Monday 9 March 2015

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් සම්මාන උළෙල මේ මස 26 වනදා සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙයි. 
 නෙලුම්යාය සංස්කාරකවරයාගේ හැඳින්වීමකින් ආරම්භ වන උළෙලේ ප්‍රධාන දේශනය   "ශ්‍රී ලංකාවේ බ්ලොග් කලාව හා පුරවැසි ජන මාධ්‍ය" යන මැයෙන්  පුරෝගාමී බ්ලොග්කරුවෙකු  (සතර දිගන්තය බ්ලොගය) වන ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පවත්වනු ලබයි. 

"දිලාගේ ලෝකය" බ්ලොග් අඩවියේ දිලිනි නිමන්තිකා  විසින් රචිත නෙලුම් යායේ තේමා  ගීතය "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ  මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " ලියන නාලක ගුණවර්ධන මහතා "අන්තර් ජාල ආරක්ෂාව හා  හා බ්ලොග් අඩවි  ප්‍රවර්ධනය " ගැන දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරනු ඇත.
ඔබේ රස වින්දනය සඳහා "අන්තජාල කෝලම" කින්  රස  ගැන්වෙන උත්සවයේ තවත් පුරෝගාමී බ්ලොග්කරුවෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින්  "බ්ලොගර්ස්ලා යනු ( දෙශීය හා ජාත්‍යන්තර සංසන්දයක් සමඟ ශාස්ත්‍රීය විග්‍රහයක්) " මැයෙන්  අදහස් දැක්වීමක් කරනු ඇත.
ඉන් පසු සම්මාන  සඳහා නෙලුම්යාය  ඉදිරිපත් කල බ්ලොග් නිර්මාණ ගැන හැඳින්වීමක් කරනු ලැබේ. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.
 ඒ සඳහා නෙළුම් යාය සහෘද සමුහය විසින්  තෝරාගත් බ්ලොග් අඩවි මෙසේයි. 
  • 2014 වසරේ හොඳම බ්ලොග්  කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ 
     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/ 
  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
           දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි 

           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-            
            http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
        

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන  ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය 

           දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
           

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  - ප්‍රථම ස්ථානය - 

             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
            
  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය - නිල්  කට්රොල් මල්   - රවී වීරසිංහ
             http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
 බ්ලොක් කරුවන්ගේ අදහස් හා අත් දැකීම් බෙදා හදා ගැනීමෙන් අනතුරුව  කොට්ටාව  මහල්වරාවේ - ඩවුන්ටවුන් පල්ස් (බේකරියේ සෙට් එක) ඉදිරිපත් කරන සංගීතමය නර්තනමය වැඩ සටහනිකින් අනතුරුව දිනය නිමාවට පත්වනු ඇත.
ස්ථානය: ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාව 
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5

~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.  ~~~~~~~~~~~~~~~




52 comments:

  1. සතුටුයි බ්ලොග් කරුවන් වෙනුවෙන් පවත්වන මේ සම්මාන උළෙල ගැන. ලංකාවෙන් බැහැර නිසා එන්න ලැබෙන්නේ නැහැ.. සම්මාන ලබන සහෝදර සහෝදරියන් හැමෝටම සුබ පැතුම්,,

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ එක ඊළඟ අවුරුද්දේ මුල තියන්න පුළුවන් වුනොත් ඒකට එන්න.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. මේ මොකද මේ කොමෙන්ට් ඩිලීට් කරල . දැන් අපට කුතුහලේනෙ
      මොනව තිබ්බද දන්නෙ නෑ කියල හිත හිත අපි ලතවෙනව. එක්තරා ප්‍රකට බ්ලොග්කාරයෙක් අසනීපත් වෙලා.

      Delete
    7. අනේ නෑ මමා,, අපි දෙන්නා මෙතනට නොගැලපෙන දෙයක් ගැන කමෙන්ට් වලින් කතා කළා, ඒ නිසා මං අජිත් අයියට කිවුවා ඒවා ඉවත් කරන්න කියලා, මොකද මේක ගොඩක් වැදගත් පෝස්ට් එකක් නිසා .

      Delete
    8. ඔමාගේ ඉල්ලීම. මටනම් අවුලක් නැහැ.

      Delete
  2. ලංකාවේ හිටියනම් සිරාවටම එනවා .. ලබන අවුරුද්දේ වත් බලමු ... ඔය කට්ටියව හම්බවෙලා කතා බහ කරන්න අවස්තාවක් ලැබීමත් ලොකු දෙයක් නේ ...

    අජිත්ල කරන මේ වැඩේ අවංකවම හෙන වැදගත් . අනිත් එක ආවට ගියාට කරන්නේ නැතුව හොඳට සංවිධානය කරලා කරන නිසා සමාජයේ හොඳ පිළිගැනීමක් ඇති වෙයි කාලයක් යනකොට ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්. අර "තෝ " සංවාදය යන වෙලාවේ "දැක්කේ" වත් නැහැ. මන් හිතුවේ නැති වෙලා කියල . හේ හේ

      Delete
    2. සමාවෙන්න අජිත් මම ඒ සංවාදය දැක්කට මොකුත් කතා කලේ නැත්තේ ඒ වගේ දේවල් දිගට ඇදගෙන ගියා කියල වැඩක් නැති නිසා .. මොකද අනිත් කෙනාට ඕනේ උනේ නිකන් තේරුමක නැති කොනක් අල්ලාගෙන ඔහේ ඇදගෙන යන්න ... අජිත් ඒක ඒ විදියට නතර කරපු එක තමයි හරි .. තව තව කතා කරන්න ගියා නම් අන්තිමට අපි ඒ සටහනේ කතා කරපු දේවල් අපිම පිළිපදින්නේ නැතිව යනවා වගේ ... මම ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ignore කරලා ඉන්නවා ... වැදගත් විදියට කතා කරලා දෙයක් තේරුම් කරගන්නවාට වඩා උවමනාවෙන් මඩ ගහන්න උත්සාහ කරපු විදියක් තමයි අන්තිමට අරමුණ වෙලා තිබුනේ කියලයි මට හිතුනේ ... ඇනෝ ආවත් කමක් නෑ වැදගත් දෙයක්, අදාළ දෙයක් කතා කරනවානම් කාටත් ප්‍රයෝජනවත් නේ ...

      එක එක නම් වලින් ඇවිල්ල බයිලා කියන අය ඔක්කොටොම උත්තර දෙන්න යන එක නම් තේරුමක් නෑ කියලයි මම හිතන්නේ ... :)

      Delete
    3. ඒක හරි. මම ඕන කමින් ටිකක් ඇදගෙන ගියා. ඒකයි අර කටුසු හදවත එකත් ඕන කමින් කලේ අපේ සම්මාන උලෙලට අවශ්‍ය දෙයකට. අපට ඕන වුනා බලන්න මේ ඇනෝ ල ගැන චෝදනාවක්, කොමෙන්ට් වල මරණ තර්ජන කරනවද වගේ ඒවා කරනවද බලන්න. මගේ හිතේ කිසි තරහක් නැහැ. මම හිනාවෙවී සමහර කොමෙන්ට් කලෙත්. අර උපේක්ෂ කියල දාන කෙනා බ්ලොග් ලියන්නේ නැත්ද. හොඳ අදහස් ටිකක් දාල තියෙනවා.

      Delete
    4. මේ ඉන්නේ උපේක්ෂා http://upekshad.blogspot.com/

      Delete
  3. මම එනෝ.. කොළඹ ඉන්න නිසා සංවිධාන කටයුත්තක් වෙනුවෙන් උදව්වක් අවශ්‍යනම් කරන්නත් පුළුවන් වෙයි අජිත් අය්යේ.. නොවලහා කියන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ටිකක් කලින් එන්න. අපි දෙතුන් දෙනයි ඉන්නේ වැඩේට මන් හිතන්නේ එතන.

      Delete
    2. බ්ලොග් යාළුවොත් එක්කන් එන්න .

      Delete
  4. ලංකා නිව්ස් වෙබ්, නෙළුම් යාය බ්ලොග් කරුවන්ට දෙන සහයෝගය මේ සම්මානවලට වඩා වටිනවා.. අද අපේ බ්ලොග් වලට සෑහෙන පිරිසක් එන්නේ ඔබේ බ්ලොග් අඩවිය හරහා වීම ඊට හොඳ හොඳ උදාහරණයක්. මම හිතන්නේ සියළුම බ්ලොග් කරුවන් එයට සාක්ෂී දරනවා ඇති.

    ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සම්මාන දෙන්නේ ප්‍රසිද්ධ කරන්න වැඩේ. අනික දැන් අපට ඉඩ මදි තිබෙන බ්ලොග් ප්‍රමාණය අනුව. අනිත් වෙබ් අඩවිත් මේ වැඩේ පටන් අරන්. ඒක ලොකු දෙයක්. අපි එදාට තව වැඩක් එලි දක්වනවා. හැමෝගේම දැවී ඇතුලත් කරන්න.

      Delete
    2. මොනවද ඒ බ්ලොග් අඩවි...

      Delete
  5. සුබ පැතුම් හදවතින්ම.එන්න පුළුවන් කමක් තියේ නම් අනිවර්යෙන්ම එනවා.
    අජිත් අයියාලාගේ මේ බ්ලොග් ප්‍රවර්ධනය බොහෝම වටිනවා.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න කොහොම හරි.

      Delete
  6. ජයවේවා !! අපිත් එනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයා ඉතින් ආවේ නැත්නම් ............

      Delete
  7. සුබ පැතුම් අජිත්.ලංකාවෙ හිටිය නං නෙවැරදීම එනවා.ස්ථානයත් මට හොඳ පුරුදු තැනක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මහතා . ඔයාගේ ලිපිත් හැලප වගේම රසවත්. ඊයේ රෝසේන්ටගේ ලිපිය දානවාද නැද්ද කියල හිත හිත ලත වුණා . :) . මං මේ කල්පනා කලේ ගොඩක් බ්ලොග් කරුවෝ පිටරටවලද ඉන්නේ කියලත්? සම්මාන ගත්ත කට්ටියවත් එයිද දන්නේ නැහැ ? හේ හේ

      Delete
    2. ස්තූතියි අජිත්.අනිද්දට කොටු නැති ලිපියක් දාන්නං.එතකොට ඔයාටත් අපහසුවක් නෑනෙ.

      Delete
    3. පිස්සුද මචං. ඔයා කැමති දේ ලියන්න. මම ඒක දානවා. පොඩ්ඩක් කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳල. කොන්ටෝවර්ෂල් වෙන තරමට හොඳයි. මමනේ බැනුම් අහන්නේ ගානක් නැහැ. බැනුම් අහලම ගල් වෙලා වදින්නේ නැහැ. මහින්දට සපෝර්ට් ඒවා දැම්මයි කියලත් වලි එනවා. අපි අහන්නේ අනිත් අදහස් වලට ඉඩ දෙන්නේ නැත්නම් මේක නිදහස් මාධ්‍ය වෙන්නේ කොහොමොද නේද?

      Delete
  8. සොරි ඔමා , විහිළුව තේරුනේ නැති කමට.

    ReplyDelete
  9. අජිත් අයියලාගේ මේ ව්‍යායාමය නිසා මම හිතන්නේ නවකයින් බොහෝ දෙනකුගේ හිත තුල පිබිදීමක් ඇතිවුනා , ඒ නිසා මේ උත්සාහයම ඉතාම අගෙයි . මේ වෙනුවෙන් හැම විටම කැපවුණු අජිත් ධර්මකීර්ති සහෝදරයාට අපේ ප්‍රණාමය. ජය.

    ReplyDelete
  10. එන්න බැරි වුණත් හදවතින්ම සුභ පතනවා. අජිත් සීයා ඉතිං කලොත් පින් අතේ වැඩක්මනෙ. තෝරාගැනීම් ගැන වාද කිසිත් නැත. හැමෝටම ජයවේවා! තව තව ලියන්න දිරිය ලැබේවා!! අගයන සීයාටත් එසේම වේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයත් පිටරටකද ඉන්නේ ? බලාගෙන හිටියේ හම්බ වෙනකන්. නැත්නම් අනිත් භාගේ කිව්වද "එක එක ඒවා ලියනවා මදිවට ඔය බ්ලොගාලගේ උත්සව වලට යන් ලෑස්ති වෙන් එපා කියල."

      Delete
    2. නෑ... නෑ... සීයා, පිටරට නෙමේ. ඔය දිනවල අපේ පොඩ්ඩන්ට වාර විභාගෙ. අනික් භාගේ නං එක එක ඒවා කියෝලා තව ලියන්න කියනවා මිස බනින්නෙ නං නැතෝ. අනික උන්දෑ කැමතියි ඒකරාශී වෙන තැන්වලට.

      Delete
  11. අජිත් මහත්මයා.. සමාවෙන්න එන්න නොලැබෙන එකට. මේ දවස් වල තියන හුටස්පර එක්ක එන්න වෙලාවක් හොයාගන්න බෑ. ලොකු වැඩසටහනක් මිස් වෙනවා මට :( සුභපතනවා වැඩේ සාර්ථක වේවා කියල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලබන සැරේ වත් බලමු.

      Delete
    2. ආවා කොහොමහරි... වැඩේ පන්කාදුයි........

      Delete
  12. හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ලැබේවා .. ලබන අවුරුද්දේ එකට එන්න බලාපොරොත්තු වෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එන්න. එන්න.

      Delete
  13. මේක සයිබර් වැඩක් හින්දා උත්සවේ රෙකෝඩින් එකක් දාන්න සයිබරේට!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. ස්තුතියි. වීඩියෝ කරන කතාවක් තියෙනවා. බලමු කරන්න.

      Delete
  14. සතුටුයි
    හොඳ දෙයක්ම වෙයි
    යයි
    මගේ පැතුමයි!

    ReplyDelete
  15. එළ වැඩක්... සතු‍ටුයි...
    තාක්ෂණික බ්ලොග් වලට තැනක් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ තම ඒක ගන්නේ. ගිය අවුරුද්දේ මාස තුනයි නේ තිබ්බේ.

      Delete
  16. දැනුයි දැක්කෙ මේක...

    අනේ අර Friend follower කියල ගැජට් එකක් දීලා තියෙනව.. අන්න ඒකත් මේ පැත්තකින් එල්ල ගත්තනං හොඳයි.... ( අපි ස්ලෝ ස්පීඩ් ලංකාවෙ කට්ටිය හින්ද ගූගල්+ එක මාර කරදරයි... ඉතිං පාවිච්චිය බොහොම අඩුයි... අර ගැජට් එක තිබ්බොත් බ්ලොග් රෝල් එකට ඇඩ් කරගෙන අප්ඩේට් ගන්න පුළුවන්.. දැනට බ්ලොග් රෝලෙ ෆලෝ කරන බ්ලොග් 300කට වැඩියි කියල බ්ලොගර් දෙයිය මට URL එකෙන් ඇඩ් කරන්න දෙන්නෙත් නෑ.. ඉතිං අර ගැජට් එක නැති නිසා මේ බ්ලොග් ඔක්කොම මිස් වෙනව..)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකක් තියෙනෙවද?

      Delete
  17. ජයග්‍රාහකයින්ට සුබ පැතුම්!.... සාර්ථක සම්මාන උළෙලකින් පසු ලියවෙන පෝස්ටුව කියවීමට බලා ඉන්නවා.

    ReplyDelete
  18. ජය වේවා....අපිත් එනෝ....

    ReplyDelete
  19. බොහොමත්ම ස්තූතියි අජිත්,

    ලියනදේ යම් කෙනෙක් අගය කිරීම රචකයෙකුට ලැබෙන ඉහළම සම්මානය.බ්ලොග් අඩවියකින් වගෙ එකකින් ඒ අගය කිරීම සාමූහිකව කිරීම ඊටත් වඩා ඉහළයි. එහෙත් කණගාටුයි මට එන්න වෙන්නෙ නම් නෑ...නිදහස් සිතුවිලි වියුණුවේ මගේ හවුල්කාරිනිය රන්දිල් මහත්මිය නිදහස් සිතුවිලි වෙනුවෙන් සගභාගි වේවි,,අජිත් ආයෙමත් බොහොමත්ම සතූතියි..:)

    ReplyDelete
  20. මරුවා එනවා තොපේ ඔය නාඩගම බලන්න.....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .