පද්මිණී මාතරගේ මා හඳුනා ගත්තේ පුවත්පත් කලාවේදිනියක් වශයෙනි. මා ලියූ සියමා කෘතිය ජනගත කරන දා ඇගේ මිතුරියන් වන විපුලි පලිහක්කාර සහ මාධ්‍යවේදිනියක වන ප්‍රියදර්ශනී සිවරාජා සමග පැමිණි අවස්ථාවේ ඇය සමග කතා බහ කිරීමට සුළු කාලයක් ලැබුණි. ඇය නිසඳැස් හා කවි ලියන බව මා දැනගත්තේ එහිදීය. ඇයට කවි බ්ලොගයක් පටන් ගැනීමට ආරාධනයක්ද කලෙමි.
|
පද්මිණි මාතරගේ |
ඈ ලියූ මා සිත් ගත් නිර්මාණ කිහිපයක් මෙහි පල කරමි.
මුහමලේදී...
තල්ගස් යාය අතරින්
කිලාලී කලපුව සිපගෙන
හමා එන
ලුනු රහ දැවටුනු
වියලුනු සුලං පොද
හීන් හඩකින් අසයි
ඔබ කොහෙද යැයි කියා මගෙන්.....
තැන තැන වලදමා ඇති
දහස් ගණනක් බිම් බෝම්බ
කොයි මොහොතේ පිපිරේද
බියෙන් සැලෙන සිත අසයි
දෙපය තබනා හැමවිට ....
අනේ ඔබ මා ලග සිටී නම්
මේ බිම එකම මල් යායක් වනු ඇත
ඔබෙ සුරතේ එල්ලිලා
යන්න හැකිවේවී මහා සෙනෙහසින්
මගෙ බොලද හිත කියයි...
දැඩි හිරු රැසින් ගිණියම් වූ
කිලාලි කලපු තීරයේ
සුදු වැල්ලේ එරි එරී
අසීරුවෙන් බර අඩි තබන විට
පය පැකිල වැටෙන්නට යයි..
එසද ඔබ අත්වැලක් විණී නම්...
මේ මොහොත කොයිතරම්
සොදුරු වනු ඇතිද...
සිත අසන හඩ ඇසෙයි..
අප අපට අහිමි වග
හමා එන වියලි සුලං රැල්
ආදරෙන් මුමුණනා හඩ ඇසෙයි
මගෙ හිතට....
පද්ම්
පවන් රොදක් ලෙසින්
හමා ඇවිත් සෙමින්
හිතේ සිනා මලක්
පුබුදු කළා හොරෙන්
කුණාටුවක් ලෙසින්
හමා ඇවිත් සැනින්
සුණු විසුණු කරන් හිතත්
ඔබ යන්න ගියා සැනෙන්
- පද්මි -
කොටු ගසා සතර අත ඇඳි
කටු සටහනක් වුණු ඉරි වගේ
හිතන්නට බැරි අවුලක්ව
ගලා ගිය ජිවිතයට
පාට පාට ගෑ
සොදුරු දසුනක් මවා
හිත පුරා බැඳි සෙනෙහසින්
හදවතේ රිද්මය හා එක්ව
එකම හුස්මක රදවා
ආදරය සිත්තම් කෙරුව
ප්‍රේමයේ සිත්තරා නුඹය
සිහිනයක් වගේ මා ලඟින් ඉන්නා
ඉතින් කවදාවත්
අත් නොහැර යන
- පද්මි -
හද රිදුම් දෙයි
විටෙක මහ ගින්නකින්
හිත දැවී යනු දැනෙයි
තැවුල් පොදියක් සිත් ඉමේ
ඉකිබිඳින හඩ ඇසෙයි
කල්පයක දුර යන්න
පිරු පෙරුමන් අපමණයි
පෙු්මයක මේ මතක සිහිනයන්
තනි හිතට උහුලන්න බැරි තරම් කටුකමයි
ඔබ ආයේ නැති වුනත්
හෙට උදාවෙන බවත් සත්තකයි
ජිවිතේ තනි මගේ ඉති්න් මා යුතුයි
ඔබ නැතත් ඒ ගමන යා යුතුයි..
- පද්මි-
ඔබේ සුවඳ දිගේ ඇවිදින්
ඒ සුවඳ විඳින්නට ආසයි
සිරිපොද සීතලේ ඇවිදින්
තුරුළු වෙන්නට ආසයි
මැදියමේ රෑ හීනෙන්
ඔබ දකින්නට ආසයි
ඒ හීනයම හැමදාමත්
සැබෑ වෙනවා නම් ආසයි
ළපළු තුරුවැල් අතරින්
ඇවිද යන්නට ආසයි
ඔය උරහිසේ එක ඇබින්දක්
හිස තියන්නට ආසයි
මේ විශ්වයම එක මොහොතක්
අපේ වෙනවා නම් ආසයි
ඒ විශ්වයටම රහසින්
ඔබ සිඹින්නට ආසයි.
දයාබර දුයිෂෙන්...........
ගිණි ගත්ත මේ විසල් පුරවරේ
සල්ලාල නපුරු ඇස් බොහෝමයි
මං නුඹේ අල්තීනායි
අදත් ඒ වගේමයි
ඒ නපුරු ඇස් වලට වසං වි
නුඹේ සෙනෙහෙ ගැන සිහින දකිනවා
වසිල්කි මල් පිපුණු වසන්තයේ
යෝද පොප්ලර් තුරු සෙවනේ
නුඹේ අතැගිල්ලක එල්ලී
හැමෝටම වසං වී
අයිලයේ බිම් කඩත
ජීවිතය ගැන නුඹ අකුරු කළ
අනේ ඒ පාඩම
කොයි තරම් සොදුරු දැයි සිතෙනවා
මේ කටුක පුරවරේ
සිහිල් සුළඟක් වගේ
නුඹේ මුදු සුවඳ මට දැනෙනවා
රළු කටුක ජිවිතේ
දුක් තැවුල් බොහෝමයි
හිත මගේ හඩන හඩ ඇහෙනවා
නුඹ හිදින ඉසව්වක
මං ලකුණු සොයා ගෙන
නුඹ සොයා දිව එන්න සිතෙනවා
දයාබර දුයිෂෙන්.....
නුඹ නැවැත්වූ තැනින්
ජීවිතය කියා දෙන
සැබෑ මිනිසුන් ඉතින්
නැතුවාම නම් නෙමෙයි
මේ කටුක ජීවිතය
බදා සිප වැළඳ ගෙන
හිනැහෙන්න නිමේශකට
එසඳ මට හිතෙනවා
දයාබර දුයිෂෙන්........
මං නුඹේ අල්තිනායි
අදත් ඒ වගේමයි
ජීවිතය කුමක් දැයි සොයනවා
පද්මි —
පෙරුම් පුරා ආවෙමි දුර ඈත සිටා
සිතින් වැලඳ ගත්තෙමි සෙනෙහසින් සදා
ඉතින් මා දමා ඔබ යන දිහා බලා
කෙසේ තුටින් ඉන්නෙද ඔබෙ යසෝදරා
සියක් දහස් දුක් ගිණි රහසින් වින්දා.
ඒ දුක් ගින්දරේ ඔබ උණුසුම සෙව්වා
හිතින් හඩා දුක කවියක සැගවූවා
ඒ කවි මල් තලා ඔබ පිය සටහන් තැබුවා..
- පද්මි-
01 11 2018