Saturday 25 September 2021

බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය





අපේ ගෙවල් පාර ඒ කියන්නේ හාට්ෆඩ් (Hertford) මාවත දැන් දවස් ගානක ඉඳන් බ්ලොක් වෙලා. පෙට්‍රල්, ඩීසල් ගහ ගන්න කාර් පෝලිම. බොරිස් ජොන්සන් ගේ කොන්සවේටිව් ආණ්ඩුව සහ මගේ සමහර බ්‍රෙක්සිට් යාලුවෝ කියන්නේ මේක ජන මාධ්‍ය  වලින් ඇති කරන බයක් කියල. ඒක මට පිළිගන්න අමාරුයි. පත්තර වලින් පෙන්වන්නේ පෙට්‍රල් නැති බව. හේතුව තමයි බරවාහන (ලොරි හා කන්ටේනර්  ) පදවන  රියදුරන් නැති කම. ආණ්ඩුව ඒ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්න කියල සමාගම් වලට දැන් වුවා. පත්තර වල තිබෙන  අන්දමට රියදුරන් ගේ පඩිය දැන් අවුරුද්දකට පවුම් 75000 සිට 100000 දක්වා වැඩි  කරලලු. ඒ කියන්නේ මාසෙට පවුම් 6250 - 8300 දක්වා (ශ්‍රී  ලංකා රුපියල් වලින් ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ) මම නම් හිතන්නේ එපමණම වැඩි කරලා නැහැ. දන්නා විධිහට අවුරුද්දට 40000 - 60000 වගේ තමා ලැබෙන්නේ. (මසකට පවුම් 3000- 5000 -ලක්ෂ 10- 15 පමණ) 

මගේ අදහස නම් මේ බ්‍රෙක්සිට් එක නිසා ඇති වෙච්ච තත්වයක්, මෙපමණ කල් හිටිය රුමේනියන්, ඇල්බේනියන්, චෙක්, පෝලන්ත සහ දකුණු අයර්ලන්ත රියදුරන් නැහැ. ඊට අමතරව  යුරෝපයේ  ඉඳන් මෙහෙට බඩු අරන් එන බර වාහන වලට  දේශ සිමාවේ දිග පෝලිමක ඉන්න ඕනේ. ඒ නිසා රියැදුරන් එන්න කැමතිත් නැහැ.

මේ නිසාම බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලොරි රියදුරන් ට තියෙන පාඨමාලාව මාස තුනකට අඩු කළා. ඒත් තවම අවශ්‍ය  කරන රියදුරන් ප්‍රමාණය නැහැ. ඒ නිසා දැන් විදේශික රියදුරන් 5000 විතර ගෙන්න ගන්න අවසර දෙන්න යනවා. රියදුරන් නැති නිසාම දැන් චිකන් එහෙමත් සුපර්මාකට් වල අඩුයි. ගෙනෙන්න  කෙනෙක් නැති නිසා.

මේ අර්බුදය අපේ වාමාංශික යාළුවෝ  විස්තර කරගන්නේ කොහොමද  කියන්න දන්නේ නැහැ. හැබැයි තවම  දොස්තර, නර්ස්, විදුලි කාර්මික, පයිප්ප වැඩ කරන නළ කැමියන් ආදීන්ගේත් අඩුවක් තවම තියනව. තොරතුරු තාක්ෂණය පැත්තෙන් රස්සා ඕන තරම් තිබ්බත් ඒවා පිට රටවලට (ඉන්දියාව, මැලේසියාව ශ්‍රී ලංකාව )  outsource කරන නිසා ප්‍රශ්නය තරමක් සමනය  වෙලා තියෙන්නේ. නමුත් ඉහත කී රස්සාවලට එහෙම කරන්න බැහැනේ. බ්‍රෙක්සිට් එක නිසා රැකියා රාශියක් මෙහෙ ඉතිරි වුන බව ඇත්ත. නමුත් ඒවා කරන්න අවශ්‍ය දක්ෂතා (skills) තියෙන අය අඩුයි.  

ආර්ථිකය වර්ධන වේගය 2.1%.  වසංගතය පටන් ගන්නට කලින් ප්‍රමාණයට තවම ඇවිත් නැහැ.  GDP එකනම් 3.6% කින්  වර්ධනය වෙලා. 

 

39 comments:

  1. හ්ම්ම්... ගෑස් හිගය සහ විදුලි පරිභෝජනය ගැන සංකීර්ණ කතා ටිකක් තියෙනව. අපේ රටේ හැටියට නං, ගෙදර වහලෙ උඩ පැනල් එකක් නැත්තං, කාර් එක චාජ් කරගන්න වෙන්නෙ, නොරොච්චෝලෙ ගල් අඟුරු දැවීමෙන්. කොහොමත් තව අවුරුදු දහයකට වඩා ගෑස් පරිභෝජනය කරන්න ලැබෙන එකකුත් නෑ කියල හිතෙනව.

    අජිත් අයිය මොකද හිතන්නෙ, බ්‍රෙක්සිට් ගැන? ඊයූ හිටියනං වඩා හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඩ්රකි මේක කියවල නැහැ වගේ
      https://kolambagamaya.blogspot.com/2016/07/blog-post_9.html

      Delete
    2. ඉනෙස් ජර්මන් කියල ඔයා දන්නවනේ. යුරෝපයේ ප්‍රශ්න තියෙන බව ඇත්ත. නමුත් මම remainer ඒ කාලේ ඉඳන්ම. රටවල් වහන්න හොඳ නැහැ කියන මතයේ මම හැමදාම හිටියේ.

      Delete
    3. හ්ම්... අපි දෙන්නම ඒ ගැන එක මතය දරනව...

      Delete
  2. බොහොම හොඳට විශ්ලේෂණය කරලා තියෙනවා. සුද්දො අතරත් බේද තියනවා කියල දැණගත්තෙ පස්සෙයි. නැගෙනහිර යුරෝපයේ අයව සලකන්නෙ බාල සුද්දො විදිහට. කපටි සහ හොරු හිටියත් ඉතාම හොඳ අවංක ෆිටර්ලා,ඩ්‍රැයිවර්ලා, මැෂිනිස්ට්ලා වගේ ට්‍රේඩ්ස් කාර්මිකයො ඒ අතර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ කුස්සිය හැදුවේ පෝලිෂ් එකෙක්. නියම වැඩ කාරයා. අපේ ළමයි දෙන්න පොඩි කාලේ බලා ගත්තේ ස්ලොවෙකියන් නැනී කෙනෙක්. තවම අපට කතා කරනවා, දැන් බැඳලා තමන්ගේ රටට ගිහින්. අපේ ගේ පිටිපස්සේ කැබින් එක හැදුවේ රුමේනියන් එකෙක්. හොඳ මිනිස්සු. සුද්දෝ කැමති නැති වුනේ වෙනේ දෙකට. ගොඩක් ඉන්නවා බෙනිෆිට් අරන් ඉන්න. හැබැයි පොලිෂ් වගේම සෝමාලියා, පකිස්ථාන, බංග්ලාදේශ් අයත් සුද්දොත් ඒ අතර ඉන්නව. නමුත් වැඩියෙන්ම උලුප්පල පෙන්නුවේ අර අයව. අනික කළු අය සහ අසියනුවෝ රැකියා උන් ගන්නව කියල චෝදනාවක් ගෙනාව

      Delete
    2. බස්සා දන්නවද හිට්ලර්ගේ හමුදාවල නාසි එවුන් රුසියන් සහ යුරෝපියන් හිරකරුවන්ට සැලකුවේ අමානුෂික විධිහට. බ්‍රිතාන්‍ය ඇමෙරිකන් සිරකරුවන්ට සැලකුවේ වෙනත් විධිහකට. අනිත්පැත්ත හැසිරුනෙත් එහෙමම්ම් තමයි

      Delete
    3. හ්ම්... හිට්ලර් නැති වුනත්, ඔහුගේ සුප්‍රිමසි සංකල්පය අදටත් ලෝකයේ යටින් පවතිනවා.

      Delete
    4. ඒක නැති වෙන්නේ නැහැ, මම අර එයුජෙනික්ස් කියල ලිව ලිපිය බැලුවද?

      Delete
  3. මම නං කියන්නෙ හොඳ වැඩේ මුන්ට. ඇත්තටම රට ඇදන් ගියේ ඔය යුරෝපියන් සෙට් එක තමා. මුන් දන්නෙ බියර් පයින්ට් එකක් ගගහා බොරු බයිලා කියන්න විතරයි. දැන් ඉතින් හිටපියවු විරෝපට්ටං ගහගෙන.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම රට ඇදන් ගියේ ඔය යුරෝපියන් සෙට් එක තමා.// වැරදි කතාවක්. පෝලිෂ් එවුන් ලක්ෂ අටක් ඉන්නව. උන් හොඳයි වැඩට. නමුත් වෙන රටවල මිනිස්සු අපි, ඉන්දියන් කාරයෝ, කළු ජාතිකයෝ ගොඩක් මේ රටේ ඉන්නව, ඔය හැමෝගෙම දායකත්වයක් තියනවා. මිලියන් හයක් පිට පාස්පෝට් තියන කට්ට්ය, මිලියන් 9 පිට ඉපදුනු අය. බ්‍රිතාන්‍ය අය ඉතිරි මිලියන් 45. සුද්දෝ සමහර අමාරු වැඩ කරන්න කම්මැලියි . ඒක ඇත්ත. නමුත් සුදු දොස්තරලා ඉන්නවා. නැහැ කියන්න බැහැ .

      Delete
    2. දෙවැන්න තමයි මේ රට යුරෝපිය රටවලින් වර්ගවාදය අඩුම රට. තිබ්බත් පෙන්වන්නේ නැහැ එලියට. (සුළු කොටසක් නාසිවාදීන් ඉන්නවා). නමුත් ප්‍රංශය , ඉතාලිය හෙම ගත්තොත් සන්ක්රමනියකනට සලකනවා හොඳ නැහැ. පාගාගෙන ඉන්නේ කියලයි මට පෙනුනේ.

      Delete
    3. ඇයි අජිත් ඒක වැරැදි කතාවක් කියලා කියන්නෙ? දැන් ඔය කෙල් ප්‍රශ්නෙ ආවෙත් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා නැති වුන නිසානෙ. ඔය වගේ අත්‍යවශ්‍ය day-to-day ටෆ් ජොබ්ස් (ට්‍රක් ඩ්‍රයිවින්, වෙයාර්හවුස් වල වැඩ, ගාර්බේජ් කලෙක්ෂන්) වැඩි හරියක් කලේ යුරෝපියන් සෙට් එක නෙවෙයි ද? ඒ ටෆ් ජොබ්ස් අපි වගේ ආසියානුවන්ට කරන්න අමාරුයි.

      Delete
    4. මම කීවේ රට ඇදන් ගියේ නැගෙනහොර යුරෝපිය සෙට් එක කියන එක වැරදියි කියල මම කීවේ. ගර්බේජ් කලෙක්ෂන් කරන්නේ කළු අය සහා අයිරිෂ් අය . ඒ ජොබ් වලට යන්න ලෙහෙසි නැහැ. කලාතුරකින් රුමේනියන් බල්ගේරියන් එවුන් ඉන්නවා. -ට්‍රක් ඩ්‍රයිවින් - සුද්දෝ ගොඩක් ඉන්නවා. උන්ගේ ලයිසන්ස් අවුරුදු 5න පහට අප්ඩේට් කරන එක ප්‍රමාද වෙලා. ඔය වෙලාවට ඔන් කෝල් වගේ ඉන්න ඊස්ට් යුරෝපියන් එවුන් නැති නිසා තමා ප්‍රශ්නේ වුනේ. වෙයාර්හවුස් වල වැඩට ඕන තරම් ඉන්නවා ඉන්දියන් සබ් එකෙන් ආව ය, ඔය බෝට්ටු වලින් එන අය , සහ කළු ජාතික සෙට් එක. එනිසා ඒක වැරදි කතාවක්. උන් හිටියනම් හොඳයි. අපි eu හිටියනම් ඊටත් වඩා හොඳයි. නමුත් EU එකෙත් සෝවියට් දේශයේ වගේ බියුරෝක්‍රසි එක වැඩි වුනා. සුද්දෝ කිව්වට උන් ඇහුවේ නැහැ. ඒ වග ප්‍රශ්නත් තිබුනනේ. මම ප්‍රෝ EU උනත් ඒක පිලි ගන්න ඕනේ

      Delete
    5. බුරතිනෝ කීව එකේ තව හරි පැත්තකුත් තියනවා. මුන් නැගෙනහිර යුරෝපයේ රියදුරන්ට ගෙවේ පයකට පවුම් 12 වගේ පොඩි ගානක්. වැඩ කරන්න කම්මැලි සුද්දට ඔය මම කීව ගණන්. අනික උන්ගේ වෘත්තීය සමිති බලවත්. (සුද්දගේ) .උන් තමයි ඔය ගේම දෙන්නේ. මුලින් නැගනහිර යුරෝපිය උන් එලව ගත්ත, දැන් හරියට වැඩක් කරන්නේ නැහැ.

      Delete
    6. EU එකේ ප්‍රශ්න තියෙනවා. ඒක මමත් පිළිගන්නවා. ඒත් ඒකට විසඳුම EU එකෙන් අයින් වෙන එක නෙවෙයි නේ ද?

      Delete
    7. https://www.youtube.com/watch?v=72iA2HsNdcQ

      Delete
    8. බුරාතිනෝ ඔය උඩ මම ඩ්රකි ට දාපු ලින්ක් එක බැලුවේ නැත්ද?
      https://kolambagamaya.blogspot.com/2016/07/blog-post_9.html මම Pro EU පෙළපාලි ගිය කෙනෙක්. මගේ බිරිඳ වෙනුවෙන් , ජර්මන් බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි බව තියෙන ළමයි දෙන්න වෙනුවෙන්, ඉංග්‍රීසි /බ්‍රිතාන්‍ය තරන ළමයි වෙනුවෙන්. මේක ඉන්න නාකි ටික තමා විරුද්ධව අචන්දේ දුන්නේ. කවුද දන්නවද නිත් එවුන් - අපලේ ලංකාවේ අය , ඉන්දියානුවෝ, පකිස්තාන්, බංගලා, අප්රිකනුවෝ. නැගනහිර යුරෝපිය උන්ගේ රස්සා ගන්න. කෝ එකෙක් නැහැ

      Delete
    9. බස්සා - D.G.M බස්සා26 September 2021 at 19:01- ඒක තමයි මම කිවේ. හැබැයි මුන් කතා වැඩක් කරන්නේ. ඔය රුමේනියන් ඩ්‍රයිවර් ලට ගෙවන්නේ පැයකට පවුම් 12 වගේ. ඒක ඒ රටේ පඩි වලට වඩා වැඩි වුනත් ඒක අසාධාරණ පැදියක් ඔය මම උඩ ලියල තියෙන පඩි ගෙවන්නේ නැහැ.

      Delete
    10. බ්‍රෙක්සිට්වලට අකමැති ස්කොට්ලන්තයෙ ඔය තත්වය කොහොමද?

      Delete
    11. මට හිතෙනවා UK, EU වලින් අයින් වුනේ ආයෙමත් යැංකියාගෙ නැට්ට අල්ලන් වෙනම ගමනක් යන්නයි කියලා. AUKUS එක වුනත් ඒකෙ කොටසක් වගෙයි. අජිත් මොකද හිතන්නෙ?

      Delete
    12. උන්ට අවුලක් නැහැ. අස්සයෝ පිටනේ යන්නේ.
      https://www.dailyrecord.co.uk/news/politics/fuel-shortages-scotland-adequate-petrol-25079819

      Delete
    13. // නමුත් ප්‍රංශය , ඉතාලිය හෙම ගත්තොත් සන්ක්රමනියකනට සලකනවා හොඳ නැහැ.// ස්පාඤ්ඤය, ජර්මනිය,අයර්ලන්තය ,පෝලන්තය වගේ යුරෝපා රටවල සන්ක්‍රමනිකයන්ට මොන විදියට ද සලකන්නේ

      Delete
    14. ස්පාඤ්ඤය තුල රස්සා අඩුයි. ඔවුන් වෙන රටවලට යනවා රැකියා කරන්න. අතීතයේ ඉඳන් මොරොක්කෝව පැත්තේ සිට සංක්‍රමණිකයන් ආ නිසා රටේ ඒ පැත්ත හුඟක් මිශ්රයි. ජර්මනිය අවුරුදු 30 කට කලින් තිබ්බ විධිහ නෙමේ දැන්. ඉන්දියානුන් IT ජොබ් වලට එන්න ගත්තට පස්සේ වෙනස් වෙලා තියෙන්නේ. රැකියාවල ඉහල තලයේ ජර්මනි නොඉපදුන අයත් ඉන්නවා. පෝලන්තයේ සංක්‍රමණිකයන් ඉතා අඩුයි. රටේ රැකියා තත්වය හොඳට තිබ්බේ නැති මුල් කාලයේ දුප්පත් රටක් නිසා.

      Delete
    15. මට පෝලන්තයේ ඉන්න යාළුවෙක් කීව සෝවියට් දේශයේ සංයුතියේ තිබ්බ රටවල අය (කසකස්ථානය, ජෝර්ජියාව, ටජික් වැනි රටවල සංක්‍රමනියකයන් ඉන්නවාලු)

      Delete
    16. ඩෙන්මාර්ක් , නෙදර්ලන්තය වගේ රටවල් විදේශික සංක්‍රමණික අයට ඉතා හොඳ බව මගේ හැඟීම. ඩෙන්මාර්කයට යන්න ලෙහෙසි නැහැ නමුත් දක්ෂතා තියෙන අයව ගන්න බවයි දන්නේ. ඉතාලියේ මිනිස්සු හොඳයි. නමුත් රැකියාව පැත්තෙන් කිසියම් discrimination තියෙනවා කියන එකයි මගේ හැඟීම. බෙල්ජියමේ පවා ඒ තත්ත්වය් තියනවා. රැකියා අඩු නිසා වෙන්න ඇති.

      Delete
    17. //Buratino27 September 2021 at 12:34//එහෙම යන්න තමයි හදන්නේ. වදිපුඅරම් චන්දෙ දුන්නේ අවුදුදු 40 උඩ සෙට් එක eu එකෙන් අයින් වෙන්න. කම්කරු පක්ෂයේ උන් සහ අපේ උන් චන්දෙ දුන්නේ රස්සා මත. ටෝරි උන්ට ඕනේ වුනේ "ස්වාධිනත්වය " හොර පොල් කඩන්න. හැබැයි EU නිලධාරිවාදය ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ. කෝබින් මුල ඉඳන් විරුද්ධයි ඇන්ජෙලා මර්කෙල් දක්ෂිණාංශික කියල. ඕවගේ හේතු ගොඩක්. හිනා යනවත් වෙලාවකට

      Delete
  4. කොයි රටෙත්, කොයි ජාතියේත් හොඳ වගේම නරක මිනිස්සු ඉන්නවා.

    අපේ dadaa ලංකාවෙන් ගිය අපෙ අම්මාව විවාහ කර ගත්තත්, අපි ගැන ඉතා හොඳින් සැලකුවත් 'එංගලන්තේ දේවල් තමා හොඳම හොඳ' ආකල්පය තිබුණු සුද්දෙක්!

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ දේවල් නම් හොඳ තමා නිදි. අපේ බිරින්දෑ නම් කියන්නේ ජර්මනියේ දේවල් හොඳයි කියල. බඩුවක් ගත්තොත් ජර්මන් තමයි. මේකයි උන් කරන වැඩේ හරියට කරනවා. බාගෙට කරන්නේ නැහැ. සුද්දෝ නම් දැන් කම්මැලි වෙලාද කොහෙද? ඒත් වැඩ කරන එකා හරියට කරනවා. එනිසා විශ්වාසයක් තියනවා.

      Delete
  5. එතෝට එහෙ අයත් ලංකාවෙ අය වගේ. පැට්ටෝල් ඩීසල් නැති වෙයි කිව්වොත් පෝලිමේ ඉඳල පුරවගන්නව 😃😃😃


    මිනිස්සු නං කොයි රටෙත් එකයි නේ... නැද්ද. 😃😃😃

    ඔය රැකියා අවස්ථා ලංකාව වගේ රටවලට දෙන්නෙ මොනවද 😏😏😏

    ReplyDelete
    Replies
    1. පිස්සෝ ඉන්නව ඕන රටක. නැහැ මේකයි. වැඩට යන්න බැරිවෙනවනේ. මම යන්නේ නැත්තේ මම ගෙදර ඉඳන් වැඩ කරන නිසා. හැබැයි අද ගියා පෙට්රෝල් ගහ ගන්න. දුව යුනි ගෙනියන්න ඕනේ නිසා. නැති නිසා ආව. ඕන රටක ඕන කෙනෙකුට ඇවිත් වැඩ කරන්න පුළුවන් වර්කින් වීසා අරන් ආවොත්. හොරෙන් අවොත් නේ බැරි. ලංකාවට වෙනම දෙනවා කියල දෙයක් නැහැ මේ රටේ. (කොරියාව වගේ)

      Delete
  6. කොහොම උනත් ෆේස්බුක් එකේ බයි ජනතාවට උද්දාමයට පත් වෙන්න අවස්ථාව ක් ලැබිලා. හමුදාව ට්‍රක් රියදුරු වැඩේ කලත් ඒක කරන්නේ ලංකාවේ හමුදාව හැම දේටම යොදා ගන්නා හැටියට නෙවෙයි කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. ලොකුම ලොන්ඩරිය ක් වෙන ආචාර්ය මහින්ද පතිරණ වගේ අය කියන දේ බැලුවම.😀😀

    ReplyDelete
    Replies
    1. පව් නේ බයියෝ. ඔහොම චාන්ස් එකක් ලැබෙන්නේ නැහැනේ හැමදාම. හමුදාව දාන්නේ අන්තිම මොහොතේ බැරිම වුනොත් නේ. මේක මේ රැකියා ප්‍රශ්නයක්. වැඩ කරන්න මිනිස්සු නැතිකම. ලොකු තර්ජනයක් නැහැ. මිනිසුන් ට ඕනේ නම් පබ්ලික් ට්‍රස්න්පොර්ට් තියනවා. බිරින්දෑ නම් බයිසිකලෙන් උගන්වන කොලේජ් එකට යනවා. දුවල මෙට්‍රෝ එකේ. ලොකු අවුලක් නැහැ.

      Delete
  7. හදිස්සියේ විපරමල යෙදෙනා තුර ආවෙමි කියෙව්වෙමි ගියෙමි!

    ReplyDelete
    Replies
    1. ආ ලිස්සල් යන්න ආවද

      Delete
  8. මාත් කියෙව්වෙමි. යන්නට පෙර ආ බව කියා යමි😁

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . බ්ලොග් එක හැදුවද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .