උපුටා ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව බුකියේ ෂෙයාර් කළ එකකින් |
අපි හැම වෙලේම බටහිර බෙහෙත් වලින්ම පුළුවන් විධිහෙන් හැදෙනා ලෙඩ සනීප කර ගන්න බලනවා. ඒ අතරේම මම වුනත් අතුරු ආබාධ ඇති වෙන බව දැන දැනත් බෙහෙතක් ගන්නවා අවශ්‍ය නම්. මොකද දැනට ඉක්මනින් ලෙඩක් සුව කර ගැනීමට පුළුවන් හොඳම ක්‍රමය තමයි බටහිර වෙදකම. නමුත් එහෙම වුණා කියල හැම හෙම්බිරිස්සාවටමයි කනේ කැක්කුමටයි ප්‍රතිජීවක ඖෂධ (අන්ටිබයෝටික්ස්) ගන්න ගියොත් ඒවා අහන්නේ නැතුව යනවා.
ඊයේ පෙරේද පවුම් 14 ක් ගෙවල ගත්ත ප්‍රතිජිවකයක්. පෙනිසිලින් සම්බන්ධ ඖග්මෙන්ටින් . නම ලීවා හරිද මන්ද. ඒකෙ අතුරු ආබාධය ටිකක් වැඩියෙන් දරුණු වුනා මට . එලියට ඇවිදින්න රස්සාවට යන්න බැරි තරමට. බෙහෙත නියම කල වෛද්‍යවරයාට කීවාම ඔහු වෙන එකක් දුන්න.
මේ එන්නත් ගැන සහ විශේෂයෙන් MMR වැක්සින් එක ගැන එකොනොමැට්ට හොඳ ලිපියක් ලියල තිබ්බ මෙතන. එතැන මම ප්‍රතිචාර හුඟක් දැම්ම. හේතුව ඔය වැක්සින් එක ගැනත් ඒ සම්බන්ධව අර වෛද්‍ය වේක්ෆිල්ඩ් කළ අසාර්ථක ප්‍රමිතියෙන් තොර (ඔහු සයිටමයට සම්බන්ධයක් නැහැ) පර්යේෂණය ගැනත් ඔහු ලියල තිබුන. එසේම එම එන්නත ජපානයේ තවම තහනම් ඇයිද යන්න ගැනත් හොඳ සංවාදයක් කෙරුණා කියල මම හිතනවා.
ඔය අතරේ රයිගම හන්දිය ලියල තිබුන ලිපියක් අතුරු අබාධ ගැනත් එක්ක මෙතන .
ඔහුට පොඩි අතුරු අබාධයක් වුනාලු ලේ පරිත්‍යාග කරන්න ගොහින්. ඉතා හොඳ වැඩක්. ඒ අතරේ සිදුවීමක් වෙලා ඒ න ඔහු කියන්නේ මෙහෙම.
//ඒ ගමන හිටපු අනික් හෙදියට මාව බාර දුන්න. ඇත්තටම ලේ ගත්ත ඒ අතට වඩා, නොගත්ත අතේ වේදනාව (ලොකු එකක් නොවේ) හවස් වනතුරු තිබුණ. එක ලේ දීමකින් ජිවිත 3ක් බේරෙනවා කියල කියනවා. මා ඉහතින් සඳහන් කරපු සේරම ‘අතුරු ආබාධ’ (එක කෙනෙකුට හැදෙනවයි කියා සිතා) එක පැත්තකට දමල, ජිවිත තුනක් බේරීම අනෙක් පැත්තට දැමුවොත්, මේක මට නම් ප්‍රිටි ගුඩ් ඩීල් එකක්.
මට පෞද්ගලිකව කෙලින්ම වැදගත් නොවන මෙවැනි දෙයක් විතරක් නොවේ, කෙලින්ම බලපාන දේවල් ගැනත් මා තීන්දු ගන්නේ මේ ආකාරයෙන්ම තමා. ඒ කියන්නේ අතුරු ආබාධ කියන දේවල්, ලැබෙන ඵලය හා සසඳපුවහම, නොසැලකිය හැකි තරම් කුඩා නම්, දෙයක් කරන්නට මැලි වන්නේ නැහැ.//
හැබැයි ඉතින් මම ඉහත කිව්වා වගේ අපි ඔක්කොම වගේ හිතන්නේ එහෙම තමයි. අතුරු ආබාධ අඩුනම් බේතක් ගන්න එක ලේ දෙන එක ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්නේ වෙන්නේ ඕක වැඩි දෙනෙකුට අදාළ වුනහම. (ඉහත කී මේ ලිපි දෙක තුනම ටිකක් එක ළඟින් යනවා කියල හිතෙන්නේ නැත්ද?)
සමහරු කියන්න පුළුවන් "ඇයි මම අනිත් අය නිසා දුක් විඳින්නේ. ඇයි මම හෝ මගේ පවුලේ අය අනිත් අයගේ නොදැනුවත් කමට ගෙවන්න ඕනේ කියල". ඇමෙරිකාවේ වගේ රටක හුඟක් මහත අයට නම් ඔය කතාව අනිත් අය නිතර කියනවලු.
නමුත් කල්පනා කරලා බලන්න ඒ ඔබගේ දරුවා කියල. යුරෝපයේ ළමයි හදන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. චීනයේ හුඟක් කල් ඉඳන් එක ළමයෙක් විතරයි හදන්න දෙන්නේ. ඉතින් දෙමව්පියෝ ඒ එක ළමය හෝ ළමයි දෙන්න වෙනුවෙන් ප්‍රවේසම්කාරී වෙන්නේ නැත්ද? ඒ ළමයි රැක ගන්න හැම දෙයක්ම කරන්නේ නැත්ද? දරුවෝ නැති අයට හෝ දරුවෝ ගැන එතරම් හෙවිල්ලක් බැලිල්ලක් නැති අයට මේ තත්වය එතරම් අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි, වැඩි දෙනාගේ හොඳට ටික දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකට කමක් නැහැ කියන අය ඒ වගේ දෙයක් තමන්ට වුනා නම් කොහොම හැසිරෙයිද? මොකද තමන්ගේ ළමය මිලියන් එකෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් තමන්ට ඉන්නේ ඒ දරුවා විතර නම්. උනහපුළුවටත් තමන්ගේ ළමය ලොකුයිලු.
ඔහොම හිතන කොට තමයි මට කොලටරල් ඩැමේජ් යෙදුම මතක් වුනේ. අපි හැමෝටම මතකනේ ලංකාවේ ඉවර වුන සිවිල් යුද්ධය. බහුතරයක් අපි, ඒක ගැන සතුටුයි. මම දැක්ක හෙන්රි වර්ණකුලසුරිය මහත්මය ලියල තිබුන සත්හඬ පත්තරේට ලිපියක්. LTTE වගේ ෆැසිස්ට් වාදී සංවිධානයක් පරාජය කරපු එක හොඳ බව ඔහු කියා තිබුන. මමත් හිතුව එවැනි සංවිධානයක් කෙළවර වෙන්නේ ඔය විධිහටම තමයි කියල. වැඩි දෙනෙකුට යහපත උදා වුනා නේද කියල?
හැබැයි ඔතන කොලටරල් ඩැමේජ් එකකුත් වුනානේ. කොටි පැත්තකින් තියමු. කොටි හිර කරගෙන හිටපු වැසියන් වගේම කොටින්ට සහයෝගය දුන්න වැසියනුත් දහස් ගණනක් මැරුණා. ඒ මිනිසුන්ගේ ළමයි මැරුණා. ගෙවල් දොරවල් නැතිවුණා. සමස්තයක් වශයෙන් ගත්තම වැඩේ හොඳයි රටට. නමුත් අර විධිහට ළමයි මැරුණ දෙමාපියෝ, දෙමව්පියන් නැතිව අනාථ වුන ළමයි, ගම්බිම් නැති වෙච්ච එවුන්. උන් හැමදාම ඒක ගැන කතා කරාවි. පෙළපාලි යයි. මොකද දැනෙන්නේ ඔවුන්ට විතරක් නිසා.
ඉරාකේ ගමුකො. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර ඔත්තු සේවයන්ට වැරදුනා. නමුත් ඔවුන් දුන් ඒ වැරදි දත්ත සේක්ස්ඩ් අප් කරලා (එහෙම තමා යෙදුම තියෙන්නේ) ඒ කියන්නේ වඩා ලස්සන කරලා, වඩා බියකරු කරලා, සදාම්ට අති බිහිසුණු මිනිසුන් සමූල ඝාතනය කරන්න ආයුධ තියනවා කියල ප්‍රචාරයක් ගෙන ගියා. (ඇත්තටම එහෙම දරුණු ආයුධ තියෙන්නේ ඇමෙරිකාවට, රුසියාවට, චීනයට, බ්‍රිතාන්‍යයට , ප්‍රංශයට - ඇයි න්‍යෂ්ටික අවි - ඉරාකයට ඒවා තිබුනේ නැහැ.)
ඒ මදිවට සදාම් 30000 ක් කුර්දි වරුන් පවා මරපු බවක් කියවුනා. සදාම් ජරා ඒකාධිපතියෙක් බවත් ඇත්ත. ඒ නිසා වැඩි දෙනෙකුට යහපතක් කරන්න ඒ රට ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණය නිසා දැනට 200,000 - 500,000 අතර ප්‍රමාණයක් ඉරාක වැසියන් දරුණු හේතු නිසා මියගොස් තිබෙනවා කියල කියන්නේ. මේවා තමයි අර කොලටරල් ඩැමේජ්. තමන්ගේ මිත්‍ර හමුදා අතින් තවත් මිත්‍ර හමුදා සෙබලෙකු වෙඩි වැදී හෝ වෙනත් විධිහකට මිය ගියොත් එහෙමයි කියන්නේ. නමුත් දැන් වැඩි වශයෙන් ඒක භාවිතා වෙනවා යුද්ධයෙන් වෙන මිනිස් ඝාතන සාධාරණිකරණය කරන්න.
ඉතින් කල්පනා කරල බැලුවහම වැඩි දෙනෙකුට යහපතක් වෙන්න අතුරු අබාධ තිබුනත්, තමන්ගේ අය මැරුණත්, වෙනත් ලෙඩ රෝග හැදුනත් බහුතරයේ යහපත තකා සුළුතරය නිහඬ විය යුතුයි කියන අදහසක් තමා මින් මතුවෙන්නේ. හැම දෙනාටම සරිලන දේවල් ලෝකේ නැහැ. ඒත් බහුතරය කිසියම් ප්‍රමාණයකට සුළුතරය ගැන අවධානයෙන් සිටිනවා නම් හොඳයි.
එන්නත් ගැන ගත්තොත් සෝවියට් දේශය හා බටහිර අතර සිතල යුද්ධය පැවතුන කාලේ බයලොජිකල් ආයුධ හෙවත් ජිව විද්‍යාත්මක අවි නිෂ්පාදන වුණා පර්යේෂනාගාර වල. දෙපැත්තෙන්ම ඒක කලා. ඒවා භාවිතා කරන්නේ යුද වැදුන රටට එරෙහිව. රටවල් වල සියලුම ළමයින්ට දෙන පොදු එන්නත් දෙන ක්‍රියාවලීන් හරහා මෙම ප්‍රහාර දෙන්න ඉඩ තියනවා. සෙවිල්ලෙන් ඉන්න වෙන්නේ අපටමයි.
--මේ දිනවල වැඩිය ලිපි ලියැවෙන්නේ නැහැ. මාර්තු 25 සම්මාන උළෙලට ලක ලැහැස්ති වෙන නිසා. නමුත් පෙරේද ලන්ඩනයේ උත්සවයකදී ඒ ගැන ප්‍රශ්න කරපු ප්‍රියන්වදා නංගි මෙන්ම ලංකාවේ දිමුතු මල්ලිටත් තවත් ඊමේල් මගින් විමසූ යහලුවන්ටත් ස්තූතියි. මාර්තු 25න් පස්සේ බ්ලොගයට තමයි පුර්ණ අවධානය.