බ්ලොග් සම්මාන උලෙල්ලේ සම්මාන දෙන බ්ලොග් කරුවන් නිර්දේශ කරන වැඩ මෙන්ම වෙනත් වැඩ කීපයක් ගොඩ ගැසී තිබෙන අතරේදී මෙවන් ලිපියක් ලියන්නට සිත් වූයේ බ්ලොග් කරුවන් අනාගතයට නොව අතීතයට පා තබනා සෙයක් දකින්නට ලැබෙන බැවිනි. උඩුවා විසින් කරන ලද කොමෙන්ටුවකදී කියවුනේ රාමචන්ද්‍රගේ බ්ලොග් ලිපි පුවත්පතක කොලමකට සුදුසු බවයි. මෙයට විවාදයකින් තොරව එකඟ වෙමි. නමුත් මුද්‍රණාලයක පල කරන පුවත් පතකට වඩා අන්තර්ජාලයේ පල කරන පුවත්පතක නම් වඩා හොඳය. මා උඩුවාගේ බ්ලොගයේ දුටු තවත් ප්‍රවෘත්තියක් නම් අප දන්නා ජනප්‍රිය බ්ලොග්කරුවකු වන රසිකලොජි සහ බ්ලොග්කාරියක වන බස්සි රාවය පුවත් පතට ලියන බවයි.
මා දන්නා පරිදි රාවය පුවත්පත වැසෙන්නට ඔන්න මෙන්න කියා තිබු එකකි. මගේ හොඳම යහළුවකුද එනගලන්තයේ රාවය පුවත්පත වැසි යාමට දුකින් වෙනුවෙන් ආධාර එකතු කල බව දනිමි. මගේ අදහස වුයේ මිනිසුන් මිලදී නොගන්නේ එය වැසි යාමට ඉඩ දීම මිස බලෙන් ඇදගෙන යාම නොකළ යුතු බවයි. මගේ මිතුරාගේ අදහස වූයේ මිනිසුන්ට ගැනීමට මුදල් නැති කම නිසා මිස ඔවුන් රාවය බලන බව හා එය ජනප්‍රිය පුවත්පතක් බවයි.
රාවයේ යන ලිපි ගැන මගේ අකමැත්තක් නැත. රාවයේ පලවන ලිපි මා කැමැත්තෙන් කියවන අතර ලංකාවේ සිටින විට මා මිලදී ගන්නා එක් පුවත්පතක් වන්නේද රාවයයි .
මේ තර්කයම ජනරළ පුවත් පතටද ද ගෙන එන ලදී. එනිසා මූල්ය ආධාරයක් දීමෙන් හා පුවත්පත මිලදී ගැනීමෙන් උදව් කරන්නට සිතුවෙමි. සෑහෙන කාලයක් එය මිලදී ගත් මුත් ඉඳහිට පලවන සුමිත් චාමින්දගේ ලිපි හැර පුවත්පතේ පලවන සමහර ගතානුගතික අදහස් කියවීමට කාලය වැය කිරීම අපරාධයක් ලෙස සිතුවෙමි. එනිසා නොවැම්බරයේ පුවත් පත මිලදී ගැනීම නවත්වන්නට තීරණය කලෙමි. උඩුවා ගෙන් දැන ගන්නට ලැබුනේ පුවත් පත නවතා ඇති බවය.
දැන් නැවතත් අපේ බ්ලොග් කරුවන්ට හැරෙමු. බස්සි, රසික ඇතුළු අනිකුත් බ්ලොග්කරුවන්ට රාවයේ මෙන්ම වෙනත් පුවත්පත් වලද කොලම් ලියන්නට ලැබීම හොඳය. එයින් ඔවුන්ට කිසියම් ආදායමක් ලැබෙනවා නම් තවත් හොඳය. මම නම් හිතන්නේ රසික වැන්නවුන් නොමිලයේ ලියනවා කියාය. ඔවුන්ගේ ලිපි කියවන පාඨක ප්‍රමාණය වැඩි වීම ඕනෑම මාධ්‍යවේදියෙකුට හෝ බ්ලොග් කරුවෙකුට ප්‍රීතිය උපදවන කරුණකි.
කෙසේ නමුත් ප්‍රශ්නය ඇත්තේද මෙතනමය. ඔවුන් තමන්ගේ බ්ලොග් හා අන්තර්ජාල පාඨක පිරිසට වඩා මෙය තත්වයෙන් ඉහල වීමක් ලෙස සිතීමක් මා දුටුවෙමි. මෙහිදී මා වරදවා වටහා ගත්තා වෙන්නටත් පුළුවන. එසේම මා මහත් වික්ෂිප්ත භාවයට පත් වුයේද මෙහිදීය. උඩුවා සිතන අන්දමට පුවපතක කොලමකට කතා කිරීම බ්ලොගයට පිලි ගැනීමක් ලැබීමකි. මට සිතෙන්නේ මෙහි අනිත් පැත්තය. බ්ලොග් වලින් විශේෂයෙන්ම බස්සි වැනි අයගේ විසිතුරු ලිපි වලින් පුවත්පතේ තත්වය ඉහල යන බ අවය. ජනප්‍රිය හා ඉතා පැරණි බ්ලොග් කරුවෙකු වන රසිකට තමන්ගේම පතක සංක්‍යාවක් සිටී. ඒ ඔහු තවම ලිවීමේ ශක්තියෙන්ම ගොඩ නගා ගත තත්වයකි.
මමත් මගේ බ්ලොගයේ පලවූ ලිපි පොතක් වශයෙන් පල කරන්නට තීරණය කර තිබුනත් එය තවම සිදු වුනේ නැත. එය ඊ ෆෝර්මැට් හෙවත් පිඩිඑෆ් එකක් ලෙස දැනට තිබේ. එයට හේතුව බ්ලොග් නොබලන අය අතට පත් වීමට ඉඩ සැලසීම සහ ග්‍රන්ථයක් ලෙස පල කිරීමට ඇති "පොඩි එකාගේ " ආශාවයි. පොත් කියවන ඉතා විශාල පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ සිටි. බස්සි, රසික, තිලකසිත ආදී බ්ලොග් කරුවන් මේ මාර්ගයේ දැනට දුර ගමන් කර තිබේ. බ්ලොග් ලියන හෙන්රි වර්ණකුලසුරිය ගේ ඉතා සාර්ථක පොත් දෙකක් ඊයේ පෙරේද කියවා අවසන් කලෙමි. කින්ඩල් එකකින් හෝ ටැබ් එකකින් පොත් කියවන විශාල පාඨක ප්‍රමාණයක් නැති රටක පොතක් පල කිරීමට තවම අවකාශය තිබේ.
නමුත් පුවත්පත්වල තත්වය මෙය නොවේ. එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත වසා දැමුවේ මේ නොබෝදාය. එහි අයිති කරු වන රුසියන් දස ලක්ෂපතියකු වන ඇලෙක්සැන්ඩර් (සාෂා) ලෙබෙදෙව් පැවසුවේ තව දුරටත් ජනතාව මිලදී නොගන්නා පුවත්පතක් පල කිරීමේ තේරුමක් නැති බවයි. මින් කියවෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ කියවන පාඨක පිරිසේ තදබල අඩුවීමක් සිදුවුන බවයි. මාද ඇතුළු බොහෝ අය කියවන්නේ වෙබ් එඩිෂන් එක හෙවත් අන්තර්ජාල පුවත්පතය. රහස ඇත්තේ එතනය. ලේබෙදෙව් ට තිබෙන මුදල් ප්‍රමාණයේ හැටියට ඔහුට අවශ්‍ය නම් පුවත්පත පාඩු පිට හෝ සමහර ලංකාවේ පුවත්පත් මෙන් "නමට" පමණක් පවත්වා ගෙන යා හැකිව තිබුණි. නමුත් එය ඔහුට අවශ්‍ය වුයේ නැත. ඒ වෙනුවට අන්තර්ජාල පුවත් පත වඩා මුදල් ආයෝජනය කර දියුණු කරන බව ඔහු පැවසිය. බොහෝ පුවත්පත් කලාවේදීන්ට තමන්ගේම බ්ලොග් අඩවි තිබෙන අතර බොහෝ අය තම ලිපි අන්තර්ජාල පුවත්පත් වලට විකුණති. නැත්නම් තම මුල් රැකියාවම තබාගෙන ලිපි ලියති.
එංගලන්තයේ ගාර්ඩියන් පුවත්පතේ තත්වය මෙයට දෙවෙනි නැත. එහි පාඨක සමාජයේ සිටින මට මේ දිනවල නිතර දෙවේලේ ඊමේල් ලැබේ. එහි ඇත්තේ පුර්ණ සාමාජිකත්වයට මුදල් ගෙවා පැමිණ පුවත් පත ලබා ගන්න ලෙසය. අන්තර්ජාලයෙන් කියවන නිසා මට එහි අවශ්‍යතාවයක් නැත. ගාඩියන් මාධ්‍යවේදීන් මෙන්ම ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් ද බ්ලොග් අඩවි පවත්වාගෙන යති. ඒවා අන්තර් ජාල පුවත්පතට සම්බන්ධ කොට තිබේ. ගාඩියන් පුවත්පතද හෙට අනිද්දා වැසී යනු ඇත. දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් එකක් වන සන් පුවත්පත මෙතරම් කලක් පවත්වාගෙන ගියේ තුන්වන පිටුවේ උඩුකය නිරුවත් තරුණියන්ගේ ඡායාරූප පල කිරීමෙනි. දැන් එයටද තිත තබා ඇති නිසා එම පුවත්පතේ අලෙවිය සිඝ්‍රයෙන් පහත වැටී ඇත. නමුත් එහි අන්තර්ජාල මුද්‍රණය කියවන පාඨක පිරිස වැඩි වී ඇත.
අන්තර්ජාලයේ කෙරෙන වෙළඳාම බලමු. පසුගිය නත්තල් කාලයේ එංගලන්තයේ පළමුවරට ඔක්ස්ෆර්ඩ් විදියේ තිබෙන බොහෝ සාප්පු සංකීරණ වල පාරිභෝගික ජනයා රැඳුනේ නැත. එම සාප්පු ලැබූ ලාභයන්ද අඩුය. ඒ වෙනුවට අන්තර්ජාලයේ ඇති ඔන්ලයින් කඩ වලින් නත්තල් තෑගී මිලදී ගන්නා සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී තිබුණි. අන්තර්ජාලයේ තමන්ගේ වෙබ් අඩවි ඇති නෙක්ස්ට්, ජෝන් ලුවිස් වැනි සාප්පු සංකීර්ණ වල වෙළඳාම අන්තර්ජාලය හරහා ඉහල ගොස් තිබුණි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන අය බටහිරට සාපේක්ෂව අඩුය. නමුත් මේ සංඛ්‍යාව දිනපතා වැඩිවේ. සිංගර් වැනි වෙබ් අඩවි වලින් මම භාණ්ඩ මිලදී ගෙන ඇත්තෙමි. ඒවා නිසි ලෙස බෙදා හරිනු ලැබේ. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවා අන්තර්ජාල කඩ වලින් භාණ්ඩ මිලදී ගැනීම අද එතරම් සිදු වන්නේ නැති වුවද මේ තත්වය සීග්‍රයෙන් වෙනස් වේ. මොබයිල් වලින් මෙන්ම ටැබ් වලින්ද වෙබ් අඩවි වලට පිවිසෙන සංඛ්‍යාව වැඩි වී ඇත. අන්තර්ජාල පහසුකම් හා වයිෆයි පහසුකම් වැඩිවීම අනිවාර්ය වන අතර මේ නිසාම අන්තර් ජලයේ ඇති ප්‍රවෘත්ති මෙන්ම වෙනත් ලිපි ලේඛන කියවන සංඛ්‍යාව නිරන්තරයෙන් වැඩි වේ.
මේ නිසා මම බ්ලොග්කරුවන්ට යෝජනා කරන්නේ අනාගතය ඇත්තේ බ්ලොග් තුල බවය. තමන් ගේ බ්ලොග් ලිපි අන්තර්ජාල පුවත් පත් වල පල කරන්නට මෙන්ම අන්තර්ජාල පුවත්පත් වල කොලම් ලියන්නටත් එකඟ වන්න. මුද්‍රණය වී බෙදා හරින පුවත් පතක පල කරීම හොඳ දෙයක් වුවත් අනාගතයේ මේ පුවත්පත් බොහෝ විට වැසි යනු ඇත. ජනතාව මිලදී නොගන්නා පුවත්පත් අතේ වියදමින් පල කිරීමේ තේරුමක් නැත. අන්තර්ජාල පුවත්පත් වලට පුරුදු වෙන්න. අනාගතය ඇත්තේ එතනය. ටැබ් වලින්, කින්ඩල් වලින් මෙන්ම ලැප් එකෙන් කියවන්නන් වැඩි වනු මිස අඩු වන්නේ නැත. ඔබේ පාඨකයන් රැස් වෙන්නේ එතනය. තව දුරටත් සංවාද ඇති වන්නේ බ්ලොග් අඩවි වල මිස පත්තර කිහිල්ලේ ගසා ගෙන ගමේ කෝපි කඩේ හෝ කොම්පඤඤ විදියේ සුරා සැලේ නොවේ.