Friday 22 October 2021

දුයිෂෙන් පන්නයේ ගුරුතුමෙක් සහ දරුවන් සමූහයක් , නාථගනේ විදුහලින්


මේ ලිපියෙන් සමහර අයට මහියංගන ඉස්කෝලෙට වතුර දීපු එක මතක් වෙයිද දන්නේ නැහැ. සුමිත් කලණසිරි ප්‍රධාන පිරිස ඒ දිනවල බ්ලොග් සින්ඩිය වන නෙලුම් යාය එකතුව සමග කළ  ඒ සත්කාරයට විශාල පිරිසක් සම්මාදම් වුනා. ඒ ගැන සුමිත් ලියපු සුන්දර ලියමන  මෙතන. "වහින්නට හැකිනම් ගිගුම් දී". ඔය වැඩේ සහ ඊට කලින් අපි කරපු එවැනි වැඩ ගැන කතාවකට අයිටිවී එකේ  මමත්, නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් හා අනුරාධා කෝදාගොඩ ,  තරුරසී විසින් සංවිධානය  කරපු  රුපවාහිනී  වැඩ සටහනකට අපි සහභාගී වුනා. එහි අසන්නන්ගේ ප්‍රශ්නයක් වශයෙන්  නන්දන ගුණතිලක මහත්මයා  ඇහුවා "ඇයි මේ ආණ්ඩුව කරන්න ඕනේ වැඩ ඔය ගොල්ල කරන්නේ" කියල. මම හිතන්නේ මම උත්තර දුන්නේ අපේ කැමැත්තෙන්  කරන දෙයක් වශයෙන් සහ ආණ්ඩුව කරනකන් බලන්න ඉන්න බැරි බව වගේ දෙයක්.  හැබැයි ඒ ප්‍රශ්නය අද ඇහුව නම් පිළිතුරක් ලෙස අහන්න  තියෙන්නේ 
"අවුරුදු 73ක් ලංකාව පාලනය කළ  ආණ්ඩු සහ දේශපාලනඥයෝ පොල් ගෑවද කියල තවම මේ වගේ තත්වයේ පාසැල් තියනවා කියන්න. " 
හොඳ ආණ්ඩු ගැන සිහින කෙසේ වෙතත් උදව්  කරන්න ලැදි ජනතාවක්  ශ්‍රී ලංකාවේ සහ පිටරට සිටීම ඇත්තටම  භාග්‍යයක්. 😀

මම මේ නාථගනේ විදුහල ගැන දැක්කේ ෆේස්බුක් එකෙන්.  "සුරකිමු නාථගනේ විදු මව්" තමාගේ පිටුවේ නම.   විදුහලේ උගන්වන ගුරුතුමෙක්  ළමයි ලව්වා පාසැල් වත්තේ වගා කරනවා. සමහර වෙලාවට දෙමව්පියනුත්  උදව් කරනවා පෙනෙන පින්තූර වගයක් තිබ්බ.  විදුහලේ මුලින් ඉඳල තියෙන්නේ ළමුන් 11 ක වගේ පිරිසක්. මේ ගුරුතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා දැන් ඒ ගාන තිහකට විතර වැඩි වෙලාලු. වහන්න ගිය පාසැලක්  තමයි මේ අමාරුවෙන් ගෙනියන්නේ.   ඒක නිසාම මම ගුරුතුමා වන ඉන්දික අතපත්තුට පණිවිඩයක් යැව්වා පුස්තකාලයක් හදන්න උදව් කරන්න කැමැතියි කියල . ඊට කලින් තරංගනී රෙෂිකා (තරුරසී) නංගි එක්කත් ඒ වගේම පොඩි ප්‍රොජෙක්ට් එකක් කළ නිසා. 

එයා කිව්වා දැනට නම් පොත් වගයක් ලැබිලා  තිබෙනවා කියල. ඒ නිසා වෙන  විධිහේ උදව්වක්  කරන්න කැමතිද කියල ස්වයං රැකියා වැඩ පිළිවෙලකට.  ළමයි පාසැල් එන්නේ නැත්තේ පවුල්  වල තිබෙන අගහිඟ කම් නිසානේ. කෝවිඩ් තර්ජනය  නිසා රට වරින් වර වසා දමන නිසා  ඒ තත්වය තවත් උග්‍ර වෙලා තියෙන්නේ.  ඉන්දිකගේ අදහස තමයි පවුල් වලට උදව් කළොත් දෙපයින් හිට ගන්න ළමයින්ට ඒක උදව්වක් වේවි කියන එක. 
 
එනිසා අපි කට්ටියක් එකතුවෙලා එක පවුලකට උදව් කරන්න කටයයුතු කළා.

ඒ පවුලට අවශ්‍යවුනේ රබර්  සෙරෙප්පු හදන කටර් එකක්, මැෂිමක් ඇතුළු උපකරණ ගන්නට. ඉතින් ඒ කොටසට ආධාරයක් දෙන්න අපි කැමති වුනා. එතන ගිහිල්ල විමසලා  බලන්න නිශාන්ත රෝහණ, දිනෙත් පබසර, නිපුන ප්‍රනාන්දු හෙම  ගියා.  ඊට පස්සේ ජනක ලක්මාල් ඉදිරි සම්බන්ධිකරණ වැඩ කරන්න භාර ගත්ත.

මොනිකා ශාෆෙර් ෆෙහ්ර, ශාන්ත පෙරේරා, නිකි කින්ච්, කීත් නොට්ලී,  සුමුදු වික්‍රමාරච්චි, කොලින් සහ ආශා  සූරියබණ්ඩාර ඇතුළු අපි කට්ටිය  ආධාර ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මැෂිම හෙම ලැබෙයි ලබන සතියේ විතර.

මැෂිම ගෙනාවම තබන  වැඩපළ තමයි මේ පින්තූරයේ තිබෙන්නේ.



විදුහලට මේ දක්වා  උදව් උපකාර කරපු අයගේ විස්තර ඉන්දික ගුරු මහතා ඒවා තිබෙනවා.



ඇත්තම කියනවානම් ඉන්දික අතපත්තු ගුරු මහතාට මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් හැටියට උගන්වන ටික කරලා ගෙදර ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්න පුළුවන්. දුයිෂෙන්  කතාව නම් ටිකක් පරණ  කතාවක් නේ . ඒක සමහර වෙලාවට වර්තමානයට අදාළ නොවෙන්නත් පුළුවන්. ඒත් ඒ කතාවේ පොඩි කෑලි ටිකක් අපට නිතරම වගේ හමුවුනා පහුගිය කාලවල. මම හිතන්නේ මේ එයින් එකක්.  ඇති හැකි අයට ආධාර කරන්න පුළුවන් මේ පාසලටත්. මම හිතන්නේ ළිඳ තියන හරියත් එලි පෙහෙළි කරලා දෙන්න පුළුවන්. 

මේ ස්වයං රැකියා වැඩේ අමුද්‍රව්‍ය  මිලදී ගැනීම  සඳහා උදව් කරන්න කැමති අයට ඉන්දික  අතපත්තු ගුරු මහතාට කතා කරලා ආධාර කරන්න  පුළුවන්. 
  






- අජිත් ධර්මකීර්ති 

23 comments:

  1. අජිත් තුමෝ ඇත්තටම හොඳ වැඩක්. සුභ පතනව!

    අර කිව්වා වගේ දේසපාලුවෝ කොරනක්න් බලන් හිටියොත් ඉවරයි. පුළුවන් දේවල්වත් අපි කරන්න ඕන. අපේ රට වෙනුවෙන්.. සමාජය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමියා. මම ඒ ගුරුතුමා ගෙන් අහල ලීවේ. කාටහරි ඕනෙනම් ගිහිල්ල බලල උදව්වක් කරන්න පුළුවන්නේ

      Delete
  2. අපි ඔන්ලයින් ෆන්ඩ් එකක් හදමුද? විදුහලේ සුභ සාධක සමිතියක් නමින් නිල බැංකු ගිණුමක් ඇරලා...

    ReplyDelete
    Replies
    1. මම ඉතින් අර NELUM එකෙන් පස්සේ ලංකාවේ ඕවගේ වැඩ ගැන දෙපාරක් හිතනවා. සෑහෙන විවේචන එන වැඩක්. මේක භාර ගත්තෙත් ඒ ගුරුතුමාට සහ අවශ්‍ය කෙනාට කෙලින්ම ලැබුන මුදල් යවන නිසා. අනික මුදල් දුන්න අයටත් එතන ට ගිහිල්ල හොයල බැලුව හැකියි. ඒ ගොල්ලෝ මූලික වෙලා ඒක කරනවානම් අනිත් අයට උදව් කල හැකියිනේ.

      Delete
    2. ඔන්... ඔන්.. ගියවර රුපියල් වලින් මෙවර ස්ටලින් පවුම් වලින්..... අපි ගරමු

      Delete
    3. හරි ඇනෝ වරෙන් එකතු වෙලා දෙමු ගේම

      Delete
    4. මේ තියෙන්නේ ඇනෝ අපි සල්ලි ගරන විධිහ , 2004 ඉඳන් http://www.shareandcare.org.uk/news.htm

      Delete
  3. පිං කියන්නෙ මොන මොනවට
    මෙන්න මෙහෙම කරන දේට
    පෙළක් කරති සෝබනේට
    මෙතැන නැහැනෙ එහෙම පාට

    තදෙන් හිතට වැදුණු වෙලේ
    එකතු කරන් මිතුරු කැලේ
    කරන්ට හැකි යමක් කළේ
    නැත්තං හිත දුකින් පෙළේ

    හෙමිහිට ගන්නං පියවර
    මිතුරු- මිතුරියන් එක්කර
    දැනට මෙන්න අජිත් ඔබට
    තුති මල් දුන්නට විස්තර!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි
      පුලුවන්නම් කරන්න
      මම ඉස්සෙල්ල හොයලා බලල ඊට පස්සේ යාළුවන්ගෙන් ඇහුව උදව්වක් දෙමුද කියල. මට තනියම කරන්න වියදම වැඩියි වගේ මොකද මම වෙන තැන්වලටත් ආධාර දෙන නිසා

      Delete
  4. මම ඔය පේජ් එක දැක්ක. නමුත් ඕම කතාවක් ගැන මීටර් වු⁣ණේ නෑ. කෝමත් බුකියෙ ඒව ගැන ඒ තරං හාරාවුස්සන්ට යන්නැති හින්ද. දැං නං පොඩිකණගාටුවක් දැනෙනව.
    අජිත් අයියල කරන වැඩ ගැන තියෙන්නෙ අප්‍රමාණ සන්තෝසයක්.. ඒ වගේ දේකට අපිට මොනව කරන්න පුලුවන්ද කියල හිතෙනකොට දුකත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මම ත් බුකියේ ඒවා ගැන පරිස්සමින් කරන්නේ. එක පාරක් වීඩියෝ එකක් ආව බුකියෙන් හෙන අඩු ගනනකට (රුපියල් 100-200 මාසෙට) ඈතක ඇවිත් වැඩ කරන කෙනෙක් ගැන. ඒ රස්සාවත් නැතිවෙලා , වතුර කෝප්පයක් දවල්ට බොන්නේ වගේ කතාවක්. මම දැකල ලංකාවේ කෙනෙක්ට කීව හොයල බලන්න කියල. මොකද රස්සාවක් තිබුන දෙන්න. ඒ රස්සාව ඈත වැඩියි එපා. සල්ලි දෙන්න කියල කෝල් කරපු කෙනාට . පස්සේ ආපහු ළඟ එකක් හොයල කතා කලහම කියල තියනවා මේ අපි බොරුවට ඒ කතාව දැම්මේ අපට ගේ හද ගන්න සල්ලි මදි. දැන් අවුලක් නැහැ පිටරට ගොඩක් අය ආධාර කළා . ඔයාලටත් කැමතිනම් දෙන්න නැත්නම් ආයේ කතා කරන්න එපාලු. මේකනම් කලින් කෙනෙක් එතන ගිහින් බැලුවා. එයා මේ සර් ගැන ඉතා හොඳ කීව.
      ඔයාට කැමතිනම් කට්ටියක් එකක් ගිහින් ඒ ලිඳ සුද්ධ කරලා දෙන්න පුළුවන් මම හිතන්නේ ඕනේ නම්.

      Delete
  5. https://youtu.be/SrwtdZPtwDY

    ReplyDelete
  6. පිට රට ගිය අයට රාජපක්ෂ පන්නයේ පසුගාමී පාලනයක් ලංකාවේ ඕනේ ඇයි දන්නවද? ලංකාව පසුගාමී වූ විට තමයි රටගිය ඇත්තන් ට තමන් සහ තමන්ගෙ දරුවෝ දිනලා වගේ හැඟීමක් එන්නේ .ඊට පස්සේ අවුරුද්දට දෙපාරක් ලංකාවට ගිහිල්ලා මිනිස්සුන්ට හිගන්නන්ට වගේ සලකලා පන්සලට පිරිකර දීලා නෑදෑයින්ට අනුකම්පා කරලා එන්න පුළුවන් ලංකාව බටහිර වගේ වෙනවට ඒ අය අවිඥානකව කැමති නෑ .
    #අවුරුදු 15 පස්සේ තමයි මං වගේ ටියුබ් ලයිට් වලට ඒක තේරුණේ

    අජිත් පැරකුම් ජයසිංහ

    · එකක් අඩුයි කට්ටියට කෝල් කරලා සෙට් එකට බොන්න දීලා ( 2019 ට කලිං රාජපක්ෂලගේ ගුණ වයලා

    අනේ ඔය කියන වර්ගය, පිටරට ඉන්නෙත් පුංචි ලංකාවක් ගමක් අටවගෙන, ලාබ ගෙයක් අරං පංසලක් අටවගෙන.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරා කියන එකෙත් ලොකු වරදක් නැහැ. හැබැයි ප්‍රශ්නේ ඇනෝ දැන් මම නම් කැමතියි ලංකාව බටහිර වගේ දියුණු වෙනවට, මගේ සහෝදර සහෝදරියනට කරදරයක් නැතිව වීසා ගහන්න වද වෙන්නේ නැතිව අපිව ඈවිත් බලල යන්න පුලුවන්නම්. අනික අජිත් වුනත් යූ එන් එකේ වැඩ කරන්නේ ඇයි ? යූ ඒං එක වුනත් කරන්නේ ඕකමනේ , ලංකාවට හිඟන්නට වගේ සලකන එක . දෙවන කාරණය මේ උදව් කරන්නෙත් ඒ දරුවන්ටත් යමක් කර ගන්න . ඇනොලා ඇතුළු ඔය එන්ජිඕ බිල්ල පෙන්වන කට්ටියගෙන් තමා බේරෙන්න බැරි . මම කොහොමත් සද්දේ දන්නේ නැතිව උදව් කරන්න කැමතියි, මේක දැම්මේ ඒ සර් ට සහ පාසැලට තව ආධාර ඕනේ කියල හැඟුණ නිසා. තමන්ගේ ළමයි මෙහෙ පවුම් 9000 වසරට ගෙවන විශ්ව විද්‍යාල වලට දාල ලංකාවේ පෞද්ගලික විද්‍යාල එපා කියන සෙට් එකත් ඔතනටම නේද වැටෙන්නේ

      Delete
  7. අනේ මගේ ඇනෝ පනේ
    කියන්නකෝ ඇත්ත අනේ
    දුන්නා නේද
    ඇරියස් සුදිය

    https://rasikalogy.blogspot.com/2021/08/my-classification-of-sl-migrants.html

    ReplyDelete
    Replies
    1. මමත් රසිකගේ එකට ගිහින් කොමෙන්ටුවක් කොටලා ආව

      Delete
  8. පසුගිය කාලේඅපේ පාසලෙ පොරවල් ටිකක් සෙට් වෙලා ඔය වගේ වැඩක් ටිකක් ලොකුවට කලා කෝවිඩ් සීන් එකට! පෞද්ගලිකව මා ඊට සහභාගී උනේ නෑ. එයට මාගේ හේතු පාඨය වූයේ; රජයක් විසින් අත්තනෝමතික, තක්කඩි, උද්දච්ච හා අමන ලෙස ගන්නා වැරදි තීන්දු නිවැරදි කිරීමට අප කැපවීම නොකල යුතුය! යන්නයි. නමුත් එහි ක්‍රියා කාරී කාර්‍ය භාරයක් කල සොයුරන්ව මා පෞද්ගලිකව අගය කලා.
    අපේ මේ රටවල් වලට කෙල වීමට ප්‍රධාන හේතුව; තමන්ට කෙලවී ඇති බව නොදැනීම; එය පහදා ගැනීමට උවමණාවක් නොමැති වීම; පහදී දෙන්නට එනවුන් එන්නේ තමන්ට කෙලවන්නට යැයි සිතීමය!
    මේ රට දුවන්නේ පිං පව් මතය.
    තමන්ට කන්නට දෙයක් නැත්තේ පව නිසාය!
    අරූට දෙයක් ඇත්තේ පිං නිසාය!!
    රටට කෙලවී ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසාය!
    ඔය ඕන ගමක ඉන්න පිරිසෙන් සීයට අනූවක් දරණ්නේ මේ මතයය! මා මෙසේ කියන්නේ මාද ගැමියකු වන නිසාය!
    ඔබ කරණා වැනි ප්‍රථිසංස්කරණ යෝජනා ක්‍රම වලට මාගේ අක මැත්තක් නැත! එහෙත් ඇති මහා විශාල පැහැදීමක්ද නැත!!
    සුනාමිය, ගං වතුර, පාස්කු ප්‍රහාරය වැනි අවස්ථාවලදී මා සෘජුව මැදිහත්වී කටයුතු කලෙමි. ඉදිරියටත් එසේය. එහෙත් මා පෙර කී අන්දමේ; ආන්ඩුවේ අඳ බාල වැඩ වලට පැලැස්තර දැමීම පිළින්බඳව මා දෙවරක් සිතන්නෙමි!
    එහෙත් ඔබ වැනිම සද්ක්‍රියාවක් වසරක් පාසා කරන "මද්දා" (රෝද දෙකේ රස්තියාදුව) ගේ "රෝද දෙකෙන් අකුරු අරං" වැනි ප්‍රොජෙක්ට් වලට සහභාගී වීමට බලා පොරොත්තු වෙමි. ඔබටද විය යුත්තක් වෙතොත් කියන්න! එහෙත් මාගේ පෞද්ගලික අදහස වන්නේ අතීසාර ලෙඩා; බෙහෙත් ගත යුතුය! කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතුය!! ඇවතුම් පැවතුම් ඒ අනුව පරිස්සම් වී ලෙඩෙන් ගොඩ යෑමට සිතා බලා ඒ අනුව කැපවීමෙන් කටයුතු කල යුතුය. එසේ නොකරණ අය රෙද්දේ පහරා ගන්නා ගන්නා විටදී උන්ට අමුඩ ඇන්දවීම ගැන ඇත්තේ කණගාටුවකි.
    ඒ කෙසේ වෙතත් ඔය ගුරුතුමා වැනි එළකිරි පොරවල් වෙනුවෙන් කලයුතු යමක් වෙත්නම් කියන්න එකෙන්ම කරණ්නම්!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි මල්ලි. //මේ රට දුවන්නේ පිං පව් මතය.
      තමන්ට කන්නට දෙයක් නැත්තේ පව නිසාය!
      අරූට දෙයක් ඇත්තේ පිං නිසාය!!
      රටට කෙලවී ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසාය!//
      //ඔබ කරණා වැනි ප්‍රථිසංස්කරණ යෝජනා ක්‍රම වලට මාගේ අක මැත්තක් නැත// -මේවා ප්‍රටිසන්ස්කරන යෝජනා නොව එක තැනක් අඩුපාඩුවක් පිරි මැසීමකි. තව අයට සම්මාදම් විය හැකි සේම එවැනි දේ කළ හැකිය. මේ තැනැත්තා දියුණු වුවහොත ඔහුට තව රැකියා එකක් දෙකක් හෝ ඇති කල හැකිය.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .