Thursday 10 April 2014

යකාගේ ප්‍රශ්න වැලට තනි උත්තරයක් - පලවන කොටස

මෙතන ඔබට දැක්ම පිළිබද ගැටළුවක් තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පු නොකළ දේවල් ඔබ පිළිගන්නෙ නැත්නම් ඔබ විද්‍යාවට පිටුපසින්. - යකා 
මට ඔය කතාවම යෝහොව අදහන කට්ටියත්, මළවුන්ට කතා කරන කට්ටියත් , කතෝලික  යාළුවොත් ආදී මෙකි නොකී හැමෝම කියනවා. එතකොට ඔප්පු කරන්න බැරි දේ පිළිගන්න එකා විද්‍යාවටත් ඉදිරියෙන් ඉන්නේ. ඒ කට්ටිය තම ඔය මරා ගන්නේ ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ එහෙම. 

එහෙම නොවෙයි.පරීක්ෂන.නිරීක්ෂණ,නිරීක්ෂන වලින් ලැබෙන දත්ත විග්‍රහ කර නිගමනයන්ට එළබෙනවට අමතරව දුමක් පෙනේ නම් ගින්නක්ද තිබිය යුතුය කියන උපකල්පනය සත්‍ය ලෙස හිතල ඊට සමාන වෙනත් අවස්ථා නිරීක්ෂනයෙන් අර උපකල්පනය සත්‍ය වූ විට එම උපකල්පනය එම රාමුවට අදාලව සත්‍ය ලෙස පිළිගන්නවා. අදාල නොවන දේ වෙනත් රාමුවක.එතකොට කිසිම දෙයක් මඟ හැරෙන්නෙ නෑ.  යකා 

ඉතින් මනුස්සයෝ ඕකනේ විද්‍යාත්මක ක්‍රමය. තර්කනුකුලාව හොයා බැලීම, දත්ත එක් රැස්  කිරීම , විශ්ලේෂණය,  උපකල්පනය කල නියමය නිරීක්ෂණ හා ප්‍රබල දත්ත මගින් , අනුමත කිරීම - ඕව තමයි විද්‍යාත්මක විධිහට කරන ව කියන්නේ. නැතුව සුදු ලෝගුවක් ගහ ගෙන lab  එකක් ඇතුලට වෙලා කරන දෙයක්ම නෙමේ. 

උදාහරනයක් ලෙස කුඩා දරුවෙක් පෙර ආත්ම කියනව.
එම දත්තයන් ඔහුට කිසිවෙකුවිසින් උගන්වා නැත්නම් එය පෙර ආත්මයක් තමයි. එහෙම නැතිනම් භූතයෙක් උගන්වලා. ඔය දෙකෙන් එකක්. බෞද්ධයන් මුල් එක පිළිගනිද්දි අන්‍යාගමිකයන් භූතයෙක් (සාතන් ) මේ දැනුම පොඩි එකාට දුන්න කියල කියනව. කොහොඅම්හරි පොඩි එකා චාටර් වෙන්නෙ නැතිව ඒ විස්තර කියන්නෙ කොහොමද
උපකල්පන වලින් ලබන ඒ දැනුම විද්‍යාවෙන් සනාථ හෝ අනාථ විය හැකියි.ඒක එතකොට බලමු.  යකා 


මම ඔබට ඊයේ කිවේ මම - Dr l Stevenson පොත් කියවල dr Brian Wiess ගේ ඒවා කියල මේ මතය තවත් තහවුරු කරගෙන හිටිය කියල. Stevenson ගොඩක් පොඩි ළමයි කියන කතා අහල වාර්තා ගත කරලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් ජාන  තියෙනවනේ. ඔය ජානවල කිසියම් මතකයන් රැඳිලා  තියෙනේවනේ.  උදාහරණයක් වශයෙන් අපේ මවට හරි පියාට හරි දියවැඩියාව තිබ්බ නම් අපට ජාන  මගින් ඒක  එනවා. ඒ වගේම හැඩ රුව  පවා මව්පියන්ගෙන් ළමයින්ට යනවා. ඔය ජාන වලින් එන ලෙඩ අරව මේවට අමතරව තව හොයා නොගත් මතකයන් තිබෙන්න පුළුවන්.  දැන් මේ පළාතේ උපන් ළමය තව පළාතක මැරුණ කෙනෙක් ගැන විස්තර කියන කොට මෙහෙම වෙන්න බැරිද. ඒ වෙන පළාතේ මැරුණ  කෙනෙක් මේ පළාතේ කෙනෙක් බැඳලා තිබෙනවා. ඒ බැන්ද  කෙනාගේ ළමයෙක්  මේ ළමයාගේ පවුලේ කෙනෙක් බඳිනවා. එයාගේ ළමය ඔය ආත්මය කියන ළමය නම්, එයාගේ අප දකිනවට වඩා  වැඩි මතකයන් ඇති ජානයක් එක පාරටම (on  වෙලා )  වැඩ කරලා ළමය කියන්න පටන් ගන්නව ජාන  ජාතකේ. 

අනික බුදු හාමුදුරුවෝ කිව්වයි කියන්නේ , උපදින පුද්ගලයා මමත් නෙමේ වෙන  අයෙකුත් නොවේ කියලනේ.  එතකොට බුදු හාමුදුරුවෝ මේ ජාන  වල මතකයන් ගැන වෙන්න බැරිද දේශනා කලේ.  ඒක  අපේ කට්ටිය මාක්ස්ව වරදවා තේරුම් ගන්නවා වගේ බුදු හාමුදුරුවෝ වරදවා තේරුම් ගත්ත වෙන්න බැරිද?
පොතක් තියෙනවා David  Duncan  ගේ "The  Geneticist  who  planned  hoops  with  my DNA "කියල. පුලුවන්නම් බලන්න.  ඉතින් මේක අපි වීද්‍යාවෙන් සනාථ හෝ අනාථ වෙනවද කියා බලා  ඉඳිමු

4 comments:

  1. මුලින්ම ස්තුතිවන්ත වෙනව ප්‍රශ්න ටික දෙකට කැඩීම ගැන. ඇත්තටම මම නිරන්තර අධ්‍යනයක යෙදෙන්නෙක්. ඒ වගේම පොරත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්. බෞද්ධයෙක් වීම කියන්නෙම මීට අවුරුදු 2500 කට පෙර තිබුන මිනිසුන්ගේ චින්තනය ට යට වෙනව කියන එක.තව කට්ටියක් අවුරුදු 2000කට ඉස්සර ඊශ්‍රායල් මිනිස්සු න්ගෙ චින්තනයටත් තව පිරිසක් මීට අවුරුදු 1500 කට පෙර අරාබීන් ගෙ චින්තනයටත් බැර වෙනව.මට නම් ඕන 21 වැනි සියවසේ ජීවත් වෙන්න.

    ඒ වගේම මම ශිෂ්‍යයෙක් මිස ගුරුවරයෙක් නොවෙයි.ඔබත් එක්ක කරන කතාබහේදිත් මම බලන්නෙ මේකෙන් මට යමක් ඉගෙන ගන්න පුළුවන්ද කියලයි.
    ඩේවිඩ් ඩන්කන්ගෙ පොත ගැන තොරතුර දීපු එක ලොකු උදව්වක්.

    විද්‍යාවෙන් තවම හෙළිදරවු නොවූ දේවල් භාවනා ක්‍රමවලින් ලබා ගන්න බැරිද .ඒ වගෙ වෙනත් ක්‍රමවේද වලින් දැනුම ලබා ගන්න පුළුවන් නම් ඒක වරදක්ද?භූතයන් වැනි ජීවී කොටසකගෙන් දැනුම ලබා ගන්න පුළුවන් නම් ඒක නරකද? මම කියන්නෙ එහෙම ක්‍රමවේද තිබෙනවානම්.

    ReplyDelete
  2. පුනරුත්පත්තිය ගැන ඔබේ අදහස මට යමක් හිතන්න පෙළඹෙව්වා. ඇත්තටම මටත් ඕන මේව ගැන හරියටම දැනගන්න. පුළුවන් නම් ඩේවිඩ් ඩන්කන් ගෙ ලිපි සිංහලට දාන්නකෝ

    ReplyDelete
  3. It should not be difficult to find out whether there is a possibility of "memory contained in Genes": Track back the ancestry.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .