Monday 25 July 2016

බැස්ටිල් දවසේ ප්‍රහාරය හා තුර්කියේ කුමන්ත්‍රණය මවා පෑමක්ද?

බැස්ටිල් දවසේ කුමන්ත්‍රණය (ප්‍රහාරය) 

බැස්ටිල් දවසේ ප්‍රහාරය ගැන බොහෝ පාඨකයන් දන්නවා  ඇතැයි සිතමි. මාධ්‍ය වලින් කියැවුණු ලෙස ටියුනිසියන් ඉස්ලාමික ත්‍රස්තවාදියෙකු අහිංසක ජනතාව 84 දෙනෙකු මරා අවසානයේ පොලිස් වෙඩි පහරින් මිය ගියේය. ශ්‍රී ලංකාව වැනි සිවිල් යුද්ධයක්  තිබූ රටක ජනතාවට මේ ප්‍රහාරයේ බිහිසුණු   බව හඳුන්වා දිය යුතු නොවේ.  වරදවා වටහා නොගන්න. මේ මියගිය අසූ හතර දෙනා  වෙනුවෙන් මගේ සාතිශය සංවේගය හිමිවේ.  එහෙත් මා  මෙහිදී කියන්නට යන්නේ වෙනත් කතාවකි.

"ගිය අවුරුද්දේ ඉස්ලාමික  ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පැනවූ හදිසි නිතිය මේ 26 වනදායින් පසු  දීර්ඝ නොකරන බවට ප්‍රංශ ජනාධිපති ෆ්රන්ෂුවා ඔලන්ඩ්  ප්‍රකාශ කළේය". මේ 2016 ජුලි 14 දා බිබීසිය පලකළ පුවතකි.  හදිසි නිතිය පැනවුයේ පුද්ගලයන් 130 කට මරු කැඳවමින් පැරිසියේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙනි.  ඉන්පසු බොහෝ ත්‍රස්තවාදීන් හා මුස්ලිම් ජාතිකයන් අත් අඩංගුවට ගැනිණි.

බැස්ටිල දවස යනු ප්‍රංශ නිදහස් දිනය වැනි එකකි.   ඔලන්ඩ් එදා මෙසේ පවසත්දීම  ඉහත  කී  නිස් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් වුනි. මේ ඒ ප්‍රහාරයේ වීඩියෝ වකි. 

ඉන් පැය  කිහිපයකට පසු ප්‍රංශ ජනාධිපති  ඊලඟ ප්‍රකාශය කළේය.  ඒ ප්‍රංශයේ හදිසි නීතිය දීර්ඝ කරන බවයි.

ප්‍රංශයේ රහස් ඔත්තු සේවාවන් ගෙන් සමන්විත ගැඹුරු රාජ්‍ය ව්‍යුහයක් පවතී. (deep state)  මෙය ඊශ්‍රාලය වැනි රටවල ඉතා තදින් ක්‍රියාත්මක වන්නකි. මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම යුරෝපීය රටක් වන ප්‍රංශයේ හදිසි නීතිය දිගින් දිගටම ගෙන යාම ගැන තදින්  විවේචනය කෙරෙන ප්‍රකාශ පසුගිය කාලයේ නිකුත් කළහ. බොහෝ දේශපාලන සංවිධාන බල කලේ හදිසි නීතිය ඉවත් කරන්නටය. හදිසියේම හදිසි තත්වය ඉවත් කරන්නට තිබූ  දවසේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය. මෙවැනි "හදිසි ක්‍රියා " පසුගිය යුද සමයේ ශ්‍රී ලංකාවේද සිදු වීයයි දේශපාලන විචාරකයන් පවසති.

දැන් අපි ත්‍රස්තවාදියා දෙසට හැරෙමු. ඔහු ඔබේ සුපුරුදු ඉස්ලාමීය අයිසිස් දර්ශනයෙන් හිස විකෘති කරගත් අයෙක්මද? ප්‍රංශ ගමන් බලපත්‍රය හිමි ටියුනීසියන් ජාතිකයෙකු  වන ඔහු මත්පැන් බොන ගැහැණුන්  මෙන්ම පිරිමින් ද ඇසුරු කර ඇති අයෙකි. කසාදය කඩා ඉහිරුණු හරි හමන් රැකියාවක් නැත්තෙකි.

ප්‍රංශයට ජීවත්වීමට යන විදේශිකයෙකු මුහුණ පාන ප්‍රශ්න කිහිපයක් තිබේ. රැකියා ගැනීමේදී ඇති දැඩි දුෂ්කරත්වය එකකි. ප්‍රංශයේ හොඳ රැකියා සියල්ලම පාහේ ලැබෙන්නේ ප්‍රන්ශුවන්ටය. බ්‍රිතාන්‍යය හෝ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල එවැනි තත්වයක් නැත. සමහර විට සාමාන්‍ය බේකරි රැකියාවක් පවා ප්‍රංශ බේකරියක් නම් ලැබෙන්නේ ප්‍රංශ ජතිකයෙකුටය. මොරොක්කන්, ටියුනිසියන්, ඇල්ජීරියන් වැනි මැද  පෙරදිග ප්‍රංශ යටත් විජිත වලින් පැමිණිය මුස්ලිම් සංක්‍රමණිකයන්ට රැකියා ලබා ගැනීම ඉතා අපහසුය. මේ නිසා එම ජාතීන්ට අයත් තරුණයන් පොලිසියට විරුද්ධව පැරිසියේ කැරලි කිහිපයක්ම ඇති කළහ.  බොහෝ මෙවැනි රටවලින් පැමිණි අය සුළු කඩයක් හෝ ආපන ශාලාවක් විවෘත කරන අතර රැකියා කරන්නේ ඒවා වලය.

මෙවැන්නෙකු අයිසිස් වැනි හෝ එවැනි බොරුවක් කියා වෙනත් රහස් සංවිධානයකට හෝ බඳවා ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. දැන් එකයි එකයි දෙකයි කියා එකතු කරන්න.

තුර්කියේ ප්‍රහාරය (කුමන්ත්‍රණය)

තුර්කිය හමුදා කුමන්ත්‍රණ වලට නම් දරා තිබූ රටකි. අතතුර්ක් විසින් පිහිටවූ නව තුර්කියේ හමුදාව සෙකියුලයර් හෙවත් දැඩි ආගමික නීති පිළි නොපදින ආයතනයකි. තුර්කි ජනාධිපති එර්ඩොගාන් බලය පත්වූයේ ඉස්ලාමීය නිතින් පිලි පදින බවටත්, ෂරියා නිතිය තුර්කියේ  ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වෙමිනි. බලයට පත්වූ දා සිට තුර්කි හමුදාව  මෙන්ම බොහෝ ප්‍රගතිශීලි දේශපාලකයන් සමගද ප්‍රශ්න ඇති කරගත් එර්ඩොගන් හමුදා ජෙනරාල්වරු හා  විනිශ්චයකරුවන් කිහිප දෙනෙකුම සිරගත කළේය. එසේම පුවත්පත් කතුවරයෙකු මරා දැමෙන අතරම, අනිකුත් බොහෝ කතුවරුන් හා මාධ්‍යවේදීන් ට පොලිසිය හා ආධාරකරුවන් ලවා  හිරිහැර කිරීමද ද එර්ඩොගන් ගේ අනුමැතියෙන් නොකඩවා සිදු වුනි.

දකුණු දිග තුර්කියේ හක්කාරී වැනි ප්‍රදේශ වල කුර්දි වරුන්ට පහර දීමේ යෙදී සිටින තුර්කි හමුදා කරන පැහැරගැනීම් හා මිනි මැරීම ගැන යුරෝපා සංගමයේ හා ලෝකයේ අප්‍රසාදය එර්ඩොගන් ට එල්ලවී ඇත. එසේම තමන්ගේ විරුද්ධ වාදීන් නඩු නැතිව  සිර කිරීම නිසා යුරෝපා සංගමයේ උදහසට පාත්‍රවී සිටින තුර්කියේ එර්ඩොගන් යන්තම් සිරියානු සංක්‍රමණිකයන් භාර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමෙන් යුරෝපය සමග ප්‍රශ්න සමනය කර ගැනීමට තැත්  කරමින් සිටි.

තුර්කි හමුදා කුමන්ත්‍රණය  සිදු වන්නේ මේ අතරවාරයේය. මෙය කොතරම් අඩු කාලයකින් සැලසුමකින් තොරව සිදු වුවක්ද යන්න පැහැදිලිව පෙනෙන්නේ පැය  කිහිපයකින් තමන්ගේ ආධාරකරුවන් පාරට බස්සවන්නට හා හමුදා භටයන් නිරායුධ කරන්නට රෙසේප් එර්ඩොගන් ට හැකිවන නිසාය. උදය වනවිට කුමන්ත්‍රණ කරුවන් සියල්ලන් අල්ලා තුන්දහසක හමුදා භටයන් සිර කරන්නටද ජනාධිපති  එර්ඩොගන් ට හැකිවිණි.

මේ කුමන්ත්‍රණය ගැන එර්ඩොගන් දැනසිටි බව ඇතැම් පුවත් ආයතන වාර්තා කරති. ප්‍රංශයේ ප්‍රහාරය මෙන්ම තුර්කි කුමන්ත්‍රණයද ගැඹුරු රාජ්‍යයේ (deep state ) කෙරුවාවක් වත්ද?

දැන් තුර්කියේ සිදුවන්නේ කුමක්ද?

කුමන්ත්‍රණයට මුවාවී ස්වාධින විනිශ්චයකරුවන් හා වෘත්තිකයන් 2500 ක පිරිසක් දැනට අත් අඩංගුවට ගෙන තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ නැතැයි පවසන ජෙනරාල්වරු 125 පමණ අත් අඩංගුවවේ සිටි.

අද වන විට පනස් දහසකට අධික පිරිසක් කුමන්ත්‍රණ චෝදනා පිට සිර ගත කර තිබේ. මින් ස්වාධින විනිසුරුවරුන්ගේ නම් කුමන්ත්‍රණය ට පෙර සිටම සුදානම් ව තිබු බව හෙළි වී ඇත. මේවා හෙළි කරන්නේ විකිලික්ස් මගිනි. එර්ඩොගන් ට හිතවත් නිලධාරීන්  ගේ ඊමේල් සොරකම් කර මේ දත්ත හා රහස්  හෙළි කිරීම නිසා විකිලික්ස් වලට තුර්කි බලධාරීන්ගේ අන්තර්ජාල ප්‍රහාර වැදී තිබුණි. එසේ වුවද ඔවුන් එම ඊමේල් පිට කර රහස් බොහොමයක්ම  හෙළි කළහ.

එසේම විශ්ව විද්‍යාල පිඨාධිපති වරු 1577 ක් , ගුරුවරුන් 21000 ක්  සහ අධ්‍යාපන නිලධාරීන් 15000 ක් පමනද රැකියාවලින් ඉවත් කර තිබේ. නිදහස් ආයතන 626 පමණ වසා  දමා  ඇත. මේ බොහොමයක් ආයතන හා නිලධාරීන් රට ඉස්ලාමිය කරණය කිරීමට විරුද්ධ වූ නිදහස් ජනතාවයි .

දැන් අප හමුවේ තිබෙන්නේ සත්‍ය ලෙසින්ම  කුමන්ත්‍රණය කලේ සෙනසුරාදා අර 200 පමණ වැසියන් මියගිය,  ප්‍රහාරයක් සිදු කල  සොල්දාදුවන්ද නැත්නම් රෙසේප් එර්ඩොගන් නැමති ඔටෝක්‍රටික් නායකයාද යන ප්‍රශ්නයයි.



මුලාශ්‍ර:
බිබිසි පුවත; http://www.bbc.co.uk/news/world-europe-36791666
http://www.independent.co.uk/news/world/europe/turkey-coup-patrick-cockburn-need-to-know-a7143316.html

22 comments:

  1. Truth is stranger than fiction eh?

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක්, විවෘත්තව ප්‍රශ්නය දිහා බලන්න කරන යොමු කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නයනේ. පොල්කට්ටෙන් එලියට.

      Delete
  3. ජැක් හිඟින්ස් ගේ එක් නවකතාවක කතාව පදනම් වී තිබුණේ බ්‍රිතාන්‍ය රජය සහ අයිආර්ඒ සංවිධානය අතර යම් එකඟතාවයක් ඇතිවෙන හැඟ මොහොතකම, එය අකුලෂා ගැනීමට තුඩු දෙන ප්‍රහාරයන් සිදුවීම ගැනයි.

    ඒචා තුන්වන පාර්ශවයකින් කළ ඒවා!!!

    නවකතාවේ නම අමතක යි. ලියෑම් ඩෙව්ලින් කාලයේ එකකි.

    ReplyDelete
    Replies
    1. Eye of teh Storm?
      http://www.goodreads.com/book/show/337623.Eye_of_the_Storm

      Delete
  4. ඔව්වා කුමන්ත්‍රණ..
    හෑ.. බලාගන යනකොට .... අනේ මන්දා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ලියපු දේවල් විවෘත ඇහැකින් බලා තමන්ගේම තීරණයකට එන්න.

      Delete
  5. ඇස් කන් මනස් පමණක් නොව හැම ඉන්ද්‍රියකින්ම වැඩ අරං තීරනය කරන්න ඕන දෙයක්.. සමහරවිට එර්ඩොගන් එයාගෙ විරුද්ධවාදින් අතුගාල දාන්න කරපුදෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ඒ වගේ කුමන්ත්‍රණයක් සිදු කරවන එක සුලු දෙයක්...


    මේ ලිපිය බලන්න අජිත් අයියා.(මෙම ලිපියට එතරම් අදාලත්වයක් නැත එහි තිබූ වැදගත්කම නිසා පමණත් මෙතනට කොපි කර ඇත.)
    http://asidisimaanaya.blogspot.com/2016/07/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. /එර්ඩොගන් එයාගෙ විරුද්ධවාදින් අතුගාල දාන්න කරපුදෙයක් වෙන්නත් පුළුවන්//මටත් හිතෙන්නේ එහමයි. ලින්ක් ස්තූතියි . හොඳ අබ්ලොග් අඩවියක්.

      Delete
  6. උතුරේ දෙමල ජනයාගේ හිස මත සුදු පොස්පරස් හෙලා ඔවුන්ව සමුල ඝාතනය කෙරූ විට ඒ ගැන වචනයක් වත් කතා නොකෙරු ධර්මකීර්ති වැනි උදවියගේ විස්ලාපය විහිළුවකි. තමුන්ගේ ස්වාමියා වන අගමැති වික්‍රමසිංහ කියන්නේ ධනපති අගමැතිවරයෙක්. ඔහුගේ ප්‍රතිපත්ති අනුමැති කරන නුබ ජනතාවට එරහි ද්‍රෝහියෙක්.

    ධනපති එක්සත් ජාතික පක්ෂ රාජයා කඩේ යන අජිත් ධර්මකීර්ති වැනි අයවලුත් තරයේ හෙලා දැකිය යුතුය. එජාපයෙන් ලැබෙන පඩිපතට කඩේ යන නුබ වැනි අය ගැන ලජ්ජා වෙමි.

    ReplyDelete
    Replies
    1. මොනාද මචෝ සුදු පොස්පරස් කියන්නේ?

      Delete
    2. //උතුරේ දෙමල ජනයාගේ හිස මත සුදු පොස්පරස් හෙලා ඔවුන්ව සමුල ඝාතනය කෙරූ විට ඒ ගැන වචනයක් වත් කතා නොකෙරු ධර්මකීර්ති වැනි උදවියගේ//
      1. ඔයා දන්නේ කොහොමද? මම කතා කරාද නොකලද කියල? මාව හොඳට දන්නවද, ඒ දවස් වල මම මොනවාද කලේ කියල හෙම ?
      2. දැන් ඒකයි මේකයි අතර සම්බන්ධය මොකක්ද? මේක මේ මම සත්හඩ ට ලියපු එකක් මෙතන දැම්මේ.

      //තමුන්ගේ ස්වාමියා වන අගමැති වික්‍රමසිංහ කියන්නේ ධනපති අගමැතිවරයෙක්. ඔහුගේ ප්‍රතිපත්ති අනුමැති කරන නුබ ජනතාවට එරහි ද්‍රෝහියෙක්. // අනේ නිකන් පලයන් මිනිහෝ යන්න. ඔහේ මේ ලියන්නේ අර නිදහස් අධ්‍යාපනය ගැන ලියපු නිසානේ. මම තමයි ජනතා ද්‍රෝහියා. නම ඇතුව වරෙන්කො පෙන්වන්න ද්‍රෝහියෝ කවුද කියල.
      //ධනපති එක්සත් ජාතික පක්ෂ රාජයා කඩේ යන අජිත් ධර්මකීර්ති වැනි අයවලුත් තරයේ හෙලා දැකිය යුතුය. එජාපයෙන් ලැබෙන පඩිපතට කඩේ යන නුබ වැනි අය ගැන ලජ්ජා වෙමි.// ඔව් මට ලන්ඩන් වල හම්බවෙන පඩිය මදි නිසා එක්සත් ජාතික පක්ෂයට ලියනවා. කාගෙන්ද සල්ලි ඉල්ලා ගන්නේ කියල කීවනම්.

      Delete
    3. මම දන්නා විධිහට ඔය පොස්පරස් ගැන ලිව්වේ ප්‍රදීප් එක්නැලිගොඩ. එක්නැලිගොඩ කියන්න එජාප පාක්ෂිකයෙක් නේද? ඔහේ මේ ලියන දේවල් හරි පරස්පර විරෝධියිනේ. එක්නැලිගොඩ ලියපු එක්ක අල්ලාගෙන මට පහර ගහන්න හදන ගමන් රනිල්වත් ඇදල ගන්නවා. දෙපිටකාට්ටු හොරු ඕයි තමුසෙලා.

      Delete
  7. හෆ්ෆටසිරි!

    අජ්ජා දැන් False Flag Operations ගැන විසේසඤ්ඤ තුමෙක් වෙලා ය!

    දියුනු රටවල කොයි කොයි නායකයත් විදේසිකයන් ට බැස්ටිය දෙන්න සැට වීම නිසා හොඳට හිටි විදේසික කස්ටියත් මඤඤන් වෙමි!

    ReplyDelete
    Replies
    1. ගොං කුමාර කලුආරච්චියා හෙවත් සාරසයා හිතාගෙන ඉන්නේ මරා හොරා ආයෙත් හෙට අනිද්දා බලයට එයි කියලාය. අනේ ගොනෝ එව්වා සුම්මා

      Delete
    2. // ගොං කුමාර කලුආරච්චියා හෙවත් සාරසයා හිතාගෙන ඉන්නේ මරා හොරා ආයෙත් හෙට අනිද්දා බලයට එයි කියලාය. අනේ ගොනෝ එව්වා සුම්මා //

      මේක නම් අජියගෙ ලියවිල්ලක් වෙන්න බැහැ නේ....?

      Delete
    3. සරසා මට එහෙම මඤඤන් වීමක් නැත. හැම නායකයාම විදේශිකයන්ට බැට දෙන්නෙත් නැත. මම විදේශිකයකුද නොවේ. හෙවත් නීතියෙන් ම රටවල් දෙකක වැසිකි. මෙතන මට පෙනේනේ විධිහට අතත්වයක් දෙස බැලීමක් පමණක් සිදු කර ඇත.

      Delete
    4. අනේ නැහැ. මම ඇනෝ ලියන්නේ නැහැ. සරසා කියනවා නම් මකල දාන්නම්.

      Delete
    5. // අනේ නැහැ. මම ඇනෝ ලියන්නේ නැහැ. සරසා කියනවා නම් මකල දාන්නම්. //

      පිස්සුද අජිත්....

      දන් ඔයා ඇනෝතුමා ගේ වටිනා කොමෙන්ට් එක මැකුවොත් එතුමා ඒ තරහ පිටකොර ගන්නේ ගෙදර ගිහින් මේ කිසි දේකට සම්බන්දයක් නැති අඹුව ගෘහස්ත හින්සනයට පත් කොරලා නේ...

      ඊට වඩා හොඳ නැද්ද ඇනෝ තුමා ගේ අසහනේ පිටවෙන්න සර ස තුමාට අපහාස කොමෙන්ට් විසිබල් වුනාම්?

      Delete
  8. පළවන එක කෙසේ වෙතත් දෙවන එක නම් අමුම අමු කුමන්ත්‍රනයක් බව බොහෝම පැහැදිලියි... ඒ වගේ එකක් ලංකාවෙත් බලාපොරොත්තුවෙන් උන්නට අවුලක් නෑ...

    ReplyDelete
  9. බැස්ටිල් දවසේ ප්‍රහාරය හා තුර්කියේ කුමන්ත්‍රණය මවා පෑමක්ද?///// එසේ සිතීමට හේතු තිබේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .