Saturday 18 February 2023

අර මැරිලි සහ මේ මැරිලි


ශ්‍රී ලංකාව හිටපු ගමන් අවදි වෙලා කියල පේනවා තරුණ වියට එළැඹෙන ළමයි තුන් දෙනෙක් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයාට ගහල මරපු එකට.  ඒ අතරේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියනව වගේ තව කට්ටියලක්  රැඩිකල් අයට බනිනවා. අරගලේට බනිනවා. මානව හිමිකම් නිසාලු ඔක්කොම. එහෙමනම් ඉතින්  මානව හිමිකම් තියන,  ළමයින්ට ගහල හදන්නේ නැති ඔක්කොම රටවල කොල්ලෝ කෙල්ලෝ දිගට හරහට මිනිසුන්ව මරනවා ඇතිනේ. 

එහෙම නැහැ. බ්‍රිතාන්‍යයේ එහෙම සිද්ධි කිහිපයක් වාර්තා වුනා. පහුගිය කාලවල. ගෙයින් එලියට බැහැල කෑ කොස්සන්  ගහන කොලු රැලකට බනින්න ගිය පියෙක් මැරුම් කෑව කාලෙකට ඉහත කිංග්ස් ක්‍රොස් වල . සංචාරක තරුණියක් කිංග්ස් ක්‍රොස් පැත්තේ  ඇවිදින්න ගිහින් දූෂණය වුනා. අවස්ථා දෙකේදීම කරපු කොලුවන්ගෙන්   භාගයක්ම බ්‍රිතාන්‍යයට කාලයකට ඉහතදී සංක්‍රමණය වුනු  අයගේ දරුවන්. ඒ හැමෝගෙම පොදු සාධකයක් තිබ්බ. අම්ම තාත්ත දෙන්නම රැකියා වල .නිවෙස් වලට එන්නේ රෑ වෙලා. ඉස්කෝලේ ඇරිලා දඩාවතේ යන කොලු රෑනවල් ඒ පැත්තේ පිරිලා. හවසට ගෙදරට දෙමාපියෝ ඇවිත් රෑ කෑම හදනකන්  කරන්න වැඩක් නැතිව, ඉගෙන ගන්නෙත් නැතිව හිටපු  සෙට් එකක්. හැබැයි අර අහිංසක මව්පියන් අරන් දීල තියෙනවා හැමදේම. වටින ඇඳුම් පැළඳුම්, වටිනා මොබයිල්, මොපෙඩ් කියන පොඩි මෝටර් සයිකල් වගේ දේත් උන්ට තිබ්බ. 
කිංග්ස් ක්‍රොස් වල  ලොකු දුම්රිය පළක් තිබුනත් නීමට ඇවිදින්න යන්න බැරි පළාතක් වෙලා තිබුනේ. ගණිකාවෝ, මත්ද්‍රව්‍ය ගන්න අය වැහි වැහැල. පරණ හෝටල් හෙම අබලන් වෙලා ගිහින්. පරිසරය හිතා ගත්තේ හැකිනේ. 

ඔය වගේම මොපෙඩ් බයික් සෙට් එකක් අපේ පැත්තෙත් හිටිය . වැඩියෙන්ම ගැවසුණේ මැක් ඩොනල්ඩ්ස් එක ගාව. සුදු කළු මිශ්‍ර සෙට් එකක් එතන හිටියේ අර වගේම.  උන් හැබැයි මිනී මැරුවේ නැහැ. නමුත් උන් ඉන්න වෙලාවට ඒ පැත්තෙන් යන එක ටිකක් අවදානම්. 

බ්‍රිතාන්‍ය රජය මේ සිද්ධීන් වලට මුහුණ දුන් විධිහට මම කැමතියි. 

මුලින්ම සෙන්ට් මාර්ටින්ස් කියන කලා සහ මෝස්‌තර නිර්මාණ පිලිබඳ විද්‍යාලය ගේනවා මුලින් තිබුණු තැන ඉඳල කිංග්ස් ක්‍රොස් වලට.  එතකොට ඒ පැත්තේ ඉගෙන ගන්න එන ශිෂ්‍යයෝ නවාතැන් ගන්න පටන් ගන්නවා. 
 ඒ හදපු බිල්ඩිම මාර ලස්සනයි.  ඒ එක්කම මුළු පැත්තටම හොඳ ආයෝජනයක් කරලා. වෙනස් කරනවා 
පළාතේ මිනිසුන්ට අලුත් ආදායම් මාර්ග සහ රැකියා නිර්මාණය වෙනවා. 
අද ගූගල්  ඔෆිස් එකත් එතන. ලංකාවේ කෑම තියන අවන්හලක් තියනවා. ලෝකේ වටේම තියන රටවල කෑම ගන්න පුළුවන් ස්ථාන විරුටැහැ කරලා. අපි ලඟදි ගියා කොරියන් අවන්හලකට. හදල තියෙන විවෘත  මාකට් එකේ තමන්ගේ නිෂ්පාදන විකුනන්න පුළුවන් . අලුත් නිවාස හදල. හෝටල් අලුත්වැඩියා කරනන්  මුදල් ණයට දීලා . නැත්නම්  අලුත් ඒවා හදල. දැන් අපරාධ අඩුම පළාතක්. ඉස්කෝලේ ඇරිලා එන ළමයින්ට යන්න තැන් තියනව. කරන්න දේවල් තියනව. 
කිංග්ස් ක්රෝස්ස් වලම තමයි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ අලුත් ගොඩ නැගිල්ල  තියෙන්නෙත්. 




අපේ පැත්තේ මොකද වුනේ කියනවනම් ලන්ඩන් වලට ඔලිම්පික් එනකොට මේ පැත්තේ ලිවැලි කියන හරිය සම්පුර්ණයෙන්ම  වෙනස් කරලා වයිට් වෝටර්  සෙන්ටර් කියල එකක් හැදුව. ඔලිම්පික් තරඟ  පවා එතැන පැවැත්වුවා  දැන් එතන ගිහිල්ල ඉඳගෙන කන්න බොන්න තැනක් වගේම බෝට්ටු පදින්නත් පුළුවන්. වටේ තිබ්බ පොඩි පරණ පුස්තකාල වහල අලුත් විශාල ඒවා දෙකක් හැදුව. ඒවල එක එක ක්‍රියාකාරකම් කරන්න පහසුකම් දුන්න. අලුත් නිවාස  යෝජනා ක්‍රම ආව. කොටින්ම රජය ආයෙත් ආයෝජනය  කළා. අර මොපෙඩ් ගැන්සි අඩුවුනා.



මේකෙන් අදහස් වෙන්නේ  නැහැ. ප්‍රශ්න ඇත්තෙම නැහැ කියල. තියනව. සාපේක්ෂව අඩුයි. 

අපට  හැම වෙලේම ළමයින්ට, වැඩෙන තරුණයන්ට බනින එක ලෙහෙසියි. ඒ ළමයි කරපු වැඩේ වැරදියි. ඒකෙ දෙකක් නැහැ. දඬුවම් කරන්නත් ඕනේ. ඒකත් හරි. හැබැයි කතා  කරන්න ඕනේ ඉදිරියට එන දෙයක් වලක්වා ගන්නේ කොහොමද කියන එක.  ලංකාවේ දැනට එහෙම ආයෝජන කරන්න  පුළුවන් තත්වෙක නෙමේ ඉන්නේ.  අපි ළමයින්ට උගන්වන්න ඕනේ ජිවිතයකට ආදරය කරන්න. ඒක හරියට වෙනවාද කියන්න  මම දන්නේ නැහැ.  

අනිත් එක තමා මොන රටේ හිටියත් විශේෂයෙන් ලන්ඩන් වල පාරක යද්දී තරුණ කොල්ලෝ කෙල්ලෝ කෑ ගහගෙන එනවනම් මම අනිත් පැත්තට මාරු වෙලා යනව. උන් කාට හරි ගහන්න යනවනම් පොලිසියට කෝල් එකක් දෙනවා.  එක පාරක් එහෙම කළා. හැබැයි කවදාවත් උන්ව හදන්න ගිහිල්ල නැහැ. මගේ පාඩුවේ පැත්තකින් යනව මිසක්. මොකද  නාහෙට නාහන කාලයක් අපි හැමෝටම  තිබ්බ.

- අජිත් ධර්මකීර්ති 18/02/2023



34 comments:

  1. අජිත්ලැයි රනිල් හාමු ඒ කාලේ කරා වගේ ටයර් සෑයක බුදියන්න දෙතුන් දෙනෙක් යැව්වා නං වැඩේ කම්මුතුයි.

    ReplyDelete
    Replies
    1. රනිල් මගේ වුනේ කොහොමද කියල කල්පනා කරන මම.

      Delete
    2. අජිත් සමකාමී කෙනෙක් නොවෙන හින්දා...එක්කො ඕන්නෑ.

      Delete
  2. හිච්චි ගම්මිරිස් ඇටයේ තියෙන සැරේ;
    රාමසැරයටත් වැඩි බල හීන්සැරේ;
    හෙණ්ඩුවෙ ඇති බලය පිළිබඳ කතන්දරේ,
    ඉගැන්නුව අපට පාඩම් වරින්-වරේ

    කොයි දේකටත් නිසි කල්- තැන් තියෙන බව;
    හොඳම දෙයක් වුව විටකදි නොනිසි බව;
    ගහනවට වැඩිය නිල තෙරපීම වුව
    බලවත් කොතැනදිත් ඇත්තකි- අත්දුටුව

    ReplyDelete
    Replies
    1. හරිම නිලයෙන් අල්ලන්නත් දැනං ඉන්න එපැයි

      Delete
  3. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් විශාල ප්‍රතිශතයක් වෙසෙන ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන මහියංගනය හා රිදීමාලියද්ද යන අධ්‍යාපන කලාපයට අයත් පාසල් 84ක් (නෙළුම් යාය 84 පර්ෂධය) අරඹයා නෙළුම් යාය මෙවර සමාජ සත්කාරක වැඩසටහන හරහා පාසල් සපත්තු ලබාදීම සිදු කරනු ලබයි.

    ඒ අනුව නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහනෙහි නිර්මාතෘතු ශ්‍රීමත් චන්දිම මැතිදුන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අප අද දින මහියංගන කලාපයේ සේරණ ප්‍රාථමික විද්‍යාලය, සේනානිගම ප්‍රාථමික විද්‍යාලය, සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය, මහියංගනය ජාතික පාසල හා දම්බරාව විද්‍යාලය යන පාසල්වල අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා සහිත හඳුනාගත් දරුවන් 25 දෙනෙකු වෙනුවෙන් රු.103,715 වටිනාකමකින් යුත් පාසල් සපත්තු ලබා දෙන ලදි.

    මෙහි පළමු අදියර අප මීට පෙර ක්‍රියාත්මක කළ අතර, මහියංගනය සොර බොර ජනපදයේ භද්දත්තාව දිවිතීක පාසල මහියංගනය ජාතික පාසල අරාවත්ත කණිෂ්ඨ විද්‍යාලය යන පාසල්වන විදුහල්පතිවරුන් හරහා හඳුනාගනු ලැබූ ඉගනීමට දක්ෂ ආර්ථික අපහසුතා සහිත දරුවන් 10 දෙනෙකු වෙනුවෙන් පාසල් සපත්තු ලබා දුනෙමු.

    අද මෙන්ම හෙටත් අප අපේ දරුවන් වෙනුවෙන් සරණක් අවැසි තැන සරණක් වන්නෙමු.

    ඉදින්; ඔබටත් අපගේ සමාජ සත්කාරක වැඩසටහන් හා එක්විය හැකිය. එවිට ඔබටද ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන් ම දැකගත හැකිවනු ඇත.

    අද මෙන්ම හෙටත් අප ඔවුන්ට දෝත පුරා ආදරය අරන් යන්නෙමු.!

    ReplyDelete
  4. හ්ම්....කොන්ස්පිරසි තියරි කියන්න කැමති නෑ. ඒත් පැහැදිලිවම "teen swarming" වර්ගයේ වැඩිවීමක් පෙන්නනවා:
    https://toronto.ctvnews.ca/new-video-appears-to-show-ttc-employee-shoving-teen-prior-to-swarming-attack-1.6247568
    https://www.youtube.com/watch?v=tuqAeWOu3MA

    ReplyDelete
    Replies
    1. බස්, කොන්ස්පරන්සි කියද්දී මතක්ක උනේ... conspiracy theory (1997) ෆිලුම.

      Delete
    2. බස්සා , නමියා ඔය සීන් පැරණ ගත්තේ ජපානේ බැට්ල් රෝයල් වගේ චිත්‍රපටි ආවට පස්සේ කියල තමයි කියන්නේ. මෙහෙත් ලඟදි කොල්ලේ කෙල්ලෝ සෙට් එකක් බස් ඩ්‍රයිවර් කෙනෙකුට නෙළුව. සෙට් එකක් ඇවිත් ගහල යනවා. කෙල්ලන් ගේ ගැන්සි හෙන භයානකයි. අර ස්කාබරෝ සෙට් එක නම් ටැමිල් ගැන්සියක් වගේ, මං අහල තියනවා සෑහෙන්න ඉන්නව අකියල. https://www.imdb.com/title/tt0266308/

      Delete
    3. සොරි පටන් ගත්තේ කියල කියන්න ඕන වුනේ

      Delete
  5. සමස්ථයක් විදියට ලංකාවේ මිනිස්සුන්ගේ Anxiety එක වැඩිවෙලා තියෙනවා.. ඒ වගේම තාමත් මේ මිනිස්සු 'අනුන්ව හදන්න යන' ගතියත් අතෑරලා නෑ. ඉස්කෝල, පන්සල්, දහම් පාසල් වගේ ආයතන වැඩි හරියක් තාම ගල් යුගේ. ඒවයින් ළමයින්ට පීඩාවක්, බයක්, නීති රාමුවක් මිසක් නිදහස් චින්තනයක්, අලුත් පාරක්, වෙනස්ව හිතන්න ඉඩක් දෙන්නෙම නෑ. අපි මේ කියවන්නේ ඔය ඔක්කොගෙම ප්‍රතිඵල..!

    ReplyDelete
    Replies
    1. ඒකෙත් අත්තක් තියනවා. අන්තර්ජාලයේ ටික්ටොක් සහ අනිකුත් දේවලින් වයලන්ස් එක පතුරවනවා, අර උඩ බස්සා ලීවා වගේ. සමහර දේවල් ලංකාවට විතරක් සිමා වෙලත් නැහැ. ඔයා කියන පැත්තත් තියනව. ළමයින් ළමා කාලයක් නැති වීමත් ප්‍රශ්නයක්. මෙහෙ වුනත් හදිසියේ වැඩිහිටි වෙච්ච් ළමයි තමා වැඩියෙන්ම අවුල්

      Delete
    2. අන්තිමට ඒක නේද වෙලා තියෙන්නේ. ඒ මැරුණ එක්කෙනාගේ ඥාති දියණියකට ලයින් දාන්න යනව කියල මෙයා ඒ කොල්ලන් ගේ පස්සෙන් ගිහිල්ල. හෙල්මට් කතාවක් නෙමේ. ඔය ලව් කතා ඔපමණ ගණන් ගන්නේ මොකටද? //වා.. ඒ වගේම තාමත් මේ මිනිස්සු 'අනුන්ව හදන්න යන' ගතියත් අතෑරලා නෑ. ඉස්කෝල, පන්සල්, දහම් පාසල් වගේ ආයතන වැඩි හරියක් තාම ගල් යුගේ.// මේ මිනිස්සු මෝඩයි. උද්දච්චයි

      Delete
    3. හදිස්සියෙන් වැඩිහිටි වෙච්ච ළමයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න

      Delete
  6. //අපට හැම වෙලේම ළමයින්ට, වැඩෙන තරුණයන්ට බනින එක ලෙහෙසියි. // ඒ ඡෙදෙම... අතිසයින් නිවැරදියි හා වියයුත්තෙත් එයමයි.

    කාලෙන් කාලෙට එන මොකක්හරි එහෙකට රෙද්ද උස්සන් අපි අපේ අදහස් පල කරනවා. හරි ගැටළුව දකින්නෙ නෑ.

    ReplyDelete
  7. මේක හදිස්සියෙන් ලිය තියෙනව වගේ පේන්නෙ.

    ReplyDelete
  8. ඔව් ගොඩක් දේවල් ලිව්වා. වැලිකඩ සිරකරු ඝාතනය ගැන. අපරාධ සැක කරුවෝ අරන් ගිහින් මරණ එක ගැන. සනචරකයෝ මරපු අය ගැන. දූෂණය කරපු අය ගැන. පස්සේ අයින් කරා . ඇති වැඩේ මොකද්ද .බනින මිනිස්සු දන්නවනේ ඒවා වුනා කියල.

    ReplyDelete
  9. මාතලන් එකක් ලියල තියෙනවා. http://maathalan.blogspot.com/2023/02/blog-post_16.html

    ReplyDelete
  10. Gentrification වලින් neighbourhoodවල ඔය තත්වය හොඳ අතට හැරෙනවද?

    ReplyDelete
    Replies
    1. අඩු වෙන්න පටන් ගන්නවා. මොකද සල්ලි තියෙන මිනිස්සු පදිංචියට එනවා. හිටපු එවුන් වැඩි ගණනකට ගෙවල් ටික විකුණලා වෙන පැත්තකට ගිහින් අර දෙවල්ම පටන් ගන්නවා. සංසාරේ, සංසාරේ.........

      Delete
    2. එතැන හිටි මිනිස්සු වෙන තැන් වලට ගියේ නැහැ. Gentrification එකේ වෙන්නේ ඔය දැන් උඩ ඇනෝ කියපු එකනේ. එහෙම තැනුත් තිබියෙනවා. ගෙවල් ගණන් ගියහම ඒ ගෙවල් විකුණලා පිටට ගිය මිනිස්සු ඉන්නවා. එතකොට ඒ අයගේ ජිවිත යම් යහපත් තත්වයකට පත් වෙන්න ති. මේ සිද්දීන් වලදී වුනේ තරුණ හා ළමයින්ට හැදෙන පරිසරය වෙනස් කිරීම. දෙමාපියන්ගේ රැකියා අවස්ථා වැඩි කිරම වගේ දේ.

      Delete
    3. ඕකයි මාත් කියන්නෙ, ආර්ථිකෙ දියුණු වෙනකොට (සාධාරණ ආදායම් බෙදීයාමක් )ගොඩක් ප්‍රශ්න විසදේවි කියලා...

      ඕකට රජයට මැදිහත් වෙන්නත් අමාරුයි නෙහ් ලංකාවෙ නම්..

      ඒක නිසා ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නෙ නැති වෙයි නෙහ්.......

      Delete
    4. කිසියම් ප්‍රමානයකට තමයි ඒකත් ඇත්ත වෙන්නේ. අර රෝයල් පාක් කෙල්ල මැරුවේ සල්ලි නැති එකෙක් නෙමෙයිනේ

      Delete
    5. එතන සීන් එක නම් දන්නෙ නෑ.
      එතන වෙන cause එකක් ඇති.

      අනික අපේ තියෙන basic දේවල් නැති වෙන්නෙ නෑ නෙ. ආර්ථිකේ හොඳ උනා කියලා.
      (basic instincts)

      Delete
  11. අජිත් අර චර්නොබිල් කතාව ලියල ඉවර කළේ නෑනෙ. 😥

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේක මම තුන හතර පාරක්ම කීවනේ. දැන් එන්ගන්ලන්තේ තියෙන තත්වය නිසා ඒවා ලියන්න බැහැ. සිංහලෙන් වත් බැහැ. ධනවාදයේ යම් සීමාවක් තියනවනම් නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය සීමා වෙන මේ යුද්ධය නිසා ඒක ඇවිල්ල තියෙන්නේ. ඔය යුද්ධය පටන් ගන්න වුනේ ඇයි කියල කියන එක හේතුවක් ගැන තමා මම ලියන්න හිටියේ චොර්නොබිල් වල හරියටම වුනේ කොහොමද කියන එක ගැන. දැන් ඒක ලීවොත් යුද්ධයට සම්බන්ධ වෙනවා. අනික හුඟක් ගුගල් සර්චස් අයින් කරගෙන යනවනේ හිටු කියල. මුලාශ්‍ර උනත් දෙන්න අමාරු වෙයි. දැන් මේ හේතුව ලිවොත් ලංකාවේ බටහිර වත් විශ්වාස කරන්නේ නැහැනේ. ඒ තරමට ඉන්ෆොර්මේෂන් වාරණය වෙලා තියෙන්නේ. අනික අනිත් පැත්ත හැසිරෙන විධිහත් හොඳ නැහැනේ. ඒ නිසා තේරුමක් නැහැ ලියන එක. මම එංගලන්තේ ජිවත් වන නිසාම බටහිර කරන හැම දෙයක්ම අනුමත කරන්නේ නැහැ. රුසියාවේ ජිවත් වෙලා හිටි නිසාම රුසියාව කරන දරුණු වැඩ අනුමත කරන්නෙත් නැහැ.

      Delete
  12. රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණාංශික ඒකාධිපති බිහිසුණු ජනාධිපතිගේ, ලෝකයේ ඔනීම රටක වෙසෙනා ශ්‍රී ලාංකිකයෙක් කෙරෙහි බලපැවැත්විය හැකි මිලිටරි හස්තයට අජිත් බයයි නේද?

    ඒ නිසා තමයි චර්නොබිල් බලාගාරය ගැන ලිපි තුන හතරක් ලියා අතහැර දැමුවේ.

    CIA ප්‍රධානියා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව හමුව සාකච්ජා උනේ කුමක්ද?

    සෙලෙන්ස්කි හමුවට බයිඩන් ගියේ ඇයි?

    අද දිනයේ චන්දය පවත්වන ලෙස ඉල්ලමින් විපක්ෂ පක්ෂ පාර්ලි‌‌මේන්තුව තුල විරෝධතා පල කරන උදැසන 10:15- 11:45 අතර අනුර කුමාර සිටියේ කොහෙද?

    කොන්දක් තියෙනවා නං මේ කොමෙන්ට් මකන්න එපා.

    ReplyDelete
    Replies
    1. 😄 putin රුසියන් ඔර්තොදොක්ස් පල්ලියේ හිරකරුවෙක්ද ? පල්ලිය පූටින් ගේ හිරකරුවෙක්ද

      Delete
  13. මගෙ අදහස...

    කොහොමත් ඇන්ග්‍රි මොබ් එකක් හරියට ගණිත ගැටළුවක් වගේ. කල් තියා කියන්න පුළුවන් මොකද්ද කරන්න හදන්නෙ කියල. ඒ වගේ ම නතර කරන්න සහ පාලනය කරන්න පුළුවනුත් මොබ් ලීඩර්ලට විතරයි. හොඳ උදාහරණයක් තමයි, නෙදර්ලන්තයෙ විට් සහෝදරයො මරපු හැටි ගැන බ්ලැක් ටියුලිප් කතාවෙ තියෙන කොටස සහ, ඒ වගේ තව ඝාතනයක් ගැන ගපූර් ගුල්යාම් ගෙ මගෙ හපන්කම් පොතේ තියෙනව. ඔය වගේ සෙට් එකක් ම තමයි පාකිස්ථානයෙ දි අර ලාංකික මනුස්සයෙකුට ගහල මරල පිච්චුවෙ.

    තව අතකට, මොකක් හරි සිදුවීමක් උණහම හෙණ ඉල්ලන රැල්ලකුත් දැන් දැන් ලංකාවෙ තියෙනව. ඉස්සර නම්, බෞද්ධයො කර්මය සිහිපත් කරලා හිත නිවා ගන්නව. දැන් දැන් බෞද්ධයො කර්මය සිහිපත් කරලා වෛරය පතුරුවනව.

    ReplyDelete
    Replies
    1. වෛරය පතුරවන එක හෙණ ඉල්ලන එක විලාසිතාවක් තමයි දැන්නම් ලංකාවේ. තේරුමක් නැහැ. ඔයා කියනව වගේ ඔහොම දේවල් විටින් විට ඇති වෙනවා. අරගල වගේම තමා ඕවත්. සැලෙන්න හොඳ නැහැ . සමහර වෙලාවට අයින් වෙලා යන එක තමා හොඳ

      Delete
  14. එංගලන්තේ ආණ්ඩුව කලේ මහජාතියේ සංස්කෘතිය සුළුජාතියට පැටවීමයි.

    ReplyDelete
    Replies
    1. පරණ අධිරාජ්ජ්‍යවාදී ආණ්ඩුව සම්බන්දව නම් ඒ කතාව හරි

      Delete
    2. @ ජගත්

      මෙහෙමයි ඔය පන්ති භේදය වැඩිපුරම මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබන්නෙ සමාජවාදීන්, අනෙක් සමාජ ස්ථරවලට, හැකියාවන්ට සහ උත්සාහයන්ට වෛර කරවලා! ධනවාදීන් ඒවයිං ප්‍රයෝජන ගන්නව! #systemchange

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .