Thursday 16 July 2020

කෝවිඩ් 19 කොරෝනා වයිරස් රෝගය වැළඳුනු රෝගියෙකු ගේ සටහනක්

පසුගියදා අප  දන්නා හඳුනන "අවුල් වන්නට පෙර " බ්ලොගය ලියූ අරුණ  පෙරේරා මහතාට කෝවිඩ් 19 ආසාදිත තත්වය ඇතිව තිබුණි. දින අටක පමණ කාලයක් බාත් නගරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අරුණ  පෙරේරා තම නිවසට පැමිණ දැනට සති අටක්  පමණ වේ. හදිසියේ නැවතත් දින දෙකක් පමණ පශ්චාත් කෝව්ඩ් තත්වයක් මත ඔහුට නැවතත් රෝහල් ගත වන්නට සිදුවිය. මේ ඔහුගේ අත්දැකීමකි.

******************************************************************
තාමත් නටන කෝවිඩ් වන්නම 💃🏻🕺🏻💃🏻.🕺🏻.........කරුණාකර පරිස්සම් වෙන්න.

                    කෝවිඩ් සුවවී අදට සති අටක් පමනවේ. නමුත් විටින් විට හුස්ම ගැනීමේ අපහසුතාවයත්, අධික වෙහෙසත් ,හාට් බීට් එකේ වේගයත්, විටින් විට ඇතිවෙන ක්ලාන්ත (මෝල් කලන්තෙ නොවේ)ගතියත් ආදී දහසක් අපහසුතාවයන් ශරීරය තුල පවතී. දෙවතාවක් මගේ ජෙනරල් ප්‍රැක්ටිශනර්ට කීවත් ලොකු ප්‍රතිකාරයක් සිදු නොවේ. අඳුරන ඩොකාලාත් තත්වයට අලුත්ය. මේ කිසිවක් පැහැදිලි කර දිය නොහැක. කීවාට කවුරුත් පිලිගන්නේත් නැත. දැන් මේක  Post Covid 19 Syndrome යනුවෙන් හැඳින්වේ. ඩොක්ටර්ස්ලා පවා මේ තත්වය තවම නිසියාකාරව හඳුණාගෙන නැත. මේ අලුත්ම රෝගී තත්වයකි.

පෙරේදා මට හුස්ම ගැනීමට අපහසුවී මද කලන්තෙ ගතියක් ඇතිවීම නිසා G.P.ඇමතුවෙමි. මාව චෙක් කරලා වහාම එමර්ජන්සි වාට්ටුවට පිටත් කරේය. එතනට ගියාම මාව ඇඩ්මිට් කරා. ඉක්මනින් බ්ලඩ් ටෙස්ට් 🔎🔎රාශියක් කරලා විවේක ගන්නට කිව්වා. පසු දින බ්ලඩ් රිපෝර්ට් බලා ඔවුන් සතුටට පත්වූවත් සෑහීමකට පත්වූයේ නැත. මෙහිදී ඔවුන් අනුමාන කරේ ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට් සෑදීමට ඉඩ ඇති තත්වයකි. එය මාරාන්තික විය හැක. ඒය පෝස්ට් කෝවිඩ් තත්වයක් බව දැන් සොයාගනිමින් පවති. D-Dimer නම් බ්ලඩ් ටෙස්ට් එක  සිදුකරයි🔬🔬. එයින්  සෑහීමකට පත් නොවු ඔවුන් තවත් කාඩියොලොජි ටෙස්ට් සහ CT pulmonary angiogram (CTPA)ටෙස්ට් එකෙන් පසු ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට්ස් නැති බව ස්ථිර බව කීවේය👍.ඒ සියලුම හොස්පිට්ල් ටීම් එකට මගේ ගෞරවය සහ ප්‍රණාමය.🙏🙏

 දැන්  මගේ මේ හුස්ම ගැනීමේ අපහසුතාවය මාරාන්තික තත්වයක් නොවන බව පැහැදිලිය. තව මාස හතර පහක් යනතුරු මේ සියලු අපහසුතාවයන් පවතින බවත් මෙය ස්ලෝ ප්‍රොසෙස් එකක් බවත් ඩොක්ස්ලා කියයි. බෙහෙත් නොමැත. බ්‍රීතින් එක්සර්සයිසස් පමනි. ඇවිදින විට වැඩි පරිස්සමට වෝකින් ස්ටික් එකක් හොස්පිට්ල් එකෙන් ලබා දුනි. දුව නම්  කියන්නේ වෝකින් ස්ටික් එක නිසා මම දැන් ඔෆිශියලි ඕල්ඩ් කියාය. 😝😝කෝවිඩ් කරපු කෙළියක්. 😎😎
මෙච්චර හෑල්ලක් ලිව්වේ උඹලාටත් පරිස්සම් වෙන්නය. ⚠️⚠️

14 comments:

  1. අරූටත්, අජිත්ටත් බොහොම ස්තූතියි මේ දැණුවත් කිරීම ගැන. කෝවිඩ් ගැන වැඩිදෙනාගෙ තියෙන්නෙ ඇල්මැරුණු හැඟීමක්. හේතුව නොදැණුවත්කම. ලෙඩේ අළුත්. කිසිකෙනෙක් නිශ්චිත ලෙස දන්නෙ නෑ. තාම පෝස්ට් කෝවිඩ් තත්ව හොයමින් ඉන්නෙ. ඒ නිසා මෙවැනි පලමු අත්දැකීම් හැමෝටම වටින අවවාදයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. යන්තන් හැදිලා සනීප වෙන අයත් අමාරු වෙන අයත් ඉන්නවා. නමුත් දැන් කියන්නේ යන්තන් හැදුනත් ලේ කැටි ගැසීම් එහෙම වෙන්න පුළුවන් කියල.

      Delete
  2. Post Covid 19 Syndrome කියන එක මෙච්චර බරපතලයි කියන එක තේරෙන්නේ දැනුයි. මං හිතන්නේ අරුණ ගේ වයස 57 හෝ ඒ ආසන්න විය යුතුයි කියලයි. එයාගේ කතා වල කියවුන ආකාරයට එයා මට වඩා වසරක් පහල පංතියේ (ශ්‍රේණියේ) හිටියා කියලයි මගේ මතකයේ තියෙන්නේ. මෙතරම් තරුණ කෙනෙකුටත් (මොකද අපි නාකිද ??) කොවිඩ් වලින් දීර්ඝ කාලීන ප්‍රශ්න ඇතිවීම ගැන අපිත් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෑ . අරුණ ට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. මා දැන් කෝවිඩ් හදුනා දෙතුන් දෙනෙක් දන්නවා. මැරුණ දෙතුන් දෙනෙකුත් දන්නවා. සාමාන්‍යයෙන් හැදිලා හොඳ වුනත් ඇඟේ මහන්සිය ඒ හැම දෙනාම කීව එකක්. අරුණ කියන විධිහට ඊටත් වැඩියි. ඒ නිසා තමා මම අරුණ ගෙන් අහල මේක දැම්මේ

      Delete
    2. වයස හරියටම සුවර් නැහැ මම 83 බැච් එකේ. අරුණ 80 බැච් එක කියල හිතන් ඉන්නේ. ඒ කියන්නේ 58 විය යුතුයි

      Delete
  3. අරූ ෆේස්බුක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. නැහැනේ සෝෂල් මිඩියා අරහං ලු හේ හේ, ප්‍රයිවෙට් වට්සැප්

      Delete
  4. ප්‍රස්නෙ අපිටම එන්න කලින් ලඟ ඉන්න කෙනා ඒකට මුහුන දුන්නෙ කොහොමද කියල දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. යන්තන් හැදිච්ච අයත් ඉන්නවා. නමුත් පස්සේ එන ලෙඩ ගැන කවුරුත් දන්නේ නැහැ වැඩිය

      Delete
  5. අරුණ මහතාට ඉක්මන් සුවය පතනවා. නීරෝගිමත් බව සැමදා තිබේිවා.

    ReplyDelete
  6. ඔය මොන තරම් මාරාන්තික වුනත්, ඡන්දේ ඉවර වෙනකල් ජනතාවට ඇත්තම තොරතුරු ලැබෙන එකක් නැහැ. මෙහෙමවත් අනතුර අඟවන එකට පින්!

    ReplyDelete
  7. හොද ලිපියක්...අනිවාර්යයෙන්ම සියලු දෙනා පරිස්සම් විය යුතුයි. වැක්සීන් එකක් එනකං ටි තදකරගන්න වෙනවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .