Tuesday, 10 June 2025

ජපානයේ කෑම සහ ක්යෝටෝවේ කිරි අම්මා ගේ කෑම කඩේ


ශින්ටෝ පන්සලක ජපන් ගෙවත්ත (පින්තුරය මගේ ) .  


ජපානයේ කෑම හෙවත් උදේ ආහාර වේල ගැන කලින් ලිව්වා වුනත් වැඩි විස්තරයක් කලේ නැති නිසා මේ ලිපිය ලියන්න හිතුව. අපි සාමාන්‍යයෙන් දේශීය අය කන තැන්  වලින් මිසක් ටුවරිස්ට් ලට වෙන් කරපු තැන් වලින් කෑම ගන්නේ නැහැ .  ඉතාලියේ වෙනිසියේ දී හෙම එහෙම ලෝකල් තැන්වල ආහාර හරිම රස බව තේරුනා .     ටෝකියෝවේ දී එක හවසක අපි ගියා ජපන් කියල හිතාගෙන මැලේ චීන අක්ක කෙනෙක් (අක්ක කිව්වේ අපේ වයසේ වගේ පෙනුන නිසා) රන් කරන පොඩි රෙස්ටුරන්ට් එහෙකට .  එතැනදී තව මැලේ චීන මෑන් කෙනෙක් සෙට් වෙලා කතාවක් දාගෙන අසාහි බියර් දෙකකුත් බීව. මැලේ චීන කියනව මැලේසියාවේ  ඒ ගොල්ලට සෙකන්ඩ් ක්ලාස් ලු සලකන්නේ. භූමිපුත්‍ර මැලේ උන්ට සලකනවා වැඩිලු. ඒකලු  ජපානෙට ආවේ .  පවුල සහ   ගෙවල් මැලේ වල .  එහෙට සල්ලි යවනවලු. ඇත්තද බොරුද මම දන්නේ නැහැ .

මේ ආපන ශාලාවේ ලොකු සකේ බෝතල් තිබුන .  ඒවා සල්ලි දීල අරගෙන කොටසක් බීල ඉවර කරන්න බැරිනම් තියල යන්න පුළුවන් .  නම ගහල අරන් තියනව .  වෙන දවසක ඇවිත් ඒක බොන්න පුළුවන් .  කස්ටමර් ල එතනටම ගෙන්න ගන්න මරු ක්‍රමේ . ඔය ෆ්‍රිජ් එක උඩ තියෙන්නේ ඒවා .  නූඩ්ල්ස් වගේ මොනවා හරි තමා කෑවේ.

ක්යෝටෝ වලදී අපි ෂොපින් මෝල් එකකට ගිහාම එතැන චීන කෙල්ලෙක් කන සුෂී වගයක් දැක්ක .  බ්ලු ෆින් ටූන තියන නිසා එතනින් කෑව. ඒ වෙලේම හදල දෙනවා .  මම සුප් එකයි සුෂී සෙට් එකයි ගත්ත අසාහි බියර් එකක් එක්ක . 


මේ ඉනෙස් ගත්ත බ්ලු ෆින් ටූනා කෑම එක .  .  

ළඟ හිටිය චීන කෙල්ල  එක්ක අපි කතා කළා .  රැකියාවේ වැඩකට මාස දෙකකට ඇවිත් ආයේ යනවලු .  ඊළඟ පාර  වැඩි කාලයක් ඉන්න එනවලු .  එච්චර ට ජපානෙට කැමැතියිලු .  

ජපානේ ඉන්න ගමන් අපේ යුරෝපියන් ගයිඩ් ලා කියන දෙයක් තමා ජපානේ වැඩ වැඩියි .  මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. රෑ වෙකන් වැඩ කරනවා .   ඒ නිසා සියදිවි හානි කර ගන්නවා වැඩියි කියල .  මේක මම පස්සේ දීර්ඝව සාකච්ඡා කරන්න හිතා  ගත්ත වුනත් සඳහන් කරන්න ඕනේ දෙයක් තමා ජපානේ ට ඉහලින් තමා  ඉන්දියාව ,  රුසියාව ,  ශ්‍රී ලංකාව, ඇමෙරිකා  එක්සත් ජනපදය  , සතුටෙන්ම ඉන්න රට ෆින්ලන්තය , බර්කිනා ෆාසෝ , ස්වීඩනය වගේ රටවල් තියෙන්නේ සියදිවි හානි කර ගැනීම් වලින් .  ජපානේ 49 වැනිය .  බ්‍රිතාන්‍යය   117 වැනිය.  ජපානේ හරාකිරි කියල ක්‍රමයක් තියනවනේ සමුරායි වරු පැරදුනොත් දිවි හානි කර ගන්න .  ඒක ගරුත්වයක් හටියට හිතන්නේ. දෙවන ලෝක යුද්ධෙදි කමිකාසේ පයිලට් ල මරාගෙන මැරුණා. ජැප්පෝ වැඩක් නැත්නම්, රැකියාවක් නැත්නම්  ඒක අගෞරවයක් හැටියට ගන්නවා. එතකොට දිවි හානි කර ගන්න එක ගෞරවයක් .  තනිකරම යුරෝපීය අදහසට අනිත් පැත්ත . 
  
ඉතින් අපි දෙවෙනි දවසේ පන්සල් වන්දනාවේ ගිහින් (මේ ගැන ඊළඟ ලිපිය ලියන්නම් .   ඔය උඩම පින්තූරෙත් එක්ක )    හවස කන්න තැනක් හොයා හොයා ඇවිද්ද . පොඩි කැෆේ  එකක් වගේ දැකලා ඇතුළට රිංගුවා .  තරමක් වයසක කාන්තාවක් හිටිය.  මටත් හැටක් නිසා දැන් ඒකත් තරුණයි වගේ හිතෙන්නේ .   ජැප්පෝ ගැහැණු පිරිමි දෙතුන් දෙනෙක්  එක්ක කතා කර කර ඒ ගොල්ලන්ට කෑම හදා දෙනවා .   ඉංග්‍රීසි බැහැ . අපේ වාසනාවට මේසයේ  ඉඳගෙන හිටිය ටැස්මේනියා වලින් ආපු කපල් එකක්. එතන හස්බන්ඩ් ගාව පරිවර්තන  ඇප් එකකුත් තිබුන .  එයාල කාපු කෑම ජාති පෙන්වල කීව ඒවා හොඳයි කියල .  එකක ඌරු මස් සහ හරක් මස් ගෝව එක්ක බැදලා. අනික නිකන් ඔම්ලට් එකක් වගේ . 
ඒ ගමන් අපි කීව හරි අපටත් ඒකම දෙන්න කියල .  ටස්මේනියන් කපල් එක ඒකත් පරිවර්තනය කරලා  දීල සමු අරන් ගියා .  විදේශ සංචාරකයෝ පවා එකිනෙකාට උදව් කරනවා ජපානේදී.

පුංචි කැෆේ එකේ  හත් අට දෙනෙකුට තමා ඉඳගන්න පුළුවන් .  ඔය පිටි පස්ස හැරිලා ඉන්නේ කැෆේ අයිතිකාරයා,  හිකිඩෝ වගේ නමක් කිව්වේ . 

ඉනෙස් ඉල්ලපු කෑම එකට පිටි වගේ දේකට මීසෝ සෝස් වගේ දයක් ,  කිරි වගේ මොනවහරි දාලා බැදෙන්න ඇරලා  ඒක උඩට බේකන් , බීෆ් පෙති දාලා ඒකට උඩින් අර ඔම්ලට් එක වගේ එක ආයේ දැම්ම .  ඊට උඩින් ග්‍රීන් ටි වලින් හදන මචා කුඩු වගේ දෙයක් හලාගෙන හලාගෙන  .  අමුතු රැසක් තිබ්බ ඒකෙ. අපි දෙන්නම් උණුසුම් සකේ ජෝගුවක්  ගත්ත .   
මේ තියෙන්නේ  සකේ ජෝගුවයි තව පලතුරු යුෂ එකකුයි. අර හිටිය ජැපනීස් අසල්වැසියෝ කෑම දෙක තුනක් අරගෙන ගියා .  අපට දැන් කතා  කරගන්න විධිහක් නැහැනේ .  ළඟ ඉන්න ජැප්පට  කතා කළා .  බලන කොට පොර චීනෙක් . ඔය පහල ඉන්නේ .  එයා ළඟත් පරිවර්තන ඇප් එකක් තිබුන .  හැබැයි ටිකක් ජපන් භාෂාවත් පුළුවන් .  බලන් කොට මෑන් ඩේටා ඉන්ජිනියර් කෙනෙක් .  ඉංග්‍රීසිත් හොඳයි .  ඔන්න චීන්නු . 

මගේ කෑම එකට මම ඉල්ලුවේ සෝබා නූඩ්ල්ස් (මේවා ඉතින් නෙට්ෆ්ලික්ස් ෂෝ බලලම ඔළුවට ගහපු ඒවා ) වලට ගෝව කපල දාල කොත්තු ගහනව වගේ ඔය රත් වෙලා තියෙන යකඩ  ලෑල්ලේ ගහනව .  මේක මරු වැඩේ . පිඟන් දෙන්නේ නැහැ .  කිරි අම්මට හෝදන්න ඕනෙත් නැහැ .  ඔය වානේ ලෑල්ල පිහ දාන්න  විතරයි ඕනේ . 
හැබැයි මට මොන හේතුවකටද මන්ද පිඟානක් හොයල ගෙනල්ල දුන්න .  අර කෑම එක හොඳට මස් කෑලි  දාල නුඩ්ල්ස් උඩට ආයි අර කොළ පාට මොකද්ද එක හලලා දුන්න .  නියම රහයි .    
    .






අපි ඉතින් කිරි අම්ම එක්ක කයිය ගැහුවා .  ළමයි පිට නගරෙක ඉන්නේ කියල තේරුනා .  එයාව බලන්න එනවා  කියල කිව්වා. පෙන්ෂන් එකක් නැත්ද කියල ඇහුවේ නැහැ.   රෑ දහය වෙනකන් වැඩ කරන  එක සතුටක් කිව්වා. යාලුවෝ එනවලු කතා කරලා කාල යන්න . (අපි දැක්ක ඒක).  නැත්නම් එයා ගේ ජිවිතේ වැඩක් නැහැ වගේ කතාවක් අපට තේරුන විධිහට කිව්වේ .  


අර කේක් හැන්ද වගේ එකෙන්  කපල කන්නේ මෙහෙම .  

මාත් එක්ක ෆොටෝ එකක් ගත්ත .  හරිම සුන්දර මනුස්සයෙක් .  අපි තමයි අන්තිම කස්ටමර් ල තුන්දෙනා එදා දවසට. එයා උදේට නැගිටලා මාකට් එකට යනව කීව. ඔක්කොම තනියම කර ගන්නේ. හිකිදෝ ගේ වයස අවුරුදු හැත්තෑ අටයි . 

ක්යෝටෝ ගියොත් එයාගේ කැෆේ එකට ගොඩ වෙන්න .  ශිම මචි කියන පාර , මිනමි - කු කියන ඒරියා එක .  
අර ඔකිනාවා දූපතේ මිනිස්සු අවුරුදු සීයට වැඩිය ජිවත් වෙන එක හේතුවක්,   ජපානේ අනිත් පැති වලට  වඩා අඩුවෙන් ලුණු කන එක කියල කිව්වනේ .  දෙවෙනි හේතුව කියල සමීක්ෂණය කරපු විද්‍යාඥයෝ අඳුන ගෙන තියෙන්නේ වැඩ කිරීම .  පෙන්ෂන් ගියත් මොකක් හරි වැඩක් හොයා ගන්නවා . 
අර මම "මගේ අසල්වැසියා බ්‍රයන්" කියා ලිපි පෙළක් ලීවා නේ .  (තව ඉවර නැහැ )  බ්‍රයන් අවුරුදු  90 වෙනකන් ජිවත් වුනා .  ඒත් එහෙමයි. මොනව හරි වැඩක් හොයා ගත්ත කරන්න .  විශ්‍රාම ගියා කියල පුටුවක පත බෑ වෙලා හිටියේ නැහැ .  තුන්වෙනි කාරණේ තමයි අනුන් සමග සමාගමය. කොමියුනිටි හෙම නැත්නම් සාමාජිය සබඳතා පවත්වා ගැනීම.  වැඩි කාලයක් ජිවත් වෙන්න නම් අනිත් අය එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන අදහස .  

ක්යෝටෝ හිටියේ මැයි 22 ඉඳන්  දින තුනක් . 

ඊළඟට ක්යෝටෝ පන්සල් ගැන කතා කරමු . 
අජිත් - 10/06/2025  

Friday, 6 June 2025

ටෝකියෝවේ උසම කුලුන සහ මොඩෙල් ට්‍රේන් ෂොප්

පළමු ලිපිය :    ජපන් ගමන් - ටෝකියාවේදී  පළමු දවසෙන් දෙවෙනි දවසට 


අපි ටෝකියෝවේ ගතකල දෙවන දවසේදී ගියා ටෝකියෝවේ ස්කයිට්‍රී කියන කුළුණ බලන්න .  මේක තියෙන්නේ සුමිඩා ප්‍රදේශයේ .  හොටෙල් එකේ ඉඳන් පයින් ඇවිදගෙන යන දුරක තිබ්බේ .  හරියටම උදේ දහයට තමා උඩට යන්න ස්ලොට් එක.  ඒ වෙලාවට ගියේ නැත්නම් බඩු බනිස් .  කලින් ටිකට් බුක් කරලා තිබ්බ නිසා පැය භාගයකින් වගේ මීටර් 350 ක් උඩින් තියෙන ඩෙක් එකටත් ඊට පස්සේ මීටර් 450 ඩෙක් එකටත් ගියා .  මේකේ සම්පූර්ණ උස මීටර් 634ක් (අඩි  2000 විතර ) . ඒ කියන්නේ ලෝකයේ තියෙන උසම මේ ජාතියේ රූපවාහිනී සන්නිවේදන සහ නැරඹීමේ කුලුන .  හැබැයි උසම බිල්ඩිම නෙමේ. (ඩුබායි වල  බර්ජ් කලීෆා තමයි උසම බිල්ඩිම -මීටර් 828)

සෑහෙන ජනතාවක්  මේක බලන්න එනව කියල තේරුනා. හැමෝටම වෙලාවක්  දීල තියෙන්නේ ඒ නිසා .  හොඳට සංවිධානාත්මකව කට්ටිය උඩට අරගෙන යන්නේ .  හැම විදුලි සෝපානයම  බලා ගන්න,  ක්‍රියා කරවන්න සහ විස්තර ඉදිරිපත් කරන්න ස්ටාෆ් එකෙන් දාල හිටිය .  විදුලි සෝපාන වලට කෙනෙක් දාන එක යල්පැනගිය දෙයක් කියල හිතුනත් ඒ එන සෙනග පාලනය කිරීම හොඳින් වෙනවා ඒ නිසා .  ටිකක් ජර්මනියේ තැනකට ගියා වගේ හැඟීමක් ආව එතැන සංවිධානය දැකල. ටෝකියෝ වටේම හොඳට බලන්න පුළුවන් .  පින්තූර නම් සෑහෙන ගොඩක් ගත්ත .  කිහිපයක් තමයි මේ. වීඩියෝ  අප්ලෝඩ් කළා යුටියුබ් එකට කැමැති නම් බලන්න .  








උඩ නිරීක්ෂණ වේදිකාවේ ඇතුල් බිත්ති වල හෙමේ ප්‍රධාන ජපන් ඇනිමේ කතාවක චරිත සිතුවම් කරලා තිබෙනවා .  














මෙපමණ උඩ ඉඳන්  බැලුවහම තේරෙන්නේ ටෝකියෝව කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ කියල .  හුඟක් ජනතාව ජීවත් වෙන්නේ තට්ටු නිවාස වල  කියලත් තේරෙනවා . මේකට හේතුව ඇත්තටම ජපානයේ ජනගහන සාන්ද්‍රණය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 338 ක් (ලංකාව 370, එක්සත් රාජධානිය 287 ) .  ජපානයේ ජනගහනය මිලියන් 123 ක්, එක්සත් රාජධානියේ මිලියන් 69.5 , ලංකාවේ මිලියන් 23. ජපානය  ලංකාව වගේ පස් ගුණයක් විශාලයි . බ්‍රිතාන්‍යය වගේ 1.5ක් විශාලයි .  ජපානයේ මේ විධිහට නිවාස  ප්‍රශ්නය විසඳුවත් ඒත් මදි වගේ. ජපානයේ ජනතාව වැඩි වශයෙන් නගර වල ජිවත් වෙන්නේ.   මේ නිසා තමයි මම බොහෝ විට ලීවේ උදාගම් වගේ දේ ලංකාවේ  හදන්න හොඳ නැහැ  කියන එක .  ඒකෙන් තිබෙන බිම් ප්‍රමාණය තවත් අඩු වෙනවා.  හොඳම දේ තට්ටු නිවාස තමයි  ලංකාව වගේ රටකට .  භුමිය ඉතිරි කර ගත යුතුයි .     
ටෝකියෝව හරිත නගරයක් නම් නෙමෙයි ලන්ඩනය වගේ. ලන්ඩනයේ වික්ටෝරියා පාක් එක  වගේ විශාල උයන් තිබෙනවා  සහ රුක් රෝපණය හොඳින් කෙරෙනවා .  ලොකු ගෙවතු සහ හැකි හැම තැනම  ගහක් සිටුවා තිබෙනවා .  ටෝකියෝව දැන් මේ උත්සාහය දරුවත් ඒත් මදි .  මම දැකපු විශාලතම හරිත  නගරය තමා මොස්කව් .  උයන් තිබෙනවා වර්ග කිලෝමීටර් 100 විතර . හැබැයි ටෝකියෝවේ තියෙන  උද්‍යාන ටික නම් පුදුම ලස්සනයි . 
මේ  ටවර් එකේ යට ලොකු සාප්පු  සංකීර්ණයක් තිබෙනවා .  ධනවාදයේ උපරීම දියුණුවද ජපන් නිසාද  දන්නේ නැහැ එකම කෑම ජාතියේ වෙනස් වර්ග දකින්නට ලැබෙනවා . මම වගේ  මාළු කන්න කැමති  අයට පාරාදීසයක්.   

මේක බලල ,  ඊට පස්සේ අපි ඇවිදගෙන ගියා අසකුසා කියන ප්‍රදේශයට .  පාර දන්නේ නැහැ .  ඉන්ටනෙට් තිබ්බේ  නැහැ .  වැඩිය ඉංග්‍රීසි නොදන්නවා වුනත් ජපන්නු හරියට උදව් කළා .  එක තැනක පොඩි කඩයක අයිතිකරුවෙක් මැප් එකක් පවා ඇඳලා දුන්න .  හැබැයි ෆෝන් බූත් එකක් හෝ ෂොපින් මෝල් එක්ක ගාව ෆ්‍රී වයි ෆයි තිබෙනවා .  ලන්ඩනයට වඩා තුනෙන් එකක් ලාභ නිසා ටොමික්ස්  කියන මොඩෙල් ට්‍රේන් සෙට්  එකක් ගන්න ගියේ .  මේකේ වීඩියෝ දෙක තුනක්ම  අපේ ප්‍රා ජේ හිතවතා වෙනුවෙන්ම ගත්ත , 










අපි ගිය  දවසේ උත්සවයක් තිබුන ඒ අසල ශින්ටෝ පන්සලේ . ඉතින් හැමෝම වගේ සම්ප්‍රදායික ජපන් ඇඳුමෙන් (කිමෝනා )වලින්  සැරසිලා හිටියේ .  පහත හිටිය ජපන් පවුල  බොහොම කැමැත්තෙන් කැමරාවට මුහුණ දුන්න.  මම ෆේස්බුක් දානවා , කමක් නැත්ද කියල ඇහුව .  හයි හයි . කීවා . තේරුනාද මන්ද .  




අපි ගිය  පාරේ තිබ්බ පොඩි කැෆේ එකක් .  තේ සහ රසකැවිලි ජාති විතරයි තිබුනේ . ඒකෙන් චීස් කේක් වගේ එකකුයි බ්‍රිටිෂ් ටාර්ට් කියල කියන ජාතියේ පොඩි පලතුරු කේක් එකකුයි ගත්ත .  සුන්දර ජැපනීස් ගැහැණු ළමයි දෙන්නෙක් තමා හිටියේ .  දන්නා  ඉංග්‍රීසියෙන් එයාලත් පාර කිව්වා .  මේ ගොල්ල මචා  ටී , මචා  අයිස්ක්‍රීම් එහෙම හරියට කනවා .  මොචා නැති තැනක් නැහැ .  මොචා කියන්නේ ග්‍රීන් ටි හෙවත් හරිත  තේ (මාධව ජයරත්න කීව විධිහට )  පොඩි කරලා පිටි කරලා හදල තියෙන  දෙයක් .  ඒකෙන් තේ හදන්න පුළුවන් .  අයිස්ක්‍රීම් හදන්න පුළුවන්.  රස කැවිලි හදන්න පුළුවන් .   අපි මොචා අයිස් ටී දෙකක් ගත්ත .  මේකේ  හොඳකම  තමා ඇන්ටි ඔක්සිඩන්ට් වීම .  එනිසා අනවශ්‍ය බඩේ ගෑස්, ඇසිඩ් එන්නේ නැහැ .  ඇත්තටම මම හොඳට නිදා ගත්ත ඒ හිටි දවස් දහයෙන් අටක්ම  ඇහැරෙන්නේ නැතිව . ග්‍රීන් ටී වැඩියෙන් බොන ඕනේ කියල හිතා ගත්ත .  





ඇවිදින කොට  ඉවත දමන ලද ප්ලාස්ටික් ආදිය එකතු කරන දෙදෙනෙක් දැක්ක .  මේවා විකුනන්න පුළුවන්ලු .  එහෙම අයත් ඉන්නවා ජපානේ . අවශ්‍ය ට්‍රේන්  සෙට් එකත් අරගෙන අපි ඒ පැත්තේ තියෙන සුමීදා  (සුදු අම්මි නෙමේ )  ගඟට ආව බෝට් ටුවර් එකකට . ගඟේ  ඉඳන් අර අපි නැග්ග ස්කයි ට්‍රි කුලුන  හොඳට පෙනෙනවා .  ස්කයි ට්‍රි එකේ සුදු පාට  මොඩල් වගේම රත්රන් පාට මොඩල් නුත් විකුනන්න  තියෙනවා.  දැන් මම ගත්ත පින්තුරය බලන්න .  ඒ මොඩල් එක එන්නේ මෙහෙම .  අර ස්කයි ට්‍රි එකෙන් දවල්ට හෙවනැල්ලක් වැටෙනවා ඒ ළඟම තියෙන අසාහි බියර් කම්පැනියේ බිල්ඩිමේ පැත්තකට. ඒකෙ බිත්ති බියර් වල කහ /රත්රන් පාට පේන්න හදල  තියෙන්නේ . කහ පාට බියර් බින්දුවට පූ බින්දුව කියල කියන්නේ .   ඔන්න මමත් රත්තරන් ස්කයි ට්‍රි එකේ ෆොටෝ එකක් ගත්ත. 



















මේ ලිපිය දිග වැඩි වෙනවා. නමුත් ටෝකියෝ සංචාරය නිම කරන්නයි හදන්නේ .  මොකද තව නගර හතරක විස්තර තිබෙන නිසා . අපේ හෝටලේ දැරිවියෝ දෙන්නට සමු දීල ගියා .  ඇත්තම උන් හරිම හොඳයි . 
දෙන්නගේ ෆොටෝ එකක් දැම්ම .   ඊට පස්සේ අපි ශිකන්සන් බුලට් ට්‍රෙන් එකට නැග්ග ක්යෝටෝ යන්න .  බෙන්ටෝ  බොක්ස් එකක් ගත්ත කෑමට . ඇත්තටම අපි දෙන්නටම එකක් ඇති වුනා .  මේවා  ටෙලිවිෂන් සීරිස් වල බලල තියෙන නිසාම තමා ඒ විධිහට කරන්නම හිතුන . සීලිමේ උඩමෝස්‌තර  රවුම  ස්ටේෂන් එකේ ඇතුළුවන තැන .  පහල තිබෙන පින්තූර දුම්රියේ යද්දී  ගත්ත ඒවා.








 ගඟේ යනකොට ගත්ත වීඩියෝ සහ දුම්රියේ යද්දී ජපානයේ ගම නියම්  ගම් පසු කරමින් යන වීඩියෝ දෙක තුනක් ම යූටියුබ් චැනල් එකට දැම්ම .  සමාවෙන්න ,  අනිත් අයගේ වගේ මගේ ඇවිදින කමෙන්ට්‍රි නැහැ .  මම සාමාන්‍යයෙන් වීඩියෝ ගන්නේ මට බලන්නත් එක්ක පස්සේ .  


අපි ෆුජි ඉඳන් එන දුම්රියේ සීට් බුක් කරලා තිබ්බේ නැහැ .  තුන් දෙන ඉන්න සීට් පේලියේ මැද ඉඩ තියල වැඩි වෙනවා වගේම ලන්ඩන් වල වගේ බෑග් එක තියල තියනවා .  අපි ඉතින් කෙලින්ම ගිහිල්ල බෑග් අයින් කරන්න කියල වාඩි වුනා .  සමාජීය නැති ගතියක් දැක්ක වෙලාව .  හැබැයි ඉඳගන්න ගියහම ලන්ඩන් වගේ නෙමේ බෑග් අයින් කරනවා .  කවුරුත් කකුල් දෙක සීට් වල තියල ඉන්නව දැක්කේ නැහැ . ක්යෝටෝ ට්‍රේන් එකේ සීට් බුක් කරල ගියේ .  පැය දෙකහමාරක විතර  ගමනක් නිසා. ජපානේ කුඹුරු දැක්ක .  ටිකක් ලංකාවේ වගේ තමා .  කඳු, මිටියාවත් හෙමත් ඒ වගේමයි ටිකක් .  මගීන්  බොහොම නිහඬව යනව .  ඒ අතින් ලන්ඩන් වලට වැඩිය නම් හොඳයි . 



    

තව වීඩියෝ වගයක් අප්ලෝඩ් කරනවා බලන්න ඉදිරියේදී .  

- අජිත් 06/06/2025



.