Wednesday 12 May 2021

"සමබිම" දීප්ති ගේ දියවෙන සටනක්ද


මම කාලයකට කලින් මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග නමින් ලිපියක් ලීවෙමි.ඒ "මගේ ලෝකයෙන් පසු ලෝකය" කෘතිය  පිලිබඳව පැවති  සංවාදයක් ගැන ලිපියකි. මේ ලිපියට පිළිතුරක් ලියන හපුගොඩ සහෝදරයා සැලකුවේ එය ඔහුට කරනා විවේචනයක් ලෙසය. මේ නිසා ඔහු අපූරු පිළිතුරක් දී තිබුණි.  ඒ පිළිතුරේ වැදගත්ම වාක්‍යය වූයේ මෙයයි. 


"මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. " (ම.හ.)

ඉන්පසු  ඔහු මෙසේද ලියා තිබුණි.
මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්නය. 

ඒ කියන්නේ ඔහු සිතා සිටියේ මම පිටරට සිට ලංකාවට තග දමන්නෙකු හැටියටය. ඔහුගේ ෆිලොසොෆිය සමහර බයියන්, සමහර ටොයියන්, සමහර ජෙප්පන්/පෙසපන්  ගෙන් වෙනස් වන්නේ නැතිබවට මම පිළිතුරු දුනිමි.

එහිද සඳහන්  කළ පරිදි මම කෝබින් ගේ කම්කරු පක්ෂයේ සාමාජිකයෙක්ව සිටියෙමි.  එයින් ඉවත්වුනේ ඇයිද යන්න තවම ලීවේ නැත.


මගේ පිළිතුරෙන් කොටසක් මෙසේ විය. /මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ  සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.//

එම ලිපියේම මහේෂ් හපුගොඩ දුන් පිලිතුරද  තිබේ. ඔහු ගමෙන් පැමිණි බව ඔහුම පිලි ගැනීම හැර අනිකුත්  ඔහුගේ පැහැදිලි කිරීම් මම පිලි ගත්තා යයි නොසිතමි.
.
ලිපි පෙලේ  සඳහන් වූ මගේ ලෝකය පොත මා  දැන් කියවා  තිබේ.   එයට පිළිතුරක් ලෙස මහේෂ් හපුගොඩ හා ජයසිරි අලවත්ත එක්ව ලියු "මගේ ලෝකයෙන් පසු ලෝකය" පොතද කියෙව්වෙමි. එම පොත සැබවින්ම "මගේ ලෝකය " පොතට පිළිතුරක්ද නැත්නම් තමන්ගේ ම දැනුම විවරණය කිරීමක් ද  යන්න තවමත් සිතමි.



ඊට කලින් ජිජැක් ගැන ඔවුන් දෙදෙනා ලියු පොතේ අග දීප්ති ගුණරත්න මෙසේ ලියා තිබුණි.

//"මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර  මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා  එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන  වූයේ "දෙවියනේ ඔබ කොහිද?" මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ "රැඩිකල් විඥානවාදය' ය."- (පුනර්ජීවනය  -ජිජැක් අධ්‍යයනය)//

 ඇත්තටම ගතහොත් භෞතික  විද්‍යාව,  අභ්‍යවකාශ භෞතික විද්‍යාව වැනි විෂයයන් අද ඇත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඔහුගේ පොත ලියන කාලයටත් වඩා පුළුල් පරාසයකය.

මේ ගැන මම තව ලිපියක් "හපුගොඩ ගේ කතාවක් " මැයෙන් ලීවෙමි. 

 
ඔය හපුගොඩ /අලවත්ත සහෝදරයින්ගේ පොත් දෙක පිටුපසම දීප්ති ගුණරත්න ගේ අවතාරය හොල්මන් කරන බව මම කියමි. 

හැබැයි පසුව මට පෙනී ගියේ මහේෂ් හපුගොඩ නමැති දර්ශනවාදියා දීප්තිගේ ත්‍රිමානය  තුල තව දුරටත් හොල්මන් නොකරන බවය. ඊට හේතුව වුයේ හපුගොඩ ගේ ලිපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජවිපෙ සහෝදරවරු ෆේස්බුක් එකේ හෝගා බෙදා හදා ගන්නා  බැවිනි. මේ සංසිද්ධිය මම ඊට කලින්ද දැක තිබේ. එක්ස් කණ්ඩායමෙන්  හෝ පරණ පෙරටුගාමී (දැන් සමබිම) පක්ෂයෙන් යමෙකු වෙන්වූ වහාම අනිකුත්  වාමාංශික පක්ෂ දෙකට ඔවුන් ඉබේම  මාහැඟි වස්තූන් වේ. නමුත් කුමන  හෝ හේතුවකට ඒ බව ඔවුහු ප්‍රසිද්ධියේ පිලිගැනීමට මැලි වෙති.
 
එසේම මම හපුගොඩ සහෝදරයාගේ  ලිපි "ලංකා නිව්ස් වෙබ් " අඩවියේ මෙන්ම ලංකා ලීඩ් නිව්ස්, ලීඩර් වැනි ප්‍රකාශන  වලද දුටුවෙමි. ඔහුට වැඩි ඉඩකඩක් ලැබෙනවා කියන්නේ ඔහු දීප්ති සමග නැති බව බොහෝ දුරට අනුමාන කලෙමි.  මම මහේෂ් හපුගොඩ ට සුභ පතමි. ගමෙන් නගරයට එන අය එකතැන පල්විය  යුතු නැත. 


දීප්ති කියන දේ අසන පිළිපදින දීප්ති සමග සිටි අයට බුකියේ චෝදනා මිස වෙනත් දේවල් ලැබෙන්නේ නැත. ඒ කණ්ඩායම්ද අනිකුත් පැරණ එක්ස් කාරයන් සමග සැම විටම අවුලේය. එසේම  බොහෝ "විද්වතුන්" ලෙස තමන්වම තමන් හඳුන්වා ගන්නා  අය දීප්තිට බුකියේ සිනාසෙති.   බුකිය විකාරයක් බවට දීප්ති කියන්නේද එනිසා විය යුතුය.

දිප්තිද සියට සියක් බෝසතකු  නොවේ. ඔහු තමන් හැරගිය අයට ද ඒ අයගේ යහළුවන් යයි සිතන අයටද නිර්දය ලෙස පහර දෙයි. එනිසා ඔහුට තරහකාරයන් වැහි වැහැලාය. මට හිතෙන්නේ දීප්තිට මේ නිසා ජිවිතේට ලෙනින් කෙනෙකු වෙන්නට බැරිය.  මේ ගැන මගෙන් ඇසූ  ජවිපෙ සහෝදරයෙකුට මා දුන් පිළිතුර වූයේ, පක්ෂය හැරගිය නන්දන මාරසිංහ වැනි අයට විජේවීර පිළිතුරු දුන්නේ කළුකුඩුබස්නයෙන් බවයි.    ඒ නිසා සාපේක්ෂව දීප්ති විජේවීරට වඩා සාධාරණ බවය. ඔහු අවඥාසහගත ලෙස කිව්වේ දීප්තිට එවැනි හයියක්  නැති බවයි. 

මෙවර ලංකාවට ගිය වෙලේ යහළුවෙකු ගෙන් හපුගොඩ /දීප්ති සුසංයෝගයේ ඉරණම  පිළිබඳව විමසුවෙමි. ඔහු කීවේ දීප්ති තමන්ට වඩා කෙනෙකු පක්ෂයේ ඉහලට ගියහොත් ඔවුන්ව ඉවත් කරන බවය. එනම්ම දීප්ති තමන්ව බුද්ධිමය වශයෙන් පසු කරයන්නට පක්ෂයෙන් කෙනෙකුට  ඉඩ දෙන්නේ නැති බවත් ප්‍රභා මනුරත්න, බුද්ධික, කල්යානන්ද , නිර්මාල් දේවසිරි මෙන්ම හපුගොඩ ද ඉවත්ව ගියේ ඒ නිසා බවය. 

මට  ඒ අදහස පිළි ගැනීමට නොහැකි බව කීවෙමි. මගේ අදහස වූයේ,  දැන්  ජිජක් විශාරදයෙකු වී සිටින ජයසිරි අලවත්ත සහෝදරයා  හා ඉන් එහා ගොස් ජනප්‍රිය දර්ශනවාදී අදහස් බෙදා හදා ගන්නා හපුගොඩ සහෝදරයාගේ ග්‍රන්ථ ද්විත්වය පසුපස දීප්තිගේ බුද්ධිමය මැදිහත්වීමක් තිබුණු බව ඉතාමත් පැහැදිලිය.  එනිසාම දීප්තිට එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නට ඉඩක් නැත.එක්ස් කණ්ඩායමෙන් ගිය අයද දීප්ති ගෙන් තව දුරටත් ඔවුනට ගන්නට දෙයක් නොමැති නිසා නික්ම ගියා විය යුතුය. ඒ ගැන බොහෝ සෙයින් ත්‍රිමාණ වෙබ්  අඩවිය හා බුකිය තුල විවේචන-ප්‍රති විවේචනය යන නිසා ඒ ගැන කතා නොකර සිටිමු.  නමුත් සමන් පුෂ්ප කුමාර ඔහුගේ  පශ්චාත් උපාධියෙන් පසු නැවත  දීප්තිගේ පක්ෂයට නො ආවේ ද ඒ නිසාය යන තර්කය බැහැර කිරීම මදක් අපහසුය.  

මුලින් දීප්ති කුමාර ගුණරත්නට හා ඔහුගේ පක්ෂයට කැමතිව සිටි තවත් මා බ්ලොග් ලෝකයේ දැන සිටි සගයෙකු  දැන් සිටින්නේ විදර්ශන කන්නගර කණ්ඩායම සමගය.  ඔහුගේ  මුලික තර්කය දීප්ති චතුරිකා පසුපස යාම නිසා ක්‍රෙඩිබිලිටිය විනාශ කරගෙන ඇති බවය. නැතිනම් කාඩ් කුඩු කරගෙන ඇති බවය. චතුරිකා පසුපස යාමට වඩා දීප්ති  කලේ රැකියාවක් යන්න මගේ වැටහීමයි.  ඒ රැකියාවේ ප්‍රතිපල සමහර විට ඉදිරියේදී බලා ගන්නට හැකිවනු ඇත. මා හඳුනන බ්ලොග්  සගයා  දැන් අනුයන  විදර්ශනගේ සමහර ලිපි හා කියුම් දීප්ති ලියන ඒවා තරමට මට තේරෙන්නේ නැත. එනිසා මම ඒ සහෝදරයාව  බොහෝ සෙයින් මග හැර තිබේ.   

දීප්ති කුමාර ගුණරත්න ගෙන් මේවා ගැන විමසු විට කිවේ මහේෂ් හපුගොඩ පක්ෂයෙන් පිටත සිටියත්  තවමත් ඔවුන් සමග සිටින බවය.  සමහරවිට මේ  මේ  සියල්ල බැඳ තබන හුය රුවන් ෆෙර්ඩිනන්ඩ් විය හැකිය.  නිව්ස්වෙබ් අධිපතියන් සාමාන්‍යයෙන් ජිජැක් ට සිනාසෙති. එසේම නූතන මාක්ස්වාදය සමගද ඔවුන්ගේ සමබන්ධ්යක් නැත. මංගලගේ ලිබරල්වාදය සඳහා එහි ඉඩක් තිබේ. එනිසා හපුගොඩ ගේ නව මිතුරන් ඔහු පිළිගන්නේ දීප්ති ඉක්මවා ගියා යයි  සිතන නිසාද?

ලංකාවේ පරිවර්තන නොව ස්වතන්ත්‍ර පොත් පලකරන්නට ගොස් ප්‍රකාශකයන්ගේ, එම ක්ෂේත්‍රයේ කෙලි කාරයන් ගේ හා   අනිකුත් ලේඛකයන් ගේ නරුමවාදයට මුහුණ දුන් මට දීප්ති මුහුණ දෙන්නේ කුමන නරුමවාදයකටද  යන්න ගැන යම් තරමක අවබෝධයක් ඇත. වාමාංශික  පක්ෂ වල සමහරු ක්‍රියා කරන්නේද  අර නරුමවාදය තුලමය. 
 
බලාගෙන යනවිට සියල්ල නැවතත් අවුල් වී ගොස්ය. අවුල ලිහන්නට කෝවිඩ් 19 හොඳ අවස්ථාවක්  දී තිබේ. 


පරණ ලිපි පෙළ:

15 comments:

  1. ඔක්කොම කියෙව්වට, හරියට තේරුං ගන්ට තරම් වර්තමාන ලාංකික දේශපාලන දැණුම මදි. හැමතැනම"අවුල්" කියල නං තේරෙනවා. කොහොමත් මම ඔය "ගුරු කුල" තනන, බරසාර වචන වලින් මාගල් එලන, හුදීජනයා මැට්ටො කියල හිතන අයට මනාපයක් නෑ. Ignorance is bliss කියල සුද්ද තමා කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හුදී ජනයා මැට්ටෝ නෙමේ. තමන්ට කවුද ඕනේ කියල ඒ අය හොඳට දනනවා. එහම් නැත්නම් ඕන කමක් නැහැ

      Delete
  2. (මුද්‍රණ කර්මාන්තයේදී දීප්තිලාගේ සමහර ප්‍රකාශන අච්චු ගසන්නට දායක වුණු අත්දැකීම් මටත් තිබේ.) අනෙක් අච්චු කන්තොරුකාරයන් ගහන්නේ මොනවාදැයි කියවන්නේ අඩුවෙනි. එයාලා උනන්දුවෙන්නේ ලැබෙන චෙක්පත ගැන බලන්නටය. ඒවා මට බාර වුනු රාජකාරි නොවෙන නිසා, දීප්තිලා ලියූ දේවල් කියවන්නටත් මට ඉඩ ලැබුණේය. කල්‍යානන්ද හා තවත් කිහිප දෙනෙකු හඳුනා ගන්නටත්.....

    මං වාගේ ළිං ගෙම්බෙකු දීප්තිලා නිසා- x කණ්ඩායම නිසා ලෝකය හුඟාක් ලොකු බව දැන ගත්තේ. (එයාලා කියන දේවල්වලින් හැම දෙයක්ම මට තේරුම් ගන්නට බැරි තරම් ගැඹුරු හින්දාදෝ, මම ඒ සමහර දේවල්වලට කැමතිත් නැතිය; එකඟත් නැතිය. ඒත් මොකද, එහෙම මතවාදත් තියෙන්නට ඕනිය.)
    මගේ මිනුම් දණ්ඩට අනුව දීප්ති දක්ෂ කථිකයෙකි, දක්ෂ පොළඹවන්නෙකි. නායකත්ව ගුණාංග සහිත කෙනෙකි.

    අවාසනාවට මට හමුවී ඇති නායකයන් හැම දෙනාම පාහේ නායකත්වයේ යෂ්ටිය නිසි කාලයේදී වෙනින් කෙනෙකුට දෙන්නට පසුබටවූ අයයි. දීප්තිත් එහෙමද?
    අනෙක් පැත්තෙන් මට මතක් වෙන්නේ නලින් ද සිල්වා මහත්තයා, සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ - නායකත්ව වැඩ සටහනකදී කියූ කතාවකි. 'අවුරුදු 30 පැන්නට පස්සේ ම්නිස්සුන්ට කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ.'
    ඒ ගැන නම් මගේ බ්ලොගයෙ "ගණිත ගැටේ" පෝස්ටුවේදී 2019 වසරේ ලියුවෙමි; මේ ලියන මාත් වක්‍රාකාරයෙන් ඒකට පැටලුණු නිසා. අජිත් මහත්තයෝ, කමක් නැහැ නේද ඒ link එකත් මෙතැන දැම්මට?
    https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. //අවාසනාවට මට හමුවී ඇති නායකයන් හැම දෙනාම පාහේ නායකත්වයේ යෂ්ටිය නිසි කාලයේදී වෙනින් කෙනෙකුට දෙන්නට පසුබටවූ අයයි. දීප්තිත් එහෙමද?// නායකත්වය භාර දෙන්න තරම් තවම වයසට ගිහින් නැහැනේ. තියෙන්න ඕනේ හැමෝම එකතු කරගන්න තරම් හැකියාවක්. ලින්ක් එකට ස්තූතියි

      Delete
    2. නිදි ඒ කතාව මරු . මොන අවුරුද්දේද? අර වුරුදු ටිහෙන පස්සේ ඉගෙන ගන්න බහ කතාව නම් කෙප්පයක්. මම අභ්‍යවකාශ තාරකා විද්‍යාව උපාධිය ඉවරකලෙත් තිහ පහුවෙලා. තව ගොඩක් අය මම දන්නවා පහුවෙලා ඉගෙන ගත්තු

      Delete
    3. කියලා දෙනවා කියන එකයි. කෙනෙක් උපාධියක් ගන්න එකක් දෙකක් වගේ නෙමේද එයා අදහස් කරල තියෙන්නෙ?

      Delete
  3. ලන්ඩන් හේන් ගොවියා13 May 2021 at 06:16

    ගච්ඡන් පිපීලිකො යාති
    යොජනානාං ශතාන්‍යාපි
    අගච්ඡන් වෛනතෙයො'පි
    පදමෙකං න ගච්ඡති.

    යන්නා වූ කුහුඹුවා යොදුන් සිය ගණනක් නමුත් යයී,නොයන්නා වු ගුරුළා එක ද පියවරක් වත් නොය යි.

    බාලාදර්ශය

    ReplyDelete
    Replies
    1. මහා ණුවනැත්ත , ඔබගේ ශ්ලෝකයට මගේ තුතිය

      Delete
  4. https://www.youtube.com/watch?v=7JV24hgu5iI

    ReplyDelete
  5. Replies
    1. අපි බස්සා ට විතරයි මේවා දාන්න ඉඩ දෙන්නේ

      Delete
  6. මම දැක්කා 31/01/2023 අර blog ලියන දොස්තර කෙනෙක් ඉන්නෙ. මට.නම මතක නෑ.. එයත් මෙ වගේම දීප්තිට තිබුන චෝදනා ටික ලියලා තිබුනා.

    මේකයි දීප්ති එහෙමයි කියමුකො. හැබැයි දීප්තිට වඩා ඉහළට ගියා කියන අය සමාජයට මොනවද කරන්නෙ?

    ඕකයි ප්‍රශ්නෙ මට නම්

    ReplyDelete
  7. දේශපාලනය කියන්නෙ ආදරය කියලා කීවට පස්සෙ. දීප්තිලා කතා කරන ආදරේ හැටියට මේවා මෙහෙම වෙන්නෙ නැති වෙන්න එපැයි

    ReplyDelete
  8. විදර්ශනගෙ නම් එක කතාවක් ඇහුවා පරණ එකක්. ඒකේ නම් එයා තියරිම ඔහේ කියල දාන සීන් එකක් තමයි මට නම් තේරුනේ..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .