මම සාමාන්‍යයෙන් ලංකාවේ සින්දු ෂෝ වලට යනවා අඩුයි. විශේෂ හේතුවක් නැහැ. යු ටියුබ් එකෙන් අහන නිසා එක හේතුවක් වෙන්න . මගේ ජර්මන් බිරින්දෑ ඉනෙස් වඩා කැමති ජෝති ගේ සහ ජිප්සීස් ලගේ සින්දු වලට වීම අනික වෙන්න ඕනේ. ඒත් ඉතින් යාලුවෝ සෙට් එකක් බල කළා 'ආදරණිය රෝහණ " කියල නියම ප්‍රසංගයක් ලන්ඩන් එනවා. ආචාර්ය රෝහණ වීරසිංහ ගේ තනු තමං ඔක්කොම. ටී එම් එනවා. යමු යමු කියල. ටී එම් ඉතින් අපි ගැටවර වියේ ඉන්න කොට දෙගොඩ තලා ගඟ ගලාගෙන " ගිහින් "වලා තීරයෙන් එහා සකුරා ඉවුරට පැනලා , පියුම් නීල විල උපන් ලිය ගාව " හද නතර කරපු ගායකයනේ. නොගිහින් කොහොමද කියල, ටිකට් එකක් ගත්ත.
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday, 19 May 2024
"ආදරණිය රෝහණ" ඇහුවනේ
මම සාමාන්‍යයෙන් ලංකාවේ සින්දු ෂෝ වලට යනවා අඩුයි. විශේෂ හේතුවක් නැහැ. යු ටියුබ් එකෙන් අහන නිසා එක හේතුවක් වෙන්න . මගේ ජර්මන් බිරින්දෑ ඉනෙස් වඩා කැමති ජෝති ගේ සහ ජිප්සීස් ලගේ සින්දු වලට වීම අනික වෙන්න ඕනේ. ඒත් ඉතින් යාලුවෝ සෙට් එකක් බල කළා 'ආදරණිය රෝහණ " කියල නියම ප්‍රසංගයක් ලන්ඩන් එනවා. ආචාර්ය රෝහණ වීරසිංහ ගේ තනු තමං ඔක්කොම. ටී එම් එනවා. යමු යමු කියල. ටී එම් ඉතින් අපි ගැටවර වියේ ඉන්න කොට දෙගොඩ තලා ගඟ ගලාගෙන " ගිහින් "වලා තීරයෙන් එහා සකුරා ඉවුරට පැනලා , පියුම් නීල විල උපන් ලිය ගාව " හද නතර කරපු ගායකයනේ. නොගිහින් කොහොමද කියල, ටිකට් එකක් ගත්ත.
Tuesday, 7 May 2024
හදවතේ සියුම් වේදනාවක්
හදවතේ සියුම් වේදනාවක්
*****************************
මෙතැනට යන හැම විටෙකම
මගේ හද සතුටින් පිරී යයි
එතැනින් ඉවත්ව යන විට
හද සැනෙක රිදුමක් දෙවයි
ඉවත්ව යා නොහැකි බව හැඟෙයි
බැඳීමක් ඇත හඳුනා ගත නොහෙන
මේ පියකරු නිසසල භූමියට
යහළුවෙකු කීවේ
පෙර බවයකදී නුඹ දිවි ගෙවන්නට
ඇත මෙහි කියා
විශ්වාස නොකළද බව කතා ඔබ
ඔහු සමහර විට නිවැරදි ද මන්දා
මා පිය බිරිඳ පවසයි
සොබාවේ නිසල පියකරු බවට
අපේ හිත් බැඳී ඇත
හදවතද හිතද සීතලය නිසලය
අවට උණුසුම තිස් හතට නැගුනත්
අංශක සෙන්ටිග්‍රේඩ්
වියළි කලාපයේ ශ්‍රී ලංකාවේ
- අජිත් ධර්ම 07/05/2024
Monday, 8 April 2024
"මතක ගිනි පුපුරු" සහ විජේවීරවාදයේ වැළලීම
Friday, 29 March 2024
ඉස්තාන්බුලයේ දෙපැත්ත
ඉස්තාන්බුල් නගරයේ දෙපැත්තක් තිබේ. එහි මුලින් තිබූ යුරෝපියන් නම කොන්ස්තන්තිනෝපලය වන අතර පසු ස්තන්බෝල් වී පසු ඉස්තාන්බුල් යනුවෙන් නම වෙනස් වුනද එහි යුරෝපියානු හා ආසියානු පාර්ශවයක් අදටත් තිබේ. කුරුසු යුද්ධ සමයේදී ක්‍රිස්තියානි කුරුස භටයන් තමන්ගේම කිතුණු භක්තිවන්තයන් විසු පොහොසත් කොන්ස්තන්තිනෝපලයට පහරදී එහි ධනය කොල්ල කෑවේ 1204 දීය. එදා දවසේ එය බයිසැන්ටියම් හෙවත් පෙරදිග රෝමානු අධිරාජ්‍යයයේ අගනුවර විය. ඒ හතරවන කුරුස යුද්ධ සමයේ දීය (1202-1204). කොන්ස්තන්තිනෝපලයේ මුලින්ම ජනාවාස ඇරඹි තිබුනේ ක්‍රිස්තු පූර්ව දහතුන් වන සියවසේ එනම් මිට වසර තුන්දහස් තුන්සීයකට පමණ පෙර සිටය. ක්‍රිස්තු වර්ෂ 330 දී එවකට රෝම අධිරාජයා වූ කොන්ස්තන්තින් ට නව නගරයක් තැනීමට අවශ්‍ය වූයෙන් සතුරු ප්‍රහාර වලින් බේරීමට සුදුසු යයි සිතා අඟක් ලෙස නෙරා ගිය සමුද්‍ර සන්ධියක් අසල නගරය ගොඩ නගන ලදී. මේ අඟක් වැනි මුහුදු කොටස අදත් හඳුන්වන්නේ ගෝල්ඩන් හෝර්න් කියාය.
තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට, කොන්ස්තන්තිනෝපල් නගරය යටත් වුනේ තුර්කි හමුදා දෙවැනි සුල්තාන් මෙහ්මඩ් යටතේ දවස් 53 ක් වටලා සිටීමෙන් පසු 1423 මැයි 29 දීය. ඔහු විසින් තමන්ගේ අග නගරය සඳහා එතෙක් පැවති අද්රියනාපෝල් වෙනුවට කොන්සතන්තිනොපල් නගරය තෝරා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් තුර්කි අධිරාජ්‍යය බිඳ වැටුණු අතර ඊට පසු පැවති නිදහස සඳහා වන යුද්ධයෙන් පසු නිදහස් තුර්කියේ අග නගරය 1930 දී අන්කරා බවට පත් වුනු අතර කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් විය. එය යුරෝපයේ විශාලම නගරය වුවත් මට පෙනී ගියේ එය බොහෝ නගර මෙන් රවුමක හැඩයට නොව දිග අතට විහිදී ඇති බවය. එහි යුරෝපා හා ආසියානු කොටස වෙන් වන්නේ දිග කිලෝමීටර් 30 ක්ද පළල කිලෝමීටර 3.7 ක් ද වන බොස්පරස් සමුද්‍ර සන්ධියෙනි.
අප නැවතී සිටි යුරෝපියානු පැත්තේ ආහාර පාන සහ වෙනත් දේවල මිල ගණන් බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය මිල ගණන් වලින් වැඩි වෙනසක් තිබුනේ නැත. අප බොහෝ විට අසා තිබුනේ උගුල් අටවන රැවිටිලි කාර සංචාරක මග පෙන්වන්නන් හා වෙළෙන්දන් ගැනය. මට හිතුනේ ඒ සියල්ල අපට අත් දකින්නට ලැබෙන්නේ මේ සංචාරක කලාපය වන යුරෝපීය පැත්තේ බවය.
මම මුස්ලිම් පල්ලියක් ඇතුලට ගියේ පළමු වතාවට ඉස්තාන්බුල් හිදීය. අපි ගිය මේ පල්ලිය නිල පල්ලිය කියා හැඳින්වේ. පල්ලිය ඇතුලේ ඉමාම් වරයට දේශනා කිරීමට උස් ස්ථානයක් පිළියෙළ කර තිබෙන අතර සියල්ලෝම බිම හිඳ ගනිති. මෙවැනි ඉඩ ඇති විශාල ශාලාවක් භාවනා කිරීමට හොඳය. එහි ඇති සරල බවට මම කැමතිය.
එක ගොඩනැගිල්ලක එළියේ බිත්තියේ කුරුල්ලන්ට කූඩු සාදා තිබෙනු මේ පින්තුරයෙන් පෙනේ.
අජිත් 28/03/2024
ප.ලි - මම තුර්කියේ යුරෝපිය නගරය හෙවත් ඉස්තාන්බුල් වලට මුල් වරට ගියේ 1987 දීය. මොස්කව් වල බෙලරුස්කයා දුම්රිය ස්ථානයෙන් පටන් ගෙන අපේ දුම්රිය ගියේ උක්රයිනයේ කීයෙව් නගරය හරහා රුමේනියාවේ බුකරෙස්ට් වලටය. එතනින් බල්ගේරියාවේ සොෆියා අග නගරය දකවාය. එතනින් දුම්රිය ගමන නිමවූ පසු බලගේරියාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන ඉස්තාන්බුල් නගරය දක්වා ගියෙමු. හැල හැප්පිලි තොරවූ එම ගමනේදී මගේ නෙත සිත ඇදී ගියේ කවුන්ට් ඩ්‍රකියුලා වැඩ විසූ රුමේනියාවේ දර්ශනීය කර්පාතියන් කඳුකරය දෙය.
Tuesday, 19 March 2024
මාර වැඩක් වුනානේ
පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ. මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා. මේ මොන විගඩමක් ද , සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගියා. වැඩිය ලඟට යන්න දුන්නේ නැහැ. එඩුවාන් රාජපස්ස මහත්තයා එතනට රැකවල් දාල තියෙන්නේ.
Sunday, 10 March 2024
සිරා හෙවත් ප්‍රොෆා - ප්‍රොෆෙසර් සිරිමල් ප්‍රේමකුමාර
Tuesday, 5 March 2024
කතා වස්තුවට ඌන පූර්ණයක්
මම හිතුවේ නැහැ සාමාන්‍ය උපහාස කතාවක් ලීවහම - ගංජාසීල වලිමඩුව කතා වස්තුව - ඒක ඊට පස්සේ විස්තර කරලා දෙන්නත් වේවි කියල. නමුත් මේ දවස් වල හුඟක් අය තේරුම් ගන්න විධි වෙනස් කියල මට දැන් වැටහිලා තියෙන්නේ. විශේෂයෙන් ආගම සම්බන්ධව යමක් ලියන කොට. හුඟක් අය කැමති නැහැ ප්‍රසිද්ධියේ යමක් කියන්න වත්.
හරි මුලින්ම මම භාවිතා කරපු පාත්‍ර වර්ගයා ගැන ලියන්න ඕනේ. මම ඇත්තටම ඒ අය ගැන වරදක් නෙමේ කියල තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මාතර ගෙයක් තියනවා කියල මම ලියපු සහෝදරි මගේ හොඳ හිතවත් යෙහෙලියක්. කටුනායක ඉන්නේ. එයා මගේ පොතක් ගැන වරක් එයා වැඩ කල පුවත් පතකට ලිපියකුත් ලියපු කෙනෙක් . (මම කියන්නේ නැතිව. ඒක තමා වැදගත් කම එතන). එයා කොහොමත් වැඩ අධික කෙනෙක්. ඉතින් එයාට මට කෝල් කරන්න වෙන්නේ හුඟක් වෙලාවට යක්කු ගස් නගින වෙලාවට තමයි. මම ඒකට අකමැති නැහැ. මොකද මම වෙලාවට නිදියන කෙනෙකුත් නෙමේනේ.
ඒ විතරක් නෙමේ . එයට ලඟදි ඔපරේෂන් එකකුත් කළා නිදන්ගත රෝගයක් නිසා. එනිසා එයාට දැන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් දිගටම අරගන්න වෙලා තියෙන්නේ. මම ලංකාවට ගියහම මට ගන්න පොත් හොයන්න මහන්සි නොබලා එන්නේ එයා.
අර පශු වෛද්‍ය තුමී ගැන ඉතිං හැමෝම දන්නවනේ. එයත් එක්ක ඉතින් රණ්ඩු වෙවී යාළු වෙවී තමා නිතරම ඉන්නේ, මේ දවස් වල මම හිතන්නේ යාලුයි. මොකද ඊයෙත් නිසඳැසක් ද කොහෙද එවල තිබුනා. ඉතින් එයත් සෑහෙන්න බිසී , ක්ලිනික් දෙකකම වැඩ නිසා. ඉතින් එයා කොයි වෙලේ කතා කලත් මම තරහ වෙන්නේ නැහැ.
රෑ දහයෙන් පස්සේ නැතිව කොයි වෙලාවට මෙසේජ් එවන්නද හාන්දුරුවනේ කියල තමා අහන්න තියෙන්නේ.
මගේ දුවල දෙන්න රෑ වෙලාවක කතා කරන එක, කෝල් ගන්නේ කෑමක් තියනවනම් කියල ලියපු දේ, ඒවා ඉතින් පොඩ්ඩක් උපහාසයට අතිශයෝක්තියෙන් ලියන ඒවා. ඇත්තටම උන් දෙන්න එහෙම නැහැ. ඉගෙන ගන්න වැඩ අඩුවෙච්චි ගමන් සිකුරාදාට ගෙදර දුවන් එන්න බලාගෙන ඉන්නේ. අපිම විහිළු කරනවා දැන් උඹල කැදැල්ලෙන් යන්නෙම නැත්ද කියල. එයාලටත් ඉතින් වෙලා තියෙන වෙලාවට තමා කතා කරන්නේ. උන් දෙන්නම දන්නවා අපි කොපමණ එයාලට ආදරේද කියල.
මගේ සොහොයුරියෝ ගැනත් මම ලියල තියෙනවනේ. එක්කෙනෙකුට ෂොප් එකේ වැඩ , ගෙදර වැඩ, පන්සලේ, ගමේ වෙන නොයෙකුත් සමාජ සේවා වැඩ එක්ක ඇත්තටම වෙලා නැහැ, ලංකාවේ උයනව කියන එකත් මේ අපට එංගලන්තේ වගේ විගහට ඉක්මනට කරණ දෙයක් නෙමෙයි. ඉතින් පව්. එයාට ඉතින් නිදහස් වෙලාවටනේ කතා කරන්න වෙන්නේ.
අනිත් සොහොයුරියට ඇත්තටම කතා කරන්න වෙලාවක් නැහැ. එයට වැඩ අධිකයි කියල මම දන්නවා. ඇත්තම අලංකාවේ කාන්තා පක්ෂය සෑහෙන්න මහන්සි වෙලා වැඩකරන කට්ටියක්. වැඩට යනවනම් ඊටත් අමාරුයි. මාර්ගයටම ගත වන වෙලාවකුත් තියනවනේ. මං හිතන්නේ ඒ දෙන්නම දන්නවා මම උන්ට කොඡාර ආදරේද කියල. මම වාසනාවන්තයි ඒ අතින්. සොහොයුරියෝ හිටිය නිසා බවලත් උදවිය එක්ක කතා කරන්න අමුතු සබකෝලයක් තිබ්බේ නැහැ.
මේ හැමෝම සහ අනිකුත් යෙහෙළියන්, ඥාති කාන්තාවන් හැමෝම වගේ මගේ ජිවිතේ එලි කරපු අය. මේ කාන්තාවෝ නිසා අපේ ජිවිත වඩා හොඳ වෙලා කියන එකයි මගේ අදහස.
සමහර වෙලාවට , අසීරු දික්කසාදයක් වුන වෙලාවක, මවක්, මිත්තනියක් අකරුණාවන්ත වුන වෙලාවක තරහ ඇති වෙනවා ඇති. ඒක ස්වභාවිකයි. එහෙම වුනා කියල හැම මිත්තනියක්ම , හැම මවක්ම, හැම කසාද ද බැඳපු බිරිඳක් ම එහෙම නැහැ. ගැහැණු එපා කියන සම ලිංගික සහෝදරයෙක් හෝ කිසියම් ආගමික නිකායක බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක් වුනත් උපදින්නේ මවකගේ කුසයකින් මිසක් ඕපපතිකව නෙමෙයි නේ .
එමනිසා එවැනි තරහක් පැසව පැසව තියා ගන්න එකේ තේරුමක් නැහැ.
ඉතින් බ්‍රාහ්මණ ආගමකින් එකතු කරලා අපිරිසිදු කරල තියෙන ආගමක ලියල තියෙන දේවල් මොළෙන් කල්පනා කරන්නේ නැතිව ගිරව් වගේ දේශනා කරන එකෙන් වෙන්නේ සමාජයේ වැදගත්ම කොටසකට අපහාසයක් කරන එක. එවැනි වෙලාවක අපට වුනත් ස්වභාවිකව එනවා, කෝප සහගත හැඟීමක්. ඉතින් අර ලිපියෙන් කලේ කෝප වෙන්නේ නැතිව ඒක උපහාසයට පෙරලීම.
05/03/2023