Sunday 1 September 2019

ස්වතන්ත්‍ර නිර්මාණ

සමහර ප්‍රකාශක නෝනලා, මහත්තුරු කියනව මේ ස්වතන්ත්‍ර නිර්මාණ නිකන් අත්දැකීම් වගේනේ. වැඩක් නැහැ කියල.
(ඒ කියන්නේ  අපට ලියන්න බැහැ. හැබැයි ඉතින් අපේ  සමහර යාළුවොත් එහෙමයි කියන්නේ . ඒ ගොල්ලන්ට අනුව සම්භාව්‍ය කට්ටියට විතරයි ලියන්න පුළුවන්)
මම මේ නිකමට අහන්නේ නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි "වානේ පන්නරය ලැබූ හැටි " එකේ ලියල තියෙන්නේ  එයාගේ මිත්තණියගේ වස්ත්‍රයෙන් තේ සමොවාර් එක අල්ලපු හැටිද කියල. මිත්තණියගේ වස්ත්‍රය තමයි ඉතින්.

"වසර 1932 දී "තරුණ ආරක්ෂකයා " සඟරාව "වානේ පන්නරය ලැබූ හැටි " කොටස් වශයෙන් පල කිරීමට පටන් ගති. මෙම නවකතාව සෝවියට් සිවිල් යුධ සමයේ ජීවත්වූ පාවෙල් කොර්චාගින් නමැති තරුණ විප්ලවවාදියෙකු වටා ගෙතුනකි. විචාරකයන් විශ්වාස කරන්නේ නවකතාවට පදනම් ව ඇත්තේ   ඔස්ට්‍රොව්ස්කි ගේ ජීවිතය  හා අත්දැකීම් බවයි.  

In April 1932 “Molodaya Gvardia” magazine began to publish “How the Steel was Tempered.” The novel is about a young revolutionary named Pavel Korchagin who supports the Soviets during the Civil War. Critics believe that the plot of the novel is based on Ostrovsky’s own life and experience.

මතක තියා ගන්න සැප්තැම්බර් 21 හවස 3.0 ට (3.00 ට විතර එන්න) රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී හමුවෙන්න.

ප.ලි
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කර්තෘගේ අත්දැකීමක් නොවේ.  එය ඔබගේ අත්දැකීමක් වීමට හොඳ සම්භාවිතාවක් තිබිය හැකිය.

https://russiapedia.rt.com/prominent-russians/literature/nikolay-ostrovsky/

5 comments:

  1. ඔය ප‍්‍රකාශකයෝ කියන්නේ බිස්නස්කාරයෝ ටිකක් මිසක් කලාකරුවන් නොවේ. උන් කරන්නේ කලාකරුවන් නැත්නම් ලේඛකයෝ ගසාකන්නන් පිරිසක්. තව කියන්න දේවල් තිබුනත් එවා නොකියා සිටිමයි හොද.

    ReplyDelete
    Replies
    1. මෙහමයි මල්ලි , අපි රස්සාවල් කරනවනේ.. ප්‍රකාශක යෝ කියන්නෙත් එක්තරා අන්දමක රැකියාවක්. ඒ ගොල්ලෝ ජිවත් වෙන්නෙත් ඒකෙන්. ඉතින් ලොකු අවුලක් නැහැ. ඒක බිස්නස් එකක් තමා . නැතුව කරන්න බැහැනේ. බිස්නස් එකක් වගේ නොකර හිටියොත් පාඩු විඳින්න වෙන්නේ. අපි ඒ හැමදේම මතක තබා ගන්න ඕනේ. අ නික ප්‍රක්ෂකයම තම්ම බෙදා හරින්නෙත්. ඒවල වියදම් තියනවා. එනිසා ඕක බැලන්ස් කරගෙන කරන්න ඕනේ දෙයක්. අනික අලුත් ල;ලේඛකෙයෙකුට අත දෙනවා කියන්නේ රිසක් එක්ක. කවුරුත් දන්නේ නැති නිසා පොත් විකිනෙයිද කියල දන්නේ නැහැ. මිනිස්සු ගන්නේ දන්න අයගේ පොත් විතරයි.

      Delete
  2. //"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කර්තෘගේ අත්දැකීමක් නොවේ. //

    ඕක කොච්චර කාලයක් තිස්සේ කියලත් කව්රුවත් පිළිගන්නෑනේ නේද? හැක්

    ඒකෙන් කාරි නෑ. අජිත් අයියගේ වැඩේ සාර්ථක වෙන්න කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා. 21 වෙනකොට මැරිල නැති උනොත් එන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අර සුදු හූනා මහත්තයා එක්ක වැදගත් කතාවක් කරන්න තියෙන්න නිසා. ජය

    ReplyDelete
    Replies
    1. නෑනේ. සුදු හූනා කිව්වේ කව්ද? ජාතික වීරයෙක්ද

      Delete
  3. මහත්මයාගේ පොත පල වූ පසු එහි pdf සංස්කරණයන් අපගේ එළකිරි පුස්තකාලයේ පල කිරීමට අප සුදානමින් ඉන්නේ මහත්මයා. එවිට තවත් පාඨකයන් අතට පොත යැවිය හැකියි. අප මෙම සේවාව නොමිලේ ලබා දෙන්නේ අජිත් මහත්මයා.

    එළකිරි පුස්තකාලය

    රංග තේනුවර
    gtrz@elakiri.com

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .