Friday 19 November 2021

සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ

පොතට තිත තැබීම 


සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ 

මගේ යූ ටියුබ් චැනලය පටන් ගත්තේ හරියටම 2007 ජනවාරි 25.  ඒ දවස් වල ඕව පටන් ගන්න ඒ තරම් පිස්සුවක් තිබුනේ නැහැනේ. මම ඒක පටන් ගන්න එකම හේතුව වුනේ දුවල දෙන්න වයලීනය වාදනය කරපුව ගත්ත වීඩියෝ මගේ පවුලේ අයට බලන්න දෙන්න. වීඩියෝ මේල් වලින් යවන්න අමාරුයි. ලොකු වැඩියි. ඒ කාලේ ගූගල් ඩ්‍රයිව් එක තිබ්බද  කියල මතක නැහැ. හැබැයි මම ඒවා පබ්ලික් හෙවත් හැමෝටම බලන්න දැම්මේ නැහැ. පවුලේ අයට පමණයි. හැබැයි දැන් දෙන්නම වයස දහ අට පැනල නිසා ඒවා පබ්ලික් කළා.

මේක ලීවෙත්  කෙනෙක්  මට සරදමට වගේ කීව නිසා,  "ඔයත් දැන් ඒ ගමන චැනල් එකක් පටන් ගත්තද රැල්ලට" කියල.  එයාට පිළිතුරක් හැටියට ලීවට මම කල්පනා කළා ඇයි මම චැනල් එක තියා  ගත්තේ කියල. ඒ කාලේ නම් ඉඳල හිටලා අපි ගිය සංචාර , විශේෂයෙන් දුම්රියෙන් ගිය ඒවා දාන්න ඕන වුන නිසා.

හැබැයි ඒවා දැම්මේ වෙනත් පිස්සු හේතුවකට. කවද හරි දවසක අභ්‍යවකාශ යානයක අවුරුද දෙක තුනක් තිස්සේ ඈත තියෙන ග්‍රහ ලෝකෙකට යන අභ්‍යවකාශ ගැමියෙක් (ඕන කමින් ගැමියෙක් කියල ලිව්වේ ) කම්මැලි  හිතිලා ඉන්ටනෙට් එක සර්ච් කරද්දී මේක දකින්න පුළුවන්. "අම්මට සිරි  කවුද මේ පිස්සු ඩයල් එක" කියල මගේ වීඩියෝ බලන්න ඉඩ තියනව කම්මැලිකමට.  ඒ කාලේ වෙනකොට අභ්‍යවකාශයට ඉන්ටනෙට් දෙන්න  පුළුවන් හරිද?  -කෙලින්ම වයිෆයි දෙනවා මෙහෙන් ස්පේස් ස්ටේෂන් එකකට. එතනින් ඊලඟ එකට, ඊලඟ එකට  ඒ වගේ.   එහෙම නැත්නම් අවුරුදු 200 කට කලින් හිටපු  එවුන්ගේ චර්යාවන් බලන්න කවුරුහරි අනාගතේ ළමේක් ඉස්කෝලේ වැඩකට ගන්න ඉඩ තියනවා. ඉතින් අනාගතේ ගැන හිතල චැනල් එක ගෙනියන්න තීරණය කළා.

ඊට පස්සේ වුනේ මේකයි.  අගෝරා වැඩකට රත්න ශ්‍රී විජේසිංහ මහත්මය සම්මුඛ සාකච්චාවක් දුන්න.  ඒක කරපු නිලන්ත මල්ලිට ඒක අනිත් අයට බලන්න යවන්න ක්‍රමයක් නැහැ. මම කීව මගේ යූ ටියුබ් චැනල් එකක් තියනවා ඒකට දාල ෂෙයාර් කරමු කියල. එක වුනේ 2014 දී . මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.  මේක මගේ චැනල් එකේ වැඩිම හිට් වගයක් ලැබුණු වීඩියෝවක්. 

දැන්ම ඉතින්ට  වැඩේ අල්ලලා  ගියා. දැන් මම චැනල් එක තියාගත්තේ ඒ වගේ  විශාල ෆයිල් අප්ලෝඩ් (උඩුගත කියල හෙළ පදයක් තියනවලු ඒකට ) කරන්න. මම 2016 දී මගේ පළමු පොත වන "පොල්කට්ටෙන් එපිටට"  එළි දක්වපු වෙලාවේ කතා බහ ඔක්කොම ඊට පස්සේ යුටියුබ් එකට දැම්ම. දැන් මට මේකේ වටිනාකම දැනිල ඉවරයි.
 හාඩ් ඩිස්ක් එකේ  ප්‍රශ්නයක් ඇවිල්ල ෆයිල් ඔක්කොම ඩිලීට්  වුන වෙලාවෙත් , අයික්ලවුඩ්, යුටියුබ්, ඩ්‍රොප් බොක්ස් , ගූගල් ඩ්‍රයිව් ඔය ඔක්කොම භාවිතා කරල තිබුන නිසා වැඩි හානියක් වුනේ නැහැ.

ඊළඟට "සියාමා " පොත 2018 පබ්ලිෂ් කරපු වෙලාවේ නම් ගේමක් නැහැ. කෙලින්ම ඔක්කොම වීඩියෝ ටික යූ ටියුබ් දැම්ම.  හැබැයි ඉතින් ලින්ක් එකක් ෆේස්බුක් දැම්ම මිසක් කාටවත් වැඩිය සබ්ස්ක්‍රයිබ් කරන්න කීවේ නැහැ. ළඟම යාළුවන්ට , පවුලේ අයට විතරක් මතක් කළා.

ඊට පස්සේ නම් ඉතින් පොඩි පොඩි වීඩියෝ අප්ලෝඩ්  කළා. කෝවිඩ් කාලේ ගිටාර් එක ආයේ අතට ගත්තම කම් ඕ  ගෝ චිකාගෝ කියල හිතාගෙන ඒවත් එකක් දෙකක් දැම්ම යූ ටියුබ් දැම්ම. ඒවානම් ඉස්සෙල්ල පොඩි දූට , බිරින්දෑට , අපේ හයිකු යාළුවා ධම්මිකා චාන්දනී ට හෙම පෙන්නල අපෘවල් ලැබුනට පස්සේ තමා දැම්මේ.

අන්තිම උඩට දැම්ම   ඒවා ටික ඊයේ පෙරේදා "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " සංවාදයේ  වීඩියෝ ටික. බලන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක.   

ඉතින් ඔන්න මේ පාර  නම් කියනවා. ලයික් කරාන්න , කොමෙන්ට් කරාන්න , ෂෙයාර් කරාන්න , උම්මා දෙන්නේ නැහැ. නටන්නේ නැහැ සොරි.  හැබැයි යොහානි ට වගේම මම ඒ ශාශි නිශාදි දැරිවි ටත් කැමතියි. එයාව අහුවුනේ හදිසියේ ගේමින් ටිකක් බලද්දී දැන් කාලෙකට කලින්. එයා දැන් හැබැයි සෑහෙන්න ෆේමස්. සුභ පැතුම්.  ගේම් ගහන්න දැන් එච්චර මනාප නැති නිසා බලන්නේ නැහැ. ඔය වගේ ගේම් දහරා (streaming)  බලන අය අතරේ රෑ වැඩ කරන අය, වෙන වැඩ නැති අය , කෝවිඩ් අස්සේ හිර වෙලා ඉන්න අය, රෑ පානේ නිදි මරණ පොලිස් කාර් වල අය ඉන්නවා. ඒ නිසා ඒ දැරිවිට  ආදායමක් හෙමත් එනවනම් ඒක ලොකු දෙයක්. හැබැයි අඩු වයසේ ළමයින්ට වැඩිය යන්න දෙන්න එපා, ගොඩක් වෙලා ගේම් වලම ඉන්න.  මම මගේ ළමයින්ට ඉඩ දුන්නෙත් නැහැ. ගේම් ගහන එකේ නෙමෙයි ප්‍රශ්නේ. ගොඩක් වෙලාඒකට වැය කරන එක අනිත් වැඩ අමතක කරලා . හරියට ෆේස්බුක් එක ට ඇබ්බැහි වෙනවා වගේ.. 

 අන්තිමට කියන්න තියෙන්නේ ජිවිතේට ලයික්  එකක්වත් කාටවත් දාන්න ලෝභ අය ඕපාදුප බලන්න විතරක් ෆේස්බුක් එකේ ඉන්න එකනම් ටිකක් අප්සෙට්. ඒ නිසා තමන් කැමති අය එක්ක විතරක් භජනයක් තියා ගත්තම ඇතිනේ. සැබෑ ජීවිතයේදී වගේ.  ශේප් එකේ අන්ෆ්රෙන්ඩ් වුණාම හරි. කාටවත් දැනෙන එකකුත් නැහැ.  තරහකට නෙමේ කීවේ. ෆේස්බුක් එක නිසා මානසික ආතතිය හෙම එන්න පුළුවන්.  අප හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්නනේ. එනිසා කල්පනා කරලා බලන්න. 
වෙන අවුලක් නැහැ. ඉන්නවනම් ඉන්න ඔන්නොහෙ.

හැබැයි ඔය ඉහත වාක්‍යය ලීවෙ  අර මගේ පොත් එළි දැක්වීම් වලට එන, උයල පිහල කෑම අරන් එන , ඔක්කොම වැඩ ටික කරලා ශාලාවත් අතුගාල දෙන රත්තරන් යාළුවෝ සෙට් එකට (බ්ලොගාලා ඇතුළුව) නෙමේ ඔන්න.






 


  

24 comments:

  1. කො මෙ උත්සවයෙ (උත්සවයක් නම්) බජට් එක? පවුම් කොපමණ ආධර වශයෙන් ලබුනාද ? පවුම් කියක් වියදම් කලාද ? පවුම් කියක් යටිමඩි ගහුවද?? යු ටියුබයෙ ප්‍රචාරයෙන් කොපමණ පවුම් ප්‍රමානයක් ලබුනාද?

    ReplyDelete
    Replies
    1. 😄 😁 😆 😅 මේවා කරන්නේ අතින් කයිට් කරගෙන නේ ඇනෝ. හිතේ ආසාවට . ඒත් එහෙම වුනත් හොඳ යාළුවෝ පිරිසක් ඉන්න නිසා ඒක දැනුනේ නැහැ කිව්ව හැකි

      Delete
  2. Replies
    1. ප්‍රා ජේ ගේ වැටමාර කොළයක් කැවුනද ටොමි , ස්තූතියි ආවට

      Delete
  3. අතීතේ සිට 'අමර' වෙන්නට වෙර දැරූවෙත් අපෙ මිනිස්සු
    පරපුරක් රැක ගන්න කියලත් එයම කරනව තව මිනිස්සු
    කාටවත් හානියක් නැති මේ වගේ වැඩ තනිකරම පිස්සු
    ඇති කරයිදෝ trend එකක් blog ලියන අපටත් හදල පිස්සු

    ReplyDelete
    Replies
    1. /ඇති කරයිදෝ trend එකක් blog ලියන අපටත් හදල පිස්සු/
      පිස්සු ඇත්තෙක් ඇති කරයිදෝ පිස්සු කියනකොට මටත් පිස්සු

      Delete
  4. ඇති කරයිදෝ trend එකක් blog ලියන අපටත් හදල පිස්සු..........

    ReplyDelete
    Replies
    1. ආන්නේකයි , ඔයාට සේර්විස් එකක් තියෙනවනේ

      Delete
  5. Replies
    1. දෙයියෝ සාකි ෆේස් බුක් ජනතාවට ඒක ලීවේ බව්වෝ

      Delete
    2. අර වැටමාරුවා තමයි පටන් ගත්තේ. කඩාකප්පල් කාරය

      Delete
  6. සෑහෙන වීඩියෝ තොගයක් තියෙනව නෙව? හිමීට බලන්නම්.🙏👌

    "බ්ලොගයේ පිටු අතර කිමිදෙන්න" එකට, මේ යූටියුබ් චැනල් එකේ ලික් එකත් ඔබන්න. එතකොට පස්සෙ ඇවිත් බලන්න, හොයා ගන්න ලේසියි.🤔

    ReplyDelete
    Replies
    1. ලින්ක් විය යුතුයි. අකුරක් හැලුනා.🤣

      Delete
    2. අන්න ජන්සන් අදහස (බුරා ගෙන් කොපි කිරීමක් බව කරුණාවෙන් සලකන්න )

      Delete
    3. බසු upload එකට සිංහල වචනේ මොකක්ද? රවියා එක්ක වලියක් ඇද ගන්න බලන්නේ

      Delete
    4. ගූගල් කිව්වෙ "උඩුගත" කියලයි. මේවා අලුත් ටෙක්නිකල් වචන නිසා, එක,එක අය වෙනස් නම් හදාගෙන ඇති.🤔

      බැරිද, ඔය වලියෙ ලින්ක් එක අපටත් දෙන්න. බලලා, පොඩි ආතල් එකක් ගන්න විතරයි. 😊🙏

      Delete
  7. විඩියෝවලට ලිංක් දුන්න එක වටිනව.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවෙන් ප්‍රශංසාවක් ලැබුන එක වටිනවා.

      Delete
    2. දා හතර වන ලුවී රජු තමයි කිව්වෙ, "ආණ්ඩුව නම් මම ය." කියල. මම නෙවෙයි

      Delete
    3. කතාව හරි නේ 😉

      Delete
  8. නිවාඩු පාඩුවේ බලන්නම්....

    ReplyDelete
  9. මගෙත් තියෙනවා යූටියුබ් චැනල් එකක්. ඒක ගැන දන්නෙත්, බලන්නෙත් මං විතරමද මන්දා... 😅 චැනල් එකට සුබ පැතුම් !

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .