Saturday 9 July 2016

යුරෝපියානු සහෝදරත්ව රැලිය

පසුගිය ජුලි 2 වන සෙනසුරදා දහවල සිට පැවතුනු යුරෝපා සංගමයෙන් වෙන්වී යාමට විරෝධය පෑමේ රැලියට සහභාගී වුනෙමි. මා  සමග මගේ බිරිඳ  හා දියණියන් දෙදෙනාද මේ රැලියට සහභගි වූයේ පැන  නගින ජාතිවාදී සිද්ධීන් වලට විරෝධය  පෑමටය.

 හතලිස් දහසක පමණ ජනකායක් සහභාගී වූ රැලිය අමතා කථිකයන් කිහිප දෙනෙක්ම කතා කළ අතර,  යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට සහයෝගය දුන් කණඩායම අසත්‍ය පොරොන්දු දෙමින් ජනතාව මුලා  කිරීම පිළිබඳව ඔවුනට චෝදනා නැගුහ.
මිලියන් 350ක් නැත 

මින් එකක් වූයේ  බ්‍රිතාන්‍යය යුරෝපයට ගෙවන මුදලින්  සතියකට  පවුම් මිලියන 350 බ්‍රිතාන්‍යයේ නිදහස් සෞඛ්‍ය සේවය  නගා සිටවිමට යෙදවිය හැකි  බවයි. මෙය  ඉටු කල නොහැකි පොරොන්දුවක් වන්නේ බ්‍රිතාන්‍යයෙන් ඇත්තටම ගෙවන  සතියකට පවුම් මිලියන් 180ක් පමණ වන හෙයිනි. එයිනුත් වසරකට පවුම් බිලියන 2-3 ත් අතර ප්‍රමාණයක් විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යාපන පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍ය ආයතනවලට නැවතත් ලැබෙයි.  එසේම යුරෝපා සංගමය විසින් පවුම් බිලියන 4 ක පමණ සහනාධාර මුදලක් බ්‍රිතාන්‍යයේ ගොවීන්ට ලබා දෙයි. වේල්සයේ බැටළු මස් 40% පමණ මිලදී ගන්නේද යුරෝපා සංගමයයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑම ගැන සිහි කරමින් දර්ශන වාදියෙකු වන ජිජැක් පැවසුවේ බ්‍රිතාන්‍ය වැසියන්ට තෝරාගැනීමට දී තිබුනේ "නරක තේරීම්" දෙකක් බවයි. යුරෝපා සංගමයේ රැඳී සිටීම ද ප්‍රශ්නයක් ඇති කරන අතර ඉන් ඉවත් වීමද ප්‍රශ්නයකි. මේ නිසා ජනතාවට  සිදු වුයේ වඩා හොඳ "නරක තේරීම"ට චන්දය දෙන්නටය. ඔවුන් ඉන් වඩාත්ම නරක තේරීම තෝරාගෙන ඇත.

 ග්‍රීක වාමවාදී දේශපාලනඥයෙකු වන ස්ටතිස් කුවාලකිස් මෙහිදී ගන්නා  ස්ථාවරය තරමක් ප්‍රශ්නකාරී එකකි.  ඇත්තටම යුරෝපිය නිලධාරිවාදය ප්‍රශ්නයක් බව ඇත්තය.  නමුත් යුරෝපයේ නීති වෙනස් කරන්නට නොහැකි යයි කියන කතාව තරමක්  සාවද්‍ය එකකි.  ජනතාව වඩා වාමාංශික මන්ත්‍රීවරුන්ට චන්දය දෙන්නේ නම් නීති වෙනස් කිරම ප්‍රශ්නයක් නොවේ.
උඬගු ලන්ඩන් නගරයේ සමස්ත ස්වයං තෘප්ත ස්ථාවරය  රැඳී සිටීමට සහය දැක්වූවා යැයි ඔහු දක්වන  අදහසින් ම  කුවාලකිස් සිටින ස්ථාවරයේ වැරැද්ද හෙළිවේ. ලන්ඩනයේ සිටින්නේ නොයෙකුත් ජාතීන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තර වැඩ කරනජනතාවකි. ඔවුන්ට වැඩියෙන් මුදල් තිබෙන බව සැබෑය. නමුත් ඔවුන් ජාතිවාදයට එරෙහිව, සැබෑ සංහිඳියාව හා ජාත්‍යන්තර සහෝදරත්වය  වෙනුවෙන් චන්දය පාවිච්චි කළහ. මට පෙනෙන්නේ කුවාලකිස් මෙහිදී අතරමන් වී ඇති බවයි.

මා 1990 දශකයේ රැකියා කල කාලයේ බ්‍රිතාන්‍යයේ කොම්පැනි හිමියන්ට අවශ්‍ය නම් සේවකයෙකුට පැය 12 ක් වැඩ කරන්නට යැයි කිව හැකිව තිබුණි. එය ප්‍රතික්ෂේප කළ හොත් රැකියාව අහිමි වේ. එසේම මාතෘ  නිවාඩු තිබුනේ සුමාන දෙකකි. පිතෘ නිවාඩු තිබුනේම  නැත. සෞඛ්‍ය  රක්ෂණය හෝ විශ්‍රාම වැටුපට මුදල් ගෙවීම අනිවාර්ය නැත. මේ නිසා රක්ෂණයක් තිබුනේ නැති අතර විශ්‍රාම වැටුප ලැබුනේ රජයෙන් පමණි. ජර්මන් හා ප්‍රංශ ජාතිකයන්ට තමන් කළ රැකියාවේ වැටුපෙන්  80%-90% පමණ විශ්‍රාම වැටුප ලෙස ලැබෙන තත්වයක් තිබුණි.

යුරෝපා සංගමය විසින් රැකියා කරන්නන් සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කර එය නීතියක් වශයෙන් සම්මත කර ගත් (worker's rights charter)  පසු බ්‍රිතාන්‍යයේ රැකියා කරන හැමෝටම පැය  අටට වඩා  වැඩ කරන්නට නම් සේවක අනුමැතිය අවශ්‍ය  බව නීතිගත කරන ලදී. පඩි සහිත මාතෘ නිවාඩු මාස හය දක්වා දික් කෙරුණි. පිතෘ නිවාඩු මාස  දෙකකි. විශ්‍රාම වැටුප සඳහා ගෙවීම  අනිවාර්ය කර තිබේ. බොහෝ බහු ජාතික සමාගම් මෙයට අකමැති වුනු අතර ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට කෝල් සෙන්ටර් හදාගෙන ගියේ මේ බහු ජාතික සමාගම්ය. යුරෝපා සංගමයේ සිටියොත් බහු ජාතික සමාගම් වල සූරාකෑම වැඩි වෙතැයි කියන කුවාලකිස් මෙන්ම ඇතැම් ශ්‍රී ලංකික වාමාංශිකයන්ගේ ස්ථාවරයද සාවද්‍ය එකකි.

දක්ෂිණාංශික පුවත් පතක් වන ඩේලි මේල් වලට විරෝධය 
එසේම බොහෝ දක්ෂිණාංශික පුවත් පත් හා වේ අඩවි බොහෝවිට  බොරු ප්‍රචාරය කළහ. යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය උදුරාගෙන ඇතැයි  යන්න එකකි. පසුගිය අවුරුද්දේ පමණක් වැඩි චන්දයෙන් සම්මත වූ බ්‍රිතාන්‍යයේ සශෝධන ගණන 2644 කි. වැඩි චන්දයෙන් ප්‍රතික්ෂේප වුයේ 56ක් පමණි.  අනිත් කරණය නම් තමන් මුදල් ගෙවා සංගමයක රැඳී සිටිත් නම් එහි වැඩි චන්දයෙන් සම්මත වන යෝජනාවලට හිස නමන්නට සිදුවේ. මේ බොහෝ චෝදනා හානිකර ඒවා නොවේ. මිට අමතරව රුමේනියාව, බල්ගේරියාව වැනි දියුණුවෙන් අඩු රටවල් රුසියාව තනි කිරීම සඳහා  යුරෝපියානු සංගමයට ඇතුලත් කර ගැනීමට බල කළ රටක් වුයේද  බ්‍රිතාන්‍යයයි. එසේ යුරෝපියනුන් පැමිණීම  වැඩිවූ පසු ඉවත්ව යන්නේද මේ රටමය.  

බ්‍රිතාන්‍යයේ, විශේෂයෙන්ම  ලන්ඩනය වැනි නගර වල මිශ්‍ර විවාහ බොහෝ තිබේ. මව හෝ  පියා  ජර්මන්, ප්‍රංශ, පෘතුගීසි වැනි දරුවන් බොහොමයක් සිටිති. එවැනි පවුල්ද මේ වෙන්වීමට දැඩි විරෝධය පළ කරති.  ඉහත රූ පයේ සිටින්නේ එවැනි දරුවන් දෙදෙනෙකි.

මේ ඉංග්‍රීසි ජාතික යුවල ජෝන් ලෙනන් ගේ ගීයක කොටසක් ලියාගෙන සිටිති. දේශ සිමා නැති ආගම්  භේද නැති යුරෝපයක් ඔවුන් ගේ පැතුම විය. එය දැන් බිඳී ගොස් තිබේ.

- මේ ලිපිය සත්හඬ පුවත් පතේ යුරෝපියානුවාගේ කොළම යටතේ පලවී තිබේ.

26 comments:

  1. මට නම් ජිවිතයේ ගන්න තේරීම් සියල්ලම පාහේ ගැනම හිතෙන්නේ, වඩාම හොඳ නරක තේරීම් කියල තමා මචං! :D

    ReplyDelete
    Replies
    1. හැම එකක්ම? උඹ ලියන ඒවා වලින් එහම් අදහසක් ගන්න නම් අමාරුයි හැබැයි.

      Delete
  2. මේක නිකන් හරියට කූඩාරමට රින්ගුව ඔටුවගේ කේස් එක වගේ නේ....

    ෆීලින්ග් ෆනි!

    ReplyDelete
  3. බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙන්වීම පංචේන්ද්‍රියන්ගේ ආධාරය ඇතුව මනස විසින් සංස්කරනය කරන අවිද්‍යාව නිසා ගොඩනැඟුනු දැනුමක්. එනම් එය බොරුවක්.
    අපට පුළුවන් මෙම සිදුවීම පැහැදිලි කිරීමට වියුක්ත ප්‍රවාද නොහොත් පට්ටපල් බොරු ගොඩනැගීමට.
    මේ තියෙන්නේ ඒ වගේ මගේ ප්‍රවාදයක්,
    මිනිසා ස්වභාවයෙන්ම ජාතිකවාදී සත්වයෙක්. එමනිසා ජාතිකත්වය යටපත්කිරීමට ආයාසයෙන් කලයුතු දෙයක්.
    නමුත් එහි ප්‍රතිඵලය සමාජය තුල අසහනය ඇතිවීම සහ වෙනත් අන්තවාදයන්ට හෝ මූලධර්මවාදයන්ට නතුවීමයි.
    මෙම ගැටළුවට එක් විසඳුමක් වන්නේ සමාජයේ සියළු දෙනා එක් සංස්කෘතියක් තුලට ගාල් කිරීමයි. මුස්ලිම් ශිෂ්ටචාරය තුල සිදුවුනේ එයයි.
    නමුත් එමනිසා මිනිසාගේ නිර්මාණශීලීත්වය හීන වෙනවා, එම ක්‍රමය කුඩා පරිමාණයෙන් කිරීමේ වරදක් නෑ.
    උදාහරණයක් ලෙස ලංකාවේ දෙමල ජනකොටස් සිංහල ජාතිකත්වයට අවශෝෂණය වීම ප්‍රගතිශීලී දෙයක්.
    අනිත් අතට ලංකාවේ දෙමළ ජාතිවාදය ලන්දේසි සහ බිරිතානි අධිරාජ්‍යවාදවල නිර්මාණයක්. එහි අරමුණ සිංහලයාට මෙරටතුල ලැබියයුතු තැන අහිමිකිරීමයි.
    එසේ නැතුව එය දුටුගැමුණු යුගයේ සිට පැවති දෙයක්වත්, ඒ තබා ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ඉන්දියාව තුල ඇවිලවූ ආර්ය ද්‍රවිඩ භේදයේ දිගුවක්වත් නොවෙයි.
    ලංකාවේ දෙමළා වෙනම ජාතියක් වීමට නම් ඔවුන් තමිල්නාඩුව සමඟ ඇති සියළු සංස්කෘතික සබඳතා අත්හල යුතුයි.
    එමනිසා ජාතිකත්වයට ගරුකිරීම වඩා සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. //අනිත් අතට ලංකාවේ දෙමළ ජාතිවාදය ලන්දේසි සහ බිරිතානි අධිරාජ්‍යවාදවල නිර්මාණයක්. එහි අරමුණ සිංහලයාට මෙරටතුල ලැබියයුතු තැන අහිමිකිරීමයි.// අධිරාජ්‍යවාදය ඉදිරිපත් වූ සෑම තැනකම මහා ජාතිය විසින් අධිරාජ්‍යවාදීන්ට එකඟව වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරම තුල සුළු ජාතීන්ට ඒ අවස්ථව ලැබුන. එය හැම තැනම සිදුවූ දෙයක්. ඉන්දියාවේ සීක් වරු තම අධිරාජ්‍යයට වඩා හොඳින් වැඩ කලේ. එය නිර්මාණය කල දෙයක් නොව වස්ත්වෛක් තත්වයන් මත ඇතිවූ දෙයකි.

      Delete
    2. සියලුම ජාතිකත්වයන් නැතිවී යා යුතුය. චන්දය දුන් බ්‍රිතන්‍ය ජාතිකයාට අවසානයේ සිදු වන්නේ තමන්ගේ බ්‍රිතාන්‍ය ජාතිය නැති වී යන බව වටහා ගැනීමට වීම පමණකි.

      Delete
    3. /මහා ජාතිය විසින් අධිරාජ්‍යවාදීන්ට එකඟව වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරම තුල සුළු ජාතීන්ට ඒ අවස්ථව ලැබුන./

      ප්‍රොජෙක්ට් සයිට් වලත් ඔයි කතන්දරේම වෙනවා, අවට බහුතරයා කොක්කට එද්දී, පැත්තකට විසි වෙලා හිටි ඈයෝ කර ගහල වැඩේ ගොඩදාල දෙනවා.

      Delete
    4. ඒකනේ. ස්වභාවධර්මයාණුකුලව සිදුවන දෙයක් වගේ හේ හේ

      Delete
  4. මේ කාරණය සම්බන්ධයෙන් කියවූ හොඳ ලිපියක්... මේ වගේ ලිපියක් කියවීමේ අවශ්‍යතාවක් තිබුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . වෙබ් අඩවියකට ලියූවක් නිසා වැඩි විස්තර ලිව්වේ නැහැ.

      Delete
  5. කවුද අර බෝඩ් ලැල්ලක් උස්සන් ඉන්න පොර , හැක .

    ReplyDelete
    Replies
    1. කෝ කෝ දන්නා කෙනෙක් නෙමේ

      Delete
  6. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන්ව යාම තුලින් යුරෝපා සංගමයෙ "ජර්මනිය,ප්‍රංශය,ස්වීඩනය"වගේ රටවල් වල බලය වැඩි වීමක් වෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ජර්මනියේ බලපෑම වැඩි වෙනවා.

      Delete
  7. චඃ . ඔහොමත් රැළි කරලා වැඩක් තියනවද අප්ප. ලංඩන් ටවර් එකට ගල් ගහල ලංඩන් බ්‍රිජ් එක ගාව පාර වහල හූ කියල පඹයෝ පුච්චලා ෆුල් මාවලස් විදියට කරන්න තිබ්බෙ. අනික කඳුළු ගෑස් පාරක් කෑවෙ නැත්තං උද්ඝෝෂණ වලින් වැඩක් තියනවද.. ලැජ්ජයි අප්පා..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් කිහිප දෙනෙක් ගෙනාව නම් කර ගන්න තිබුන. කෝ අර ආපු තුන්දෙනත් හොලිඩේ එකකටනේ ඇවිල්ල තියෙන්නේ රජයේ වියදමින්.

      Delete
  8. සජ්ජාගෙ කතාව ඇත්ත. උද්ඝෝෂණේ කිසි ගෝ එකක් නෑනෙ අජිත් අයියෙ. හැක් හැක්...
    යුරෝපා සංගමෙන් බිඳිල යන කතාව නිව්ස් වලින් දැක්ක. ඔතන ඉදන් ඇහැක් වෙච්චි එක අගෙයි.

    ReplyDelete
    Replies
    1. අපි අපේ විරෝධය සාමකාමිව පෙන්නුවා. දැන් දෙපැත්තම එකතු වෙලා වැටුණු වලෙන් ගොඩ එන්න ඕනේ.

      Delete
  9. රුසියාව සහ එහි අසල්වැසි රටවල් අතර ඇති ඓතිහාසික සම්බන්ධය කඩා දැමීමට යුරෝපා සංගමයේ බලය අවභාවිත කිරීමේ විපාකය තමයි මේ. උද්ඝෝෂණයේදී ඒ ගැන කියවුනාද?
    ටොයිලට් කියන්නේ ප්‍රංශ වචනයක් එනම් ප්‍රංශ ජාතිකයන් නොහිටින්න ඉංග්‍රීසි කාරයන්ට වැදගත් කක්කුස්සියක් හදාගන්නවත් තේරුමක් තිබිලා නෑ. උද්ඝෝෂණයෙදී ඔයවගේ සටන්පා්‍යත් දැම්මනම් හොඳයි. එතකොට හොඳට ඇඟට වදිනවා :)

    ReplyDelete
    Replies
    1. යුරෝපා සංගමයටත් වඩා ඇමෙරිකාව නේද එහෙම කරන්නේ . නේටෝ එකේ බලය ව්‍යාප්ත කරන්න. ඉංග්‍රීසි කාරයන්ගේ තිබ්බේ ඉඳ ගන්නා වැසිකිලි. කොන්ද කෙලින් කර. ප්‍රංශ කාරයාගේ උක්කුටියෙන් ඇණ තියා ඉඳ ගන්නා එක.

      Delete
  10. දැනට මතුවී ඇති තත්වය කෙසේ වුවද දේශ සිමා නැති ආගම් භේද නැති
    ආසියාවක් බිහිවීමට දේශ සිමා නැති ආගම් භේද නැති යුරෝපයක් බිහි වී තවත් බොහෝ කලක් ගතවෙනු ඇති බව මගේ සිතිවිල්ලයි.

    ReplyDelete
    Replies
    1. හීනයක් වගේ වෙයිද. ඇමෙරිකා එක්සත් ජනපදය ඒ අතින් සාර්ථකයි.

      Delete
  11. YAKADOO SUDDAGE RATE DEWAL WALATA KA GAHANNE PITIN GIYA EWUN.. SUDDAGE RATA .. UNTA ONA DEYAK KARA GATTAWE APE MOKADA ...

    ReplyDelete
    Replies
    1. ඔහේගේ තියෙන අමු ජාතිවාදී කම පෙන්වන ප්‍රකාශයක් නේ මෙහෙ. රටේ අවුරුදු 1000 කට වැඩිය ඉන්න මිනිසුන්ටත් ඒ රටේ උරුමයක් නැහැයි කියන ඔහෙලා අඩුම ගැනේ සුද්ද ගෙන් වත් ඉගෙන ගත්තා නම් හොඳයි. මේ රටේ පහුගිය අවුරුදු 30 ඇවිත් ජිවත් වෙන එකෙක් පිට එකෙක් හැටියට මේ රටේ බහුතරය ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ ජාතිවාදී රැල විතරයි. අඩුම ගානේ අර නයිජල් ෆාරාජ් වත් එහෙම කියන්නේ නැහැ. නයිජල් බැඳලා ඉන්න ජර්මන් බිරිඳ කියන්නේ එයත් මේ රටේ පුරවැසියෙක් කියල. ඇවිල්ල වුරුදු දහයයි. ලංකාවේ ආර්ථිකයේ ගාමන්ට් කොම්පැනි සෑහෙන්න බලපානවා. ඔය බොඩි ලයින් හෙම බ්රෙසියර් එවන්නේ යුරෝපා සංගමයේ ඩිස්කවුන්ට් එකට. ඒවා නැතුව ඔය කම්හල් වහන්න උනොත් ඉතින් - ඔව් අපේ මොකද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .