Tuesday 16 August 2016

සංචාරක සටහන් පැත්තකය - කැමති සින්දු දහසය රැල්ලය

මම කැමතිම සින්දු ටිකක් අටම දාල තිබෙනවා. ඒ මෙතන. ඉයන් ගේ සින්දු ටික සම්පුර්ණයෙන්ම අහන්න   බැරි වුනා තවම. මිල්ටන් ගේ සින්දුව බොහොම කැමති එකක්. කලණ ගේ තේරීමත් ඉතා හොඳයි කියමු.  එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවට තමයි මම වැඩිපුරම කැමති.  හන්සිගේ තේරීම් වලින් සිත හොරෙන් හොරෙන්, සිහිල් සුලන් රැල්ලේ හෙම කැමතිම ගීත. හැබැයි එයා  දාල තියන අලුත් ඒවා වැඩිය දන්නේ නැහැ.  නිර්මාණි ගේ තේරීම් වලින් සිහිනයකි ඔබ මම කැමතිම ගීතයක්. තරිඳුගේ එගොඩහ යන්නෝ හුඟක් කැමති ගීතයක් .

නිර්මාණි කියනවා වගේ ඉයන් ගේ අභියෝගය හිත ඇවිස්සු , කලම්බපු එකක් බව ඇත්ත. මම අද උදේ වැඩට යද්දී කල්පනා කළෙත් මම කැමතිම ගීත මොනවාද කියල. එහෙම  අත අරින්න පුළුවන්ය. මෙන්න මගේ කැමතිම සිංහල ගීත දහසය. ටිකක් පරණ ඒවා තමයි වයසේ හැටියට.

1. වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා - පෙම් රස වෑහෙන
පෙම් රස වෑහෙන පද ටික මෙන්න.
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොල'ග ගී සැරේ
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා

සින්දුව ට මම කැමතිම මේක මගෙයි බිරිඳ ගෙයි පුංචි කැදැල්ලේ දරු දෙන්න එක්ක ගෙවන ජිවිතේ වගේ නිසා. එකම කණගාටුව මගේ බිරිඳ ට සින්දුව තේරෙන්නේ නැති එක.
2. නන්දා  මාලිනි - තරුද නිදන මහා රෑ 
 නන්දා මාලිනී කියන්නේ කැමතිම ගායිකාවක්. එයාගේ සින්දු වලින් කුරුටු ගෑ ගී පොතේ සහ ගලන ගඟකි ජිවිතේ කියන සින්දු දෙකටත් මම ගොඩක් කැමතියි. නමුත් රෑ තරු පිරුන අහසක මේ සින්දුව නිතර හිතට එනවා. තරු බලන නිසා වෙන්න ඇති. මගේ සොයුරිය නිතර ගයනවා මේක. එයාගේ පුංචි පැරදුන ආදරයක් තිබ්බා කාලෙකට කලින්. 
 
3. අබේවර්ධන බාලසුරිය  - පියාණෙනි මා  නැවත උපන්නොත් 
මට හැම වෙලේම මගේ පියා  සිහි වෙනවා මේ සින්දුව නිසා.  මම උපාධියක්  ගත්ත පළමුවන අවස්ථාවේදී එයාට එන්න වීසා  හදන්න බැරිවුණා. දෙවෙනි අවස්ථාවේදී පුළුවන් වුනත් එයා අසනීපෙන්. තුන්වන අවස්ථවේදී  එයා මෙලොව හැර ගිහින්. අහන හැම අවස්ථාවකම හිත සංවේදී වෙනවා. 


4. වික්ටර් රත්නායක - ආදරයේ  උල්පත වූ අම්මා 
අම්මා ගැන ගයන මේ ගීතයත් ජෝතිපාල මහතාගේ තව ගීතයකුත් තියනවා. ඒ වගේම අම්මාවරුනේ ගීතයටත් මම කැමතියි. 


5 ගුණදාස කපුගේ - තරු මල් යායම 

මෙහෙම කතාවකුත්  තිබුනා ජිවිතයේ.  නැවත මතක කරන්නේ නැතුව සින්දුව ඇහුවම හරි. 

තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේඅඳ්රේ උන්නෙමි ලොවම එපාවීමා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැතිපාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැතිතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතීයටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතීතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි





6. ඩබ්ලිව් ඩි අමරදේව - සන්නාලියනේ 

මම මේක සින්දුව අහපු මුල් දවස වල ඉඳලම වගේ කැමතියි. ජීවිතය ගැන ලස්සනට ගීතයකින් මැවෙනවා. ඉපදීම, ජීවිතය හා මරණය එකට ඈඳලා.

7. එච් ආර් ජෝතිපාල - පාට පොදක් තිලකලා 



8. මිල්ටන් මල්ලවාරච්චි -  පෙර එක දවසක 
මේක අංක පහට සම්බන්ධයි.


9. පියුම් නිල විල උපන්නියේ - ටි එම් ජයරත්න 
අපේ ගෙවල් ගාව හිටිය ලස්සන ගැහැණු ළමයෙක්. ලස්සන වැඩි කමට කොල්ලෝ පස්සෙන් යනවත් වැඩියි. මේ සින්දුව එයාටම ලියපු එකක් කියල හිතුන වාර අනන්තයි.


10. ක්ලැරන්ස් වීජේවර්ධන - හිරුගේ ලොවේදී 


11. සනත් නන්දසිරි -එදා මෙදා  තුර 
මගේ යහළුවකුට වුණා කියමුකො. ජිවිතේ දුක තමයි වෙලාවකට.


12- ප්‍රිය සුර්යසේන - ආදරණිය නේරංජනා 


13.  සුනිල් එදිරිසිංහ - සන්තාප මාවතේ
14. 
ශ්‍රීමති තිලකරත්න - ආත්ම ගණනක සිතිවිලි අතරේ

15. සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනක
16.  ටි එම් ජයරත්න , සුනිලා - හෙමින් සැරේ පියා  විදා
 

මේ සින්දු දහසයට  අමතරව තවත් සින්දු කීපයක්ම  හිතේ තිබෙනවා. ඒ අමරදේව මාස්ටර්ගේ "රෑ දුරු රට මේ ". පිටරට සීතල දවසක අහන් හොඳ සින්දුවක් කෝපි කොප්පෙකුත් හදාගෙන.
දයාරත්න රණතුංග ගේ මංගල මධු සමය පතා , සෝමතිලක ජයමහ ගේ දෙනුවර මින්පසු,  මොහිදීන් බෙග් ගේ සුදු සඳරැස් ගලන ,  මර්වින් පෙරේරාගේ මා සනසා , විජය කුමාරතුංග ගේ ගඟ  අද්දර .  බණ්ඩාර ආතාවුද ගේ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ 
  නිරංජලා සරෝජිනී ගේ මේ ගඟ  මේ දුර කතර ගෙවා
ඒ වගේම මම කැමතිම පරණ ගීතයක් මේක.
අයිරින් ඩි අල්විස් , රොම්ලස්  පෙරේරා - නීල   ජලේ යමුනා සමිරේ 



මධුර යාමේ අමතක කරලා කොහොමද. ඔන්නොහේ ඒකත් එකතු කලා .



ඒ නිසා ඉයන් මේක සින්දු 25 ක්ම කළොත් නරකද?  ඇත්තටම හිතුවොත් ඉයන් මේ සින්දු ගැන ලියපු එකෙන් තවත්  දෙයක් ඉස්මතු වෙනවා. අපි මේ සින්දු කියපු, සින්දු ලියපු, සංගීතය සපයපු ආදරණිය සංගීතඥයන්ට කොපමණ ණය ගැතිද කියල. හිත වේදනාවෙන් පිරුණු වෙලාවක වගේම, හිත සතුටින් උදම් අනපු වෙලාවක,  තේ කෝප්පයක් හදාගෙන හිත තනි කර ගත්ත වෙලාවක මේ සහෘදයන්ගේ සොඳුරු ගීත අපව කොතරම් මන්මත් කළාද? ඇත්තටම හිතා  ගෙන යනකොට මට විසි පහෙනුත් නවත්වන්න බැහැ  වගේ. ඉයන්ට ස්තුතියි.  

70 comments:

  1. පියාණෙනි මා නැවත උපන්නොත් ගයන්නේ අබේවර්ධන බාලසූරිය නේද?

    පසුබිම් විස්තර නැතුව සින්දු විතරක් ඔට්ටු නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. තුන් දෙනෙක්ම කිව්වා. වෙනස් කළා . මට මතක තිබ්බේ ඒ විධිහට. පසුබිම විස්තර හිතා ගන්න.

      Delete
  2. මේකනම් පට්ටම ලිස්ට් එකක් , අතාරින්න එකක්වත් නෑ. එලද බ්‍රා තමා

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෝ පව්ලුෂා ගේ සීය

      Delete
  3. Ajith-song no.3 is Abeywardena Balasuriya not Punsiri Soyza.

    ReplyDelete
  4. අජිත් අයියගේ සින්දු එකතුවත් අපුරුයි.

    තරුද නිදන මහා රෑ එකේ ඉන්ස්රුමන්ටල් වර්ෂන් එක පියානෝ එකෙන් ජෑස් කෝඩ් දාල ගහන විදිය අහන්න ආසා හිතෙනවා. පුලුවන්නම් එක අහල බලන්න අයියේ.

    ඇත්තටම මේක සින්දු 50 වත් කරන්න වෙනවා. 16 කැට සීමා කරන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. මම පියානෝ වර්ෂන් එකක් අහල නැහැ. හොයා බලන්නම්. ස්තූතියි ඔත්තුවට. ඇත්තම කියනවා නම් සින්දු 50 වත් තියනවා තමයි.

      Delete
  5. 4,7.10 නම් මරු. මගෙ හිට් වෙච්චි එව්ව තමයි ජෝතිපාල මහත්තයාගේ "දිය කිදුරියසේ" , ක්ලැරන්ස් "ඈත එපිට හිම කන්දෙන්", ජය ශ්‍රී "පිය මැන්නේ", ක්ලැරනස්‌ "දේවතාවන් හිතන දේවල්", අජිත් "ග්‍රීස් ගහේ මම උඩට ගිය". 👊🏽 🎶🎶🎶

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිය කිඳුරිය සේ මම කැමතිම පාටියකට ගියහම කියන එකක්. ගීස් ගැහෙ අහල නැත්ද කොහෙද. හරි හරි අජිත් කුමාරසිරි ගේ.

      Delete
  6. පුන්සිරි සොයියගේ මම කැමති සින්දු දෙකක් තියෙනවා ජීවිතේට ගොඩක්ම සමීප උන.
    සුබා කියා මා ඔබ අමතන්නද ගීතය හා සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම්පත කියන ගීත දෙක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ සින්දුවක් නේ එක. "සුබා කියා මා ඔබ අමතන්න"

      Delete
    2. "සුබා කියා මා ඔබ අමතන්නද ගීතය" ලියැවුණේ මගේ අතින්. (1974 දී) ගයන ශිල්පී පුන්සිරි ගේ ඉල්ලීම පරිදියි ලීවේ.
      මාතින් ලියවුනු අනෙක් ගීතත් සමඟ සසඳන විට මෙය හොඳට ලියැවුනා කියලයි මට හිතෙන්නේ. ඔහු මෙවැනි ගීතයක් ලියා දෙන ලෙස ඉල්ලා සිටියේ ඇයිදැයි දැනගනු රිසි නම් පහත යොමුවෙන් ඒ අඩවියට පිවිසෙන්න.

      https://youtu.be/qOG1C53we3c?t=401

      ස්තුතියි
      චන්ද්‍රසේන රංගේ

      Delete
  7. අපි සිංදු 16 ක් තේරුවාට තව කෙනෙකුගේ සිංදු ලයිස්තු බලනකොට ආ මේකටත් කැමතීනේ කියලා මතක් වෙනවා... අජිත් අයියා කියුව වගේ මේ සිංදු ලයූ, ගායනා කළ, සංගීත ශිල්පී හැම කෙනෙක්ටම අපි ණය ගැතී... මොකද අපේ හැගිම් ගොඩක් වෙලාවට අපි ඒ සිංදු එක්ක බෙදා ගන්න නිසා...

    මේ ගී එකතුවත් අපුරුයි...

    තරු මල් යාය සිංදුව ඉස්සර මං අහනකොට මට හිතුනා ඒ කියන ගෑණු ළමයා හරි නපුරුයි කියලා.. මොකද පොඩි කර, ඉර හඳ මිරිකා වගේ වචන නිසා...

    ReplyDelete
    Replies
    1. //තරු මල් යාය සිංදුව ඉස්සර මං අහනකොට මට හිතුනා ඒ කියන ගෑණු ළමයා හරි නපුරුයි කියලා.. මොකද පොඩි කර, ඉර හඳ මිරිකා වගේ වචන නිසා// එහෙමත් හිතෙනවා නේද? ඇත්තටම අනිත් අයගේ සින්දු 16 ටත් මම කැමතියි. amarui ඇත්තටම තෝරන්න 16ක්.

      Delete
  8. මේ ගීත සියල්ලටමත් කැමතියි... ඉතින් කොහොමද ගීත තෝරන්නේ.. දැන් රූපවාහිනියෙත් මේ වගේ වැඩ සටහන් යනවා.. ඉයන්ගේ පෝස්ට් එකටත් හේතුව ඒක වෙන්න ඇති... ඒ වැඩ සටහන්වල යන සමහර ගී අපට අමතක වෙලා ගිය කැමතිම සින්දු... ඉතින් කොහොමද අනේ මේ දේ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. හිත තද කරගෙන තමා ලියන්න වෙන්නේ. ඕනෑම දෙයක් තෝරන කොට ඔය ප්‍රශ්නය එනවා නේද?

      Delete
  9. හෙහ්. පරන උනාට මේ සින්දු අහන්න කව්ද අකමැති. මේ හැම කෙනාගෙම ලිස්ට්වල මං කැමතිම සින්දු ගොඩක් තියෙයි. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපි හැබෑටම කැමති ගීත සෙට් එක අතර සමානතා තියෙයි කියන එක නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමානතා ටික හොයන්න ඕනේ. රවීගේ ලිස්ට් එකේ මම දාපු එකක් තිබුන.

      Delete
  10. අජිත්ගේ සංචාරක සටහන් ටික ටික කියවමින් ඉන්නකොට තමයි සින්දු ඇහෙන්ට පටං ගත්තේ හැම පැත්තෙන්ම. හොඳ සින්දු ටිකක් අජිත්

    ReplyDelete
    Replies
    1. සංචාරක සටහන් නම් හුඟක් තියනවා. ඔයාගේ බිරිඳත් කැමති වෙයි පින්තුර බලන්න. ස්තූතියි තිලකේ.

      Delete
  11. හරි අපූරු ගී රැල්ලක්, එකක් යන්න එකක්, ඔක්කොම සිංදු අහන්න ලැබෙන සතුට ඉයන්ට...මේ ලිස්ට් එකත් නියමයි අජිත්.

    ReplyDelete
  12. අජිත්... අංක 3....පියාණනී මා නැවත උපන්නොත් කියන්නෙ අබේවර්ධන බාලසූරිය නේද?

    ReplyDelete
    Replies
    1. හැදුවෝ හැදුවෝ , තව ටිහකින් බාලසුරියත් ඇවිත් කියයි වගේ.

      Delete
  13. //මේ සින්දු ගැන ලියපු එකෙන් තවත් දෙයක් ඉස්මතු වෙනවා. අපි මේ සින්දු කියපු, සින්දු ලියපු, සංගීතය සපයපු ආදරණිය සංගීතඥයන්ට කොපමණ ණය ගැතිද කියල.//

    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රා ගේ ලෙඩේ බෝවෙලා.

      Delete
  14. ආදරයේ උල්පත වූ අම්මා බොහෝ දෙනාගේ පොදු සාධකයක් වගේ නේද? අනෙක් ගීතවලටත් මා කැමතියි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ මවක් ගැන ලියවුන හොඳම ගියක් ඒක කියල. අම්මාවරුනේ ගීතයත් හොඳයි.

      Delete
  15. මේ ලිස්ට් එකම මම ගොඩක් කැමති සිංදු. සමහර විට අපි සිංහල සිංදු වැඩිපුර අහපු කාල ආසන්නව සමාන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා. රවී ගේ සින්දුත් ලඟින්ම යනවා. වෙන මොහොතක ඒ සින්දු අටම මමත් දාන්න ඉඩ තිබ්බ කියලත් හිතෙනවා. අර පෙර ආත්මයක කියන ගීතයත් හරි අගෙයි. අමතක වුන කැමැති එකක් තමා - "මධුර යාමේ "

      Delete
  16. හොඳ තේරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබට අල්ලලා යන සින්දු වෙන්න ඕනේ.

      Delete
  17. Hi Ajith's ayya

    Though I haven't commented in your blog I follow your blog regularly. I have been in Uk since early august and was missing Srilanka dearly. As I am writing this I am listening to your selections .Thank you very much

    Thusitha

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙත් ලන්ඩන් වල. සිංහල සින්දු නිතර අහන කෙනෙක් ඒ කාලේ ඉඳල. සිංහල ජූක් බොක්ස් එක තමා ප්‍රියතම.

      Delete
    2. I am working at james paget university hospital in great yarmouth. Sorry I don't know how to type in sinhalese. DO you need a special software for that?

      Regards

      Thusitha

      Delete
    3. ගූගල් ඉන්පුට් ටූල්ස් දාගන්න බ්‍රව්සර් එකට. ඊට පස්සේ සිංහල තෝරා ගන්න.
      https://www.google.com/inputtools/

      Delete
  18. අගෙයි........ තරු මල් යායම මගෙත් හිත මිරිකපුම සින්දුවක්....... කොහෙදි ඇහුනත් ඇස් දෙක පියාගෙන විඳින සින්දුවක්....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කපුගේ ගේ සින්දුවලින් එකක් තෝරා ගණන් එකත් අමාරු වැඩක්. එකකට එකක් හොඳයි.

      Delete
  19. රැල්ල නිසාමයි මෙහෙට ගහන් ආවේ. අම්මෝ මේ සින්දු හැම එකකටම වගේ මමත් බොහොම මනාපයි.හරිම ලස්සන හැඟීම්බර ගී එකතුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔය මගේ දුලා වගේමද දන්නේ නැහැ. ශානි ශෂී හේ හේ. ඔයාගේ ලිස්ට් එක දැම්මද?

      Delete
  20. Ajith,

    සන්නාලියනේ ගීතයෙ පොඩි අවුලක් තියනව. පරිවර්තන දෝෂයක්. සන්නාලියො කියන්නෙ ඇඳුම් මහන අය. ටේලර්ල.මේ ගීතයෙ කියවෙන්නෙ " සන්නාලියනේ, සන්නාලියනේ මේ හිමිදිරි උදයේ, සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ?" කියලයි . ඒක වැරදියි. ඔරිජිනල් වර්ෂන් එකේ තියෙන්නෙ වීවර්ස් කියල.

    සරෝජිනී නායිදු මහත්මිය මුලින්ම ලියපු කවියෙ තියෙන්නෙ Weavers කියල. මහගමසේකර කාටද ඇඳුම මහන්නේ කියල ලිව්ව නම් හරියටම හරි.

    WEAVERS, weaving at break of day, 
    Why do you weave a garment so gay? . . . 
    Blue as the wing of a halcyon wild, 
    We weave the robes of a new-born child.

    Weavers, weaving at fall of night, 
    Why do you weave a garment so bright? . . . 
    Like the plumes of a peacock, purple and green, 
    We weave the marriage-veils of a queen.

    Weavers, weaving solemn and still, 
    What do you weave in the moonlight chill? . . . 
    White as a feather and white as a cloud, 
    We weave a dead man's funeral shroud. 

    Sarojini Naidu

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මතක් කෙරුවට. මගේ අක්ක මේ නයිදු කටහ්ව එයාගේ සමරු පොතක ලියල තිබුන මට මතක විධිට. ඒත් මහන්න කියල ලිව්වොත් සින්දුව ගැලපෙන්නේ නැහැ නේද? වියන්නේ කියන එක වඩා ලස්සනයි.

      Delete
    2. ඔව් මෙතැන වචනය වෙනස් කරන්න ඇත්තේ මහනවා කියන වචනයෙන් ගීතාත්මක බවට හානියක් වෙන නිසා වෙන්න ඕනේ...

      Delete
  21. සඳකඩ පහණක, හෙමින් සැරේ පියා විදා, 'රෑ දුරු රට'මේ සිංදු මමත් එකතු කරන්න හිටියෙ ඒත් 16 සීමා උන නිසා එක ගායකයෙකුගෙන් මම වැඩියෙන්ම කැමති මොන සිංදුවටද කියල හිතල තමා තේරීම කලේ :) මෙතන තියන සිංදු 16ම මම අහල තියන සිංදු :)

    ReplyDelete
    Replies
    1. මා ඒකනේ 26 කම දැම්මේ. හන්සිල අලුත් සින්දු අහන නිසා දන්නේ නැති ඒවත් තියනවා.

      Delete
  22. පියුම් නීල විලට කැමති ඒකයි එහෙනම් අපි දන්නෙ නෑනෙ සීන් එක. අපි පන්තියෙදි කියපු සින්දු සෑහෙන්න තියෙනව මේ ලිස්ට් එකේ. එළ එළ

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර අරයා. එස්පිඑම් ගිය. උඹ දන්නවා.

      Delete
    2. මට මතක නෑ නේ!

      Delete
  23. Replies
    1. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. ඉයන් ගේ බ්ලොගයෙන් යන්න ඕනේ.

      Delete
  24. 14, 16 කියන්නේ මම පුදුමාකාර විදිහට ආස සින්දු දෙකක්...

    ReplyDelete
    Replies
    1. ශ්‍රීමති ගේ මම කැමතිම සින්දුවක්. ඊට අමතරව අනිත් සින්දු වලටත් කැමැතියි. "මසර පෙම් රසයෙන්, අනන්තයට මා ඉගිලුණු එහෙම " . මට "උදුම්බරා හිනැහෙනවා " දාන්නත් හිතුනා . නමුත් ඒක ජනප්රියමය ගත වලට වඩා භාවනාමය එකක්. ලොකු පුතා "පොඩි පුතුගේ සිනා පොදයි " එකට කැමති ඇති නේද? :)

      Delete
  25. අපූරු ගී එකතුවක්.මෙතැන තියෙන බොහෝ ගීතවලට මාත් කැමති..

    http://wehimandarama.blogspot.com/2016/08/blog-post_21.html

    ඒ, මගෙ ගීත එකතුව..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , වැසි දැරිය ඇවිත් යන්න එනවා.

      Delete
  26. ගීත සියල්ලම නැවත වතාවක් බොහොම රස වින්දා කලකට පසුව...සොඳුරු ගීත එකතුවක් අජිත්...හැම ගීතයක්ම වගේ මා ආසා කරන ගීත...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු

      Delete
  27. මම හෙමින් සැරේ පියා විදා එකටයි පාට පොදක් තිලක ලා එකටයි හෙන ආසයි.. මේ හැම සිංදුවක් ම කොච්චර ඇහුවත් එපා වෙන්නේනැති ඒවා.. ඇත්තටම සිංදු 16කට සිමා කරන එක අමාරු වැඩක්.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මම දන හිතනවා දෙවෙනි ලිස්ට් එකකට යන්න.

      Delete
  28. හෙමින් සැරේ පියා විදා..හ්ම්ම්.. කොහොම කියන්නද අපූරුව.. :)

    වයිෆ් ලා දුවලා සිංහල සිංදු අහන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අහනවා. ඒ ගොල්ලෝ වැඩිය කැමති රම්බරී , රතු රටකජු වගේ ඒවාට. ඉනෙස් ගේ කැමතිම සින්දුව ඉඳි ආප්ප ඕනේ - ජිප්සීස්

      Delete
  29. ලිස්ට් එක එන්න එන්නම වැඩි වෙනවා නේද හේ හේ

    ReplyDelete
  30. හෙමින් සැරේ පියා විදා...

    කේමදාස ගේ තවත් පුදුමාකාර නිර්මාණයක්.

    අජිත් අයියේ, අර මම අමගේ පොස්ට් එකේ කියලා තියෙන දේම මෙතනත් කියන්න කැමතියි.
    කේමදාස කියන්නේ මේ රටේ ඉපදිච්ච පිටසක්වල ජීවියෙක්.
    එතුමා ගේ සංගීතය මේ රටේ කොහෙවත් එතෙක් මෙතෙක් ඇහිච්චි නැති දෙයක්.
    මේකත් ඒ දේට හොඳ උදාහරණයක්.

    0-----------0---------------0

    සින්දු ලිස්ට් එකනම් බොහොම අගෙයි...

    ReplyDelete
    Replies
    1. කේමදාසගේ අර "ගොළු හදවතින් තුන්වන යාමයට " මම කැමතිම කැසට් එකක්. ඒකේසීඩී තියනවද දන්නේ නැහැ.

      Delete
  31. අජිත් තෝරපු සින්දු වලින් මම කැමතිම හෙමින් සැරේ පියා විදා. මට මතකයි එක වරක් ටී එම් ජයරත්න මහත්මයා කිවා එය සරල ගීයක් සහ චිත්‍රපට ගීයක් අතර තිබිය යුතු වෙනස පෙන්වන කදිම උදාහරණයක් බව.

    ReplyDelete
    Replies
    1. සුනිලා අබේසේකරගේ හිටපු හස්බන්ඩ් සුනිල් ඊයේ පෙරේදා හමුවුන එවේලත් ඔය සින්දුව මතක් කලා.

      Delete
  32. අජිත්, අයිරින් අල්විස් සමග නීල ජලේ යමුනා සමීරේ ගීතය ගයන්නේ මිල්ටන් පෙරේරා නොව රොම්ලස් පෙරේරායි.

    ReplyDelete
    Replies
    1. යුටියුබ් එකේ නම් තිබ්බේ මිල්ටන් පෙරේරා කියල්. එහෙනම් වැරදිලා වෙන්න ඇති.

      Delete
  33. මට නං ඔහොම ලැයිස්තුවක් තෝරන්න බෑ 100 විතර නැතිව.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .