Thursday 5 July 2018

විජයකලා සම්බෝලයට ගැනීම සහ ....දයාපාල තිරාණගම

විජයකළා සහ දරුවන් සැමියා මිය ගිය දා 
දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම  (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි  රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා  දයාපාල තිරාණගම  මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

රාජිනි තිරාණගම ද එක්ව ලිපි පල කරන ලද "මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල ඇදුරන් " ගේ වෙබ් අඩවිය  UTHR අප ඒ දිනවල යාපනයේ සහ උතුරේ සිදුවන සිද්ධීන් ගැන දැන  ගැනීමට කියවූ ප්‍රධානතම අපක්ෂාපාතී වෙබ් අඩවියක් විය.

එදින සංවාදයේදී  "රාජිනි සැබවින්ම  මරා  දමන ලද්දේ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින්මද , ඒ ගැන ඔබට සාක්ෂි තිබේද?" යන ප්‍රශ්නය මම ඇසුවෙමි.  එය ඇසුවේ එංගලන්තයේ විසූ බොහෝ ද්‍රවිඩ පිරිස් එය එසේ බව නොපිළිගත් හෙයිනි.   ඔහුගේ දියණිය බොහෝවිට මා  LTTE සංවිධානයට පක්ෂ අයෙකු ලෙස සලකා  පිළිතුරු දුන් බවක් පෙනුනි.

මා දැන  සිටියේ කොටි සංවිධානය ජනතාව රැඳී සිටි කෝවිලක (නල්ලූර් කෝවිල විය හැකිය) සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කල එතනින් ඉවතට දිව ගිය බවයි. ඉන්පසු හමුදාව විසින්  එතනට එල්ල කල  ෂෙල් ප්‍රහාර වලින්  රැස්ව සිටි අහිංසක  දමිළ ජනතාවෙන් සමහරක්  මිය ගිය පසු කොටි සංවිධානය ඒවා වීඩියෝ ගත කර බටහිරට  එවන ලද බවයි. රාජිනි දැඩි ලෙස මෙම ක්‍රියාවලිය විවේචනය කළ නිසා ඇය මරා දැමුණු බවයි.

විජයකලා කොටි සංවිධානය වැන්නක් නැවත අවශ්‍ය යයි කියන්නේත් දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දැඩි පාලකයෙක්  අපේක්ෂා කරන්නේත් එකම හේතුවක්  නිසාය. සමහරුන් හිට්ලර් ඉල්ලන තරමට මේ තත්වය දරුණු වී ඇත්තේ ඇයිදැයි හේතුව සොයනු මිස පණිවිඩය ගෙන ආ විජයකලා විවේචනය කිරීමෙන් පලක් නැත.

මේ ඇත්තේ රයිගමයා  හා ගම්පලයා විසින් කද  දෙපැත්තට ඇදීම නිසා  කදය කොහේටවත් නොයන බව අවබෝධ  කරගත නොහෙන  නායක දෙපොළක්  නිසා ඇතිවූ තත්වයක් පමණි. ඔවුන් දෙදෙනා සිතන්නේ  පණිවිඩය ගෙනා විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය  විසඳෙනු ඇත කියානම් ඔවුන්ට වැරදී  ඇති ප්‍රමාණය ගැන ඔවුන්ටම අවබෝධයක් ඇත්තේ නැත.


තව දුරටත් කඳුළු  නොහෙළමු  සහෝදරියනි 

දයාපාල තිරාණගම මහතා මුහුණු පොතේ පළ කල මේ ලිපිය මෙහි පල කරන්නට සිතුවේ එහෙයිනි.

*******************************************************
විජයකලා සම්බෝලයට ගැනීම සහ ජාතිවාදයේ නරුම සවභාවය

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.

විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වේශ සහගත  හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු සැහැසි දර්ශන මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ උරුමය ලෙස පවතින්නේ නම් අපේ රටේ ජනවාර්ගික සමගිය ට ඇති අභියෝගයන් කල්ප ගණනකට ඉවත් කල නොහැකි වනු ඇත.

කොටි සංවිධානය විසින් කරනලද තිරස්චීන ඝාතනයන් සහ ජනතා පීඩනය මම හෙලා දකින්නෙමි. මගේ බිරිඳ රාජනී මරා  දැමුවේද ඔවුන් විසිනි .එ නමුදු 2009 දී ඔවුන් පරාජය කිරීම සමගිය සහ සංහිඳියාව ගොඩ නැගීමේ එකම කොන්දේසිය ලෙස පවත්වා ගැනීමට සිංහල දේශපාලන පංතීන් කැස කැවීම ද්‍රවිඩ ජනතාව අතර ප්‍රජාතන්ත්‍ර වාදය  සහ සමානාත්මතාවය සදහා වූ සටන අති විශාල ලෙස ශක්තිමත් කරන සහ වලංගු කරන දේශපාලන අවකාශයක් නිර්මාණය වනු ඇත.මෙය විජය කලාගේ නන් දෙඩවීමට වඩා බලවත්ය.වලංගුය.



ද්‍රවිඩ කොටිසංවිධානයේ නොපනත්කම්වලට වලට සහ විජයකලා වැන්නවුන්ගේ ලාබාල ප්‍රකාශයනට මුවා වී යුධයෙන් පසුව ද්‍රවිඩ ජනතාවගේ ජීවිතයට එල්ලවී ඇති බරපතල ප්‍රශ්නයන් අමතක කිරීම ද්‍රවිඩ අන්තවාදී කොටස්වල අභිප්‍රායන්ට  ජීවය ලබා දීම හැර වෙන යමක් කල නොහැකිය.

සිංහල ජාතිවාදය මෙයට දශක ගණනාවකට කලින් සහ අද පවා තේරුම් නොගන්නා ප්‍රශ්නය මෙයයි. ඔවුන්ගේ නිවාස සහ දේපල අපසු ලබා ගැනීම,ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරනලෙස ඉල්ලා සිටීම,අතුරුදහන් කල දහස් ගණනකගේ ප්‍රශනය,පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා ගේ නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත.


-දයාපාල තිරාණගම 



History of the Organisation - UTHR 


27 comments:

  1. ඔබේ ලිපිය පෙන්වා දෙන්නේ පවතින ඛේදනීය තත්ත්වයේ අනතුරු දායක බවයි. "................. විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇත" පාලක පක්ෂයේ (ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පාර්ශව) විජයකලා සමබන්ධව දක්වන ප්‍රතිචාර පොදුවේ ගත් කල මේ බව තේරුම් ගෙන සිටින බවක් තවමත් දක්නට නැති කම ලොකුම අඩුපාඩුවයි.

    ReplyDelete
    Replies

    1. ඔබට ස්තූතියි. ඔබටත් මේ පිළිබඳව හොඳින් පැහැදිලි වී ඇති බව පෙනෙනවා. ගුරුතුමෙකු වශයෙන් ඔබට මේ ගැන වඩාත් විවේචනාත්මකව බැලිය හැකියි. ළමයින්ට ගහල හදන්නත් පුළුවන්. නොගහා හදන්නත් පුළුවන්. පාසලක නීති රීති හරියට ක්‍රියාත්මක වෙනවනම් පාසලේ විනයගරුක භාවය රැකෙනවා නේද ? ගහන්නම අවශ්‍ය නැහැනේ.

      Delete
  2. //ඔහුගේ දියණියන් දෙදෙනා බොහෝවිට මා LTTE සංවිධනයට පක්ෂ අයෙකු ලෙස සලකා පිළිතුරු දුන් බවක් පෙනුනි.//

    What did they say?

    ReplyDelete
    Replies
    1. They actually said there are ample evidence to show Rajini was killed by LTTE. Specially from local people. When eldest daughter was replying she appeared to get angry at the question which is understandable. Some Tamils show was sympathetic to LTTE told me IPKF killed Rajini.

      Delete
  3. බයිපාස් එකක් කළ යුතු දරුණු හෘදයාබාධයකට, පැරසිටමෝල් පෙත්තක් දෙනවා වගේ වැඩක්. දකුණේ ජාතිවාදය තෘප්තිමත් කරන වැඩ මිස එතනින් එහා සාධනීය විසඳුමක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැරි බවට මීටත් වඩා නිදසුන් තියෙනවද?

    අනික දෙමළ මිනිසුන්ට කතා කිරීමේ නිදහස, අදහස් දැක්වීමේ නිදහස නැති බව නේද මේ කියවෙන්නෙ. දෙමළ තරුණ පරපුරේ වගේ අදහස් දරන අය මටත් හමුවෙලා තියෙනවා. ඇත්තටම ඒ ඔවුන්ට ආයෙම යුද්ධයක් ඕන නිසා නෙවෙයි. එයාලගෙ ප්‍රශ්නවලට තාමත් විසඳුම් ලැබිල නැති නිසා. ඒ වෙනුවට වෙනත් සමාජ ප්‍රශ්න රැසකින් ඔවුන් හෙම්බත් වෙලා.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති රාජපක්ෂ මහතාට ඉතා ලෙහෙසියන් විසඳිය හැකිව තිබුණු ප්‍රශ්නයක් ඔහු ඔඩු දුවා ගත්ත. සිවිල් යුද්ධය සමතය කලාට පසුව වත් අර ඉතිහාසයේ දුටුගැමුණු රජතුමා ගැන ප්‍රවාද තිබෙන ලෙස (magnanimous) උතුම් ලෙස ඔහුට උතුරේ රාජ්‍ය පාලනය ගෙනියනන් තිබ්බ. ඉන්පසු ආපු මේ ආණ්ඩුවත් ජනාධිපතිත් හැසිරෙන්නේ අප්‍රබුද්ධික ලෙසයි

      Delete
  4. It is true Tamils have those issues as a result of war, don't forget even Sinhala and Muslims (suffered) have most of those issues. Is Dayapala saying that the war is entirely Sinhala Govt making or fault? War is created by Tamil politicians, supported by Tamil people and prosecuted to the bitter end by SL govt (all contributed)

    ReplyDelete
    Replies
    1. war did not created by tamil politicians alone. That is a fallacy. They did want some freedom under British, Some sort of a self rule. Who created 1957, 1977, 1983 pogroms against tamils ? I am not going to talk about that here in length. There are enough things written about that. LTTE and other groups created and supported by India because they did not like JR's economic and western friendly foreign policy. (Although these crafty Indians now embracing the very same policies now)

      Delete
  5. Thanks Ajith for even amidst of unsavoury domestic conditions (I mean Germany being sent home after the first round heh..heh..nothing else) finding time to write about Rajini.

    Her biography in English is to be release shortly.

    https://www.slguardian.org/si/rajini-novel-english/

    ReplyDelete
  6. Well that domestic problem is now sorted. We are supporting both England and Russia. he he
    You see even now people are suspecting who really killed her.
    //
    එල්ටීටීඊය දෙස සානුකම්පිත හැඟීමෙන් බැලුව ද අවිගත් අරගලය නිෂ්ඵල බව වටහාගන්නා ඇය ඉන්පසු එල්ටීටීඊ ය විවේචනය කරන්නියක බවට පත්වෙනවා. ඇයව එල්ටීටීඊ ය විසින් ඝාතනය කරන ලද බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, සත්‍ය කතා කරන්නට දැක්වූ නිර්භීතත්වය ඇගේ ඝාතනයට හේතුවී තිබීම මේ නවකතාව රචනා කරන්නට මාව තදින් පෙළඹ වූ කරුණක් වුණා‘‘ යැයි Sugandhi Enna Andal Devanayaki කෘතිය ගැන සිය හඬ අවදිකරන රාමක්‍රිෂ්ණන් පවසයි// I wanted to read it. I think they should translate it to Sinhalese.

    ReplyDelete
    Replies
    1. /Well that domestic problem is now sorted. We are supporting both England and Russia./

      Hey I thought Ines was German... My mistake..:)

      Delete
    2. She is German. But in her department there are lot of Russian teachers and I have lot of Russian friends. And I do support Russia as well. Compromise.

      Delete
  7. ///පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා ගේ නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත./////////

    මේ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. අපි මෙය අත්විඳ ඇත්තේ සිංහල හෝ ද්‍රවිඩ ජාතිවාදයක් නිසා නොව, මේ සියලු ජාතින් නියෝජනය කෙරු සහ කරනා, ජනතාව විසින් පත් කෙරූ පාර්ලිමේන්තු, පලා බබා, සහ යුසී, පීසී බබලා සහ බේබිලා වග නොකියන පාදඩ ක්‍රම වේදය නිසාමවේ. සෑම පොතකම පිටු ඇතිවා සේම, සෑම ජීවිතයකටම තත්පර ගනනින් සුසුම් සහ පිටකිරීම් තිබේ. වටහා ගත යුතු මූලික මිනිස් උවමනාවෙන් පිටගිය අපි බයිලා ගයමින් සිටින්නෙමු. මේ සියල්ලට පෙර සිදුවිය යුතු හෝ ඉගැන් විය යුතු, පෙළ ගැස්විය යුතු, සිතීමේ විප්ලවයක් ඇති විය යුතු බව මගේ හිතීමයි.

    තවකෙකුගේ මුව සිප ගැනීමට පෙර, තමන්ගේ දන්ත ධාතුන් පුවක් ලෙල්ලකින් හෝ මැද තබා ගැනීම යෝග්‍ය වේ.

    කාවත් ටාගට් කරලා කිව්ව නෙමේ. හිතෙන දෙයක් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. //මේ සියල්ලට පෙර සිදුවිය යුතු හෝ ඉගැන් විය යුතු, පෙළ ගැස්විය යුතු, සිතීමේ විප්ලවයක් ඇති විය යුතු බව මගේ හිතීමයි. //මෙහෙම අදහසක් ඇතිවුන නිසාම - කට්ටියක් ඕක කරන්න පටන් ගන්නවා
      උඹල ඊට පස්සේ උන්ට බනිනවා උන් කියන දේ තේරෙන්නේ නැහැ මහප්‍රාණ කියන්නේ කියල
      ඊට පස්සේ උන් උන්ගේ කීම අහන කල්ලි හදා ගන්නවා
      උන් පොරවල් කියල හිතා ගෙන කතා කරණ අනිත් එවුන්ව පාගන්න හදනවා
      වැඩේ අල වෙනවා උන් බෙදෙනවා
      අපි අපහු මුල ඉඳන් පටන් ගන්නවා .....
      ඔන්න ඔහොම තමා වෙන්නේ සයිකල් එක

      Delete
  8. මේ රට තනිකරම අවුලක්.. කියන්නෙ එකක්... කියවෙන්නෙ වෙන දෙයක් .. වෙන්නෙ තවත් දෙයක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විතරක් නෙමේ ඕක වෙන්නේ . මෙහෙයි කියල වෙනසක් නැහැ බැලුවහම වෙලාවකට

      Delete
  9. රාජිනී තිරාණගම ඝාතනය කලේ කවුරුන්ද ?

    https://transyl2014.blogspot.com/2017/07/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. මම මේ රිප්ලයි එකම දාල තියනවා

      Delete
  10. https://www.youtube.com/watch?v=C803NOvmTqk

    ReplyDelete
  11. ලංකාවේ වැඩිම පුරුෂ ආධිපත්‍යයක් තියෙන්නේ යාපනේ දෙමළු අතර.
    රාජිනී තිරානගම දෙමලෙක් එක්ක විවාහ වුනානම් එයාගේ නිදහස නැතිවෙනවා.
    මුස්ලිම් මිනිහෙක් එක්ක විවාහ වුනානම් දෙමළකම නැතිවෙනවා.
    දයාපාල තිරානගම එක්ක විවාහ වීම ඒ අනුව බුද්ධිමත් තීරණයක්.

    ඕනෑම රටක ප්‍රධාන සංස්කෘතියක් තිබිය යුතුයි.
    උදාහරණයක් හැටියට බිරිතානියේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය.
    රාජිනී,දයාපාල දෙන්නගේ දරුවොත් දැන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගතවෙලා ඉවරයි.

    1815 සිට ලංකාවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වියයුතු බව පිලිගන්නනේ නැති හැම එකාම ඇංග්ලිකන් ගැත්තෝ.
    අපි කල්පනා කරන්න ඕනේ මෙච්චරයි.
    රාජිනී,දයාපාල දෙන්නගේ ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. //රාජිනී,දයාපාල දෙන්නගේ ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්නේ මොකක්ද?//රාජිනි දැන් ජිවතුන් අතර නැති නිසා එයාට පිළිතුරු දෙන්න විධිහක් නැහැ. දයාපාල තිරාණගම මහතා නම් ජාත්‍යන්තරවාදියෙක් බවයි මගේ හැඟීම

      Delete
    2. //උදාහරණයක් හැටියට බිරිතානියේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය.//මේක එච්චර සුවර් කියල කියන්න පුළුවන් දෙයක් නෙමේ. ඔබ වැරදියි කෙලින්ම වගේ. රිතාන්‍යය රටවල් 3.1/2. ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ කතොලික. ප්‍රථමකතෝලික අගමැති . කතෝලිකවරුන් බාගෙට භාගයක් ඉන්නවා එංගලන්තේ. ස්කොට්ලන්තය , කතෝලික. උතුරු අයර්ලන්ත මෙතෝදිස්ත හා ඇන්ග්ලිකන් . එංගලන්තයේ ඇන්ග්ලිකන් භාගයක්. ඇන්ග්ලිකන් වරුන්ගේ නිදහසට මම කැමතියි. මම හඳුනන ෆාදර් කෙනෙක් ඉන්නව.සුනාමි වෙලාවේ ලංකාවට ගිහින් උදව් කලා . අපේ ගෙදර අවම අතින් කන්නේ . පානුයි පරිප්පුයි කන්න රුසියා. සිංහල සංස්කෘතියට කැමතියි. සිංහල බෞද්ධ සංස්කෘතියට නොවේ. ඇන්ග්ලිකන් ආගමේ බඳින්න පුළුවන්. දරුණුවටආගම ප්‍රචාරයක්.
      අනික සිංහල බෞද්ධ කිවම එතනම තියෙන්නේ ප්‍රතිවිරෝධයක්. බෞද්ධ කෙනකුට බෞද්ධ වෙන්න පුළුවන්. ඒකට ජාතියක් අවශ්‍ය නැහැ. බුදු දහම කියන්නේ ජාති භේද කුල භේද රටවල් භේද අතික්‍රමණය කළ දර්ශනයක්. ඔයාල අදහන ආගම් වර්ගය ගැන මම දන්නේ නැහැ. හොයන්නෙත් නැහැ.

      Delete
    3. දරුණුවට ආගම ප්‍රචාරයක් නැහැ කියල කියනන් ඕනේ වුනේ.

      Delete
  12. මේ රජයට පක්ෂපාතීත්වයක් දක්වන බොහෝ දෙනා, විජයකලාගේ ප්‍රකාශය "දේශපාලන නොතේරුම්කම, හැඟීම්බර වීම" ලෙස ලඝු කරන්න ලොකු උත්සාහයක් දරනවා. මේක වැරදියි. විජයකලා මෙවැනි ප්‍රකාශයක් කල පලමුවැනි අවස්ථාව මෙය නෙවෙයි. අවසාන අවස්ථවාත් මෙය නොවෙයි. (මීට පෙර සිරස නාලිකාවේ විවාදයකදීත්, පෙරෙදා දමිල නාලිකාවක සාකඡාවකදීත් )
    රටේ මූලික නීතියටත්, තමන් දිවුරුම් දුන් දෙයටත් පටැහැනිව කටයුතු කිරීම සුළු කොට නොතැකිය යුතුයි.
    දැන් විශ්නේශ්වරනුත් ඒ කතාවම කියනවා..ඒත් දේශපාලන නොතේරුම්කම ද ?

    පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ සිංහල මන්ත්‍රීවරියක් කිව්වනම් "දෙමළුන්ට මේරට අයිති නෑ උන් ඔක්කොම ඉන්දියාවට යවන්න ඕන..." කියලා, ඔබලා ඒකත් "දේශපාලන නොතේරුම්කම, හැඟීම්බර වීම" ලෙස අර්ථ දක්වනවාද ?

    ReplyDelete
    Replies
    1. /පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ සිංහල මන්ත්‍රීවරියක් කිව්වනම් "දෙමළුන්ට මේරට අයිති නෑ උන් ඔක්කොම ඉන්දියාවට යවන්න ඕන..." කියලා, ඔබලා ඒකත් "දේශපාලන නොතේරුම්කම, හැඟීම්බර වීම" ලෙස අර්ථ දක්වනවාද ?// ඔව් , ගොඩක් අය එහෙමයි නේද

      Delete
    2. අසංග මේක මගේ ලිපිය සහ දයාපාල සහෝදරයා කියපු කොටස බලල ලිව්ව එකක් නොවන වගයි පේන්නේ ."මේ රජයට පක්ෂපාතීත්වයක් දක්වන බොහෝ දෙනා...ආදී වශයෙන් පටන්ගෙන තිබෙන්නේ)

      මම ලියල තියෙන්නේ:

      //විජයකලා කොටි සංවිධානය වැන්නක් නැවත අවශ්‍ය යයි කියන්නේත් දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දැඩි පාලකයෙක් අපේක්ෂා කරන්නේත් එකම හේතුවක් නිසාය. සමහරුන් හිට්ලර් ඉල්ලන තරමට මේ තත්වය දරුණු වී ඇත්තේ ඇයිදැයි හේතුව සොයනු මිස පණිවිඩය ගෙන ආ විජයකලා විවේචනය කිරීමෙන් පලක් නැත.

      මේ ඇත්තේ රයිගමයා හා ගම්පලයා විසින් කද දෙපැත්තට ඇදීම නිසා කදය කොහේටවත් නොයන බව අවබෝධ කරගත නොහෙන නායක දෙපොළක් නිසා ඇතිවූ තත්වයක් පමණි. ඔවුන් දෙදෙනා සිතන්නේ පණිවිඩය ගෙනා විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇත කියානම් ඔවුන්ට වැරදී ඇති ප්‍රමාණය ගැන ඔවුන්ටම අවබෝධයක් ඇත්තේ නැත.//
      දකුණේ ගෝඨාභය ඉල්ලන මිනිසුන් විවේචනය කරනවට වඩා එතනට පත්වුණේ ඇයිද හෙවිම වැදගත්. විජයකළ එවැනි ජාතිවාදී යයි කිවහැකි ප්‍රකාශයක් කියන්නට හේතු වුනේ ඇයිද හෙවිම වැදගත් මේ ආණ්ඩුවට. ඒක තමා අවධාරණය කරන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .