Thursday 29 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - පස්වන කොටස

මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - දෙවන   කොටස 

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - තෙවන  කොටස 

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - හතරවන  කොටස

ඉහත හතරවන කොටසේ ඕල්කට් තුමා හා බ්ලවට්ස්කි මැතිනිය මළවුන් සමග හෙවත් එහා ලෝකයේ මාස්ටර් හෝ ගුරුන් සමග කතා කිරීම විශ්වාස කරන බොහෝ දෙනෙක් වෙති. ඒ අතර යතිවරුන්ද බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම  විද්‍යාඥයන් පවා වෙති. බොහෝ අය මේවා ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැත. ඒ තමන්ව උපහාසයට ලක්වේ යයි බියෙනි. අනාගාරික ධර්මපාල තුමා බුදු දහම අනාත්මවාදී යයි කියා ඕල්කට් තුමන්ලා සමග පසු කලෙක විරසක වුනු බව අසා ඇත්තෙමි.

මළවුන් සමග කතා කරන්නන් හෙවත් මිඩියම් ලා සාමාන්‍ය ආගම් සමග සම්බන්ධයක් නැත. කතෝලික ආගමේ, මෙන්ම බුදු දහමේද සිය දිවි නසා ගැනීම පාපයක් බව සඳහන් වේ. මා නිරීක්ෂණය කළ දෙයක් නම් තම දිවි නසා ගැනීම් නිසා අහිමි වූ තම ලයාදරයන්ට හිමි වන්නේ අපාය යයි දේශනා කරන ආගම් නිසා ඒවායින්  ඉවත්වී මෙවැනි  කණ්ඩායම් වල පිහිට පතා මිනිසුන් එන බවයි.. දැන් දැන් එංගලන්තයේ නිදහස් සෞඛ්‍ය සේවාව මෙවැනි අයට අවශ්‍ය මානසික සායන පැවැත්වූවත් ඇමෙරිකාවේ එවැන්නක් නොමැතිව තිබුණා යයි සිතමි.

එතැනට යාමට කලින්  මේ අත්දැකීමද සටහන් කිරීම වැදගත් යයි සිතමි.

මේ කාලයේදී මම මගේ මව රැගෙන ඉන්දියාවේ වන්දනාවක ගියෙමි.  ඒ ගමන ගැන කතා කිහිපයක් මේ බ්ලොගයේ ද මා පළ කල පොතේ ද තිබේ. වන්දනා නඩය  සංඝයාවහන්සේ ලාගේ ප්‍රධානත්වයෙන් මහමෙවුනා  උයනේ හවස පහන් පුජාවක් පැවැත්වූහ. පහල ඇත්තේ එදා ගත් පින්තූර කිහිපයකි.
රාත්‍රියේ පහන් දල්වා ඇති අයුරු 


මගේ මව ඈත බලා  සිටියි. 

මේ පහන් පෙළේ දර්ශනය චමත්කාරය දනවයි.


රැහැයි ශබ්දයක් වත් නැති ඉතා නිහඬ රාත්‍රියේ මේ පහන් පුජාව ඇත්තෙන්ම සුන්දරය. නිරාගමිකයකු වුවද මේ අතීත නටබුන් තුල රාත්‍රී මදනළත්  සමග සෙමෙන් සැලෙන පහන් දැල්ලේ චමත්කාරයෙන් මත්වනු නියතය. ඉතින් මේ රාත්‍රියේ සැවොම පහන් පත්තු කරද්දී මගේ මව මා  අතටද තෙල්, ඉටිපන්දම්  ආදිය දුන්නාය. ඈත කෙළවරේ ගරා වැටුන චෛත්‍යයක් වටා මම පහන් දැල්වුයෙමි. හැමෝම එකතු වී සිටින්නේ මැද හරියේය. මේ අඳුරු පැත්තට කවුරුත් එන්නේ නැත. මගේ පිටුපස මදක් ඈතින් උපාසිකා උපාසිකාවෝ පහ හයක් පමණ පහන් දල්වති. ගරා වැටුණු චෛත්‍යයේ අඳුරු පැත්තේ කවුරු නැත. හාමුදුරුවන් හා අනිකුත් ඉන්න අය සිටින මැද  පැත්තට වෙන්නට පමණක් හැමෝම පහන් දල්වනවා මිස අඳුරු පැති වලට යන්නේ නැත.

 ඉන්දියාවේ මේ පෙදෙසේ විදුලි පහන් නැත. එනිසා පළාතම ගණ අඳුරුය.  මා ඒ පැත්තේ පහන් පත්තු කරද්දී මට අඩි දහයක් පමණ ඉදිරියෙන් තවත් අයෙකු යන බව දුටිමි. යනවාට වඩා සුදු උඩුකය පාවෙයි. එය අනිත් පැත්තට යන්නාක්  මෙන් නැතිවී ගියේය. ඒ පැත්තේ අනිත් අය පහන් පත්තු කරනවා ඇති යයි සිතා මම අනිත් පැත්තට ගමන් කලෙමි. ඒ  අර උදවිය තවම පහන් පත්තු කරමින් සිටි තැන පසු කරමිනි. අනිත් පැත්තෙන් කවුරුත් ආවේ නැත. පහන් පත්තු කරද නැත.  මම නැවත මැදට පැමිණ අර උපසිකාවනට කවුදෝ සුදු හැඳගත් රුපයක් පහන් පත්තු කරන තැන  දුටු බවත් ඉන්පසු දැඩි අඳුරේ  මේ පැත්තට පාවී මෙන් එන සෙයක් දුටු බවත්  කියා ඔවුන් ගෙන් කෙනෙක් ඒ පැත්තට ගියාදැයි ඇසුවෙමි. මා දෙස බියමුසු නෙතින් බැලූ සියල්ලෝම එතනින් ආත බූත කඩාගෙන පැන ගියහ.. ඔවුන් හාමුදුරුවන්ට මේ විස්තරය කිව්  බව මට වැටහුනේ හාමුදුරුවන්  කියූ කතාවකිනි.
"මහත්තයා හරි වාසනාවන්තයි. මාත් නිතර අහල තියෙනවා දෙවි දේවතාවෝ වඳින්න එනව කියල. අපේ හිමිවරු නිතර දැකල තියනවා. මම දැකල නම් නැහැ. නමුත් සමහර අයට විතරයි ඕව පේන්නේ."  දෙවියන් නම් අර අය බියෙන් මෙන් ඉවත්ව ගියේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. තමන් නිතිපතා වන්දනා කරන දෙවියන්ට මිනිසුන් ඇත්තටම බයද? පුතා දෙවියෙක් දැකීම ගැන මවද සතුටින් හිටියාය.

මේ ගැන පසුව සිතූ මට සිතුනේ මා දුටුවේ දෘෂ්ටි මායාවක් බවය.  ඉන්දියාව අධික උෂ්ණත්වයකින් යුතු රටකි. දහවලට එහි ඇති උෂ්ණත්වය ශ්‍රී ලංකාවටත් වඩා වැඩිය. අනික මේ සමහර පැතිවල ගහකොළ ද එතරම් නැත. එනිසා මිරිඟුව වැනි දේ ඇති වීම සාමාන්‍ය දෙයකි. අධික උෂ්ණත්වය ඇති දහවලේ මිරිඟුවක් දැකීම සාමාන්‍ය දෙයකි.  දහවලේ අධික උෂ්ණත්වය නිසා උඩට යන ජල වාෂ්ප වලින් වලාකුළු සෑදෙන බවද සැවොම දන්නා කරුණකි. මේ ජාල වාෂ්ප හැමෙකක්ම උඩ  අහසට යන්නේ නැති අතර සමහර ඒවා පොලොව මතුපිට වෙයි. හවස සීතල වාතය මේ නිසාය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි 
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි 

පොළොව අසල ඝනීභවනය (අන්තර්ජාලයෙනි)
ඉතින් මේ සීතල ජල බින්දු වලින් සෑදුන තාවකාලික දර්පනයක් වැන්නකින් මගේම හෝ එතන සිටි උපාසිකා/උපාසක කෙනෙකුගේ රුවක් පරාවර්තනය වී මට පෙනෙන්නට ඇත. අවට තිබු පහන්වල ආලෝකය පරාවර්තනය වන්නට ඇත. මා ඉවතට යන විට එයත් පාවී ගියේ මේ නිසා විය යුතුය.

පසුව බුද්ධගයාවේදී එහි තුබූ පොත් හලට ගියෙමි. එහිදී ඉතා වැදගත් පොතක් හමුවිය. එම පොත මහායාන බුදු දහමේ ප්‍රබලයන් වන නාගර්ජුන හිමි හා දම්මකිත්ති හිමි (150-200 AD)  අතර වන සංවාද ගැන ලියූ එකකි. ගෞතම බුදුන් ගෙන් පසු සිටි හොඳම ම බෞද්ධ දාර්ශනිකයන් වන ඔවුන්ගෙන් නාගර්ජුන ශුන්යාතය නමැති සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේය.  මේ අදහස් මේ ලිපි පෙලට ගලපන්නේ පසුවටය.

 ඊළඟ ලිපියෙන් සියදිවි නසා ගත්  දෙමළ බෝම්බකරුවකු හා 88-89 සමයේ මියගිය ජවිපෙ සාමාජිකයකු ඇත්තටම කතා කළේ දැයි විමසමි. එම ලිපියෙන්  පසු මගේ අවසන් පරීක්ෂණය ගැනද  පැහැදිලි කරමි.

ඉන්පසු මා "මළවුන් සමග කතා කිරීම" පිළිබඳව උපේක්ෂාවෙන් සලකන හේතූන්  පැහැදිලි කරමි.

~~~~~ මතු සම්බන්ධයි.


ජලය වාෂ්ප වන හැටි හා පින්තූරය : http://water.usgs.gov/edu/watercyclecondensation.html
http://www1.lsbu.ac.uk/water/density_anomalies.html
http://www.engineeringtoolbox.com/water-vapor-saturation-pressure-air-d_689.html

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

80 comments:

  1. මට ඔය වගේ ඇත්දැකීම් තුනක් තියෙනවා. එකක් නම් මම කලින් ලියලා තියෙනවා. තව සිද්ධියක් උනේ මගේ මිතුරන් පිරිසක්ද ඉදිරිපිට. අනෙක් සිද්ධිය අපේ පවුලේ අය ඉදිරිපිට. ඒ ඇර ඇසූ දේවල් සහ ඒ සඳහා කරන බලි තොවිල් යාග හෝම බොහෝමයක් පොඩි කාලේ ඉඳන් ආශාවෙන් නිරික්ෂණය කරනවා. අජිත් දැක්කේ සමහර් විට තාත්තා වෙන්න පුළුවන්. මගේ යාළුවෙක් ඉන්නවා මියගිය තාත්තත් එක්ක නින්දෙදි කතා කරන. ඒත් ඒ කියූ දේ ඌට හොඳට මතකයි. ඌ තාත්තාව අදහන්නේ දෙවි කෙනෙක් විදියට. මගේ ළන්නග මළවුන් ගෙන්වන ආක්කාරය ගැන පොතකුත් තියෙනවා. ඒත් කරන්න බයයි. ගියේ නත්නම් හෙම.

    ReplyDelete
    Replies
    1. //. ගියේ නත්නම් හෙම// මළවුන් ගෙන්වන්නේ කොහෙන්ද? හිතුවම ලඟට මිනිත්තුවෙන් එනවනම් ගෙන්වන්නත් ඕනෙද?

      Delete
    2. // මගේ ළන්නග මළවුන් ගෙන්වන ආක්කාරය ගැන පොතකුත් තියෙනවා. ඒත් කරන්න බයයි. ගියේ නත්නම් හෙම. //

      මලා ජෝන්....

      මාතලන් ට තද වුනොතින් අමුඩෙ ගහන් නන්තිකඩාල් වල මැරිලා හිටි හාදයා නැවත ගෙනල්ලා එයාව මැරුවේ කලවැද්ද ද කියලා අහනවා සුවර්!

      Delete
    3. නර්ව් ෆිලිං එකක් කරගන්නත් බයයි සරාස්තුමෝ, මරපු නර්ව් එක ආයිත් ආවොත්

      Delete
  2. මැරිච්චි මනුස්සයා ජීවත්ව ඉන්නා කාලයේ ගොලුවෙක් නම් එයාට මරණයෙන් පසු කතා කල හැකිද?

    ReplyDelete
    Replies
    1. හා හා නියම ප්‍රශ්නේ. ඊයේ මම යාළුවෙක් කතා කලා උපදෙසක් ගන්න අර දෙමල මියගිය බෝම්බකරු ගැන ලියනවාඩ් අකියන දහස ගන්න. එයාගේ මුල් ප්‍රශ්නේ වුනේ කැනේඩියන් මිදියම් කතා කලේ කොහොමද කියල? හිනායන වැඩේ.ඔතන කතාවක් නැහැ. කතා කරනවා කියන්නේ රූප පෙන්වන එකට කියල තමා ඒ අය කියන්නේ. ඒවා තමන් පරිවර්තනය කර ගන්න ඕනේ. අනික මල ගියේ කෙනා හෝ මාස්ටර් කියන දේ දැනෙනවා කියල කියන්නේ. (බොරු හෝ ඇත්ත හෝ)

      Delete
    2. // ඔතන කතාවක් නැහැ. කතා කරනවා කියන්නේ රූප පෙන්වන එකට කියල තමා ඒ අය කියන්නේ //

      මැරිච්චි මනුස්සයා ජීවත්ව ඉන්නා කාලයේ අන්ධයෙක් නම් එයාට මරණයෙන් පසු පින්තූර පෙන්විය හැකිද?

      Delete
    3. යම්කිසි හේතුවක් නිසා (මෙය කර්මය යයි පැවසීමට තරම් මම කර්මය පිළිබඳව දන්නේ නැහැ) තමුන්ගේ භෞතික සිරුරේ අඩුපාඩුවක් සහිතව ඉපදුනත් මියගිය පසු විඥ්ඥානය නිදහස් වීමෙන් අනතුරුව ඒ විඥ්ඥානයට මීඩියම් එකක් හරහා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට හැකියාව ඇතැයි මම හිතනවා. මීඩියම් එක තමුන්ගේ බසින් ඒ අදහස් ප්‍රකාශ කරනවා විය යුතුයි.

      Delete
    4. කලර් බ්ලයින්ඩ්නම්?

      Delete
    5. සයන්ස් ෆික්ෂන්වල ඔය ප්‍රශ්නය විසඳන්නේ ටෙලිපතිවලිනි. එයට භාෂාවක් අවශ්‍ය නොවේ ..ඇපරන්ට්ලි

      Delete
    6. මේක සීරියස් ගත්තොත් මීඩියම් ලා කියන ආකාරයට හා ඒ සඳහා ඇති පොත්වල ඇති ආකාරයටත් , මගේ අත්දැකිමේදීත් මළ ගිය කෙනා හෝ මාස්ටර් එවන්නේ පින්තූර . මනසට. අනික හිතින් කරන දෙයක් කතා කරන්නේ නැහැනේ. අනික මළවුන්ගේ ලෝකයට ගියහම දෙමල, සිංහල භේද, සිරුරේ අඩුපාඩු නැහැ . ඒවා ඉවරයි. ඒවා මේ ලෝකේ තියෙන දේවල්. ඒවා රැගෙන යන්නේ නැහැ. ඔවුන් සිතට දෙන පන්විදිය මීඩියම් කියන්නේ. ඒකයි මීඩියම් ලා ඕනේ මේ වැඩේට. නැත්නම් හැමෝටම කරනන් පුළුවන් වෙන්න එපැයි.

      Delete
    7. // අනික මළවුන්ගේ ලෝකයට ගියහම දෙමල, සිංහල භේද, සිරුරේ අඩුපාඩු නැහැ //
      අහා....

      මෙන්න සියලුම ජාතිවාදී ආගම්වාදී හාදය්න් ට එකම පිලිතුර...

      අපි ඔවුන් ව මලවුන් ගේ ලෝකයට යවමුද හිටන් සන්හිඳියාව ලබා දෙන්න?

      Delete
    8. ප්‍රා.... ම්ම ඔය වගේ පොරවල් ප්‍රශ්ණ කරනවා... ගොඩක් උන් කියන්නේ උන්ට කතා කරන්න බෑ.. එක එක සංඥා වලින් තමයි ගේම ගෙනියන්නේ කියලා.. නිකන් විනෝදෙට හරි මේ දෙවල් ගැන හොයන්න කරන්න ගියාම, අපි නොදන්න බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ඊයේ නම් අත තියලා ලෙඩ කියන්න පුළුවන් කියපු එකෙක් ගූ හතේ නෝන්ඩු වෙලා ගියා රූපවාහිනියෙන්.

      වෙලා තියෙන්නේ, ඇම් බී බී ඇස් තියා ඇපොතිකරිවත් නැති උන් දොස්තර කම් කරනවා වගේ මේවා ගැන පොඩ්ඩක් දැන ගත්ත ගමන් හම්බ කොරන්න කෙප්ප කෙලීම මිසක්. එහෙම දේ නැති වීම නෙමෙයි.

      Delete
    9. ඇයි සරසා තුමෝ සිරි ලංකාවේ 1956 හිටං කොලේ ඒකනේ. 2009 ලස්සනට වඩාත් හොඳින් ඉවර කොළෙත් ඒකනේ.
      //මෙන්න සියලුම ජාතිවාදී ආගම්වාදී හාදය්න් ට එකම පිලිතුර...

      අපි ඔවුන් ව මලවුන් ගේ ලෝකයට යවමුද හිටන් සන්හිඳියාව ලබා දෙන්න//

      Delete
    10. ඇයි සරසා තුමෝ සිරි ලංකාවේ 1956 හිටං කොලේ ඒකනේ. 2009 ලස්සනට වඩාත් හොඳින් ඉවර කොළෙත් ඒකනේ.
      //මෙන්න සියලුම ජාතිවාදී ආගම්වාදී හාදය්න් ට එකම පිලිතුර...

      අපි ඔවුන් ව මලවුන් ගේ ලෝකයට යවමුද හිටන් සන්හිඳියාව ලබා දෙන්න//

      Delete
    11. මගේ පුංචි අම්මා මිය ගිහින් දවස් 10 යි. මට එයා එක්ක කතා කරන්න ඕනෙ. ඔබතුමාට පුළුවන්ද මට උදව් කරන්න. ගොඩාක් පිං

      Delete
    12. මේ පර්යේෂණ වැඩ අවුරුදු 10-12 කට කලින් කරපුව . ලවුලන් කියන මීඩියම් දැන් නැහැ. මම පිළිගන්න දෙකම නෙමේ වුනත් හිතට සහනයක් ලැබෙනවා නම් ගියාට කමක් නැහැ. බටහිර සිටිනවානම් spiritualist church එකකට ගියහම නොමිලයේ රිඩින් එකක් ගන්න පුළුවන්.

      Delete
  3. ඔය භූතාත්ම කියන දේවල් කැමරාවට හසු කර ගෙනත් තියෙනවා. මෙහේ බව් බබ් භෞතිකවාදියෝ වගේ නෙමෙයි සුද්දෝ මේ රූප හා ශබ්ද රෙකෝඩ් කරලත් තියෙනවා. ඒවා ඩිස්කවරි එකෙත් යනවා. මෙහේ ඉන්නේ ඔක්කෝම දන්න අයියලානේ.

    ReplyDelete
    Replies
    1. ඔය කැමරාවට හසු කරගෙන තියෙන දේවල් දෘෂ්ටි මායාවන් විය හැකියි. සුද්දෝ කරනවා තමා, නමුත් ඒවා තටම එහම් මළවුන් කියල තීරණය කළේ කොහොමද? එතනයි ප්‍රශ්නය.

      Delete
    2. බවි බව් භෞතිකවාදීන් නියම නම.
      බවි බව් භෞතිකවාදීන් තමා දැණුමට බැරියර් දමන්නේ.මට ඔවුන් මධ්‍යතන යුගයේ පල්ලිය වගෙයි පෙනෙන්නේ.හැම එකම සාතන්ගෙ රැවටීම් කියල ඒ අය කිව්ව මේ අය කියනව විද්‍යාව (දෙවියන්) ට පිටින් ඒ නිසා බොරු කියල. විද්‍යාව කියන්නෙ දැනට සොයාගන ඇති දේ එය සීමා සහිතයි.

      මෙම තොරතුරු ලබාදෙන්නන් ඇත්තටම මලවුන් හෝ වෙනත් ජීවීන් කොටසක් විය හැකියි.

      Delete
    3. හැමදේම දෘෂ්ටි මායාවන් ගණයට දමන්න බැහැ. මළවුන් පමණක් නෙවෙයි ජිවත් වෙලා ඉන්න අයටත් වෙනත් තැන් වල පෙනී සිටීමේ හැකියාව තියෙනවා. එනිසා එහෙම පෙනෙන්නේ මළවුන් හෝ තවමත් ජිවත් වන පුද්ගලයන් හෝ විය හැකියි.
      නොදන්නා දෙයක් නොදන්නා පලියට බැහැර කරන්න බැහැ. අත්දැකීම් තියෙන, නමුත් ඒ ගැන කතා නොකරන බොහොම දෙනෙක් ඉන්නවා

      Delete
    4. //මෙහේ ඉන්නේ ඔක්කෝම දන්න අයියලානේ.//
      මටනම් තියන ප්‍රස්නය හැමදේම කෙසේවෙතත් වැඩි දේවත් නොදැනීමයි. නොදන්නා දේ විස්වාස හෝ අවිස්වාස කිරීමට නොහැකියාවෙන් පෙලෙමි. කල හැක්කේ ප්‍රශ්න කිරීම පමණි. ප්‍රශ්න කිරීම අනවශ්‍ය ප්‍රශ්නවලට තුඩු දෙන්නේ නම් එහෙමත් නොකර සිටිය හැක

      Delete
    5. //ත්දැකීම් තියෙන, නමුත් ඒ ගැන කතා නොකරන බොහොම දෙනෙක් ඉන්නවා// හරියට හරි. ඕක තමා ප්‍රශ්නේ. ගල් මුල් උපහාස බලාපොරොත්තුවෙන් හරි මම මේක ලියන්නේ ඔය ටැබූ කඩන්න කියල ඔයාට තේරෙනවද? මෙහමයි විද්‍යාවෙන් පැහැදිලි කරනන් පුලුවන්නම් අපි ඒක පිළිගමු. ඔය මට පෙනුන දේ ගැන මට හිතෙන්නේ දෘෂ්ටි මායාවක් කියල. එකට විද්‍යාත්මක පැහැදිලි කිරීම තමා කලේ . නැවත වුනොත් මට නැවතත් ඒ ගැන හිතන් පුළුවන්. උපහාස ගණන් ගන්නේ නැතිව මම මේක ලියන්නේ ඒකයි .

      Delete
    6. හැමෝම තමන් හැම දෙයක්ම දන්නවයි කියන හිතන් එක ප්‍රශ්නයක් නම් තමයි.

      Delete
    7. ප්‍රශ්ණ කලාට කිසි අවුලක් නෑ. ඒත් ප්‍රශ්ණය තියෙන්නේ ප්‍රස්තුත කාරනය පැත්තක තියෙද්දි ඇනෝ ඇවිත් කොමෙන්ට් කරන එකාගේ පුකේ විශ්කම්භයයි පවුලේ උන්ගේ ඒවයි ලියන්න ගියාම නේ.

      Delete
    8. // ඇනෝ ඇවිත් කොමෙන්ට් කරන එකාගේ පුකේ විශ්කම්භයයි //

      ඒකේ විස්කම්බේ හොයනවානම් සිරිකොත සිට ඔපරේට් වන ඇනෝ කෙනෙකු බව පැහැදිලිය!

      Delete
  4. විද්‍යාව ගැන දැනුමක් නැත්නම් මිරිගුව තාම මැජික් තමයි.අපි යමක් තෙරැම්ගන්ඩ යොදාගන්නෙ දැනට තිබෙන දැනුම මත පදනම්වෙලා .ඒ නිසා මේවගෙ ද‍ේ ගැන නිවැරැදි අදහස් ඉදිරිපත් කරන්න දැනට ලොවේ නිසි දැනුමක් නැතුව ඇති .

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඔතන තමා ප්‍රශ්නය තියෙන්නේ. අපේ විද්‍යාව ගැන දැනුම කොතනද කියන එක?

      Delete
  5. Replies
    1. රාජ් ගේ ලෙඩේ ද?

      Delete
    2. Searching for another medium of expression?

      Delete
    3. ලෙඩක් නෙවේ බං... අවසානයක් නැති කතන්දරයක් කියවල ඉවරවුනාම කියන්න දෙයක් නෑ. :-)
      මේ පෝස්ටුවත් එහෙමයි. කොහොම උනත් අවසානයට කමෙන්ට් එකක් දාන්නං.

      Delete
    4. ප්‍රා, රාජ් ව ගෙන්නුව හැටි දැක්කද?

      Delete
    5. මාත් රාජ්ගේ බෝතල් ඇනෝ මලවුන්ගෙන් ගෙන්වීම සඳහා ටම්බ්ලර් ටෝකින්ග් කරන්න ඉන්නෙ. ටම්බ්ලර් එකට ශැන්ඩි ඕනෙද නැද්ද?

      Delete
    6. ශැන්ඩි එපා, සැර අඩු වෙනවනේ.

      Delete
  6. ඔබ මෙම දේවාල් සොයාබැලීමටත් වඩා අසත්‍යකරනය කිරීමේ අවශ්‍යතාවය සිතේ දරාගෙන පර්යේශනය කරන බව පෙනේ. එයින් යම් යම් රැවටීම් වලට ගොදුරුවීමේ අවදානම මග හැරෙන බව සත්‍යයක් වන නමුත් පර්යේශනයට බාධාවක් බව සිතේ. කලයුත්තේ කිසියම් උපන්‍යාසයක් මත පදනම් ව එය සනාථ කිරීමට දත්ත රැස්කිරීම නොව රැස්කරන ලද දත්ත පශ්චාත් සමාලෝචනයකට ලක් කිරීමයි. මෙම විශය ගැන කරන සමාලෝචනයක් අත දෙකකට ආකර්ශනය වීම ස්වාභාවිකය. එක් අන්තයක් නම් නිරුවත් ආගමිකත්වයයි. අනෙක නම් කොවුර් ක්‍රමයේ ඔය මොනව කිව්වත් බොරු වෙන්න ඇති කියා කීමයි.එක් අයෙක් යමක් දුටුවොත් එය මායාවක් කියා ත් සමූහයක් දුටුවොත් එය සාමූහික මායාවක් ලෙසත් දකින බව් බව් භෞතිකවාදීන් මෙම විශයේ ප්‍රවර්ධනයට බාධාවකි.

    විශ්වයේ වෙනත් මානයක සියුම් අකාබනික ජීවීන් සිටිය හැක. කාලය හා අවකාශයේ සීමා වලින් සිර නොවුන මොවුන්ට දෙවියන් ලෙස සලකා මිනිසුන් වැදුම් පිදුම් කරනවා විය හැක.මෙම ජීවීන් කාල රටා දන්නවා විය හැක. ඔවුන් තමන් රිසි අයට තොරතුරු දෙනවා විය හැක.

    ගොළු පුද්ගලයෙක් මියගිය පසු කතා කල හැකිද යන්න නම් ප්‍රශ්නයක් නොවේ. මෙහිදී සිදුවන්නේ අදහස් සන්නිවේදනය වීම නිසයි.චිත්ත සන්නිවේදනය වැන්නකි. මොළ අතර භාෂාවක් නැතිව සන්නිවේදනය කල හැකි බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.එසේ නම් වෙනත් ජීවීන්ට මොළවලට දත්ත ලබාදීම බැරිකමක් නැත.

    මගේ නිරීක්ෂනවලට අනුවත් අප සිටින්නේ හුදකලාව නොවේ. එසේම අපට පෞද්ගලිකත්වක්ද නැත. අපගේ සිතිවිලි අපට පමනක් සීමා වී නැත. පුළුල් තිරයක දර්ශන සේ ඒවා දකින අය සිටිති.එසේම ඔවුන්ට එහි එඩිට් කරන්නටද පුලුවන.ඇත්තටම අපේ කියා අප කියන කිසිවක් අපේ නොවේ.

    ත්‍රිමාන ජීවය ඉක්මවූ ජීවයක් ඇති බව සත්‍යයකි. ඒ ගැන නිදහස්ව පර්යේශන කල යුතුය.

    ReplyDelete
    Replies
    1. //ඔබ මෙම දේවාල් සොයාබැලීමටත් වඩා අසත්‍යකරනය කිරීමේ අවශ්‍යතාවය සිතේ දරාගෙන පර්යේශනය කරන බව පෙනේ// ඔබ සම්පුර්ණයෙන්ම වැරදිය. ම මෙසේ ලීවේ ඇයි. විවෘත මනසකින් බලන්න කියා ඉල්ලුවේ ඇයි? මම මගේ පියා මට කතා කල බවට මුලින් පිලි ගත්තෙමි. ඒ අත්දැකීම එලෙසම බොරුවකින් තොරව ලියා තිබේ.
      (මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

      Delete
    2. //කලයුත්තේ කිසියම් උපන්‍යාසයක් මත පදනම් ව එය සනාථ කිරීමට දත්ත රැස්කිරීම නොව රැස්කරන ලද දත්ත පශ්චාත් සමාලෝචනයකට ලක් කිරීමයි.// මා කරන්නේ එය බව ඔබ නොදැකීම මහත් පුදුමයකි. මා මෙය විශ්වාස කරමින් දත්ත එක්රැස් කලෙමි. මුල් ලිපි දෙක ලියන විට මගේ භෞතිකවාදය අදහන සහෝදරයින් මට පිස්සු දැයි ඇසුහ. දැන් ඔබ මට චෝදනා කරයි. ඔබ දෙගොල්ලම සිටින්නේ තමන්ගේ අන්තය නිවැරදි යයි කියා සිතා ගෙනය. මා කරන්නේ මධ්‍යස්ථ විචාරයකි. මගේ පර්යේෂණ ඉදිරිපත් කර පාඨකයාට තීරණය භාර කරමි. ඔබ වැනි අය මෙන්ම මේවට සිනාසෙන සරසා හා ප්‍රා වැනි අයද සිටිති. මම දෙපැත්තම සළකා ලියමි.

      Delete
    3. //මගේ නිරීක්ෂනවලට අනුවත් අප සිටින්නේ හුදකලාව නොවේ. එසේම අපට පෞද්ගලිකත්වක්ද නැත. අපගේ සිතිවිලි අපට පමනක් සීමා වී නැත. පුළුල් තිරයක දර්ශන සේ ඒවා දකින අය සිටිති.එසේම ඔවුන්ට එහි එඩිට් කරන්නටද පුලුවන.ඇත්තටම අපේ කියා අප කියන කිසිවක් අපේ නොවේ//

      මේ නිගමනයට එළඹුනේ කොහොමද?

      Delete
    4. ම.ම. -
      //මොළ අතර භාෂාවක් නැතිව සන්නිවේදනය කල හැකි බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත//
      මෙය සත්‍යයකි. රාජ් අසා ඇත්තේ මගෙන් නොවන නිසා ඒ ගැන කිසිවක් නොකියමි.

      Delete
    5. අජිත්@
      කිසිසේත්ම නැත. ඔබ මධ්‍යස්ථව මෙය දකින බව දනිමි.නමුත් විග්‍රහයේදී ඔබ එක පැත්තකට මදක් බර වන සෙයක් දුටිමි.ඇත්තෙන්ම අවශ්‍ය ඔබ වැනි සංශයවාදීන්ගේ නිරීක්ෂනයි
      රාජ් @
      මම කල නිරීක්ෂන අනුවත් කිසියම් ජීවී විශේෂයක් හෝ ස්වාභාවිකව පවතින විශ්වයේ යම් විඥානයක් විසින් ( එය බලවේගයක් හෝ ශක්තියක් විය හැක )තොරතුරු ලබාදීමක් සිදුකරන බව පෙනුනි. මට අවශ්‍ය ඊට විද්‍යාත්මක රාමුවකි. අප සිතේ ඇති දේවල් එය/ඔවුන් දකිති ඔවුහු අපට යම් යම් දත්ත ලබාදෙති. අපේ සිතිවිලි නිරාවරනය වූ තිරයක ඇති දේ සෙයින් ඔවුන් හෝ එය විසින් දකිනවා විය හැක. එසේම එය සංස්කරනය කිරීමටද එයට /ඔවුන්ට හැක.
      එය අපේ සංස්කෘතීන්ට පරිවර්තනය කරගැනීම අවශ්‍ය නැත. පොදු විද්‍යාත්මක දැක්මක් අවශ්‍යය.

      යමෙක් සිටිනබව /යමක් තිබෙන බව පැහැදිලිය. ප්‍රශ්නය එය /ඔවුන් කවුද කුමක්ද යන්නයි

      Delete
    6. // මොළ අතර භාෂාවක් නැතිව සන්නිවේදනය කල හැකි බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. //

      මොලයක් නොමැති සා ර ස තුමා ට මලාට පසු සන්නිවේදනය කිරීම අපහසු බව මෙයින් වැටහුනි!

      අහන දෙයක් මැරෙන්න කලින් ම අහගෙන ඉන්නවා හොඳයි!

      Delete
    7. මැරුණට පස්සේ කාගෙවත් මොලයක් ඉතුරු වෙනවද?

      Delete
  7. මැරුණ අය කතාකරන්නේ මොන බාසාවෙන්ද?

    ReplyDelete
    Replies
    1. මම සිංහල, ඉංග්‍රීසි , රුසියන් හා මද පමණට ජර්මන් කතා කරනවා. උඩුවට භාෂා කියක් පුලුවන්ද?

      Delete
    2. මැරුණම භාෂාවක් තියෙයිද?

      Delete
    3. බාසා නෑ... ආ ගොලුවෝ කතා කරනවා වගේ කේස් එකක් තියෙන්නේ..

      Delete
    4. හීන ඇතුලෙ කතාකරන්නෙත් භාශාවක් නැතුව නේද? ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියනවාද?

      Delete
    5. මම නම් දන්නේ නැහැ. හීනෙන් පෙනෙන දේ ගැන බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කොසොල් රජුට.

      Delete
  8. //ඉන්පසු මා "මළවුන් සමග කතා කිරීම" පිළිබඳව උපේක්ෂාවෙන් සලකන හේතූන් පැහැදිලි කරමි.//
    අපි නම් දැන් පෝස්ට් , කමෙන්ට්, රිප්ලයිස් ඔක්කොම අති උපේක්ෂාවෙන් තමයි සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා හොඳ . උපේක්ෂාව හොඳ දෙයක්. හි හි උපේක්ෂා ගිය එකට මම නම් තවම අප්සෙට් එකේ ඉන්නේ.

      Delete
    2. ධර්මාජිත්තුමා අප්සෙට් නොවන්න. ගිය අය ගෙන්වීමට පුලුවන්නේ

      Delete
    3. උඹ කියන්නේ උපේක්ෂා? - නෑ නෑ වෙන්න බැහැ. ඕස්ට්‍රේලියන් සයිට් වල ජිවාත්මයක් සේ සැරි සරනවා කියන ආරංචිය ඔහෙටත් ආවද ?

      Delete
  9. Hon. Dawn Distilling-Toddy ගෙන්වමුද ධර්මාජිත්තුමෝ??

    ReplyDelete
    Replies
    1. අරක්කු කාලක් ගහපු කාලයක් මතක නැහැ. මොකෝ මනුස්සයෝ මේ තුමෝ කෑල්ල . මම සරසා තුමා වගේ තවම තුමා වෙලා නැහැ.

      Delete
    2. ගෙන්වන්න ඊ පිල්ලියක් යවා බලන්නම් ස්වාමි ධර්මාජිත්.

      Delete
    3. හැ******යං. මේකා මට නමකුත් හදලා නේ. එම්බල ප්‍රා නර පණුව - මගේ ඊළඟ ලංකාගමනයේදී නෙළුම් මල් අතුරා සුදු පාවඩ එළා චාතුර්කුල පරිශුද්ඡා කන්‍යාවියන් සතක් පෙරටු කොට වැඩම කරනුව. ඒ අතර Dawn Distilling-Toddy ද ඇති තරම් වැඩම කරනුව. මේ අණ නොපලිපදිය හොත තා දඬු කඳේ ගසා මැඩම් ක්ලවුඩ් ගේ ආත්මය ගෙන්වා බෙල්ටයකින් පස්සා පැත්තට පහර දේවමි.
      http://www.dailymail.co.uk/news/article-2720038/High-class-Paris-brothel-owner-Madame-Claude-reveals-A-list-clients-including-JFK-wanted-Jackie-lookalike-hot.html

      Delete
  10. මීඩියම්ලාගේ අත්දැකීම්වලට වඩා ඔබම අත්දැකීම් ලබාගත්තානම් අපට එය ප්‍රබල විශ්වාසනීය දත්තයකි. මන්ද සංශයවාදියෙකු ,උගතකු හා බුද්ධිමතකු ලෙස ඔබ පුද්ගලිකව මෙම දත්ත ලබාගත්තානම් එය ගැන යම් අදහසක් තිබෙනවා විය හැක. එය ඉදිරි ලිපිවල දකින්නට ආසාවෙන් සිටිමි.
    මෙම විශයට ආලෝකයක් ලබාගැනීම සදහා මෙවන් නිරීක්ෂන කල යුතු අතර සියල්ලන් හිරවෙන්නෙ පොදු විද්‍යාත්මක රාමුව සකස් කරගැනීමේදීය. එය අසමත් වූ විට යලිත් ආගමික සංස්කෘතික නරාවලට වැටේ.
    අත්දැකීම් ඇති සමහරුන්ද කතා කරන්නට අකමැති බව් බව් භෞතිකවාදීන් එක එක ඉංග්‍රීසි නම් ඇති රෝග වලින් ඔවුන්ට සංග්‍රහ කිරීම නිසයි.ඉංග්‍රීසි අකුරු දකින සමාජයද අකුරු තුනේ උපාධියක් ඔවුන්ට ප්‍රදානය කිරීමට හදිසි වෙති. මේ ගැන නිරීක්ෂනය කිරීමට ඇති ලොකුම බාධාව එයයි.
    ඔබ දෙවියන්ට කතා කරන විට එය යාඥාව ලෙසද දෙවියන් ඔබට කතා කරන විට එය ස්කිසොප්‍රේනියා ලෙසද හැදින්වෙන බවට කියමනක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය මගේ විදුහලේ යහළුවෙක් ඉන්න බව දැන ගත්තේ මමයි. පෙර ලිපියේ ඒ ගැන ලියා ඇත. ඒ කියන්නේ ඩිව් ළඟ කෙනෙකු සිටින බව දුටුවෙමි.

      Delete
    2. මේ ගැන අදහස් අවසන් ලිපි පෙලේ දක්වමි.

      Delete
  11. මේ මේක ඉක්මනට ලියන්ඩ බැරිද

    ReplyDelete
    Replies
    1. ඇයි කවුරුවත් මැරෙන්න යනවද?
      බියනොවන්න අටම්යන්ඩි, මලවුන්ට කතාරන සැටි (අජිත්ගෙන් අහල ) මං පෙන්වමි

      Delete
    2. ඇයි මොකෝ අටමෝ අහවල් එක ගිනි අරගෙනද?

      Delete
    3. ප්‍රද්දුම බණ්ඩාර ත් ඇවිත් ඉන්නේ.

      Delete
  12. හෙට සුද්දේක් කිව්වොත් මේ ඔක්කෝම ඇත්ත කියලා, ආයේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඔක්කෝම පිලිගන්නවා අම්මට හුඩු ආන් අර සුද්දා කියලා තියෙන්නේ කියලා. ආයේ ඌ ඒක කිව්වේ කොහොමද අනම් මනම් මක්කත් ඕන නෑ.

    මෙලෝ දෙයක් නොදන්න අපේ බව් බව් භෞතිකවාදියෝ....

    ReplyDelete
    Replies
    1. මම නම් ඔන්න සුද්දෙක් සුද්දියෙක් කිව්වා කියා පිළිගන්නේ නැහැ. හොයල බලනවා මයි.

      Delete
  13. පෙර ආත්ම කියවීම සහ පුනරුත්පත්තිය කීම ගැන මොකද්ද අජිත් අයියෙ තියන තොරතුරු?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපි වල තැන දෙකක දොස්තර බ්‍රයන් වයිස් ගේ පොඉත් ගැන කියල තියනවා. ඒ වගේම කොමෙන්ටුවක ඇනෝ මහතෙකු Dr Helen Wambach සහ දොකර මුඩි ගැන ලියල තිබ්බ. ස්ටීවන්සන් නුත් සැහෙන ප්‍රමාණයක් ලියල තියනවා. ඒවා තමා දැනට තියෙන තොරතුරු. (මම දන්නා පමණින්)

      Delete
  14. අපේ ඇසින් නොපෙනෙන දේවල් කොච්චර තියෙනවාද. ඉතිං අපි ඒවා විශ්වාස නොකරන එක හරිද?
    අපි පාවිච්චි කරන ටීවී රිමෝට් එකේ ඉස්සරහිං තියෙනවා පොඩි එල්.ඊ.ඩී බල්බ් එකක් වගේ එකක්. රිමෝට් එකේ බටන් එකක් ඔබාගෙන ඒ බල්බ් එක දිහා ඔබේ ඇසින් බැලුවහම ඒක පත්තු වෙන්නේ නෑ. ඉතිං අපි කියනවා ඒක දැල්වෙන්නේ නෑ කියලා. නමුත් ඒ බට්න් එකක් ඔබාගෙන බල්බ් එක දිහා බලන්න ෆෝන් එකේ කැමරාව ඔන් කරලා ෆෝන් තිරයෙන්. අර බල්බ් එක දැල්වෙනවා.

    ඒ වගේ තමයි අපිට නොපෙනෙන දේ අපි විශ්වාස නොකලට ඒවා ඇත්තටම තියෙනවා. එකම වෙනස ඒවා අපිට සංවේදී නොවන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇසින් නොපෙනෙන් දේවල් නේ ඉලෙක්ට්‍රොන සහ ප්රෝටෝන්. ඊටත් වඩා කුඩා අංශු තියෙන්නේ. සොයා ගණන් තමයි ඕනේ. හොයාගෙන ගණිතමය, තර්කමය, විද්‍යාත්මක විධිහට ඔප්පු කර ගත්තම විශ්වාස කරනන් පුළුවන්නේ.

      Delete
  15. දැන් දැන් බ්ලොග් බලන්න වෙලාව බොහෝම අඩුයි ඒත් මේ ලිපියත් කියෙව්වා.
    අජිත්ගේ ලිපි පෙල නොකියවා ඉන්න හිතෙන්නේ නැහැ.
    මම දකින හැටියට වරද තියෙන්නේ මේ හැම දේම අපි දකින්නේ ගන්නේ දෘශ්ඨිවාදීව. අන්න ඒ දෘශ්ඨි වාදී බවෙන් මිදී මේ දේවල් බැලුවොත් තවත් හොඳින් ඇත්ත වටහා ගන්න පුළුවන් වේවි.
    ඒත් අජිත් මේ කරුනු මැදිහත්ව විමසන එකෙන් ලිපි පෙලට ආලෝකයක් ලැබෙනවා. අපි ඔක්කොම කියවලාම බලමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. තව අත්දැකිම් කිහිපයක් තිබෙනවා ලියන්න.

      Delete
  16. සන්සුන් මනසකින් කියවිය යුුතු නිස අද දින තෙක් පමා වීමි. සිංහලෙන් ලියවෙන මැදිහත් සිතින් දකින්නට වෑයම් කරන වියතකුගේ ලිපි පෙළක් ලෙස අගයමින් දිගටම ලියන ලෙස නැවතත් ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට ස්තුතියි.

      Delete
  17. ඔබලාගෙ මත හොඳයි පාර්ක වල ලව් කරන අයට,හැංගිලා කරන සංවාද බුද්ධිමත් සංවාද නොව,ඕව හරියට පොල් කොටේක ඉන්න පනුවන් හා සේය.මේවා අපහස නොව එන්න ඕනෑම තර්කයකට විවෘතව.භිය ඇති මතවාදීන් බුද්ධිමත් යයි ද සිතා පිස්සන්ට පිස්සො කියන ඔබලාටත් ඒ පිස්සුවම කිසිම අරමුණක් නැතිව විෂය දැනුම කියවා ලබාගෙන අන් අයව භිය ගන්වා මහා පර්වතයක් කඩන්නාසේ කලබලකාරී බවක් නම් හඟවයි....

    ReplyDelete
    Replies
    1. මොකක්, මේවා සාකච්ඡාවට ගන්න දේවල් මිසක් ගලේ කෙටූ දේවල් නෙමෙයිනේ.

      Delete
  18. මන් ඔබ තුමාගේ ලිපි සියල්ල කියෙව්වා...අතාර්කික තැන් ගොඩක් තියෙනවා මිඩියම් කාරියගේ වාක්‍ය සම්බන්ධව.. මනුශ්‍ය මූල චින්තනයේ හැදුණු ප්‍රධාන රාමූ විශාල ගනනක් තියෙනවා තමන්ට වඩා පහත් අය ඇති බව උසස් අය ඇති බව, අතීතයක් පවතින බව සහ අනාගතයක් ඇති බව ඔය රාමූ වලින් ප්‍රදානයී.ඔය මූල රාමු මත ගොඩනැගෙන ඔනෑම තර්කයක් පදනම් විරහිතයී..

    ReplyDelete
    Replies
    1. අතාර්කික තැන් ගොඩක් තියනවා. නමුත් අපට තවම හරියට පැහැදිලි කරගන්න බැරි තැන් තියනවා. මේ මිඩියම් ලවුලින් තවමත් මාත් එක්ක කතා කරනවා. දැන් මේවා පිට අයට කියන්නේ නැහැ. මතක තබා ගන්න මේවා පර්ය්ෂණ. ලංකාවේ වගේ ගෙවල කරපුවා නෙමේ. එයා අදත් ඒ මතයේ. මම ක්වන්ටම් භෞතික විද්‍යාව හදාරද්දී හිතුවා වෙනත් මාන ඇති කියල. අද ටිකක් ඊට වඩා දියුණු විධිහට දන්නා දේවල් එක්ක බැලුවොත් එහෙම වෙනත් මාන හෝ බහුවිශ්ව තියෙන්න පුළුවන් කියන මතයක් එක්ක අපට තර්ක කරන්න බැරිද අපි වගේම වෙනත් ලෝකයක් වෙන විශ්වයක වෙන කාල පරාසයක ජිවිත තියෙන්න පුළුවන් බව. මේ ලෝකයේ ඉන්න සමහර අයට ඒක ටැප් කරන්න පුලුවන්නම්?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .