Tuesday 4 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -හයවන කොටස

මුල් ලිපි:
පළමුවන කොටස 

දෙවන   කොටස 

 තෙවන  කොටස 

හතරවන  කොටස

පස්වන කොටස

මා මුලදී ලියන්නට සිටි කොටසින් බැහැරව ම හතරවන කොටසේ සඳහන් කළ පැරණි පාසැල් මිතුරා  විසින් එවන ලද මේ පිළිතුර පළ කරමි. මට ඔහු හමුවූයේ මීඩියම් කෙනෙකු වන ලවුලන් හෙවත් ජැමි  විල්සන්  ගේ වෙබ් අඩවියේ ඔහුගේ සොයුරා සමග කතා කරද්දී බව පැවසුවෙමි.

මේ අදහස් ඔහුගේ ඒවා මිස මගේ  නොවේ.  මගේ අදහස් නිල් අකුරෙන් දක්වා ඇත.

ඔහුගේ පිළිතුර:
නාඩි වාක්‍ය ලියා ඇත්‍‍තේ අවුරුදු 5000කට පමණ ඉහත සිටි ඍෂීන් විසින් යයි කියති. ඒවා‍යේ ‍කෙ‍නෙකු‍ගේ නම, ‍දෙමාපියන්ගේ  නම්, ඇතැම් විට ස‍හෝදර ස‍හෝදරියන්‍‍ගේ නම් ආදියද සඳහන් ‍වේ. එනිසා දරුවකුට නමක් තබන්නට අප ගන්නා ‍වෙ‍හෙස ගැන ‍වෙලාවට හිනා යයි. ඒ එය අවුරුදු 5000කට පමණ ‍පෙර කවුරුන්‍ ‍හෝ ලියා ඇති බව සිහිවී‍මෙනි.

‍මේ වාක්‍ය අතරින් කාක භුජන්දර නාඩි වඩා නිවැරදි බව බළන්‍‍ගොඩ ආනන්ද ‍මෛ‍ත්‍රෙය නාහිමියන් කියා ඇත. එය යූටියුබ් හි ඇත.

//එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. - මගේ කියමනකි //

මෙවැන්නක් මා අසා නැත. මා ඔහුගේ ජීවිත කථාව වන තෝමස් සුග්රූ විසින් ලියූ There is a River කියවා ඇත්තෙමි. එසේම ඔහු ගැන ලියා ඇති වෙනත් පොත් කීපයක් ද කියවා ඇත්තෙමි.

//ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය.- මගේ කියමනකි//

මා දන්නා තරමින් ඔහු තෙල් නිධි සෙවූ බවක් කියවා නැත. එවැන්නක් කළා නම් ඒ යූරි ගෙලර් ය. ඔහු පුනරුත්පත්තිය විශ්වාස නොකළේ ය. ඔහුට මේ ස්වයං මෝහනයෙන් කථා කෙරෙන දේ බරපතල ප්‍රශ්නයක් විය. ඒ ඔහු දහම් පාසල් ගුරුවරයකු ද වූ බැවිනි. ඔහු මට මතක ආකාරයට මෙතෝදිස්ත ලබ්ධිකයකු වූයේ ය. මේ ගැටුම පිළිබඳව ඔහුගේ ජීවිත කථාවේ දැක්වේ.

ඔබ ද උපදින්නට පෙර මළවුන් අතර සිටියා විය හැකි ය. මේ මළවුන් යන්නට උපන්නට සිටින අය කීව ද නිවැරදි යයි මට සිතේ.

//අපි කරන ඕනෑම සුළු හෝ ක්‍රියාවකින් අනාගත වෙනස් වෙන්න ඉඩ තියෙනවා නම් අනාගත හරියටම කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?-මගේ අදහසකි.//

ඔව්. සත්තකින්ම. නාඩි වාක්‍යවල දී ඊට ද ඉඩ සලසා තිබෙන බවක් කියැවෙනවා. ඔබ දැන් සිටින තත්ත්වය ඔබ විසින් ඔබට ලැබුණු විකල්පයන්ට ඔබ දක්වා ඇති ප්‍රතිචාර අනුව ළඟා කර ගත් නැතහොත් උදාකර ගත් තත්ත්වය ලෙස හැඳින්වෙනවා. ඔබගේ කර්මය නැත්නම් ඔබ කළ දේ අනුව. ඇතැම් නාඩි වාක්‍යවල අතීතය හා වර්තමානය නිවැරදි වුවත් අනාගතය වැරදිය. මට හමුවූයේ එවැන්නකි. එහි අතීතය හා වර්තමානය සියයට සියයක්නි වැරදි වුවත් අනාගතය සියයට සියයක්ම වැරදි ය. එය මා ඒවා ගැන සොයන්නට පෙළඹවීය. එතැනින්ම සිය අනාගතය නිවැරදිව කියවා අය ගැනද මම දනිමි. එසේම ඉන්දියාවට ගොස් එකම තැනින්ම දෙදෙනෙකුගෙන් එක් අයකු ගේ අනාගතය වැරදියටත් අනෙකාගේ අනාගතය නිවැරදිවත් කියැවුණු අවස්ථාවක් ගැන ද දනිමි. එය එසේ විය හැකි බව ද දැන් දනිමි. අප දැන් සිටිනා මානයේදී නොමැති වුවත් අනෙක් මානයේදී අතීතය ද අනාගතය ද වර්තමානය ද එකක් බව මා අසා ඇත. එනම් ඒවා අතර එතරම් වෙනසක් නොමැති බවකි. සොයා බලන්න.

උපන් දිනය හා මහපටැඟිලි සලකුණ මඟින් ලෙහෙසියෙන්ම දළ කේන්දරය සාදා ගත හැකි ය. ග්‍රහ පිහිටීම් ද කිව හැකි ය. එය එතරම් දෙයක් නොවේ (දන්නා අයට).

බුදු දහමට අනුව සත්ත්වයන් ඕපපාතිකව බිහි විය හැකි ය. එය මූලික සත්‍යතාවකි. නොදන්නේ නම් සොයා බලන්න. මේ ළඟදී දන්නා අයකුට වූ එවැන්නක් ගැන ඇසුවෙමි.

අද ගන්ධබ්බ අවස්ථාව වශයෙන් හැඳින්වෙන්නේ තවත් භව කිපයක් බව හැඟේ. මරණය යනු එක් භවයකින් තවත් භවයකට මාරු වන අවස්ථාවකි. අන්තරා භවයක් නැත. ඇතැම් භවයක් එසේ හැඳින්වෙන බව (මෙම මානය උද්දේශ රාමුව කරගෙන) කිව හැකි ය. එනම්, මනුෂ්‍ය හෝ සත්ත්ව නොවන්නේ අන්තරා භවයකි. ජීවත් නොවන්නේ මළවුන් ය යන තර්කය මෙනි.

Kenneth (in Beyond the Veil) is not a Catholic. He is an Anglican (නැතහොත් ලංකා සභාවට අයිති කෙනෙකි. කෙනත් ප්‍රනාන්දු බිෂොප් තුමා ද අයත් වන්නේ එයට ය). Rani was Rani Heendeniya (No relation of Punya Heendeniya the actress). She is an aunt of Sanjeewa Jayawardana (of our 83 Group - now President's Counsel). Rani died about 2-3 years back. I think her children do not believe what she has written in her books. Aloma has been a beauty queen in the fifties according what I had heard. Her husband Rohan (Ekanayake Amarasekera) is the first Sri Lankan Air Force Chief. Information is available at the Sri Lanka Air Force web site. Kenneth was an accountant. His hobby was music. Aloma is a Roman Catholic and she has studied to become a nun. But when she was back home once she met Rohan (who had been shown to her in a dream prior to their first meeting) and married him. Rohan has been a Methodist. But he has written three booklets touching on Karma, Buddhism and human development. These books may still be with Amal. What I had I gave away to people who deserve them more than myself. Aloma sent them to me.

If you have read those three books, you should remember about the 31 realms or planes mentioned in the third or second book. (තලයන් 31 ඇති බව) So far I have not seen anything that is in conflict with what has been preached by Lord Buddha! I have yet to find something of the sort. The problem lies with the people who could not properly differentiate what they see, hear or get through their senses. They get themselves confused by their own faulty thinking.

ඕල්කට්තුමා යනු අශෝක අධිරාජයාගේ පුනරාවතාරයක් බවට හැඟවෙන කථාවක් සමුද්‍ර වෙත්තසිංහ පළ කළ ආනන්ද මෛත්‍රෙය නාහිමි පිළිබඳ පොතක තිබුණා. ඒ ස්වාමීන්වහන්සේ දැන් සිය ඊළඟ භවයේ අනුරාධපුරයේ ඉගෙන ගන්නවා. 2035 දී පමණ ලංකාවේ අධ්‍යාපන ඇමති වීමට නියමිතයි. එතකොට හිටියොත් බලාගත හැකියි. එම වසරේදී ලංකාවට ධාර්මික නායකයකු ලැබෙන බව ද අසා ඇත්තෙමි.

මා මේ කාරණා ලීවෙී ඔබගේ ලිපි 5 සහ ඊට ලද ප්‍රතිචාර කියවා වන අතර, ඔබගේ දැන ගැනීම පිණිස මේවා ලීවෙමි.  මෙි මට පෙනෙන හැටි ය.

ලිපි ලිවීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඔබට ජය!

ජූඩ්

එඩ්ගාර් කේසි ගැන වැඩි විස්තර මෙහි ඇත.
http://www.edgarcayce.org/about-us/blog/blog-posts/edgar-cayce%E2%80%99s-story-of-the-bible
මේ අය මෙතෝදිස්ත හෝ ක්‍රිස්තියානි නිසා කේසි ගේ බොහෝ පුනරුත්පත්ති කතා ඔවුන් ඉවත් කල බව මගේ අදහසයි. ඔහු බයිබලයේ එවන් තැන්  උපුටා දක්වා ඇති බව මා  කියවූ පොතක තිබුණි. (මා පුනරුත්පත්තිය විශ්වාස කරන බවක්  මින් අදහස් වන්නේ නැත). කණගාටුවකට මෙන් ඒ පොත මා ළඟ දැන් නැත. ඔහු තෙල් නිධි, ජල උල්පත් ආදිය සොයන්නට ගිය මුත් ඒවා අසාර්ථක විය.

ලවුලන්ගේ කියවීම් කිහිපයක් මට අහක දැමිය නොහැකි සත්‍ය දේ වුවත් කේසි, සිල්වර් බර්ච් ආදීන් ගැන සොයා යනවිට මගේ ඒ විශ්වාසය කෙමෙන් හීන  විය. ඉන්පසු මා උත්සහ කළේ කිසියම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත්දැයි සෙවීමටය.

උදාහරණයක් වශයෙන් ලවුලෙන් ට හෝ අනිකුත් මිඩියම් ලාට උපන්දිනය  දිය යුතුය. උපන් දිනයෙන් ඔය විස්තර සොයන්නේ කෙසේද? 
නාඩි වාක්‍ය අපේ අනාගතය ලියා  ඇත්නම් අප තෝරා ගන්නා දේ වැරදි විය යුතුය. එහෙම දෙයක් මට පෙනෙන්නේ නැත. බුදු දහමේ පටිච්ච සමුප්පාදය ඊට වඩා තර්කාන්විතය. හේතුවක් නැතිව ඵලයක් නුපදී. (cause and effect) මතක තබා ගත යුත්තේ මෙය නිව්ටෝනියානු සංකල්පය (හැම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් ඇති බව) නොවන බවය. 

එසේම  පුනරුත්පත්තිය පිළිබඳවද මගේ ඇත්තේ වෙනමම  කියවීමකි. ඒ ගැන පසුව පැහැදිලි කරමි.

මේ සැක  සහිත ප්‍රශ්න වලට ලවුලන් සම විටම පිළිතුරු දුන්නේ නව කියවිමකිනි.  මගේ නිගමනය  වූයේ  බොහෝ හදිසි අනතුරු වලින් මැරුණු අය ගේ ,  සියදිවි නසා ගත්  අය ගේ ඥාතීන් ඇය  හමුවට එන්නේ ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑයින් , දරුවන් ශෝකයෙන් පෙලෙන නිසා බවයි. මගේ පියා  රෝහලේදී මිය ගිය බව සත්‍ය නමුත් ඔහුට මළවුන්ගේ ලෝකයක රැඳී සිටීමට අවශ්‍යතාවයක් නැති බවත් මම ලවුලෙන් ට පැවසුවෙමි. එවිට ලවුලන් පැවසුවේ මගේ මව ඔහු නිතර සිහි කරන බවත්, අනිත් අයද එසේ කරන බවත්ය. මියගිය තැනැත්තා අත් හැරීමට මේ ලෝකයේ ජිවත්වන අය සූදානම් විය යුතු බවත්ය. එක අතකට මෙය බුදු දහමේ උගැන්විමකි. බුදු දහමේ එසේ අත් හැරීමට  හා ශෝකයෙන් මිදීමට කියන බව ඈට කීවෙමි. 

ඉන්පසු ඇය අලුත් කියැවීමක් කළාය. මගේ එක් ඥාතියක පියාව නිතර සිහි කර හඬන බව හා ඔහුගෙන් උපකාර ඉල්ලන බවය.  ඇය සඳහන් කළ ඥාතියාට මා දන්නා පරිදි ප්‍රශ්න නැත. ඔවුන් පෙනෙන්නට හොඳින් ජිවත් වෙති. මා කීවේ ඇය වැරදි බවත් වෙනත් ඥාතියකු සඳහන් කර ඇයට නම් ප්‍රශ්න තිබිය හැකි බවත්ය.  ලවුලෙන් දැඩි ලෙස කීවේ මා සඳහන් කරන තැනැත්තිය නම්  සතුටෙන් වෙසෙන බවත් මා හොඳින් සිටී යයි කියන තැනැත්තිය ප්‍රශ්න ලෙසින් දැඩිව පීඩා විදින නිසා පියාගෙන් උපකාර ඉල්ලන බවත්ය.

මම මෙහිදී මගේ මවට මේ කාරණය පවසා මුලින්ම නැවත මෙසේ  පියා  ගැන කතා කිරීම ගැන සමාව ඉල්ලුවෙමි. කෝප ගනු වෙනුවට මගේ මව මා විශ්මයට පත් කරන කාරණාවක් කීවාය. ලවුලෙන් කියන ඥාතියාට ප්‍රශ්න ඇති බවයි. ඇය එය දැන සිටි මුත් මට කරදර කරන්නට ඇති අකැමැත්ත නිසා නිහඬව සිටි බවත් කීවාය. මා ලංකාවට නිවාඩුවට ගිය වෙලේ මෙම ඥාතියා හමුවී මේ විස්තරය ඇසීමි. 

මගේ පියා අපට මුදල් නැතත් අතේ තිබෙන මුදල හෝ  දෙන කෙනෙකි. අප අමාරුවෙන් ජීවත්වූ  නිසා අපේ පියා එසේ මුදල්  උපකාර ඉල්ලන නෑදෑයා  ට එසේ උපකාර කිරීම ගැන මව අකැමති වුවත් නිහඬව සිටියාය. ඥාතියා කිවේ  ඈට ඇති ප්‍රශ්න ඔහු සිටියානම් විසඳන බවත් එනිසා ඔහු ගැන සිහි කරමින් හඬන බවත්ය. ඇයට කියන්නට වෙන කිසිවකු නොමැති බවත් ය. මම තරමක් දුරට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා දුනිමි. එසේම පියා දැන් මෙලොව නැති නිසා ඔහුට අයැදීමෙන්  පලක් නැති බවද  කීවෙමි.

නමුත් මේ සිද්ධියෙන් පසු ලවුලන් ගේ හැකියාව පිලිබඳ මා  තුල ඇති කළේ චකිතයකි.   ඒ මා එවැනි ඥාතියෙක් ගැන හැඟවීමක් හෝ නොකළ බැවිනි.  

~මතු සම්බන්ධයි 

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කෙදිනක වත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

60 comments:

  1. අහලා , දැකලා , අත්විදලා තියන දේවල් එක්ක මාව පිස්සු වට්ටන්ඩද හදන්නේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔබතුමාට දැන් තියන ප්‍රශ්නය?

      Delete
    2. මෑන්ස්ට තාම අමාද්‍යප දිනය...!

      Delete
    3. රම් ටිකක් ගත්තම ප්‍රශ්නේ භාගයක් ඉවරයි.

      Delete
    4. භෞතික විද්‍යාවත් ,භෞතිකවාදයත් ,අධිමානසික විද්‍යාවත් අතර සම්භන්ධය කුමක්ද?

      Delete
  2. /* ඒ ස්වාමීන්වහන්සේ දැන් සිය ඊළඟ භවයේ අනුරාධපුරයේ ඉගෙන ගන්නවා. 2035 දී පමණ ලංකාවේ අධ්‍යාපන ඇමති වීමට නියමිතයි. */

    මං නං මැරිලා ආයේ ඉපදෙන්නේ නෑ, නෑ, නෑමයි!

    ඇයි බං කාටද පුළුවන් ආයේ ඉස්කෝලේ ගිහිල්ලා චක්කරේ හිටං සේරම පාඩම් කරන්න!

    ReplyDelete
    Replies
    1. [ඇයි බං කාටද පුළුවන් ආයේ ඉස්කෝලේ ගිහිල්ලා චක්කරේ හිටං සේරම පාඩම් කරන්න!]

      මටත් ඔය ගැන හිතද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක.. දෙයියනේ යාන්තම් පාඩම් කරලා ඉවර වුණා විතරයි.. ආයේ පලයල්ලකෝ ස්කොලේ.. හෙහ් හෙහ්

      Delete
    2. මම ට්‍රයි කරනවා ෆින්ලන්තේ ඉපදෙන්න. චක්කරේ නැහැ.

      Delete
    3. ඉහත අදහස් මගේ මිතුරාගේ මිස මගේ නොවේ. මම එවැනි දේවල් කිසිසේත්ම විශ්වාස නොකරමි. එයට හේතුව ඒවා අනාවැකි පමණක් වීමය.

      Delete
  3. 2035න් පස්සේ වත් ලංකාව දියුණු වෙයි ද?

    ඔය මැරුණු අය සිහි කරද්දී ඒ අය ළඟට එනවා කියන දේට සමාන අත්දැකීමක් මට තියෙනවා. එක වුනේ මෙහෙමයි. අපි දන්නා අයියා කෙනෙක් දැනට අවුරුදු 2කට කලින් නැති වුණා. එයා ඉස්පිරිතාලේ ඉන්නකොට මමයි මගේ නෝනයි ගොඩක් දවසට උදේට කෑම එහෙම අරගෙන බලන්න ගියා. මේ අයියා ගොඩක් කාලයක් මැද පෙරදිග හිටපු කෙනෙක්. ඕනේ කෙනෙකුට හරිම හිතවත්. හොඳ මනුස්සයෙක්. මරණෙන් පස්සේ මාස 2-3කින් අපි මැලේසියාවට ආවා.

    මෙහෙ ඇවිල්ල අවුරුද්දකින් විතර එක දවසක් රෑ 12-1 විතර මගේ නෝනා එකපාරටම රෑ බය වෙලා කෑගැහුවා "අනේ XXXXX අයියා මෙතන ඉන්නවා වගේ මට දැනෙනවා. මට බයයි" කියල. මගේ නෝනා සහ ඒ අයියා හමු වෙලා තිබුනේ කීප දවසක් විතරයි. ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. හැබැයි මාත් එක්ක හෙන ෆිට්. මම ඉතින් ඒ වෙලාවේ "බය වෙන්න එපා ඔය නිකන් හිත බය වෙලා ඇත්තේ" කියල නෝනව පොඩ්ඩක් ශේප් කරලා නිදා ගන්න හදද්දී මට එක පාරටම දැනෙනවා මේ අයියා මගේ ළඟ ඉන්නවා කියන එක. කොටින්ම මගේ ඇඟ ඇතුලේ එයා ඉන්නවා වගේ දැනීමක් මට දැනෙන්න ගත්තා. හැබැයි මම සද්ද නොකර මොකක් ද මේ වෙන්නේ කියල හිතනකොටම මගේ නෝනා ආයෙත් කෑගැහුවා.."අනේ මට බයයි දැන් ඔතන ඔයා වෙනුවට ඉන්නේ XXXXX අයියා කියල මට දැනෙනවා" කියල.. ඒ වෙලාවේ නම් මමත් ගැස්සිලා ගියා. හැබැයි මම ඒ එක්කම බය නොවී හිතෙන් කිව්වා XXXXXX අයියේ ඔයා මෙතන ඉන්නවනම් කරුණා කරලා යන්න. අපි ඔයාට පිං දෙන්නම්. අපිට පාඩුවේ ඉන්න දෙන්න කියල. ඒ එක්කම මම නෝනටත් ඒ ටිකම කිව්වා. පස්සේ දෙන්නම හිතෙන් පිං දීලා නිදා ගත්තා.

    ඊට පස්සේ එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ ආයෙත්.

    අපි විශේෂයෙන් ඒ අයියා ව මතක් නොකරත් එක පාරටම එහෙම දෙයක් වුනේ කොහොමද කියන එක අදටත් ප්‍රශ්නයක්. හැබැයි ඉතින් මම ඊට පස්සේ ඒක ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. නිකන් හිත බය වෙන්න ඇති කියල ඔහේ අල්ලලා දාල හිටියා..



    ReplyDelete
    Replies
    1. මම මේ ගැන හොයා බලන්න උත්සාහ කලෙත් ඔවැනිම දෙයක් නිසා. මගේ පියා ගේ අවමංගල්‍ය උත්සවෙන් දින දෙකකට පස්සේ කවුදෝ මගේ ළඟ හිටගෙන ඉන්නවා දැනිලා මම නැගිට්ටා. හොරෙක් හොරෙක් කියල කෑ ගහගෙන. හොරෙක් හිටියේ නැහැ. අම්මා මගේ ලඟට ඇවිත් කිව්වා තාත්තා ආව ඔයා බලන්න කියල . මම සුපුරුදු ලෙස මොන විකාරද කියල නිදා ගත්ත. හැබැයි පස්සේ මම ඒ සිද්ධිය ගැන දිගින් දිගටම කල්පනා කලා. නිදාගන් යනකොට ආපු දෘෂ්ටි මායාවක් හැටියට තමා මම තීරණය කලේ නම්. හැබැයි ආයේ එහෙම එකක් වුනේ නැහැ.

      Delete
    2. එක කලින් කියවල තියෙනවා.

      Delete
    3. මේවා තේරුම් ගන්න මැරිලම බලන්න ඕනේ.. :)

      Delete
  4. Replies
    1. අනොමලස් සිදුවීම් කියල විද්‍යාවේ හඳුන්වන්නේ මේ වගේ දේ. තවම පැහැදිලි කිරීමක් නැති වුනත් පැහැදිලි කිරමක් හොයන්න පුළුවන් දේ.

      Delete
  5. නාඩී වාක්‍ය නම් අමූලික බොරුවක්. මම කලිනුත් කිව්වා වාගෙම. ඒක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ ලෝකයේ ඉදිරියට ඉපදෙන්න ඉන්න් හැම එකාටමත් පත් ඉරුවක් තියෙන්න ඕනා. උපන් වෙලාවෙන් තමයි ඔය ඔක්කෝම කියන්නේ. ජෝතිෂය අනුව. ජෝතිෂය ප්‍රගුණ කල එකාට මනෝමයෙන් ගනන් හදලා සියල්ල කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැම එකාම බෑ කියන අනාගතයත් කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්නේ ජ්‍යෝතිෂය හරි , ගණන් හදල කියන නිසා, නාඩි වාක්‍ය වැරදි පති ඉරු වල තියන නිසා කියල. මම හරිද තේරුම් ගත්ත? දැන් ජ්‍යෝතිෂයේ ගණනය කිරීම් නිවැරදි වෙන්න පුලුවන්ඩ් අකියල මම 9 වන ලිපියෙන් අහනව. එතැනදී ලොකු සාකච්චාවක් ගෙනියමු. නාඩි වාක්‍ය වලින් එහෙම අනාගතය කියන්න බැහැ කියන අදහසේ මමත් ඉන්නේ.

      Delete
    2. නාඩ් වාක්‍ය කියන උන් කියන්නේ හැම එකා ගැනම ලියපු පත් ඉරුවක් තියෙනවා කියලා නේ... මම කියන්නේ ඒක අමූලික බොරුවක්.. අනික මම උන් එක්ක ආගිව් කලා වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳලම. මොකෝ එහෙම තියෙනවා නම් නම විතරනේ ඕන. අනික මේ කලියුගයේ ඕක කොම්පියුටරයිස් කලා නම් කොච්චර ලේසිද..? ජෝතිෂය එහෙම කොම්පියුටරයිස් කරලා නේ තියෙන්නේ.

      Delete
  6. කියෙව්ව. කුතුහලය අවුස්සන ලිපි පෙලක්.ලව්ලින් අටම් ගැන කිව්වෙ නැත්ද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අටම කියල බොනපාට් ගේ මල්ලි කෙනෙක් හම්බවෙනවා කිව්වනේ. ඒකෙත් හැටි.

      Delete
    2. ඒ කියන්නේ ලව්ලින් බොරි කියන්නේ නැ

      Delete
  7. ආචාර්ය නිහාල් සිල්වා මැතිතුමා මරනින් පසු ජීවිතය ගැන විද්වත් කතිකාවක් පටන් ගත්තා...එම පර්යේශනයේ ප්‍රතිපලය තමා සාජන් නල්ලතම්බි නාට්යය!

    ReplyDelete
    Replies
    1. මාත් බලල තියනවා. මරු නාට්‍යය. අනිත්මට එහා ලෝකෙටම යැව්වා නේද?

      Delete
  8. එතකොට ඔය ඤාතියෝ හරි කවුරු හරි කියනවා නම් තියන කරදර නැති වෙන්න මෙහෙම කරන්න,අරහෙම කරන්න,යන්තර දාන්න කියලා... ඇත්තටම ඒකෙ පදනමක් තියනවාද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ නැහැ කියල. ලවුලෙන් ල කවදාවත් එහෙම දේ කරන්න කියන්නේ නැහැ. ඒ ගොල්ලෝ කියන්නේ මිනිසුන්ට උදව් කරන්න කියල. ඒ ගොල්ලෝ මලගිය අයට උදව් කරනවා කියල. මල ගිය අය එයාලට කියන්නේ ජිවත් වෙන අයට කියන්න කියල අඬල දොඩලා ඒගොල්ලන්නට කරදර කරන්න එපා. ඒ ගොල්ලන්ට අර ආලෝකයට යන්න දෙන්න. සතුටෙන් ජිවත්වෙන්න කියල. යන්ත්‍ර මන්ත්‍ර ආදී දේවල් මේ අය විශ්වාස කරනවා අඩුයි.

      Delete
    2. ඒවනම් පට්ටපල් බොරු. සාත්තරේ ඇත්ත වුනත් සෝත්තරේ බොරු. ඒව දත් ගලවන කන්ටමන්ග සූත්තර
      මලවුන්ට ප්‍රමෝෂන් අරන් දෙන බනස්ටාර් හාමුදුරුනමක් ගැනත් කලින් පෝස්ට් එකක තිබුනෙ.

      Delete
  9. http://www.divaina.com/2013/02/01/naka01.html
    මේ වැරදුන නාඩි වාක්‍ය අනාවැකියක්. මේ කතාව ආපු කාලෙ වැඩවසම් ශ්‍රීලංකා වහලුන්ට රජෙක් හිටිය නමුත් යූඇන්පී වහලුන්ට රජෙක් නෑ. ඒ නිසා ඩඩ්ලි යලි උපද්දගත්තද දන්නෙ නෑ. දස රාජ දර්මෙ කතන්දර එල්ලුම් ගහ ගේන කතන්දර බත බුලතින් සරුකරන කතන්දර මිස කාර්මික තාක්ෂනික සංවර්ධනයක් ගැන කතා නැති හැඩයි

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතානම් ඉතින් සුරඟන කතා වගේ නැත්ද? බලාගෙන ගියහම මමත් ලියන්නේ සුරංගනා කතා වගෙයි. නමුත් මේ ලවුලන් මනුස්සය ඇත්තටම ජිවත් වෙනවා. මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නේ.

      Delete
  10. //එම වසරේදී ලංකාවට ධාර්මික නායකයකු ලැබෙන බව ද අසා ඇත්තෙමි.//

    Mr. Dharma?

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රා කට කතාවක් හදල, ප්‍රසිද්ද කරානම් හරි. මිනිස්සු ඡන්දේ දුන්නොත් , අපි දෙන්නගෙම පරම්පරාවල් ගොඩ. බ්ලොග් අමාත්‍යංශයක් පිහිටුවනවා වගේ බොරු පොරොන්දු කිහිපයකුත් දෙමු.

      Delete
    2. ධර්මිෂ්ට ජේ.ආර්. ජනාධිපති වුණේ වයස 72 දී. මධ්‍යස්ථ (මීඩියම්?) ධර්මා 70 දී.

      Delete
    3. රසික ඔය නාඩි වාක්‍යයක්ද , අනාවැකියක්ද

      Delete
  11. ඔබ භෞතිකවාදියෙකුයැයි විශ්වාස කරන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඒ පිලිබඳ විස්තරයකින් මෙම ලිපි පෙළ අවසන් කරන්න හිතන් ඉන්නේ. ලිපි අංක 9 හෝ දහය විතර වෙද්දී. මම මුලින් කිව්ව වගේ සැලසුම් කරලා ලියන නිසා වෙලාව ගන්න වෙනවා. එතැනදී මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නම්.

      Delete
  12. කියෙව්වා මේ ලිපියත්,
    මෙතැන සාකච්චා වෙන දේවල් එක්ක බොහෝම ගැඹුරු කතිකාවතක් ගොඩ නැගෙනවා. කියවන්න බොහෝම අගෙයි.
    මලවුන් සමග විවිධ අයගේ අත්දැකීම් කීමත් හොඳයි
    ඒත් ඒ අත්දැකීම් බොහෝමයක් මනෝ විකාර ගනයට තමයි මම තවමත් දාන්නේ. ඒත් ඇත්තක් නැහැයි කියන්නේ නැහැ මොකද මට ඒක ඔප්පු කරන්න හැකියාවක් නති නිසා.
    තව දුරටත් මේ ලිපි පෙල කියවලාම බලමු.

    ReplyDelete
    Replies
    1. //ත් ඒ අත්දැකීම් බොහෝමයක් මනෝ විකාර ගනයට තමයි මම තවමත් දාන්නේ// ලවුලන්ට මනෝ විකාරයක් තියනවා කියල හිතන්න පුලුවන්ද ?

      Delete
    2. නැහැ අජිත් කිසි සේත්ම නැහැ, ඒක මගේ පිළිතුර ඔස්සේ ඔබට ඇති වුනු වැරදි වැටහීමක්. අසම්පූර්ණ ප්‍රථිචාරයක් පල කල මායි වැරදි කරු.
      මා මලවුන් සමග අත්දැකීම් කියා අදහස් කලේ විවිධ අය තමන්ගේ ආසන්නතම ඤාතීන් ගේ මරනින් පසු ලබන අත්දැකීම් ගැන. මගේ පියා මිය ගිය දවසේ රාත්‍රියේ මගේ නිවසේ කුඩා දරු දෙදෙනා හා සමග පමණක් සිටි මගේ බිරිඳත් මෙවන් අත්දැකීමක් ලබා තිබෙනවා. ඒත් ඒවායේ සත්‍යතාවයක් ඇති බවක් මට පිළිගන්න අමාරුයි. මෙලෙස අපි හමුවට බොහෝ විට එන්නේ අපි තදින් ආදරය කල හෝ ගෞරව කල අපේ ඤාතීන්.
      ලවුලන්ගේ හැකියාව කිසිසේත්ම විකාර ගනයට දැමීම නොකල යුතුයි. ඈ සතු යම් හැකියාවක් තියෙන බව පෙනෙනවා. ඒත් ඒ කුමනාකාර හැකියාවක්ද කියන එක තමයි වටහා ගත යුතු.

      ඇයට උදව් කරන යම්කිසි සත්ත්ව කොටසක් ඉන්නවානම් බොහෝ විට ඔවුන් අපි බුදු දහමේ දකින දේව කියන සංකල්පයට ආසන්න තත්වයක් ලෙස පෙනී යාම වරදක්ද? අනෙක් අතට ඔවුන් මල ගිය උන් නේද? එසේනම් මේ අපිත් මල ගිය උන්මනේද?

      Delete
    3. අපත් මලගිය අයත් අතර වෙනස ඇත්තේ කිසියම් මානයක් (ත්‍රිමාණ හෝ බහුමාන ලෝකයක) අපට නොපෙනෙන් නිසාද කියන ප්‍රශ්නය මම කල්පනා කලා . ඊළඟට මොළය ගැනත් එහෙමං කල්පනා කලා.

      Delete
    4. ඔවුන් මාස්ටර් ලා කියන්නේ බුදු දහමේ කියන දෙවියන්ටමද?

      Delete
  13. අජිත් යහළුවා එව් ඇති ලිපියේ කාකබුජන්දර නාඩිවාක්‍ය ගැන ආනන්දමෛත්‍රෙය හිමියන් පවසන බව කියවෙන යූටියුබ් ලින්ක් එක එවා නැතිද ? එය සොයන්නට ගත්තු වෑයම නිෂ්ඵල වුනා

    ReplyDelete
    Replies
    1. ඔහුගෙන් අසා කියන්නම්.

      Delete
  14. //බුදු දහමට අනුව සත්ත්වයන් ඕපපාතිකව බිහි විය හැකි ය. එය මූලික සත්‍යතාවකි. නොදන්නේ නම් සොයා බලන්න. මේ ළඟදී දන්නා අයකුට වූ එවැන්නක් ගැන ඇසුවෙමි.///

    ඒ ගැන ලියන්න බැරි ද අජිත්.. දැනගන්න කුතුහලයක් ඇති වුන නිසයි ඇහුවේ ඕපපාතිකව බිහිවෙන්නේ කොහොමද කියලා සත්වයන්..

    ReplyDelete
    Replies
    1. ඕක මම ලිව්වේ නැහැ. මගේ යහළුවගේ - (මේ පරීක්ෂණ වලදී අන්තර්ජාලයේදී හදිසියේ හමුවූ මගේම පන්තියේ මිතුරා ) එයා දුන්න උත්තරේ ඔතන පළ කරලා තියෙන්නේ. නිල් පාටින් තියෙන්නේ මගේ අදහස්. මගේ අදහස් එහෙම බැරි බවයි. මැගට් හෙම ඇතිවන්නේ එහෙම කියල ඒ කාලේ මතයක් තිබ්බ. වැරදියි කියල දැන් දනනවා.
      https://en.wikipedia.org/wiki/Spontaneous_generation
      ස්ටීවන් හොව්කින්ස් විශ්වයේ ජිවය ඇතිවුනේ එහෙමද කියල අහනවා මෙතැන .
      http://www.hawking.org.uk/life-in-the-universe.html
      මිට අමතරව සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියක් නැතිව ඒ කියන්නේ විරුද්ධ ලින්ගිකියෙක් නැතිව සතින් උපදිනවා. ඒකනම් ඇත්ත. ඔප්පු කරනන් පුළුවන්. පර්තිනෝජෙනේසිස්. The New Mexico whiptail එහෙම සතෙක්.
      http://www.findingdulcinea.com/features/science/environment/Parthenogenesis--When-Animals-Reproduce-Without-a-Mate.html

      Delete
    2. Sharks are another animal not known, until recently, to be able to reproduce by parthenogenesis. In December of 2001, according to New Scientist, in a tank of three female hammerhead sharks, a shark pup suddenly appeared. Scientists argued for years about how the baby had appeared, and in 2007, after analyzing the pup’s DNA, they found that it was the product of only one animal, its mother.

      Delete
  15. අජිත්, අටිච්ච සමුප්පාදය වඩා තර්කානුකූලයි කියා ඔබ කියන නිසා මට මේ ටිකත් මෙතැනදීම කියන්න හිතුනා.
    පටිච්ච සමුප්පාදයේ මෙහෙම කියැවෙනවා (මට අවශ්‍ය කොටස පමණයි මම මෙතැනදී ගන්නේ)
    විඥ්ඥානය හේතු කොට නාම රූප හටගනී
    නාම රූප හේතු කොටගෙන ආයතන සය හට ගනී
    ආයතන සය හේතු කොටගෙන ස්පර්ශය හටගනී
    ස්පර්ශය හේතු කොටගෙන වේදනාව හට ගනී
    වේදනාව හෙතු කොටගෙන තණ්හාව හටගනී
    තන්හාව හේතු කොටගෙන සංස්ඛාර හටගනී
    සංස්ඛාර හේතු කොටගෙන භවය (පැවැත්ම ) හට ගනී
    භවය හේතු කොටගේන ජාතිය (උපත හෝ සත්ත්වයා ) හට ගනී
    ආදී ලෙස කියැවෙනවා

    එතකොට මේ හේතූන් හා ඵලයන් දෙස බැලීමේදී පෙනී යනවා සත්ත්වයා කියන සංකල්පය තුල එකක් පසු පස එකක් වශයෙන් වූ හේතූන් හා ඵලයන්ගේ පැවැත්මක් වන බව. ඉතින් මේ හේතූන් හා ඵලයන් නැති තැනකදී සත්ත්වයෙකු හෝ සත්ත්වයා ඇසුරින් කිසියම්ම වූ කොටසක් පැවැත්වීම අභව්‍ය වෙනවා. ( ආත්මයක් වැනි වූ පවතින සංකල්පයක් )
    ඒක එහෙමනම්, මරණින් මතු සියළු නාම රූප ධර්මයන් බිඳී විසිරී ගිය විට පැවතිය හැකි වූ ගන්ධබ්බයා කවරෙක් විය යුතුද? එවැන්නෙකු පැවතීම පටිච්ච සමුප්පාදයට අනුව අභව්‍ය නොවන්නේද?
    එසේ යම් කිසි විඥ්ඥානයක් හේතු කොටගෙන සත්ත්වයෙකු පවතිනවානම් (භවය ) එය ජාතිය (උපත ) හට ගැනීමක් විය යුතුයි. එසේනම් යමෙකු ගන්ධබ්බයෙකු ලෙස දකින සත්ත්වයා වෙනත් අපිට ග්‍රහනය නොවන භවයක සිටින නැවතත් පංචස්කන්ධයක් උසුලන සත්ත්වයෙකු විය යුතුයි.

    මේ දැනට මට තේරෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඔබේ විග්‍රහයට එකඟයි. මෙහි මළවුන් ආලෝකයට යැවූ පසු වන්නේ කුමක්ද යන් ඔය කතා කරන මීඩියම් ලා දන්නේ නැහැ. ගන්ධබ්බ අවස්තවක් කියන්නෙත් යලි උපදිමක් ලෙස ගත්තොත් මොකද වෙන්නේ? සත්වය ගන්ධබ්බයෙකු ලෙස උපදින්නේය. ඉන්පසු නැවත ගර්භාශයක උත්පත්තිය සඳහා සැරි සරන්නේය . කියන මතය තමා තියෙන්නේ. ඒ තර්කයෙන් ගත්තොත් මෙතනට එකඟ වෙන් වෙනවා. //එසේ යම් කිසි විඥ්ඥානයක් හේතු කොටගෙන සත්ත්වයෙකු පවතිනවානම් (භවය ) එය ජාතිය (උපත ) හට ගැනීමක් විය යුතුයි. එසේනම් යමෙකු ගන්ධබ්බයෙකු ලෙස දකින සත්ත්වයා වෙනත් අපිට ග්‍රහනය නොවන භවයක සිටින නැවතත් පංචස්කන්ධයක් උසුලන සත්ත්වයෙකු විය යුතුයි.// හැබැයි පංචස්කන්ධයක් තිබීම අනිවාර්යද?

      Delete
    2. ආත්මය කියන සංකල්පය කොහොමත් බිඳ වැටෙනවා. එතනට එකඟ වෙන්න පුළුවන්.

      Delete
    3. පංචස්කන්ධය
      රූප (භෞත රසායනික පද්ධතියකින් හෙබි කය හෝ මානසිකව ග්‍රහනය කොටගෙන සිටින යම්කිසි රූපයක් )
      වේදනා (මෙය නාම හෙවත් සංකල්පීය ස්කන්ධයකි, මෙයින් කියැවෙන්නේ සත්ත්වයෙකුට ලැබේන ඕනෑම ආකාරයක දනීම් පිළිබඳව )
      සංඥ්ඥා (මෙයත් නාම හෙවත් සංකල්පීය සඛන්ධයකි, සත්ත්වයා වේදනාවකින් උපදවා ගන්නා වූ සංඥ්ඥාව වේ )
      සංඛාර (මෙයත් නාම හෙවත් සංකල්පීය ස්ඛන්ධයකි, සංඥ්ඥා තුලින් ග්‍රහනය කරගන්නා දෙය එක් කොට නොයෙකුත් දේ ඒ ඒ දේ හැටියට සංස්කරණය කිරීමයි )
      විඥ්ඥාන ( මෙයත් නාම හෙවත් සංකල්පීය ස්ඛන්ධයකි, සංස්කාරයන් ග්‍රහනය කර ගනු ලබන්නේ මෙයිනි, සත්ත්වයා සත්ත්වයෙකු ලෙස පැවතීමට මෙය ඍජුවම මූලික වේ. )

      මේ පංචස්ඛන්ධය මම දකින හැටියි.
      එතකොට "හැබැයි පංචස්කන්ධයක් තිබීම අනිවාර්‍යයද?" කියන ඔබේ පැනයට මම දකින නිවැරදි පිළිතුර "ඔව්"

      Delete
    4. ලවුලන් ලා කියන විධිහට මේ මළවුන්ට අතින් අල්ලන්න පුළුවන් රූප කායක් නැහැ . ඔබේ අදහස් දැනට පිලිගන්නවා. .

      Delete
    5. මරණයෙන් පසු ආත්ම වල නැවත ඉපදීමක් ගැන මා විස්වාස කරමි.නමුත් පොදු මතයක් ලෙස ගත් කල ඔබ දකින සත්‍යය කුමක්ද?

      Delete
    6. මා නවතැහැ ඉපදීමක් ගැන ප්‍රබල සක්ශිඅ තවමත් නැත යයි සිතමි.

      Delete
  16. අජිත් අයියා. මේ ලිපි පෙලේ අවසානයක් වෙනකන් බොහොම අසාවෙන් බලන් ඉන්නෙ. හැබැයි මේ පොස්ට් එක මට ටියුබ් ලයිට්. මොකක් හරි පොස්ට් එකක් මිස් උනාද දන්නෑ.

    එක නෙමෙයි. මම මේ මේ ලිපි පෙලටම සම්බන්ද වගේ බ්ලොගක් ගොඩ කාලයකට කලින් කියෙව්වත් ඔයාට ඒක එවන්ට හොයාගන්ට බැරි උන. මට මේ දැන් ඒ නම ක්ලික් වෙලා ගුගල් කලහම තමා හම්බුනේ. (කොච්චර අදාලද කියන එකනම් මාගේ ටිකි මොළයට මීටර් වන්නේ නැත)

    ලින්කුව -:

    http://rishiarana.blogspot.co.uk/?m=1

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තූතියි. මේක මිස් වෙලා තියෙන්නේ.
      https://kolambagamaya.blogspot.co.uk/2016/09/materialist-paranormal_25.html

      Delete
  17. ඔබ භාවිත කර තිබෙනවා//නාඩි//වාක්‍යය කියා ,ඉතින් මා ඉල්ලා සිටිනවා පොදු සරළ වචන භාවිත වේ නම් වටී.සමාජවාදී'මතය ඊට වඩා සමාජය යෙ ග්‍රහනයට' සමවාදී'සාධාරණ මතයක් ගොඩනගා ගැන්මට සහ ලංකාව තුල එවැනි මතයක් වමාරන්න ඔබට බැරි ඇයි?

    ReplyDelete
    Replies
    1. නාඩි වාක්‍ය ගැන ලියා ඇත්තේ මිතුරෙකි. ඔහුගේ අදහස් උපුටා දක්වා ඇත.

      Delete
  18. ඔබ 'කුමාර් ගුණරත්නම්'ගෙ පත්තරයක දැන්වීමෙ කොටසක් බොලොග් එකේ දක්වා ඇත.ඔහු ව පොලීසිය අත් අඩංගුවට කීපවතාවක් අරන් තිබෙනෙවා.බොහෝ අය පවසනවා ඔහු පක්ෂය ජනප්‍රිය කරන්න,ගත්තු වෑයමක් බවත්,ඔහුව සහ සහෝදරියව අතුරුදන් කර තිබුනා එක් කලක්,ඔහු රාජ්‍ය ඉහල පෙලේ නිළධාරියකුගෙ උදව්වෙන් හිරේට ඕනෑ කමින්ම පක්ෂය තවතවත් ජනතාවට පෙන්නා ඉහලට යන්න ගත්තු උපාය මාර්‍ගයක් බවට රහසිගත ව මුමුණන අය අප අතර සිටිති.මේ ගැන පැහැදිලි සාධාරණ පිළිතුරක් ලබාදෙන්න.ස්තූතියි amarasiri24@gmail.com

    ReplyDelete
    Replies
    1. මම හරියටම දන්නේ නැත.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .