Tuesday 25 December 2018

නවකතාවක ගැටළු - "සියාමා" එළි දැක්වීමේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් කල කතාව - 1


දීප්ති ගුණරත්න 
දීප්ති සමග චතුරිකා සිරිසේන ගේ සම්බන්ධය ගැන මා දන්නේ නැත. ඇතැමුන් කියන්නේ ඔහු ඔවුන්ගේ මාධ්‍ය  ජාලයක උපදේශක බවයි. එසේම ඔහු ඇය ලිවූ "ජනාධිපති තාත්තා " කෘතිය එළි දක්වන දින දේශනයක්ද කළේය. ජනාධිපති සිරිසේන මහතා බොහෝ යුඇන්පී හා ජවිපෙ පාක්ෂිකයන්ගේ ද මධ්‍යස්ත ජනයා ගේද වෛරයකට භාජනය වී ඇති අවස්ථාවක දිප්තිටද මේ පිළිබඳව  චෝදනා එල්ල වනු පෙනේ.දීප්ති මුලදී මංගල සමරවීර මහතා හරහා  "මාවත" සඟරාවේ වැඩ කල බවත් ඔහු හා රුවන් ෆර්ඩිනන්ඩ් මහතා අතර තිබූ හෝ තිබෙන මිත්‍රත්වයත් නොරහසකි.

"සියාමා" පොත එලි දැක්වීමේදී  මම ඔහුට ආරාධනා කළේ ඉහත කී කිසිදු කරුණක් නිසා නොවේ.  හයිඩගර්  නැමැති  ජර්මානු දාර්ශනිකයාට  නාසිවාදයට සහයෝගය දැක්වූ අයෙක් හැටියට චෝදනාවක් තිබේ. එම චෝදනාවේ  තරමක් දුරට සත්‍යභාවයක් තිබේ. නමුත් ඔහු කලාව ගැන පලකළ අදහස් හෝ ප්‍රපන්චවේදය සහ සන්දෘෂ්ටිකවාදය (ෆෙනමෙනලොජි සහ එක්සිටෙන්ෂලිස්ම්   phenomenology and existentialism, ) ගැන ඉදිරිපත් කළ ආඛ්‍යාන  අදටත් භාවිතාවේ.

  මනෝ විශ්ලේෂණය පිළිබඳව විෂය දැනුමක් ලෙස වඩාත් පිළිගත හැකි ආකාරයකට ලංකාවේ මුලින්ම ඉදිරිපත් කළේ දීප්ති කුමාර ගුණරත්න බව මගේ හැඟීමයි. මුලින් සිටි කණ්ඩායමේ සිට බෙදීම දක්වා වූ කාලය තුල හිස්ටීරියාව , ඇසිඩ් වැස්ස වැනි පොත් වලිනුත් සහ ලන්ඩන්, පෙරදිග සුළං වැනි සඟරා  ආදියෙනුත් ඒ බව පැහැදිලි වේ.  එසේම ලැකාන්, ශිෂෙක් ගේ සිට බදියූ ආදීන් ගේ අදහස් වඩා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම පැත්තෙනුත් ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි.

"දීප්ති කියන්නේ මුකුත් දන්නේ නැති මෝඩයෙක්, එහෙම නැත්නම් පිස්සෙක්  " වැනි කතා මම ෆේස්බුක් හි අනන්ත කියවා තිබේ. වඩා ලඟින් විශ්ලේෂණය කළහොත් බොහෝ විට එසේ  කියන අය දීප්ති කතා කරන්නේ කුමක් ගැනද වත් නොදන්නා අය බව පැහැදිලිය. එවැන්නන් ගෙන් සමහරෙකුට මුදල් වංචා, ගැහැණු ප්‍රශ්න ආදී දේ ගැන විටින් විට වෙනත් අයගෙන් චෝදනා එල්ල වී ඇති බවද ඇතැම් විට පෙනේ. එසේත්  නැත්නම් මොවුන් කුහකත්වය නිසා හෝ, නැත්නම් අතීතයේ  යම් දවසක දීප්ති ඔවුන් ව විවේචනය කළ නිසා ඇතිවූ  දරුණු ද්වේශයක් හිතේ තබාගෙන විඳවන අය නිසා එල්ල කරන විවේචනයය. එවැනි විවේචන බොහෝවිට  එල්ල වන්නේ දීප්ති ගේ මා නොදන්නා දුර්වලකම් නිසා විය හැකිය. හැබැයි  දීප්තිගේ සමහර විවේචකයන් නම් අන්තිම විපරීතයන්  බවට අදහසක් මා තුල තිබේ.    

දිප්තිව වාමාංශික පැත්තෙන් විවේචනය  කරන ඇතැම් වාමාංශික මහතුන්  ගැන නම් කතා කිරීමේ තේරුමක් නැත.  ඉතිහාසය   පුරා ඔවුන් දීප්ති දැනට මයිත්‍රී ගේ දියණිය සමග වැඩ කරනවා කියන චෝදනාවට වඩා වැඩි වෙනසකින් වැඩ කර නැත. ෆේස්බුක් ආදියේ එළිපිට ඉන්න ඇතැම් වාමාංශිකයන්ගේ  දෙබිඩි භාවයන් ගැන මම අත්දැකීමෙන් දනිමි.  පෞද්ගලික විශ්ව විද්‍යාලයකට විරුද්ධ වෙන ගමන් තමන්ගේ දරුවන් ඒවාට යවන්නේ ධනවාදී ලෝකයක ඉන්න නිසාය කියන අයද ඒ ගණයේමය. ඔවුන් උදාහරණයකට ගන්නේ පෞද්ගලික බස් භාවිතා කිරීමය. ඔබට විකල්පයක් නැති තැන යමක් භාවිතා කිරීම හා විකල්පයක් ඇති තැන වෙනත් යමක් භාවිතා කිරීමෙහි  වෙනසක් ඇති බව මේ ඇතැම් වාමාංශිකයන්  නොදන්නවා විය නොහැකිය.   කෙසේ වුවද මට ඒ අය සමග වුව කටයුතු කිරීමට අවුලක් නැත. ඔවුන්ගේ දැක්මේ වෙනස මා දකිනා යුරු නොවීම ඔවුන් සහමුලින්ම ඉවත දැමීමට හේතුවක් නොවේ. වඩා ප්‍රගතිශීලී ලෙස සිතන වාමාංශික හෝ දක්ෂිණාංශික කරුණු සමග වුව ලොකු ප්‍රශ්නයක් තබා ගැනීමට මා අකමැතිය.  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා අරභයා තිබෙන්නේත් එවැනිම වූ ප්‍රතිපත්තියකි. (මා කතා කරන්නේ බොහෝ අය මේ දිනවල කරන ඉහත සදහන් කළ චෝදනාව ගැනය)

"සියාමා" වැනි කෘතියක්  ගැන සාකච්ඡා කිරීමට දීප්ති සහෝදරයා මෙන්ම නන්දන වීරරත්න සහෝදරයාද පැමිණීම ගැන ඉතා සතුටට පත්වීමි. පහත පලවන්නේ  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ කතාවේ පළමු වැනි කොටසයි. 


*********************************************************************************ලංකාවේ පොදුවේ කලාව සම්බන්ධයෙන් හෝ සංගීතය සම්බන්ධයෙන් තිබෙන්නේ අවුරුදු 5ක වගේ ඉදලා නැතිනම් 10 ක වගේ ඉදල යුද්ධෙ ඉවර වුණාට පස්සේ  මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනුවට පස්සේ, ඔක්කොම තියෙන්නේ OPINION. නිදහස් චින්තකයින් ඕන වෙන්නේ නෑ. සමස්ථයක් විදිහට යුද්දෙන් පස්සේ කලාව සම්බන්ධයෙන් තිබුණා විරෝධාකල්පයක මුහුණුවරක්, දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ තත්වයත් නැති වුණා. කලාව විදිහට ගත්තම කවුරුත් පිළිගන්න එකක් නැහැ කවිය ඉවර වුණා, කෙටිකථාව ඉවර වුණා, නාට්‍ය ඉවර වුණා කියලා. කවුරුත් කියන්නේ ඒක ඉවර වුණා කියලා කියනවා කියලා විතරයි.

 සමහර කථා MARKET එකෙන් කියන්නේ, මෙන්න මේ දේවල් හොඳයි  කියලා. අපි හොඳද, නරකද, කියන එක නොවෙයි. අපි ගත්තොත් මෙහෙම සමන් කුමාරගේ නවකථා, සන්නස්ගලගේ භික්ෂු චරිතය ...... මම කියන්නේ මේ පිස්සු කවුරුත් පිළිගන්නේ නැහැ. 

මේ කාලේ මාර තත්වයක් උදාවෙලා තියෙනවා. DIVORCE CASE වලට සම්බන්ධවන නීතීඥවරු නන්නත්තාර වෙන කාලයක් මේක. අවුරුදු 5 ක් විතර හොඳට පවුල් තියාගෙන හිටපු අය එක පාරටම වංකගිරියක වගේ ගිහින් ඔළුව නන්නත්තාර කර ගන්නවා. දැන් වෙන කොට තේරෙනවා 2002-2003 වන විට මානසික රෝග කියල ප්‍රපංචයක් නැතිනම් Mental Illness එහෙම එකක් තියෙනවා කියල.  කට්ටිය හිතන් ඉන්නේ මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් නෙවෙයි. නන්දන කොහේ ගියත් කුලේ කියනවා වගේ මම කොහේ ගියත් මානසික රෝග ගැන කියනවා. හැබැයි මම හිතනවා නන්දන කියන එකට වඩා දරුණු තත්වයකට ඇවිත් මම කියන එක. මොකද ඒ නීතීඥවරු මගෙන් ඉල්ලා ඉල්ලා හිටියා සල්ලි වුණත් ගෙවන්නම් මේ ලෙඩ වර්ග ටික උගන්වන්න කියලා. හිස්ටීරියාව තමයි ගොඩක් අය ඉල්ලා හිටියේ.



2003-2004 වසරවලින් පස්සේ මට දැඩි විවේචනයක් ආවා ගෑණුන්ට හිස්ටීරියාව තියෙනවා කියල කිව්වා කියලා. මම හිතන්නේ ඒවයින් තමයි දරුණු විදිහට පාලනය වෙන්නේ. පිරිමි -ගැහැණු දෙගොල්ලම පිළිගන්නවා දැන් මානසික රෝග තියෙන බවට. තමන්ගේ පවුල් ඇතුළේ මානසික ප්‍රශ්න පාලනය කරන්න දන්නේ නැහැ.  පක්ෂ ඇතුලේ ඉන්නෙත් විපරිත අය නැතිනම් PERVATION තියෙන අය නිසා පක්ෂ කොච්චර ඉවර වෙලාද කියන එක පක්ෂේ අයවත් දන්නේ නැහැ. මේ පක්ෂේ අය ගොඩක් අය ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැතිව අහනවා ඉදිරි සංවර්ධන යෝජනා ගැන. ඒ අය සවසට අර අදින මත්ද්‍රව්‍ය තුල ඉන්නෙ. එයින් එකක් රුපියල් 17,000/- විතර වෙනවා. ඒ අය තමයි ගොඩක් ආයතන වල සභාපතිවරු බවට පත්වෙලා ඉන්නෙ.

අපි තේරුම් ගත යුතුයි අපි මේ තත්වෙට ඇවිත් ඉන්නේ. නන්දන කියනවට වඩා දරුණුයි මේ තත්වය. ගෝලීයකරණය අපව කෙතරම් වෙනස් කරලද කියල? මම නම් කියන්නේ වෙනස් වෙලා කියලා. අභ්‍යන්තරයෙන් වෙනස් වෙලා. අපි ඒක තමයි මේ නව කතාවට ගතුයුතු ප්‍රවිශ්ඨය. ගෝලීයකරණයත් එක්ක තමයි විවිධ අය රැකියා සොයන් මැදපෙරදිග කලාපයේ රැකියා වලට ගිහින්. ඒ අය ලංකාවට ඇවිත් කරන දේවල් ටෙලිනාට්‍යවල දමනවා. අපි වටහා ගත යුතු දේ තමයි මේ ගෝලීයකරණය කියන ප්‍රපංචය අවසාන අර්ථයෙන් ගත්තම ඒ ප්‍රාග්ධනය (CAPITAL) ලෝක ගෝලය පුරාම යනවා කියන එකයි අදහස. සමහරවිට පහුගිය අවුරුදු කීපය පුරාම ජවිපෙ ධනවාදියට විරුද්ධවීම අතහැරලා තියෙන්නෙ. මට තේරෙන විදිහට. මේ මෑතක ඉදලා මම දැක්කා අපේ පක්ෂේ ඉස්සර මාත් එක්ක දේශපාලන වැඩ කරපු, විවිධ මානසික ගැටළු නිසා අපෙන් ඉවත්වුණු අය දැන් එයාල ගන්නවා. ඒක ඉතාම හොඳ තත්වයක් විදිහටයි මා දකින්නෙ, ජවිපෙ ට එහෙම කලක් ගිය එක. 

මේ වගේ ලොකු පෙරළි වෙලා තියෙනවා රටේ. මේ පෙරළි මිනිස්සු දන්නෙ නැහැ. මිනිස්සුන්ට ඒ පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඒ නිසා මිනිස්සු පැරණි ඉල්ලීම්ම ඉල්ලනවා. හාල් ආයේ  දෙන්නලු. පෙට්ට්‍රල් අඩු කරලා දෙන්නලු. ඒවා දෙන්න විදිහක් නැහැ. රට පාලනය කරන්නේ  ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කරල යවපු අය නොවෙයි. ඒ අය නොවෙයි මේකේ අධිකාරිය පාලනය කරන්නේ. ආධිපත්‍ය තියෙන්නේ . එය තියෙන්නේ බටහිර සහ තවත් තැන්වල. දැන් නම් චීනයේ මා හිතන්නේ. ඉතිං අපි කියනවා පෙට්ට්‍රල් අඩු කරල දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ පව්. ඒ මනුස්සයා ගැන මට දුකයි මොකද මේ මහ ක්‍රියාවලිය ගැන ඔහුට තේරෙනවාද? කියලා මිනිස්සුන්ට තේරෙනවද?

හොඳයි  අපි දේශපාලනය කියන පැත්ත අයින් කරලා මේ වැඩේට එමු.

දැන් මේ නවකතාව ගැන මතයක්, ලංකාවේ බොහෝ වෙලාවට තියෙන්නේ ඔපීනියන්. මේ ඔපීනියන් නැතිව මම පොඩ්ඩක් අවතීර්ණ වෙන්නම්. මොකක්ද  අපි නවකතාවක් කියන්නේ කියලා. නවකතාවක් හදුනා ගැනීමේ මූළික ලක්ෂණ කිහිපයක් තියෙනවා.

                එකක් තමයි ඒ කතාව දීර්ඝවීම, මේ සියාමා නව කතාවේ තියෙවා දීර්ඝ කතාවක්. අන්න ඒකයි ගැටළුව.. ඒ තමයි මොකක්ද නවකතාවේ තියෙන ප්‍රධාන ගැටළුව. මේ සියාමා කතාවේ ප්‍රබන්ධය ඉදිරිපත් කරන කොට මේ ප්‍රබන්ධය සඳහා දේශපාලන ප්‍රශ්නයක් ගේනවා. අපි ගත්තොත් මේක ජනතා ගැටළුව නැතිනම් ජාතිවාදයට විරුද්ධව අරගලය. මූලික වශයෙන් මෙහි තියෙන ගැටළුව තමයි සියාමා කියන ඒ ආදර කතාව කියවගෙන යනකොට කථාව පුද්ගල ගැටීමකට යන්නේ නැතිව, සමාජයේ තියෙන විශාල ගැටළුවක් මේකට එනවා. මේක මම හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ ප්‍රධාන ගැටළුවක් විදිහටයි මම දකින්නේ.  මොකක් හරි කථාවක් කියාගෙන එනවිට 71 කැරැල්ලට සම්බන්ධවෙනවා, නැතිනම් 89 කැරැල්ලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් උතුරේ ප්‍රශ්නයට සම්බන්ධවෙනව. අපි අහන්නේ ඇයි එහෙම වෙන්නෙ ? ඒක තමයි ප්‍රධාන ගැටළුව. දැන් ඒකට අදාළව මම හිතන්නේ මම මේක කලක් කතා කරලා තියෙනවා. ලොවීණා කියලා කතාවක් තියෙනවා. ඒක ලොකු නවකතාවක්. එහි කර්තෘ මොහාන් රාජ්මඩවල, ඔහු මට දේශනවලට අඩ ගැහුවා. ඉන්පසුව කතා කලේ නැහැ. 
~~~~~ මතු සම්බන්ධයි 

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 2 දීප්ති කුමාර ගුණරත්න 

අගෝරා හමුවට එවූ නිශ්ශංක  විජේමාන්න ගේ "සියාමා " පිළිබඳව වූ  විවරණය 

අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1

11 comments:

  1. පොන්න වචනය භාවිතා කරමින් ප්‍රතිචාර එවන ඇනෝ එකා හෝ දෙකා වෙත. මම සාමාන්‍යයෙන් පොන්නයා කියන වචනයට කැමති නැහැ. ඒක ලංකාවේ භාවිතා කරන්නේ කිසියම් ජන කොටසකට නිසා. මම ඒ වචනය් භාවිතා කරනවානම් භාවිතා කරන්නේ කී බෝඩ් එකට මුවා වෙලා අන්තර් ජාලයේ ඇනොනිමස්ව හෝ හොර අයි ඩී එකකින් ඇවිත් අනුන්ව පෙලන්න හදන අනුන්ට ගරහන උඹල වගේ උන්ට. උඹල තමයි නියම පොන්නයෝ. පුලුවන්නම් ඇනෝ එකට මුවා නොවී , පුලුවන්නම් හොර අයිඩී හදන්නේ නැතිව විවේචනේ එවපන්. ඒක දානවා. මොකද අපිම් විවේචන වලට බය නැහැ. ඒවා තියෙන්න ඕනේ. හැබැයි මගේ පුද්ගලිකත්වයට හෝ මගේ පවුලට පහර ගහන අවලම් කතා මම පල කරන්නේ නැහැ. මේක මගේ බ්ලොගේ. දීප්ති තමන්ගේ නමින් ලියන්නේ. මම මගේ ඇත්ත නමින් ලියන්නේ. ඉතින් අපට මුහුණ දීපන්. උඹල කියන හැටියට අපි පුංචි වැදගැම්මකට නැති මිනිස්සුනේ. ඇයි අපට බය වෙන්නේ.

    ReplyDelete
  2. ලංකාවේ දීප්ති නිසා දීප්ති වගේ අය බොහෝ දෙනෙක් බිහි වෙලා ඉන්නවා, චිත්‍රපට විචාර ,නවකතා ,කවිපොත් එළිදක්වීම් වලදී අපිට දීප්ති වගේ වෙන්න හදන අය ගොඩක් හම්බෙනවා ,සමහර දෙනෙක් වැඩේ සාර්ථකව කරගන්නවා සමහ අය නම් ජෝක් වෙනවා ,කොහොම උනත් දීප්ති කියන්නේ අපේ රටේ තිබ්බ බුද්ධිමය සංවාදය ජනප්‍රිය තලයට ඔසවා තැබූ කෙනා ,සහ නව බුද්ධිමය ශානරයන් ලංකාවට හඳුන්වා දුන් කෙනා ,චතුරිකා එක්ක දීප්තිගේ ගනුදෙනුව මම දන්නේ නෑ,දන්නේ නැති දේවල් ගැන ඉතින් කතා කරන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. වාමාංශික සහෝදරවරුන් කළ යුත්තේ දීප්ති සමග ගැටීම සහ ඔහුට පිළිතුරු දීම. චතුරිකා සීන් එක කිහිප දෙනෙක්ම කිව්වා. ඒ කතාව ඔය වෙබ් අඩවියකින් පැල කලේ ඇයිද කියන්න මගේ අදහසක් තියනවා. මට කිහිප දෙනෙක්ම චෝදනා කළා දීප්තිට කතා කරන්න ආරාධනා කළා කියල. උඩ කොටස ලිව්වේ ඒකයි

      Delete
  3. 'දීප්ති කුමාර යනු මොකක්ද' යන හෙඩිම යටතේ මෙම පොස්ටුවට කොමෙන්ටුවක් දැම්මෙමි. එය කොහෙද අජිත්?

    ReplyDelete
    Replies
    1. ඔය උඩ උත්තරයක් දීල තියෙන්නේ ඔයාලා දෙන්නටම තමයි. ඔහේ මට තක්කඩියා කියනවා නම් ඔහේ කවුද කියලත් මම දැන ගන්න එපැයි. අනික දීප්තිට හැංගිලා ගහන්න ඕනේ නැහැනේ. එයාට උත්තර දෙන්න පුළුවන් වෙන්න , මට උත්තර දෙන්න පුළුවන් වෙන්න මේ මම කියල හඳුන්වා දීල විවේචනේ දාන්න. බොරු ගූගල් ෆේක් අයිඩී එපා. මොකද ඔයාගේ කිල්ලෝටේ හුණු තියනවා නම් ඒවා පෙන්වන එක තමයි යුතුකම් . හා නැත්ද

      Delete
    2. බොරු ෆේක් අයිඩී කතාවක් වැඩක් නෑ. අනික 'දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?' කියන ලිපිය මම ලිව්ව එකක් නෙමේ. අජිත් පැරකුම් ජයසිංහ ලියපු එකක්. එකේ 'පොත් පෙන්නා සමාජය බිය වද්දන්නට හදන තක්කඩින්ට' කියන වාක්‍යයට මම ඔබගේ නම යෙදුව එක විතරයි කලේ.

      w3lanka බ්ලොග් එකේ ලිපියට ලින්ක් එකත් දාලා තියෙනවා. දීප්තිට හැංගිලා නෙමෙයි ගහලා තියෙන්නේ. දැන් මොකක්ද අජිත් ධර්ම කියන්නේ එතකොට? අජිත් පැරකුම් ජයසිංහගේ කිල්ලෝටයේ හුණු පෙන්නනකො බලන්න එහෙනම්.

      http://w3lanka.blogspot.com/2014/02/blog-post_4022.html

      Delete
    3. ඈ බං ගොන් මැට්ටෝ , තොට එතකොට එහෙම එකක්වත් ලියා ගන්න බැරිද? අජිත් , දිප්තිව විවේචනය කරන්නේ මොකද කියල මම දන්නවා. දීප්ති අජිත්ව විවේචනය කලේ මොකද කියලත් මම දන්නවා. දැන් කුම්භාණ්ඩයෝ උඹ හිතන්නේ මම දැන් ඒක ලියල උඹට තව ආයුධයක් දෙයි කියලද? අනේ යකෝ , ගිහින් අර ලංකාවේ වැඩ කරන චිනෙකුට කියහන් බලන්න. උන්වත් තෝව ගණන් ගන්නේ නැතිවෙයි බං නොදකින් තොපි වගේ හාල් කෑලි. හේ හේ
      අජිත් ඊට යට ලියල තියෙන එක බැලුවද?

      Ajith Perakum JayasingheFebruary 24, 2014 at 8:06 PM
      මේක දීප්තිට පෞද්ගලිකව ගැහිල්ලක් නෙමෙයි, මේ දීප්ති විසින් නියෝජනය කරනු ලබන දේශපාලනයට කරනු ලබන නිර්දය විවේචනයක්.

      මේක ත්‍රස්තවාදයක් කියලා අපි පැහැදිලිව කියලා තිබෙනවා. ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්න තිබෙන විධිය තමයි බිය නො වීම.

      යකෝ අපි අජිත් පැරකුම් ජයසිංහට ගෞරව කරනවා බොල . තොපි වගේ නෙමේ කොන්දක් තියෙන නියම පොරක්. අජිත් ගේ කේ පොයින්ට් කියන නියම නවකතාවත් මම කියෙව්වා ඊයේ පෙරේද. තොපිට පෙන්නන්නට බැරි බ්ලොග් සම්මාන උළෙලෙත් සම්මාන ගත්තු එල බුවෙක්. දීප්තිට ඕනේ නම් අජිත්ට උත්තර දෙයි. නැත්නම් නොදී ඉඳියි. මේක 2014 ලියුව එකක් නේ බන්. උඹලගේ බංකොලොත්කම හපොයි. ලියපන් බං හැබෑ නමින් අජිත් වගේ, අනුන්ගේ ඒවා කොපි කරන පරපුට්ටෝ

      Delete
    4. මම මුලින්ම දාල තියෙන කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්න එහෙනම් අජිත්. අනික ඔබට ඔහොම පහත් විදියට කතා කරන්න තරම් දෙයක් මම දාලා නැහැ. මම ශිෂ්ඨ සම්පන්නව අජිත් පැරකුම් දමා ඇති පොස්ටුවක් මෙහි දැම්මා විතරයි. ඒ ඇරෙන්න ඔබට වත් දීප්තිට වත් උබ බං, තෝ, තොපි වගේ දේවල් කියලා කතා කරලා නැහැ.

      අජිත් ධර්ම ගේ සැබෑ ස්වරුපය පෙන්වීම ගැන සතුටුයි. අන්අයගේ මතයක් ශිෂ්ඨ සම්පන්නව දරා ගන්න බැරි අය සමග සංවාද කිරීම යෑම නුසුදුසු බව නම් මට වැටහුනා.

      ස්තුතියි අජිත් ධර්ම ඔබගේ අශිෂ්ටත්වය පෙන්වීම ගැන.

      Delete
    5. අම්මට හුඩු , මෙන්න මූ ඒ ගමන අඬනවා . යකෝ නමින් දාපං . ඇයි බයද? දීප්තිට භය වෙන්න ඕනේ නැහැනේ. අජිත් පැරකුම් එක්ක මම බෙර ගන්නම් ඒක. අජිත් ලීව එවල කිසි අවුලක් නැහැ. එතකොට සංවාද කියල පොන්න කතා , තක්කඩි කතා උඹ නෙමේද ලීවේ , වෙන ඇනෝ කෙනෙක්ද? උඹ කවුද බං මගේ ශිෂ්ට අශිෂ්ටත්වය හොයන්න. මගේ පවුලට පවා බැනල ලියන තොපි වගේ උන් ලියන ඒවා දාන්න මට පිස්සු කියල හිතුවද?

      Delete
  4. විදේශයකට සංක්‍රමණය වෙලා එහි වෙසෙමින් ලංකාවේ දේශපාලනය ගැන කථා කර ලියන්න තියන සදාචාර අයිතිය පහදලා දෙන්න සිංහල බ්ලොග් කියවන අපහට.
    ඔබට නොගැලපන සමාජයක් දේශපාලන රටාවක් ලංකාවේ ඇතිනිසා ඔබ විදේශයකට සංක්‍රමණ වුනත්, ඔබට ඔයතරම්ම ලාංකීය දේශපාලනය සහ සමාජ ක්‍රමය ගැලපේ නම් හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම් ඇයි ඔබ නැවත ලංකාවේ ස්ථිර පදිංචියට නොපැමිණ තවමත් පිටරට වෙසෙන්නේ, තම මතුවාසි තකාය

    උදා: ඔබවැනීම යුරෝපිය රටක පුරවැසිබාවය තිබු ගීතා කුමාරසිංහ [ කුමන දේශපාලන මතයක් වුවද අපට අදාළ නැත ] නැමැත්තියද යුරෝපිය පුරවැසිබව අත්හළේ ඇයට ලාංකීය දේශපානය සහ සමාජ ක්‍රමය වෙනස් කර ගැනීමට දායකත්වය ලබාදීම පිණිසය . අවම වශයෙන් එය සදාචාරය. නමුත් ඔබ කරන මෙ දේශපාලන විචාරය සදාචාර වශයෙන් පිළිගැනීමට පුලුවන්ද
    සමහර විට යුරෝපයේ පුරවැසි බව නිසා ලංකාවේ පුරවැසි බව අහිමිව නැවත මුදල් ගෙවා ලාංකීය පුරවැසි ගත්තෙකු වුවත් මහජන නියෝජිතයන් තේරීමට ඔබ චන්දය පාවිච්චි කලේද
    මේසේ නොකර ලාංකීය දේශපාලනය ගැන ලිවිම නම් අතිලැජ්ජය.

    ස්තුතියි!

    ජයවේවා
    මුනිදාස තමන්කඩුව



    ReplyDelete
    Replies
    1. එක,
      දැන් මේ නරුම ජාතිවාදී තර්කයට පිළිතුරු දීල දීල මට ඇතිවෙලා තියෙන්නේ. එකක් මේ අදහස් දීප්ති කුමාර ගුණරත්න කියන ලංකාවේ දේශපාලනය කරන ප්‍රසිද්ධ දේශපාලන හා කළා විචාරකයාගේ. එයාගේ දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය. ඒවා එයාගේ අදහස්.
      දෙක, සමාජවාදී ක්‍රමයට පක්ෂ වික්ටර් හාරා ගේ සිට තිබුන ඒකාධිපතිවාදී ක්‍රමයට විරුද්ධව ලියු ඇලෙක්සැන්ඩර් සොල්ස්හෙනිට්සින් දක්වා සියල්ලන්ම වරණයට මුහුණ දීපු අය. මට ලියන්න ඕනේ නම් මම ලියන ඕනෑම රටක දේශපාලනය ගැන. මම උපන් රට, ඉගෙන ගත්ත රට , ඉන්න රට ඒවා ඔක්කොම අදාලයි. මම සක්රමනිකයෙක් කියලා ලියන්න එපා කියපු ඉංග්‍රීසි ජාතික සුද්දට කියපු දේම තමයි ඔහෙට කියන්න තියෙන්නේ. මට ලියන්න තියෙන අයිතිය ට තර්ජනය කරනන් ඕගොල්ලන්ට බැහැ.. එච්චරයි. සුද්ද පස්සේ මගෙන් සමාව ඉල්ලුව. මිනිහ මගේ යාළුවෙක් ෆේස්බුක් එකේ දැන්. ඇදුම් ගන්නේ සුද්ද පිලි ගත්ත මම ලියන්නේ අපක්ෂපාතිව කියල. මුනිදසල වගේ ජාතිවාදීන් ගැන මට දුකයි. මොකද මහින්ද අගේ පැත්ත හෝ තමන්ගේ පැත්ත ගැන ලියනවනම් මුනිදාසලා මේ තාරකග ගෙනෙන්නේ නැති බව මම දන්නා නිසා.
      ගීතා කුමාරසිංහ දික්කසාද වෙලා පුරවැසි භාවය කොහොමත් වැඩක් නැහැ කියල තමාමම නම් දන්නේ .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .