Wednesday 17 May 2023

ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි

ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි *******************************************************
ජෙරෙමි මල්ලි
ජෙරෙමි මල්ලි හෙවත් පාස්ටර් ජෙරෙමි ගැන හුඟක් කතා වෙන නිසා වෙබ් සයිට් එකට ගිහින්  බැලුව. සාමාන්‍යයෙන් ජෙරෙමිලා බුද්ධාගම, ක්‍රිස්තියානිය  ගැන කියන කතා හෝ  හුලන්දාව, උඩුමෙව්නාව  ආදියේ කට්ටිය කියන කතා මම වැඩිය ගණන් ගන්නේ නැහැ. මොකද ඔහොම  එක පාරටම උඩට නැගලා  එන, මාර ලස්සනට  තර්ක කරන, හොඳ  ගොඩ නැගිලි,  වගා ගොවිපළ  ආදිය තියෙනවා කියන්නේම  ලක්ෂ 50 හේ ගොඩ නැගිල්ලට ලක්ෂ 100 දාල 50 ක් පුණ්‍යාධාර හැටියට සුද්ධ කරලා දෙන තැන් කියල හිතෙන  නිසා.   

හරි දැන් කියන්න ගිය කතාව. ජෙරෙමි මහත්මයා ගේ වෙබ් අඩවියේ තියෙනවා එතුමාණන් වහන්සේ එංගලන්තේ ආගමික විශ්ව විද්‍යාලයක  චාන්සලර් හෙවත් කුලපති කෙනෙක් කියල. " He is the Chancellor of Osborne University of Theology, UK, appointed by his Spiritual Father, Prophet Uebert Angel." ගිහින් බැලුවා. 

එහෙම විශ්ව විද්‍යාලයක් තියනවද කියල. තියෙනවා නේන්නම් වෙබ් එකේ හෙවත් වර්චුවල් අවකාශයේ. ඒකේ  නිර්මාතෘ ඌබට් අයියා හෙවත් පපට් සොරි සමාවෙන්න ප්‍රොපට් ඌබට් ඒන්ජල්. අනාවැකි කියන හෙවත් වක්තෘ  ඌබට් ඒන්ජල්. එයා ඉන්නේ සිම්බාබ්වේ කියන රටේ. පට්ට දූෂිත පාලනයක් තියන අප්‍රිකාවේ රටක්.  බලමු මේ කවුද  කියල.  ඌබට් අයියා ලෙහෙසි පහසු පොරක් නෙමේ. මේ එයා  ගැන ලියල තියෙන එක,  ඒ වෙබ් එකේ. 
"Citizen and resident of the UK, Angel went on to attend Salford University in Greater Manchester. He received two degrees in Finance, achieving student of the year on campus. 

He is the author of eight books, including best-seller “Prayer Banks”. His most recent book, “Good News”, and top sellers “Supernatural Power of the Believer” and “Gods Medicine.”" මෙයා ඇවිල්ල සිරාවට පොරක් .  ඩිග්රි දෙකක්ම තියෙනවා.  මයින්ද රාජපක්ෂ මාතියත් ෆොටෝ එකක්  අරන් තියෙනවා එයා එක්ක. එයාට ඉතින් කැමරාවක් පෙන්නුවා කියන්නේ ඕනෑ ෆොටෝ එකකට ඔලුව දානවනේ.  දැන් මේ වෙබ් එකේ තියෙනවා ජෙරෙමි මහතා  ඒ විශ්ව විද්‍යාලේ කුලපති කියල. 
ඒ වුනාට  ඒකෙ තියෙන ගොඩ නැගිල්ල නම් වෙන විශ්ව විද්‍යාලයක එකක් වගේ පෙනෙන්නේ. 
මේ තියෙන්නේ පින්තුරෙ.

නියම විශ්ව විද්‍යාලයක් නේ. හැබැයි ඔය ගොඩ නැගිල්ල  තියෙන්නේ එංගලන්තයේ   ලිවර්පූල්  වල කියල තමයි ගුගලයා කියන්නේ.  මේ තියෙන්නේ ඇත්ත පින්තුරේ. 
ඒක උස්සල තියෙන්නේ මේ වෙබ් අඩවියෙන්.ෆොටෝෂොප් කරලා  තමන්ගේ විශ්ව විද්‍යාලයේ නම දාල වග පේනවා . මේ විශ්ව විද්‍යාලයේ, ගොඩ නැගිල්ලක් නැහැ. තැනක් නැහැ. තව හෙව්වා.(මේවගේ ඒවා ගොඩක් ලංකාවේ ලියාපදිංචි වී තිබෙනවා. එංගලන්තයට සම්බන්ධයි කියල. ඒක නිත්‍යානුකුල වෙන්න පුළුවන් ලංකාවට)  OSBORN INST. OF THEOLOGY LTD   Company number 10300131 කියල කම්පැනි එකක් ලියා පදිංචි කරල තියෙනවා එංගලන්තේ.පවුම් 100 කට. ඒක මෙහෙ පුළුවන් කරන්න. මිනිත්තු පහයි යන්නේ.   කම්පැනි එක ලියා පදිංචි කරලා තියෙන්නේ ඌබට් අයියගේ බිරිඳ ගේ නමින්. මිසිස් බෙවර්ලි ඒන්ජල්. ඔය උඩ ම පින්තුරේ ජෙරෙමි යි එයාගේ බිරිඳයි එක්ක ඉන්නේ එයා.  
වැඩේ මේකයි. මේ කම්පැනි එක තහනම් කරල තියෙන්නේ 2018 දී . මේ තියෙන්නේ විස්තර.

මේ තියෙන්නේ කම්පැනි හවුස් එකෙන් යවපු ලියුම. මේ මහත්තයා නැති  විශ්ව විද්‍යාලයක කුලපතිද එතකොට?

ගරු සිම්බාබ්වේ තානාපති අනාගත වක්තෘ  ඌබට් අයියා ලෙහෙසි පහසු කෙනෙක්  නෙමේ. විකිපෙඩියා එකේ තියෙන විධිහට ඌබට්ටා මහතා පට්ට පොරක්. මුදල් විශුද්ධි  කරණයට සහ හොරෙන් රත්රන් පැන්නීමට අහු වෙලා තියනවා මිනිහගේ තානාපති ගමන් පලපත්‍රය   භාවිතාකරලා. ඒ මදිවට  ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව කියනවා එයාගේ උපාධි බොරු  ඒවා කියල.  මේවානම් තනිකර ඇමෙරිකන් කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. අනික කවුද විකිපෙඩිය එකේ තියෙන ඒවා විශ්වාස කරන්නේ. බොරුවට මිනිසුන්ට පද හදනවා වෙන්න පුළුවන් ඉතින්. 😂

Uebert Angel (born Uebert Mudzanire;[4] 6 September 1978) is a controversial British-Zimbabwean Businessman who has been implicated in fraud, money laundering and racketeering after undercover journalists filmed him arranging to smuggle gold and cash using his diplomatic passport.[5] His name appears on a US Department of Justice list along with 9,612 other people who paid for fake degrees.[6][7] He is an evangelical preacher and the founder of Spirit Embassy, a Pentecostal ministry in the United Kingdom.

He is also the Presidential Envoy and Ambassador At Large for the country of Zimbabwe to Europe and the Americas.[8][9] He is commonly referred to as Prophet Angel[10] and also formerly known as Uebert Angel Mudzanire.[11][12][13][14]The church was founded in 2007 as "Spirit Embassy" and in October 2015 it rebranded its name to "Good News Church", retaining "Spirit Embassy" as a term for Angel's overall ministry.[15][16]

මේක ලිව්වේ අජිත් ධර්මකීර්ති නොවේ. කවුරුහරි ඇනෝ කාරයෙක් හැක් කරලා මේකට දාලා ඇත.

වෙබ් අඩවි:

40 comments:

  1. රජපස්සලට අලගු තියන්නවත් බැරි පට්ටම හොරෙකි...

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි 😀

      Delete
    2. අජිත් අයියා.මේක fb එකට දාන්නකෝ

      Delete
    3. දාල තියෙන්නේ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. ගරු අජිත් ධර්මකීර්ති මැතිතුමා පවසන සියලු දේ සත්‍යයි.

    අප ඔබතුමා සමගයි.

    (ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ දැන ගැනීම පිණිස)

    ReplyDelete
    Replies
    1. ජනාධිපති මාධ්‍ය අන්සෙයි ආරස්සක අන්සෙයි මේකට එනවා කියල දන්නේ කොහොමද 😀

      Delete
    2. ඔබතුමා කොමෙන්ට්කරුවන්ගේ විස්තර ඔවුන්ට ලබා දෙනවා නේද?

      Delete
    3. මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර පොරවල්ද? එහෙම හිතන් ඉන්නවද?

      Delete
    4. 'මට තව වැඩ ගොඩක් තියනවා. කොමෙන්ට් කරුචෝ එච්චර පොරවල්ද? එහෙම හිතන් ඉන්නවද? '

      එතකොට මේ පහල නිවුස් එක ගැන මොකද කියන්නේ. අද ප්‍රධාන පුවත්පත් වල ගියා. දෙරණ, හිරු, ජාතික රුපවාහිනී, අයිටීඑන් වලත් වාර්තා කරා.

      මානසික ත්‍රස්තවාදය වලක්වන්නත් නව නීති

      (අංජුල මහික වීරරත්න)

      මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

      අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයට එරෙහිව හැසිරෙන අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.

      රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද කීය.

      විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය.

      ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා කීය.

      Delete
    5. අජිත්, ඉහත ඇනෝ Anonymous18 May 2023 at 13:34 කොමෙටුව සදහා පිළිතුරක් ලබා දෙන්න

      Delete
    6. ඒක සාධාරණයි. සමහර ට්‍රොල් කරන එවුන් සීමාවක් දන්නේ නැහැ.

      Delete
    7. රනිල් හාමු මර්ධනය තීවුර කරන්න නේද හදන්නේ?
      ඔබතුමාත් බ්ලොග් අඩවියෙන් කොමෙන්ට් දමනා අයව හෙළිදරව් කරමින් මර්ධනයට උදව් කරනවා නේද

      Delete
    8. පිස්සුද අනේ , රනිල්ට ම කියන්න ඕනේ නැහැ. ප්‍රශ්න වැඩිම නම මෙහෙ ක්‍රමයක් තියනව. මෙහෙ නැෂනල් ක්‍රයිම් ඒජන්සි එකට දාන්න ඕනේ. ඊට පස්සේ ගුගල් බැඳිලා ඉන්නව විපිඑන් නෙමේ ටෝර් ආවත් ආපු තැන කියන්න. මෙහෙ දැන් ඩාර්ක් වෙබ් එකටත් යන්න පුළුවන් වෙන්න හදාගෙන තියෙන්නේ. නමුත් ඕවට නඩු දාල ගෙනියන්න කාටද වෙලා තියෙන්නේ මේ සුළු දේවල් වලට. තව ක්‍රම තියෙනවා ඉතින්. රසික ඇවිත් කියයි ඔහොම කිසි දේකින් කරන්න බැහැ කියල. ඒ නිසා දාන්නේ නැහැ. 😀

      Delete
  3. ඇන්නෑවේ! එහෙමත් එකක්ද? පූජකවරයෙක්, රට පැන්නා කිව්වට මෙහෙම සම්පූර්ණ තොරණෙ විස්තරේ දැණගෙන හිටියෙ නෑ. 🙏👌

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටුවෙන් පෙනෙන්නේ නාමල් මල්ලි දණ නමනවා

      Delete
    2. Jagath Pathirana18 May 2023 at 06:24

      එතුමා නබි (සල්) කෙනෙක්.

      Delete
  4. ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි හරිම යාලුවෝ දෙන්නා
    මෝඩ අයියලව රවටන කාරිය එකට ම කරන්නෙ දෙන්නා

    ReplyDelete
    Replies
    1. එහෙම යාලුවෝ අපට හිටියේ නැහැනේ

      Delete
  5. ඔය කල්ට් කාරයො ඔක්කොම කරන්නෙ, පාරිභෝගික භාණ්ඩ අලෙවිය.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම ඇති තැන අලෙවිය සරුය

      Delete
  6. ලෝකෙම රවට්ටන බොරුකාරයන් ඇත
    රැවටෙන්නටම සූදානං අයත් වෙත
    උන් එක්කලා අල්ලාගෙන අතින් අත
    හිටි උන් දැනට තද නින්දට වැටී ඇත!

    ReplyDelete
    Replies
    1. උන් දැන් ඒ නින්දෙන් ඇහැරිලා ඇත
      වැඩි කල් යන්න මත්තෙන් එය පෙනෙනු ඇත
      දැන් දැන් ඉඳන් එල කරතොත් විටින් විට
      හොම්බෙන් යවත හැකිවේ මේ හොරු රැලම

      Delete
  7. ආණ්ඩුවේ බුද්ධි අංශෙවත් මෙච්චර තොරතුරු දන්නෙ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. බුද්ධි අන්සේට වෙන වැඩ තියෙනවනේ. කොමෙන්ට් කරුවෝ අල්ලන්න, බ්ලොග් කියවන්න

      Delete
  8. Replies
    1. Amen is derived from the Hebrew āmēn, which means “certainty,” “truth,” and “verily.”

      Delete
  9. https://listverse.com/2020/01/09/10-of-christianity39s-most-profitable-preachers/

    ලංකාවෙ හාමුදුරුවරු, exorcism කරන ලෙඩ හොඳකරන පූජකයින්, පූසාරිලා, කපුවෝ, කට්ටඩියෝ, විශ්ව ශක්ති මාස්ටර්ලා, බොඩි ඕරා එක්ස්පර්ට්ලා, වාලම්පූරි හා ෆෙන් ශුයි ගුරාලා ගැන ලිස්ට් නෑ.
    ඉන්දියාවෙ ස්වාමිලාගෙ ලිස්ට් තියනව මං හිතන්නෙ

    ආගම් සහ ඔය අනිත් ඒවා මිනිස්සුන්ගේ මානසික අවශ්‍යතා.
    කැමැත්තෙන් රැවටෙන එක ඒවා කරන අයගේ වැරැද්ද නෙමෙයි. ඒ ඒ අයගේ දක්ශතාවය. මං ඒක අගය කරනවා.

    වැරැද්ද තියෙන්නේ ආගමික ස්ථාන, පූජකයින් සහ ඔය අනිත් මානසික සේවාවන් කරන අය හරියට තක්සේරු කරලා ආදායමින් බදු අය නොකිරීම. එහෙම කරනව නම් ඕවා විස්වාසකරන අයට මානසික වාසියකුත්, අනිත් අයට හා සමස්ථ රටට ආර්ථික වාසියකුත් අත් වෙනවා.

    https://en.wikipedia.org/wiki/Our_Lady_of_Perpetual_Exemption

    https://ivypanda.com/essays/should-churches-be-taxed/

    මානසික ව‍යිද්‍යවරු හා තෙරපිස්ට්ලා ඉන්කම් ටැක්ස් එකට යටත්.
    නළුවන්, ගායකයින්,විහිලුකාරයින් වගේ අයත් යටත්.

    එනිසා ආගමික ස්ථාන, පූජකයින් හා එයට සමාන දේවලින් විශාල වශයෙන් බිස්නස්කරන අය තක්සේරු කරලා බදු අය කිරීම ලංකාවේ දැන් තියන ප්‍රශ්නය විසඳීමට ආධාරයක්.

    ReplyDelete
    Replies
    1. @ Pra Jay / Ajit Darmakeertie

      ඔබලාගෙන් ලොකු උපකාරයක් ඕනේ, මේක ලොකු ප්‍රශ්නයකින් බේරීමට උපදෙසක් නීතිය පිළිබඳව ලංකාවේ ඉන්න මගේ යාලුවෙක් බේරගන්න ඕනේ, ඒ නිසා කාරුණිකව මෙක විහිලුවකට නොගෙන උපදෙස් ලබා දෙන මෙන් අයැද සිටිමි;

      (මම මේක නිර්නාමිකව පල කරන්නේ මගේ දෙයක් නොවන නිසා දන්න අදුරන අය මගේ ප්‍රශ්නයක් කියලා හිතෙනවා ඒකයි.) මගේ හොදම යාලුවෙක් ඉන්නවා (පිරිමි ලමයෙක්) එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා.එයා බැදපු ගෑනු ලමයා එක්ක යාලු වෙන්න කලින් එයාට affair එකක් තිබිලා තියෙනවා. බලද්දි ඒ ගෑනු කෙනා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්න කෙනෙක්. එයාගේ husband එයත් එක්ක separate වෙලා ඉදලා තියෙන්නේ (divorce නෙමෙයි ලමයි) ඒ කාලේ තමයි මේ මගේ යාලුවා එක්ක යාලුවෙලා ඉදලා තියෙන්නේ.ඒ ගෑනු කෙනාට මෙයාගෙන් බබෙක් හම්බ වෙන්න ඉදලා.ඒ ගෑනු කෙනා කියලා තියෙන්නේ මාස 5ක් විතර ගියාට පස්සේ.ඊට පස්සේ ඒ ගෑනු කෙනා එයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා එක්ක සමාදාන වෙලා ඉන්න අතරේ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා මේ පිරිමි ලමයා නිසා හම්බ උන ලමයට උප්පැන්නෙට මේ පිරිමි ලමයාගේ නම දෙන්න කියලා.ඒ වගේම රුපියල් 5000ක නඩත්තු ගාස්තුවක් හැම මාසෙම ගෙවන්න කියලා (උසාවි යන්නේ නැතුව පොලිසියෙන් කියලා තියෙන්නේ)

      දැන් තියෙන ප්‍රශ්න කීපයක් තමයි;

      01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ නමක් දරුවට දෙන්න පුලුවන්ද?

      02. ඒ වගේම එයා බැදලා එයාට ස්වාමිපුරුෂයෙක් ඉන්න නිසා නඩත්තු ගෙවන්න ඕනෙද?

      03. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් එයාගේ wife දන්නේ නැහැ.අර ගෑනු කෙනා ලමයව මොන්ටිසෝරි දාන්නත් මෙයාට කතා කරනවලු.නැත්තන් ගෙදර ඇවිත් wife ට ඔක්කොම කියනවලු.

      ප්‍රා අජිත් හරි නැත්නම් අනේ මේ බ්ලොග් එක බලන කට්ටිය අතර නීතිය දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා.

      Delete
    2. https://www.youtube.com/watch?v=hcyUciGjGVU

      බහු විවාහ -
      දණ්ඩ නීති සංග්‍රහය 362 (බී) -
      Whoever, having a husband or wife living, marries in any case in which such marriage is void by reason of its taking place during the life of such husband or wife, shall be punished with imprisonment or either description for a term which may extend to seven years, and shall also be liable to fine.

      Delete
    3. ටැක්ස් ගහන එක නම් හොඳ වැඩක්

      Delete
    4. Anonymous19 May 2023 at 08:30 - සදාචාරාත්මක ලෙස බැලුවොත් ඇනෝ ගේ යාළුවගේ ප්‍රශ්නෙම වැරදියි. මගෙනුයි ප්‍රා ගෙනුයි අහන්නේ - මෙහෙම දෙයක්. "මචං මම ඇන්න , පැන්න , බඩුවට හිටිය , දැන් බබා හම්බ වෙලා, බඩුව සල්ලි ඉල්ලනවා". ඔව් නේ , මිනිත්තු පහේ සොමිය ගන්න කොට රේන්කොට් දාගන්න කියන්නේ ඒකයි. ළමයෙක් ගෑනියෙක් ට තනියෙන් හදන්න බැහැනේ. ලෝකෙට ළමයෙක් ගෙනෙන්න උදව් කරානම් ඒකෙ වගකීම ගන්න.රුපියල් පන්දාහක් කියන්නේ මොකද්ද ළමයෙකුට. අනික තමාගේ නම් ළමය පිරිමියෙක් වගේ ළමයට නම දෙන්න කියන්නේ. ලැජ්ජා නැත්ද? " රයිට් ඒක තමයි මගේ පෞද්ගලික අදහස. ප්‍රා කියන බහු විවාහ මේකට අදාලද කියන්න දන්නේ නැහැ. මෙතන බහු විවාහයක් කරගෙන නැති නිසා. එකට ඉඳල විතරයි. එංගලන්තයේ නම් නඩත්තු ගෙවන්න ඕනේ නැහැ. නීතියේ නැහැ. නමුත් මෙන්න මෙහෙම වෙනවා. However, both parents have a financial obligation towards their child. - කියන එක යටතේ නඩුවක් කාන්තාව දැම්මොත් හුඟක් වෙලාවට ජජ් ල compassionate හේතු කියල නඩත්තු ගෙවන්න කියනවා.
      අනික මෙතන මාස පහකින් කීවේ නැහැ කියල ගැහැණියට වරද පටවන්න හදන්න එපා. ඒ කියන්නේ කලින් කීව නම් ගබ්සා කරන්න වෙන්න ගැහැණියට අවශ්‍ය නම් ළමය තියා ගන්න පුළුවන්. . සමහර විට සමහර ගැහැණු සෑහෙන කලක් යනකන් දන්නේ නැති වෙලාවල් තියනව. පීරියඩ් එක තදින් දැනෙන්නේ නැති අය . එහෙම කේස් අහල තියනවා.

      Delete
    5. සොරි, මම හිතුවෙ බැඳලයි කියල. මයි මිස්ටේක්. එහෙනම් බහුවිවාහය අදාල නෑ.
      මං ඉතින් පෝස්ට් එකක්වත් හරියට නොකියවා කමෙන්ට් කරන එකේ කමෙන්ට් එකක් හරියට කියවයිද? 😋😋
      එහෙනම් ඉතින් පැටර්නිටි ටෙස්ට් එකකින් බේරුනොත් තමයි

      Delete

    6. 01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ නමක් දරුවට දෙන්න පුලුවන්ද? - දන්නා තරමින් පුළුවන්

      02. ඒ වගේම එයා බැදලා එයාට ස්වාමිපුරුෂයෙක් ඉන්න නිසා නඩත්තු ගෙවන්න ඕනෙද? තමන්ගේ ලමයනම් ගෙවන්න. ෂුවර් නැත්නම් DNA ඉල්ලන්න. නඩු යනවට වැඩිය ලේසියි, නඩු ගියොත් විනිශ්චයකාර තුමා අනුව තමා

      03. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් එයාගේ wife දන්නේ නැහැ.අර ගෑනු කෙනා ලමයව මොන්ටිසෝරි දාන්නත් මෙයාට කතා කරනවලු.නැත්තන් ගෙදර ඇවිත් wife ට ඔක්කොම කියනවලු. - ඕනේ නම් කියන්න පුළුවන්. වයිෆ් ට ආදරේ නම් ළමයට ගෙවන්න. ඇටිකෙහෙල් කෑව නම් විඳවන්න වෙනව. හොඳ ලෝයර් කෙනෙක් අල්ල ගත්තොත් (ප්‍රා නම් වැඩක් නෑ ) ටිකක් ගොඩ යන්න පුළුවන්. වැඩක් තියෙනවද ඒත්, එලි නොවෙන්න වෙනම injunction එකක් ගන්න වෙනවනේ. යාලුව සල්ලි කාරයෙක්ද ?

      Delete
    7. (ප්‍රා නම් වැඩක් නෑ ) විහිලුවට් ලීවේ ඈ , ඉමොජි එකේ අමතක වුනා 😄 😁

      Delete
  10. Jagath Pathirana19 May 2023 at 11:29

    බුදුහාමුදුරුවෝ නපුංසකයෙක්.
    ඒත් යෙෂුවා වහන්සේ වයස 40දි බඳිනවා. එතුමාගේ මනාලිය වන්නේ කිතුනු සභාවයි.
    හලේලුයියා

    ReplyDelete
    Replies
    1. උඹ ඒ කාලේ හිටියද?

      Delete
  11. අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්‍රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්‌ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

    සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.

    මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

    ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

    ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
    මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
    අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. සජබේ කට්ටිය එතන වැරදියි. ඒ අයිතිය අපි අතේ තියෙන්නේ . අපිට ඕනෙනම් උබර් යන්න, පික් මි යන්න අපට දෙන්න ඕනේ. මටත් ඕක වුනා කටුනායකදී. සහ වත්තලදී. කටුනායකදී ඔය සජබේ /පරණ යුඇන්පී සෙට් එක තමා අදින්නේ වලිය. පොලිසියත් ඒ පැත්ත. මම පොලිසියේ එකාගෙන් ඇහුව මොන නීතියට අනුවද එහම කියන්නේ කියල. මිනිහ පසු බැස්ස. උන් මට බැන්න "මහත්තය ඔයාට වැඩක් නැහැනේ . ඔය අපේ ටැක්සියේ යන්න ඕනේ" කියල මං කිව්වා තමුසෙලට පුලුවන්නම් මාව යවනව කියල මම පික්මි එකේ ඉඳගත්ත. පස්සේ කට්ටිය අයින් වුනා. වත්තල දී නම් ත්‍රිවිල් කාරයෙක් බයටම ගියා යන්න . ඔයා ඒ ගොල්ල කියන වාහනේ යන්න කියල.
      ජාජබ ආවොත් ඒ ගොල්ල කියන අය එක්ක යන්න වෙයි.

      Delete
  12. අජිත් ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්‍රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්‌ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

    සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.

    මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

    ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

    ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
    මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
    අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .