රුසියාවේ එලිසබෙත් (රුසියාව පාලනය කළ බලගතුම නායකයන්ගෙන් කෙනෙකි)
රුසියානු සහ යුක්රේන ඉතිහාසය දෙස බලන විට එක් දෙයක් පැහැදිලිය. ජාතීන් දෙකම උපත ලැබුවේ ඔවුන්ගේ කීවන් මව ගෙනි. ජාතීන් දෙකම ආරම්භ වූයේ කියෙව් නගරයෙනි.
ක්‍රිපූ 2000 - සංචාරක ගෝත්‍රිකයන් (කුර්ගන්වරු ) - ස්කයිතියන් ලෙසින් හඳුන්වනු ලැබු මොවුහු රුසියාවේ, ලෝකඩ යුගයේ සංස්කෘතීය ගොඩ නැගුහ. සංචාරක ගෝත්‍රිකයන් විසින් ඔවුන් යටපත් කරන ලදී.
ක්‍රිව 0650 - ස්ලාව් ජාතිකයන් (බොහෝ ගෝත්‍ර)
ක්‍රිව 800 - ස්කැන්ඩිනෙවියාවේ සිට පැමිණි වයිකින්ග් වරු දොන් නදිය, ද්නීපර් හා වොල්ගා නදී හරහා රුසියාව අභ්‍යන්තරයටම ගොස් පදිංචි වූහ. මොවුන් වරන්ගියන් වරු ලෙසද හඳුන්වනු ලැබේ.
ක්‍රිව 0862 – නැගෙනහිර ස්ලාව් වරුන් විසින් වරන්ගියානු යුධ නායක රූරික් ට තමන්ගේ නායකයා වන ලෙස ආරාධනය කළහ. රුරිල් කුමරු නොවොගොරොඩ් නගරය මුල් කරගෙන තමන්ගේ රාජධානිය ගොඩ නැගුවේය. රුරිකිඩ්ස් නමින් හඳුන්වන මොවුහු කීව් ප්‍රදේශය, නොවොගොර්ඩ් ඇතුළු ප්‍රදේශ වසර 700 පාලනය කල අතර තමන්ව හඳුන්වා ගත්තේ රුස් යන නමිනි. තමන් ජීවත්වූ ප්‍රදේශය රුසියාව නමින් හඳුන්වා ගත්හ.
වැදගත් කොටස - රූරික්ගේ අනුප්‍රාප්තික ඔලෙග් (ඔලෙග් කුමරු - 879-912) කියෙව් නගරය අල්ලා ගත් අතර එය කීවන් රුස් නම් විශාල ප්‍රදේශයේ අගනුවර බවට පත් කළේය.
ක්‍රි.ව 0988 - මහා ව්ලැඩිමීර් (980-1015) ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමට වැළඳ ගත්තේය. (තව දුරටත් කියෙව් අගනුවර විය.) (යුක්රේනය සහ රුසියාව යන රටවල්දෙකම ක්‍රිස්තියානි ධර්මය පිළිගත්තේය)
ක්‍රිව 1040 – යාරොස්ලාව් ප්‍රඥාවන්ත (1019 – 1054) යටතේ කීවන් රුස් රාජධානියේ ස්වර්ණමය යුගය ඇරඹුණි. ඔහු නව ප්‍රදේශ යුදයෙන් අත්පත් කර ගත්තේය. නීති මාලාවන්සං ග්‍රහ කිරීම සඳහා ඔහුට ගෞරවය හිමි විය. යුරෝපයේ බලවත් රාජ්‍යයන්ගෙන් එකක් බවට කීවන් රුස් පත්විය.
ක්‍රි.ව. 1054 - යරෝස්ලාව් ගේ පුතුන් අතර යුද්ධ නිසා කීවන් රුස් රාජ්‍යයන් කිහිපයක් ලෙස බිඳී විසිරී ගියේය (සහෝදරවරු එකිනෙකා අතර සටන් කළහ).
ක්‍රි.ව. 1223 ජෙන්ගිස් ඛාන් යටතේ මොංගෝලියානු ප්‍රහාරය, කීවන් රුස් රාජධානිය පරාජය කර, ඛාන් නැවත මොන්ගෝලියාවට පසු බැස්සේය. .
ක්‍රි.ව. 1237 - බටු ඛාන්ගේ නායකත්වයෙන් යුත් මොන්ගෝලියානු හමුදාව කීවන් රුස් සහ සියලුම රාජධානි (ව්ලැඩිමීර්, රොස්තොව්, කියසාන්, කියෙව් නගර) යටත් කර ගත්තේය - නොවොගොරොඩ් විනාශ නොවී ඉතිරි වූයේ ඔවුන් මොන්ගොල් පාලනය පිළිගත් බැවිනි. .
ක්‍රිව 1242 - නොවොගොරොඩ් රජු ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ටියුටොනික් නයිට්වරු පරාජය කළේය.
1253 - මොන්ගෝලියානු රජු (ටටාර්) - (ගෝල්ඩන් හෝඩ් )කීවන් රුස් සහ මුළු දේශයම යටතට ගෙන පාලනය කළේය ("ටාටාර් වියගහ" යටතේ රුසියාව යන නමින් හඳුන්වන්නේ මේ කාලයටය. )
1283 - නෙව්ස්කිගේ පුත් ඩැනියෙල් මොස්කව්හි මහා ප්‍රදේශය පිහිටුවන ලදී (Grand Principality of Moscow)
1313 – ටටාර්වරු උස්බෙක් ඛාන් යටතේ ඉස්ලාම් දහම වැළඳ ගත්හ.
1362 - ලිතුවේනියාවේ මහා ආදිපාදවරයා ටාටාර්වරුන් පරාජය කර කියෙව් ද යටත් කර ගත්තේය.
1380 කුලිකොවෝ සටනේදී මොස්කව්හි ජේෂ්ඨ කුමරු දිමිත්‍රි ඩොන්ස්කෝයි ද ටාටාර්වරුන් පරාජය කළේය.
ක්‍රි.ව. 1453 ටටාර් අධිරාජ්‍යය (ගෝල්ඩන් හෝර්ඩ්) විසුරුවා හරින ලදී. එය සහ කොන්ස්ටන්ටිනෝපල් (බයිසන්ටයින් අධිරාජ්‍යය) තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට යටත් විය.
ක්‍රි.ව. 1478 - මොස්කව්හි ජේෂ්ඨ කුමරු නොවොගොරොඩ් නගරය තමන්ට ඈඳා ගත්තේය - පළමු රුසියානු රාජ්‍යය නිර්මාණය කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 1480 දී II වන අයිවන් ටාටාර්වරුන්ව නැවත වරක් පරාජය කළේය.
1547 - රුසියාවේ පළමු සාර් රජු බිහි විය.- අයිවන් IV (අයිවන් ද බිහිසුණු) 1533-1584 නමින් හැඳින්වුණේ ඔහුය. පෝලන්ත-ලිතුවේනියානු අධිරාජ්‍යය විසින් ඔහු පරාජය කරන ලද අතර කියෙව් නගරය එම පෝලන්ත ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් විය. (ලිවෝනියානු යුද්ධය)
වැදගත් - 1572 - ක්රිමියානු ඛාන් වරු (මුස්ලිම්) මොස්කව් ආක්‍රමණය කළහ. නමුත් ඊට පසු අවුරුද්දේ රුසියානුවන් ඔවුන්ව පරාජය කළහ. කොසැක් වරු මුල් වරට ස්ටෙප්ස් තණ බිමේ පදිංචි විය.
1582 – කොසක් නායකයෙකු හා කොසක් වරු සමග රුසියානු හමුදා සයිබීරියාවේ ටටාර්වරුන්ව පරාජය කරන ලදී.
1598 - පළමු ෆියෝදොරෝව් 1 රජුගේ මරණය, රුරික් රාජවංශයේ අවසානය සටහන් විය. බොරිස් ගොදුනොව් නමැති රාජ්‍ය සේවකයා සාර් බවට පත් විය.
1608 - 1613 ක්‍රි.ව- කිසිදු තනි පාලකයෙක් නොසිටිය රුසියාව අරාජික තත්වයකට පත්විය. පෝලන්තය මොස්කව් ද , ස්වීඩනය -නොවොගොරොඩ්ද යටත් කරගෙන සිටියහ. පොෂාර්ස්කි කුමරු සහ කුස්මා 1612 නොවැම්බර් 4 වන දින පෝලන්ත ජාතිකයින් මොස්කව් වලින් නෙරපා හරින ලදී - රුසියානු එක්සත් දිනය ලෙස හඳුන්වන්නේද සෝවියට් දේශයේ හමුදා දිනය ලෙස හැඳින්වූයේද මේ දිනයයි.
1613 - මිහායිල් රොමොනොව් - පළමු සාර් රොමොනොව් සිංහාසනයට පැමිණියේය. ඔහුගේ පුත් සාර් ඇලෙක්සි නව නීති සංග්‍රහයක්ක් රියාත්මක කළේය.
1649 - රුසියානු ගොවීන් (ඔවුන්ගෙන් 80% ක් පමණ ) ප්‍රවේණි දාසයන් බවට පත් විය (වහලුන් වැනිවූ ඔවුන්ට සංචාරය කිරීමට හෝ ස්වාමියෙකු තෝරා ගැනීමට නිදහසක් තිබුනේ නැත, ඔවුන් ඉඩම් හිමියන්ට සහ ස්වාමිවරුන්ට අයිති වස්තූන් විය)
1654 - වැදගත් - යුක්රේනියානු සපොරිෂියන් කොසැක් වරු පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයට එරෙහිව කැරලි ගසා රුසියානු සාර් ඇලෙක්සි ඔවුන්ගේ අධිපතියා ලෙස පිළිගෙන ඔහුගෙන් හමුදා සහාය ඉල්ලා සිටියේය.
1667 - රුසියාව සාර් ඇලෙක්සි යටතේ පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ වසර 13 ක් සටන් කළේය. රුසියාව ජයග්‍රහණය කළ අතර ස්මොලෙන්ස්ක් සහ නැගෙනහිර යුක්රේනය ඈඳා ගත්තේය. (දැන් දොන්බාස් නමින් හඳුන්වන පෙදෙස )
1686 - රුසියාව ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි ශුද්ධ යුද්ධයට එංගලන්තය සහ ප්‍රංශය සමඟ එක් විය
1688 - සොෆියා රැජින යටතේ - රුසියාව චීනය සමඟ පළමු ගිවිසුම අත්සන් කළේය
Peter the Great
1689 - පළමුවැනි පීටර් , පාලකයා බවට පත්විය.
1700 - තුර්කියට එරෙහිව එරෙහි යුද්ධය කළු මුහුදේදී ජයග්‍රහණය කරන ලදී. ක්‍රිමියාව රුසියාවට බද්ධ විය. කළු මුහුදේ සහ අසෝව් මුහුදේ වරායන් රුසියාවට අයත් විය. (ඔවුන්ට තිබුණේ අර්හන්ගල්ස්ක් පමණි) - ක්‍රිමියාව අයත් වුනේ කොන්ස්තන්තිනෝපල් ගිවිසුමෙනි.
1712 - රුසියාව , පෝලන්තය, ලිතුවේනියාව සහ ඩෙන්මාර්කය සමග එකතුව එවකට බලවත් රාජ්‍යයක් වූ ස්වීඩනයට එරෙහිව සටන් කළේය. පොල්තාවා යුද්ධයේ දී ස්වීඩන් වරුන් අන්ත පරාජයකට ලක්විය. ශාන්ත පිටස්බර්ග් නගරය ගොඩ නගන ලදී.
1721 - මහා උතුරු යුද්ධය ස්වීඩනයේ පරාජයත් සමඟ අවසන් විය. ස්වීඩනයේ වියදමින් රුසියාව බෝල්ටික් රාජ්යයන් තමන් නතු කර ගත්තේය. පළමුවන පීතර සාර් මහා පීටර් අධිරාජ්‍යයා බවට පත්විය.
1759 - රුසියාවේ එලිසබෙත් රැජිනගේ හමුදාව ප්‍රෂියානු රජු මහා ෆෙඩ්‍රික්ගේ හමුදාව පරාජය කළේය.
1762 - තුන්වන පීටර් සාර් ජුගේ බිරිඳ වන ජර්මානු කුමරියක් වූ කැතරින් රුසියාවේ අධිරාජිනිය බවට පත්විය. - කැතරින් II - යටතේ රුසියාව ඔටෝමාන් අධිරාජ්‍යය (1768-74) පරාජය කරන ලදී, පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය බිඳ වැටුණු අතර රුසියාව 1918 දක්වා පෝලන්තය යටත් කර ගත්තේය. පෝලන්තය නිදහස ලැබුවේ ලෙනින් යටතේ සෝවියට් සමුහාණ්ඩුවෙනි.
1809 - සාර් ඇලෙක්සැන්ඩර් 1 ස්වීඩනය සහ ෆින්ලන්තය ආක්‍රමණය කළ අතර පසුව ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ ස්වාධීන ආදිපාද රජයක් විය.
1812 - නැපෝලියන් රුසියාවට පැරදුනු අතර , පසුව බ්‍රිතාන්‍යය සහ පෘසියාව සමඟ පැරීසිය දක්වා ගිය හමුදා නැපෝලියන් අල්ල පිටුවහල් කරන ලදී . ඇලෙක්සැන්ඩර් ඉ පෝලන්තයේ රජු බවට පත් විය.
1815 - රුසියාව ජෝර්ජියාව, චෙචේනියාව, දාගෙස්තානය, ආර්මේනියාව සහ අසර්බයිජානය ආක්‍රමණය කර අත්පත් කර ගත්තේය.
1828 පර්සියාව (දැන් ඉරානය) රුසියාව සමඟ යුද්ධයෙන් පරාජය වූ අතර රුසියාවට විශාල භූමි ප්‍රමාණයක් හිමි විය. රුසියාව, ග්‍රීසිය තුර්කි ඔටෝමන්වරුන්ගෙන් මුදා ගත්තේය.
1854 - රුසියාව කළු මුහුදේදී තුර්කි නාවික හමුදා පරාජය කරන ලදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. (ක්‍රිමියානු යුද්ධය) - සෙවස්ටොපෝල් වරාය අහිමි වීමෙන් පසු රුසියාවේ ව්‍යාප්ත වීම නතර විය.
1861 - රුසියාව ප්‍රවේණි දාස ක්‍රමය අහෝසි කිරීම (වහල්භාවය)
1865 - රුසියාව මධ්‍යම ආසියාවේ නව භූමි ප්‍රදේශයන් අත්පත් කර ගත්තේය - තජිකිස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මෙනිස්තානය ඒවාය. රුසියාව, ඇලස්කාව ඇමරිකාවට 99 අවුරුදු ගිවිසුමකට විකුණන ලදී (1867)
1877 - රුසියාව සහ බල්ගේරියාව නැවතත් තුර්කිය සමඟ සටන් කළහ. නමුත් ජාත්‍යන්තර පීඩනය යටතේ රුමේනියාව, බල්ගේරියාව සහ මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් රැසකට රුසියානු අධිරාජ්‍යය විසින් නිදහස ලබා දුනි.
Lenin
1917 - යුක්රේනය රුසියානු අධිරාජ්‍යයෙන් වෙන්වුනු අතර 1918 දී අර්ධ ස්වාධින ලෙස ජර්මන් පාලනයට යටත් විය. ජර්මනියේ කයිසර් බලයෙන් පහවුණු අවස්ථාවේ යුක්රේනය වසර භාගයක් පමණ නිදහස් රටක් විය. නිදහස් යුක්රේනය බෝල්ෂෙවික් වරුන් විසින් යටත් කරගත්තේ 1918 අවසන් භාගයේය. -(මැක්සිම් කුස්මින්)
1917 - පළමු ලෝක යුද්ධයේ පරාජයන් සමඟ පෙබරවාරි විප්ලවය සාර්ගේ පාලනය අවසන් කළේය. රුසියාව සමාජවාදී ජනරජයක් විය. ඔක්තෝම්බර් මාසයේදී බොල්ෂෙවික්වරු ව්ලැඩිමීර් ලෙනින් යටතේ බලය ලබා ගත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් දියත් කල කුමන්ත්‍රණයෙන් පසුවය. බොල්ෂෙවික්වරුන් යටතේ සෝවියට් දේශයේ ජනරජ 15 ක් නිර්මාණය විය. යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජය එහි අගනුවර කියෙව් ලෙස නිර්මාණය කරන ලදී. යුක්රේනය සෝවියට් සංගමය තුළ අඩු බලතල සහිත ස්වාධින රටක් සහ සමාජවාදී ජනරජයක් බවට පත් විය.
1954 - පෙබරවාරි 19 - සෝවියට් නායක නිකිටා කෘෂෙව් යටතේසෝවියට් සංගමයේ උත්තරීතර ප්‍රෙසිඩියම විසින් ක්‍රිමියානු කලාපය රුසියානු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවෙන් යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට මාරු කිරීමේ නියෝගයක් සම්මත කරන ලදී.
ව්ලැඩිමීර් පුටින් සාර් රජු ලෙස
2014 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 (හෝ ජනාධිපති පුටින්) යටතේ රුසියානු සමූහාණ්ඩුව ක්‍රිමියානු අර්ධද්වීපය ස්වාධීන යුක්රේනයෙන් ඈඳා ගන්නා ලදී.
2022 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 ගේ නියෝගය යටතේ, 1667 දී පළමුවරට රුසියානු අධිරාජ්‍යයට අයත්වූ නැගෙනහිර යුක්රේනයේ ජනරජ දෙකක ස්වාධීනත්වය රුසියාව විසින් පිළිගන්නා ලදී.
ඒවා රැක ගැනීමට යයි පවසා රුසියාව විසින් ස්වාධින යුක්‍රේනය ආක්‍රමණය කරන ලද්දේ 2022 පෙබරවාරි 24 වැනිදාය.
- අජිත් ධර්මකීර්ති