ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය කෝවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ඉතා සෙමින් ඉහල යන බව පෙනේ. මා ඉහත ලියු බ්ලොග් ලිපි කිහිපයකම මේ පැතිරෙන ප්‍රමාණය ගණනය කළෙමි. එසේ කළේ ඇඳිරි නීතිය හෝ ලොක් ඩවුන් කිරීමක් නොමැති තත්වයක හා ප්‍රති ජනන අගය 2,2, 1,5 හා 1 ට අඩු වශයෙන් රැගෙනය.
එහිදී ඇඳිරි නීතිය හෝ ලොක් ඩවුන් නොමැතිව ආසාදිතයන් සංඛ්‍යාව 1අප්‍රේල් 5 වනවිට 27,000 පමණ වන බවත් අඩු අගයකදී 1126 වනබවත් ලීවෙමි. දෙවන ලිපියේදී ඇඳිරි නීතිය නිසා මේ අගය 275 ත් 620 අතර වනු ඇතැයි ද ලීවෙමි. (අප්‍රේල් 2 හා 4 අතර ) සමහරු කීවේ මෙය විය නොහැකි බවයි. අප්‍රේල් 15 වනවිට මේ අගය 1700 පමණ වුනු ඇතැයි ලීවෙමි.
අද (අප්‍රේල් 21) වන විට සත්‍ය වශයෙන්ම සොයා ගෙන ඇත්තේ 327 කි. නොඑසේ නම් පරික්ෂා නොකරන ලද අය කී දෙනෙකුන් සිටිය හැකිද? මා සැලකුවේ අවදානම වැඩිම අගයක් ගෙනය. ඒ කියන්නේ ආසාදිතයන් 1700 ක් සිටිය යුතුය. මින් බොහෝ අයට සාමාන්‍ය රෝග ලක්ෂණ ඇත්නම් (උණ, හිසේ රදය ආදිය හා දින හතකින් සුවය ලැබීම) ඉන් දහසක් පමණවත් දැනටමත් සුවය ලබා සිටිය යුතුය.
අප්‍රේල් 22 වන විට වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 328 කි. ප්‍රති ජනන අගය ලෙස 1.3 ගතහොත් 494 ක මුළු ආසාදිතයන් ප්‍රමාණයක් ඒ අනුව සිටිය යුතු අතර ඒ හැමගෙන්ම තවදුරටත් බෝවී ඇත්නම් අද වනවිට හඳුනා නොගත් අයද ඇතුළුව රට පුරාම අවම වශයෙන් 5700 ක් පමණ ආසාදිතයන් සිටිය යුතුය.
ඉහත කොටස ලීවේ ඊයේ වන අතර අද අප්‍රේල් 23 දා වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 368 ක් යයි දැන ගන්නට ලැබුණි.
මේ අනුව අද නැවත ගණනය කලෙමි. වැඩිවුණ ආසාදිතයන් ප්‍රමාණය ඒ අනුව විය යුත්තේ 551 කි. (ප්‍රති ජනන අගය 1.5 ලෙස ) . ඒ අනුව මුළු රට පුරා අවම වශයෙන් 6170 ක් වත් රෝගය වැළදුන අය සිටිය යුතුය. මේ අතරට සුව වූවන්ද ඇතුළත් වන බව කරුණාවෙන් සලකන්න. එසේම මෙම අගය අවම අගයක් ලෙස සිතමි.
එසේ අඩු අගයක් වන්නේ ඇඳිරි නීතිය නිසා හා හමුදා හා බුද්ධි අංශ විසින් රෝග ලක්ෂණ ඇති අයත් ඊට සම්බන්ධ අයත් වහ වහා නිරෝධායනයට යොමු කරන හෙයිනි.
මගේ බ්ලොග් මිතුරෙකු වන දිල්රුක් ඇසුවේ එසේ නම් මිය යන ප්‍රමාණය අඩු ඇයිද යන්නය.
මේ වාර්තාගත මරණ ප්‍රමානය වන හත පිලිබඳ කිසියම් ප්‍රශ්නාර්ථ ලකුණක් තිබේ. කටුකුරුන්ද, කළුතර මහ මග අසබඩ මියගිය පුද්ගලයා කෙසේ මිය ගියේද යන්න තවම හෙළි දරව් වී නැත. එසේම ශ්‍රී ලංකාවේ අනිකුත් හදිසි මරණ කීයක් වාර්තා වී ඇත්ද? සාමාන්‍ය වෙනත් හේතු සිදු වූ මරණ කීයක් වාර්තා වී ඇත්ද? ඒ අතරින් කොරෝනා අසාදිත යයි සැක කල හැකි මරණ නැත්ද?
මගේ මේ ප්‍රශ්න වලට හේතුව පැහැදිලි කරමි. එංගලන්තයේ වැඩිහිටි නිවාස සහ පෞද්ගලික නිවාස වල මියගිය අය ලහි ලහියේ භූමදාන හෝ ආදාහන කර ඇති අතර දැන් හෙළිවී තිබෙන්නේ ඉන් හාර දහසක පමණ ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටි අය බවයි. එනිසා මුලින් දී තිබූ අගයන් වැරදි බව ජාතික දත්ත සකසන ආයතන පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ මරණ සාපේක්ෂව අඩුවීමට තවත් හේතු කිහිපයක් මම දකිමි.
1. බිසීජී එන්නත ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ ලැබී තිබීම. ක්ෂය රෝගයට දෙන මෙම එන්නත කොරෝනා වෛරසය අසාදනය වීම වැළැක්වීමේ කාර්යයක් ඉටු කරන බව පෙනී යන්නේ එන්නතය ලැබූ අයගේ මරණ හෝ අසාදනය වීම ඉතා අඩු හෙයිනි. (එංගලන්තයේ මෙම එන්නත අනිවාර්ය නැත. අපිනම් දරුවන්ට එය ලබා දුන්නෙමු)
මට ඇති ප්‍රශ්නයක් වන්නේ බීසිජි එන්නටත් ලබා දෙන්නේ ටියුබෝකියුලොසිස් බැසිලස් නමැති බැක්ටීරියාව නිසා හැදෙන ක්ෂය රෝගය මර්දනයට. බැක්ටීරියා මර්දන එන්නතක් ලැබූවකු වෛරස් ආසාදනයකින් බේරෙන්නේ කෙසේද යන්න ගැන මට වැටහීමක් නැත. නමුත් එංගලන්තයේ බීසිජි එන්නත අනිවාර්ය නැති රටවලින් පැමිණි වැසියන්ට එනම් සෝමාලියාව, ඉතියෝපියාව ආදී රටවල අයට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම ඉක්මන්ය.
2. ශ්‍රී ලංකාවේ බොහොමයක් වැසියන් ස්ථුල අය නොවීම. බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ මිය ගිය අයගෙන් වැඩි හරියක් මහත ශරීර ඇති අය බවට වාර්තාවක සඳහන් වේ. (ශ්‍රී ලංකාවේ හිටපු 225 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අනිකුත් අය සැඟවී සිටීමේ හේතුව ද මෙය විය හැකිනිසා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තැත් දරන අය ඒ වීරයන්ගේ ජිවිත අනතුරේ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය .:) )
3.බ්‍රිතාන්‍යය ,ඉතාලිය , ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවලට සාපේක්ෂව අඩු ජනගහනය
4.බොහෝ වැඩිහිටියන් වැඩිහිටි නිවාස වල නොව තමන්ගේම නිවෙස් වල හෝ නෑදෑයන් සමග ජිවත් වීම (එනිසා ආරක්ෂාවද වැඩිය)
මේ මම කලින් ලියූ ලිපි දෙකයි.
කෝවිඩ් -19 වයිරසය නැවැත්වීමට වෛරස් බොට්ල්නෙක්
දින කිහිපයකට ප්‍රථම ඉංග්‍රීසියෙන් මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ලියූ ලිපියක පරිවර්තනයක් ද මේ ලිපියටම ඈඳමි.
බොහෝවිට මේ සාකච්ඡා කරන අදහස ඒ ගැන දන්නා අයට කියවීමට පහසු වනු ඇත.
ඩියුටීරියම් බොට්ල්නෙක් නමැති සංසිද්ධියක් බිග් බැන් මොඩලය පිළිබඳ ඉගැන්වීම් වලදී කියවේ.
ඩියුටීරියම් යනු හයිඩ්‍රජන් පරමාණුවේ අයිසොටොප් එකකි. එහි න්‍යෂ්ටියේ එක ප්‍රෝටෝනයක් සහ එක නියුට්‍රෝනයක් ඇත. බිග්බැන් හෙවත් විශ්වයේ ඇරඹීම පිලිබඳ "මහා පිපුරුම" මොඩලය බොහෝ අය අසා ඇතිවාට සැක නැත. පහල ඇති යොමුවෙන් ඒ ගැන අවබෝධයක් ලබා ගත හැකිය. එම මොඩලයේ න්‍යෂ්ටික සංශ්ලේෂණ ක්‍රියාවලියේ මුලදී හීලියම් 4 නමැති මූලික පරමාණුව නිපදවනු ලබයි. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඩියුටීරියම් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියකදී නිපදවේ. (ප්‍රෝටෝන හා ප්‍රෝටෝන ගැටීමෙන් ) නමුත් බිග්බැන් මුල් අවධියේ ඇති අධික උෂ්ණත්වය නිසා ඩියුටීරියම් නිපදවුණු වහාම විනාශ වී යයි. එනිසා හීලියම් නිපදවීමද ඇන හිටී. නැවත එය සිදු වන්නට නම් විශ්වය තව තවත් සිහිල් විය යුතුය. මෙසේ අවශ්‍ය තරම් ඩියුටීරියම් නැති නිසා ක්‍රියාවලිය නතරවීම ඩියුටිරියම් බොට්ල්නෙක් නමින් හැඳින්වේ. ඒ කියන්නේ බෝතලයේ මුව විට හිරවීමෙන් ඇතුලේ තිබෙන සාරය එළියට ඒම නැවතීම හඳුන්වන පදයකි. නැත්නම් මාර්ගයේ ඉතා පටු කුඩා හැරවීමක් ඇති තැන රථ වාහන ගමන අඩාල වීමද මෙසේ හැඳින්වේ.
තවත් උදාහරණයක් නම් මැලේරියා මර්දනයේදී භාවිතා වන The Plasmodium bottleneck යන්නය. ඒ කියන්නේ මැලේරියා සාදන මදුරු පරපෝෂිතයාට වාහක මදුරුවා හෝ වාහකයා නොමැතිව මර්දනය වීමයි. ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දනය අති සාර්ථකව කරන ලද්දේ මේ මගින් යයි සිතමි. (The Plasmodium bottleneck: malaria parasite losses in the mosquito vector -Wiki))
අපි දැන් එක්තරා ගමක දහසක පමණ ජනගහනයක් වෙසෙනවා යයි සිතමු. කෝවිඩ් 19 සඳහා ප්‍රති ජනන අගය එහි මධ්‍ය අගය වන (mean value ) 2.2 ලෙස ගනිමු. පළමුවන දවසේ ආසාදනය වූයේ එක අයෙකුට යයි සිතමු. එසේම දවසක් පාසා තවත් පුදගලයන් 2.2 කට වෛරසය අසාදනය වන්නේ යයි සිතමු. දැන් අපිට දෙවන දිනය වන විට ආසාදිත මුළු සංඛ්‍යාව හැටියට ලැබෙන්නේ 3.3 කි. මේ ලෙස ගණනය කළහොත් දවස් නමයකදී ආසාදිත රෝගීන් ගේ ගණන 1005 ක් වේ. මේ අනුව දවස් දහයක් ඇතුළත මුළු ගමටම රෝගය වැළඳේ.
නමුත් වෛරසයේ බීජෞෂණ කාලය දින දෙකේ සිට දින දහ හතරකි. එනිසා හැම දෙනාම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත.
පහල තිබෙන වගුවේ මූලික අගය 2, 4,8,32 ආදී ලෙස වැඩිවෙන ආකාරයට ගණනය කර ඇත. පහල නිල් රේඛාවෙන් පෙන්වන්නේ එයයි. කහ පාට රේඛාවෙන් පෙන්වන්නේ ආසාදිතයන් වැඩිවන ආකාරයයි.
දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ප්‍රතිජනන අගයේ අවමයට යමු. එය R0 = 1.5 ය. (උඩ මුලින්ම තිබෙන වගුව ) මේ අගයට අනුව මුළු ගමේ දහසක් දෙනා රෝගී භාවයට පත්වන්නේ දින 18ක් ඇතුලතදීය .
ඊයේ වනවිට මුළු ලෝකයේම කෝවිඩ් 19 මරණ අනුපාතය සියයට 7ක් පමණය. එනම් අපේ දහසක ජනගහනයක් ඇති ගමේ හැත්තෑ දෙනෙකු ජිවිත අවසන් කළ යුතුය. දැන් බීජෞෂණ සමය දින දෙකේ සිට 14 නිසා අපි දින පහේදී මුළු ගමම ලොක් ඩවුන් කළා යයි සිතමු. එසේම ඇඳිරි නීතිය ද පනවා කිසිවෙකුට නිවසින් එලියට යාමට නොහැකි වූවා යයි සිතමු.
මෙහිදී දින පහෙන් පසුව ප්‍රති ජනන අගය 2.2 දී හතළිහක් පමණක් ආසාදනය වී නවතින අතර ප්‍රති ජනන අගය 1.5 දී දහතුන් දෙනෙකු පමණක් ආසාදනය වී නැවතේ. මෙන්න මෙතැනදී වෛරසය බොට්ල්නෙක් එකකට හෙවත් හිර වීමකට ලක්වෙයි. එය ඉන්පසු පැතිරෙන්නේ නැත. නමුත් මේ වසා දැමීම හරියටම දින 14ත් දින 18ත් අතර ප්‍රමාණයක් පැවතිය යුතුය. සමහර විට වැඩි හොඳට දින 20ක් වත් ගෙන යා යුතුය. ඉන්පසු ගම නැවත විවෘත කිරීමට හැකිය.
හැබැයි මේ කිසිම අවස්ථාවක කිසිවකු අර හතලිස් දෙනා හෝ අවම අගය වන දොළොස් දෙනා මුණ නොගැසිය යුතුය. දැන් ලොක් ඩවුන් හෝ ඇඳිරි නීතිය සලකන්නේ නැති අයෙකු හෝ දෙදෙනෙකු නිවසකින් පිටවූවා යයි සිතමු. නැතිනම් ඇඳිරි නීතිය මුදාහළ මොහොතක මේ එක අයෙකු අනිත් අය සමග ගැටුනා යයි සිතමු. එසේත් නැතිනම් වෙනත් ගමකින් හදිසියේ ආසාදිතයෙකු පැමිණියා යයි සිතමු.
එවිට නැවතත් අර චක්‍රය පිලි පදින්නට අපට සිදුවේ. නැවත ලොක් ඩවුන් කාලය හෝ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතුය. වයිරසය පැතිරීම නතර කිරීමට අප අපොහොසත් වූ හෙයිනි.
නමුත් අප ලොක් ඩවුන් කිරීම හෝ ඇඳිරි නීතිය හොඳට පිලි පැද්දොත් මුළු දහසටම එක අයෙකු හෝ දෙදෙනෙකුට වඩා ගණනක් ජිවිතයට සමු දෙන්නේ නැත.
මෙහිදී වැදගත්ම කාරණයක් වන්නේ කිසිවෙකු තමන් ආසාදිත බවට සැඟවීම නොකළ යුතු බවයි. මේ අනුව සියලු දෙනාටම සෑදී වුවත් සියයට 93ක් (930) හෝ සියයට 98ක් (998) පමණ සුවවී මරණයෙන් බේරීමට හැකිවනු ඇත.
මේ මොඩලයම ලක්ෂයක් පමණ ජනතාවක් සිටින නගරයකට ආදේශ කරමු. සම්පූර්ණ ලොක් ඩවුන් එකකදී (ඇඳිරි නීතිය දැමීම වැනි දැඩි ලෙස) ක්‍රියාත්මක කළහොත් දහසකට එක් අයෙකු හෝ දෙදෙනෙකු මිය යන අතර මුළු ලක්ෂයටම සියයක් පමණ ජිවිතයට සමු දෙනු ඇත. ඉතිරි අය සුවවනු ඇත. මෙහිදී මිලියනයක ජනතාවක් නම් දහසක් හෝ දෙදහසක් පමණ නැතිවනු ඇත.
නමුත් ලොක් ඩවුන් ලිහිල් කිරීමකදී හා මුළු නගරයටම අසාදනය පැතිරුනොත් ලක්ෂයක් ජනතාවක් වෙසෙන නගරයක මරණ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඉහල අගයක් ගනී. අවම වශයෙන් දවස් විසි අටක වත් දැඩි නීති රීති යටතේ ජනතාවකට ජිවත් වීමට සිදුවේ. බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය වැනි රටවල ජනතාව මෙයට කැමති නැත. ඔවුන් තමන්ට සංචාරයට ඇති නිදහස වඩා හොඳ යයි සලකති. එනිසා ලක්ෂයකට හත් දහසක් පමණ මියයති.
නවසීලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මේ ක්‍රමය හොදින් අනුගමනය කර ඇත. ජර්මනියද ඒ ආසන්නයේ සිටින මුත් ඔවුන්ට තවමත් හරියටම වළකා ගැනීමට නොහැකිව ඇත්තේ විශාල නගරවල ජන අනුපාතය වැඩි හෙයිනි. ස්වීඩනයේ රට අති විශාල වන අතර ජන අනුපාතය වර්ග කිලෝමීටරයට ඉතා අඩුය. එනිසා ඔවුනට ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ තත්වය අවිනිශ්චිතය. සෞඛ්‍ය සේවා සහ හමුදාව හොඳ උත්සාහයක් දරති. එහෙත් ජනතාවගෙන් වැඩි හරියක් ආසාදිත තත්වයන් සඟවන බවක් පෙනේ. මේ නිසා ඔවුන්ගෙන් තවත් අයට බෝවේ. වැළැක්විය යුත්තේ එයයි.
මොඩලය සඳහා යොදාගත් සමීකරණය -((1-R0n)/(1-R0)) මෙහි n යනු දිනයයි
Formula used - ((1-R0n)/(1-R0)) , n is the day
(සහයෝගය - ශකීරා ධර්ම ගෙන් )