෙනස් වී තිබුණි.

පළමුවෙන්ම ගෝලීයකරණය වෙනස් කිරීමේ ව්‍යාපාරය (alter-globalization) හා වර්ගවාදයට එරෙහි ව්‍යාපාරය තුලින් මතුව පැමිණි ඉතා ක්‍රියාශීලි තරුණ සංවිධානයක් දියුණු කර ගත්තා. එය මේ පක්ෂයට තරුණයන්ගේ සහභාගිත්වය රඳවාගන්න හේතුවක් වුණා වගේම එයට සම්ප්‍රදායිකව වැඩි බලයක් නොතිබූ ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුලත් වෙන්නටත්  හැකි වුණා.  පක්ෂයේ තරුණ සංවිධානයේ දැන් සාමාජිකයන් දහස් ගණනක් සිටිනවා. මෙම තරුණ පාර්ශ්වයෙන් පැමිණි කේඩරයන්ගෙන් බොහෝ පිරිසක් සිප්‍රස් ගේ පිරිවරේ සිටිනවා. ඔවුන් නියම රැඩිකල්වාදී මතවාදයෙන් ඇල්තුසේරියන් වර්ණයේ සන්නද්ධ මාක්ස්වාදී අනන්‍යතාවයකින් යුත් අයයි. 

දෙවනුව 2000 වසරේදී සිට වෘත්තීය සමිතීන්  පක්ෂයේ වාමවාදී ප්‍රවණතාවයේ නැංගුරම බවට පත් වුණා. මේ වාම ප්‍රවණතාවයේ  වැඩිදෙනෙක් පරණ  KKE යෙන් පැමිණි,  වැඩ කරන පන්තියට  (කම්කරු යන වචනය ඕනෑ කමින් මග හැර ඇත - පරිවර්තක )  සම්බන්ධ,  සම්ප්‍රදායික  පන්ති-අරගල මතවාදයකට  හැඩ ගැසුණු යුරෝපා සංගමය දැඩි ලෙස විවේචනය කරන අයයි.  නමුත් මධ්‍යස්ත මතවාදය ඇත්තන් පක්ෂයේ නැතැයි  මින් අදහස නොකෙරේ. උදාහරණයක් වශයෙන්,  ප්‍රධාන පෙලේ ආර්ථික ප්‍රකාශකයකු වන යානිස් ද්‍රගස්කිස්   මෙන්ම ෆොටිස් කුවලිස් සමග ලඟින් සිටි නමුත්,  ඔහු සමග පක්ෂයෙන් ඉවත් වී ඩිමර් (Dimar) පක්ෂයට නොගිය කේඩර හැඳින්විය හැකියි.


 ඔබ කිව්වා මේ දක්වා සිරිසා තුල නාගරික ක්‍රියාකාරීන් හා චන්ද පදනමක් පමණයි තිබුනේ කියල. සිරිසා 2012 මැයි මාසයේ අනපේක්ෂිතව ලැබූ 16.7% ක චන්ද ජයෙන් ග්‍රීසියේ දෙවන විශාලතම පක්ෂය බවට පත් වුණා  පසොක් පරදවා. එවිට මෙය (නාගරික චන්ද පදනම)  වෙනස් වුනාද?


අනිවාර්යයෙන්ම එහෙමයි. සිරිසා  2012 දී ගත් චන්ද සමාජ විද්‍යාත්මකව වටහා ගැනීම තීරණාත්මකවම වැදගත්. ප්‍රමාණාත්මක පිම්ම තරමටම ගුණාත්මක රුපන්තරණයත් භුමි කම්පාවක්. 2012 මැයි  සහ ජුනි මාසයේ කුමක් සිදුවුනේද යන්න ඉතා පහසුවෙන් වටහා ගත හැකියි. එය අතවශ්‍ය ලෙසම පන්ති චන්දයක්.  සාමාන්‍යයෙන් පසොක් එකට චන්දය දෙන, නගර මාධ්‍යයන්හි වැටුප් ලබන වැඩ කරන පන්තිය හදිසියේ එක වරම සිරිසා එකට ප්‍රසාදය පල කලා.  

ග්‍රීක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ජිවත් වන මහා ඇතන්ස් වල (ඇතන්ස් නගරයෙන් පිට නමුත් ඇතන්ස් ප්‍රදේශයට අයත් භුමිය - පරිවර්තක)  මෙන්ම නාගරික ප්‍රදේශ වලත් සිරිසා  පළමු ස්ථානයට පැමිණුනා විතරක් නොවේ ඔවුන් පසුගිය මැයි මාසයේ පැවති ප්‍රාදේශීය චන්දයෙන් ප්‍රාදේශීය සභා වලටත් තේරී පත් වී ඒවා පාලනය කරනවා. ඔවුන් හොඳම ප්‍රතිඵල ලබා ගත්තේ වැඩකරන පන්තියේ හා ජනප්‍රිය දිස්ත්‍රික්කවල පසොක්  හා KKE බලකොටු ලෙස සැලකෙන ප්‍රදේශ වල. 


සිරිසා එකට චන්ද අඩුවෙන්ම ලැබුනේ ආර්ථික වශයෙන් නිෂ්ක්‍රිය , ග්‍රාමීය ජනතාවගෙන් (ගොවියන්ද ඇතුළුව) විශ්‍රාමිකයන්ගෙන් , ගෘහණියන් ගෙන්, ස්වයං රැකියාවල නිරත වූවන්ගෙන් සහ ස්වාධීන  වෘත්තීය වේදීන් ගෙන්. මේ අනුව සිරිසා ට ලැබුණු සහයෝගයේ ගාමක බලවේගය පඩි ලබනා පන්තියේ අයගේ චන්දයයි. එහි ඉහල ස්ථරයේ මෙන්ම ජනප්‍රිය ස්ථර වල චන්දද, නාගරික  රැකියා විරහිත වුවන්ගේ චන්දද ඔවුන්ට ලැබුණා.

සිරිසාහි 2012 ක්ෂණික චන්ද ජයග්‍රහණය ඔබ පහදන්නේ කොහොමද?  


සාධක තුනක් සලකා බැලිය යුතුයි.  පළමුවැන්න නම් ග්‍රීක රජය ට්‍රොයිකාව  (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල- IMF, යුරෝපියන් මහා බැංකුව - European Central Bank,  යුරෝපා කමිටුව  European Commission - පරිවර්තක) සමග ඇති කරගත් ගිවිසුමෙන් මිනිසුන්ගේ පටි තද කර ගැනීමට බල කිරීමෙන් අනතුරුව 2010 සිට පැන  නැගුනු ප්‍රචණ්ඩ සමාජ ආර්ථික අර්බුදයයි. මේ ගිවිසුම ඇති කර ගත්තේ රටේ ණය  ගෙවීමේ හැකියාව සුරක්ෂිත කිරීමට බව ඔබ දන්නවා.

දෙවැනි සාධකය නම් ස්පාඤඤයේ මෙන්ම ග්‍රීසියේ ත් සිදුවුනේ සමාජ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පෙරලීමයි. පක්ෂයන් දෙකක ද්වි-අධිකාරිත්වය පදනම් කරගත් පරණ දේශපාලන ක්‍රමයම බිඳ වැටුනා.

තෙවන සාධකය නම් ජනප්‍රිය ලෙස ජනතාව ගොනු කිරිමය. රැඩිකල් වම නැවත පැන  නැගුනු යුරෝපියානු රටවල් දෙක ග්‍රීසිය සහ ස්පාඤඤය බව අහම්බයක් නොවන අතර පසුගිය වසර කීපය තුල ප්‍රබලතම ජනතා රැලි ඇතිවුනෙත් මේ රටවලය. ස්පාඤඤයේ ඉන්ඩිග්නඩොස් ව්‍යාපාරයත් ග්‍රීසියේ සමාජීය වශයෙන් විවිධාකාරවූ සංවිධානත් මේ සඳහා පෙරමුණ ගත්තා.

සම්ප්‍රදායික නියෝජිත දේශපාලනයේ නියැලුණු බලවේග රැඩිකල් වමට හැරුණු අතර , මේ ගාමක බලවේගයන්ගෙන් පිටත සිටින සමාජ ස්තරයන් ගෙන් සමහරක් දේශපාලනයෙන් වැලකි සිටිද්දී , ඉතිරිය අර්බුදය හට ගත් දිනවල සිටම අන්ත දක්ෂිනාන්ශයට එනම් නව නට්සි රන් උදාව දෙසට හැරුනා. නමුත් සිරිසා හි මැතිවරණ හා දේශපාලන ජයග්‍රහණ ලැබීමට නිරවද්‍යම  හේතුව නම් ජනතාවගේ ඉහත කී සුභ සාධන කපා හැරීමේ අත්තකිලමතානුයෝගී ගිවිසුමට එරෙහිව පක්ෂය විසින් මුල සිටම සටන් කිරීමයි.  එසේම දීර්ඝ විවාදයකින් පසු විශේෂයෙන්ම සිනස්පිස්මොස් තුලදී, සිරිසා විසින් පසොක් සමග  සමග සභාගයකට යාම ප්‍රතික්ෂේප කිරීමයි. එලෙසම  ජනතා  ව්‍යාපාර කෙරහි ඔවුන්ගේ ඇති සංවේදීතාව හේතුවෙන් ඉතාමත් ස්ථිරව හා ප්‍රයෝගික ලෙස තමන්ට මෙම සමාජ ව්‍යාපාර වල රැඳී සිටීමට හැකි බව ඔවුන් ඔප්පු කලා. ඔවුන් මෙසේ කලේ මෙම ජනතා ව්‍යාපාරවල ස්වාධිනත්වයට ගරු කරමින් ඉතාමත්  නව්‍ය හා නිරයාසාත්මක ජනතා පෙළ ගැස්සවීම් වලට සහභාගී වීමෙන්. උදාහරණයක් වශයෙන් 2011 දී නගර චතුරශ්‍ර අත්පත් කර ගැනීමේ  ව්‍යාපාරයේදී  KKE  එය  අදේශපාලනික, සුළු ධනේශ්වර හා කොමියුනිස්ට් විරෝධීන් මෙහෙයවන ව්‍යාපාර වශයෙන් ප්‍රතික්ෂේප කරද්දී සිරිසා කළේ එයට සහයෝගය දීමයි.  
මේ පක්ෂය ප්‍රාදේශීය  මට්ටමින් සහයෝගිතා ජාලයන් වලට ප්‍රබල සහයෝගය දෙමින්  දුෂ්කර වූ මෙම සමාජීය අර්බුදයට හා මිනිසුන්ගේ දෛනික දිවියට ඉන් ඇති වුනු අනිවාර්ය බලපෑම සමග ගනු දෙනු  කිරීමට පියවර ගත්තා. එය ජාතික දේශපාලන තලයේ බලවේගයන් සමපාත  කිරීමට ආයතනිකව අවශ්‍ය තරමේ දෘශ්‍යමය භාවයක් තිබෙන සංවිධානයක්.

මෙසේ කීවත් ජනමත සමීක්ෂණ වල සිරිසාට කැමැත්ත වැඩි වෙන්නේ 2012 චන්ද ව්‍යාපාරයේ අන්තිම සති කීපයේ. නියම ජයග්‍රාහී මොහොත උදාවුනේ  "සුභසාධන කැපීමට විරෝධී වමේ රජයක් " මැයෙන්  සිප්‍රස් කල දේශනයේදී. ඔහු ඉදිරිපත් කලේ සන්ධානයකට එකතු වෙන්න කියන යෝජනාව  KKE එකට, ආන්තික වමට, පාර්ලිමේන්තු වමට සහ පසෝක් පක්ෂයෙන් කැඩුණු කුඩා කණ්ඩායම් වලට. අන්න ඒක තමා අන්තිමට මේ චන්ද ව්‍යාපාරයේ දිශාව වෙනස් කළේ, සම්පුර්ණයෙන්ම අලුත් න්‍යාය පත්‍රයක් සකස් වීම. මෙන්න මෙතැනදී අපට ඇහුනා මේ කැළඹෙන සද්දේ - අතට අහුවෙන භෞතිකමය යමක් වගේ - සිරිසාහි  චන්ද ගාන සීග්‍රයෙන් ඉහල නගින්න ගත්ත.  මෙන්න මේ මොහෙතේ  ඉඳන් අනිකුත් පක්ෂ වලට තීරණාත්මක දේශපාලන දැක්මක් වුන, සාක්ෂාත් කරගන්න පුළුවන් කියල හිතෙන සිරිසා යෝජනාවට ප්‍රතික්‍රියා දක්වන්න සිදු වුණා විතරක් නොවේ,  ඉන් ග්‍රීසියට අර ට්‍රොයිකාව හා ඔවුන්ගේ ගිවිසුමේ වියදණ්ඩෙන් නිදහස් වීමට ඉඩ සලසා ගැනීමට පුළුවන් කමක් ලැබුනා. 

සත්තකින්ම, සමහර අය විශ්වාස කලේ මේ විරෝධතා ව්‍යාපාර ක්ෂණිකව පැන නගින බව විතරක් නෙමේ ඒවා අදේශපාලනිකයි කියලත්. මේ විරෝධතා  (දේශපාලන ලෝකයෙන්) එළියේ ඇති (සම්ප්‍රදායික) දේශපාලනයට විරෝධී ඒවා කියල. මේ විරෝධතා ව්‍යාපාර තමන් ඉදිරියේ ඇති දේශපාලනය ප්‍රතික්ෂේප කලත් ඔවුන් වෙනස් දෙයක් සොයමින් හිටියා. ස්පාඤඤ යේ පොදෙමොස් අත්දැකීම  වගේම ග්‍රීසියේ සිරසා පෙන්වන්නෙත් රැඩිකල් වම් විසින් හොඳ යෝජනා සමුහයක් ගෙන ආවොත් මෙවැනි විරෝධතා ව්‍යාපාර සමග කිසියම් අවබෝධයකට  පැමිණ ඔවුන්ගේ ඉල්ලීම් දේශපාලනය තුලට කැටි කර ගත හැකියි කියල. 

1990 සිට 2000 දක්වා රැඩිකල් වම පසොක් සමග කිසිම සන්ධානයකට එළඹීම ප්‍රතික්ෂේප කරලා තිබුනේ. මේ නිසා මේ මෑතක් වන තුරුම සිරිසා වත් KKE වත් පළාත් ආණ්ඩු වල හෝ ප්‍රාදේශීය ආයතන වල නියෝජනය උනේ නැහැ. නමුත් සිරිසා  ජාතික හා යුරෝපියන් තලයට කඩා වැදුන නිසා ප්‍රාදේශීය තත්වය හා එය අතර තියුණු වෙනසක් තිබෙනවා. 

පක්ෂයට 2014 මැයි 25 පැවැත්වුන ප්‍රාදේශීය හා පළාත් මැතිවරණ වලින් චන්ද ලැබුනේ 18% පමණ වුනත් ජාතික හා යුරෝපියන් පාරිලිමේන්තු මැතිවරණයේදී 27% ලැබුන.   ඒ කෙසේ වතත් පක්ෂය ප්‍රධාන වශයෙන් ඉදිරියට ගියා 40% පමණ ග්‍රීක වැසියන් වෙසෙන  පළාත් දෙකක "ඇටිකා" ඇතුළුව.

සිප්‍රස් ගේ ප්‍රතිරූපයේ ප්‍රධානම අංගය තම ඔහුගේ වයස. ඔහු තරුණයෙක්. ග්‍රීක රැඩිකල් වමේ කේඩර සහ නායකත්ව කණ්ඩායම් වල තහවුරු වෙලා ඉන්නේ අවුරුදු හැටට ලංවෙමින් යන පරම්පරාවක්. එහෙමත් නැත්නම් වැඩිමහලු මිනිසුන් පවා කල්නල් ගේ ඒකාධිපති රජයට විරුද්ධ අරගලයේ දිගු කලක් සිටීමේ වරප්‍රසාදයට කැමතියි තවම.   

අවශ්‍ය සමාජ ව්‍යාපාරයක් ලෙස කවුරුත් සැළකු, නමුත් අර්බුදයෙන් මිදීමට මගක් යෝජනා කරන ඓතිහාසික වගකීම  සඳහා තමන්ට බලයක් නැති යයි සිතු පරණ ග්‍රීක රැඩිකල් වමේ මුණත්තහඩුව ඔහු ගලවා දැමුවා. එසේම 20 වන සියවසේ කොමියුනිස්ට්වාදයේ පරාජයෙන් පීඩාවට පත්ව සිටි ග්‍රීක රැඩිකල් වමේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. අද ඔවුන්ට ඒ සදාකාලික සුළුතරයේ සිටීම අනවශ්‍ය වෙලා තියෙන්නේ, ඒ කියන්නේ හැම වෙලේම  විරුද්ධ වීම විතරක් කරන විපක්ෂයක සිටීම. 

ඔබ ළඟ කිසියම් සංඛ්‍යාත්මක දත්ත තිබෙනවද සිරිසා හි සාමාජිකත්වය ගැන සහ 2012 සිට එහි සාමාජීය කාර්ය භාරය ගැන? ඒ වගේම අපට කියන්න සිරිසා හි අභ්‍යන්තර ගාමක බලවේගයන් ගැන , වමේ වේදිකාව, එහි ඇති එකිනෙකට වෙනස් කාණ්ඩයන් ගැන මෙන්ම විරුද්ධ පක්ෂය සහ දකුණ ගැන?

ජාතික තලයේ ආයතනික පක්ෂ ප්‍රති ව්‍යුහගත වෙනවා. ඒවා මධ්‍යගත පක්ෂ වශයෙන් සෑදී නැහැ. ඉතාමත්ම බලවත් පක්ෂ යාන්ත්‍රණයක් තිබ්බ පසොක්  සම්පුර්ණයෙන්ම වගේ බෙදිලා වෙන්වෙලා, දක්ෂිණාංශික ජනතා ව්‍යාපාරයක් වන "නව ප්‍රජාතන්ත්‍රවාදය" සෑහෙන්න දුර්වල වෙලා. නමුත් ප්‍රාදේශීය මට්ටමින් මේ පක්ෂ වල සම්බන්ධ ජාලයන් තවමත් ශක්තිමත්.   මේක අපි දැක්කේ පසුගිය මැතිවරණයේදී, ප්‍රාදේශීය චන්දයන්ට ඇති බලපෑම හා ප්‍රාදේශීය  සභා ජය ගැනීම අතර වෙනස ඉතා වැදගත් කියල. අනිත් සෘණාත්මක කාරණය තමා  සිරිසා පැහැදිලිවම නායකයා මධ්‍ය කර ගත් පක්ෂයක් වුණා.
 පක්ෂයේ අභ්‍යන්තර ව්‍යුහයන් අති විශාල සහ අවුල් සහගත භාවය  නිසා මෙය  වැඩි දියුණු වුනා විතරක් නොවේ ප්‍රතිපත්ති සම්පාදන හා තීරණ ගැනීමේ  මධ්‍යස්ථාන ලෙස වැඩ කිරීමත් අඩු වුණා. සාමුහික නායකත්වය නෙමේ, අඩුම ගණනේ වඩා සීමිත වුනු නායකයන් කණ්ඩායමක් හෝ නැතිව මුළු තීරණ ගැනීමේ ක්‍රියාවලියම මධ්‍යගත, පාරාන්ධ, අනියම් නායකයන් කාණ්ඩයක් සමග සම්බන්ධව නායකයා ඉතා තීරණාත්මක භූමිකාවක් රඟපාන එකක් බවට පත් වුණා.

පක්ෂ නායකත්වයේ එක එල්ලයක් වුනේ පක්ෂයේ වාමාංශික නැඹුරුව කොන් කිරීම. ඒගොල්ල බරපතල ලෙස හිතුව විවිධ පක්ෂවල මණ්ඩලයක් වුන පරණ සිරිසා (2012 ට කලින් )  එකේ අපි සාපේක්ෂව සෑහෙන ශක්තිමත් කියල. හැබැයි  අලුත් සාමාජිකයන් විශාල වශයෙන් එනකොට අපේ බලපෑම සාපේක්ෂව හුඟක් අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත්,  අවසාන සම්මේලනයේදී  ඩිමාර් ඉවත් වුනාට පස්සේ අලෙවනොස් මෙහෙයවූ  වාමාංශික ධාරාවට ලැබුනේ 25% ක චන්දය ප්‍රමාණයක් පමණයි.  
සිරිසා 2012 නොවැම්බරයේ පැවැත්වූ සමාරම්භක ජාතික සම්මේලනයේදී "වමේ වේදිකාව (Left Platform)" 25% ක චන්ද ලබා ගැනීම ලොකු පුදුමයක් වුනා නායකත්වයට. සිරිසාහි පදනම ගොඩ නැගීමේ සම්මේලනයේදී වමේ වේදිකාව 30% චන්ද ගත්තම ඔවුන් තවත් පුදුම වුනා. මොකද චන්ද පදනම වැඩි වෙලා.  මේ අතරතුරේදී සිරිසා හි සාමාජික සංඛ්‍යාවත් දෙගුණයක් වුණා. ඒ කියන්නේ 17,000–18,000 සිට 35,000–36,000 දක්වා සාමාජිකයන් ගණන වැඩි වුණා.

භූගෝලීය වශයෙන් ගත්තම පක්ෂය වර්ධනය වුණා සෑහෙන්න, නමුත් චන්ද දායකයන්ට ඇති  බලපෑම හා සංවිධානාත්මක බලය අතර තවමත් විශාල පරතරයක් තියෙන්නේ  එසේම පක්ෂය සහ එහි අරටුව වන නාගරික වැඩ කරන පන්තිය අතර සම්බන්ධය තවමත් දුර්වලයි.

සිරිසා තවමත් බුද්ධිමතුන් ගේ ස්තරයන්ගෙන් වැඩි බලපෑමක් ලැබෙන්නක්: ඒ ඉහල තත්වයේ නිපුණතා ඇති උසස් අධ්‍යාපනය ලත්  රාජ්‍ය අංශයේ සේවකයන්.  වයස පැත්තෙන් බැලුවාම ඒකත්  ප්‍රශ්නයක්, මොකද තරුණ ස්තරවල බලපෑම සාපේක්ෂව මදි.


-(මතු සම්බන්ධයි. )
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

Thursday, 19 March 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන් සමග ස්ටදිස් කූවෙලකිස්
GREECE/

සිරිසා බලය සඳහා ගමන අරඹා ඇති අතර අන්තර්ජාලයේ නොයෙකුත් ආකාරයේ විශ්ලේෂණ, මතවාද, සිරිසා අනුමත කිරීම්  මෙන්ම හෙළා  දැකීම්  ද දැකිය හැක. ස්ටදිස් කූවෙලකිස් සමග  මසකට පමණ ඉහත කෙරුණ මෙම සම්මුඛ  සාකච්චාවේදී  සිරිසා හි ආරම්භය, ගමන් මාර්ගය සහ ඉදිරි අභියෝගයන්   අප විසින් විවේචනාත්මක දුරස්ථ භාවයකින් යුක්තව අවබෝධ  කර ගැනීමට උත්සාහ කෙළෙමු.
මේ සඳහා ඉතාමත් විවිධාකාර  බෙදීම් සහිත ග්‍රීක රැඩිකල් වාමාංශයේ  සංකීර්ණ අභ්‍යන්තරයට කඩා වැදීමට අප පසුබට නොවීමු. නමුත් පක්ෂය බලයට පැමිණි පසු මුහුණ පාන්නට සිදුවෙන ඉතාමත් අභියෝගකාරී ප්‍රශ්න ගැනද කූවෙලකිස් අදහස් දක්වන ලදී.
කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්", "නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක්  පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ් අඩවියේ කතුවරයා සේම "ඓතිහාසික භෞතික වාදය " සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් "ජැකොබින්"සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.


අපට සිරිසා  ගැන කියන්න: කවදාද  කොහොමද මේ රැඩිකල් වාමාංශික පක්ෂ එකතු වුනේ?


සිරිසා  හැදුවේ 2004 දී  චන්දයට ඉදිරිපත් වීම සඳහාවූ සන්ධානයක් හැටියට විවිධ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන්. එහි ප්‍රධානතම කණ්ඩායම තමා 1991 සිට වෙනම පක්ෂයක් ලෙස තිබු අලෙක්සිස් සිප්‍රස් ගේ සිනස්පිස්මොස් පක්ෂය. මුලදී "වමේ හා ප්‍රගතිශීලින් ගේ සන්ධානය ලෙස හැඳින්වුවත් පසුව වමේ සහ ව්‍යාපාරවල වල  සන්ධානය වශයෙන් නම වෙනස් කලා. එය මතු වුනේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ එක දිගටම ඇති වුනු බෙදීම් කිහිපයකින් පසුවයි. එසේම කුඩා සාමූහිකයන්ගෙන්ද සිරිසා  සමන්විත වෙනවා.  මෙම කුඩා සංවිධානවලින්  සමහරක් පැරණි  ග්‍රීක අන්තවාදී වමට  (far left) සම්බන්ධව තිබු ඒවා. ග්‍රීසියේ ප්‍රධානම මාඕ වාදී  සංවිධානයක් වන ග්‍රීක කොමියුනිස්ට් සංවිධානය (KOE) ඉන් සුවිශේෂයි. මෙම සංවිධානයේ තිදෙනෙක් 2012 මැයි  මාසයේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායේ ජාත්‍යන්තර කම්කරුවන්ගේ වාමාංශය  (DEA) සඳහා මෙන්ම අනිකුත් කොමියුනිස්ට්වාදී පසුබිමක්  සහිත කණ්ඩායම් සඳහාත් මෙය සත්‍යයක්. උදාහරණයක් වශයෙන්, "නැවත ගොඩනගන කොමියුනිස්ට් පරිසර විද්‍යාත්මක වාමාංශය " සංවිධානය (AKOA) බිහි වුනේ පරණ "කොමියුනිස්ට් පක්ෂයේ (අභ්‍යන්තර කණ්ඩායම) "තුලින්.

සිරිස මුලින්ම ගොඩ නැගුනේ 2004දී. මුලදී  අපට  ලබා ගන්නට හැකි වුනේ  සුළු ප්‍රමාණයේ සාර්ථක භාවයක් පමණයි. නමුත් කෙසේ හෝ 3% සීමාව ඉක්මවමින් "සිරිසා"පවසන්නේ නම් සිරිසා යනු ග්‍රීක රැඩිකල් වමේ සාපේක්ෂව ඉතාම සංකීර්ණ සංයුතියක ප්‍රතිඵලයක්. 1968 සිට රැඩිකල් වම ධ්‍රැවයන් දෙකකට බෙදී තිබුනා. පලමුවැන්න වූ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (KKE) නැවතත් දෙකට බෙදුනා. පළමුවැන්න  , කර්නල් ගේ ආඥාදායකත්වය යටතේදී," යුරෝ කොමියුනිස්ට්වාදී" නැඹුරුවක් සහිත KKE (අභ්‍යන්තරය) ලෙසත්, දෙවැන්න 1991 සෝවියට් දේශය බිඳ වැටීමේදීත්. 

1972 දී යුරෝකොමියුනිස්ට් පක්ෂය බෙදී වෙන්වෙනවා නැවතත්. වඩා දක්ෂිණාංශික (වමෙන් මදක් දකුණට) "ග්‍රීක් වම" (EAR) සිනස්පිස්මොස් සමග කෙලින්ම සන්ධාන ගත වෙන අතර වඩා වාමාංශික කොටස  AKOA ලෙස ප්‍රතිසංවිධානගත වෙනවා. මෙම 1991 බෙදීමේදී ඉතිරි වුන KKE විශේෂයෙන්ම සම්ප්‍රදායික බවක් ඉසුලු දැඩි ස්ටාලින්වාදී රාමුවක සිර වුන පක්ෂයක් වුණා.  එම පක්ෂය නැවත ගොඩ නැංවුණේ සටන්කාමී මෙන්ම ඉතාම නිකායවාදී පදනමක් මතයි. එය වැඩකරන පන්තියේ සහ ජනප්‍රිය ස්ථරයන්හි මෙන්ම විශ්ව විද්‍යාල වලත් සැහෙන ක්‍රියාකාරීන් සමූහයක් දිනා ගැනීමට සමත් වුණා.

අනිත් ධ්‍රැවය වන සිනස්පිස්මොස්, මුලදී බෙදුණු KKE  කණ්ඩායම් දෙක එක්වී 2004 දී සැදුන  සිරිසා  තුලින් විවෘත භාවයට පත් වුණා.  සිනස්පිස්මොස් මේ වනවිට කාලයත් සමග සෑහෙන්න වෙනස් වෙලා තිබුනේ. ඒ කියන්නේ 1990 වගේ කාලයේදී  සිනස්පිස්මොස් මාස්ට්‍රික්ට් ගිවිසුම පවා අත්සන් කරන්න සුදානම් වෙච්චි වමේ පැහැය ඇති මධ්‍යස්ථ පක්ෂයක්. 

ඒ වගේම මෙය වෙනස් විධිහේ ප්‍රවණතා වලින් සමන්විත ඉතාමත් විෂමජාතීය පක්ෂයක්. ඉතා දැඩි ආකාරයෙන් පැවතුන අභ්‍යන්තර අරගලයේදී වාමාංශික පැත්ත දක්ෂිණාංශික පැත්තට එරෙහිව අරගල කල අතර ක්‍රම ක්‍රමයෙන් දක්ෂිණ ප්‍රවණතාවයේ  බලය ගිලිහි ගියා. සිරිසා හි බිහිවීම තහවුරු වීමත් සමගම සිනස්පිස්මොස් හි වමට හැරීම ස්ථිර වුණා. 


සිනස්පිස්මොස් ට කොමියුනිස්ට් සම්ප්‍රදායෙන් ඇති වුන බලපෑම කුමක්ද?එතකොට ඔබ සිරිසා හි මාර්ගය  විස්තර කරන්නේ කෙසේද? මෙම සන්ධානය ධනවාදී විරෝධී මාර්ගයක් ගන්නවද එහෙමත් නැත්නම් වඩා  ක්‍රමික හා ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් ගන්නවාද?


KKE හි පසුබෑම පටන් ගත්තේ මෙම චන්ද කොට්ටාශ වල. KKE චන්ද දායකයන් සිරිසා  පැත්තට නැඹුරු වනු අප දුටුවා. මේ චන්ද වැඩ කරන ජනතාවගේ චන්ද - එනම් රැකියාවන් කරන උගත් , ශ්‍රම  වෙළඳ පලේ ක්‍රියාකාරී සේවකයන්ගේ චන්ද. අවුරුදු 18 සිට 24 දක්වා හා අවුරුදු 24 සිට 30 දක්වා වූ චන්ද දායකයන්ගේ  චන්ද ප්‍රමාණය සමස්තයක් වශයෙන්  ජාතික මධ්‍යගත   (national average) අගයට ලං වුණා . නමුත් වැඩකරන ජනතාවගේ අවුරුදු 30ට වඩා  වයස වැඩි ප්‍රධානම කොටසගෙන් මධ්‍ය  අගයට වඩා  චන්ද ලැබුණා.

රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් කොපමන දුරකට සිරිසා ට සහයෝගයක් ලැබුණද?


අපි චන්ද වැටීම පිළිබඳව සමාජ විද්‍යාත්මකව බැලුවොත් සිරිසා ට රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් 33% කුත් පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 34% කුත් ලැබුන ජුනි 2012 දී. මේ චන්දය දීමේ පරිණාමය සලකා බැලුවොත් ජුනි 2012 සිට  යුරෝපීය සංගමයේ චන්දය දක්වා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සහයෝගයේ වැඩි වීමක් තිබෙනවා. නමුත් ඉතාමත්ම හොඳම ප්‍රතිඵලය ආවේ ප්‍රධාන කාර්මික   හා වැඩකරන පන්තියේ ජනපදයක් වන දෙවන පිරෙයස් චන්ද කොට්ඨාශයේ  මෙන්ම උතුරු ග්‍රීසියේ ඛන්දි  (Xanthi) පළාතේ, මුස්ලිම් හා තුර්කි භාෂා කතා කරන බහුතරය අතර. සිරිසා මන්ත්‍රීන් දෙදෙනෙක් මේ තුර්කි බස කතා කරන මුස්ලිම් සුළුතරයෙන් තේරී පත් වුණා.


 මේක  ක්‍රිස්තියානි සහෝදරත්වයේ සාමුහිකත්වය වමට ආදේශ කලා වගේ .........



ඔව් සහතිකෙන්ම. සිරිසා හි අභන්තර ව්‍යුහය හා සමාජීය ව්‍යාපාරයන් ගැන එහි භාවිතය ගත්තම සිරිස කියන්නේ මෙවැනි යෝජනාවක් කරන්න සුදුසුම මුලාශ්‍රයක්. ඒ කියන්නේ, එක දේශපාලන පෙරමුණක් වගේම ඒක  ඇතුලෙම ප්‍රයෝගික  ප්‍රවේශයක් තිබෙනවා විවිධාකාර දේශපාලන කණ්ඩායම් වල සහජීවනයට. මම කියනවා  සිරසා කියන්නේ දෙමුහුන් පක්ෂයක්, සංකලනය වුනු පක්ෂයක්, එක කකුලක් සම්ප්‍රදායික ග්‍රීක කොමියුනිස්ට් ව්‍යාපාරයේත් අනික් කකුල මේ අවධිය තුල බිහි වුන නව රාමුවක රැඩිකල් වාදයේත්  තබාගෙන සිටින්නක්. 


අපි දුටුව නගර චතුරශ්‍ර අයිති කර ගැනීමේ සමාජ ව්‍යාපාර සහ සිරිසා චන්ද ජයග්‍රහණ අතර සම්බන්ධයක් තිබෙනවද? 2012 ප්‍රාදේශීය හා පළාත්බද ආණ්ඩු සඳහාවූ චන්දයේ සිරිසා ප්‍රත්‍යක්ෂ වුනු අත්දැකීම් මොනවාද? ග්‍රීසියට ඇලෙක්සිස් සිප්‍රස් පෙනෙන්නේ කොහොමද?



මේ තිබුන පාරම්පරික අසාධ්‍ය  සැකිල්ලෙන් මිදිලා සිනස්පිස්මොස් එකේ හිටපු සභාපති අලෙකොස් අලවානොස් සිප්‍රස්  ට බලය දෙන්න කටයුතු කළා. සිප්‍රස් ජනප්‍රිය වෙලා හිටිය සිනස්පිස්මොස් නායකත්වයට එන්න කලිනුත්, ඒය ඇතැන්ස් නගර සභා ජන්දෙන් පක්ෂයේ  දිනු අයගේ ලේඛනයේ ඉදිරියෙන්ම සිටියා. සිප්‍රස් කියන්නේ ලොකු ජනකාන්ත ජනනායකයෙක් වත්, ප්‍රකට කථිකයෙක් වත් ජෝර්ජ් ගැලවේ හරි  ජොන්-ලූක් මිලන්ශොන්  වගේ කතාවේ ලොකු ව්‍යක්ත බවක් තිබුන අයෙකුත් නොවේ. ඔහුත් වැරදි කලා, උදාහරණයකට ගත්තොත් ග්‍රීක රැඩිකල් වමේ  බොහෝ අය කළ පරිද්දෙන්, මේ ජනතා ණය අර්බුදය කොපමණ දුරට සුභසාධන විරෝධී ක්‍රියාපිළිවෙත දියත් කරන්න හේතු වුනාද යන්න ගැන ඔහුත් ඉතා  අඩු ලන්සුවකයි හිටියේ. 

2010 සහ 2011 මුල හරියේ ඔහු සිද්ධීන් හි  පිටුපසින් සිටි බවකුයි පෙනුනේ.  ඉන් පස්සේ පාසොක් ආණ්ඩුවට හා විශේෂයෙන් අගමැති ජෝර්ජ් පපන්ඩ්‍රෝව් එරෙහිව ඔහු ඉතා රණකාමී ස්වරුපයෙන් පාර්ලිමේන්තුවෙදී මැදිහත් වුණා. ඉන් පස්සේ "සුභසාධන කපා හැරීමට විරෝධී" බලවේග හා රැඩිකල් වම එකතු කිරීමට ගෙන ආ ඔහුගේ යෝජනාව තුලින් 2012 මැයි  මැතිවරණයට ඔහු  ප්‍රථමවරට ජයග්‍රාහීව  කඩා වැදුනා.
2012 චන්දය අවසන් වූ සැනෙන්ම සන්ධාන පක්ෂයන් ටික එක්සත් කිරීම ඇරඹුනා. පළමුවෙන්ම ජාතික සම්මන්ත්‍රණයේදී නායකත්ව මණ්ඩලයක් පත් කර ගෙන ආරම්භක සම්මේලනය (කොන්ග්‍රසය) හැදුව ජුලි 2013 වෙත්දී. පක්ෂයේ ව්‍යුහය පිළිබඳව සහ ආකාරය පිළිබඳව ඉතාමත් වැදගත් තීරණ ගත්තේ මේ අවධියේදී, නමුත් ප්‍රමුඛත්වය දුන්නේ වේගවත් ක්‍රියාවලියකට මිසක් ගැඹුරු දේශපාලන සංවාදයකට නොවේ. මේ ක්‍රියාවලිය යොමු වුනේ සාමාජිකයන්ගේ පක්ෂයක් සැදීමට මිස පක්ෂ ක්‍රියාකාරීන්ගේ පක්ෂයක් හෝ ක්‍රියාකාරී සාමාජිකයන් සැදීමට නොවෙයි. "a parti d’adhérents rather than a parti de militants".  තව විධිහකට තේරුම් කළහොත් සංවිධානයක් වශයෙන්  ක්‍රියාකාරීත්වය හෝ අනුග්‍රාහක තත්වයෙන්   ග්‍රීක සමාජයේ තවමත් ශක්තිමත්,  ප්‍රාදේශීය වශයෙන් හා එමෙන්ම සම්ප්‍රදායික ද වන ශක්තිමත් දේශපාලන  බල ජාලයන්  යම්තාක් දුරට අවශෝෂණය  කර ගත්  පක්ෂයක් තමා සිරිසා.

ගුණාත්මකව මේ දේවල් ටිකක් වෙනස්, එයට  හේතුව තමයි - මේක ටිකක් සිත් ගන්නා කාරණයක් -  කොමියුනිස්ට් පක්ෂය දැන් වුනත් වඩාත් සංවිධිත ඒකීය පක්ෂයක්, එහි  බලකොටු තිබෙන්නේ  වඩා ක්‍රියාකාරී නැති වෘත්තීය සමිති ව්‍යාපාරවල,  එහෙමත් නැත්නම් පෞද්ගලික අංශය පැත්ත වඩාත් නිහඬ නිසා ආණ්ඩු විරෝධී ව්‍යාපාරවලට ගොනු නොවුණු පැතිවල.  


ඔබට කියන්න පුලුවන්ද 2012 සිට "වාමාංශික වේදිකාවේ" (Left Platform)විකාශනය  ගැන පොඩ්ඩක්: එහි කොටස්, එහි වර්ධනය, එහි ගැලපීමේ මට්ටම ආදී වශයෙන්?

කොමියුනිස්ට් සම්බන්ධතා ජාලය පක්ෂයේ බහුතරයකගේ සමාජීය සම්බන්ධතා තුල පැහැදිලිව ග්‍රහණය වෙන දෙයක්.  යුරෝකොමියුනිස්ට් බලපෑම මත ඉදිරියට පැමිණි එක කොටසක් නව සමාජ ව්‍යාපාරයන් සඳහා 1970 සිට විවෘත වුණා.   මේ අනුව නව ආකාරයේ විප්ලවීය තත්වය මුලින් පැවතුන කොමියුනිස්ට් සැකිල්ල සමග බද්ධ කරමින් තමන්ට සංවිධානයට ආශ්‍රිත හා න්‍යායවාදයට ආශ්‍රිත ලකුණු නව්‍ය භාවයකින් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඔප්පු කළා. මේ පක්ෂය කාන්තාවාදී සංවිධාන, තරුණ සංගම්, ගෝලීයකරණය වෙනස් කිරීමට පෙනී සිටින්නන්, වර්ගවාදී විරෝධී සංවිධාන  LGBT (පිරිමි සහ ගැහැණු සමරිසි, ද්විලිංගික, විෂම ලිංගික චර්යාවාදීන්) ධාරාවන් සමග පහසුවෙන් ගනදෙනු කරන අතරම කම්කරු සමිති ව්‍යාපාරයටද ප්‍රබල ලෙස මැදිහත් වුනා. 1981 දී KKE යෙන් ඉවත්වී පැමිණි කේඩර සහ සාමාජික ස්ථරයන් වාමාංශික ධාරාවේ සිටින අතර නායකත්වයේ බහුතර කණ්ඩායම හා කේඩරයන්  බොහොමයක් සමන්විත වන්නේත් මොවුන් ගෙන්.අපි සිහියට ගත යුතු කරුණක් වන්නේ පක්ෂයේ කේඩර්වරු සහ ක්‍රියාකාරී පදනම ප්‍රධාන වශයෙන් උගත් පඩි ලබන්නන් (රැකියා කරන) - උපාධිදාරින් බව.   මෙය ඉතාමත් නාගරික ඡන්ද කොට්ඨාසයක් වගේම බුද්ධිමතුන් අතරේ මුල් බැස ගත්  පක්ෂයක්.KKE මෙන් නොව මෑතක්  වෙන තුරුම සිනස්පිස්මොස්ට  උසස්  අධ්‍යාපනිකයන්ගේ සංගමයේ බහුතර බලයක් තිබුනා. 1989-1991 බෙදීමේ සිට බුද්ධිමත් කණ්ඩායම් අතර KKE ට තිබුණු විශේෂ සම්බන්ධය නැති වුණා.පක්ෂයේ නායකත්වය කොමියුනිස්ට්වාදී ලකුණ  දරාගෙන සිටිනවා කියා කිව හැකියි. සිප්‍රස් ගේ වයස ගැන කලබල වෙන්න එපා, 1990 මුල හරියේ  KKE තරුණ සංවිධානයේ ක්‍රියාධරයෙක් හැටියට ඔහු පටන් ගත්තේ. හුඟක් වැඩිහිටි කේඩර්වරු හා නායකයන් රහසිගත අවධියේදී උරෙන් උර ගැටී සටන් කලා  වගේම සිර ගෙවල් වල හා පිටුවහල් කඳවුරු වල පළපුරුදු කාරයන්.
මේ නිසාම තමා  සහෝදර ඝාතක වාතාවරණයක්  ග්‍රීක විප්ලවීය (radical) වමේ තිබෙන්නේ. දැනට මෙය පවත්වාගෙන යන්නේ KKE විසින් පමණයි. ඔවුන් සිනස්පිස්මොස් හා සිරිසා ද්‍රෝහීන් ලෙස නම් කර ඔවුන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් පෙනී සිටිනවා. මේ නිසා තමා 2012 චන්දයෙන් පසු පාර්ලිමේන්තුවේ සියලුම පස්ක්ෂ සමග සිරිස ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කරද්දී KKE ඔවුන් මුණ ගැසීම පවා ප්‍රතික්ෂේප කලේ. 

එහි ප්‍රතිපත්තීන් හා මතවාදීමය ස්වරූපයෙන් ගත හොත් සිරිස ප්‍රබල ලෙසම ධනවාදී විරෝධී පිළිවෙතක් අනුගමනය කරන අතර ඉතා තියුණු ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමන්ව ඉවත් කර ගන්නවා.

එම තත්වය ඉතාමත් වැදගත් වන්නේ  සිනස්පිස්මොස් හි ඉතිහාසය තුල සමාජ ප්‍රජාතන්ත්‍ර වාදීන් සමග සන්ධානගත  වීමට  තිබුණු ප්‍රවණතාවයන්   සමග එවන් සන්ධාන ගතවීම්  වලට සම්පුර්ණයෙන් එදිරි වුනු ප්‍රවණතාවයන් විසින් එකෙනෙකාට එරෙහිව  ප්‍රාදේශීය මට්ටමින් හා වෘත්තීය සමිති මට්ටමින් කල අරගල පිරි තිබීමයි.  සිනස්පිස්මොස් හි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමට  2006 අලෙකොස් ඇලවානොස් සභාපති ලෙස පත් කර ගත් පසු  පක්ෂයේ බලය අහිමිවුණා.  ෆොටිස් කුවාලිස් විසින් මෙහෙයවූ මෙම දක්ෂිණාංශික (සිරිසා වමට සාපේක්ෂව) කණ්ඩායම  EAR  එකෙන් පැමිණි දක්ෂිණාංශික යුරෝකොමියුනිස්ට් කණ්ඩායමෙන් පැවත එන්නක් වූ අතර අවසානයේදී සිනස්පිස්මොස් පක්ෂයෙන් ඉවත් වී "ප්‍රජාතන්ත්‍රවාදී වම "(Dimar) පිහිටුවා ගත්තා. මෙම කණ්ඩායම පාසොක් හා විප්ලවවාදී කණ්ඩායම අතරමැද සිටින පක්ෂයක් වශයෙන් හඳුන්වා ගන්නවා.

ඒ නිසා සිරිසා යනු  බලය පිලිබඳ ප්‍රශ්නය ඇමතීමේදී  චන්ද සඳහා  වූ සන්ධානයන්ගේ  දයලෙක්තිකය  චන්ද පෙට්ටියේ ජයග්‍රහණය හා  බිම් මට්ටමේ සහභාගිත්වය සමග සම්බන්ධ කර අවධාරණය කරන ධනවාදී විරෝධී සන්ධානයකි.
මේ නිසා සිරිසා  සහ සිනස්පිස්මොස් තමන් පන්ති අරගලයේ පක්ෂ ලෙස මෙන්ම විශේෂ පන්ති අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ ලෙස හඳුන්වා ගන්නවා. 
 ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වර්තමාන ක්‍රමයට එරෙහිව මුලික ප්‍රතිවිරෝධතාවයක් වැඩි දියුණු කිරිමටයි. මෙවැනි විප්ලවාදිත්වයක් ප්‍රකාශනය කිරීම පක්ෂයේ අනන්‍යතාවයට අතිශයින් වැදගත්. 

-(මතු සම්බන්ධයි. )

පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

Saturday, 14 March 2015

ඩබල් ඒජන්ට් ලා අතරට චිරප්‍රසිද්ධ ට්‍රිපල් ඒජන්ට්

ඩබල් ඒජන්ට් ලා කියන්නේ තමන් එක රටක රහස් ඔත්තු සේවයේ යෙදී  ඉන්න ගමන් තව රටක ඔත්තු බලනවට. දැන් ඔහොම හෙන ප්‍රසිද්ධ කට්ටිය ගොඩක් හිටිය. එක්කෙනෙක් තමා ජුවාන් පෝල් ගාර්සියා. ඉතාම දක්ෂ විධිහට අනුන් රවටන්න පුළුවන් පොරක් තමා මේ. කොච්චර හොඳට ඒක කලාද  කියනවා නම් නාසින් ගෙන් හා බ්‍රිතන්‍යයෙන් යන රටවල් දෙකෙන්ම ඉහලම හමුදා පදක්කම් දිනා ගත්තා.

තරුණ කාලේදී කරපු කිසිම දෙයක් හරි ගියේ නැහැ. ඉගෙනීම, රස්සාව, බිස්නස් ඔක්කොම  ඇන ගත්ත.. අන්තිමේදී බිරිඳත් දාල ගියා. ඉස්සෙල්ලම MI5 න් ඇහුවට පොරව ගත්තේ නැහැ. ඇමෙරිකාව ගත්තෙත් නැහැ. ස්පාඤඤ ය යුද්දෙට නැහැ. මිනිහ ගියා ජර්මන් වරු ගාවට. නාසීන් මිනිහ ඔත්තු කාරයෙක් වශයෙන් ලන්ඩන් එව්වා. මිනිහ තමන්ගේම ඔත්තුකාරයෝ ජාලයක් හැදුව. මොකද ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා. නමුත් වැඩේ සාර්ථක වුණා.  ජර්මන් වරු අතරේ වැඩ කරපු බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෙක් මේක දැනගෙන MI5 ට කිව්වා. ජුවන් ඒ ගමන MI5 හමුවෙලා ඔක්කොම කිව්වා. MI5 මේ සැරේ ජුවාන්ව  ගත්ත. මිනිහ ඊට පස්සේ නම් යවන්න  ගත්තේ කිසි තේරුමක් නැති වාර්තා ජර්මනියට. නමුත් ජර්මන්වරු විශ්වාස කළා. නමුත් ඇත්තට වැඩ කළේ MI5 එකට. තුන්වැනි රයිඛ්  (Third Reich) එකේ අයන් ක්‍රොස් එකත් ගත්ත අන්තිමට. 

කිම් ෆිල්බි කියන්නේ තවත් එකෙක්. මුලින් වැඩ කලේ MI6 එක ට  . ඔහු සහ තවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත පස් දෙනෙක් පස්සේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳුනා.  නමුත් ගයි බර්ගස් කියන සෝවියට් ඩබල් ඒජන්තයා කිම් ව බඳවා ගත්තා.  කොමියුනිස්ට්වාදය තදින් විශ්වාස කල කිම් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සිටිමින්ම සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බැලුව.  අනිත් ඔත්තුකරුවන් පස් දෙනාත් සෝවියට්  දේශය වෙනුවෙන් බඳවා ගත්තේ. 
අල්ද්රිච් අමිස් , ආතර් ඔවෙන්ස් කියන්නේ තව කීප දෙනෙක්.

ඉතින් මේ වගේ ඩබල් ඒජන්ට් ලා අතරට ට්‍රිපල් ඒජන්ට් ලත් ඉඳල තියනවා. දැනට ඉන්න ප්‍රසිද්ධම  එක්කෙනා වැඩකරලා තියෙනවා කියන්නේ ඔත්තු සේවා තුනකට.  බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය MI6, ඉන්දියන්  රහස් ඔත්තු සේවය RAW සහ ඇමෙරිකන් CIA . ලේසි නැහැ. ඉතාමත් බලවත් ආසියානු රටක රාජ්‍යයේ ඉතාම ඉහල ස්ථානයක් වන රාජ්‍ය ජ්‍යෝතිෂ්‍යය උපදේශක (රාජකීය දෛ අඥයා ලෙසද හැඳින්වේ) වන මේ තැනැත්තා ඉතා  ගැඹුරු විද්‍යාවක් වන ජ්‍යෝතිෂ්‍යය හදාරා තාරකා  හා ග්‍රහලෝක ඇසුරින් ඉතා අගනා උපදෙස් දී රාජ්‍ය පාලනය සඳහා රජ වරුන්ට ඉතාමත් උදව් කල තැනැත්තෙක්. ඉතින් කොහොම සැක  කරන්නද?    ට්‍රිපල් ඒජන්ට් වෙලා  අර බලවත් රජතුමා ධුරයෙන් පහ කරන්න ඔත්තු සේවා තුනක් සමග 
වැඩ කිරීම ලේසි පාසු  දෙයක්ද? කෙලින්ම ඔලුවෙන් තමා වැඩ කරලා තියෙන්නේ. චාර්ට් හදල ග්‍රහ ලෝක වලට මෝර්ස් සංඥා ක්‍රමයෙන් ඔත්තු යවල ඒ ග්‍රහ ලෝක වල ඒලියන් (පිට ග්‍රහ ලෝක වාසීන්) සේනා  වල උදව්වෙන්  නැවත MI6, RAW සහ CIA එකට ඔත්තු එවල හෙන ගේමක් තමා දීල තියෙන්නේ.
ඔන්න හොඳට බලා ගන්න. (තමන්ගේ විද්‍යාගාරයේ සිටියදී ගත් ඉතා දුලබ පින්තුරයකි. පිනෝකියෝ ප්‍රවෘත්ති සේවාව මගින් සපයන ලදී) 



ප.ලි. එසේම නොයෙකුත් රටවල වැඩ කල , වැඩ කරන තානාපති වරුද, ව්‍යාපාරිකයන්ද , ව්‍යාපාරිකයන්  වන තානාපතිවරුද  තානාපතිවරුන් වන ව්‍යාපාරිකයන්ද තම රටේ තානාපති කමට අමතරව ඩබල් ඒජන්ට් ලා ලෙස කටයුතු කරන බවද  ප්‍රසිද්ධ රහසකි. 
මුලාශ්‍ර - කිසි වැඩක් නැති ඩබල් ඒජන්ට් ලා  ගැන කැමති නම් මෙතනින් කියවන්න. http://www.toptenz.net/10-brilliant-double-agent-spies-history.php

Monday, 9 March 2015

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් සම්මාන උළෙල මේ මස 26 වනදා සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙයි. 
 නෙලුම්යාය සංස්කාරකවරයාගේ හැඳින්වීමකින් ආරම්භ වන උළෙලේ ප්‍රධාන දේශනය   "ශ්‍රී ලංකාවේ බ්ලොග් කලාව හා පුරවැසි ජන මාධ්‍ය" යන මැයෙන්  පුරෝගාමී බ්ලොග්කරුවෙකු  (සතර දිගන්තය බ්ලොගය) වන ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පවත්වනු ලබයි. 

"දිලාගේ ලෝකය" බ්ලොග් අඩවියේ දිලිනි නිමන්තිකා  විසින් රචිත නෙලුම් යායේ තේමා  ගීතය "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ  මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " ලියන නාලක ගුණවර්ධන මහතා "අන්තර් ජාල ආරක්ෂාව හා  හා බ්ලොග් අඩවි  ප්‍රවර්ධනය " ගැන දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරනු ඇත.
ඔබේ රස වින්දනය සඳහා "අන්තජාල කෝලම" කින්  රස  ගැන්වෙන උත්සවයේ තවත් පුරෝගාමී බ්ලොග්කරුවෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින්  "බ්ලොගර්ස්ලා යනු ( දෙශීය හා ජාත්‍යන්තර සංසන්දයක් සමඟ ශාස්ත්‍රීය විග්‍රහයක්) " මැයෙන්  අදහස් දැක්වීමක් කරනු ඇත.
ඉන් පසු සම්මාන  සඳහා නෙලුම්යාය  ඉදිරිපත් කල බ්ලොග් නිර්මාණ ගැන හැඳින්වීමක් කරනු ලැබේ. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.
 ඒ සඳහා නෙළුම් යාය සහෘද සමුහය විසින්  තෝරාගත් බ්ලොග් අඩවි මෙසේයි. 
  • 2014 වසරේ හොඳම බ්ලොග්  කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ 
     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/ 
  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
           දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි 

           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-            
            http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
        

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන  ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය 

           දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
           

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  - ප්‍රථම ස්ථානය - 

             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
            
  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය - නිල්  කට්රොල් මල්   - රවී වීරසිංහ
             http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
 බ්ලොක් කරුවන්ගේ අදහස් හා අත් දැකීම් බෙදා හදා ගැනීමෙන් අනතුරුව  කොට්ටාව  මහල්වරාවේ - ඩවුන්ටවුන් පල්ස් (බේකරියේ සෙට් එක) ඉදිරිපත් කරන සංගීතමය නර්තනමය වැඩ සටහනිකින් අනතුරුව දිනය නිමාවට පත්වනු ඇත.
ස්ථානය: ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාව 
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5

~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.  ~~~~~~~~~~~~~~~




Sunday, 1 March 2015

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවී ගේ සිර දඬුවම හෙළා දකිමු

අව්ජිත් රෝයි,  ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් මරා දමන ලදී. මේ පිළිබඳව බොහෝ දෙනා ලියා  ඇති බවට සැකයක් නැත.  මෙහිදී මට ඇතිවන ප්‍රශ්නය නම් අපි බොහෝ දුරට රටක සිටින සුළු ජාතියක් වශයෙන් හෝ සුලුතරයකගේ ආගමක් අපහසුතාවයකට පත් නොකරන්න යයි සිතා ඒ පිළිබඳව හඬක් නොනැගීමයි. මෙය තව දුරටත් නිවැරදි නොවේ.
අපි ඕනෑම අන්තවාදයකට විරුද්ධ නම් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ නොවී සිටීමේ තේරුමක් නැත. අව්ජිත් රෝයි අදේවවාදියෙකු වශයෙන් තමන්ගේ අදහස් නිර්භයව පල කළේය. බ්ලෝග ලෝකයේ දැවැන්තයකු වූ ඔහු මරා දැමීම බ්ලොග් ලෝකයේ නිදහස් අදහස් ප්‍රකාශනයට  එල්ල කල දැඩි ප්‍රහාරයකි. කිසිම  පැකිලීමකින් තොරව එය හෙළා  දැකීමටත් අපරාධකරුවන්ට දඬුවම් දීමටත් බංග්ලාදේශ රජයට බල කල යුතුය.
බුරුමයේ බෞද්ධ අන්තවාදින් විසින් මුස්ලිම් වරුන්ට කල පහරදීම් අප  හෙළා දුටුවෙමු. ශ්‍රී ලංකා වේ අලුත්ගම දී අහිංසක මුස්ලිමුන්ට කල පහරදීම් හෙළා දුටුවෙමු.
එසේ වතුදු මුස්ලිම් අන්තවාදීන්ගේ මේ නවතම සාහසික ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ නිදහස අගයන ජනතාව  හැරෙන්නට අනිකුත් රටවල මුස්ලිම් ජනතාව මෙන්ම බොහෝ වාමාන්ශිකයන්ගේ  දැඩි නිහඬබවද කන් බිහිරි කරවන සුළුය.  අප මේවාට විරුද්ධව හඬ නොනැගුවොත්  එවිට එතනට එන්නේ, ඒ තැන ගන්නේ ෆැසිස්ට් වරුය. යුරෝපයේ විශේෂයන්ම ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ සිදුවෙමින් පවතින්නේ එයයි. එංගලන්තයේ  මන්ත්‍රී ජෝර්ජ් ගැලොවේ වමේ සිටිමින් අන්තවාදී මිනීමැරුම් හෙළා  නොදැකීමෙන් අනියම් සහයක් දෙන්නේ  ෆැසිස්ට් වරුන්ටය.
රයිෆ් බඩවි බ්ලෝග් කරුවා අත් අඩංගුවට ගෙන ඒක පාක්ෂික නඩු විභාගයකින් වරද කරු කලේ සවුදි අධිකරණයයි. ඔහුට කස පහර 50ක්  සෑම  සිකුරාදාවකම දීමට නියම කල අතර එය දැන් ක්‍රියාවට නැංවේ. ඔහුට මරණීය දණ්ඩනය නියමකිරීමේ අවදානමක්ද තිබේ.
ඉතාමත්ම මර්දනකාරී මිනිස් අයිතිවාසිකම් සීමිත සවුදි අරාබියට රැකවරණ සලසන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයයි.  බ්‍රිතාන්‍යය ද මෙහිදී නිහඬව සිටි. නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා අනෙකුත් අදේවවාදී හා මානුෂික අයිතීන් (humanists) පිළිබඳ සංවිධාන මේ ස්ථාවරය විවේචනය කරමින් බඩවි නිදහස් කරන ලෙසත් සවුදි අරාබියේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය හෙළ දකින ලෙසත් උද්ඝෝෂණ කරයි. සවුදි අරාබිය මෑතකදී සියලුම අදේවවාදීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර පනතක් සම්මත කර ගත්හ. තමන්ගේ කාම සුඛල්ලිකානු යෝගී දිවි පැවතුම්  සුරක්ෂිත කර ගැනීමටත්, තෙල් සල්ලි වලින් සවුදි ඒකාධිපති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය රැක  ගැනීමටත්, සවුදී රජ කල්ලිය හා තෙල් ධනවතුන් මිනිසුන් මඩිමින් නිදහස සිමා කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන යයි. එසේම අයිඑස් අයිඑස්  නැමති අන්ත අමානුෂික ත්‍රස්ත කල්ලියට හා උන්ගේ මිනීමරු ඉස්ලාමීය කැලිපෙට් රජයට මුදලින් ආධාර කරන්නේ සවුදි ධනවතුන් බව හෙළි වී තිබේ.
මේ සියල්ලට එරෙහිව නිදහස බුද්ධිමතුන් හා  බ්ලොග් කරුවන් එකාවන්ව උද්ඝෝෂණය කල යුතුය.  තම තමන්ගේ රජයන් ලවා  සවුදි රජයට විරෝධය පෑම් කල යුතුය.
අව්ජිත් රෝයි ගේ ඝාතනය    හෙළා  දකිමු !
රයිෆ් බඩවි ගේ සිර දඬුවම හෙළා  දකිමු !
අව්ජිත් රෝයි බ්ලොග් අඩවිය : 
රයිෆ් බඩවි බ්ලොග් අඩවිය 
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධය