Sunday 14 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ

පළමු ලිපිය 

මා  දන්නා පරිදි ස්ටාලින් ගේ බොහොමයක් ප්‍රතිමා  සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඉවත් කරන ලදී. නැතහොත් ඔහුගේ පාලන සමයේ  භීෂණයට අසුවුණු අයගේ නෑදෑයින් විසින් කඩා  දමන ලදී. ලෙනින් ගේ ප්‍රතිමා  බොහෝ විට බලයට පැමිණි යෙල්ට්සින්ගේ පක්ෂයේ  නාගරික සභා මගින් ඉවත් කරන ලදී.  ලෙනින්ගේ පිළිමයක් තිබේ දැයි සොයා බැලූ මට ඉලිචා චතුරශ්‍රයේ පිළිරුව ඉවත් කර නොමැති බවට ආරංචි විය. ඉලිචා හෙවත් ඉලිච් යනු ලෙනින් ගේ දෙවැනි නමයි.

සාන්ත පිතර්බුර්ගයේ ඉතා පියකරු පෙදෙසක පිහිටි මේ චතුරශ්‍රයේ ලෙනින් බලා සිටින්නේ නේවා  ගඟ දෙසය.

ඉලිචා  චතුරශ්‍රය 

ලෙනින් සිටි හරියේ නේවා  ගඟේ සිට අප නැවතී සිටි නෙව්ස්කි විදියේ නිවෙස බලා  විනාඩි 25 පමණ පයින්ම ඇවිද්දෙමි. ඒ අතර නේවා ගඟේ පින්තුර කිහිපයක් ගන්නා  අතරතුර මට කල්පනා වුනේ අනිකුත් සෝවියට් කාලයේ තිබූ  පිළිම බොහොමයක් අතුරුදහන්ව ඇති බවයි.
එසේම ව්ලදිමීර් පුටින් ඉතා දක්ෂ ලෙස රාජාණ්ඩුවාදීන් හා කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර එකිනෙකා  කෙරෙහි ප්‍රතිවිරෝධතාවයන් අවුළුවා  තමන්ට එරෙහි විරෝධතා අවම කරගෙන ඇති බවයි.
අප මහා පීටර් රජුගේ සොහොන මෙන්ම සාන්ත ඉසාක්  දෙව්මැදුරු  ආදිය බලන්නට ගිය ගමන් වලදී බෝල්ෂෙවික් වරුන් විසින් මරා දැමුණු  රජ පවුලේ සාමාජිකයන් මෙන්ම බොහෝ සිටුවරුන්, කුමාරයන් , කුමරියන් ගේ හා සෝවියට් දේශයෙන් පළාගොස් 1991 න් පසු නැවත පැමිණි රදළයන්ගේ සොහොන්  පිහිටුවීමට පුටින් ඉඩ දී තිබේ. 
එනිසා රාජාණ්ඩුවාදීන් ඔහුගේ ගුණ ගයන අතර ලෙනින් ගේ පිළිම ඉවත් කිරීම නතර කිරීමෙන් ඔහු කොමියුනිස්ට් වාදීන්ගේ හොඳ හිත තබාගෙන තිබේ. මේ මිනිසා මැකියාවෙලි වැනිම කපටියෙක් (දක්ෂයෙක්?) යැයි මට සිතේ.


පහත ඇත්තේ කාලතුවක්කු (artillery) සඳහා පිහිටුවා ඇති හමුදා ඇකඩමියයි. මෙහි කාලතුවක්කු වර්ග, යුධ ටැංකිවල කාලතුවක්කු පිහිටුවන ආකාරය, ෂෙල් වැටෙන දුර නිර්ණය කිරීම ආදිය සියල්ල උගන්වන අතර කාලතුවක්කු පිලිබඳ විශේෂඥයන් බිහි කිරීම මෙහි පරමාර්ථයයි. මෙහි ඉගෙනුම පිලිබඳ වියදම දරන්නේ යුධ හමුදාවයි.





මේ මගේ හෙවනැලි සෙල්ෆියකි.



නේවා ගඟ අසල  හිරු බැසයන අන්දම

 ගඟ අසබඩින් ඇවිද ඉන්පසු අලෙක්සන්ද්රෝව්කි සද් නමැති ගිම්හාන සෘතුවේ  ඇවිදීමට සාදා ඇති උද්‍යානයට පිවිසුනෙමි. මේ එහි ඇති රෝම හා ග්‍රීක ප්‍රතිමා කිහිපයකි.







මේ රුසියාවේ ජනවර්ග ගැන හදාරන කෞතුකාගාරයකි.

 ශාන්ත පිතර්බුර්ග් නගර මධ්‍යයේ සුන්දර ශීත මාලිගාව ඉදිරිපිට චතුරශ්‍රයේ පිහිට ඇති මෙම කුළුණ 1917 විප්ලවයෙන් පසුව ඉවත් නොකරන ලද්දකි. එය පිහිටුවා ඇත්තේ රුසියානු ජෙනරාල් කුතුසොව්  ගේ හමුදා 1812 දී නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදා පරාජය කිරීම සිහි කිරීමටය. මේ කුලුනේ විශේෂත්වය වන්නේ එය එහි පිහිටා  ඇත්තේ එහි බරින් පමණක් වීමයි.  එනම් පදනමක් (foundation) නැතිවය.
 මේ එම චතුරශ්‍රයේ ඡායාරූප  කිහිපයකි.















38 comments:

  1. මේ පොස්ටුවේ මාතෘකාව මගේ සිත් ගත්තා...

    අද්දැකීම් සමග තවත් පෝස්ටුවක් දාන්නකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි

      Delete
  2. හොඳ සංචාරක සටහනක්! රුසියාව මම ගිහින් නැති, යා යුතු රටවල් ලිස්ට් එකේ කලක සිටම තියෙන රටක්.

    ReplyDelete
    Replies
    1. ලෙහෙසියෙන්ම පුළුවන් දැන්. ඔබට නම් බලන්න ගොඩක් දේ තිබෙනවා. . ඉතිහාසයට කැමති කෙනෙක් නිසා.

      Delete
  3. Pls write more & more.Thanks again

    ReplyDelete
  4. වසරේ හොඳම සංචාරක බ්ලොග් ලිපියට නම යෝජනා කරනවා.. ඊට අමතරව දේශපාලන , කාලීන , චායාරූප, නොස්ටැල්ජියා වගේම ගෘහස්ථ කාරනා යටතටත් ගන්න පුලුවන් .. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. හප්පේ, බ්ලොග් වසන්තෙට පරක්කු වුනානේ. ලබන අවුරුද්දේ තමයි.

      Delete
    2. ++++++++++++++++++++++++++++

      Delete
    3. හොඳම කොමෙන්ට් කරුවට විරිත්තන්න විතරයිද පුලුහන් ???

      Delete
  5. 1989 ලෙනින්ග්‍රාද් සංචාරය මතක් උනා

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම ඒවා මතක් වුණා

      Delete
  6. ඉස්සර ලෙනින් රට විනාශ කලා.. මෑතක චාවෙස් රට විනාශ කලා..

    ReplyDelete
    Replies
    1. දැන් යහ පාලනය - එක්කෝ ඕනෑන්නේ නැහැ

      Delete
    2. මට මේක කියෙව්වම මතක් වුනේ පුටින් කියපු දෙයක්. ලෙනින් ලොකු බෝම්බයක් තිබ්බලු මහා රුසියානු අධිරාජ්‍යය යට. එකෙන් මුළු රුසියාවම විනාශ වුනාලු.

      Delete
  7. රුසියන් පරිවර්තන කියවලාම මාත් බොහොම ආසාවෙන් ඉන්නෙ රුසියාවට එන්න. බලමුකො කවදහරි. ඒ වෙනකල් මේ ටිකෙන් සැනහෙනවා.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න කෑම හෙම හරිම රසයි.

      Delete
  8. Replies
    1. ඉවරයිනේ. ලන්ඩන් ඇවිත් ඉන්නේ.

      Delete
  9. නිමල් සිරිපාල15 August 2016 at 07:49

    අවුරුදු විසි ගණනකින් ගියේ නැහැ , අනිවාර්යෙන් ආයේ යන්ඩ ඕනෙ. ස්තුතියි මතක අලුත් කලාට .

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වෙනස් රටනම්. මිනිසුන් නම් තවම ඒ වගේ උදව් උපකාර කරනවා. ගෑනු ළමයි නම් තවත් ලස්සන වෙලා. අනිත් දේවලුත් ඒ වගේ තමයි.

      Delete
  10. පින්තූර කිහිපයත් සමග අපූරු ලිපියක්. හෙවනැලි සෙල්පියත් මරු. ( නේවා ගගේ හිරු බැසයන රූපයේ හිරු පෙනෙන්නට නැත. ඇත්තේ ඔබ තුමාගේ මුහුණය. හැක් )

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිරුට එරෙහිව ෆොටෝ ගන්න බැහැනේ මල්ලි. බැහැල යනකන් හිටිය.

      Delete
  11. Replies
    1. ඉතිහාසය ගැන තව ලියන්න තිබුන. පොස්ටු දිග වැඩියි කියල බ්ලොග් භාරකාරයෙක් ඊයේ පෙරේද පොඩි සත්තමක් දැම්මනේ .

      Delete
  12. මර්වින් පෙරේරා ගේ සින්දුවක් හෙම මතක් වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මතක් වුණා , මතක් වුණා . ඕක ඉතින් හැම බ්ලොග් ලිපියේම මතක් කරන්න ඕනෙය.

      Delete
  13. රටටම බරක් වෙච්චි ඩ්ස්පාලක ප්‍රතිරූපක කුළුණු නම් මෙහෙ තියනවා ඕනෑ තරම්.

    අර එක රෝම ප්‍රතිමාවක් ළඟ ඉන්න යුවලගෙන් නෝනා ඒ ප්‍රතිමාවේ ඉරියව්ව අනුකරණය කරන්න හදනවා වගේ.

    කාලතුවක්කු පිළිබඳ න්‍යායාත්මක කරුණු පමණක් වෙන්න ඇති අර පාසලේ උගන්වන්නේ. ප්‍රායෝගික වෙඩි තැබීම් උගන්නන්න කිලෝමීටර් 50 x 10 ක විතර අවම දිග පළල තියන හිස් භූමියක් (මිනිස්සු නැති) අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිම ටික රට පැටෙව්වා නම් හරි.
      විචාටත් පේන දේවල්.
      ඒ ඇකඩමියේ ලොකු පිට්ටනියක් තියනවා. අනික වෙනම වෙඩි තියන රේන්ජ් එකක් තියනවා නගරයෙන් එළියේ. එකටම අයිති.

      Delete
  14. ඉතාම ප්‍රයෝනවත් සංචාරක සමරු සටහන් පෙළක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔබේ බ්ලොග් සටහන් වල සටහන් දේවලට සමාන දේ තියනවද කියලත් හොයා බැලුව.

      Delete
  15. මේ පොස්ට් ටික කියෙව්වම මල පනිනවා යන්න නැති නිසා , කොහොම හරි යන්නම ඕන ලැයිස්තුවෙන් එකක්, ඊළඟ නෙලුම් යාය මොස්කව් වල තියමුද

    ReplyDelete
    Replies
    1. එහෙම කරමු. රුසිය්වට රැකියා කරනන් යන්න පුළුවන් කියල දැන ගණන් ලැබුන. හැබැයි අයි ටී වලට වැඩි ඉල්ලුම.

      Delete
  16. Dear Ajith, It is useful information. i think President Putin has change the county lot and he is very popular character in Russia now is't it? why don't you have you own blog there are many open source are available.

    ReplyDelete
    Replies
    1. Puting is popular according to BBC only. 88 out of 10 people I talked to not really admire him.//why don't you have you own blog there are many open source are available.// what is this supposed to mean? :) This is my private blog.

      Delete
  17. මේ පින්තුර දැක්කම මට හිතුනේ රුසියාව මිනිස්සු අඩු රටක් කියල.. ඒක එහෙම ද? නැත්නම් අජිත් ගිය වෙලාවේ මිනිස්සු අඩු ද..? හෙහ් හෙහ් කලබල ගතියක් නැති පාලු හැඟීමක් එනවා..



    ReplyDelete
    Replies
    1. මේවා මිනිස්සු නැති වෙනකන් බලන් ඉඳල ඉඳල ගන්න ඒවා. නමුත් සමහර වෙලාවට සමහර ගැහැණු උදවිය අයින් වෙන්නෙම් නැහැ. වරු ගණන් හැඩ වේවි ෆොටෝ ගන්නවා. එතකොට ඉතින් ඒ ගොල්ලොත් එක්කම ගන්නවා . රුසියාව කියන්නේ ලෝකේ ලොකුම රට. වර්ග ප්‍රමාණයට මිනිස්සු අඩුයි හැබැයි. rank country area sq.km.
      1. Russia 17,075,200

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .