ශින්ටෝ පන්සලක ජපන් ගෙවත්ත (පින්තුරය මගේ ) .
පළමු ලිපිය : ජපන් ගමන් - ටෝකියාවේදී පළමු දවසෙන් දෙවෙනි දවසට
දෙවන ලිපිය : ෆුජි සන් කන්දට ගමනක්
හතරවන ලිපිය : ටෝකියෝවේ උසම කුලුන සහ මොඩෙල් ට්‍රේන් ෂොප්
මේ ආපන ශාලාවේ ලොකු සකේ බෝතල් තිබුන . ඒවා සල්ලි දීල අරගෙන කොටසක් බීල ඉවර කරන්න බැරිනම් තියල යන්න පුළුවන් . නම ගහල අරන් තියනව . වෙන දවසක ඇවිත් ඒක බොන්න පුළුවන් . කස්ටමර් ල එතනටම ගෙන්න ගන්න මරු ක්‍රමේ . ඔය ෆ්‍රිජ් එක උඩ තියෙන්නේ ඒවා . නූඩ්ල්ස් වගේ මොනවා හරි තමා කෑවේ.
ක්යෝටෝ වලදී අපි ෂොපින් මෝල් එකකට ගිහාම එතැන චීන කෙල්ලෙක් කන සුෂී වගයක් දැක්ක . බ්ලු ෆින් ටූන තියන නිසා එතනින් කෑව. ඒ වෙලේම හදල දෙනවා . මම සුප් එකයි සුෂී සෙට් එකයි ගත්ත අසාහි බියර් එකක් එක්ක .
මේ ඉනෙස් ගත්ත බ්ලු ෆින් ටූනා කෑම එක . .
ළඟ හිටිය චීන කෙල්ල එක්ක අපි කතා කළා . රැකියාවේ වැඩකට මාස දෙකකට ඇවිත් ආයේ යනවලු . ඊළඟ පාර වැඩි කාලයක් ඉන්න එනවලු . එච්චර ට ජපානෙට කැමැතියිලු .
ජපානේ ඉන්න ගමන් අපේ යුරෝපියන් ගයිඩ් ලා කියන දෙයක් තමා ජපානේ වැඩ වැඩියි . මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. රෑ වෙකන් වැඩ කරනවා . ඒ නිසා සියදිවි හානි කර ගන්නවා වැඩියි කියල . මේක මම පස්සේ දීර්ඝව සාකච්ඡා කරන්න හිතා ගත්ත වුනත් සඳහන් කරන්න ඕනේ දෙයක් තමා ජපානේ ට ඉහලින් තමා ඉන්දියාව , රුසියාව , ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය , සතුටෙන්ම ඉන්න රට ෆින්ලන්තය , බර්කිනා ෆාසෝ , ස්වීඩනය වගේ රටවල් තියෙන්නේ සියදිවි හානි කර ගැනීම් වලින් . ජපානේ 49 වැනිය . බ්‍රිතාන්‍යය 117 වැනිය. ජපානේ හරාකිරි කියල ක්‍රමයක් තියනවනේ සමුරායි වරු පැරදුනොත් දිවි හානි කර ගන්න . ඒක ගරුත්වයක් හටියට හිතන්නේ. දෙවන ලෝක යුද්ධෙදි කමිකාසේ පයිලට් ල මරාගෙන මැරුණා. ජැප්පෝ වැඩක් නැත්නම්, රැකියාවක් නැත්නම් ඒක අගෞරවයක් හැටියට ගන්නවා. එතකොට දිවි හානි කර ගන්න එක ගෞරවයක් . තනිකරම යුරෝපීය අදහසට අනිත් පැත්ත .
ඉතින් අපි දෙවෙනි දවසේ පන්සල් වන්දනාවේ ගිහින් (මේ ගැන ඊළඟ ලිපිය ලියන්නම් . ඔය උඩම පින්තූරෙත් එක්ක ) හවස කන්න තැනක් හොයා හොයා ඇවිද්ද . පොඩි කැෆේ එකක් වගේ දැකලා ඇතුළට රිංගුවා . තරමක් වයසක කාන්තාවක් හිටිය. මටත් හැටක් නිසා දැන් ඒකත් තරුණයි වගේ හිතෙන්නේ . ජැප්පෝ ගැහැණු පිරිමි දෙතුන් දෙනෙක් එක්ක කතා කර කර ඒ ගොල්ලන්ට කෑම හදා දෙනවා . ඉංග්‍රීසි බැහැ . අපේ වාසනාවට මේසයේ ඉඳගෙන හිටිය ටැස්මේනියා වලින් ආපු කපල් එකක්. එතන හස්බන්ඩ් ගාව පරිවර්තන ඇප් එකකුත් තිබුන . එයාල කාපු කෑම ජාති පෙන්වල කීව ඒවා හොඳයි කියල . එකක ඌරු මස් සහ හරක් මස් ගෝව එක්ක බැදලා. අනික නිකන් ඔම්ලට් එකක් වගේ .
ඒ ගමන් අපි කීව හරි අපටත් ඒකම දෙන්න කියල . ටස්මේනියන් කපල් එක ඒකත් පරිවර්තනය කරලා දීල සමු අරන් ගියා . විදේශ සංචාරකයෝ පවා එකිනෙකාට උදව් කරනවා ජපානේදී.
පුංචි කැෆේ එකේ හත් අට දෙනෙකුට තමා ඉඳගන්න පුළුවන් . ඔය පිටි පස්ස හැරිලා ඉන්නේ කැෆේ අයිතිකාරයා, හිකිඩෝ වගේ නමක් කිව්වේ .
ඉනෙස් ඉල්ලපු කෑම එකට පිටි වගේ දේකට මීසෝ සෝස් වගේ දයක් , කිරි වගේ මොනවහරි දාලා බැදෙන්න ඇරලා ඒක උඩට බේකන් , බීෆ් පෙති දාලා ඒකට උඩින් අර ඔම්ලට් එක වගේ එක ආයේ දැම්ම . ඊට උඩින් ග්‍රීන් ටි වලින් හදන මචා කුඩු වගේ දෙයක් හලාගෙන හලාගෙන . අමුතු රැසක් තිබ්බ ඒකෙ. අපි දෙන්නම් උණුසුම් සකේ ජෝගුවක් ගත්ත .
මේ තියෙන්නේ සකේ ජෝගුවයි තව පලතුරු යුෂ එකකුයි. අර හිටිය ජැපනීස් අසල්වැසියෝ කෑම දෙක තුනක් අරගෙන ගියා . අපට දැන් කතා කරගන්න විධිහක් නැහැනේ . ළඟ ඉන්න ජැප්පට කතා කළා . බලන කොට පොර චීනෙක් . ඔය පහල ඉන්නේ . එයා ළඟත් පරිවර්තන ඇප් එකක් තිබුන . හැබැයි ටිකක් ජපන් භාෂාවත් පුළුවන් . බලන් කොට මෑන් ඩේටා ඉන්ජිනියර් කෙනෙක් . ඉංග්‍රීසිත් හොඳයි . ඔන්න චීන්නු .
මගේ කෑම එකට මම ඉල්ලුවේ සෝබා නූඩ්ල්ස් (මේවා ඉතින් නෙට්ෆ්ලික්ස් ෂෝ බලලම ඔළුවට ගහපු ඒවා ) වලට ගෝව කපල දාල කොත්තු ගහනව වගේ ඔය රත් වෙලා තියෙන යකඩ ලෑල්ලේ ගහනව . මේක මරු වැඩේ . පිඟන් දෙන්නේ නැහැ . කිරි අම්මට හෝදන්න ඕනෙත් නැහැ . ඔය වානේ ලෑල්ල පිහ දාන්න විතරයි ඕනේ .
හැබැයි මට මොන හේතුවකටද මන්ද පිඟානක් හොයල ගෙනල්ල දුන්න . අර කෑම එක හොඳට මස් කෑලි දාල නුඩ්ල්ස් උඩට ආයි අර කොළ පාට මොකද්ද එක හලලා දුන්න . නියම රහයි .
.
අපි ඉතින් කිරි අම්ම එක්ක කයිය ගැහුවා . ළමයි පිට නගරෙක ඉන්නේ කියල තේරුනා . එයාව බලන්න එනවා කියල කිව්වා. පෙන්ෂන් එකක් නැත්ද කියල ඇහුවේ නැහැ. රෑ දහය වෙනකන් වැඩ කරන එක සතුටක් කිව්වා. යාලුවෝ එනවලු කතා කරලා කාල යන්න . (අපි දැක්ක ඒක). නැත්නම් එයා ගේ ජිවිතේ වැඩක් නැහැ වගේ කතාවක් අපට තේරුන විධිහට කිව්වේ .
අපි ඉතින් කිරි අම්ම එක්ක කයිය ගැහුවා . ළමයි පිට නගරෙක ඉන්නේ කියල තේරුනා . එයාව බලන්න එනවා කියල කිව්වා. පෙන්ෂන් එකක් නැත්ද කියල ඇහුවේ නැහැ. රෑ දහය වෙනකන් වැඩ කරන එක සතුටක් කිව්වා. යාලුවෝ එනවලු කතා කරලා කාල යන්න . (අපි දැක්ක ඒක). නැත්නම් එයා ගේ ජිවිතේ වැඩක් නැහැ වගේ කතාවක් අපට තේරුන විධිහට කිව්වේ .
අර කේක් හැන්ද වගේ එකෙන් කපල කන්නේ මෙහෙම .
මාත් එක්ක ෆොටෝ එකක් ගත්ත . හරිම සුන්දර මනුස්සයෙක් . අපි තමයි අන්තිම කස්ටමර් ල තුන්දෙනා එදා දවසට. එයා උදේට නැගිටලා මාකට් එකට යනව කීව. ඔක්කොම තනියම කර ගන්නේ. හිකිදෝ ගේ වයස අවුරුදු හැත්තෑ අටයි .
ක්යෝටෝ ගියොත් එයාගේ කැෆේ එකට ගොඩ වෙන්න . ශිම මචි කියන පාර , මිනමි - කු කියන ඒරියා එක .
අර ඔකිනාවා දූපතේ මිනිස්සු අවුරුදු සීයට වැඩිය ජිවත් වෙන එක හේතුවක්, ජපානේ අනිත් පැති වලට වඩා අඩුවෙන් ලුණු කන එක කියල කිව්වනේ . දෙවෙනි හේතුව කියල සමීක්ෂණය කරපු විද්‍යාඥයෝ අඳුන ගෙන තියෙන්නේ වැඩ කිරීම . පෙන්ෂන් ගියත් මොකක් හරි වැඩක් හොයා ගන්නවා .
අර මම "මගේ අසල්වැසියා බ්‍රයන්" කියා ලිපි පෙළක් ලීවා නේ . (තව ඉවර නැහැ ) බ්‍රයන් අවුරුදු 90 වෙනකන් ජිවත් වුනා . ඒත් එහෙමයි. මොනව හරි වැඩක් හොයා ගත්ත කරන්න . විශ්‍රාම ගියා කියල පුටුවක පත බෑ වෙලා හිටියේ නැහැ . තුන්වෙනි කාරණේ තමයි අනුන් සමග සමාගමය. කොමියුනිටි හෙම නැත්නම් සාමාජිය සබඳතා පවත්වා ගැනීම. වැඩි කාලයක් ජිවත් වෙන්න නම් අනිත් අය එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන අදහස .
ක්යෝටෝ හිටියේ මැයි 22 ඉඳන් දින තුනක් .
ඊළඟට ක්යෝටෝ පන්සල් ගැන කතා කරමු .
අජිත් - 10/06/2025